À¶†À¶ºà·” (Completed) Âœ” 37

A+ A-

තාම උදේ හතටවත් නැති නිසා ලා ඉර එළියකුත් එක්ක අවට තිබුනෙ හරි නිස්කලංක ලස්සනක්. හීතල හුලං එක්ක, මීදුමෙන් වට වුන කදු පංති, රන්වන් පාටින්  බබලන කුඹුරු යායවල් අතරින් උදේම ඇවිදගෙන යනවා කියනන්නෙ ඒක ඇත්තටම වෙනස්ම අත්දැකීමක් කිව්වොත් මම වැරදි නෑ. නගරෙ මිනිස්සුන්ට විදින්න බැරි  මේ ලස්සන හැගීම අවුරුදු හතරක ඉදලා විදින්න තරම් මම වාසනාවන්ත උනා.මේ කොළ පාට ලෝකෙ තනිකරම දිව්‍ය ලෝකයක්. හිත නිවන දිව්‍ය ඖෂධයක්.

” වැඩත් එක්ක පුතාව එක්කන්  ගිහිල්ලා බලාගන්න පුලුවන් ද අයියේ..”

මෙච්චර වෙලාම අවට ලස්සන විදින ගමන් ගෙවුන අවුරුදු හතර ගැන කල්පනා කර කර හිටපු මම මේ ලෝකෙට ආවෙ ඉදුවර මල්ලි කතා කරලා අහපු ප්‍රශ්නෙ නිසා.

” ඔව් මල්ලි අවුලක් නෑ. වැඩිය දගලන දරුවෙකුත් නෙවෙයි නෙ. සමහර දවස්වලට මම එක්කන් යනවා නේ එතකොට පාඩුවෙ ඉන්නවා. තව යාලුවොත් ඉන්නවා නෙ. “

” එහෙනම් කමක් නෑ.”

දවස් දෙකක නිවාඩුවට පස්සෙ ආයෙත් සුපුරුදු රැකියා ජීවිතේට පය ගහපු මායි ඉදුවර මල්ලියි ඉන්නෙ ගුරු පාර දිගේ බස් එක අල්ල ගන්න යන ගමන්. මායි ඉදුවර මල්ලියි කිව්වට මොකද කේනුත් ඉදුවරගෙ අතේ එල්ලිලා අපිත් එක්ක එනවා. ඔව් ඔව් අද කේනුත් මාත් එක්ක පෙර පාසල් යනවා. යනවා නෙවෙයි යන්න වෙනවා. මොකද උදේ නැගිටිනකොට ලලිතා අම්මට පොඩි කකුල් කැක්කුමක් අල්ලලා තිබුනා. ලොකු අමාරුවක් නැතත් පොඩ්ඩක් කකුල ඉදිමිලා තිබුන නිසා මට කේනුව දාලා එන්න හිතුනෙ නෑ. මොකද කේනුව දාලා ආවා නම් අම්මට එක තැනකට වෙලා ඉන්න වෙන්නෙ නෑ. මේ කොල්ලා වද දෙනවා නෙ. සෙල්ලම් කරන්නයි එයත් එක්ක එහෙට මෙහෙට දුවන්නයි ගියා නම් අනිවාරෙන් ලලිතා අම්මගෙ කකුල වැඩි වෙනවා. ඒක නිසාම මම කොල්ලවත් ලෑස්ති කර ගත්තෙ මාත් එක්ක එක්කන් යන්න. ලලිතා අම්මා නම් කිව්වෙ තියලා යන්න එයාට ලොකු අමාරුවක් නෑ කියලා. ඒත් එයා කිව්වට ඉතින් එහෙම පුලුවන් ද. ගෙදර තිබුන බෙහෙත් තෙල් ටිකකුත් ගාලම තමා ආවෙ. අඩු උනෙ නැත්තම් වෙද ගෙදරට එක්කන් යනවා හවස. ලොකු අමාරුවක් නම් නෑ කිව්වා. බලමුකෝ.

මම ඒත් එක්කම බැලුවෙ මගෙ මී පැටියා දිහා. එයාගෙ පොඩි බෑග් එකත් කරේ දාගෙන, වතුර බෝතලේකුත් බෙල්ලෙ එල්ලගෙන චූටි තාරා පැටියෙක් වගේ කොල්ලා ඉදුවරත් එක්ක හුරතල් වෙවී එනවා. මේ කොල්ලට ඉදුවර ඉන්නවා නම් අම්මව ඕනෙත් නෑ. පුදුම කෝලම් තියෙන්නෙ. අද ඉස්කෝලෙ යන නිසා පුදුම ආසාවකින් ඉන්නෙ මගෙ පණ්ඩිතයා. කලිනුත් මේ වගේම දවස් දෙක තුනකම එක්කන් ගිය නිසා එයාට එතන හොදට හුරුයි. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. කොහොමත් එයා වැඩිය දග ලමයෙක් නෙවෙයි නිසා කරදරයක් නෑ.

” මට යන්න බෑ වගේ හලෝ..”

මෙච්චර වෙලාම හිමි හිමින් ඇවිදගෙන ආපු ඉදුවර මල්ලි එක පාරටම නතර වෙලා අපිට අඩි දහයක් විතර ඈතින් තියන ගේ දිහා බලාගෙන එහෙම කියද්දි මටත් ඉබේටම හුස්මක් පිට උනා. ඒත් එක්කම මට බැලුනෙ මගෙ අතේ තිබුන බෑග් එක දිගා. ම්ම්ම් කෑම පාර්සල් හතරක්. ඔව් ඔව් තේව්ටයි එයාගෙ යාලුවොන්ටයි තමා. අද වෙනදට වැඩිය ටිකක් කලින් ආවෙත් මේක නිසා තමා. ඊයෙ රෑ උන දේත් එක්ක මම හිතුවෙ ආය කැම එපා කියයි කියලා උනත් ඊයෙ රෑම ලලිතා අම්මට කැලුම් අයියා කෝල් කරලා කියලා තිබුනා එයාලා දිගටම කෑම ඉල්ලුවා ඒක නිසා මග අරින්නෙ නැතුව කෑම ටික දෙන්න කියලා. ලලිතා අම්මා උන කිසිම දෙයක් දන්නෙ නැති නිසා හා කියලා. කොහොමත් අපි කලින් ඉදලා කෑම දෙන්න පොරොන්දු වෙලා නෙ හිටියෙ. ඒක නිසා හා කියලා. ලලිතා අම්මා තාම දන්නේ නෑ ඒ ගෙදරට ඇවිත් ඉන්නෙ තේව්ලා කියන්න. දන්නවා නම් මොනවා කරයි ද දන්නෑ. කෑම දෙන්නත් බෑ කියයි අනිවාරෙන්. කොහොමත් එයාම දැන ගන්න කලින් මේක ගැන කියන්න ඕනෙ. නැත්තම් ඉවරයි.

” මොනවා කරන්න ද මේක දෙන්නම එපැයි ඉතින්…  මොනවා කිව්වත් ඇහුනෙ නෑ වගේ සද්ද නැතුව මේක දීලා එමු.”

” හාකෝ..”

මම ඉදුවරට යමු කියාගෙන ඉස්සර වෙලා ගිහිල්ලා ඒ පොඩි ගේට්ටුව ඇරියා. ගේට් එක අරිද්දිම මම දැක්කෙ මිදුලේ පැත්තකට වෙන්න තිබුන අඹ ගහක් යට හදල තිබුන සිමෙන්ති බංකුවල ඉදගෙන තේ බොන යාලුවො හතර දෙනාව. ඊට මෙහා පැත්තෙ  බයික් දෙකක් නවත්තලා තිබුනා. ඒ බයික් දෙකෙන් එකක් අදුර ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. තේව්ගෙ බයික් එක. ඉස්සර එයාට තුරුල් වෙලා නුවර හැමතැම රවුම් ගැහුව තේව්ගෙ princess. මට ලොකු හුස්මක් පිට උනා. ගේට්ටුව ඇරෙන සද්දෙටද කොහෙද එයාලා හතර දෙනාම අපෙ දිහා බැලුවා වගේම මෙච්චර වෙලා සතුටින් හිටිපු කේනු මනුලව දැක්කා විතරයි බය වෙලා මගෙ පිටි පස්සෙ හැංගුනා. එයාට මතක ඇති ඊයෙ රෑ උන දේවල්. කොල්ලා බය වෙලා කියලා තේරිල ද කොහෙද ඉදුවර ඉක්මනට කොල්ලව වඩා ගත්තා.

මට නම් හිතන්නෙ හැමදේම දැන ගෙනත් එයාලා අපෙන්ම කෑම ඉල්ලුවෙ අපෙන් පළි ගන්න ඕනි නිසා කියලා. නැත්තම් ඉතින් මෙච්චර දෙයක් වෙලා තියෙද්දි අපෙන් කෑම ඉල්ලයි ද.

මම එහෙම හිත හිතම එයාලා හිටපු තැනට ගියෙ හිතේ දෙගිඩියාවෙන්. ඇත්තටම කැලුම් අයියට හොද නැති නිසා ඇරෙන්න මේ ගමන එන්න මගෙ කිසිම කැමැත්තක් තිබුනෙ නෑ. අපි එක පාරටම බෑ කිව්වොත් කැලුම් අයියට නරක නාමෙ වැටෙන නිසාමයි මම ආවෙ. ඉදුවරගෙ උනත් කිසිම කැමැත්තක් තිබුනෙ නෑ ආයෙත් මෙහෙ එන්න. ලලිතා අම්මට විස්තරේ කියලා ආයෙ කෑම දෙන්න බෑ කියන්න ඕනෙ. එතකොට හරි.

” අම්මට සිරි. අයියයි මල්ලියි එකටමයි නේ. අමො අමො ඉස්සර හිටියෙ කොහොම ද. හාහ් හා…GW එකේ අයිතිකාරයා නේද මේ බත් අදින්නෙ දැන්.. à·„à·„à·Š හාහ් හා… “

මම එයාලා ලගට යනවත් එක්කම අර මනුල කියන එකා කෑ ගහන්න ගත්තා වගේම ඌ හිනා වෙවී කියපු දේත් එක්ක මට ආවෙ දරාගන්න බැරි තරහක්. මේ වගේ උන් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා දන්න නිසාම මම කට වහගෙන එයාලට ඉස්සරහින් හිට ගත්තා. තේව් ඉන්නවා මගෙ දිහාට කියව ගන්න අමාරු බැල්මක් දාගෙන.  මනුලයි අනිත් කොල්ලයි අපි දිහාවට කින්ඩි බැල්මක් දාගෙන හිටියත් රනිශ්ක මල්ලිගෙ බැල්ම තිබුනෙ මට පිටිපස්සෙන් හිටගෙන හිටිය ඉදුවර මල්ලිට කියන එක හොදට තේරුනා. ඒ ඇස් වල තිබුනෙ අමුතු දිස්නයක්.

” මහත්තයා මේ කෑම..”

” හ්ම්ම් තියලා යනවා.. සල්ලි ගැන පස්සෙ කතා කරගමු..”

එයාලගෙ ඉස්සරට වෙලා ටිකක් වෙලා හිටියත් කිසිම කෙනෙක්ගෙන් සද්දයක් නැති නිසාම මම කතා කරලා කෑම එක පෙන්නුවා. මම කියලා ඉවර වෙනවත් එක්කම මගෙ අතේ තිබුන කෑම එක මේසෙ උඩින් තියන්න කියලා ඇස් වලින් පෙන්නපු තේව් සීතල කටහඩකින් කින්ඩියට වගේ සල්ලි ගැන පස්සෙ කතා කරගමු කියද්දි මට හිතුනෙම ඒ බත් එකෙන්ම දමලා ගහන්න. මම හිතුවා හරි මෙයාලා අපෙන් කෑම ඉල්ලලා තියෙන්නෙ පලිගන්න තමා. අපිව පහත් කරන්න වෙන්න ඇති ඕනෙ මෙයාලට.

” ඇත්තටම සමාවෙන්න මහත්තයා. අපිට ආයෙ කෑම දෙන්න විදිහක් නෑ. ඒක නිසා පුලුවන් නම් කෑම ගන්න වෙන තැනක් හොයා ගන්න. “

තේව් අර විදිහට කතා කරපු නිසා හිතට ආපු දුකකුත් එක්කම මම තරහෙන්ම එහෙම කියලා දැම්මා. මට ඕනෙ උනේ නෑ ඒක මෙහෙම කියන්න ඒත් එයා කතා කරපු විදිහට මට තරහා ගියා. ඒකයි මම කෙලින්ම කිව්වෙ. ඒක කියනවත් එක්කම මම දැක්කා තේව් මූණ අමුතු වෙලා යනවා. හිතේ ඇති අපිට කියලා බත් ගෙන්නගෙන අපිව චාටර් කරන්න. අනේ උම්බර් හැමනියන් කුඩු මහත්තයා.

” එහෙම කියන්නෙ කොහොම ද. ඔයාලා පොරොන්දු උනා නම් දිගටම කෑම ගෙනත් දෙන්න. මේ හදිසියේ අපි වෙන තැනක් කොහෙන් හොයා ගන්න ද. අපිට දිගටම කෑම ඕනෙ. Got it. “

මම කෑම දෙන්න බෑ කියද්දි එක පාරටම පයර් උනේ මනුල කියන ගස් බල්ලා. මම ඌ දිහාවට දැම්මේ don’t care look එකක්.

” බලමුකො. යන්නම් මහත්තයා.”

මම එහෙම කියලා කෑම ටිකත් සිමෙන්ති මේසෙ උඩින් තියලා එන්න ආවා. හැබැයි මොනවා උනත් එයාලගෙන් කිසිම සද්දයක් තිබුනෙ නෑ. මොකක් හරි හේතුවක් නිසා අර මනුල කියන එකාගෙත් කට අද වැහිලා තිබුනා. දැකපු ගමන් කිව්ව කට කැඩිච්ච කතාව විතරයි. මම හිතුවෙ අපිව දැක්ක ගමන් ඊයෙ වගේම කැඩිච්ච රේඩියෝ එක වගේ කියවයි කියලා. ඇත්තටම ඒ කට වැහිලා තියන එක නම් ලොකු සහනයක් උනා.

කොහොමත් කෑම දෙන්න බෑ කිව්වට දෙන්න වෙයි. බලමුකෝ.  මම  හැරිලා ඉදුවර දිහා බලද්දි තමා දැක්කේ ඒකත් රවාගෙන අර සෙට් එක දිහා බලාගෙන ඉන්නවා කියලා. තරහටම ද මංදා මූණත් එක්ක රතු වෙලා. ඒ මූණ දැකලා යන්න ආපු හිනාව මම නතර කර ගත්තෙ පුදුම ගේමක් දීලා. මම එයාටත් ඇස් වලින්ම යමු කියාගෙන ආයෙත් යන්න හැරුනා. මගෙ කොල්ලා නම් ඉන්නවා ඉදුවරගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන. වෙනදට කෝච්චිය වගේ කියවන කොල්ලගෙ අද සද්දයක්වත් නෑ එයාට තාම බය ඇති.

” අයුක්ෂ..”

මම ගේට්ටුව අරින්න අත තියනවත් එක්කම ගැඹුරු කට හඩකින් මගෙ නම කියනවා ඇහුනා වගේම ඒ කියපු නමත් එක්ක මගෙ පපුවෙ කොනක් රිදෙන්න ගත්තා. මගෙ තේව් අපි දෙන්නා සම්බන්දෙ පටන් ගත්තත් හරි මගෙ නමින් කතා කරලා තිබුනේ නෑ. ඇත්තටම එයාගෙ කටින් ඒ විදිහට මගෙ නම පිටවෙනවත් එක්කම අයිතියක් නැතත් මට සියුම් දුකක් දැනුනා.  හොද හුස්මක් ගත්තු මම පිටි පස්ස හැරිලා බැලුවෙ තේව් මට කතා කරේ ඇයි බල්න්න. මම බලනවත් එක්කම දැක්කෙ අත් දෙකත් පපුවට බැදගෙන මගෙ දිහා සීතල බැල්මකින් බලාගෙන එයාව. එයා ඇදලා හිටපු ආමි කට් එකෙන් පෙනුන අත් ගොබ නිසා මට  ලොකු ආසාවක් ආවා ඉස්සර වගේ ඒ අත් අස්සට වෙලා ඉන්න. ඒත් මම ඉක්මනට ඔලුව දෙපැත්තට ගසලා ඒ හැගීම අමතක කරලා දැම්මෙ ඒ දේවල් කිසිම දෙයක් දැන් මට අයිති නෑ කියලා දන්න නිසාමයි. එයාව දැන් මට අයිති නෑ බං.. මගෙ හිත කිව්වෙ එහෙම.

” කැහ්ම්.. පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද..”

” ඔව් පුලුවන් කියන්න..”

එයාගෙ දිහා බලාගෙන හිටපු මගෙ දැහැන බිදිලා ගියෙ එයා උගුර පාදලා මගෙන් පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද කියලා අහපු නිසා. පොඩි කාලේ ඉදලා කතා කරන්න පුලුවන් කියලා කියන්න හිතුනත් මම බොරු හිනාවක් දීලා පුලුවන් කිව්වෙ ඉදුවර මගෙ දිහා මරන් කන්න වගේ රවාගෙන බලාගෙන ඉන්නවා කියලා පෙනි පෙනිමයි.

” තනියම කතා කරන්න ඕනෙ.”

” තනියම කතා කරන්න දෙයක් නැ මහත්තයා. කියන්න තියන දෙයක් මෙතනම කියන්න..”

තේව් එක පාරටම තනියම කතා කරන්න ඕනෙ කියද්දි ඒකට තරහා ගියපු ඉදුවර තනියම කතා කරන්න දෙයක් නෑ කියද්දි මම දැක්කා ඒ අත් මිටි මෙලවෙනවා. අනේ අපි නම් බය වෙයි. ඒ වගේම මම දැක්ක තව දෙයක් තමයි එයාගෙ බැල්ම කීප සැරයක්ම කේනුට වැටෙනා කියන එක. එයාගෙ ඇස් අපි මෙතනට ආපු වෙලාවෙ ඉදලම ගොඩක් සැරයක් කේනු ලග නැවතුනා කියන එක මම හොදාකාරවම දැක්කා.

” මම කිව්වෙ මට තනියම කතා කරන්න ඕනෙ කියලා. තමුන්ට ඒක තේරුනේ නැද්ද..”

ඉදුවර දිහා කේන්තියෙන් බලාගෙන හිටපු තේව් දත්මිටි කන ගමන් එහෙම කිව්වෙ එයාගෙ කේන්තිය උපරිම පාලනය කර ගන්න උත්සහ කරන ගමන් කියලා හොදටම තේරුනා. ඒත් ඉතින් අපෙ ඉදුවර ගේම අත අරීද…

” අනේ මේ මහත්තයා කියන්න තියන දෙයක් මෙතනම කියන්න. බැරි නම් නිකන් ඉන්න.  විකාර කර කර ඉන්නෙ වෙලාවක් නෑ. අපිට වෙලා යනවා. මේ කොල්ලත් බය වෙලා ඉන්නෙ. වරෙන් අයියේ යන්න. “

හරිනෙ බෝම්බෙ පිපුරුනා. තේව් දිහාවට ඇගිල්ලකුත් දික් කරගෙන බැනපු ඉදුවර මාවත් ඇදගෙන එන්න ආවෙ තේව්ටයි ඊට පිටි පස්සෙන් හිටපු එයාගෙ සගයෝ තුන් දෙනාටයි පුලුවන් උපරිම එකෙන් රවලා. මටත් තේව් එක්ක තනියම කතා කරන්න දෙයක් තිබුනෙ නැති නිසා ඉදුවරගෙ පස්සෙන් ගියා. මට ඕනෙ නෑ එයත් එක්ක කතා කරන්න.

අන්තිමට ඉදුවර මාව අත ඇරියෙ වෙලේ කඩේ ලගටම ආවට පස්සෙ. මේකා එනකල්ම කරේ අරු හතර දෙනාට දෙහි කපපු එක කිව්වොත් හරි. මට ඉතින් හිනා මේ කොල්ලගෙ වැඩ වලට.

” මගෙ මැණික.. කෝ අම්මි දිහා බලන්න පුතු..”

මෙච්චර වෙලාම සද්දයක් නැතුව ඉදුවර අතේ හිටපු කොල්ලව මගෙ අතට අරගෙන මම කොල්ලට කතා කරේ ඊයෙ වගේ නැතත් කොල්ලා බය වෙලා ඉන්නෙ කියලා තේරුන නිසා. මගෙ අතට ආපු කොල්ලා මම කතා කරනවත් එක්කම මූණ උස්සලා මගෙ දිහා බැලුවා. ඒ මූණ මැලවිලා ගිහිල්ලා.

” කෝ කෝ අම්මිගෙ පණ… මගෙ චන්ඩියා බය උනා ද..”

” නෑ නෑ අලේ. අම්මිදෙ තන්දියා බය නෑ. තේනු ඊස් ඒ ස්තෝන්ග් බෝයිලෙ අම්මි.”

” ඒකනේ ඒකනේ.. අම්මිගෙ චන්ඩියා නේ මේ ඉන්නෙ.”

කොහොම හරි කොල්ලගෙ මූඩ් ෆික්ස් කරගන්න පුලුවන් උනා. ඊට පස්සෙ වෙනදා වගේම මායි ඉදුවරයි එක්ක කෝලම් කර කර හිටියා.

.

.

.

” මගෙ මැණික.”

පුංචි ඩෙස් එකකට වෙලා චිත්‍රයක් පාට කරන ගමන් හිටපු කොල්ලා ලගට ගිහිල්ලා ඔලුව අත ගාලා කතා කරද්දි මෙච්චර වෙලාම චිත්‍රෙට අවදාන දීගෙන හිටපු කොල්ලා මගෙ දිහා බැලුවා. දැන් වෙලාව දොලහා පහු වෙලා නිසා බබාලා හැමෝම ගිහිල්ලා කේනු විතරයි පංතියටම හිටියෙ.

” යමු ද පුතු..”

” හලි අම්මී…”

” පුතුගෙ බඩු ටික බෑග් එකට දාගන්නකො අම්මි ඉක්මනට එන්නම්.”

කොල්ලා එයාගෙ බඩු ටික බෑග් එකට දාගන්න දිහා බලාගෙන හිටපු මම අත්සන් කරන්න ඕනි පොතෙ අත්සන් කරලා ලොකු ටීචට ලගට ගිහිල්ලා මම යනවා කියලා ආවා. එයා නම් ටිකක් වයසයි මම වැඩ කරන්නෙ එයාගෙ යටතේ තමා. ගමක් නිසා ලොකු ලමයි පිරිසක් නෑ. ඒක නිසා මම තමා බබාලට උගන්නන්නෙ. ලොකු ටීච වැඩ බලනවා විතරයි.  එයාටත් කියලා එනකොට මගෙ චන්ඩියා ඉන්නවා බෑග් එකත් දාගෙන දොර ලගට වෙලා හිටගෙන. අනේ ඉතින්. තව ටික දවසකින් මගෙ කොල්ලත් අනිත් බබාලා වගේම යුනිෆෝම් එක දගෙන පෙර පාසල් එයි නේද. අනේ මගෙ කොල්ලා දැන් ලොකුයි දෙයියනේ. ඒ උනාට මට දැනෙන්නෙ ඊයෙ පෙරේදා කොල්ලව ඉස්සෙල්ලාම මගෙ අතට ගත්තා වගේ හැගීමක්.

” යමු මැණික..”

මම කොල්ලා ලගට ගිහිල්ලා කොල්ලව වඩා ගත්තා. කොල්ලා හඩු නාලා ඉන්නෙ. අද දවසම අක්කලා අයියලා එක්ක සෙල්ලම් කරපු එක තමා මේ කොල්ලා කරේ. මෙතන ඉන්නෙත් කේනුට වැඩිය අවුරුද්දක් දෙකක් වැඩිමල් බබාලා නිසා කේනුට ඉන්න අපහසුවක් උනේ නෑ. අද දවසම කොල්ලා අක්කලා අයියලා කරපු හැමදෙයක්ම කරා. අකුරු ලියන්න බැරි උනත් එක එක කුරුටු බලි ලිය ලිය හිටියා පොත් වල. අද කොල්ලා හරි සතුටින් හිටියෙ. කේනුගෙ වයස බබාලා ගෙවල් පැත්තෙ  නැති නිසා කොල්ලට සෙල්ලම් කරන්න් කවුරුත් නෑ.  මෙහෙ එක්කන් ආපුහම හරි සතුටුයි ඉතින්. ලග බබාලා දෙන්නෙක් ඉන්නවා එයාලා කේනුට වැඩිය අවුරුදු තුන හතරක්ම වැඩිමල්. එක දවසක් සෙල්ලම් කරන්න ගිහිල්ලා කොල්ලට තාත්තා නෑ කියලා එක එක ඒවා කියලා.  මම හිතන්නෙ එයාලගෙ අම්මලා කියන දේවල්. ගෙදර ඇවිල්ලා ඇඩුවා. හැබැයි කේනු පොඩි නිසාම ඒක අමතක වෙලා ගියා පහුවදා. ඊට පස්සෙ මම ආයෙ කොල්ලව එයාලත් එක්ක සෙල්ලම් කරන්න යැව්වෙ නෑ.

මම කේනුත් එක්කම බස් හෝල්ට් එකට ඇවිත් හිටගෙන හිටියෙ බස් එක එනකම්. අද නම් රස්නෙ වැඩී අප්පා. කොහොමත් තව විනාඩි පහලවක් විතර තියනවා බස් එක එන්න. කොහොමත් ඒක වෙලාවට එන්නෙ නෑ අප්පා. හැමදාම වෙලා යනවා එන්න.

ඒත් එක්කම අපිට ඉස්සරහින් පාරෙ එහා පැත්තෙ බයික් එකට හේත්තු වෙලා හිටපු කෙනා දැකලා මගෙ ඇස් දෙක ලොකු උනා…..

___________________________________________

• o/l results ආවා නේද ලමයි. Results ආපු මගෙ නංගිලා ඉන්නවා නම් හැමෝටම  සුභ පැතුම් කෙල්ලනේ. All the best all… ❤️

• තෙව්ට තනියම කතා කරන්න ඕනෙලු ඕන්… මම නම් දන්නෑ ඕවා..

• ආයු කාවද අන්තිමට දකින්න ඇත්තෙ…?

• මගෙ කතාව කියවන, vote කරන, comment කරන හැමෝටම ස්තූතියි …ඒ වගේම ආදරෙයි… ❤️💚

• ඉක්මනින් ඊළග කොටසින් මුණ ගැහෙමු…

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 37, novel À¶†À¶ºà·” (Completed) Âœ” 37, read À¶†À¶ºà·” (Completed) Âœ” 37 online, À¶†À¶ºà·” (Completed) Âœ” 37 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 37 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 37 light novel, ,

Comment

Leave a Reply

Chapter 37