À¶»À¶¯À·… | The Kandyan Aristocrats 03

A+ A-

ප්රැක්ටිස් ඉවර කරල ඔක්කොම කරගෙන ඉස්කෝලෙන් යන්න හදනකොටත් අට හමාරට විතර ඇති..අරුන්ගෙ මීටින් එක නිසා පැය බාගයක් පරක්කු වුන එකට හේමලයා මගෙයි නිස්සගෙයි ඇගට කඩන් පැන්නා..ඉතින් ඌ අපිව රෑ වෙනකන් ඉස්කෝලෙ තියාගෙන ප්‍රැක්ටිස් කෙරෙව්වා.

අපි ලොකර් රූම් එකට ආවා. මම කෙලින්ම ටී ශර්ට් එකයි ශෝට් එකයි ගලවලා ටවල් එක ඉණ වටේ ඔතාගෙන බෙන්ච් එකෙන් වාඩි වෙලා ලොකර් එකකට ඔලුව තියලා ඇස් දෙක වහගත්තෙ ආපු කලන්තෙ ගතිය යවාගන්න. මට ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා. මොකද ප්‍රැක්ටිස් කරද්දි මගේ ඇඩ්රිනලින් ගොඩක් ඇක්ටිව් වෙනවා..ඒක හැමෝටම වෙන දෙයක් ඒත් මන් ක්‍රිකට් ප්ලේ කරද්දි මගේ ගොඩක් එනඒජි එක දෙනවා. අදත් වුනේ ඒ වගේ දෙයක්.. හේමාල් සර් අද අපිට පට්ට ට්‍රේනින් සෙශන් එකක් දුන්නා. More like a suicide training. අපි මාර එනර්ජි එකක් දුන්නා අද ඒකට.. ඉතින් දැන් මට ටිකක් ෆේන්ට් වෙන ගතියක් ආවෙ ඇඩ්රිනලින් තාම මගේ ඇග පුරා දුවන නිසා.

ඒ එක්කම අපේ ලොකර් රූම් එකේ දොර ඇරිලා කටහඬවල් ගොඩක් ඇතුල් වෙන සද්දෙට මම ඇස් දෙක ලාවට ඇරලා බැලුම දැක්කෙ එලියෙ ඉදන් ආපු ප්‍රිෆෙක්ට්ස්ලා රොත්තක් මුලු ලොකර් රූම් එක වහගත්තා. මේ මොන හු#තක්ද?

ජොකා පිටින් හිටපු තනුජයා ටක් ගාලා ටවල් එක බැදගත්තෙ මට කන්ෆියුස්ඩ් ලුක් එකක් දීලා..ඇත්තනෙ යකෝ ඉතින් එහෙම හිතුන හිතුන විදිහට මේක ඇතුලට එන්න බෑ. ඇරත් ශවිරු අයියගෙන් හරි මගෙන් හරි පර්මිශන් නොගෙන??

ඒත් එක්කම අපේ කොල්ලො දෙපැත්තට බෙදුනෙ ප්‍රිෆෙක්ට්ස් ලට මාව පේන විදිහට..

“තිශාක්‍ය මල්ලි..ආර්යන් කිව්වා අපිට හැමෝගෙම බෑග්ස් චෙක් කරන්න කියලා-“

“ඇයි ඒ?” ඒ එක්කම ලෙකර් රූම් එක ඇතුලෙ හිටපු ප්‍රිෆෙක්ට්ස්ලා ටික මූණට මූණ බලා ගත්තා.

“නෑ මල්ලි එහෙම ලොකු සීන් එකක් නෙවෙයි..ඔය පොඩ්ඩක් උඩින් බලලා අපි යන්න ආවෙ-“

“ඇයි ඒ?” අහන දේට උත්තර දෙන්න බැරිද වගේ මන් ඇහි බැමක් උස්සන් ලුක් එකක් දීලා උන් උත්තර දෙනකන් බලන් හිටියා.

“අද වෙච්ච දේ නිසා මල්ලි..අපිට කිව්ව නිසා ආවෙ..පොඩි සපෝට් එකක් දෙමු නේ? ශවිරුත් එවෙලෙ එතන හිටියෙ නෑ..”

මම මුකුත් නොකියා ලොකර් රූම් එකෙන් එලියට එන්න ආවෙ අදාල එකාව හම්බෙලා විස්තරේ කතා කරගන්න..

පහල ස්පෝට්ස් කම්ලෙක්ස් එකේ ඉදන් දිගටම ඇවිදගෙන එද්දි මට ටීම් එකේ එවුන් මගේ නම කියලා කතා කරනවා ඇහුනත් මම හැරිලා බලන්න ගියේ නෑ මොකද මට දැනගන්න ඕන මෙහෙම කිසිම හේතුවක් නැතුව ලොකර් රූම්ස් වලට පැනලා චෙක් කරන්න ඌට පවර් එක ලැබුනෙ උගේ අප්පගෙන්ද කියලා..

“අඩේ මල්ලේ- අඩෝ ශාක්‍ය මල්ලි මොකද මේ ටවල් එක පිටින්? ඒයි ඒයි මල්ලි කොහෙද මේ යන්නෙ..?!” ගමිදු අයියා රග්බි රූම් එකේ ඉදන් දුවගෙන ඇවිත් මගේ අතින් ඇදලා මාව නවත්ත ගත්තා.

“ටොප් බෝඩ් එක කොහෙද?” නම මතක් කරොත් මට ගමිදු අයියටත් මොනා හරි කියවෙයි කියලා මන් කට තද කරගත්තා.

“ටොප් බෝඩ් එක කිව්වෙ..ආර්යන්ද?” මම අහක බලාගෙන ඔලුව වැනුවා.

“එයා ඇතුලෙ මල්ලි-” මම රග්බි රූම් එකට යන්න හදද්දි ගමිදු අයියා ටක් ගාලා මාව නවත්ත ගත්තා..

“මුලින්ම කූල් ඩවුන් වෙලා ඉදපන්කො..මොකද්ද වුනේ කියහන් මට?” මම ගමිදු අයියා දිහා ටික වෙලාවක් බලන් ඉදලා එයා මගේ අත අල්ලන් ඉන්න එක දිහා මන් ඇස් හීන් කරන් බැලුවා..

“සොරි සොරි..දැන් කියහන්කො..බයේ බෑ බන් උබ ඔහොම බලද්දි..” මම ලොකු හුස්මක් අරන් බෙල්ල පිටිපස්සෙ අතක් යවලා රග්බි රූම් එක දිහා බලන් හිටියෙ පුදුම ඉවසීමකින්. මෙතන දේවල් සිද්ධ වෙන විදිහක් තියෙනවා.. එක්කො ඌ ඒක තේරුම් ගන්න ඕන. නැත්තන් කවුරු හරි තේරුම් කරලා දෙන්න ඕන මොකද මේ අවුරුදු ගාණටම මේ දේවල් මෙහෙම හරි තියෙන්නෙ ඔය ට්‍රැඩිශන්ස් ටික නිසයි.

ස්පොට්ස් වලට එද්දි අපේ ඉස්කෝලෙ දෙවියො විදිහට සළකන්නෙ ක්‍රිකට් ඇන්ඩ් රග්බි කියන දෙක. මේ ස්පෝට්ස් දෙකට කෙලින්ම ස්පොන්සර්ස් පවා එන්නෙ ලංකාවෙ හයි සොසයිටි එකෙන්. කොටින්ම කියනවා නම් ගිය පාර බිග් මැච් එකට තනිකරම ආවෙ ඇමතිලාගෙයි බිස්නස්මන්ස්ලගෙයි සල්ලි. එතකොට ඔය පන්දාහේ ස්පොන්සස් ගිය පාර තිබ්බෙ නැති තරම්..මේ පාර ප්‍රිෆෙක්ට්ස් ගිලිඩ් එකත් එක්ක ගොල්ඩ් ස්පොන්සස්ම විතරක් තිබ්බොත් පුදුමයක් නෑ. එතකොට රග්බි ගත්තොත් කෙලින්ම ඉන්ටරනැශනල් වයිස් සල්ලි එන්නෙ.. ඔන්න ඔය දේවල් නිසා අපේ ස්පෝට්ස් අන්ටචබල්..ඒවගේම තමයි මේවගෙ නීතිත්..ඕනම ඉස්කෝලෙක සාමාන්‍යෙය ළමයෙක්ට එහෙම හිතුමනාපෙට වෙන ස්පෝට්ස් රූම්ස් වලට රින්ගන්න බෑ..ඒත් මෙහෙ අඩුම පිනාටවත් කැප්ටන්ස්ලගෙ අවසරයක් නැතුව අපේ ලොකර් එකටයි රග්බි රූම් එකටයි එන්න බෑ. ඉතින් ප්‍රිෆෙක්ට් කෙනෙක් ගත්තත් එහෙමයි. මම ගමිදු අයියා දිහා තප්පර ගාණක් බලන් ඉදලා කතා කරා.

“ඇයි අපේ ලොකර් රූම් එක චෙක් කරන්න කියලා තියෙන්නෙ? ඒකත් අපි දෙන්නගෙන් අහන්නෙ නැතුව?”

“අම්මටසිරි…මල්ලිලගෙන් ඇහුවෙ නැද්ද? කෝ ශවිරු?” ගමිදු අයියා මාව ඇතුලට නොයවා මෙතන තියාගන්න ලොකු ට්‍රයි එකක් දෙනවා.

“ශවිරු හිටියත් එකයි මන් හිටියත් එකයි..එලියට එන්න කියපන් අයියෙ..” මන් පිටිපස්ස හැරිලා එතනම තිබ්බ තාප්පෙට හේත්තු වුනා.

ඒ එක්කම මන් දිහා ටික වෙලාවක් බලන් හිටපු ගමිදු අයියා රග්බි රූම් එකට නොයා මන් ලගට එද්දි මම ඇහි බැමක් ඉස්සුවා..

“මල්ලි..උබ ඔය ඉන්නෙ යකා නැගලනෙ..ඔහොම දේවල් විසඳ ගන්න බෑ..ගිහින් වොශ් එකක් දාගෙන ඇදුමක් දාගෙන වරෙන් මම ආර්යන්ට කතා කරන්නම්..බලහන් තාම ඔය ප්‍රැක්ටිස් කරපු ගමන්නෙ. අනික එතකොට උබ කූල් ඩවුන් වෙලා ඉදියි. හරිනේ?” ගමිදු අයියා කියවන් යන අතරෙ ලොකර් රූම් එකෙන් එලියට ආපු කෙනා දැකලා මම කට කොනින් හිනා වුනේ ගමිදු අයියටත් බෙල්ල ලාවට ඇද කරලා පෙන්නන ගමන්…

“මම දැන් කූල් ඩවුන් වෙලා ඉන්නෙ..”

අපි දෙන්නව දැකලා දොර ලගම නැවතුනු ආර්යන් අයියා එයාගෙ නළල අකුල ගත්තා.

“මොකක් හරි ප්‍රශ්නයක්ද?”

ප්‍රශ්නෙ දැන දැනම අහපු එයා දන්නෙ නෑ වගේ එතනම ඉදගෙන ෆොන් එක ඔබන්න ගත්ත හැටි මේ පාර මම බැලුවෙ එන්න එන්න වැඩි වෙන්න ගත්ත තරහව නිසා දත් මිටි කාගෙන.

“ඇයි අපේ ලොකර් එක?”

“රග්බි එක චෙක් කරනවා නම් ඕක විතරක් චෙක් නොකරන්න හේතුවක් තියෙනවද?” මම ඔලුව වැනුවා.

“හ්ම්..ඇයි එහෙනම් අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට කිව්වෙ නැත්තෙ?” මේ පාර ෆෝන් එකෙන් ඔලුව උස්සපු ආර්යන් කාරයා මන් දිහා ටික වෙලාවක් බලන් හිටියා..

“ඉස්සෙල්ලම ගිහින් කූල් ඩවුන් වෙලා ඇදුමක් දාගෙන එන්න-“

“ඒක හිතන්න තිබ්බෙ අපිට ඇදුම් මාරු කරන්නවත් නොදී ප්‍රිෆෙක්ට්ස්ලාව ඇතුලට එවද්දි..” තාප්පෙට හේත්තු වෙලා උන්න මන් එතනින් අයින් වෙලා ඉස්සරහට යන්න හැදුවත් ගමිදු අයියා මාව නවත්ත ගන්න මගේ අතින් ඇදලා ගන්න හදද්දි මම ඉක්මනට අත ඇදලා ගත්තා.

“දැට්ස් ෆයින් ගමිදු..” මගේ පිටිපස්සෙ හිටපු ගමිදු අයියට ආර්යන් අයියා අත උස්සලා කිව්වම මම ලාවට හිනා වුනා.

“රග්රයිට්ස්ලට වගේම අපිටත් වෙනම ප්රොටෝකෝල්ස්තියෙනවා. don’t forget it.” උගේ උඩ ඉදන් යටට බලලා මන් එන්න ආවා.

ඉස්කෝලෙ ඉදන් මහ දුරක් මගේ ගෙදරට තිබ්බෙ නෑ. ඒක නිසා මම හැමදාම කරේ ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදරට වෙනකන් පයින් ඇවිද්ද එක..කොහොමත් ඒක පොඩි කාලෙ ඉදන්ම කරලා මට ඒක දැන් නැතුවම බැරි දෙයක් වුනා..

පාර අයිනෙන්ම මගේ පාඩුවෙ මන් ඇවිදන් යද්දි මට පිටිපස්සෙන් අරුන් දෙන්නා කියවන ඒවා ලාවට ඇහුනා..

කොහොමත් ටිකකට කලින් වෙච්ච දේ නිසා නිසල්කයලා මට පාඩුවේ ඉන්න දීලා උන් දෙන්නා මට ටිකක් පිටිපස්සට වෙන්න ඇවිදන් ආවේ ඒකට මම කැමතියි කියලා දන්න නිසාමයි.. ඇරත් බිග් මැච් එකත් ලග ලගම එන නිසා ෆිට්නස් හදාගන්න කට්ටිය උදේට හරි හවසට හරි ගොඩක්ම බැලුවෙ පයින් ඉස්කෝලෙට එන්න මොකද ක්‍රිකට් ටීම් එකේ ගොඩක් අය ඉන්නෙ ඉස්කෝලෙට ගොඩක් ලගින්..ඉතින් ඇවිදන් යන එක ලේසියි..නිසල්කයයි තනුජයයි උනත් ඉන්නෙ අපේ ගෙදර ඉදන් විනාඩි පහක දුරින්..උන් දෙන්නගෙ ගෙවල් දෙක නම් එක ලග.

“අරූ තාම තරහෙන්ද?”

“ඉතින් ගිහින් අහපන්කො මට අනින්නැතුව..”

“බෑ..උබ අහපන් උබට බයින එකක් නෑ..”

මම පිටිපස්ස හැරුණා..තාමත් මන් හැරිලා බලන් ඉන්නවා නෝට් වෙච්ච නැති හන්දා උන් දෙන්නා එකාට එකා බැන ගන්න දිහා මන් බලන් හිටියා..

“මට කියන්නෙ යකෝ- ආ ශාක්‍ය..උබ පිට්ද?” මම ඔලුව වැනුවා.

“ආ ඔය ඉන්නෙ මගේ මැණික..!” නිසල්කයා දුවලා දුවලා ඇවිත් මගේ කර වටේට අතක් යවලා එයා ලගට ඇදගත්තෙ මගේ කනෙන් හෙමීට අදින ගමන්..

“අර බලපන් ඉතින් හැමිනෙනවනෙ..” නිසල්ක මගේ බෙල්ල අස්සෙ මූණ ඔබා ගන්න හදද්දි මම ඌව පැත්තකට තල්ලු කරා..

“ඒ මේ විහිළු නෙවෙයි ශාක්‍ය හොදේ උබ ආයෙ අරූ එක්ක පැටලෙන්න එහෙම යන්න එපා හරිද?” මම නිසල්ක දිහා බැලුවා.

“ඇයි?”

“ඇයි?? ඇයි අහන්නෙ යකො ඌට තරහ ගියාම තනිකර උබට හපන්..උබයි ඌයි මරා ගද්දි අපි කාට කියන්නද යකෝ?? තුන් වෙනි ලෝක යුද්ධෙ වගේ තියෙයි..අනික පොඩි කාලෙ ගහ මරාගත්තා වගේ නෙවෙයිනෙ දැන්..ඌ හෙඩා. ඉතින් උබලා දෙන්නා ඔතන වලියක් ඇදගත්තොත් අපි මොන දෙයියටද කියන්නෙ?? තව ඇයිදත් අහනවා..”

“මේ ඒක නම් සිරා කතාව හොදේ..ආර්යන් අයියා මේ අවුරුද්දෙන් පස්සෙ ඉස්කෝලෙන් අවුට්..ඒත් උබට තව එහෙම් පිටින්ම අවුරුද්දක් තියෙනවා..ඇරත් උබ අපේ හෙඩා වෙන්න ඉන්න එකා කියලා හැමෝම වගේ හිතන් ඉන්නෙ..” තනුජ ඒ කියපු දේ අහලා මට හිනා ගියා..

“හෙඩ් මම?? උබට පිස්සුද? මම ඔය à·„à·”#තවල් කරගහන්න යන්නෙ නෑ..උබ දන්නවනෙ ඒක ම්ම්?” තනුජ මන් දිහා බලන් ඉදලා මල පැනලද කොහෙද අහක බලා ගත්තා.ඇත්ත මන් හෙඩ් තියා ප්‍රිෆෙක්ට්ශිප් එකටවත් අත ගහන්න නෙවෙයි ඉන්නෙ..ඒකට හේතු එකක් දෙකක් කියලා නෑ.. ගොඩක් තියෙනවා..ඉතින් ඔය ගැන කිව්වම මුන් ටික නහින්න හදනවා. හැමදාම මේ ටොපික් එක ඇදිලා ආවොත් අපි බැනගෙන තමයි දවස ඉවර කරන්නෙ..

මගේ ගෙදරට යන ලේන් එකට හැරුනත් හරි ඈත තියාම ගේට් එක ගාව නවත්තලා තිබ්බ නිල්කයගෙ කාර් එක මම අදුන ගත්තා..

“කාර් එක ඇවි-“

“මම දැක්කා..” මූ එහෙම කියලා අරූ එක්ක මාවත් පහු කරලා යන්න ගියා.

“අපි ගියා රත්නසිරි මාමේ..!”

“මොකෝ පුතාලා අද කන්න ඉන්නෙ නැද්ද?”

“නෑ අන්කල්..අරූව දැක්කම අද කෑම එක දිරවන එකක් නෑ..” මට හිනා යන්න ආවත් මම කට තද කරගෙන රත්නසිරි මාමා ගාව හිට ගත්තා..

“බායි..!” මම කාර් එකට නගින දෙන්නා දිහා බලන් හිටියා.

“බායි ටෙසා..!!” උන් දෙන්නා මට බායි නොකියා ටෙසාට ඇහෙන්න කෑ ගැහුවම ටෙසා වත්ත ඇතුලෙ ඉදන් බුරන්න ගත්තා..”

“අද මොකටද රණ්ඩු වුනේ??” මම උරහිස් ඉස්සුවා..

“ගණන් ගන්න එපා මාමෙ..උන්ගෙ පොයිය. හැබැයි හෙට වැඩිපුර බත් එකක් ගහන්න වෙයි මාමට..”

“අප්පෝ ඕක මොකද්ද ලොකු පුතේ..මම කරන්නම්..ආ ඒක නෙවෙයි අන්න ලොකු මහත්තයා ආවා.”

“මොකක්?! තාත්තා ආවා??” මම ටක්ගාලා රත්නසිරි අන්කල්ටත් හයි ෆයිව් එකක් දාලා ගේට් එකෙන් ඇතුල් වෙන්න හැදුවත් රත්නසිරි මාමා ටක් ගාලා මාව නතර කරගෙන මගේ අතේ තිබ්බ බැන්ඩේජ් එක පෙන්නුවා. ශිට්..ටක්ගාලා ඒක මම ඇදලා ගත්ත පාරට බරාස් ගාලා ඉරිලා ගියා..

“කෝ ඕක මට දෙන්න ලොකු පුතේ..”

මම රත්නසිරි අන්කල්ට හග් එකක් දීගෙනම ගේට්ටුවත් ඇරගෙන ඇතුලට ගියාම දැක්කෙ වත්තෙ මැද්දට වෙන්න කලු පාට අවුඩි එකකට ෂෝට් කෑල්ලකුත් ගහන් හෝස් එක අල්ලන් ඉන්න තාත්තව. දෙපාරක් හිතන්නෙ නැතුව මම දුවන් ගිහින් තාත්තගෙ කරට පැන්නා.

“ලොකූ.!! බහිනවා තඩියෝ බිමට..!! අම්මෝ බන් මගේ කොන්ද…!” තාත්තගෙන් එහාට වුනු ගමන් එයා හෝස් එකත් පැත්තකට විසි කරලා කොන්ද අල්ල ගත්ත විදිහ මන් බලාගෙන…යකෝ අර්ධ ශතකෙ ගහුවා විතරයි මෙන්න අසූවෙ එකෙක් වගේ කොන්ද අල්ලගෙන..මගේ කොන්ඩෙ අවුස්සලා එතනින් යන රත්නසිරි අන්කල් දිහා තාත්තා කටත් ඇද කරන් බලන් හිටියා..

“මූව නරක් කරන්නෙ මාමා තමයි..!” හරි ඉතින් පොඩ්ඩක් හුරතල් වුනාම ඇග ගෙවෙනවද?? පිම්සු කොල්ලාහ්..

“ඔහේ කමක් නෑ මහත්තයා..දගලන වයසනේ..” ගෙදර දොර ඇරලා දීපු රත්නසිරි මාමට අපි දෙන්නම තෑන්ක් කරලා ඇතුලට ගියපු ගමන් මන් කරේ කිචන් එකට දුවපු එක…සියල්ලටම පෙර ආහාර…අම්මට සිරි ලසඤ්ඤා..අන්න අන්න ඉතින් කන එකත් වැරදිද දැන්?? ඇගිල්ල දාලා චීස් එක පොඩ්ඩක් කටට දාගන්න හැදුවම තාත්තා ඇවිත් මගේ කනෙන් ඇදලා ගත්තා..

A/N

මේ වෙනකන් කියවලා කතාව ගැන මොකද්ද හිතුනෙ
👉🏻👈🏻

රෑ වෙලා ට්වෙල්ව් දෙනවා
Adareyyy…

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 03, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 03, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 03 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 03 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 03 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 03 light novel, ,

Comment

Leave a Reply

Chapter 3