À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 28

A+ A-

” සසින්…… උඹලට අමාරුයි නම් ටිකක් ඉඳලා ආයේ හෝදන්න…..”

නෙතිරු අයියා එහෙම කිව්වාම නම් මං හිතන්නේ මගේ ඔලුවේ මල් පිපුනා…. මොකද මේ දැලි වලන් අතුල්ලලා මට වගේම නද්දට එපා වෙලා තිබ්බේ…

” ආ…….”

” මොනාද මේ??”

” කැවුම් වගයක් ….. ඔයාලා දෙන්නා කන්න සේප් එකේ…… උදේට බනිස් විතරයි නේ….”

අනෙව් ඉතිම් නෙතිරු අයියා……. එයාට මේ තියෙන කැක්කුමෙන් භාගයක්වත් දිනුග අයියට තිබ්බා නම් මාත් අද සතුටින්නේ……. ඒ අතින් නද්දා පට්ට ලකී……

මං දැන් ගොඩක් වෙලාවක ඉඳල බලාගෙන හිටියේ….. එයාගේ මේ වෙනස්වීම…. හරියට ලෝකේ වෙන කවුරුත් නෑ වගේ එයා ඒ අක්කා එක්ක ඉන්නේ…..

හරි මං දන්නවා දිනුග අයියා ස්ට්‍රේට් තමා …… ඒවා දැන දැනම තමා මං එයාට ආදරේ කරන්න ගත්තේ…… ඒත්… ඒත්……. කොච්චර හිත හයිය කරන් ඉන්නවා කියලා හිතුවත් මගේ ඉස්සරහම ඔහොම ඉද්දි මගේ හිත සෑහෙන්න රිදෙනවනේ………

ඔයාට මුලින් හිටපු විදිහටම මාත් එක්ක ඉන්න තිබ්බා දිනුග අයියේ….. එහෙමනම් මට මෙච්චර රිදෙන එකක් නෑ ….. මං ගැන හොයලා බලලා ….. ළංවෙලා එක පාරටම මෙහෙම අත ඇරලා දාන එක අසාධාරණයි ……

ඒක හරියට අමාරුවෙන් කන්දක් උඩට එක්කන් ඇවිත් එක පාරට තල්ලු කරලා දැම්මා වගේ හැඟීමක්………..

එක අතකට එයාට දොස් කියන එකත් වැරදියි…… ඉඟියක්වත් නොදී…. එයාගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන මායි වැරදි…….. අඩුම එයා දන්නවද මං එයාට දරාගන්න බැරි තරම් ආදරෙයි කියලවත් ???

මුලු පන්සලම අස් කරාට පස්සේ….. අපි පන්සිල් ගත්තා ……. ඊට පස්සේ ගොඩක් ළමයින්ට වාත කාඩ් දුන්න එක තමා කරේ……

ලල් ලල් මංකට්, බරි කැල්ලා , පුන්න පෝසා…… වගේ නම් කොල්ලොන්ට දාද්දි…. හූනෙක් චිකලා, කපල් නිලූ,බං ගොඩ්ඩ……  වගේ නම් කෙල්ලොන්ට දැම්මා …………

ඇත්තටම මට වාත කාඩ් එකක් වැටුනේ නෑ ….. සාමාන්‍යයෙන් ඒවා දෙන්නේ බැජ් එකේ මොනාහරි දෙයක් නිසා කැපී පෙනුන අයට….. මං ඉතිම් බැජ් එකේ ඉන්නවද කියලවත් නෑ …….. ඒ නිසා අපිට කාඩ් නෑ ……..

“ ඒ ඉන්නේ දිනුග අයියගේ කෑල්ලද බන්??”

“ ඔව් ඒ වගේ නේද?? නැත්නම ඔහොම ඇලිලා ඉන්නවයෑ…”

“ අපරාදේ මං හිතුවේ එයා තනිකඩ ඇති කියලා….”

“ පිස්සුද බන් දිනුග අයියට කෑල්ලක් නැතුව ඉඳීද… ඒත් බන් සමාධි අක්කයි දිනුග අයියයි මැචින් හැබැයි නේද??”

“ මාත් හිතුවේ ඒක ඒ දෙන්නා කපල් එකක් විදියට නම් ලස්සනයි තමා…. මං මීට කලින් දැකලම නෑ.. දිනුග අයියා ඔච්චර කෙල්ලෙක් එක්ක ළං වෙලා ඉන්නවා… ඒ නිසා මෙයා කෙල්ල වෙන්නැති..”

“ ඔව් ඔව් කෑල්ල තමාලු බන් ෆස්ට් ඉයර් ඉඳලම සෙට්ලු……. දිනුග අයියට නිලමේ කාඩ් එක දීලා මෙයාට මැණිකේ කාඩ් එක දුන්නෙත් සින්නෝ ඒ නිසාලු…”

මගේ වටේ ඉන්න ලමයි දිනුග අයියයි ඒ අක්කයි ගැන කතා වෙන දේවල් ඇහුවම මගේ හිත ගොඩක් රිදුනා… ඇත්තටම ඒ අය කියන විදිහට මේ සමාධී අක්කා දිනුග අයියගේ කෙල්ලද?? ඒ අය මැචින්?? ඔව් ඉතිම් දිනුග අයියට ගැලපෙන්නේ ඒ වගේ ලස්සන කෙල්ලෙක් නැතුව මම වගේ කොල්ලෙක්යෑ……… ඇත්තටම ඒ දිනුග අයියගේ කෙල්ල නම් මං මේ හිතට දැනෙන ඒවා නවත්ත ගන්න ඕනි නේද?? ඒත් දෙවියනේ මං කොහොමද මේ හැඟීම නවත්තන්නේ?? මට මගේ පපුව හිර වෙනවා වගේ දැනුනා මට මෙතන ඉන්න බෑ වගේ දැනුනා….

ඒත් එක්කම නදුන් මගේ පිට හිමීට අත ගාන්න ගත්තා… මං ඉන්නේ දරා ගන්න බැරි දුකෙන් කි‍යලා එයාට තේරෙන්න ඇති.. මොකද දැන් ටිකකට කලින් මෙතන ගිය කතා බහා එයාටත් ඇහුන නිසා…

“ අයියේ සසින්ට ටිකක් අමාරුයි වගේ අපි පොඩ්ඩක් එළියට ගිහින් වාඩිවෙල ඉන්නද??’

මං ඉන්නේ දරා ගන්න බැරි අපහසුවකින් කියලා තේරුන නිසාද කොහෙද නදුන් නැගිටලා සීනියර්ස්ලගෙන් ඇහුවේ මාව පොඩ්ඩක් එළියට එක්ක යන්න…

( නදුන් )

ඉස්සරහා ඉන්න උන්ට කනට දෙකක් දී ගන්න බරුව මං හිටියේ පුදුම අමාරුවකින්.. මුන්ටත් ඕපදූපයක් කියවන්න ගියොත් කටට බ්‍රේක් නෑ… දැන් ඉතිම් සසින් ඕවගෙ දවස් ගානක් එල්ලිලා දුක් වෙනවනේ… සික් ඒකත් මුටම ඇහුනනේ…  ම සසින් දිහා බලද්දි මට තේරුනේ සසින් හිටියේ කඳුලු පනින්න ඔන්න මෙන්න… මෙතන තව මොහොතක් හරි හිටියොත් සසින් අඬන්න පටන් ගන්නවා.. ඒනිසාමයි මං නැගිටලා සීනියර්ස්ලගෙන් පොඩ්ඩක් එලියට යන්න ඇහුවේ…

එයාලගේ අවසරේ හම්බුන නිසා මං සසින්වත් එක්කගෙන බෝධිය පිටිපස්සට ගිහින් ඉඳ ගත්තා….

“ ඇත්තටම ඒ දෙන්න ගැලපෙනවා නේද නදුන්??”

“ පිස්සුද??”

“ නෑ නදුන් එයාට මං වගේ කොල්ලෙක්ට වඩා ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් නේද ගැලපෙන්නේ?? සමාධි අක්කා ලස්සනයිනේ… මිටියි.. සුදුයි කොණ්ඩේ දනිස්ස ගාවටම දිගයි… ලස්සනට ගවුම් අඳිනවා… ඉතිම් කෙල්ලෙක්ගේ තියෙන්න ඕනි හැම ලස්සනක්ම එයාට තියෙනවනේ…”

“ මේ අහන්න සසින් ආදරේ කියන්නේ ලස්සනෙන් මනින දෙයක්  නෙමේ… නෑ ලස්සනෙන් විතරක් නෙමේ ආදරේ කියන්නේ මනින්න බැරි දෙයක්… අපිට ආදරේ දිගක් පළලක් කියන්න බෑ සසින්.. ඒක කෙල්ලෙක් කොල්ලෙක්ට උනත් කොල්ලෙක් කොල්ලෙක්ට උනත්.. කෙල්ලෙක් කෙල්ලෙක්ට උනත් ඇතිවෙන්න පුලුවන් දෙයක්… මුලින් උඹ ඔය එක එකා එක්ක සසඳන එක නවත්තගන්න… ලැබෙනවා නම් ලැබෙයි සසින්… සමහර විට ඊට වඩා හොඳ දෙයක් උනත්….”

මං ඒ අන්‍තිම ටික නම් කිව්වේ නෙතිරු අයියා ගැන මතක් වෙලා…..

“ සසින් මොකක්ද අමාරුව මල්ලී??”

ඒත් එක්කම එතෙන්ට නෙතිරු අයියා ආවේ first aid කිට් එකත් අරගෙන… නෙතිරු අයියා හිතුවට වඩා සෑහෙන්න සසින් ගැන වද වෙනවා වගෙයි… හම්ම්ම්ම්

“ ලොකු අමාරුවක් නෑ අයියේ…. පොඩි කැරකිල්ලක් වගේ ආවා… හුළන් ටිකක් වැදුනම හරියයි..”

“ ඒ මොකද මල්ලී හරියට කාලා නැති නිසාද?/”

“ නෑ අව්ව රස්නේ නිසා වෙන්නැති….”

“ කූල් මොනාහරි ගෙන්නලා දෙන්නද??”

“ එපා අයියේ මෙහෙම හොඳ වෙයි….”

“ නෑ…. නෑ………. ඉන්නකෝ මං ගෙන්නලා දෙන්න…..”

මං බලාගෙන හිටියේ එහෙම කියලා යන නෙතිරු අයියා දිහා…… මං මේ දේවල් ඉක්මනින් සසින්ට කියන්න ඕනි… එයා දිනුග අයියා මත්තේ නැහුනට එයාට ඇත්තටම ආදරේ නෙතිරු අයියා කියලා…. සමහරවිට දිනුග අයියා නිසා තුවාල උන හිතට නෙතිරු අයියා සහනයක් වෙන්න පුලුවන්… ඔව් ඇත්තටම නෙතිරු අයියා සසින්ව ආදරෙන් බලාගනියි……

🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️

Hi ළමයි ………. අද ඕතරීගේ උපන්දිනේ  😌👍…….

මොකද කියන්නේ ඔක්කොම චකබ්ලාස් කරලා දාන්නද මං ……….

Tags: read novel À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 28, novel À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 28, read À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 28 online, À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 28 chapter, À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 28 high quality, À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 28 light novel, ,

Comment

Leave a Reply

Chapter 30