À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 29

A+ A-

.
.
.

සතියකට පසු~

මෙච්චර දවස්ම අඩ අඩ හිටිය මගේ හිත පන්සලට ඇතුල් වෙච්ච වෙලාවෙ ඉදන්ම සන්සුන් වෙලා තිබ්බා..කරදරයක් උනාම මිනිස්සුන්ට ඉස්සෙල්ලාම පන්සල මතක් වෙන්නෙ මේක නිසා වෙන්නැති…කියලා හිතපු මං ලොකු හුස්මක් අතඇරියෙ ලොකෙම බර මගෙ උරහිස උඩ තියන් හිටියා වගෙ..අයියටත් ඒකෙ බර දැනිලද මංදා මෙච්චර වෙලා එයාගෙ අතත් එක්ක පැටලිලා තිබ්බ මගේ අත පොඩ්ඩක් මිරිකලා මගෙ දිහා බලලා එයාගෙ ලේසියෙන් එලියට එන්නැති හිනාව දුන්නෙ මගෙ බඩෙ සමනල්ලුත් පාකරලා ..! 

හ්ම්ම්..එයා මගේ ලග හිටියෙ නැත්තං මේ වෙද්දි මට මොනවා වෙලා තියෙන්න තිබ්බද?මෙච්චර කල් මං තාත්තා කියලා තියෙන්නෙත් මගෙ අම්මවයි තාත්තවයි මරාගත්ත තාත්තගෙ මිනිමරු අයියටලු..

තාත්තා අමාරුවෙන් දියුනු කරපු බිස්නස් එකටයි එයාගෙ දේපල වලටයි ලෝබ කමේ තාත්තව මරාගෙන,අම්මා ඒ මිනිමරුවගෙ අයුතු යෝජනා වලට කැමති නැති වෙච්ච නිසාම එයාවත් මරාගත්ත ඒ ජරා මිනිහා මාවත් මරලා දේපල ඔක්කොම අයිති කරගන්න යද්දි ටෝනි අන්කල් තමා සසංක තාත්තගෙ ඇඩ්වයිස් වලට අනුව ඔප්පු ගැන කියලා මෙච්චර කාලයක් මාව ජීවතුන් අතර තියලා තියෙන්නෙ..

තාත්තට,ඒ මිනිමරුවා ගැන කලින්ම ඉව වැටුන නිසා ටෝනි අන්කල්ව ඒ මිනිහා ලග තිබ්බත්..තාත්තගෙයි අම්මගෙයි මරන දෙක වලක්වන්න අන්කල්ට බැරි වෙලා..ඒත් එයා මං ජිවතුන් අතර ඉන්නවා කියලා දැනගෙන, ජයසේකරගෙ ලගින්ම ඉදලා එයාගෙ විශ්වාසවන්තම කෙනා වගේ රගපාලා මාව ආරක්ශා කරන්න මටත් නොදැනිම මගෙ පිටිපස්සෙ ඉදලා තියෙනවා..
ටොනි අන්කලුයි,සසංක තාත්තටයි..මගේ  තාත්තා මැරුන දවස් වලම ජයසේකරව මරන්න ඕනෙ උනත්,ගොඩක් හේතු නිසා එයාව මරන එක කල් දාලා තිබ්බා..

ඒ කොහොම උනත් සසංක තාත්තගෙ ඇක්සිඩන්ට් එකයි,ලොකු අයියගෙ ඇක්සිඩන්ට් එකයි නිසා එයාලා දැනන් ඉදලා තියෙනවා ජයසේකර කොයිවෙලාවක හරි එයාලවත් මරන්න ඉඩ තියෙනවා කියලා..ඒක නිසා තමයි ඉක්මනට අයියව මට ප්‍රොපෝස් කරල අපි දෙන්නව ටික දවසකට පැත්තකට කරලා ජයසේකරව මරන්න එයාලා ප්ලෑන් කරලා තිබ්බෙ..

ඒත් මගේ අයියා ඒ දෙන්නටම වඩා ඉක්මන් වෙලා තිබ්බා..සසංක තාත්තා, අයියට මුලු කතාව කියද්දිත් අයියා ඒකෙන් 50% කටත් වඩා දේවල් තනියෙන් දැනන් තිබ්බා වගේම එයාගෙ ප්ලෑන් එකත්, අපි රට ඉන්නකොට මෙහෙ වැඩ කරන ගමන් තිබිල තියෙන්නෙ..

ටෝනි අන්කල් නිසා අයියගෙ වැඩ ඔක්කොම ලේසි උනත් අයියා කතාව කියනකොට තමා මට තේරුනේ ඉස්සර තාත්තා කිය කිය හිටපු මනුස්සයා හෙන ආසාවෙන් ප්ලේ කරලා තිබ්බෙ අයියම හදපු ගේම් එක කියලා! ඒත් එයා ඒ ගේම් එකේ නිර්මාතෘ නෙවෙ,අයියගෙ අතේ නැටවෙන ඉත්තෙක් කියලා තේරුම් ගන්නකොටත් වෙන්න ඕනෙ දේවල් ඔක්කොම වෙලා තිබ්බා..

“එයාලා හොද තැනක ඇති නේද අයියේ?”

” ම්න්..මගෙ පැටියගෙ අම්මයි තාත්තයි හොද තැනක ඇති.. ”

“හ්ම්..”

“ඉතින් තව ටිකක් මෙහෙ ඉන්නවද නැත්තං…”

“යමු නේද? පහ වෙන්නත් ලගයි..ලසිදුත් එහෙ ඇත්තෙ දැන්..”

“අපෙ අයියාකාරයට නම් හැපි ඇති ඉතින්…”

“à·„à·’à·„à·Š ඒ දෙන්නා මැචින් නේ?..එක්කෙනෙක්ට හොස්ස ලගින් මැස්සා ගියත් තද වෙනවා..අනිත් කෙනා ආතල් එකටවත් තරහා ගන්නැති කෙනෙක්..”

“ම්න් ඔපසිට් ඇට්‍රැක්ශන් වෙන්නැති බබෝ..කෝමත් අපේ අයියට එක තැනක ඉන්න,ඉවසීමෙන් කටයුතු කරන,සද් ගුණවත් මනුස්සයෙක්ව ගැලපෙන්නැ..”

“හරියට මං වගේ කෙනෙක් නේද..”මං ඇහුවෙ මූන යටින් අත් දෙක තියලා පැත්තටත් නැවෙන ගමන්…මං කොච්චර ලස්සන,ඉවසීමෙන් කටුයුතු කරන,සද් ගුනවත්-

“අනෙ ඉතින් මොකට කියනවද..මාත් තමුසෙගෙ බොරු වලට රැවටුනානෙ..දැක්කාම හිතෙන්නෙ නම් මදුරුවෙකුටවත් කරදරයක් කරන්න බැරි මනුස්සයෙක් කියලා..බැන්දට පස්සෙ බලන්න එපැයි කුමාරිහාමිගෙ වැඩ කිඩ..”

“අඤෙ මෙ ඔව්වට විතරක් එන්න එපා හරිද..කුමාරිහාමි??? හුහ් මට නිලමෙ කියලා කතාකරපන් අයියේ..හැබැයි… ඔයාට ඕනෙමනං…සුදු අයියෙ නැතුව මැනිකෙ කියලා කතාකරන්නං ඔයාට හෙහෙ..”

“දුප් යන්න!! ආවා මෙතන නිලමෙ වෙන්න…උඹම දන්නවනෙ කවුද මෙතන මහ තැන කියලා” අයියා කටකොනෙ හිනාවක් එක්ක මගෙ පස්සට හිමීට තට්ටුවක් දැම්මෙ එයා එනපොට හොද නැ කියලා මගෙ ඔලුව රතු එලි නාද කරද්දි.

“මොකද කියන්නෙ-”

“එහෙහෙහෙහෙ… මේ මට නම් පට්ට හැපී!!!!ඔයා දන්නවද අයියේ???මගෙ අනර්ඝ සවැනි ඥානය කිව්වා මගෙ හොදම යාලුවා කෙලින් යන පුද්ගලයෙක් වෙන්න බැ  කියලා…පේනවනෙ දැන්..මේ ශිතෙව් තමා හැමදාමත් හරි…ම්හුහ්!” 

“ඔවොව් උඹට දේවාලයක් දාගත්තා නම් හොද ගානක් හම්බකරගන්න තිබ්බා…මෙන්න මෙහෙ වරෙන් යන්න..”

…
………
……………

තව එකාආආආආආආයී 🌚💙

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 29, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 29, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 29 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 29 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 29 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 29 light novel, ,

Comment

Leave a Reply

Chapter 29