À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 26

A+ A-

.
.
.

සික් මීට වඩා හොද තැනකට අරං එන්න බැරි උනාද මං අහන්නෙ??ගදයිත් එක්ක ඊව්.. ආයියා මේ ගොන් තඩියා කුනු මාලු කෑල්ලක් වගේ මාව එහෙට මෙහෙට විසික් කරන හැටි විතරක්!අපේ අයියා හරිම ආදරෙන් අත පත ගාන පැටියගෙ ලස්සන අත පය තැලිලා ගියොත් එහෙම මිනියටත් කැතට ඉදිවි…ඔව් මං බය නැ මැරෙන්න!මං බය නැ මැරෙන්න! මං බය නැමයි මැරෙන්න! ඒත්..මං…රිදෙනවට බයයිනෙ..අම්මේ..අනෙ..අයියේ බයයිනේ

“අරක අරං වරෙන්” 

අම්මගේ මාලෙ අත ගගා හිටිය මගේ බඩ බොක්කෙ ඉදන් සීතල වෙලා ගියේ තාත්තගෙ කටහඩ ඇහුනම..’අනෙ අම්මෙ’ කොච්චර හිත හයිය කරන් ඉන්න ගියත් දොරෙන් ඇතුලට ආපු තාත්තගෙ මූන දැක්ක ගමන් ඇගම වෙවුලලා,ඇස් වලින් කදුලු ගැලුවෙ හිතේ තිබ්බ බය වැඩ් නිසා..

වෙනදට තාත්තා නපුරු පාටයි නම් අද…අද එයා යකෙක්ටත් වඩා නපුරු පාට වෙලා තිබ්බා…දත්මිටි කාගෙන ගොරකා මද දෙකක් වගේ රතු වෙලා තිබ්බ තාත්තගේ ඇස් දෙක දැක්කම අද නම් මං මැරෙන එක නවත්තන්න උඩ ඉන්න දෙවියොන්ටත් බැරි වෙයි කියලා හිතුනා.

“තා-ත්-ත්”

“උඹ- කටවහපන්! ටෝනි…” තාත්තා ටෝනිගෙ දිහා බලලා ඔලුව වැනුවම,ටෝනි මොකක්ද මංදා ෆයිල් එකක් අරං මගේ දිහාට ආව..ටෝනි අඩියෙන් අඩිය ලං වෙනකොට මං මාලෙත් තද කරගෙන පුලුවන් තරං පස්සට ගියා

“ලොකු බේබි මේක අත්සන් කරා නම්..” ටෝනි කිව්වෙ ඒ ෆයිල් එක මගෙ අතට දීලා.මං වෙවුලන අත් වලින් ෆයිල් එක අරිනකොට ඒකෙ තිබ්බ දේ දැකලා මගෙ ඇස් දෙකත් ලොකු වෙලා ගියා

ඉඩම් ඔප්පු??SA holdings එකෙ ඕනර්ශිප් එක?ඇයි මේ ඔක්කොම මගේ නමට තියෙන්නෙ??තාත්තා නම් මේ වගේ වැඩක් කවදාවත් කරන්නැ..
කලින් ඕනර් සදුන් ජයසේකර?හහ්..කවුද මේ සදුන් කියන්නෙ?? එතකොට තාත්තගෙ නෙවෙයිද මේ හැමදෙයක්ම??හ්

“ඔය කොල වල අත්සන් කරපන් ඉක්මනට!!!උඹ මොනවද බලන් ඉන්නෙ??මෙ දවස එනකන් මං අවුරුදු 27 ක් බලන් හිටියා යකෝ!උඹව ඉක්මනට මරලා දාන තරමට මට සැනසීමයි..මූසලය”
දැන් උඹ මගේ දිහා බලන් ඉන්නෙ ඇයි මරන්න නම් උබව අවුරුදු 27 ක් තියාගත්තෙ කියලා අහන්න නම්..උඹට 27දි මේ දේපල ඔක්කොම හම්බුනත්, උඹ හදිස්සියෙවත් මැරුනොත් උබෙ දේපල ඔක්කොම අනාත නිවාසෙකට යන විදිහට තමා ඔය ඔක්කොම ඔප්පු හදලා තියෙන්නෙ..ඒත් උඹ ඔතන දාන අත්සනෙන් පස්සෙ උබ මැරුනොත් ඒ දේපල ටික ඔක්කොම ටික උබෙ කැමැත්තෙන්ම  උබව හදාවඩාගත් පියාට ලැබෙනවා à·„à·„à·Š à·„à·„à·Š හා ඊටපස්සෙ මේ ඔක්කොම මගේ à·„à·„à·Š à·„à·„à·Š හාආආ”

තාත්තා කිව්ව දේ ඇහුනෙත් මට හීනෙකින් වගේ..එතකොට මෙච්චර කාලයක් මේ ඔක්කොගෙම අයිතිකාරයා වෙලා හිටියෙ මමද? දැන් මම මැරෙන්න යනවද? කමක් නැ අයියා ජීවත් වෙලා –

“දැන් ඉතින් ඔතන අත්සනක් දාපන් එතකොට උඹටත් ඉක්මනට උබේ අලුත බැදපු මිනිහා ගිය දිහාවටම යන්න පුලුවන්!”

“මො-මොකක්?????ඒ-ඒත්… ඒත්…” අනේ අයියේ මං හිතුවෙ අනේ..මේක අත්සන් කරාම අපි දෙන්නට පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා..ඔයා මාව දැනටමත් දාලා ගිහින්ද ?? ඒත් ඒත් ඔයා පොරොන්දු උනා..

“මොකක්ද උඹ හිතුවෙ?? මගේ ලමයව හප්පලා මරපු එකාට යහතින් ඉන්න දෙයි කියලද?? අනික ඒ මුලු පවුලම මැරෙන්න ඕනෙ එවුන්!!උන් ජීවත් වෙලා ඉන්නකන් මට පලවෙනියා වෙන්න බැ..ඒ නිසා උන් අනිවාරෙන් මැරෙන්න ඕනෙ… උබ මැරුනට පස්සෙ මහ එවුන් ටිකවත් එවන්නං මං..උඹ දෙපාරක් බේරගත්තනේ ඒත් මේ පාර-”

“ඇයි උඹ මොනවා කරන්නද?” ඉකිගහන එක නවත්තගන්න ට්‍රයි කර කර හිටපු මාව ගැස්සිලා ගියේ අයියගෙ කටහඩ ඇහුනම..අනේ ඔයා ඉන්නවා! මං කදුලු පිරිච්ච ඇස් දෙකෙන්ම ඇස් උස්සලා මගෙ අයියා දිහා බැලුවම මට සැනසීමෙන් හුස්මක් වැටුනෙ එයාට හිරිමක් වෙලා තියෙනවා දැක්කෙ නැති නිසයි..

“ඉතින්..ඉතින් කොහොමද මයි ලව්ලි ෆාදර් ඉන් ලෝ..හිතුවෙ නෑ නේද මං මේ විදිහට එයි කියලා? ඒත් ඉතින් what to do නේහ්? මේ තීර්ථ අභිශේක් හැමදාමත් හැමොටම වඩා  ඉස්සරහින්නෙ හිටියෙ so you shouldnt even be surprised”

“උඹ- උඹ කොහොමද?..ටෝනි කතාකරපන් අනිත් එවුන්ට!!”

“ට්ස්ක් ට්ස්ක් අනිත් එවුන්ට කතාකරනත් උන් ඉන්න එපැයි..උන් දැනටමත් ඔයාගෙ පුතා ගිය තැනම ඇති…ඔයාවත් එතනටම තව ටිකකින් යවනවා ඒත් ඊට කලින් ඔයත් එක්ක පොඩි කතාවක් තියෙනවා..වාගි මූව අපෙ එවුන්ට ගිහින් දීපම්!” කියපු අයියා තාමත් අන්දුන් කුන්දුන් වෙලා හිටිය ටෝනිව කුනුමාලු කෑල්ලක් වගෙ අරගෙන ගිහින් අපි හිටිය කාමරෙන් එලියට විසික් කරලා මගෙ දිහාට ආවා..

මාව බදාගන්න එනවා කියලා හිතුන නිසා ටිකක් එහෙට මෙහෙට වෙලා අයියා දිහා බලලා හිනාවක් දුන්නත් දත්මිටි කකා අත් මිටිමොලවගෙන මගෙ දිහා බලලා රැවුව පාර ඇගෙ චූ ගිය නැති ටික විතරයි..! හත්දෙයියනෙ මං…මොකක්ද..ඒ ගමන…කරේ..මේ පාර නම් රෙස්ට් ඉන් බෙඩ් නෙවෙ රෙස්ට් ඉන් පීස් වෙයි වගෙයි හෙහෙහෙහෙ
පස්සෙන් පස්සට යන්න තැනකුත් නැනෙ අනෙ අම්මියෙහ්! මෙ මිනිහා මට මෙතනම හයෙ හතරෙ පාරක් නෙලලා අරියි වගේ…මහ යකෙක්

බිත්තියට හේත්තු වෙලා හිටිය මං ගාවට ආපු අයියා රකුසු බැල්මෙන්ම ටිකක් වෙලා මං දිහා බලන් හිටියේ මොනවත් කියන්නෙ නැතුව..දැන් නම් ඇඩෙන්නත් එනවා වගේ

“අයි-”

“උඹ! ගෙදර යනකන් ඉදපන්කො..උඹ ගැන බලාගන්නං මං..”

“අන්-”

“ශ්ශ්ශ්ශ්ශ්ශ් පස්සෙ” පුලුවන් තරං ඇස් දෙකත් ලොකු කරගෙන ,ඔලුවත් ඇල කරගෙන,තොලත් අනිත් පැත්ත හරවගෙන හිටපු නිසා අයියා මගෙ දිහා එක පාරක් බලලා ලොකු හුස්මක් උඩට අදිනකොටම තමා මට ඇහුනේ ගන් එකක් ලෝඩ් කරන සද්දේ! ශිට්!!!!

සද්දන්තයා වගේ අයියා මගෙ ඉස්සරහා හිටියත් එයාගෙ පැත්තෙන් ඔලුව දාපු මම දැක්කෙ අපෙ දිහාට ගන් එකක් දික් කරන් හිටිය තාත්තව..දෙයියනෙ ඇයි ආයි මට මතක නැති උනේ????

“උඹලට හොදින් ඉන්න දෙන්නැ යකෝ මම!මැරෙන්න ලෑස්ති වෙයන් ඉතින්”

-ටික්-

අයියේඒඒඒඒඒහ්!!!!

…
………
……………

මිනිපෙට්ටියක් ගේමුතෙ???🌚🏌️
හෙහෙ ❤️💋

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 26, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 26, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 26 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 26 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 26 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 26 light novel, ,

Comment

Leave a Reply

Chapter 26