À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 19

A+ A-

.
.
.

ශිතෙව් pov

“ඇහ්?-ඇයි..ස්-සො” අභී අයියා මගේ මූන දිහාම බලන් ඉන්නවා දැක්ක නිසා මං හිතුවෙ මං වැඩියෙන්වත් කියෙව්වදෝ කියලා..ඒත් මට සොරි කියන්නවත් නොදී එයා කරපු දේ නිසා ඉබේටම මගේ ඇස් දෙක පියවිලා ගියා

අභී අයියා පහත් වෙලා මගේ නලල උඩින් හාද්දක් තිබ්බා..නලලට තියන හාදූ ආරක්ශාව තහවුරු කරනවා කිව්වට අද තමා ඒක ඇත්තටම වෙනවා කියලා මං දැනගත්තේ..අයියාගෙ තොල් මගේ නලලෙන් තියෙනවා දැනුන ගමන් මට දැනුනේ මාර ආරක්ශාවක්..එක කවදාවත් මට දැනුන්නැති හැගීමක්..හැමදාම මං ජීවත් උනේ බයෙන්..

ඒත් සමහරක් විට..සමහරක් විට මීට ඉස්සරහට එන්නෙ… ඇස් වලට කදුලු එන්නැති කාලයක් වෙන්නැති…සමහරක් විට මීට පස්සෙ මට බයෙන් ජීවත් වෙන්න ඕන්නැති වෙයි..

අයියගේ හාද්දත් එක්ක මගෙ ඇස් පිය උනත් ඒ තොල් දෙක නලලෙන් ඇත් වෙනකොට මගෙ ඇස් ඉබේම ඇරුනා..ඒත් මගේ මූනම රතු වෙලා ගියේ අයියා තාමත් පහත් වෙලා මගේ දිහා බලන් ඉන්නවා දැක්කම..මං පුලුවන් තරම් අයියගෙ ඇස් මගඇරල ඉන්න හැදුවත් මගෙ නිකටින් අල්ලගත්ත එයා මගේ මූනටම බර උනා…හොදවෙලාවට කැෆේ එක තිබ්බෙ අස්සෙ පාරක නැත්තං ඒම පාරෙ යන මිනිස්සු අපිට අසහනෙ කියලත් බනී!

“උබ හරිම හුරතල් බන්..මගේ හා පැටියා” කියපු අයියා මගේ යටි තොල ගාව තිබ්බ මෝල් එකට කිස් එකක් තිබ්බා..දැන් නම් මාව පුපුරන්න එනවා ලැජ්ජාවට

“..ය-ය න්කෝ අයියේ..අරගොල්ලොත් එයි..දැන්” 

“ආපු දෙන් ඉතින්..මං කිස් කරේ මගෙ වෙන්න වයිෆිව මිසක් උන්ගෙ එවුන්ව නෙවෙනෙ” කියපු අයියා තව පාරක් මෝල් එක උඩට කිස් එකක් තියලා මගෙ කරවටේ අත දාගෙන එයාගෙ කාර් එක පාර්ක් කරල තිබ්බ තැනට ආවා.ඒ එනකොටත් මගේ මූනෙ රතු පාට නෙවෙ අඩු වෙලා තිබ්බෙ ම්හුක්..මං තක්කාලි ගෙඩියක් වගේ ඇති

——–
අපි එහෙන්මම ගිහින් රින්ග්ස් බලලා ඩිසයින් එකක් දීලා,වෙඩින් සූට්ස් දෙකකුත් බලලා එහෙන්මම බීච් එකට ආවෙ..වෙඩින් එකට කියලා අපි දෙන්නට ගිහින් කරන්න තිබ්බෙ එච්චරක් වෙන හින්දා..තව වෙඩින් එක තියෙන තැන පික් කරන්නයි,ඩිසයින්ග්ස් ටික බලන්නයි විතරයි තියෙන්නෙ..ඒවා නම් පික්ස් බලලා සිලෙක්ට් කරන්නනෙ තියෙන්නෙ..

මං බීච් එකට ගිය ගමන් කරේ මං දාන් හිටපු සපත්තු දෙක ගලෝලා,ඇදන් හිටපු කලිසම උඩට උස්සගෙන රැල්ල ගහන වෙරලට දුවපු එක..මීට කලින් මෙහෙට ආවෙ දුක නැතිකරගන්න අඩන්න උනත්,අද පලවෙනි පාරට මගෙ මූනෙ ලොකු හිනාවක් ඇදිලා තිබ්බා..එතකොටම මට අභී අයියව අවුරුදු ගානකට පස්සෙ හම්බ වෙච්ච විදිහත් මතක් උනෙ මගේ මූනෙ තියෙන හිනාව නැති කරල දාලා..

මෙතන මං නොදන්න දෙයක් තියෙනවා..නැත්තං අයියා මට නිකරුනේ එහෙම ගහන්නැනෙ.මං ඇස් දෙක හීනි කරලා බීච් එකෙ හදලා තිබ්බ සීට් එකක් උඩ ඉදන් හිටපු අයියා දිහා බැලුවා.එයත් මගෙන් ඇස් වලින් “ඇයි” කියලා ඇහුව නිසා මාත් හීන්සිරුවෙ එයා ගාවට ගිහින් එයාගේහා පැත්තෙන් ඉදගත්තා

“රැල්ල පාගලා ඉවරද ම්ම්?’

“ම්ම්හු..”

“ඒහෙනම්?”

“අහන්න දෙයක් තියේ අයියේ..”

“ඕන දෙයක් අහන්න පැටියෝ..අයිම් ඕල් යුවර්ස්” කියපු අයියා මගේ කර වටේ අත දාලා මාව එයාගෙ ඇගට හේත්තු කරගත්තා..හැමදාම මේම ඉන්න තියේ නම්…කියලා හිතපු මම ලොකු හුස්මක් පිටකරලා අයියගෙ උරිස්සෙ ඔලුව තියාගත්තා

“මතකද අපි මේ බීච් එකෙ හම්බෙච්ච විදිහ?”

“ම්න්..” කියපු එයා මගෙ දකුනු කම්මුල උඩ අත තියලා ලාවට අතගෑවා…

“උඹට රිදෙන්න ඇති එදා වැදුන පාර..මට සමාවෙයන්..”

“ඒකට කමක් නැ අයියෙ..ඉට්ස් නතින් නිව්.. කම්මලේ ඉන්න බල්ලා වගේ මටත් ගුටි කාලා හොදටම හුරුයි..” මං කිවේ හිනා වෙලා උනත් එයාගෙ ඇස් හීනි උන හැටියෙන් මං දැනගත්තා එයාට තරහා ගියා කියලා…ඒත් එයා මොකුත් නොකියා ඔලුව හෙල්ලුවෙ සීතල හිනාවක් එක්ක..ඒක දැකලා මට බයත් හිතුන..

“මට මේක විතරක් කියපන් පැටියෝ..උඹෙ අප්පච්චිත්… උඹට ගහනවද?” කියපු එයා කෙලින්ම මගේ ඇස් දිහාම බලන් හිටියේ බොරුවක්වත් කියන්න නොදි..ඒ නිසා ලොකු හුස්මක් එලියට දාපු මම ඔලුව උඩ පහල කරේ අයියගෙ දත් ටික චර බර ගාලා හැපෙද්දී..

අභිශේක් pov

එදා ගහපු එකට කොල්ලගෙන් කලින් සමාව ඉල්ලන්න හම්බුන්නැති නිසා පසුතැඋනත්..ආපිටට ශිතෙව් ගුටි කන එක හරිම නෝමල් දෙයක් වගේ කියනකොට මට යකා නැග්ගා..මං ඒනම් හිතන් හිටපු එක හරි..මුන් මගේ කොල්ලට වද දෙනවා!හ්ම්ම්..මගෙ පැටියට වද දුන් උන් හැමොම විදවයි…උඹලට ජීවත් වෙලා ඉන්න එපා වෙන තරමටම උඹලාට ජිවිතෙ එපා කරෙ නැතොත් මං..තීර්ථ අභිශේක් මංචනායක නෙවෙයි! à·„à·„à·Š..

“ඉතින් මොකක්ද මගෙ පැටියට ඉස්සෙල්ලා දැනගන්න ඕනෙ උනෙ..ම්ම්?”

“එ-එදා ගැහුවෙ..?”

“වැරදිලා මගේ පැටියෝ..” කියලා මං කිව්වත් එයා මගේ දිහා බලන් හිටියේ තව මොනා හරි අහගන්න බලාපොරොත්තු වෙනවා වගේ…ටිකක් ඉවසල ඉදපන් මගෙ පැටියෝ..දැනටමත් කොනක් එලියට ඇව්ත් තියෙනකොට ඇත්ත දැනගන්න වැඩි කාලයක් යන එකක් නැ! මගේ අයියා අර විදිහට ඇදක් උඩ ඉන්න හේතු උන එවුන්..උඹට මේ වගෙ වද දීපු එවුන් හැමෝටම මිහිපිට අපාය පෙන්නන්නංකො මම..

“ඔ..” මං බර කල්පනාවක හිටියත් ශිතෙව් මොකක් හරි කියන්න ගිහින් කට වහගත්තා කියලා මට තේරුනා

“ම්ම්?”

“ම්ම්හු.මුකුත් නැ..”

“දන්නැති දෙයක් ඇහුවා කියලා ඔයාව කන්නැ මංං..ඒඑ නිසා අහන්න..”

“ඔයාගෙ අයියාට මොකද..උනෙ?”

“හ්ම්ම්ම්…ඒක දිග කතාවක්..”

…
………
……………
……………………
…………………………

සුභ අලුත් අවුරුද්දක් වේවා!
වෙන්න ඔනෙ කෙසේද එසේම  වේවා!!! 🌚🙏💛🌼🌞

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 19, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 19, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 19 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 19 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 19 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 19 light novel, ,

Comment

Leave a Reply

Chapter 19