À¶†À¶ºà·” (Completed) Âœ” 46

A+ A-

” මම අයුක්ෂ කතා කරෙන්නෙ මනුස්සයො… ඔව් ඉතින් ගෑනියෙක්ගෙ කටහඩක් නම් අදුර ගනී ඉක්මනට අපෙ කටහඩවල් කොහොම අදුර ගන්න ද…..”

” අ.ආයු..”

එහා පැත්තෙන් එහෙම කියනවත් එක්කම මගෙ ඇස් දෙක නලලට ගියා. එක පාරටම කතා කරගන්න බැරුව ගොත ගැහුනෙ මේ වෙලාවෙ මෙයා කතා කරයි කියලා බලාපොරොත්තු උනේ නැති නිසා. අනික මෙයා මොකටද මට කතා කරන්නෙ.  මාත් එක්ක තිබුන කේන්තියෙ හැටියට මෙහෙම කතා කරනවා කියන්නෙ බොන්න ඕනෙ ප්‍රශ්නයක්. සමහර විට උදෙ බැන්න එක මදි වෙලා ආය බනින්න ද දන්නෑ.

” ඔව් ඔව් ආයු තමා මනුස්සයෝ. තමුන් කොහෙද ඉන්නෙ කියනවා..? “

හැ මෙයා මොකටද මම ඉන්න තැන අහන්නෙ. කන්ෆියුස් වෙනවනෙ අප්පා.

” මම මේ නුවර ඉන්නෙ.. ඇයි මොකක් හරි අවුලක් ද ආයු..? “

මම ඇත්තටම ටිකක් කලබල වෙලා හිටියෙ. මොකද ආයු එක පාරටම කෝල් කරේ ඇයි කියන එක මගෙ ඔලුවෙ කැරකුනා. මොකක් හරි කරදරයක්වත් ද කියලා බයක් දැනුනෙ නෑ කිව්වොත් බොරු. නිසාම මම පොඩ්ඩක් කලබලෙන් මොකක් හරි අවුලක් ද කියලා අහනකොට  මට ඇහුනා එයා හුස්මක් පාත දානවා.

” නෑ නෑ. කිසි අවුලක් නෑ. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ. ඔයා තාම නුවර නම් අද එන්න වෙන එකක් නෑ නේද…”

ආයු කියපු දේ අහලා මගෙ කටත් බාගෙට ඇරුනා. මාත් එක්ක කතා කරන්න ඕනෙලු. අනික එක පාරටම  මෙච්චර හොදට කතා කරන්නෙ මොකද. එන්නෙ කවද්ද අහලා  මාව පැහැර ගන්නවත් හදනවද දන්නෑ. කියන්න බෑ ගමට යනකොටම සුදු වැන් එකක් දාලා ඉස්සුවොත් මොන දෙයියන්ට කියන්න ද තේව්.

” නෑ මම අද එනවා. රෑ වෙනකොට එන්න පුලුවන් වෙයි..”

එක එක මනෝ විකාර හිතන එක පැත්තකට දාපු මම ආයුට උත්තර දුන්නත් එහා පැත්තෙන් කිසිම සද්දයක් තිබුනෙ නෑ.

” තමුන්ට පිස්සු ද මිනිහො. මේ රෑ වෙලා නුවර ඉදලා මෙහෙ එන්න. මගෙන් මුකුත් අහගන්නෙ නැතුව අද ගෙදර ගිහිල්ලා හෙට එනවා. අද රෑ ඇවිල්ලා මම නරක මිනිහා කියන්න එපා තේව්.. ඒක හොදට මතක තියාගන්නවා.”

තත්පර ගානක්ම සද්දයක් නැතුව තිබුන ෆෝන් මට එක එක පාරටම මට අත ඇරෙන්න ගියෙ එහා පැත්තෙන් ඇහුන කන කීං ගාන සද්ද නිසා. යකෝ කනට ඝාන්ටාරෙකින්  ගැහුවා වගේ utto. මම එයා කෑ ගහලා ඉවර වෙනකම් ෆෝන් එක කන ලගින් පොඩ්ඩක් ඈත් කරේ මේ සද්දෙට මට අලුත් කන් බෙරයක් දාන්න වෙයි කියලා සාදාරන සැකයක් ආපු නිසා. ලමයි දහයක් හම්බ උනත් මුගෙ මේ කටේ සද්දෙ නම් අඩු වෙන එකක් නෙවෙයි. මගෙ දරුවා කොහොම ඉන්නව ද දන්නෑ මේකා එක්ක.

” හරි හරි හෙට උදේට එන්නම්..”

” හ්ම්ම්. පරිස්සමෙන් එන්න.. මම එහෙනම් තියනවා. බායි.”

” හරි.ඔයාලත් පරිස්සමෙන්…”

” බුදු සරණයි… ආද්….

බීප්.. බීප්.. බීප්..

ආයිෂ්…කට් කරා නේද. යකූ මොකක්ද ඒ අන්තිමට කියන්න ගියෙ. මම හිතන දේම ද. ඒත් එහෙම වෙන්න් පුලුවන් ද. ආයු ඇයි මට ආදරෙයි කියන්නෙ. වැරදිලා කියවෙන්න යන්න ඇත්තෙ.

ඇස් දෙකත් ලොකු කරගෙන ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන  ආයු අන්තිමට කියන්න ගියපු  දේ ගැන කල්පනා කර කර හිටපු මම ඔලුව දෙපැත්තට ගසලා හරි සිහියට ආවෙ ආයුගෙන් කවදාවත් මට ඔය වචනෙ ආය අහන්නෙ වෙන්නෙ නෑ ඒක මට නිකන් ඇහුන දෙයක් විතරයි කියලා මගෙ හදවතට තේරුම් කරගන්න ගමන්.  අනික මොනවද දන්නෑ කතා කරන්න තියනවා කිව්වෙ. අනේ මංදා ගිහිල්ලා කතා කරලම බලමුකො.

වට පිට ටිකෙන් ටික අදුරු වෙන ගමන් තිබ්බ නිසාම මම ඉදගෙන හිටපු බෙන්ච් එකෙන් නැගිටලා kcc car park එක පැත්තට යන්න ගත්තේ බයික් එක අරගෙන එහෙමම ගෙදර යනවා කියලා හිතාගෙන. ආයු කිව්වා වගේ දැන්  ගමේ යන එක හරියන වැඩක් නෙවෙයි. හයටත් ලග  නිසා දැන් යන්න ගියොත් අනිවාරෙන් රෑ වෙනවා. තියන මහන්සියත් එක්ක ඔච්චර දුරක් බයික් එක අරගෙන යන්න බෑ. නිදිමතක්වත් ආවොත් ඉවරයි. ඒක නිසා හෙට උදේම යනවා.

.

.

.

පහුවදා උදේ පාන්දරම ඇහැරුන මම  අම්මලටත් කියලා ආයෙත් ගමට එන්න පිටත් උනා. අම්මා නම් හිටියෙ අඩන්න බැරිකමට කදුලු හිර කරගෙන. එයාලට ඉතින් අපි කොච්චර ලග හිටියත් මදිනෙ. අපි උනත් කොච්චර අම්මගෙ තාත්තගෙ අස්සෙ ඉන්න ආස උනත් අපි ලොකු වෙන්න ලොකු වෙන්න වගකීම් වැඩි වෙනකොට එයාලගෙන් නිකන්ම ඈත් වෙනවා..මොනවා කරන්න ද ඉතින්..

උදේම නුවරින් පිටත් උනත් මොකද ට්‍රැෆික් එක නිසා කොහොම හරි ගමට එනකොට දහය විතර උනා. ගෙදරට එනකොට ගේට් එක ඇරලා තිබුන නිසා කෙලින්ම බයික් එක ඇතුලට දාලා නවත්තන්න ගියත් මට ඉබේම බ්‍රේක් වැදුනෙ මිදුලට වෙලා හිටපු කට්ටිය දැකලා.

” ආ මහත්තයා වරෙන් වරෙන්. උබ එනකම් තමා හිටියෙ..”

මම පුදුම වෙලා බලාගෙන ඉන්නවා දැකපු රනියා මගෙ ලගට ඇවිල්ලා පිටට එකක් ගහලා එහෙම කියද්දි මම ඉක්මනට ඌ දිහා බැලුවා.

” මොකද යකෝ මේ. බය හිතෙනවනෙ හුත්තෝ.”

රනියගෙ කන ලගට පාත් උන මම අනිත් අයට ඇහෙන්නෙ නැති වෙන්න එහෙම කිව්වෙ අපි දිහා බලාගෙන ඉන්න අනිත් අය දිහාවට පොඩි  බැල්මක් දෙන ගමන්. බලාගෙන ඉන්න විදිහට බය හිතෙන්නෙ නැද්ද ඉතින්.

” ආයු අයියා ආවෙ උබත් එක්ක කත කරන්න යකෝ. වරෙන් බයික් එක නවත්තලා. “

මරු. ඊයෙ කෝල් කරලා කතා කරන්න ඕනෙ කිව්වත් මම හිතුවෙ නෑ මේක සමූහ සාකච්ඡාවක් වෙයි කියලා.  මම හෙල්මට් එක ගලවලා හැඩල් එකේම එල්ලලා බයික් එකෙන් බැස්සෙ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව. ඇත්තටම මම එනකොට මේ වගේ දෙයක් බලාපොරොත්තු උනෙ නෑ. ආයුට මාත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වත් මම හිතුවෙ නෑ ඒකට ලලිතා අම්මයි ඉදුවරයිත් සම්බන්ධ වෙයි කියලා. ඔව් ඔව් එයාලා තමා ඇවිත් හිටියෙ. අනික බලාගෙන ඉන්නෙ හරියට මාව මරාගෙන කන්න වගේනෙ යකෝව්. අනිවාරෙන් අර පගයා තමා කියන්න ඇත්තෙ මම දැන්  එනවා කියලා.

මම බයික් එකෙන් බැහැලා හැමෝටම ගොන් හිනාවක් දීලා ගැම්මෙන් හිටගත්තෙ මොනව උනත් බයයි කියලා පෙන්නන්න හොද නැති නිසා. කොච්චර බය උනත් පෙන්නන්න එපා කියනවා නෙ. මම නෙවෙයි කියන්නෙ ඉතින් කවුදෝ කියලා තියනවලු. ඒත් එක්කම මම දැක්කෙ ආයු ඊට ටිකක් එහායින් හිටපු කාට හරි කතා කරනවා. මාත් එයා බලාගෙන හිටපු පැත්ත බලද්දි තමා දැක්කෙ කේනු ඇවිල්ලා ඉන්නවා. අනේ මගෙ කොල්ලත් ඇවිල්ලා. කොල්ලව දැක්කා විතරයි මගෙ ඇස්වල කදුලු පිරුනෙ කොච්චර ආදරේ කරත්, මගෙ දරුවා උනත් ඒ ඉන්නෙ මට අයිතිවාසිකම් කියන්න අයිති නැති වස්තුවක් කියලා මතක් උන නිසා.

ආයු කතා කරා විතරයි බිමට නැමිලා ගල් කැටවලින් සෙල්ලම් කරන ගමන් හිටපු කොල්ලා පිම්මෙ දුවගෙන ආයු ලගට ඇවිල්ලා කකුලක් බදාගත්තා. ඒත් එක්කම ආයු නැමිලා කොල්ලගෙ කනට කරලා මොනවා හරි කියන්න පටන් ගත්තා. මට හරි ලෝබයි බං උබලා දෙන්නව ඔහොම දකිනකොට. මම ඉක්මනට උඩ බලාගෙන ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා වැටෙන්න ගිය කදුලු නවත්ත ගත්තෙ කවුරු හරි දකී කියලා.  ඒත් ඊලගට මගෙ කන් වලට ඇහුන දේත් එක්ක කොහොම කරලවත් මගෙ ඇස් වලින් කදුලු වැටෙන එක නවත්ත ගන්න බැරි උනා.

” අප්පත්තී…”

දෙයියනේ ම්..මගෙ දරුවා මට අප්පච්චි කිව්වා. මම කොහොමද මේ ඇහුන දේ විශ්වාස කරන්නෙ.  පුංචි තාරා පැටියෙක් වගේ මගෙ ලගට දුවගෙන ආපු මගෙ කොල්ලා මගෙ මූණ දිහා බලාගෙන අප්පච්චි කියද්දි මට හිතා ගන්න බැරි උනා මම මොනාද කරන්න ඕනෙ කියලා. මම ඉක්මනට හුරතලේට මූණ හදාගෙන මගෙ දිහා බලාගෙන ඉන්න කොල්ලව උස්සලා වඩා ගත්තෙ මගෙ ඇස් වලින් කදුලු ගලාගෙන යනකොට. මට දරාගන්න බෑ මේ හැගීම. මම කොල්ලගෙ මූණ පුරාම හාදු තිබ්බේ දරාගන්න බැරි තරම් ආදරේකින්.

” මගෙ පුතේ… ආයෙත් කියන්න රත්තරන් ඒක. ආයෙත් කියන්න මගෙ පුතේ අප්පච්චි කියලා…”

” අප්පත්ති..”

මම ඇඩුවා.. කෑ ගහලා ඇඩුවා. වට පිටේ ඉන්නෙ කවුද කියන එකත් අමතක කරලා මම ඇඩුවා. මේ දැනෙන හැගීමට මම ආස කරා. මම හිතන්නෙ තාත්තා කෙනෙක්ට දැනෙන හැගීම මේක වෙන්න ඇති. ඇත්තටම  කවදාවත් හිතුවෙ නෑ මගෙ කොල්ලගෙ කටින් මට මේ වචනෙ අහන්න පුලුවන් වෙයි කියලා.  මම ඒ ආසාව අත ඇරගත්තේ ඊයෙ ආයු මට කෑ ගහලා මට ඒ අයිතිය නෑ කියද්දිමයි. කවදාවත් මගෙ ලගට අරගෙන හුරතල් කරන්න බැරි වෙයි කියලා හිතපු කොල්ලා අද මගෙ අත උඩ. මම කොහොමද මේක විශ්වාස කරන්නෙ. මම මේ දකින්නෙ හීනයක් කියලා හිතෙන තරමටම මම හිටියෙ මේ හැගීම ඇතුලෙ අතරමං වෙලා.

” අප්පච්චි ආදරෙයි මගෙ මැණිකට. ආයෙ කවදාවත් දාලා යන්නෙ නෑ රත්තරන්….”

මම කොල්ලගෙ මූණ පුරා හාදු තියන ගමන් කියද්දි මම ඒ කියපු දේ කොල්ලට තේරුනා වගේ මගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගත්තෙ මට මගෙ කොල්ලා ගැන කියා ගන්න බැරි තරම් ලෝබකමක් දැනෙද්දි.

” කෝ දැන් ඇති අප්පච්චි එක්ක කෝලම් කරා. පුතු යන්නකො මාමි අතට. අම්මිටත් අප්පච්චි එක්ක කතා කරන්න තියනවා..”

මම දන්නෑ මගෙ කොල්ලව කොච්චර වෙලාවක් හුරතල් කරාද කියලා. මෙච්චර වෙලාම කොල්ලගෙ සිහියෙන් හිටපු මම ආයු ඇවිල්ලා කොල්ලව මගෙ අතින් ගන්න හදනකොට තමා මේ ලෝකෙට ආවෙ. දැන් තමා මම දැක්කෙ ඇස් වල කදුලු පුරවගෙන අපි දිහා බලාගෙන ඉන්න අනිත් කට්ටියව. ඒ මූණුවලත් තිබුනෙ සතුටෙන් පිරිලා. ආයු කොල්ලව ගන්න ගියත් කොල්ලගෙ නම් මූණ බෙරි වෙලා ගියෙ හරියට මගෙ අතින් යන්න බෑ කියන්න වගේ. කොල්ලටත් අප්පච්චිගෙ සුවද දැනිලා වගේ. මට දැනුනෙ ලොකුම ලොකු ආඩම්බරයක්.

කොහොම හරි වදෙන් පොරෙන් කොල්ලව මගෙ අතින් අරගෙන ඉදුවරට දීපු ආයු මගෙ ලගට ආවෙ අමුතුම විදිහකට. හැබැයි ඒ ඇස්වල නම් සතුටක් පිරිලා තිබුනා.  මම ආයු ලගට එනකම් හිටියෙ උණුසුම් වැලදගැනීමක් බලාපොරොත්තුවෙන්. මට හිතුනෙම ආයු එන්නෙ මාව බදාගන්න කියලමයි.

චටාස්….

හරිනෙ අමාරුව… උණුසුම් වැලදගැනීමක් බලාපොරොත්තුවෙන් හිටියත් මට ලැබුනෙ උණුම උණු කම්මුල් පාරක්. රිදෙන්න ඒ පාර වැදුනෙ නැතත් මම කම්මුලත් අල්ලගෙන ආයු දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්. ඇයි යකෝ ගැහුවෙ.

” තමුසෙ… තමුසේ… ඇයි මනුස්සයෝ මට කිව්වෙ නැත්තෙ. ඇයි මිනිහෝ… “

පුදුම වෙලා හිටපු මගෙ ලගට ලං උන එයා මගෙ ශර්ට් එකේ කරෙන් අල්ලගෙන හොලවන ගමන් කෑගහන්න ගද්දි මට හිතාගන්න බැරි උනා කියන්න ඕනෙ මොනවද කියලා. ඒ ඇස් වල තිබුනෙ දුකක් වගේම කේන්තියක්. පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් වට පිට බලපු මම දැක්කෙ මෙච්චර වෙලාම වට වෙලා හිටපු කට්ටිය හෙමින් හෙමින් මාරු වෙලා ගේ ඇතුලට යන විදිහ. යකෝ මනුස්සයෙක්ට කරදරයක් උනාම ඔහොම ද උදව් කරන්නෙ.

” මට හැමදේම හැංගුවා… එච්චර දෙයක් වෙනකනුත් ඇයි මට කිව්වෙ නැත්තේ…ඇයි තේව් එහෙම කරේ. අනේහ්… ඉහික්… ඔයා මෙච්චර දුක් විදලත් ඇයි.. ම්..මට ම්..මොකුත් ක්..කිව්වෙ න්…නැත්තේ.. ඇයි… ඉහික්..”

මුල් ටික ආවේගෙන් කියාගෙන ගියත් අන්තිමට මගෙ කොල්ලගෙ කටහඬ බිදිලා ගියෙ මට දරාගන්න බැරි දුකක් දීලා. මගෙ පපුවට ගහන ගමන් අඩන කොල්ලව මගෙ තුරුලට ගත්තෙ එයත් අඩන ගමන්ම මට තුරුල් වෙද්දි.. ආයු කොහොමද එතකොට ඇත්ත දැන ගත්තෙ. රනියා කිව්වාවත් ද.

” මම අසරණ උනා මැණික. මට බය හිතුනා බං උබට කරදරයක් වෙයි කියලා. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ මගෙ වස්තුව. උබ ගැන හිතලයි මම එහෙම කරේ. ඒත් අන්තිමට ඒ දේම තමා අපෙ කරුමෙට හිටියෙ..උබ මාව දාලා යයි කියලා දන්නවා නම් මම කවදාවත් උබට බොරු කරන්නෙ නෑ බං.”

මම දන්නෑ මම ආයුව බදාගෙන කොච්චර වෙලා ඇඩුව ද කියලා. අවුරුදු ගානකට පස්සෙ ලැබුන උණුහුමේ අපි දෙන්නම මේ තරම් කාලයක් වින්ද වේදනාව දිය කරලා දාන ගමන් හිටියා. මගෙ ශර්ට් එකම ආයුගෙ කදුලු වලින් තෙත් වෙලා.

” දැන් ඇති රත්තරන් ඇඩුවා. උබ ලෙඩ වෙයි ඔහොම අඩන්න ගියොත්…”

මගෙ පපුව අස්සෙ මූණ හංගගෙන අඩන කොල්ලගෙ ඔලුව උස්සලා ඒ මූණ දිහා බලාගෙන කියද්දි ඒ ඇස් වල කදුලු තවත් අලුත් උනා.  මුලු මූණම රතු වෙලා මගෙ කොල්ලගෙ. මම ඒ රතු උන මූන දිහා බලාගෙන හිටියෙ ලෝබකමින්. ඒ මූණ දිහා බලාගෙන භාවනා කරන්න තරම් සීලයක් මට නැති තැන මට ඕනෙ උනේ ඒ රතු රෝස පාට තොල් අවුරුදු ගානකට පස්සෙ මගේ කරගන්න උනත් මම ඒ තොල් වලට නැඹුරු වෙනවා දැක්ක ආයු මාව තල්ලු කරලා දැම්මෙ මූණ කේන්තියෙන් පුරවගෙන. හරියට මෙච්චර වෙලා අමතක වෙලා තිබුන මොනා හරි මතක් උනා වගේ.

” මාව අල්ලන්න හිතන්නවත් එපා. මම තමුන්ට සාමාව දීලා නෑ. ඒක මතක තියගන්නවා. කේනුට ලං වෙන්න විතරයි ඔයාට පුලුවන්. තමුන් කරපු දේවල් මට අමතක නෑ. මමත් වැරදි ඇති. ඒත් මෙතන ලොකුම වැරැද්ද කරේ ඔයා. ඒක නිසා මම හිත හදාගන්නකම් මගෙන් ඈත් වෙලා ඉන්නවා. “

මාව එයාගෙන් ඈතට තල්ලු කරලා දාපු එයා ඇගිල්ලකුත් දික් කරලා මට කෑගහලා ගස්සගෙන ගේ ඇතුලට ගියෙ මාව මිදුලෙ තනි කරලා මෙච්චර වෙලාම මගෙ පපුවට වෙලා අඩපු කොල්ලා එතන හිටියෙ නෑ. පොඩි දුකක් දැනුනත් එයා සමාව දෙනකම් ඉන්න හිත හදාගත්ත මම බොරු හිනාවක් මූණට අරගෙන ගේ ඇතුලට ගියෙ මම විතරක් එතන ඉදලා වැඩක් නැති නිසා. ආයු කතා කරපු විදිහට පොඩි දුකක් දැනුනත් මොකද මේ තරමට හරි ඒ දෙන්නට ලං වෙන්න දුන්න එකම මදි ද.

” අප්පත්තී…”

ගේ ඇතුලට ආපු මාව දැක්කා විතරයි ඉදුවර අතේ හිටපු කොල්ලා කෑගහගෙන මගෙ ලගට දුවගෙන ආවෙ මගෙ මූණෙ තිබුන බොරු හිනාව අයින් වෙලා ලස්සනම හිනාවක් මගෙ මූණට එද්දි…

” මගෙ චන්ඩියා…”

මට මගෙ කොල්ලව දකින හැමවෙලාවෙම දැනෙන්නෙ ලොකු ලෝබකමක් වගේම දුකක්. අනේ උබ පුංචි කාලෙ උබගෙ ලගින් ඉන්න බැරි උනා කියන දුක මගෙ පපුව හැමවෙලාවෙම හූරලා දැම්මා.

.

.

.

” පුතාලා එන්න කෑම කන්න..”

අපි හිටියෙ ආයුලගෙ ගෙදර මිදුලට වෙලා සෙල්ලම් කරන ගමන්. අපි කිව්වෙ මායි,කේනුයි, රනියයි, ඉදුවරයි. උදේ ඉදලා කියව කියව අපෙ ගෙදර හිටියත් ගේ හරියෙ උයන්න කිසිම දෙයක් තිබුනෙ නැති නිසා දවල් කෑමට අපිට මෙහෙ එන්න උනා. ලලිතා අම්මා එහෙම කැමති නැති වෙයි කියලා හිතුන නිසා මායි රනියයි කඩෙන් කන්නම් කියලා ශේප් වෙන්න ගියත් කේනුගෙන් මට ගැලවෙන්නම බැරි උනා. එයාට ඕනෙ උනේ හැමවෙලාවෙම මාත් එක්ක ඉන්න. ලලිතා අම්මගෙනුත් ලොකු අවුලක් තිබුනෙ නැති නිසා අන්තිමට අපි දෙන්නත් ආවා.

මම හිතන්නෙ ලලිතා අම්මත් හැමදේම දන්නවා ද කොහෙද. ආයු කියන්න ඇති. ඉදුවරත් ලොකු අවුලක් තිබුනෙ නෑ. හැබැයි ඌ රනියා එක්ක නම් නෝ කතා නෝ සිනා දැක්ක තැන ඔරවනවා. මම දන්නෙ නැති මොකක් හරි තියනවා වගේ. පස්සෙ හොයලා බලන්න ඕනෙ.

උදේ මගෙ පපුවට වෙලා ඇඩුවත් හරි ඊට පස්සෙ ආයු මගෙ මූණ දිහාවත් බැලුවෙ නැති තරම්. මොනවා කරන්න ද ඉතින්. හැබැයි බබා උබ එන්නෙ ඔහොම නම් බලාගෙන හිටපන් මේ තේව් කියන්නෙ කවුද කියලා. දැන් නම් මොන දේ උනත් උබලා දෙන්නව අත ඇරගන්නෙ නෑ.

” අප්පත්තී.. තේනු දාලා නන්ද එපා.. ඉන්දතෝ. ඉහික්. අලේ අප්පත්තී…”

කාලා බීලා ඉවර වෙලා හවස් වෙනකම් සෙල්ලම් කරලා අන්තිමට මායි රනියයි ගෙදර යන්න ගියත් ඒක කරගන්න බැරි උනේ කේනු කෑ ගහලා අඩන්න ගත්ත නිසා. මට හිතා ගන්න බෑ මොනවා කරන්න ද කියලා. මොනවා උනත් ආයු කැමති වෙන එකක් නෑ මම මෙහෙ ඉන්නවට. ඒත් කොල්ලා මෙහෙම අඩද්දි දාලා යන්නෙ කොහොමද. යන්න ලෑස්ති උනත් මොකද් මටත් කොල්ලව දාලා යන්න බෑමයි හිතුනෙ. අන්තිමට කොල්ලා රෑට නිදාගත්තට පස්සෙ යනවා කියලා හිතාගෙන මම කොල්ලත් එක්ක හිටියා. කොච්චර කැමති උනත් ආයුගෙ ඇකමැත්තෙන් මෙහෙ ඉන්න කැමැත්තක් මට තිබුනෙ නෑ. 

කොල්ලත් එක්කම දවසම හිටපු නිසා මට ආයු එක්ක උදේ කතා කරාට පස්සෙ කතා කරන්නම බැරි උනා. එයත් මාව මග ඇරිය නිසා ඒක කොහොමත් කරගන්න බැරි උනා. කේනු ඉදුවරයි රනිශ්කයි එක්ක හිටපු නිසා මම ගියෙ මිදුලෙ තිබුන ලී බංකුවෙ ඉදගෙන හිටපු ආයු ලගට.

” මොකටද මෙතනට ආවෙ..”

මම ඉදගන්නවත් එක්කම මට ඔරවලා ආයු මෙතනට ඇයි ආවෙ අහද්දි මම කරේ ඒ කම්මුලකට හාදුවක් තියපු එක. මම දැක්කා එයා පුදුම වෙලා මගෙ දිහා බලාගෙන ඉන්නවා.

” මම කිව්වා මාව අල්ලන්න එපා කියලා… තේරුනේ නැද්ද ආ…”

” මම කිස් කරේ මගෙ දරුවගෙ අම්මව. කටවහගෙන ඉදපන් ඒක නිසා .”

මම කට කොනකින් හිනා වෙලා එහෙම කියලා ඉස්සරහා බලාගත්තා. මම දන්නවා කොච්චර අකමැති කියලා පෙන්නන්න හැදුවත් කොල්ලා  කැමති කියලා.

මම අද ඉන්නෙ හරිම සතුටින්. මට දැනෙන්නෙ මේ ලෝකෙ සතුටින්ම ඉන්න මනුස්සයා මම කියලා. මම දැන් සම්පුර්ණයි. ආයෙ  කවදාවත් උබලට කිසිම අඩුපාඩුවක් වෙන්න දෙන්නෙ නෑ මගෙ පැටව්නෙ.. උබලට මේ අප්පච්චි ඉන්නකම් දුක් විදින්න දෙන්නෙ නෑ ආය.. මම උබලා දෙන්නට හරි ආදරෙයි රත්තරනේ…

මිදුලෙ සෙල්ලම් කරන්න කොල්ල දිහායි මට එහා පැත්තෙ ඉන්න කොල්ලා දිහයි බලලා මම මටම පොරොන්දුවක් දුන්නෙ ඒ පොරොන්දුව ආයෙ කවදාවත් කැඩෙන්නෙ දෙන්නෙ නෑ කියන විශ්වාසෙන්…

_____________________________________________

• ආයු තේව් එක්ක යාලු වෙයි ද…?

• මම මේ කතාව කොටස් පනහෙන් ඉවර කරන්නද ලමයි…?

• ඔයාලට කතාව ගැන දැනෙන දේ කියාගෙන යන්න ලමයි…

• මගෙ කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතියි.. ඒ වගේම ආදරෙයි… 🥺❤️💚

• ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 46, novel À¶†À¶ºà·” (Completed) Âœ” 46, read À¶†À¶ºà·” (Completed) Âœ” 46 online, À¶†À¶ºà·” (Completed) Âœ” 46 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 46 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 46 light novel, ,

Comment

Leave a Reply

Chapter 46