À¶»À¶¯À·… | The Kandyan Aristocrats 02

A+ A-

“අඩෝ ආර්යන් අයියා ගැම්මක් නෙහ්?”
“බලහන් සදැස් අයියගෙ හිනාව..” අපිව පහු කරන් යන කොල්ලො ටිකක් ඒ පැත්ත දිහා බල බල යන ගමන් කියවන්න ගත්තා. ආර්යන් අයියා ආපු එක සඳැස් අයියට ලොකු අප් එකක් කියන්න පොරගෙ මූණෙ හැටට හැටේ පිරිලා තිබ්බ හිනාවෙන් බලන් ඉන්න ඕනම කෙනෙක්ට කියන්න පුලුවන්.

අපේ අලුත් ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක බැජ් ගහලා තවම තවම මාස තුනක්වත් සම්පූර්ණ වුනේ නෑ..සාමාන්‍යෙන් අපේ ඉස්කොලේ බැජින් සෙරමොනි එක කිව්වම ඒක ලොකුවට ගන්න එකක්. මාලිගාවෙන් වත් පිළිවෙත් කරන් ඇවිත් දවස් හතක් විතර ඒ දේට කැප වෙලා බැජ් එක ගහන දවසෙත් හාමුදුරුවන්ට වැදලා කරලා ඒ පිළිවෙත් කරලා පස්සේ ඉස්කෝලෙ ඇතුලෙ තියෙන අපේ හෝලි චරිච් එකෙන් ෆාර්දර්ගෙ ආශිර්වදය අරන් ඒ වත් පිළිවෙතුත් කරලා පහුවදාට අපේ ඕල්ඩ් බෝයිස්ලා ඕගනයිස් කරන සෙරමොනි එකෙනුත් පස්සෙ තමයි ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක වැඩ බාර ගන්නෙ. ඉතින් හිතාගන්න පුලුවන්නෙ අපේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ස්ලාට තියන තැන.. ඊටත් වඩා බැජ් එක ගත්තට පස්සෙ ප්‍රිෆෙක්ට්ස් ලට..ඒ කියන්නෙ මුලු ගිල්ඩ් එකටම ලැබෙන ඇටෙන්ශන් එක හිතාගන්නවත් බැරි තරම් පවර්ෆුල්..ස්පෙශලි ටොප් බෝඩ් එකට ලැබෙන ඇටෙන්ශන් එක..කන බොන එකේ ඉදන් යන එන තැන් වලට වෙනකන්ම පුදුම ඇටෙන්ශන් එකක් එන්නේ..ඉතින් ඔය අස්සෙත් මාසයක් සඳැස් අයියා ආර්යන් අයියා නැතුව ඉස්කෝලෙ ඇදගෙන ආපු ඇදිල්ලට හැමෝටම පලවෙනි වතාවට අමුතුම ගටක් ඇවිල්ලා තිබ්බෙ..ඒකත් විශේෂයෙන්ම ඕල්ඩ් බෝයිස්ලට..මේ ටිකේ ඉවෙන්ට් එකක් නැතුවත් ඕ බී එකට ලැබෙන සල්ලි හිතා ගන්නවත් බෑ..අනික දැන් ආර්යන් අයියගෙ පැමිණීමම බොක්කෙ ඉදන් කූල් වෙන්න තරම් දෙයක්..මොකද ආර්යන් කියන්නෙ එසේ මෙසේ චරිතයක් නෙවෙයි කියන්න මුලු නුවරම දන්නවා.. හෙඩ් බෝයි වෙන්න කලින් මේ මනුස්සයා ඉස්කෝලේ ප්‍රයිඩ් එක වෙච්ච රග්බි ටීම් එකේ වයිස් කැප්ටන්, මැච් එක දවසෙම රෙකෝඩ් එකකුත් තියලා කප් එක නුවරට ගෙනාවා..තව ස්කූල් බාස්කට්බෝල් ටීම් එක ඉන්ටර්නැශනල් ලෙවල් එකට ගෙනිච්චා..ඒ විතරක්ද ටෙනිස් වලින්ම කාමරයක් පුරවන්න තරම් ඇචීව්මන්ට්ස් තොගයක් ඉස්කෝලෙට අරන් දුන්නා වගේම මේ මනුස්සයා මැත්ස් කරන ගමන් සෙක්ශන් එකේ ටොප් ටෙන් අතර හැම පාරම ඉන්නවා කිව්වම ඉතින් තව කතා කරන්න දෙයක් ඉතිරි වෙලා තියනවද?? ආර්යන් කියන චරිතෙට ගෞරවය කියන දේ අමුතුවෙන් ඩිමාන්ඩ් කරලා ගන්න ඕනෙ වුනෙ නෑ..හී වස් බෝන් ෆෝර් දිස්.

මස්ටෑන්ග් එකට හේත්තු වෙලා ඉන්න කෙනා දිහා මන් ඇස් හීන් කරගෙන බලන් හිටියා…ඒ අස්සෙ මට පේනවා නිසල්කයලා හැමෝම මන් දිහා බලන් ඉදලා ආයෙම අහක බලා ගන්නවා. අහක බලා ගත්තා නම් මොකද මේ මී හරක් ටික කින්ඩියට හිනාත් වෙනවා.

“අන්න උබේ බ්ෘන්ගරාජයා ඕසි ඉදන් ඇවිත්..” මන් මගේ එහා පැත්තෙ ඉදන් ඉන්න සක්කිලියො ටික දිහා බලලා හොදවැයින් දෙකක් රැව්වා..තනුජයත් හැමිනෙනවනෙ ඉතින්. හෙහේ මගෙයි ආර්යන් අයියගෙයි කතාව එච්චර හොඳ එකක් නෙවෙයි. කොටින්ම කියනව නම් අපි දෙන්නා හරියට නයයි මුඟටියයි වගේ. මන් දන්නෙ නෑ මට ඕකව පෙන්නන්න බෑ එච්චරයි.

ඌ දිහා මන් මෙච්චර වෙලා ඇරගන්න වගේ බලන් ඉදලා කියලා මට තේරුණේ ඇකිලිලා තිබ්බ ඇහි බැම එක්ක මගේ නළල ටිකක් බර ගතියට දැනුන නිසා. එහෙම්ම මම මූණත් සැහැල්ලු කරගෙන අහක බලා ගත්තෙ මගේ බැන්ඩේජ් කරන් හිටපු අත දිගේ මම මගේ අනිත් අත හෙමීට ගෙනියද්දි..නවය වසරෙදි ඒ බල්ලා මගේ අත කඩපු විදිහ මට තාම මතක් වෙද්දි හොයන් ගිහින් මකබාවන්න හිතෙනවා.

“ඒ ශාක්‍ය කාම් ඩවුන් උට්ටෝ..! මූ ආර්යන් අයියා දිහා බලන් ඉන්න විදිහ..ඇගත් එක්ක මොකද්ද වුනා.” මගේ වම් පැත්තෙ හිටපු හේශිතයා ගිහින් නිසල්කයා ගාව හිටගනිද්දි මට හිනා ගියා.

“මොකද යකෝ මගේ ගාවින් ගියේ? උබ හිතුවෙ මන් ගිහින් අරූට ගහයි කියලද භල්ලෝ??”

“අනේ කටවහපන් බන් උබ දන්නෙ නෑ නෙ උබ කලින් ආර්යන් අයියට දීගෙන හිටපු ලුක් එක.”

“අනේ ඕයි ඌට ගහන්න හිතුව නම් මම මෙතන හිත හිත ඉන්නවද? දැන් එහෙනම් මෙතන පත වලියක්නෙ. උබත් කිව්වොත් කියන්නෙම උට්ටක් තමා..” අපි ඊටපස්සෙ බාස්කට්බෝල් කෝට් එක තියන පැත්තට ඇවිදන් ගියා. බාස්කට්බෝල් කෝට් එකට ඇතුල් වෙන තැන වටේටම හිටවල තිබ්බ මාර ගස් නිසා උඩට වෙන්න හදලා තිබ්බ කොන්ක්‍රීට් පඩිපෙල් වල මැදක් හරියට වෙන්නම හෙවණ තිබ්බා. මම හේශිතයට මැද ඇගිල්ලකුත් පෙන්නලා කෙලින්ම ගිහින් දෙවැනි පඩිපෙල උඩ කකුල් දෙකත් පළල් කරන් ඉදගත්තම නිසල්කයා එක්ක ආපු තනුජයයි හේශිතයයිත් අර පතරංග බෑග් ටික බිමට දාලා පඩිපෙල උඩ පත බෑවුනේ හරියට හපුතලේ කන්ද නැගපු ගොන්නු වගේ හතිත් දාන ගමන්..මේක එහෙම අපේ කෝච් හේමාල් කාරයා දැක්කනම් පුපේ ඉදන් හම ගහයි…අනේ උගෙත් අම්මගෙ ෆිට්නස් එක.

කොහොම හරි විනාඩි පහක් යන්න කලින් එන්න කියලා තිබ්බ ස්පෝර්ට්ස් වල අය ඇවිත් බාස්කට්බෝල් කෝට් එකට පිරෙන්න ගත්තා. ඔය අතරෙ කට්ටිය අපි ඉන්න පැත්තට එන්න පොර කෑවේ පඩිපෙලේ අනිත් පැත්තට වෙන්න ඉද ගත්තොත් අව්වට පුපවල් ටික ලෙෆ්ට් වෙන නිසා. මම නම් අගලක් හෙලවෙන්නෑ හුම්.

“ඒ කෝ බන් අනිත් එවුන්? වෙනදට අපි පරක්කු උනාම බලන්න ඕන පක්කුන්ගෙ ටෝක්ස්..” තනුජයා කියලා කට ගන්න උන්නෑ කෝට් එකට පෙරහරකට එන අලි වගේ තඩි ඇගවල් එක්ක එන්න ගත්ත රග්බි ටීම් එකයි..උන්ගෙ එහා පැත්තෙන් හෙන සීරියස් ටෝක් එකක් දාගෙන එන ටොප් බෝඩ් එකයි උන්ව පිරිවරාගෙන එන ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එකයි ඊටත් පිටිපස්සෙන් අපේ ක්‍රිකට් ටීම් එකයි එන හැටි අපි හතර දෙනා කැද බීපු එවුන් වගේ පඩිපෙල උඩ තැපලා බලන් හිටියත් අපි ශේප් එකේ කෙලින් වෙලා ගැම්මට පඩිපෙලේ වාඩි වුනා…මොනා වුනත් චාටර් වෙන්න නරකයි අර රග්බි කාරයෝ ඉස්සරහ..

“අම්මට සිරි අන්න ශවිරු අයියා” මාත් ටක් ගාලා ඉස්සිලා බැලුවා…අඩේ අපේ පිට් එක..කාලෙකින් දැක්කෙ ඇයි රන්ටැඹේ ගියානෙ ඉතින් මාසෙකින් විතර දකින්නෙ.. හ්ම්…ඔය ඉන්නෙ ගොපලු යකා වගේ ලස්සනට..කලු වුනාමත් උගේ දාර ගැම්මක් තියේ..කලු කියන්නෙ මේ අගුරු සීන් එකක් නෙමේ ශවිරු අයියට තිබ්බෙ අමුතු කහ පාටක් එක්ක තලෙලුවක්. ඒකට අර ආර්යන් කාරයා රට ගිහින් සුද්දෙක් වගේ. අනික ඇග යකෝ..මූ රට ගියා කිව්වට හොරෙන් ජිම් එකේ පැල පදියන් වෙලාද කොහෙදෝ ඉදලා තියෙන්නෙ…ඇදන් හිටපු සුදු පාට අත් කොට පෝලෝ ටී එකේ බයිසෙප් එක ලගින් තද වෙලා තිබ්බ විදියට උඩට ඉලිප්පිලා තිබ්බ නහර‍යිත් එක්ක චෙස්ට් එක හරියෙන් අමාරුවෙන් අල්ලන් ඉන්න ටී එක ගැන මට දුක හිතුනා..ඒ මදිවට ශේඩ්ස් උත් දාලානෙ මූ.. හිතන් ඇති ශාරුක් කියලා. උගේ ලගින් වත් තියන්න පුලුවන්ද මේ බුම්මට්ටා.

ඒක දැක්කත් හරි ශේඩ්ස් දෙක ගලවපු එයා කෝට් එක මැද්දෙන් හිටගත්තෙ හරියට රාජා ඇතා වගේ.. මට ඕකව පෙන්නන්න බැරි වුනත් පිලිගන්න වෙනවා එයාගෙ පර්සනෑලිටි එක මෙච්චර කාලෙකට හිටපු එක හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක්ට සමාන කරන්න බෑ කියන එක. එච්චරට ඒක පවර්ෆුල්. ශේඩ්ස් දෙක ගලවලා මුලු කෝට් එක පුරාම ඇස් දෙක යැව්වත් හරි තත්තපර දෙක තුන ඇතුලත කියව කියව හිටපු සේරමල්ලගෙම කටවල් තප්පර ගාණක් ඇතුලත වැහිලා ගියා..

ඒ එක්කම කොහෙන්ද මන්දා කඩාගෙන බිදගෙන ආපු ගමිදු අයියා ආර්යන් අයියගෙ ඉස්සරහින් හිටගෙන ඉණටත් අත් දෙක ගහන් අම්බාගෙනක කෝප්ප‍යක් දිගාරින්න ගත්ත හැටි අපි හැමෝම බලන් ඉදියා. ගමිදු අයියා කියන්නෙ රග්බි ටීම් එකේ කැප්ටන්.. අපේ තනුජයගෙ කසින්.. අනිත් වෙලාවට මළ යකෙක් උනාට දාහකින් හොයා ගන්න බැරි පට්ට චරිතයක් ඉතින්.පිටිපස්සෙ තිබ්බ කොන්ක්‍රීට් පඩියට හේත්තු වෙලා ඒක උඩින් අත් දෙකම දිගෑරලා තියාගත්ත මම අපේ ඉස්සරහින් හිටන් උන්න ටොප් බෝඩ් එක දිහා බෙල්ලත් ඇද කරන් බැලුවා..පස්සෙ එහෙම්මම පැත්තකට වෙලා හිටන් උන්න ප්‍රිෆෙක්ට්ස් ගිල්ඩ් එක දිහා බැලුවා..ටිකක් වෙලා යද්දි ඉබේම මගේ කටේ කොනක් ඉස්සුනා මොකද කියනවනම් ඔතන ඉන්න එකෙක් නෑරම ලන්කාවෙ ගොඩක් දෙනා පිළිගත්ත පවුල් වල පුත්තු..එකෙක් සල්ලි නැති එවුන් නෙවෙයි..ඇරත් එහෙම කෙනෙක් ගිල්ඩ් එකට ගත්තෙ ගොඩක් කලාතුරකින්..ඒකත් ඉස්කෝලෙ ස්පෝට්ස් වලිනුයි ඇකඩමික්ස් වලිනුයි හයි ප්‍රෆෝමන්ස් පෙන්නන කෙනෙක් නම් විතරයි ගිල්ඩ් එක ඇතුලට ගත්තෙ..

“ඒ මේ..මොකක් හරි සීන් එකක් ගිහින් වගේ නේද?” මම මගේ කල්පනාවෙ ඉඳගෙනම ඔහේ ඔලුව වැනුවා. දැන් ටික වෙලාවක ඉදන් මටත් ඒක තේරුණා..නැත්තන් මොකද හැම ස්පෝර්ට් එකක්ම නැතුව තෝරගත්ත ටිකක් විතරක් මෙතන කරන්නෙ? අනික ස්පෝට්ස් මීට් එකටත් ඕන කරන මීටින්සුත් අරන් ඉවරයිනෙ. මම නිකමට අපේ වම් පැත්තෙ කර අව්වෙ ඉදන් කරවල ටිකක් වගේ වේලෙන රග්බි ටීම් එක දිහා බැලුවා.

හ්ම්…මොකක් හරි සීන් එකක් තමයි..සෙට් එකම ඔලු නවාගෙන බිමට පාත් වෙලා මොනාද කියවනවා..

ඒ එක්කම මන් ඉදන් ඉන්න රෝ එකේම අනිත් පැත්තෙ වාඩි වෙලා ඉන්න රාහුල් කාරයා දිහා බලන් ඊට පහළ රෝ එකේ මොනාද කියව කියව හිටපු දේශාන් කාරයා මන් දිහා එකපාරටම බැලුවා. ඌ මන් දිහා බලලා අමුතු හිනාවක් දැම්මම ඌ එක්ක මෙච්චර වෙලාවක් කියව කියව හිටපු රාහුල් කාරයත් මන් දිහා හැරිලා බැලුවා. දේශාන් කාරයා උගේ ඒ ලුක් එක දාගෙන දිගටම මන් දිහා බලන් උන්න නිසා මාත් ගේම අතාරින්නෙ නැතුව කෙලින්ම ඌ දිහා බලන් ඉද්දි ටීම් එකේ එකෙක් කියපු මොකක් හරි දේකට ආයෙම අනිත් පැත්තට රාහුල් හැරුනත් හරි දේශාන් කාරයා මට ඇහැක් ගහලා ඉස්සරහ බලාගත්තා.

“පිස්සු à·„à·”#තෙක්..” නිසල්කයා දේශාන් කාරයාට පලු යන්න රැව්වා.

“ඌට නම් බම් ලැජජාව කියලා නාමයක් නැති හැටි..අච්චර අරහෙ ටීම් එකට කෙල වෙද්දි මේ ගස් හිවලා මෙහෙන් ශාක්‍යට ඇස් ගහනවා.” හේශිතයා සුපුරුදු පරිදි අපේ සෙට් එකේ අම්මා චරිතෙට බැස්සා.

“නෑ ඉතින් මට දේශාන් කාරයව තේරුම් ගන්න පුලුවන් බන්..” ඒක කිව්වත් හරි මුලු ක්‍රිකට් ටීම් එකම..ඊට එහා පැත්තෙ හිටපු බාස්කට් බෝල් ටීම් එකත් තනුජයට වට් ද ෆක් ලුක එකක් දුන්නා.

“ඇයි යකෝ ඉතින් ඇත්තනෙ.. ශාක්‍ය දැක්කම ඉතින් ඔක්කොම අමතක වෙන එක සාධාරණයි.” මූ ඉදන් පකක් කියෝනවා. අර බලහන් ඉතින්..දැන් හැමෝම රග්බි ටීම් එක දිහා බලලා කෙන්ඩියට හිනා වෙනවා හැරි හැරි..අර දේශාන් කාරයත් මන් දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා රෙද්ද. මොකද යකෝ මන් දිහා බලන්නෙ හරියට මම හිනා වුනා වගේනෙ. ඌ ඒ ඉදගෙනත් මන් දිහා බැලුවම තන්ජයයි නිසල්කයයි පිස්සු බල්ලො දෙන්නෙක් වගේ උන්ගෙ අර කැත කුකුළ් හිනාව දාන්න ගත්තා.

“පිස්සුද භල්ලෝ..ශිකේ ලැජ්ජාවෙ බෑ බන් උබලා කරන ඒවට.” මම නළලට අතක් තියාගෙන අනිත් පැත්ත බලන් උන්නා.

“මොකද උබලා ඔය හිනා වෙන්නෙ? අපිටත් කියන්න හිනා වෙන්න..තව ලැජ්ජ නෑ-” ඒ බැන්නෙ ගමිදු අයියා..හරි නම් අපිටයි බනින්න ඕන මොකද මෙතන හිනා වුනේ අපේ එවුනුයි ඒත් ගමිදු අයියා බැන්නෙ අරුන්ට. ආතල් හැබැයි.

“රග්බි වයිස් කැප්ටන් වෙරෙන් ඉස්සරහට….!” මුලු කෝට් එකම හ්ම් සද්දයක් නෑ. මොකද දැන් ඒ කතා කරේ අර ආර්යන් කාරයා.

“ඒ මේ අරූ අද ඉවරයි ඈ.. අරුන් ඊයේ රෑ පාටි එකකට ගිහින් මෙහෙට කොළඹ ඉදන් ටූනමන්ට් එකකට ආපු *** එකේ කොල්ලො වගයක් එක්ක ඇරගත්තු වීඩියෝ එකක් සෝශල් මීඩියා එක පුරා ගිහින්..ට්‍රෙන්ඩින් ලු බන් ඒක.” හරිනෙ ඉතින් ගිනිපුක්ගාය පක්කු ටිකගෙ..සතියකට කලින් අරන් ආපු කප් එක දැන් ඉතින් ගගේ ගහගෙන යන සීන් එකක් තියෙන්නෙ.. අපේ එහා පැත්තෙ හිටපු බැඩ්මින්ටන් ගහන කොල්ලෙක් රහසෙන් ඒක කියලා ඉස්සරහ බලා ගත්තා.

මේකනේ දැන් ඔය සීන් එක වෙන ටීම් එකක වෙලා තිබ්බ නම් හැම ටීම් එකක්ම ඒකට සප් කරනවා සීයට සීයක් ශුවර්…එතකොට පනිශ්මන්ට් එකක් හම්බෙන්නැති තරම්.. ඒත් දැන් ඔය සීන් එක වෙලා තියෙන්නෙ රග්බි ටීම් එකටනෙ..ඒක තමයි අපිටවත් සීන් එකේ ආරංචියක් ආවෙ නැත්තෙ. රග්බි ටීම් එක හරියට ඉස්කෝලෙදි තනි ඇතෙක් වගේ..ඇතා ශක්තිමත්..ඒක සීයට සීයක් ශුවර්. ආයේ කිසිම ඩවුට් එකක් නෑ..ඒත් තනි ඇතෙක් කියන්නෙ කෑලේකදි මොනම වෙලේකවත් ආරක්ෂිත නැති සතෙක්..මොකද තනි ඇතෙක්ව සිංහ රැළකට අහු වුනා කියන්නෙ සොරි ඩොට් කොම් තමයි. මෙතනදි රග්බි ටීම් එකත් එහෙමයි..උන් කොච්චර පවර්ෆුල් උනත් එක තැනකදි වැරදුනොත් ආයෙ නැගිටීමක් නෑ.

අව්වෙ ඉදගෙන හිටපු ටීම් එක අස්සෙන් නැගිට්ට දේශාන් කාරයා පඩිපෙල බැහැගෙන ඇවිත් ආර්යන් අයියා ඉස්සරහින් හිට ගත්තෙ අමු ගූ බයෙන් කියලා කවුරුත් දන්නවා..ඒ මදිවට අරූ යකෙක් වගේ දේශාන් දිහා බලන් ඉද්දි වරදක් කරපු නැති මගේ පුපත් නලියනව වගේ..

“මොකද්ද අයිසේ අර නටල තියෙන නාඩගම!??” එකපාරටම ආර්යන් අයියා කෑ ගහපු විදියට දේශාන් විතරක් නම් මොකද අපි හැමෝම සැලකිය යුතු ප්‍රමාණයකින් ගැස්සිලා ගියේ බාස්කට්බෝල් කෝට් එකම තබ්බීරිවෙලා යන තරමෙ නිහඩතාවක් මතු කරද්දි.. මුගෙ සැර යකෝ.

“අයියෙ..උන් අපිට කැරි ටෝක්ස් දීගෙන ආවා-” දේශාන් කාරයා එක්ස්කියුස් දෙන්න පැනගෙන යද්දි මායි නිසල්කයයි මූණට මූණ බලා ගත්තෙ මුගෙ මෝඩකම දරාගන්න බැරුව..

“සස්පෙන්ඩඩ් කැප්ටන්…ෆෝර් අ මන්ත්” අපේ කටවල් බිමටම ඇරුනෙ ඒ කියපු හරුපෙ අහලා…මාසයක්?? එතකොට තව සති දෙකකින් තියෙන *** එක්ක තියෙන රග්බි මැච් එක?? පක්ම පක් ඕයි..!

“අයියෙ-” ආර්යන් අයියා සාක්කුවට අත දාලා ෆෝන් එකට ආපු කෝල් එක ආන්ස්වර් කරන ගමන් එතනින් ගියපු හැටි කවුරුත් හ්ම් සද්දයක් නොකර බලන් හිටියා.. තාමත් ඒකට රියැක්ට් කරගන්න විදියක් හිතා ගන්න බැරුව හිටපු දේශාන් කාරයා එකපාරටම ඔක්කොම දමලා ගහලා එතනින් යන්න ගියාමත් එක්ක උගේ ටීම් එකේ ටික දෙනෙක් එතනින් නැගිට්ටෙ දේශාන් පස්සෙ යන්න හිතාගෙන උනත් සඳැස් අයියා අතින් වාඩි වෙන්න කියපු සිග්නල් එක නිසා උන් ඉබේටම ඉන්දවුනා.. මෙතන තියන ලොකුම සීන් එක තමයි ආර්යන් කියන්නෙ හෙඩා වුනාට ඊටත් වඩා එයා රග්බි ටීම් එකේ එකෙක්. ගිය අවුරුද්දේ වයිස් කැප්ටන් ආර්යන් වුනත් මෙදා පාර ඒ ඔක්කොම පට්ටම් එයාට ගලවන්න වුනේ එයා හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච නිසා..මොකද සාමාන්‍යෙන් ඉස්කොලෙක හෙඩ් ප්‍රිෆෙක්ට් වෙනවා කියන්නෙ එයාට හැම පට්ටමකින්ම අයින් වෙන්න වෙනවා කියන එක. ඉතින් තමන්ගෙම ටීම් එක වෙලත් ආර්යන් අයියා ඒ කරපු දේට අපිත් ශොක් වුනේ නෑ කිව්වොත් බොරුවක් නෙ.. අනික වෙන පනිශ්මන්ට් එකක් නම් කමක් නෑ..ඒකත් සස්පෙන්ඩ් කරනවා කියන්නෙ- දේශාන් කියන්නෙ ඇමතියෙක්ගෙ පුතෙක්..අනික ඔය සස්පෙන්ඩ් කිරිල්ල ඌට ගානක් නෑ කියන්න අපිත් දන්නවා..ඒත් ඒක ටීම් එකට මාර බ්ලැක් මාක් එකක් ඊටත් වඩා එයාගෙම ටීම් මේට් කෙනෙක්ට හැමෝම ඉස්සරහ එහෙම කරාම.. ආර්යන් ඉස් නෝ ජෝක්.

හැබැයි රග්බි ටීම් එක ලගක ඉදන් අලිපුපෙන් හැමිනෙන්න ගත්ත විදිහට අපි නම් දැනගෙන හිටියා බේසිකයො ටික මොකක් හරි බාල්දියක් ලගදිම පෙරලගනීවි කියලා..මුන් කොච්චරනම් බැනුම් අහනවද ඉතින් දවසකට..ඒත් අර දේශාන් කාරයා ඒවා කනකටවත් ගන්නෙ නෑ..ඌ ඉතින් අම්මා අප්පගෙ සල්ලි වලින් ඔලුව උදුම්මවගෙනනෙ ඉන්නෙ..ඔය කොහොම උනත් සඳැස් අයියට පවා ඉස්කෝලෙ කන්ට්‍රෝල් කරන්න පුලුවන් ලිමිට් එකක් තිබ්බා. ඒත් ආර්යන් අයියට පිනාට සමාන කන්ට්‍රොලින් පවර් එකක් සමහර තැන් වලදි හම්බුනේ මේ වගේ දෙයක් උනාම ඒවගෙ මැද්දට ඇවිත් විසදන්න..එහෙම පවර් එක හම්බුන තැනක් තමයි මෙතන…ගේම්ස් කැපා ශවිරු අය්යා උනාට උට වඩා මේවට ඇගිලි ගහන්න මෙතන ආර්යන් අයියට පුලුවන්..කොහොමත් ඉස්කෝලෙ වුනු හැම දෙයක්ම ආර්යන් අයියා සඳැස් අයියා මාර්ගෙන් අප්ඩේට් වෙලා ඉන්නෙ කියන එක ඉස්කෝලෙ ප්‍රසිද්ධ රහසක්.

“අර නරුමයා අපිට කෙලවන්න තමයි ඔය හදන්නෙ..බලපන් උගේ මූණෙ තියෙන කපටි හිනාව..” මම නිසල්කයා දිහා බැලුවා. මූණත් ඇද කරගෙන ඌ කියන කතාව අහලා මම ඌ බලන් ඉන්න දිහාවට ඇස් ගෙනිච්චම දැක්කෙ ශවිරු අයියා එක්ක කයියක ඉන්න සඳැස් අයියා එකපාරටම අපි ඉන්න පැත්ත දිහා බලලා ඇගිල්ල දික් කරනවා.

“තිශාක්‍ය, නිශල්ක වරෙන් මෙතන්ට-” කාපි යකා කිව්වලු ශවිරු අයියා අපි දෙන්නා දිහා බලලා නෝන්ඩියට හිනා වෙලා කියද්දි ඒත් එක්කම එතනට ආපු ආර්යන් අයියත් ෆෝන් එක ආයෙමත් සාක්කුවට දාන ගමන් ශවිරු අයියගෙ ඇස් පොයින්ටඩ් වෙලා තිබ්බ අපේ පැත්තට එයාගෙ ඇසුත් අරන් ආවා. හරිනෙ ඉතින් පුපේ අමාරුව..වරෙන්කො ශවිරු අයියෙ උබ අපේ ගෙදර..දානවා මගේ ටෙසාගෙ කූඩුවට..බොට කොහොමත් බලු කූඩුව තමයි සෙට් වෙන්නෙ. වට සුනඛයා.

නැගිටින්න පරක්කුවට මගේ පිටට බෝස් ගාලා පාරක් වැදුනමත් එක්කම මාව එහෙම්මම නැගිට්ටුනේ හෙනයක් ගහපු වේගෙන්.. තනුජයට රවලා මමත් නිසල්කයගෙ පස්සෙන් ඇදි ඇදි කෝට් එක මැද්දට ගියා.. අපි කොහොමත් ඉස්සරහම වාඩි වෙලා උන්න නිසා ආයෙම අමුතුවෙන් ලමයි අස්සෙන් නැගිටන් එතන විකාරයක් කරන්න ඕන උනේ නෑ.

නිසල්කයගෙ පිටිපස්සෙන් ආපු මට බර බල්මක් දැනුනත් ඒ කාගෙන්ද කියන්න මම හොඳටම දන්නවා. පකද දන්නෑ බලන්නෙ.. මම කෙලින්ම ගහන්න වගේ ආර්යන් කාරයා දිහා බැලුවා..ඒ වෙද්දිත් මන් දිහා කන්න වගේ බලන් උන්නු එයා තප්පර දෙක තුනක් ඉදලා ආයෙම අහක බලා ගත්තා.

“ඉස්සරහට එන මැචස්වලට ඔක්කොම නවත්තලා ෆෝකස් එක දෙන්න පටන් ගනින්..දන්නවනෙ උබල දෙන්නට තමයි ටීම් එක ඇදගෙන යන්න වෙන්නෙ මේ අවුරුද්ද පුරාවටම. මටයි සාහිල්ටයි තියන වැඩ ගොඩ දන්නව ඇතිනෙ? ක්‍රිකට් උයි වොලිබෝල් උයි තියෙන්නෙ උබල දෙන්නගෙ අතේ ඒක නිසා එක්ස්කියුසස් දෙන්න නම් ලෑස්ති වෙන්න එපා.. තේරුණාද?” මායි නිසල්කයයි අර හෝඩිය පන්තියෙ ටීචර් කෙනෙක්ගෙන් බැනුම් අහනවා වගේ ඉතාමත් කීකරුව ඔලුවත් කඩන් ශවිරු අයියා කියන ඒවා අහන් හිටියෙ අද මුන්ට අම්බානෙකට මල පැනලා කියල දන්න නිසයි..

“අනික අර වගේ දෙයක් මට තමුන් දෙන්නගෙන් අහන්න ඕන නෑ.. ඩෝන්ට් ඩිසපොයින්ට් මී..” අපි දෙන්නා ආයෙම ඔලුව වැනුවා.

දැන්නම් කෝට් එකේ තිබ්බ ටෙන්ශන් එක බොහෝදුවරට අඩු වෙලා තිබ්බේ..මොකද මේ වෙද්දි සඳැස් අයියයි සාහිල් අයියයිත් අනිත් ටීම්ස් එක්ක කතා කරන ගමනුයි හිටියේ.. ඒක නිසා කට්ටිය හිටියෙත් ඒ ඒ ලෝක වල..

“අතට මොකද උනේ?” ඉබේටම මගේ නළල ඇකිලුනේ අපිට පොඩ්ඩක් දුරින් ඇහුනු කටහඬකට..

මම මගේ උරහිසෙන් බලලා අපි ඉන්න තැනට එන කෙනා දිහා කිසිම හැගීමක් නැතුව බලන් හිටියා.. කලිසම් සාක්කවට අතක් දාගෙන බෙල්ලත් ඇද කරගෙන ආර්යන් කාරයා මගේ ඉස්සරහින්ම ඇවිත් හිටගත්තා.

“ප්‍රැක්ටිස් කරන්න ගිහින්..” ඒ එක්කම මම කනට ගහන්න වගේ වේගෙන් කියලා දැම්මෙ එකපාරටම නිසල්කයා මට ගහපු වැලිමිට පාරට..

ටික වෙලාවක් මගේ අත දිහා බලන් හිටපු ආර්යන් අයියා එකපාරටම මන් දිහා ඇහි බැමක් උස්සලා බැලුවා. මන් කියවන් ගියොත් වැඩේ අවුල් යන නිසා නිසල්කයා අපි දෙන්නගෙ මැද්දට ටක් ගාලා ආවේ මාව පිටිපස්සට කරගන්න ගමන්.

“අයියෙ අපි යන්නම් හේමාල් සර් ඇවිල්ලා ඇත්තෙ..” ආර්යන් කාරයා ආයෙම ප්‍රශ්නයක් අහන්නද කොහෙද ගියේ ඒත් ඊට කලින් නිසල්කයා මාවත් ඇදගෙන එතනින් එක්කන් ගියේ වැඩේ තේරුණු තනුජයත් අපේ ලට්ට ලොට්ට කරේ දාන් ටීම් එකත් එක්කම ග්‍රවුන්ඩ් එක පැත්තට දුවන් එද්දි..

“උබට මැරුම් කන්නවත් ආස හිතිලද යකෝ අරුත් එක්ක ඇරගන්න හැදුවෙ..!?” ග්‍රවුන්ඩ් එකට යන්න කලින් එතන තිබ්බ හට් එක ඇතුලට ඇද්ද නිසල්කයා මගේ ඇගට කඩා පාත් වුනා..

“උගේ කසින් මට පො#නයා වගේ මිනිස්සු දම්මලා ගස්සපු එක කියන්න කියලද දැන් උබ මට කියන්නෙ??” නිසල්කයා සද්ද නැතුව මන් දිහා බලන් ඉදලා ටක් ගාලා කූල් ඩවුන් වෙන හැටි මන් බලන් හිටියා. නිසල්කයා කොහොමත් මට ඔය වලව් උන්දැලගෙන් වෙන හරිය දන්න නිසා උන්ගෙ නමක් ගෑවුනත් හරි උගේ පුප රත් වෙන්න ගන්නවා..මේ වෙන කොට මට උන් එක්ක තියන තරහට වඩා මූට උන්ව පේන්න බැරි සීන් එකක් තියෙන්නෙ..

“හරි හරි ඕක දැන් අතෑරල දාපන් නිසල්ක..මූට කෑ ගහල හරියනවද බන් උන් කරපු බේසික වැඩේට??” අන්න මගෙ එකා..දැක්කනෙ වැරැද්ද කාගෙ උනත් ඌ මාත් එක්ක..මම තනුජයව බදාගෙන අර පොකිරිස්සට දිව දික් කලා..

“දිව ගලවනවා දැනගනින්..!! යමන් දැන් හේමලයට මද කිපෙන්න කලින්..”

ප්රැක්ටිස් ඉවර කරල ඔක්කොම කරගෙන ඉස්කෝලෙන් යන්න හදනකොටත් අට හමාරට විතර ඇති..අරුන්ගෙ මීටින් එක නිසා පැය බාගයක් පරක්කු උන එකට හේමලයා මගෙයි අරූගෙයි ඇගට කඩන් පැන්නා..ඉතින් ඌ අපිව රෑ වෙනකන් ඉස්කෝලෙ තියාගෙන ප්‍රැක්ටිස් කෙරෙව්වා.

A/N

Characters ටික පැටලෙනවා වගේ නම් කියන්න..මම කෙටියන් ටොප් බෝඩ් එක මෙතනින් දාන්නම්.

ආර්යන්- ස්කූල් කැප්ටන්
සඳැස්- ඩිපියුටි ස්කූල් කැප්ටන්
ශවිරු- ගේම්ස් කැප්ටන්
සාහිල්- ඩිපියුටි ගේම්ස් කැප්ටන්

කතාව ශේප්ද? පැටලෙනවා වගේද??

ලව් යූ ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 02, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 02, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 02 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 02 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 02 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 02 light novel, ,

Comment

Leave a Reply

Chapter 2