À¶†À¶ºà·” (Completed) Âœ” 33

A+ A-

වසර හතරකට පසු….

එහෙ හැරිලා මෙහෙ බලද්දි කාලෙ ගෙවිලා ගිහිල්ලා තියෙන්නෙ හිතා ගන්න බැරි තරම් වේගෙකින්. ඒ වගේම ඒ කාලෙ ඉගිලිලා ගිහිල්ලා තියෙන්නෙ අපි හැමෝගෙම ජීවිත වෙනස් කරලා.
අවුරුදු හතරක්… ඔව් අවුරුදු හතරක්. එදා මම තීරණයක් අරගෙන පාරට බැහැලා ආපු ගමන අවුරුදු හතරක්ම ඇවිල්ලා. දුක, සතුට ,වේදනාව, දරා ගැනීම් මේ හැමදෙයක්ම මැද්දෙ අවුරුදු හතරක් ගෙවිලා ගිහිල්ලා. හිතා ගන්න බෑ මේ අවුරුදු හතර ගෙවලා දැම්මෙ කොහොමද කියලා.

“හ්ම්ම්ම්”

මම බර හුස්මක් අත ඇරලා පහු වෙලා යන වෙල් යායවල් දිහා බලාගෙන හිටියා. මගෙ ගම.. ම්හු නෑ ලලිතා අම්මගෙ ගම. එදා යන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බැරුව පාරට බැහැලා ආපු මාව ලලිතා අම්මා අලයි කොලයි කාලා හරි ජීවත් වෙමු කියලා එක්කගෙන ආවෙ එයාගෙ ගමට. නගරය කියන වචනෙන්වත් ඉදුල් නොවුනු රට ඇතුලෙ හැංගිලා තියන පුංචිම පුංචි ගමක්. නුවරින් ගොඩක් ඈතට වෙන්න තියන බයක් සැකක් නැතුව ඉන්න පුලුවන් තැනක්. කොළම කොල පාටින් පිරුන දිව්‍ය ලෝකයක්. නිදහස කියන දේ උපරිමයෙන් පිරුන පාරාදීසයක්..

” වෙලේ කඩේ ලග බැහැගන්න..”

එක පාරටම මගෙ කල්පනාව බිදිලා ගියෙ කොන්දා උගුර කඩාගෙන වෙලෙ කඩේ ලග බැහැගන්න කියලා කෑ ගහපු නිසා. වට පිට බලපු මම දැක්කෙ මම බහින තැනටම ඇවිල්ලා කියලා හපොයි. හොද වෙලාවට කොන්දා කිව්වෙ නැත්තම් ඊලග හෝල්ට් එකෙන් තමා බැහැගන්න වෙන්නෙ. ඒ තරම් මගෙ සිහිය හොදයි. මම ඉක්මනට මගෙ බෑග් එකත් අරගෙන මිනිස්සු අස්සෙන් මිරිකි මිරිකි බස් එකටම තියන එකම එක දොරෙන් එළියට බැස්සෙ මුලු ඇගම තලලා දාලා වගේ හැගීමක් දැනෙද්දි. මේ බස් එකේ එනවට වෙනම ගානක් දෙන්න ඕනෙ. වල වල් වල වැටි වැටි හිමී හිමීට එනකොට අන්තිමට බස් එකෙන් බහිනකොට මුළු ඇගම තලලා දාලා වගේ. ටවුන් එකේ ඉදලා මෙතනට කිලෝ මීටර් හතරක්වත් නැති උනාට හිමි හිමින් එනකොට පැය බාගයක් විතර යනවා. අනික එහා ගමටයි අපෙ ගමටයි තියන එකම බස් එක නිසා පොල් පටවලා වගේ සෙනග. නිකමට හිතලා බලාම්කො ඉතින් ඒ වගේ බස් එකක පැය බාගයක් විතර එනකොට තියන සැප. කියලා වැඩක් නෑ ඉතින් ඒ ගැන නම්. අවුරුදු හතරක්ම මේ කට්ට කාපු නිසා දැන් නම් ලොකු අවුලක් නෑ පුරුදුයි ඉතින්.

ඈතින් හිමීට හිමීට ඇදිලා යන රතු පාට පාන් බාගෙ බස් එක දිහා මූණත් අමුතු කරගෙන බලාගෙන හිටපු මම ගුරු පාරට හැරෙන තැනම තියන වෙලේ කඩේට ගොඩ උනේ කඩේ දාං අදින ගමන් හිටපු ගමේ සීයලා දෙන්නෙක්ටත් හිනාවක් දීගෙනමයි. මේ කඩේ වෙලත් එක්කම තියන නිසා හැමෝම කියන්නෙ වෙලේ කඩේ කියලා. අපේ ගමටම කියලා තියන එකම කඩේ තමා මේක. මේක නැත්තම් ඉතින් ටවුන් එකටම යන්න ඕනෙ මොනා හරි ගන්න. ටවුන් එක කිව්වට ඉතින් නගරේ තියනවා වගේ ලොකු ලොකු ශොපින් මෝල් වලින් පිරුන ටවුන් එකක් නම් නෙවෙයි. අත්‍යාවශ්‍යම දේවල් ගන්න පුලුවන් පොඩි ටවුන් එකක්.

” මේ අපෙ ආයු කොලුවනෙ… මම ඒත් බැලුවා කවුද කියලා…”

මාව දැක්කා විතරයි එහෙම කියපු මුදලාලි බුලත් කාලා රතුම රතු පාට වෙලා තියන දත් ටිකත් පෙන්නලා හිනා උනේ මාත් ආපිට හිනා වෙනකොට. හැමෝටම රත්නපාල මුදලාලි උන වෙලේ කඩේ මුදලාලි හිත හොද අවංක මනුස්සයෙක් උනා. කඩේ මහ ලොකු එකක් නොවුනත් ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න පුලුවන් තරමට කඩේ ලොකුයි.

” මොනවද ඕනෙ කොල්ලො..”

” අර චොකලට් එකක් දෙන්න මුදලාලි..”

” වෙනදා එකම නේද.”

මම මුදලාලිගෙන් චොකලට් එකක් ඉල්ලද්දි මුදලාත් ආපිට වෙනදා එකම නේද කියලා ඇහුවෙ මගෙ මූණෙ නිරායාසයෙන්ම හිනාවකින් පුරවලා.

” ඔව් ඔව් මුදලාලි. ඒක නැතුව ගෙදර ගියොත් මට ගේ ඇතුලට යන්න නෙවෙයි…”

” à·„à·„à·Š..හාහ්.. එහෙමයි එහෙමයි.. ආ මෙන්න කොලුවෝ..”

” බොහොම ස්තූතියි මුදලාලි… ගිහිල්ලා එන්නම්.”

” හොදමයි කොලුවෝ. රත්නත්තරේ පිහිටයි..”

මුදලාලිට සල්ලිත් ගෙවලා චොකලට් එකත් බෑග් එකේ දාගත්ත මම ගුරු පාර දිගේ හිමීට ගාටන්න පටන් ගත්තා. මේ පාර දිගෙ මීටර් තුන් සීයක් විතර යන්න ඕනෙ අපෙ ගෙදරට යන්න. පාර දෙපැත්තෙන්ම තියෙන්නෙ කුඹුරු. කොළම කොළ පාටින් දිලිසෙන කුඹුරු යාය දැක්කම හිතම නිවෙනවා. මම බෑග් එකේ තිබුන වතුර බෝතලෙන් වතුර ටිකක් අරගෙන බිව්වෙ ඉස්සරලා ඉදලම මාර වතුර තිබහක් තිබුන නිසා. වෙලාවත් එකට විතර ඇති නිසා පරිසරයේ තිබුනෙ ටිකක් තද රස්නයක්. ඒක නිසා වතුර තිබහා එනවා වැඩී.

විනාඩි දහයක් විතරම පයින් ආපු මම අන්තිමට නතර උනේ අපෙ පුංචි ගේ පොඩ්ඩ ලග. ලලිතා අම්මා අපි ලගට එන්න කලින් ජීවත් වෙලා තිබුනෙ මේ ගෙදර තමා. මේක එයාගෙ තාත්තගෙන් එයාට ලැබුන ගෙයක්ලු. ලලිතා අම්මා අපෙ ලගට වැඩට එනවත් එක්කම මේ ගෙදර පාලුවට ගිහිල්ලා තිබුනා. ඒක නිසාම අවුරුදු හතරකට කලින් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ගෙදර ජීවත් වෙන්න පටන් ගන්න පුලුවන් උනා. සාමාන්‍ය ප්‍රමානයේ සාලෙකුත් එක්ක,කාමර තුනකුයි, පොඩි කෑම කාමරේකුයි,කුස්සියයි එක්ක ගෙදරින් එළියට වෙන්න හදලා තිබුන නාන කාමරයක් එක්ක ටොයිලට් එකක් තිබුන ඒ ගෙදර අපිට ජීවත් වෙන්න හොදටම ඇති උනා. පරණ තාලෙට හදලා තිබුන ගෙයක් උන අපෙ ගෙදර හරිම ලස්සන වටපිටාවක තමා තිබුනෙ. වටේටම ගස් කොලන් වලින් වට උන අපෙ ගෙදරට පුංචි මිදුලකුත් තිබුනෙ නිදහස් පරිසරයක් උපරිමේටම දෙන ගමන් කිව්වොත් හරි.

” අම්මියේහ්හ්හ්හ්….”

මම ගෙදරට ඇතුල් වෙන්න ගේට්ටුවක් වෙනුවට දාලා තිබුන උණ බට තුනෙන් උඩම එක බිමට දාලා මිදුලට අඩිය තියනවත් එක්කම කෑ ගහගෙන මගෙ ලගට ආවෙ මගෙ ජීවිතේ වටිනම වස්තුව. මගෙ රත්තරන්..

” මගෙ මැනික. අම්මි නැතුව පාලු හිතුනද රත්තරන්…”

” ඔව්නෙ අම්මියේ. තේනු බබාට පාලු හිතුනලේ අම්මි ඇතුව.”

මාව දැක්කත් එක්කම දෙපැත්තට වැනි වැනී චූටි තාරා පැටියෙක් වගේ මගෙ ලගට දුවලා ආපු මගෙ වස්තුව මගෙ ඇගේ එල්ලිලම කේනු බබාට පාලු හිතුනා කියද්දි මම මගෙ වස්තුව වඩාගෙන ඒ චූටි මූණ පුරාවටම හාදු තිබ්බා.. වැලි නාලා මගෙ බිංකුංඩා. අනිවාරෙන් මම එනකල්ම මිදුලට වෙලා සෙල්ලම් කරන්න ඇති.

මගෙ මැණික, මගෙ ජීවිතේ , මීට අවුරුදු තුන හමාරකට කලින් මගෙ අත් අතරට ආපු මගෙ හුරතලේ, මාස නමයක් බඩේ තියාගෙන මේ ලෝකෙට බිහි කරපු මගෙ පුංචි කොලු පැටියා. නිකේන් සිතෙව් ආකිල් ගුණවර්ධන. චූටි කාලෙ ඉදලම හරි අහිංසක නිවුන චරිතයක් උන කේනු බබා රූපෙන් විතරක් නෙවෙයි, ගති ගුණ වලින් පවා එයාගෙ තාත්තා වගේ උනා. මගෙන් කියලා එයාට ගිහිල්ලා තිබුනෙ ඇස්වල පාට විතරක් වෙනකොට අනිත් හැමදේකින්ම එයා තේව්ගෙ කපාපු පලුවක් උනා.

නිකේන් සිතෙව් ආකිල් ගුණවර්ධන
අවුරුදු 03

” අලේ අම්මියේ. ඇතීලේ තේනු බබාට කුති අලේ…. à·„à·“… à·„à·“… “

මම ඒ මුණ පුරාවට හාදු තියද්දි දැනුන කිචියටම ද කොහෙද මේකා හයියෙන් හිනා වෙවී කෑ ගහලා ඇති කිව්වෙ මම ඒත් නවතින්නෙ නැතුව හාදු තියද්දි. අන්තිමට හිනා වෙලාම මගෙ පොඩි එකා තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා හිටියා.

” අම්මියේ… “

” කියන්න වස්තුවේ..”

” තේනු බබාත තොකලට් ගෙනාවෙ දෑ ද අලේ..”

හිනා වෙලාම රතු වෙලම හති වැටිලා මගෙ පපුවෙ ඔලුව ගහගෙන හිටපු මගෙ කොල්ලා හොරෙන් ඔලුව උස්සලා මගෙ දිහා බලන ගමන් කෝලමට කතා කරද්දිම මට තේරුනා මොනා ගැනද අහන්න යන්නෙ කියලා. අනේ ඉතින් මගෙ කපටි කෝලම. මගෙ බෑග් එක දිහත් හොරෙන් බලන ගමන් චොකලට් ගෙනාවෙ නෑද අහද්දි මම කොල්ලව වඩාගෙනම බෑග් එකේ දාගෙන හිටපු චොකලට් එක අරගෙන කේනුගෙ අතින් තිබ්බා. බලන්න එපැයි කොල්ලගෙ සතුට. ඒ වගේම බලන්න තිබුනා මම මේක අරගෙන ආවෙ නැත්තම්. හපොයි මට ආයෙ කඩේ යන්න තමා වෙන්නෙ. හැමදාම මම එනකොට චොකලට් එකක් ගේන්නම ඕනෙ නැත්තම් ඉවරයි ඉතින්. අඩලා එකම විකාරයක් කරනවා. පුරුදු වෙලා තියෙන්නෙ දැන්.

” අනෙ අනේ. ශෝක් අම්මයි පුතයි. අරහෙට ඇහෙනවා සද්දෙ. “

” අත්ත්ම්මියේ. මේන් තේනු බබාගෙ තොකලට් එක. අම්මි දෙනාවෙ.”

කේනු බබාවත් වඩාගෙන මිදුලට වෙලාම් කෝලම් කර කර හිටපු අපි දෙන්නටම කැ ගහගෙන කුස්සිය පැත්තෙ ඉදලා එළියට ආවෙ ලලිතා අම්මා. මේ අවුරුදු හතරටම කිසිම වෙලාවක මාව අත අරින්නෙ නැතුව මාත් එක්කම හිටපු මගෙ හෙවනැල්ල. මේ ගෑනු මනුස්සයා නැත්තම් මෙලහට මම මැරිච්ච තැන් වල ගසුත් පැල වෙන්න තිබුනා. වයසටත් වැඩිය වයසක් ලලිතා අම්මගෙන් පෙන්න තිබුනත් මාව පොඩි කාලෙ බලාගත්තා වගේම කිසිම වෙනසක් නොකර මගෙ දරුවවත් බලාගන්න හැටි දැක්කම මට එයා ගැන දැනෙන්නෙ ලොකුම ලොකු ගෞරවයක්.

” අනෙ අනෙ. වැලි ගොඩෙ නටලා නටලා දූවිලි පිටින්ම චොකලට් කන්නද ලෑස්ති ආ. ගුටි කන්නෙ නැතුව ගිහිල්ලා සෝදගෙන එන්නයි කිව්වෙ. “

” හුහ් මම තලායි..”

අපි ලගට ආපු ලලිතා අම්මා කොල්ලට සෝදගෙන එන්න කියනවත් එක්කම මගෙ අතින් දගලලා දගලලා බිමට බැහැපු කොල්ලා ලලිතා අම්මටත් ගස්සලා තරහයි කියලා ගේ ඇතුලට දුවලා ගියෙ මම හිනාව හිර කරගෙන බලාගෙන ඉද්දි. මෙකා එන්න එන්නම නසරානි වෙනවා අප්පා.

” කොල්ලා මොකද කරේ අම්මා.”

” ඔච්චර වෙලා ගේ පිටි පස්සට වෙලා මාත් එක්ක කෝම්පිට්ටු හද හද හිටියෙ පුතේ. ඔයා එනවා දැනිලද කොහෙද දුවගෙන ආවෙ ඔය. අනේ මංදා දරුවෝ ඔයා එන වෙලාව මේ කොල්ලට දැනෙනව ද කොහෙද වෙලාව ලං වෙනකොටම පාර බල බලනෙ ඉන්නෙ..”

” ඒක නම් ඇත්ත තමා අම්මා. මම මිදුලට අඩිය තියනකොටම කොහෙ හරි ඉදලා දුවගෙන එනව නෙ.”

” හරි හරි දැන් ගිහිල්ලා කොල්ලත් එක්කම සෝදගන්නකො. උදේ ඉදලා ඔය දූවිල්ලෙ නටන්නෙ. මම කෑම බෙදන්නම්.”

ලලිතා අම්මටත් ඔලුව වනලා මම කාමරේට ඇවිල්ලා ඇදගෙන හිටපු ඇදුම් ටික ගලවලා දාලා ටවල් එක පටල ගත්තා. එහෙමම මටයි කොල්ලටයි ඇදුම් දෙකකුත් ඇදෙන් තියපු මම එළියට ආවෙ කේනු බබාව හොයාගන්න. මම එලියට එනකොට මගෙ කොල්ලා එයාගෙ සෙල්ලම් කාර් එකකුත් අතේ තියාගෙන ලලිතා අම්මට ලොකු දෙයක් කියනවා. තාම නමවත් හරියට කියා ගන්න බෑ මගෙ කොලු පැටියට. ඒ උනාට කරන්නෙම පන්ඩිත වැඩ.

” වස්තුව එන්න මැණික අපි wash දාගෙන එමු. හඩු පැටියෙක් වෙලා නෙ මගෙ සත්තලන්.”

” තේනු බබා අඩු පැතියෙක් එලා නෑනෙ අම්මියෙ. තේනු බබා සූදයි. ඒත නිසා වොත් දාන්න ඕනි නෑ අලේ. “

ලලිතා අම්මා ලග හිටය කොල්ලව වඩාගෙන මම wash දාන්න යමු කියනවත් එක්කම මගෙ කම්මැලියා සෝදගන්න බෑ කිව්වෙ මූණත් අමුතු කරගෙන දුක හිතෙන මූණක් දාගෙන. කපටියා මගෙ. හිතා ගෙන ඇති මම අහු වෙයි කියලා මේකගෙ මායම් වලට..

” කමක් නෑ. කමක් නෑ. සෝදගෙන එමුකො අපි හලිද. සෝදගත්තෙ නැත්තම් චොකලට් දෙන්නෙ නෑ. “

°°°°°°

කේනුවත් සෝදලා මාත් සෝදගෙන බත් ටිකකුත් කාපු මම හිටියෙ කෑම මේසෙට වෙලා මගෙ පොඩි උන්ගෙ පොත් වගයක් බලන ගමන්. ඔව් ඔව් මගෙ පොඩි උන් ගෙ. මම දැන් ටවුන් එකේ පෙර පාසලක උගන්නනවා. මගෙ සුදුසුකම්වලට ගැලපෙන ජොබ් එකක් මේ පැත්තෙන් හොයා ගන්න බැරි උනා වගේම හැමෝගෙන්ම හැංගිලා ඉන්න මේ ජොබ් එක නිසා ගොඩක් දුරට පුලුවන් උනා. හැමදාම උදේට තියන පාන් බාගෙ බස් එකේ ටවුන් එකට ගිහිල්ලා දවල් එකොලහ හමාර වෙනකන්ම මම ඉන්නෙ කේනු වගේම පොඩි පොඩි කෙල්ලො කොල්ලො ගොඩක් එක්ක. එයාලත් එක්ක ඉද්දි කාලෙ ගෙවෙන්වා දැනෙන්නෙවත් නැති තරම්. ආයෙ මම ගෙදර එනකොට දවල් එක විතර වෙනවා. එතකන්ම මගෙ කොල්ලා ඉතින් ලලිතා අම්මා එක්ක තමා ඉන්නෙ. ලොකු පඩියක් ලැබුනෙ නැති උනත් කේනුවයි ලලිතා අම්මටයි අඩුපාඩුවක් නොවෙන්ම බලාගන්න මම උපරිම උත්සහ කරා. හවසට ගෙදර ඉන්න ටිකට මම අමතර වැඩත් කරා. මොකද පෙර පාසලේ ඉගැන්නුවා කියලා මට ලොකු පඩියක් ලැබුනෙ නෑ. සමහර දවස් වලට මායි ලලිතා අම්මයි නොකා කේනුට විතරක් කන්න් දුන්න අවස්තා ඕනෙ තරම් තියෙන්න ඇති. මම විතරක් නෙවෙයි ලලිතා අම්මා පවා පුලුවන් පුලුවන් විදිහට අමතර වැඩ කරා. කොච්චර අඩු පාඩු අමාරුකම් තිබුනත් මට ඕනෙ නෑ මගෙ දරුවට ඒ දේවල් දැනෙනවට. මට ඕනෙ මගෙ දරුවට හොද්ම දේ දෙන්න් වගේම. මම හැමවෙලාවෙම ඒක කරන්න උත්සහ කරනවා.

” අම්මියේ. තුත්තු තුත්තක් දෙන්නතෝ. තේනු බබාත බඩගිනි එලානෙ.”

” අනෙ අනෙ මගෙ දග බෝලෙට බඩගිනි එලා ද.. ආ. “

” ඔව් නෙ අම්මියේ…”

මේසෙට වෙලා පොත්වල අඩු පාඩු බලන ගමන් හිටිය මගෙ අවදානය බිදිලා ගියෙ මගෙ කොල්ලා ඇවිල්ලා මගෙ අතකුත් බදාගෙන බඩගිනි කියපු නිසා. මම එහෙමම බැලුවෙ මගෙ වස්තුවගෙ මූණ දීහා. මේකට මේ බඩගිනි වෙලා නෙවෙයි නිදිමතත වෙලා ඉන්නෙ. උදේ ඉදලා නටලා නටලා දැන් නිදිමත වෙලා. එයාගෙ දවල්ට නිදියන වෙලාවත් හරි නිසා මම පොත් ටික එහෙමම තියලා මගෙ කොල්ලව වවා ගත්තා. අනේ මගෙ කොල්ලා නිදි කිරා වැටෙනවා. මම ලලිතා අම්මටත් කියාගෙන කාමරේට ඇවිල්ලා කොල්ලත් එක්කම ඇදෙන් හාන්සි උනා.

” ම්හ්.. අම්මියෙ. තුත්තු ඕනීහ්..”

” හලි හලි මගෙ පුතු දොයන්න..”

ඇදට ඇවිල්ලා හාන්සි වෙනවත් එක්කම මගෙ කොල්ලා මගෙ ශර්ට් එක අස්සට අත දාගෙන අඩන්න කට හද හදම කුක්කු ඉල්ලන්න් ගත්තා වගේම මම ඉක්මනට ශර්ට් එකේ බොත්තම් පන්නලා මගෙ නිපල් එක කේනුගෙ කටට ලං කරා. නිපල් එක කට අස්සට ඔබාගෙන මැෂින් එකක් වගෙ කිරි උරන්න ගත්තෙ මම හිනා වෙලා මගෙ කොල්ලා දිහා බලාගෙන ඉද්දි. ඇති කිරියකුත් නෑ උරනවා දාගෙන. දැන් කිරි එරෙන එක නැවතිලා ටික කාලයක් උනත් මේ කොල්ලට කුක්කුව කටේ ගහ ගත්තෙ නැත්තම් නින්ද යන්නෙ නෑ. කෝලමක් වෙලා තියෙන්නෙ.

මම බලාගෙන හිටියෙ එයාගෙ ෆොටො කොපියක් වගේ ඉන්න මගෙ කොල්ලා දිහා. මගෙ කොල්ලව දකින දකින ගානට එයාව මතක් වෙන එක මට මේ වෙනකම් නතර කරගන්න බැරි උනා. කොච්චර අමතක කරනවා කියලා හිතුවත් මේ අවුරුදු හතරට එයාව මතක් නොවුන දවසක් නැතුව ඇති දෙවියනේ. සමහර විට එයාට මාව දැන් මතකත් නැතුව ඇති. මම එයාගෙ දරුවත් එක්ක මෙහෙම් දුක් විදිනවා කියලවත් එයා දන්නෙ නැතුව ඇති. දරුවා නිසා කොච්චර හිනා වෙලා හිටියත් තේව්ව මතක් වෙන හැම වෙලාවෙම මම කඩාගෙන වැටුනා. මේ ගෙවුන කාලෙ පුරාවටම මම අඩපු නැති දවසක් නැතුව ඇති. සමහර විට එයා දැන් වෙන කෙනෙක්ගෙ වෙලත් ඇති.

මම දන්නෑ මගෙ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඒත් මට දැන් තියන එකම අරමුණ මගෙ දරුවට හොද අනාගතයක් හදලා දෙන එක විතරයි. මම දන්නවා මට පුලුවන් මගෙ දරුවට ලස්සන අනාගතයක් හදලා දෙන්න. දැන් මට වෙන කාගෙන්වත් වැඩක් නෑ. දැන් මගෙ ජීවිතේ වටිනම වස්තුව මගෙ ලග තියෙනවා. කාටවත් බෑ මාව වට්ටන්න.

” අම්මා ආදරෙයි මගෙ වස්තුවට..”

මගෙ නිපල් එකකුත් කටේ ගහගෙන සැපට නිදාගෙන ඉන්න මගෙ පුංචි හා පැටියගෙ නලලට හාදුවක් තියලා එහෙම කියපු මම ඇස් දෙක පියා ගත්තෙ මගෙ කොල්ලත් නින්දෙන්ම තව ටිකක් මගෙ අස්සට එනකොට.

______________________________________

• අවුරුදු හතරකුත් ගෙවිලා ඉතින්….

• තේව් මොනවා කරනවා ඇති ද…?

• ආයුගෙ අලුත් ජීවිතේ ගැන මොකද හිතන්නෙ…?

• මට දැන් නම් හොදටම හොදයි කෙල්ලනේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි…. ❤️❤️

• මගෙ කතාව කියවන, vote කරන, comment කරන හැමෝටම ස්තූතියි… ඒ වගේම හැමෝටම ආදරෙයි… ❤️💚

• මම reply නොකරට ඔයාලගෙ හැම comment එකක්ම හරි ආසාවෙන් කියවනවා ලමයිනෙ. Thank you so much ඒ දෙන ආදරේට. 🥺❤️

• ඉක්මනින් ඊලග කොටසින් මුණ ගැහෙමු

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 33, novel À¶†À¶ºà·” (Completed) Âœ” 33, read À¶†À¶ºà·” (Completed) Âœ” 33 online, À¶†À¶ºà·” (Completed) Âœ” 33 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 33 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 33 light novel, ,

Comment

Leave a Reply

Chapter 33