À¶»À¶¯À·… | The Kandyan Aristocrats 01

A+ A-

“මේහ්.. ඔහොම්මම ශේප් එකේ පිටිස්ස හැරිලා-” අර බලපන් ඉතින්..කියලා කට ගන්න හම්බුන්නෑ මේ බේසිකයො ටික එක සැරේ බෙලිත් කඩාගෙන උන්ගෙ පිටිපස්ස බැලුවේ වටේ පිටේ ඉන්න හැමෝවමත් ඇලර්ට් කරවන ගමන්. උදාරයි උට්ටො උදාරයි..මම මගේ අල්ල නළල උඩින් තියාගෙන ඇස් දෙක වහගත්තා.

මේ වෙලාවේ අපි හැමෝම බලන් හිටියේ වෙන කවුරු දිහාවත් නෙවෙයි…සති තුනක් තිස්සෙ මගේ වම් අත බැන්ඩේජ් බර ගානක් ඔතන් ඉන්න හේතුව..දෙව්දුනී ජයසුන්දර…අපේ සධාදරණීය පිනාගෙ එකම දූ පොඩිත්ත..දූ පොඩිත්ත කිව්වට මොකද මේ කෙල්ල අපිට වඩා අවුරුද්දකින්ද කොහෙදත් වැඩිමල් ලු. බලහන්කො ඇදන් ඇවිත් තියන එක..කොහෙන්ද මන්දා ෆැශන් සෙන්ස් එක..ජේම්ස් චාල්ස්ගෙ නන්ගිදත් මන්දා. ඒත් එක්කම පත හීල්ස් දෙකක සද්දයක් රෙස්ටුවරන්ට් එක පුරාම ගියේ ප්ලේට් එක දිහා බලන් ඉදපු මගේ ඔලුවත් ඉස්සෙද්දි. ඔක්කොටම කලින් කවුද කියහන්කො ඔය විදිහට අදින්නෙ?? ඇගට වඩා පස් ගුණේකින් ලොකු බෙඩ් ශීට් එකක් වගේ ටී එකකුයි ඒකට පොඩි ෂෝටකුයි ඇදලා තියෙන්නෙ.. හැබැයි බැලූ බැල්මට යටට මුකුත් ඇදලා නෑ වගේ සීන් එකකුත් තියේ.. ටහිකේ අන්න අරකි එනවා-

“ඒ..අන්න සීන් එක මේ පැත්තට එනවා” අනේ තෝ කියනකන් මන් දැක්කෙ නෑනෙ පගෝ. මගේ එහාපැත්තෙ කෝක් එකකට දීලා ඇරපු නිශල්කයටත් හොදවැයින් දෙකක් රවලා මම ඉස්සරහ බලා ගත්තත් තප්පරයක් යන්න නොදී මම නිසල්කයගෙ උරහිසින් තද කරලා අතක් තියා ගත්තෙ ඔලුව වනන ගමන්.

“එපා..මුකුත් කියන්න එපා.” මම ඌ දිහා බැලුවා.

“මොකද්ද කියන්නෙ කියලා බලන් ඉමු..” පොරට මල පැන්නම මෙතන දෙක කරන්න පුලුවන් විත්තිය දන්න නිසාම මම එපා කියලා කලින්ම ඌව නවත්ත ගත්තා.

ඇස් දෙකම හීන් කරන් නිසල්කා මන් දිහා බලන් හිටියත් අනිත් පැත්තට මමත් ඌ දිහා එක දිගටම බලන් උන්නා. තප්පර ගාණක් යන්නැති..තප්පර ගාණක් අපි දෙන්නා එකාට එකා ඇස් වලින් මරා ගන්නැති..ඒත් අන්තිමට වුනේ හැමදාම වගේ ඌ පැරදිච්ච එක. නිසල්කයා ගිව් අප් කරා කියලා කියන්න වගේ අත් දෙක ඉස්සුවම මම හිනා වෙලා ඉස්සර බලා ගත්තා. අයි කන්ටැක්ට් කියන්නෙ මගේ ගේම් එක. That’s right. I always win.

“හිනා වෙයන් උබ..කොහොමත් ඔය වලත්ත ඇස් දෙකත් එක්ක මට දිනුමක් නෑ කියලා දන්නවා. ආවා මෙතන- අනික උබ එදා මන් කියන එක අහලා තනියෙන් නොයා හිටියනම් ඔය à·„à·”#තක් වෙන්නෙ නෑනෙ ශාක්‍ය..! නාහෙකට අහන්නෙ නෑ තෝ නම්.” නිසල්කයා මන් උගේ උරහිස උඩින් තිබ්බ අතත් ගස්සලා දාලා ටේබල් එකේ ඔලුව තියා ගත්ත හැටි මන් බලන් හිටියා.

සති තුනකට කලින් කේ සී සී එකට තනියෙන් ගියේ, ඒකෙ මැනේජර්ව හම්බ වෙලා අපේ ඉස්කෝලේ ඉස්සරහට ගන්න ඉන්න ස්පෝට්ස් මීට් එකට ස්පොන්සර් එකක් ඉල්ල ගන්න බලාගෙන. මැනේජර් මීටින් එකක කියලා තව විනාඩි හතලිස් පහක් විතර යයි කියලා කියපු නිසාම මම ඒ රෙද්දෙ ෆුඩ් කෝට් එකට ගියේ බඩගින්න දරාගන්න බැරුව…එතන තිබ්බ කේෆ්සි එකෙන් බර්ගර් දෙකකුයි මිනි කෝක් බොට්ල්ස් දෙකකුයි අරන් එතන ඕපන් ඒරියා එකට ගිහින් බිත්තියට හේත්තුවක් දාගෙන බර්ගර්ස් දෙක විනාඩි ගානින් ඉවර කරලා ඕපන් ඒරියා එකේම තිබ්බ බැල්කනි එකට කකුලක් තියලා ලාවට කහ පාට වේගෙන එන අහස දිහා බැලුවෙ කෝක් එකකටත් දීලා අරින ගමන්. à·„à·™ à·„à·š..කෝච් කාරයා දන්නවනම්…

අහසත් අනේ මන්දා…ඕන වෙලාවට පොඩි ලස්සනක් නෑ. ටක් ගාලා වටපිට බලපු මම වෙන කරන්න දෙයක් නැතුව ආයෙම අහස දිහා බැලුවා. ඇයි ඉතින් බලන බලන හැම පැත්තෙම අතෙනුයි අහවල් එකෙනුයි වෙලිලා ඉන්න කපල්ස්නෙ පේන්නෙ.. උන්ගෙ සිරික්කිය විතරක්. අනේ අම්මපා ඕවා ගෙවල් වලටවත් අහු වෙලා කැඩෙන්නැති හැටි. ඒ අස්සෙ මට කපල් එකක් බැන ගන්න හැටිත් ඇහෙනවා. ඒකනම් කෙල්ලගෙ කෝල්ස් ආන්සර් කරන්න වෙලා ගියපු නිසා..පව් මොනා වුනත් කොලු ගැට්ට බැදගත්ත බෙරේ ගහන්න එපැයි ඉතින්.. මේ මන් වගේ ආතල් එකේ තනිකඩව හිටියා නම් මක් වෙනවද?

නිසල්කයා කියපු කතාවත් හරි..ලව් කරනවා කියන්නෙත් නිකන් හරියට බයිපාස් එකක් කරගන්නවා වගේ.. හරියට ගොඩගියොත් පාස් පොඩ්ඩ කෙලවුනොත් බායි තමයි..

ඔය අතරෙ මන් ඉන්න හරියෙන් එන්න ගත්ත අමුතුම ඇල්කොල් එක්ක මික්ස් වුනු සැර පර්ෆියුම් සුවදට මම කම්මැලි කමින් බෙල්ල හැරෙව්වම දැක්කෙ රතු පාටින් කලර් කරපු දිග කෙණ්ඩයක් තියෙන ගෑණු ලමයෙක් මන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නවා…යකෝ මේකි හෙන ෆෝවඩ්නෙ.. අර බඩගිනි වෙලාවට තමන් ආස කරපු කෑම එක දැකලා ඒ දිහා බලන් ඉන්නවා වගේ තමයි මේකි මන් දිහා බලන් උන්නෙ..

මම එයා දිහා බලන් ඉන්නවා කියලා එකපාරටම මීටර් වුනු කෙල්ල ටිකක් විතර ගැස්සුනත් ආයෙම අතරමං වෙලා වගේ මගේ මූණෙ ඉදන් හෙමිහිට එයාගෙ ඇස් එන්න එන්න මගේ පහලට අරන් යන්න ගත්තෙ මාව අයි ෆක් කරන ගමන්… බුදු අම්මෝ..ගෑණු භයානකයි කිව්වට අද තමයි සීන් එක හරියටම දැනගත්තෙ. මම අඩියකුත් පස්සට ගන්න හදලා ආයෙම නිකන් හිටියා. මාර කෙල්ලොනෙ යකෝ දැන් ඉන්නෙ…ඒ මදිවට මේකි බලන් ඉන්න හැටි-

කතා කරන්න තරම් උවමනාවක් නොතිබ්බ මම ඇහි බැමක් ඉස්සුවම කෙල්ල ආයෙමත් ගැස්සුනේ මුලු මූණම රෝස පාටින් පාට වෙද්දි…කෙල්ලට තිබ්බෙ සුදු මළානික හමක්.. ඒක නිසා කම්මුල් දෙක රතු වෙනවා මට මෙතන්ටම පේනවා. මේ මොන උට්ටක්ද මේ වෙන්නෙ?

මටම හිනා වෙන ගමන් මම ඉතුරු වෙලා තිබ්බ කෝක් එකත් ඇරලා දාලා බැල්කනි එකෙන් ඈත් වුනේ එතනින් යන්න බලාගෙන.. වොච් එකෙන් වෙලාව බලන ගමන් එතනින් යන්න අඩිය තියන්න හැදුවත් කෝක් බොට්ල් දෙක අල්ලන් ඉන්න අත තද වෙනකොට මම බෙල්ලත් හරවලා බැලුවෙ සීන් එක මොකද්ද කියල බලන්න. එතකොට මන් දැක්කෙ අර කෙල්ල තොලත් හපාගෙන මන් දිහා බලන් ඉන්නව..මල මගුලයි මේකිට නැගලදවත්ද?

ඇයි යන්නෙ?” ආච්චිට හාල් ගරන්න..ඇයි උදව් කරන්න එන්නද?

මම එහෙම්මම අනිත් අතින් ශේඩ්ස් දෙක ගලවලා ටී ෂර්ට් එකේ එල්ල ගත්තෙ ඒ කෙල්ලගෙ ලාවට මත් වුනු ඇස් දෙක තවත් ලොකු වෙද්දි..මේක මහා විසාල කරදරයක් උනානෙ…අරූ කියපු එක අහලා ඌ එක්ක ආව නම් මෙහෙම කෙල්ලොන්ගෙන් මම අතවරේට ලක් වෙන්නෙ නෑනේ..ඒ මදිවට මේ කෙල්ල හයි දත් මන්දා..මම එහෙම්ම මගේ ඇස් අපි ඉන්න තැන වටේට ගෙනිච්චම දැක්කා සමහරක් අය අපි දිහා අමුතු විදිහට බලනවා. මෙතන ප්‍රශ්නෙ මට නම් අවුලක් නෑ මන් දිහා කොහොම බැලුවත්..ඒත් මේ කෙල්ල…මම ආයෙම ඒ කෙල්ල දිහා බැලුවා.

සොරි බට් අයිම් ගෙටින් ලේට්…” මම අත ශේප් එකේ ඒ කෙල්ලගෙන් ඇදලා අරන් එතනින් එන්න ආවෙ මට කිසිම ෆීලින් එකක් ආපු නැති නිසයි..බෙරු කියන්න ඕන නෑ කෙල්ල පට්ට ලස්සනයි…ඒත් මට එහෙම ලස්සනයි කියලා හිතුනට අර කිසිම කික් එකක් එන්නෙ නැති හේතුව මමවත් දන්නෙ නෑ…සින්ගල්ව ඉදලා වැඩි වෙලාද කොහෙද.. ඒ අස්සෙ සතියකින් විතර අර පම්කෙ වැලන්ටයින් එකකුත් එනවා.

ඇඩ් එකේ වැඩේ කතා කරගෙන ඉවර වෙලා මම අඩිය ඉක්මන් කරන ගමන් මේ ලබ්බෙන් එලියට පැන ගන්න බලාගෙන එක්සිට් එකෙන් එලියට යන්න අඩිය තිබ්බමත් එක්කම මගේ ටී ෂර්ට් එකේ කර තද උනාමත් එක්කම මාව අයිනකට ඇදිලා ගියේ මොනෝත්තක්ද වෙන්නෙ කියලා ප්‍රෝසෙස් වෙන්නත් කලින්…හැමදේම වේගෙන් සිද්ධ වෙද්දි මම මාව ඇදිලා ගියපු පැත්තට බෙල්ල හැරෙව්වමත් එක්කම මගේ කම්මුල හිරිවැටිලා ගියේ එහෙම්මම මාව බිමට ඇදගෙන වැටෙද්දි..

තත්පර එකයි…දෙකයි…තුනයි…ආයෙම මගේ නිකට ගැස්සිලා ගියේ වැදුනු පාරට…ඒ වැදිච්ච පාරට ඔලුවත් එක්ක හිරි වැටුන මම ආයෙමත් හරි සිහියට ආවේ ඈත තියා එන පන්ච් එක බ්ලොක් කරන ගමන්.

ටක් ගාලා කෙලින් වුනු මම අත මිටමොලවලා ඉස්සරහ ඉන්න එකාට දීලාරියේ උගේ කටින් ලේ පනිද්දි..උගේ කාඩ් කුඩු වෙද්දි උගේ වටේට හිටපු පක්කු ටිකක් ඇවිත් මාව පිටිපස්සෙන් අල්ලගත්තෙ ආයෙමත් අරූ ලේ කටින් දදා නැගිටලා ඇවිත් මගේ බෙල්ල තද කරගනිද්දි..

දෙව්දුනී කියන්නෙ මගේ කෙල්ල යකෝ!! ජයමහලෑන පවුලෙ වෙන්න ලේලි!! උබ කවුරු කියලා හිතාගෙනද යකෝ මගේ කෙල්ලට අත තිබ්බෙ??!” බෙල්ල අතෑරපු ඌ නහයෙන් ආපු ලේ උරහිස උස්සලා පිහදගන්න ගමන් ඔලුව වනලා හිනා වෙන්න ගත්තා. මොනාද යකෝ මේ කියවන්නෙ? දෙව්දුනී?? මැත්ස් ක්ලාස් එකේ එක්කෙනාද නැත්තන් අර කොළඹ කෙල්ලද? ආහ් හරි හරි මුගේ කෙල්ල කිව්වනේ..ඉතින් යකෝ ඒක කියන්නද මට ගැහුවෙ?

ඒත් එක්කම කොහෙන්ද මන්දා එකෙක් ඇවිත් උගේ අතට යකඩ පොල්ලක් දුන්නම මම දත් මිටි ගමන් හිනා වුනේ උන් ඊළගට කරන්න යන දේ මම හොඳටම දන්න නිසයි.

“තිශාක්‍ය??!” එදා වෙච්ච සිද්ධිය මතක් වුනු මාව ආයෙමත් හරි සිහියට ආවා. දෙව්දුනී..මේකි නම් දෙව්දුනී නෙවෙයි යක්දුනී..බලපන් ඇගත් හිර වැටෙනවා මේකිගෙ බැල්ම දැක්කම.

එයා දිහා කන්න වගේ බලන් හිටපු මගෙන් කිසි උත්තරයක් නැති වෙද්දි කෙල්ල ලාවට හිනාවක් කටට ඇදලා ගත්තා.

“එදා මාව රිජෙක්ට් කරේ නැත්තන් මෙච්චර දෙයක් වෙන්නෙ නෑනෙ තිශාක්‍ය…” මගේ උරහිසේ ඉදන් බැන්ඩේජ් කරලා තිබ්බ අත දිගේ වේගෙන් ඇස් යවලා ආයෙමත් මගේ මූන දිහා බලපු ඒකිගෙ ඇස් නතර වුනේ මගේ ලාවට පැලිච්ච තොල් දෙක ලග..ශික්කේ..මේ මොකත මේ?

“මේ අයිසේ..කරුණාකරලා මෙතනින් ගියොත් නරකද ප්‍රශ්න ඇති නොකර?” මෙච්චර වෙලා ඔලුව ගහන් හිටපු නිසල්කගෙ කටහඬින් මුලු කැෆේ එකේම පිරිලා යද්දි දෙව්දුණීට වටපිටින් ආපු ලුක්ස් නිසා ඒකි ටක් ගාලා බිම බලා ගත්තා.

මම ටක් ගාලා නිසල්කගෙ අතින් අල්ල ගන්න හැදුවත් ඌ මට වඩා ඉක්මණ් වෙලා මගේ අත ගස්සලා මගේ ලගින් ඈත් වුනා.

“උබත් මගෙන් අහගන්න යන්නෙ ශාක්‍ය..පැත්තකට වෙයන්.”

“මෙතන එපා-“

“ඇයි තමුසෙට අරූ කරපු එක මතක නැද්ද?? ආ- අක්කෙ කරදරයක් නැත්තන් අර ගස් භල්ලට කෝල් එකක් දීලා එන්න කියපන් මෙතන්ට..ඇට දෙක තලනව පකයගෙ-” මම නිසල්කයගෙ උරහිසෙන් තදින් අල්ලගත්තා.

“ආහ් ඔව්..මටත් ඒ පො#නයා කවුද කියලා බලාගන්න ඕන වෙලා තිබ්බෙත්.” නිසල්කව කන්ට්‍රෝල් කරගත්තට පස්සෙ ඊළගට කතා කරේ තනුජ. මම ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තා.

“අක්කා දන්නවද දන්නෑ හැබැයි අපේ එකා තනියෙන් අරුන්ට නෙලලා තියෙන්නෙ..ඒත් ඔයාගෙ බෝයි පෙන්ඩ් අපේ ශාක්‍යව දෙන්නෙක්ට අල්ල ගන්න කියලා මූට යකඩ පොල්ලෙන් ගහලනෙ..ඊයා අක්කෙ මල්ලිලා වෙච්ච අපිටත් ලැජ්ජයි.” කැෆේ එකේ වාඩි වෙලා උන්න අපේ බැජ් එකේ තව සෙට් එකක් ඉන්න තැන් වලින් නැගිටලා අපි ගාවට ඇවිත් හිටගත්තා.

“ඒ ඒ මචන් මොකක් හරි සීන් එකක්ද?” තනුජ ඔලුව වනලා උන් එක්ක කියවන්න ගත්තා.

“අක්කා හිතන් හිටියට අක්කගෙ බෝයි පෙන්ඩ් හෙන කැ#යා කියලා ඌ ඒම නෑ හලෝ..” තනුජයා කතා කරපු කින්ඩි ස්ටයිල් එකටම නිසල්කයත් කතා කරාම කොල්ලො ඔක්කොම හිනා වුනේ දෙව්දුණී ෆෝන් එකත් අරන් කාටද කෝල් කරනගමන් එලියට වේගෙන් යද්දි.

ඒත් එක්කම බ්ලිස් කැෆේ එකෙන් එලියට ගියපු එයා එකපාරටම මන් දිහා කදුලු පිරිච්ච ඇස් වලින් හැරිලා බැලුවම මන් ඉස්සරහා දත් ටිකේ දිව යවන ගමන් හිනා වෙලා දෙවුදුණීට ඇහැක් ගැහුවා.

දෙව්දුණී ගියත් හරි නිසල්කයා මගේ අතත් ගස්සලා දාලා ක්‍රිකට් බෑග් එක කරට දාගත්තා. එයාට තරහ ගිහින් දැන් ඔය ඉන්නෙ.. ඇස් අග හීනියට රතු වෙලා තියෙන විදිහට කියන්න පුලුවන්. නිශල්ක රාග්‍රව් විජේසිංහ. මගේ එකා…එකට ඇදේ චූ දාගෙන එක බත් එක කාලා කටේ කිරි සුවද බියර් සුවද වෙනකන් මාත් එක්ක එකට හැදුනු මූ මගේ එක කුස උපන් සහෝදරයා නොවුනට ඊටත් වඩා තේරුමක් තියෙන එකෙක්. ඔය පොඩ්ඩක් ඇස් දෙක රතු වෙන විහිලු කරාට ඌ හරි හොද එකා.

දැන් ඔය ඇස් දෙකත් රතු කරන් ගිණි අරන් ඉන්න මූ එහෙම ලේසියෙන් උගේ කූල් එක නැති කරගන්න එකෙක් නෙවෙයි. එච්චරට ආතල් එකේ ඉන්න උගේ මේ සයිඩ් එක පැන්නෙ මාව හරි අපේ ඉස්කෝලෙ හරි ගෑවුනොත් විතරයි කියලා කියන්න මේ පලාතෙ අපිව අදුරන ඕනම කෙනෙක් දන්නවා. පලාත නම් මොකද..නුවර ඉදන් කොළඹට වෙනකන් තියන හැම ඉස්කෝලයක්ම දන්නවා වොලිබෝල් වයිස් කැප්ටන් නිශල්ක ඇන්ඩ් ක්‍රිකට් වයිස් කැප්ටන් තිශාක්‍ය කිව්වම…එච්චරටම අපේ බොන්ඩ් එක බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි.

“දැන්ම යනවද? තාම දෙකයි කාලයිනෙ” තනුජයා මගේ දිහයි නිසල්ක දිහයි එක දිගට මාරුවෙන් මාරුවට බලනවා.

“ඇයි අද අර මීටින් එකනෙ..” ඒ පාර නම් කතා කරේ හේශිත්..මෙච්චර වෙලා සද්ද නැතුව ගණන් හෝම්වර්ක් වගයක් කර කර හිටපු ඌ පොත වහලා බෑග් එකට දාගත්තා.

“ආ උබ හදලා ඉවරද? මන් හිතුවෙ උබ ගණන් අවබෝධ කරලා රහත් වෙලා කියලා..යකෝ දැන් මෙතන්ට මොකෙක් හරි ඇවිත් අපිට නෙලලා යනකනුත් උබ දන්නෑනෙ..” තනුජ එක දිගට කියවන් යද්දිත් මන් බලන් හිටියෙ නිශල්ක දිහා..

“ඉතින් උබලා ගහගන්න දන්නවනෙ..ඇරත් මෙච්චරකල් වලියකට ගිහින් කවද්ද උබලා ගුටි කෑවෙ?”

“අනේ යනවා යන්න..තරහයි මන්.” ඔය අතරෙ විනාඩියක් විතර තනුජ එක්ක අපේ බැජ් එකේ කොල්ලො ටිකත් කතා කරලා අපිටත් යනවා කියලා එතනින් යන්න ගියාට පස්සෙ මමත් මගේ පොත් බෑග් එකයි ක්‍රිකට් බෑග් එකයි අත් දෙකට ගන්න හදද්දි මාව පැත්තකට විසි වෙලා ගියේ නිශසල්කයා මාව තල්ලු කරපු පාරට…වචනයක් කතා නොකර මගේ ක්‍රිකට් බෑග් එක කරට දාගත්ත ඌ මගේ පොත් බෑග් එක හේශිතයට විසි කලා.

“මන් මොකද්ද ගෙනියන්නෙ එතකොට??”

“ශාක්‍යව වඩා ගනින්.” හේශිත්ට කුණුහර්ප තොගේකුත් පලාගෙන තනුජයා කැෆේ එකෙන් එලියට යන්න ගියා.

බ්ලිස් කැෆේ එකෙන් එලියට බැහැල ටික දුරක් ආවා….දැන් දිගටම මූ මෙහෙම ඉන්නද හදන්නෙ?? පුපත් එක්ක නලියනව මොන මගුලක්ද?! මම කෙලින්ම හරි බැරි ගැහිලා ඒම් එක හදා ගත්තා. උබ ඔය මටද පාට් එක දාන්නෙ නිසල්ක??

මම පිටි පස්සෙ ඉදන් වේගෙන් දුවගෙන ඇවිත් කෙලින්ම පැන්නෙ නිසල්කයගෙ බෑග්වලින් වැහිලා තිබ්බ පිට මැද්දට. ඒ එක්කම අපි දෙන්නා පේමන්ට් එකේ හරි මැදට පත බෑවුනා.

“à·„à·”#තෝ-” බෑග් ලොට්ටත් හතර අතේ විසි වෙලා ගිහින් තියන විදිය සත පහකටවත් ගනන් නොගෙන මම නිසල්කයගෙ බෙල්ල අස්සෙ මූණ ඔබා ගත්තා. අනේ මගේ පොකිරිස්සා.

“අයින් වෙයන් පගෝ…! අම්බෝ කොන්ද!!” මාව පේමන්ට් එකේ අයිනට තල්ලු කරල නැගිට්ට නිසල්කයා මගේ අහිම්සක පුපටත් පයින් ගහලා උගේ බෑග්ස් දෙක කරට දාගෙන මගේ බෑග් එක අතේ එල්ල ගත්තෙ මාත් මුකුත් නොකරපු ගානට අහිංසකයා වගේ නැගිටිද්දි…ඉම්හි ඉම්හි…අත තැලිලා සති තුනක් වෙන්න එනවා..ඇරත් දැන් මට ඒක දැනෙන්නෙ නැති තරම්. ඒත් තාම මුන් මට බර වැඩක් කරන්න දෙන්නෙ නැති හැටි..අනේ මගේ පිස්සු කොම්ලොහ් ටික.

ඉස්කෝලෙට යන්න තියන පේමන්ට් එක දිගේ අපි කියව කියව ගියේ අම්බානෙකට කෝප්ප හෝදන ගමන්..කවුද කියන්නෙ ගෑණුන්ට විතරයි කෝප්ප හෝදන්න පුලුවන් කියලා? පිරිමි අපිත් හොදට දන්නවා. කෝප්ප වේවා බාල්දි වේවා ඕනෙනම් බවුසර් පිටින්ම හෝදන්නම්…à·„à·„à·Š ඕවත් වැඩද බ්‍රෝ??

පේමන්ට් එක ඉවර වෙනවත් එක්කම අපි වම් පැත්තට හැරුනෙ ඉස්කෝලෙ ගේට් එකෙන් ඇතුලට යන්න බලාගෙන වුනත් අපිට ඇතුලට යන්න බැරි වුනේ එන්ට්‍රන්ස් එකේ ඉදන් දාලා තිබ්බ පොලිස් ගාඩ් එක නිසා..

“අම්මට සිරි..මේ මොකද?? කුඩු පැකට් එකක් වත් අහු වෙලාද බම්?” හේශිතයා ඉදලා ඉදලා කියපු එකට අපි තුන් දෙනාම ඌ දිහා හැරිලා බැලුවා.

“අනේ යකෝ ඔය හිච්චි පැකට් එකට පෝලිම් පිටින් පොලීසිය එවනවද බන්? අර බලහන් මීඩියා එකෙනුත් ඇවිල්ලා”

“ඉතින් යකෝ අපේ වගේ ඉස්කෝලෙක කුඩු හම්බුනා කියන්නෙ මීඩියා එන්න කරම් දෙයක් නෙමේද?” ඒක නම් ඇත්ත හැබැයි. අපි හතර දෙනා අර ආතක් පාතක් නැති එවුන් වගේ ඉස්කෝලෙට හැරෙන තැනම බකන්නිලාගෙන ඉන්න අතරෙ එකපාරටම වාහන පෝලිමක් ඉස්කෝලෙ ඇතුලට කඩාගෙන යනවා දැක්කා..

“පහයි..හයයි…හතයි..අටයි…නවයයි- ටෞකන්න යකෝ රනිලාවත්ද?” ඒ එක්කම අපේ කටවල් ඇරුනේ අන්තිමට පට්ට වේගෙන් ඉස්කෝලෙ ඇතුලට ගියපු කාර් එක දැකලා.. ෆෝර්ඩ් මස්ටෑන්ග් එකක්? ඒකත් කස්ටමයිස් කරපු එකක්.

“ඔය ළමයි..! බෑග් චෙක් කරලා යන්න ඇතුල් වෙද්දි..”

අපියි තව හවස ප්‍රැක්ටිසස් තියෙන ලමයි ටික දෙනෙකුයි එතන චෙක් පොයින්ට් එකට ගිහින් බෑග් එක චෙක් කරවගෙන ඇගත් අත ගාවගෙනම ඇතුලට ගියා..මරු වැඩේ කියන්නෙ නිසල්කයව චෙක් කරේ පොලිස් අක්කා කෙනෙක්..පොර එයාටත් පැණි හිනාවක් දාලා ඇතුලට ගියාම ඒ අක්කා හිනා වීගෙනම ඉන්නවා අපි දැක්කා..අයි මීන් ඉට්ස් නිශල්ක රාග්‍රව්..

ඉස්කෝලෙ ඇතුලට යද්දි එතන තව ලමයි වගයක් ඉන්නව දැක්ක නිසා අපිත් ශේප් එකේ එතන්ට ගියේ සීන් එක මොකද්ද කියලා දැන ගන්න.

“ලක්ෂ්මන් ඩි සිල්වා ඇමති ඇවිත්” තයිකොන්ඩො ගහන අපේ වයසෙ අනුක කිව්වා.හ්ම්..එහෙනම් ඒක තමයි අද උදේ ඉදන් ඉස්කෝලෙ ලේන් එකේ ගාඩ් එක තිබ්බෙ.මැද්දෙ තිබ්බ කලු කාර් දෙකේ ඇරෙන්න ඒ දෙක වට කරලා තිබ්බ ඩිෆෙන්ඩර්ස් වලින් සුදු ෂර්ට් එකයි කලු කලිසමයි ගහගත්ත බොඩිගාඩ්ස්ලා බැහැලා දුවගෙන ඇවිත් හෙනම ඩ්‍රමැටික් විදිහට අර කාර් දෙක වටේට හිටගත්ත හැටි අපි බලන් උන්නා..ටැමිල් ෆිල්ම්ස් මොනාද මේවා මොනාද..දෙකම තකට තක ඉතින් ලංකාවනෙ.

දෙවනියට තිබ්බ මර්සෙයිඩිස් බෙන්ස් එකෙන් ආපු කට්ටියව අපි බහින්න කල්තියාම ගෙස් කරන්න දැනන් හිටියා..මොකද ඔය තියෙන්නෙ සඳැස් අයියගෙ කාර් එක. සඳැස් අයියා කියන්නෙ අපේ ඩිපියුටි හෙඩ් බෝයි..ඒත් ඔය ගාඩ් එකයි අනිත් ඔක්කොම ඉතින් අපේ ශවිරු අයියා නිසා.. මොකද ලක්ෂ්මන් ඩි සිල්වා කියන්නෙ ශවිරු අයියගෙ තාත්තා. අපේ අඹ ඇටේ වෙච්ච ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති ගෞරවනීය ධීවර ඇමතියගෙ එකම පුතණ්ඩියා. මගේ ක්‍රිකට් කැපා ශවිරු බ්‍රයන් ඩි සිල්වා. සුපිරි බුලට් එක..

ඊලගට සඳැස් අයියගෙ එහා පැත්තෙන් මතු වුනේ සාහිල් අයියා..අපේ ඩිපියුටි ගේම්ස් කැපා. ඔය තමයි ඉතින් අපේ අති මහත් ගෞරවනීය ටොප් බෝඩ් එක…කාර් එකෙන් බැහැලා අපේ සෙකියුරිටි හේරත් අංකල්ට හිනා වීගෙන කාර් එකේ යතුර දෙන හැටි මමයි නිස්සයි බලන් හිටියෙ තාම බාගෙට ඇරුන කටින්.. මෙන්න මූ හිනා වෙනවා?? බලන්න ඕන ඉස්කෝලෙ වෙලාවට මුගේ මූණ.. බැලුවොත් පුප රත් කරන් වගේ කෑ ගහනවා ගිනිපුග්කාරයා මොකෙක්ම හරි අල්ලන්..මේ ආෆ්ට ස්කූල් නිසාවත්ද? ඒත් සඳැස් අයියා කොච්චර කල් නම් හවස ඉදලා තියෙනවද..කෝ මෙචිචර පොඩි කාලෙ ඉදන් ජිම් එකේ එකට ට්‍රේන් වෙන අපි එක්කවත් මෙහෙම හිනා වෙලා නෑනෙ..මට පිස්සුද නැත්තන් මූට පිස්සුද කියලා හිත හිති ඉන්දැද්දි මගේ ඇස් දෙක ගිහින් නතර වුනේ මස්ටෑන්ග් එකෙන් බැහැලා ඇවිත් අපේ ඩිපියුටි ගේම්ස් කැපා වෙච්ච සාහිල් අයියාගෙ එහා පැත්තෙන් හිටගත්ත කෙනා ගාව..

“ඒ..අඩෝ…!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??” නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ.

ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ….මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්.

A/N

කාලෙකට පස්සෙ ඔන්න මම දැම්මා කතාවක්! මේක මම ලිව්වෙ හෙන කාලෙකට කලින්. ඒත් මන් මේක දැම්මෙ නැත්තෙ මම BL ජීවිතේටවත් ලියන්න නොහිතපු එකක් නිසා මට ආපු insecure ගතියට. ඒත් ඔන්න අද මන් මේක දැම්මා..ඒක් ඔයාලා තෑන්ක් කරන්න ඕන The_Queen_of_da_Hell  මෙන්න මෙයාට. මොකද මෙයා නොහිටින්න අද මන් මේක මගේ නෝට්පෑඩ් එකේම ජීවිත් කාලෙටම තියන්න තිබ්බා.

හැබැයි මෙන්න මේ දේත් මට ඔයාලට කියන්න ඕන..මේ කතාව මම රැල්ලට ලියන්න වත් කාගෙන්වත් කොපි කරලවත් ලියලා නෑ. මම ගැන ඉස්සර ඉදන්ම දන්න අය දන්නවා මගේ රයිටින් ස්ටයිල් එක ගැන. කොටින්ම කිව්වොත් වට්පෑඩ් එකේ මම ලියපු පළවෙනි කතාව (මාෆියාස්) එකත් ස්කූල් ලව්ස්ටෝරි එකක්. මම ගොඩක් යන්නෙ ඒ පැත්තෙන් මොකද මට ගොඩක් අත්දැකීම් ස්කූල් පැත්තෙන් තියෙන නිසා. මම මේ දේ කියන්න හිතුවෙ මට ඇඟිල්ලක් දික් වෙන්න කලින්. I respect each and everyone who writes and read. කතා ලියනවා වුනත් මම හැමදාම රීඩර්ස්ලටත් ඕතර්ස්ලට සමානව රෙස්පෙක්ට් කරනවා. මොකද ඔයාලා නොහිටින්න අද ලන්කන් මෙහෙම ඕතර්ස්ලා වට්පෑඩ් එකේ බිහි නොවෙන්න තිබ්බා.

හෙහේ…ලොකු ලොකු හෑලි කියවන් එනන් නෙවෙයි ආවෙ මම. කියවන අය කියවන්න. මටත් BL ගැන අත්දැකීම් නෑ..ඉතින් කතාව යටින් කමෙන්ට් කරන් යන්න..ඔයාලා කැමති නම් දිගටම ලියලා දෙන්නම්. මේක මම මගේ අනිත් බාගෙ කියපු නිසා දැම්මෙ..ඒක නිසා මේක මම ලියන පළවෙනි සහ අන්තිම BL එක වේවි..

IMPORTANT!!

This story is a work of pure fiction!! සත්‍ය පුද්ගලයන්, ජීවත්වන හෝ මියගිය හෝ සත්‍ය සිදුවීම්වලට යම් සමානකමක් තිබීම සම්පූර්ණයෙන්ම අහම්බයකි. මෙම ආඛ්‍යානයේ නිරූපිත චරිත, සැකසුම් සහ ආයතන සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ වන අතර ඒවා කතුවරයාගේ පරිකල්පනයේ නිෂ්පාදන වේ.

කතුවරයාගේ පැහැදිලි අවසරයකින් තොරව මෙම කාර්යය සමාජ මාධ්‍ය හෝ වෙනත් වේදිකාවක බෙදා ගැනීම, පළ කිරීම හෝ බෙදා හැරීම නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න. මීට අමතරව, මෙම කතාවේ කිසියම් කොටසක් ප්‍රතිනිෂ්පාදනය කිරීම, පිටපත් කිරීම හෝ අනවසරයෙන් භාවිතා කිරීම සපුරා තහනම් වේ.

Thank you for respecting the creative rights and efforts invested in this work.
ආදරෙයි!!! ඔයාලා හැමෝටම…!

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 01, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 01, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 01 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 01 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 01 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 01 light novel, ,

Comment

Leave a Reply

Chapter 1