À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 04

A+ A-

ශිතෙව් pov

“මචං උඹේ කම්මුලට මොකක්ද උනේ?ආයිත් අරූ ගැහුවද?”මට හිටිය එකම යාලුවා වෙච්ච ලසිදු ඇහුවේ තාමත් ඊයෙ කාපු කම්මුල් පාරවල් නිසා ඉදිමිලා තියෙන කම්මුල හිමීට අල්ලන ගමන්..වෙනදට ගුටිකෑවාම මං අයිස් කැටයක් හරි තියාගත්තත් ඊයෙ ඒක කරගන්නවත් සිහියක් මට තිබ්බෙ නැ.

“ම්න්..”

“මං උබට කොච්චර කිව්වත් අපෙ ගෙදරට එන්නෙත් නෑ.. ඇයි බන් මෙහෙම ගුටි කන්නෙ එක එකාගෙන්??”

“එක එකාගෙන් නෙවෙනෙ බන් තාත්තනෙ ඉතින්..අනික මට ඔන්නැ උඹට වදයක් වෙන්න…”

“මට නම් දැන් සැකයි ඒ මිනිහා උඹේ තාත්තද කියලත්?අනික උඹ මට වදයක් නෙවෙ පගෝ..හරි අපෙ ගෙදරට එන්න බැරි නම් මූව් අව්ට් හරි වෙයන්කො” කියලා ලසිදු කියනකොට මගේ මූනෙ ඇදුනෙ වේදනාත්මක හිනාවක්..කොහොමද මං කටක් ඇරලා  කියන්නෙ දවල් රෑ නොබලා මහන්සි වෙලා හම්බකරන පඩියෙන් මගෙ අතේ ඉතුරු වෙන්නෙ දවසකට වඩේ එකකුයි ප්ලේන්ටියකුයි බොන්න පුලුවන් සල්ලි විතරයි කියලා?

ම්ම්..මං ඩොක්ටර් කෙනෙක් තමා ඒත් මගෙ අතට මාසෙකට හම්බෙන්නෙ 10000 කටත් වඩා අඩු ගානක් කියලා කිව්වොත් කවුරුත් මාව විශ්වාස කරන එහෙකුත් නැ..

කොටින්ම මගෙ පඩියෙ ඉතුරු වෙන හැමසතේම අරගන්නෙ අම්මා කියල කාටහරි කිව්වොත් උන් මට පිටිපස්සෙනුත් හිනාවෙයි මොකද එයා තමා ‘SA holdings’ වල අයිතිකාරයාගෙ ලව්ලි වයිෆ්..ඒත් ඉතින්…

“කෝමත් ලබන මාසෙ මූව් අව්ට් වෙන්න වෙයි මට..”

“ඇහ්??” ලසිදු ඇහුවෙ කටත් ලොකු කරගෙන.

“ලබන මාසෙ මං බදිනවා බන්”

“මොකක්ද පගයො තෝ කියන්නෙ? බදිනවලු මූව් අව්ට් වෙනවලු මොකක්ද මේ..?”

“ඉතින් ලබන මාසෙ මං බැන්දාම මගෙ මිනිහා ගාවට යන්න එපැයි”

“ලබන මාසෙ?කවුද? කාවද බදින්නෙ? කොහෙද?මං දන්නැති උබෙ ෆියොන්සෙ කවුද ආ? තේව් කියපංකෝ…” ලසිදු ඇහුවෙ මාව හොල්ලන ගමන්..අම්මො ඔලුවත් කැරකෙනවා වගේ

“හොල්ලන්න එපා යකූ කාපුවත් යයි..මං ලබන මසෙ අර මංචනායක ගෲප්ස් ඇන්ඩ් හෝල්ඩින්ග්ස් එකෙ අයිතිකාරයව බදිනවාලු..

“මොකක්??තොට සයිකොද යකෝ ?මං අහල තියෙන විදිහට ඌ හෙනම සීතල මරුමුස් පොරක්! උඹට ඉහ ගහගෙන ඉන්න වෙන එකක් නැ..මට කියපන්..උඹේ අර තාත්තා කියන එකා නේද ඕක හොයලා දුන්නෙ? ආහ්?” මං උත්තර දෙන්නෙ නැතුව අහක බලාගත්තේ ලසිදුට කියන්න ඔනෙ උත්තරේ ඌට තේරුම් ගන්න ඉඩ දීලා.

“මේක හරියන්නැ ඔය පකාව මරලා දාන්න ඔනෙ!උඹෙ ජීවිතෙ විනාශ කරා මදිවට අපායකටත් තල්ලු කරන්න හදනවා..උඹ අදම බඩු ටික ලෑස්ති කරගෙන මෙහෙන් පලයන්..”

“මං කොහෙ කියලා යන්නද බන්?අනික අපි මේ කතා කරන්නෙ ලංකාවෙ දෙවෙනි ලීඩින් බිස්නස් එකෙ අයිතිකාරයා වෙච්ච මිස්ටර් ජයසේකර ගැන..එයාට තප්පරයක් ඇතුලත මං හැංගිලා ඉන්න තැනින් හොයාගන්න පුලුවන් වෙවි..එහෙම හොයාගත්තොත් මට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන්නැනෙ?” මං කියනකොට මං දැක්ක ලසිදුගෙ මූන දුකෙන් බරවෙලා යනවා.මොකද ඌත් දන්නවා මගේ තාත්තගේ ඇස් වහලා පැනල යනවා කියන එක කරන්න බැරි වැඩක් කියලා.

“උඹ පව් බන්…”

“මේවා මට අලුත් දේවල් නෙවෙනෙ බන්..මගේ මේ ජරා ජිවිතේ තව විනාස වෙන්න දේකුත් නැනෙ..එන විදිහකට මූනදෙනවා..කරපු කරුම ගෙවන්නත් එපැයි” මං අමාරුවෙන් මූනට හිනාවක් අරගෙන ලසිදුවගෙ කර වටේ අත දාගත්තා.

“… අද හවසට මගේ බදින්න ඉන්න කෙනාවත් හම්බෙන්න එපැයි..ඒ නිසා අද ගිහින් මගේ චූටි එවුන් එක්ක ඉන්න ඔනේ”

||||||||||||||||||||||||||||||||||||||||||||||||

අභිශේක් pov

“ඔච්චර කේන්ති ගන්න එපා à·„à·”#තෝ!!උඹෙ නහරයක් ගහලා යයි!?”

“වෙලා තියෙන දේවල් වලට කේන්ති ගන්නැතුව මෙතන බාල් ඩාන්ස් කරන්නද උඹ මට කියන්නෙ ආහ්?” ආආආඅහ්හ්හ් මට එන තරහට අර මගෙ ෆියොන්සේ කියන එකාගෙ මූනෙන් තක්කාලි සෝස් පනින්න දෙතෑකි.

“දැන් උබ කේන්ති ගත්තා කියල කිසි දෙයක් වෙනස් වෙන්නැනෙ?නිකන් උඹට බ්ලඩ් ප්‍රෙශර් එක හැදෙන එක විතරයි වෙන්නෙ!ඒ නිසා ප්ලීස් කාම් ඩව්න්..”වාගීශ එහෙම කියනකොට මං අමාරුවෙන් හතර පස් පාරක් හුස්ම ඉහල පහල දාලා කේන්තිය ටිකක් පාලනේ කරගත්තා .

“ඇයි බන් අපේ අම්මායි අප්පච්චියි එහෙම?මං කරන කිසිම දෙකට බාධා නොකරපු ඒ දෙන්නා මගේ ජිව්තේ තියෙන ලොකුම ඩිසිශන් එක මගෙන් අහන්නෙත් නැතු-“

“ඒක තමා පගෝ මං කියන්නෙ තොට!ඒ මිනිස්සු උඹ කරන කිසිම දේකට මීට කලින් අකුල් හෙලුවෙ නෑනේ?  මේ වගේ දේකට උඹට ඔච්චර බලපෑම් කරනවා නම් තේරුම් ගනින්..මෙතන මොකක්ම හරි දෙයක් තියෙනවා..සසංක අංකල් උඹට ඒගොල්ලොන්ව අමතක කරන්න කියන තරම් ඩීප් යන්න තරන්  මේ වෙඩින් එක වැදගත් නම් හිතාගනින් ඉතුරු ටික..” වාගීශ පොඩ්ඩ පොඩ්ඩ තේරුන් කරද්දි මමත් ටිකක් ලොජිකලි හිතන්න ගත්තා 

“අනික උඹ ඔය බදින්න ඉන්න එකාට අකමැතිම නම් මාස තුනකින් පස්සෙ ඩිවෝර්ස් එකක් දාපන් එතකොට හරිනෙ?දැන් කවදද ඒකව බලන්න තියෙන්නෙ?”

“අද හවසට බන්..මං නම් ආසම නැ”

“ම්න් ගිහිල්ලම බලපන්කො..කවුද දන්නෙ උඹෙ ඉරණම්කාරයා එයිද කියලා?”

“අනේ පලයන් බන්..උඹ දන්නවානෙ මට ඔය පොඩි කොල්ලොන්ව පේන්න බැ කියලා අර සිද්දියෙන් පස්සෙ?”

“හ්ම් හ්ම් මොකද මං නොදන්නෙ? අදට ගිහිල්ලා බලපන්කො..”

“ම්න්”

——————————
————————
—————-

වෝට් කරන්න..කමෙන්ට් කරන්න
ආතරෙයි <3 ❤🌼

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 04, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 04, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 04 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 04 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 04 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 04 light novel, ,

Comment

Leave a Reply

Chapter 4