À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 13

A+ A-

අභිශේක් pov

“අඩෝ බොක්ක..උඹ අද දවසෙම මනෝ පාරක් ගගහා හිනාවෙවී හිටියා කියලා ආරංචියක් ආපු නිසා 8 වෙනි ලෝක පුදුමෙ බලන්න කියලා කොලඹ ආපු ගමන් මං දුවං ආවෙ මේ..”

රිපෝර්ට් වගයක් අතේ තියාගෙන මනෝ ලෝකෙ හිටපු මාව ඇත්ත ලෝකෙට ගත්තෙ ටිං බෙලෙක්කෙකට ගල් ගහනවා වගේ ඇහිච්ච වගීශගෙ කටහඩ! ඌ ඇතුලට එනවත් එක්කම මං දැක්කෙ විනිවිද පේන දොර ගාව හිටන් හිටපු පූජනව.. හුහ් මූද එතකොට මහලොකු කේලමා..ඉදහන්කො පූජන උඹට හෙට වැඩ පිට වැඩ පවරනවා මම ආයිත් කේලම් කියන්න වෙලාවක් හොයාගන්න බැරි වෙන්නම.

“පූජා අයිස්ඩ් කොෆි එකක් අරං එන්නකො මගේ රත්තරනේ..ඉතින් ඉතින් ලෝකෙ විනාස වෙන්න යනවා කියලා මං බයවෙන්න ඕනෙද බන්?”

“à·„à·„à·Š?”

“නැ ඉතින් උඹ මලාට හිනාවෙන එකෙක් නෙවෙනෙ..ලෝකෙ විනාසෙ ලග හින්දද දන්නැනෙ උඹ මේ විදිහට හිනාවෙන්නෙ?”

“පල පල à·„à·”## නෝන්ඩිය නොදා..උඹත් හෙනම හෙන චීත්තයක් නේද බන්..”

“උඹ පලයන්..අර කොල්ලා බය වෙලා උඹ මොනා හරි බීලා කියලා..මට හෙන කලබලෙන් කතා කරේ සර්ට මොකක්ද වෙලා ආපු වෙලාවෙ ඉදන් තනියෙම හිනාවෙනවා පොඩ්ඩක් ඇවිත් බලන්නකො අයියේ කියලා..à·„à·„à·Š à·„à·„à·Š හා ඉතින් ඉතින් මොකක්ද අලුත්ම අරංචිය..”

“හ්ම්??උඹට ලබන සතියෙ දෙවෙනි ම්නමාලයෙක් වෙන්න පුලුවන්” මං කියනකොට වගීගේ කටත් ලොකු වෙලා ආවා ඒත් ඌට ඊට එහාට දෙයක් අහන්න බැරි උනේ ඒ වෙලේම කාමරේට ආපු පූජන මගෙ බ්ලැක් කොෆි එකයි,වගීශගෙ අයිස්ඩ් කොෆි එකයි අරගෙන ආපු ට්‍රේක පිටින්ම බිම වැටුන නිසා

“හහ්ක්! ආව්..”

“පූජන!ආර් යු ඕකෙ?” පුහ් පලපුරුදු ගලවාගැනීමෙ හමුදා නිලදාරි වගීස කාරියවසම්..මූනෙ තියෙන බිබික්කම් පාට විතරක්..ඊව්

“ඕ..ඕ සො-සොරි සර් මං ඉක්මනට-”

“දැන් ඕන්නැ ඕකට බෙහෙත් මොනා හරි ගාගන්න ගිහින්..අනික මං කිව්වෙ වගීශ මනමාලයෙක් වෙනවා කියලා නෙවෙ..දෙවෙනි මනමාලයෙක් වෙනවා කියලා” මං කිව්වෙ කටකොනකින් හිනාවෙන ගමන්.මං එහෙම කියනකොට පූජනගෙ මූනම රතු වෙලා ගියා

“නැ..නැ මෙ සර්.. පැටලුනා..මං ඒනම් යන්නං සර් අයිම් සොරි අගේන්.. මේක ක්ලීන් කරන්න ක්ලීනර් කෙනෙක්ව ඉක්මනට එවන්නම්” කියපු පූජන ඉක්මනට මගෙ ඔෆිස් රූම් එකෙන් එලියට පැන ගත්තේ වගීශ තාමත් ඉදගෙන මෝඩයෙක් වගේ කැඩිච්ච මග් එක දිහා බලාගෙන ඉන්නකොට

“මෝඩයෙක් වගේ ඔතන ඉන්නෙ නැතුව මෙතන්ට එනවා..”

“පූජන මට කැමතිද බන්?”

“උඹ වගේ රිලවෙක්ට ඒ වගෙ කොල්ලෙක් කැමති වෙනවා නම්… එක්කො ඒකගේ අවාසනාව නැත්තං ඌගෙ ඇස් පේන්නැ!”

“අනෙ අනේ මේ එකාලෙ කෙල්ලො කීයක් නම් මේ හැන්ඩියගෙ පස්සෙ ආවද? මේ ඒක නෙවෙ මොකක්ද අර දෙවෙනි මනමාල සීන් එක?..”

“ලබන සතියෙ මගේ වෙඩින් එක බන්.. මේ මාර වැඩ ටිකක්නෙ උනේ..”කියපු මං ශිතෙව්ව හම්බ වෙච්ච දවසෙ ඉදලා වෙච්ච දේවල් ඔක්කොම වගීශට කියලා දැම්මා ඌත් කට ඇරගෙන ඔක්කොම අහන් හිටියා

“මෙතන මොකක් හරි තියෙනවා බන්..උඹෙ හැදිමිටේ නුවණ පරක්කු වෙලා හරි වැඩකරපු එක ගැන මට සතුටුයි..අනික උඹෙ සවැනි ඥානයට හිතෙනවා නම් ශිතෙව් හරි ඇති කියල ඌ හරි ඇති බන්..ඒ කාලෙ ඉදන්ම් උබේ ඇස් වහලා ඉන්න කොච්චර හොදට රගපාන එකෙක්‍ටවත් බෑනෙ”

“ශිතෙව් අහිංසකයි කියලාමයි මට හිතෙන්නෙ බන්..අනික එයාගෙ ගෙදර මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා..දැන් ආයිත් හිතලා බලනකොට ඔය මුලු පවුලම එදා මහ නෙගටිව් එනර්ජි එකක් දුන්නෙ..අනික අයියගෙ ඇක්සිඩන්ට් එක, ශිතෙව්ට බයයි කියලා කියපු එක,අපේ අප්පච්චි අර විදිහට ප්‍රොමිස් කරගත්ත එක ගැනත් මට හෙන ලොකු සැකයක් තියෙනවා”

“උඹ දැන් මොකක් කරන්නද හිතං ඉන්නෙ?”

“මං බැලුවෙ ජයසේකර පවුල ගැනයි ශිතෙව් ගැනයි හොයලා බලන්න ..අයියගෙත් ප්‍රොග්‍රෙස් එකක් පෙන්නන නිසා ඉට්ස් දි බෙස්ට් ටයිම් ටු ඩිග් ඩව්න් දිස් මැටර්”

“ම්න්..මාත් උඹට පුලුවන් සපෝර්ට් එකක් දෙන්නං..උඹ අද මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?ඊව් ඊව් පගෝ ඕම හිනාවෙන එක නවත්තගනිම් බය හිතෙනව යකෝව්!”

“මං අද ශිතෙව්ව ගන්න හොස්පිටල් එකට යනවා ඊටපස්සෙ දෙන්නත් එක්කම රින්ග් ඩිසයින්ග්ස් බලන්න යනවා”

“ඔය හොස්පිටල් එකේ නේද එදා අන්කල්ව නවත්තලා තිබ්බෙත්?”

“ඔව්..ආප්පච්චිට එදා ට්‍රීට් කරලා තිබ්බෙත් ශිතෙව් කියලා කිව්වා..එයාට එදා තැන්ක් කරන්නවත් බැරි උනානෙ අපි ඩිස්චාර්ජ් වෙන වෙලාවෙ හිටිය නැති නිසා”

“ම්ම්..දැන් හැමදේ ගැනම හිතෙද්දි අන්කල් ඇක්සිඩන්ට් වෙච්ච එකත් ටිකක් සැක සහිතයි..”

“ම්න් බලමුකො මේක ගැන ඉක්මනටම හොයන්න ඕනෙ!තවත් කල් දදා ඉන්න බෑ..”

“හ්ම් හ්ම් මාත් මගෙ ෆුල් සප් එක දෙන්න්ංකො දැන් පලයන් උබෙ කොල්ලව බලන්න ආයිශ් ඕම හිනාවෙන එක නවත්තපන්කෝඕඕඕඕඕ”

_______________

“මොකක්ද ඒකෙ තේරුම?”

“ශිතෙව් අනුත්තර අද ඇවිත් නැ මිස්ටර්..”

“ඒත්-“

“මොකක්ද මෙතන සිද්ද වෙන්නෙ?” ‍

මගෙ පිටිපස්සෙන් ආපු කටහඩට හැරිලා බලද්දි මං දැක්කෙ මගෙ උරහිස ගාවට වගේ හිටිය රවාගෙනම හිටපු ඩොක්ටර් කෙනෙක්ව.

“ඩොක්ටර් ලසිදු..මේ මිස්ටර් ඩොක්ටර් ශිතෙව්ව අහනවා එයා අද ආවෙ නෑනෙ?..”

“එයා අද ලීව්.. චැනලින් දාලා තිබ්බ අයටත් ඉන්ෆෝම් කරලා ඇති දැනටමත් සෝ à·„à·– ආර් යු මිස්ටර්..?” ලසිදු කිව්වෙ හොස්පිටල් එකෙන් එලියට යන ගමන්

“මම එයාගෙ ෆියොන්සෙ..” මං එහෙම කිව්වම නම් එයාගෙ ගමන නවත්තලා මගේ දිහා හොදට උඩ ඉදලා යටට බැලුවා.

“අහ්?! මිස්ටර් තීර්ථ අභිශේක්?”

“ම්න් ඇන්ඩ් යු ආ?”

“ශිතෙව්ගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලසිදු සත්මින.නයිස් ටු මීට් යු”

“සේම් හිය..අද..ශිතෙව් ආවෙ නැත්තෙ ඇයි?”

මං ඇහුවෙ හිත ඇතුලෙන් එයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තෙ නැති එක ගැන මටම බැනගන්න ගමන්..මදැයි සප්‍රයිස් කරන්න ගියා.

“එයාට උන හැදිලා කියලා ගෙදර සර්වන්ට් කෙනෙක් හොස්පිටල් එකට කෝල් කරලා කියලා තිබ්බා” ලසිදු කිවෙ දත්මිටි කන ගමන්

“à·„à·„à·Š? ඒත් ඊයෙ එයා හොදට හිටියනෙ?”

“සොරි මෙහෙම කියනවට.. ඒත් ඔය ජරා ගෙදර දවසක් හිටියත් ඇති.. හොදට ඉන්න මිනිස්සුන්ව අබ්බගතායො කරන්න මිස්ටර් අභිශේක්” ජැක්පොට්! මේ ගෙදර මොකක්ම හරි තියෙනවා කියලානෙ මේ ශිතෙව්ගෙ හොදම යාලුවා කිව්වෙ.

“හ්ම්..මම දැන් එහෙ යනවා ශිතෙව්ව බලන්න..ඔයාට ඕන්නං මාත් එක්ක එන්න පුලුවන්” මං කිව්වෙ ලසිදුගෙන් යන ගමන් මොනවා හරි අහගන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා ඒත් බරට හුස්මක් හෙලපු එයා ඔලුව දෙපැත්තට වැනුවා

“මං හිතන්නැ ඒක හොද අයිඩියා එකක් වෙයි කියල..එනිවේස් මිස්ටර් අභිශේක් මම හිතනවා ඔයාට ශිතෙව්ව ඒ අපායෙන් බේරගන්න පුලුවන් වෙයි කියලා..ඒ කොල්ලා
අවුරුදු 20 ගානක් නොසෑහෙන්න දුක් වින්දා.. තවදුරටත් එහෙම වෙන්නැති වෙයි කියලා මං හිතනවා”

“යු කැන් කව්න්ට් මි ඉන් මිස්ටර් ලසිදු..”

“හ්ම්ම්..පුලුවන් නම් ශිතෙව්ට මට රෑ වෙලා කෝල් එකක් දෙන්න කියලා..”

“ම්න්”

—-
——–

වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙනම යන්න ඒයිලා
😗💜️🦋

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 13, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 13, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 13 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 13 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 13 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 13 light novel, ,

Comment

Leave a Reply

Chapter 13