À¶»À¶¯À·… | The Kandyan Aristocrats 04

A+ A-

“ලොකු…යනවා ගිහින් වොශ් දාගන්නවා පස්සෙ බැරියැ ඔය ඩෝසරේ පුරෝගන්න..” මම කට ඇද කරලා යන්න හැරුණා.

“ඒ ලමයෝ..” කිචන් එකෙන් යන්න හැරුණු මම ආයෙම පිටිපස්ස බැලුවෙ තාත්තා කතා කරපු නිසා. ඒ එක්කම තාත්තා මට යතුරක් වගේ එකක් විසි කරාම මම ඒක ටක් ගාලා අල්ලගත්තා.

“මේ…?” මගේ උගුරෙ කෙල හිර වුනා. මම ආයෙම තාත්තා දිහා බැලුවම දැක්කෙ එයා එයාගෙ ෆෝන් එක දිහා බලාගෙන මොනාද ඔබනවා..ආයෙම මම මගේ අතේ තිබ්බ යතුර දිහා බැලුවා.

“තාත්තෙ මේ…”

“හ්ම්..හෙට මට ඉන්න වෙන්නෙ නැති නිසා මම අදම මේක දීලා යන්න හිතුවා.” ෆෝන් එක කිචන් ටේබල් එක උඩ තියලා ෂෝට් එකේ සාක්කු දෙකට අත් දෙක ඔබා ගත්ත තාත්තා ඇස් වලින් ආයෙම මට යතුර පෙන්නුවා.

“ඉපදිලා නැගිටින්නත් කලින්නෙ ඕනෙ ගෑවෙ..කැමතිද ඉතින්?” මම ඇස් දෙකත් ලොකු කරන් තාත්තා දිහා බැලුවා.

“බයික් එක දැන් තියෙනවද?” තාත්තා ලාවට හිනා වෙන ගමන් ඔලුව වැනුවා.

“ගරාජ් එකේ.” මම තාත්තා දිහා තප්පර ගාණක් බලන් ඉදියා..

ඒ එක්කම මම අනිත් පැත්ත හැරිලා දුවන් ගියේ කිචන් එකට එන තැන තිබ්බ ලොකු පඩියකුත් තියෙනවා කියන එකත් අමතක කරගෙන…ඊළග අඩිය තියන්න කකුළ උස්සද්දි මම හිටියෙ බිම පඩියත් බදාගෙන..ඒත් මම ආයෙම තප්පර අරික්කාලක්වත් යන්න දෙන්නැතුව වැටිච්ච තැනින් නැගිට්ටෙ ගෙදර මැද්දට වෙන්න උඩටයි යටටයි විහිදිලා තිබ්බ ලොකු පඩිපෙළේ පහළට යන්න තිබ්බ පඩිපෙල අරගෙන වේගෙන් පහළට දුවද්දී..

ගරාජ් එකට ආපු ගමන් මන් දැක්කෙ අපේ ගෙදර තිබ්බ කාර් හතර..කලබලෙන් ඉස්සරහට ඇවිදගෙන යන ගමන් මම දෙපැත්තෙ නවත්තලා තිබ්බ කාර් අතරෙනුත් ඔලුව දදා ගියා..ගෙදර තියෙන්නෙ කාර් හතර වුනාට තාත්තා අන්ඩග්‍රවුන්ඩ් ලොකු ගරාජ් එකක් හැදුවෙ ඉස්සරහට තව කාර්ස් ගේන්න..අපි දෙන්නට තියෙන්නෙ එසේ මෙසේ වාහන පිස්සුවක් නෙවෙයි..තාත්තට ලස්සනයි කියලා හිතුනොත් ඊළග දවසෙ ඒ වාහනේ අපේ ගෙදර..ඒ කොහොම උනත් තාත්තා මෙච්චර කාලෙකට ගෙනාපු වාහන වලින් වැඩිම කාලයක් අපේ ගෙදර තිබ්බ කාර් එක තමයි Ferrari F40 එක. ඒකත් සති තුනයි..ඒ ඇරෙන්න තාත්තා ජීවිතේට කිසිම කෙනෙක්ට අල්ලන්නවත් නොදී තියාගත්ත කාර් එකකුත් තියෙනවා..ඒ තමයි අර කලින් ගෙදරට එද්දි තාත්තා හෝද හෝද තිබ්බ පරණ අවුඩි එක. ඒක අපේ තාත්තා එයාගෙ කම්පැනි එක පටන් ගත්ත පළවෙනි දවසෙ අම්මා එයාට අරන් දුන්න තෑග්ගක්. තාත්තා ඒක බලාගන්නෙ හරියට එයාගෙ පණ වගේ මොකද එයාට අම්මගෙ කියලා තියෙන්නෙ එච්චරයි..ඉතින් ඇත්තටම බැලුවොත් ඒ එයාගෙ පණ තමයි.

මම අන්තිම කාර් දෙක ලගටත් ගියා..ඒත් තාම බයික් එක නම් දැක්කෙ නෑ..ඒ එක්කම මම කාර් ටික පහු කරන් ගිහින් මගේ වම් පැත්ත බැලුවා. මම හීනෙන් වගේ අඩිය තිබ්බා වගේ විතරයි මට මතක…ඒක එච්චරටම ලස්සනයි. හරියට ගේම්ස් ඔෆ් ත්රෝන්ස් වල ඩ්‍රෝගොන් ගෙ ඇස් දෙක වගේ. Kawasaki Ninja H2 බ්ලැක් එකක්. මන් ආසම බයික් එක.

බයික් එක අල්ලන්න මම ලගට යන්න හැදුවත් ආයෙම මම නතර වෙලා මගේ අත් දෙක දිහා බැලුවා..තාම මම ඉන්නෙ ප්‍රැක්ටිස් කිට් එකෙන් දාඩියත් පෙරාගෙන..එහෙම්මම මම අනිත් පැත්ත හැරිලා කාමරේට දුවන්න හැදුවත් මම දැක්කෙ මගේ පැත්තට ෆෝන එකත් උස්සන් ඉන්න තාත්තයි රත්නසිරි මාමයි.

“ඔය මොනාද කරන්නෙ?” පිස්සෙක් වගේ හිනා වෙවී හිටපු මම හිතලම කට ඇද කරගත්තා.

“වෙන මොනාද ඉතින් වීඩියෝ කරනවා මිසක්..” මම ඇහි බැමක් ඉස්සුවා.

“වීඩියෝ? ඒ කාටද?”

“නිශල්ක පුතාලට..”

“මොකක්?? කෝ තාත්තෙ ෆෝන් එක පෙන්නන්න..!! යැව්වද නෑ නේ?!”

“යැව්වා ඉතින්…පුතා කිව්වා මට ඔක්කොම වීඩියෝ කරන්න කියලා ඔයාට යතුර දෙන තැන ඉදන්..”

“මොකක්?? දෙය්යනේ යකෝ- සොරි සොරි තාත්තෙ…??!!” මම ටක් ගාලා දුවලා ගිහින් තාත්තාගෙ අතේ තිබ්බ ෆෝන් එක ඇදලා ගත්තා.

ෆොන් එක ගත්ත ගමන් දැක්කෙ නිසල්කයගෙ චැට් එක…ඌ ඔන්ලයින් ඒත් තාත්තා දෙයියන්ගෙ නාමෙට වීඩියෝ එක යවලා නෑ. මම දැන් තමයි උඩට ගත්ත හුස්ම ටික පහළට දැම්මෙ..

“කෝ වීඩියෝ එකක් යවලා නෑ නේ…ආහ් හොඳ වෙලාවට” මම තාත්තට ආයෙම ෆෝන් එක දෙන්න හිතන් ඔලුව ඉස්සුවා.

“නෑ පුතා කිව්වා එයාට එව්වට පස්සෙ මගේ පැත්තෙන් ඩිලීට් ෆො මී කරන්න කියලා.” මම ෆෝන් එක දිහා තප්පර ගානක් බකන්නිලාගෙන බලන් හිටියා. ඇයි ඉතින් රිඇක්ට් කරන්නෙ කොහොමද යකෝ මේවට..ලංකාවෙ ටොප් 3 අතර නම තියෙන ටී කම්පැනි එකේ චෙයාමන්…තාම වට්ස්ඇප් යූස් කරන්න දන්නෙ නෑ කිව්වම..ඒක හරි කියමුකො.. ඒත් යකෝ තමන්ගෙ එකම පුතාට මෙහෙම වල කපද්දි ඕන බූරුවෙක්ට තේරෙන්න එපැයි දෙයියනේ..කොමන් සෙන්ස් කියන එක ඉපදෙද්දිම පෙකණි වැල කපද්දිමද කොහෙද නැති වෙලා තියෙන්නෙ.

මම හොද හුස්මක් උඩට ඇද්දා..මගේ අතේ තිබ්බ ෆෝන් එකට පට්ට සීරියස් පිට එබිලා බලන් ඉන්න මහේන් අයියණ්ඩිගෙ ඔලුවට පොඩි තට්ටුවක් දාලා මම දත් 32 කම දාලා හිනා වුනා..උදාරයි උට්ටො උදාරයි..

“පුතා ඩිලීට් කරාද?? පව් හැබැයි..අර කොල්ලො ටික මාසයක් තිස්සෙ බලන් උන්නා..” අර බලපන් ඉතින්..

“බලන් උන්නාද?? ආ කමක් නෑ දැන් උන්ට බලන් ඉන්න ඕන නෑ කොහොමත්..මරු”

“ආ චූටි දුව…මේ මොකද්ද ස්ක්‍රීන් එකේ වැටෙනවනෙ..බැට්රිය ගැන කියලා…” ඒ එක්කම මම බෙල්ලත් කඩාගෙන රත්නසිරි මාමා දිහා බැලුවා. ෆක්..!

“පොඩ්ඩක් ඉන්න දුව..මම දුවව අන්මියුට් කරන්නම්..” චන්ද්‍රපාලගෙ ආච්චිට හාල් ගරන්න..අර මගේ නංගිටද අර වීඩියෝ කෝල් එකක් අරන් තියෙන්නෙ??

“ආහ් මාමේ..!! මගේ බැට්රි එක බැහැලා..මම තියන්නම් එහෙනම් දැන් ෆිල්ම් එක ඉවරනෙ..බුදුසරණයි!” මම මගේ ඉස්සරහ ඉන්න තාත්තයි රත්නසිරි මාමා දිහයි ටිකක් වෙලා බලන් හිටියා..මෙච්චර මොලේ තියෙන එවුන් කොහොමද දෙයියනේ මෙහෙම වෙන්නෙ?? මම මටම ඔලුව වනලා කාමරේට එන්න ආවා…

ගරාජ් එකේ ඉදන් පඩිපෙල දිගේ උඩට ආවම කෙලින්ම වැටෙන්නෙ අපේ පළවෙණි තට්ටුවට..මෙතන ඉතින් තියෙන්නෙ කිචන් එකයි ලිවින් රූම් එකයි රත්නසිරි මාමාගෙ කාමරෙයි..ආහ් තව මේ තට්ටුවේ කෙලවරින් තමයි අපේ ඕපන් ඒරියා එකට යන්න තියෙන්නෙ..ඒ කියන්නෙ අපේ පූල් එකයි අවුට් ඩෝ ලිවින් ඒරියා එකයි..ඔතන තමයි ඉතින් ගෙදර මිනිස්සුයි ගෙදරට එන එවුනුයි වැඩි හරියක්ම කාලෙ ගත කරන්නෙ..මම කිචන් එකටත් එබීගෙනම අපේ දෙවනි තට්ටුවට යන්න මැදින් තුන් පැත්තකට බෙදිලා තියෙන පඩිපෙලට නැගලා ඒකෙන් වම් පැත්තට හැරිලා එතන ඉදන් දිගට තිබ්බ හෝල්වේ එක දිගේ ඇවිදගෙන ගියේ මගේ දිස්නෙ ගහන ජිම් එකත් පාස් කරන්.. ගෙදර උඩ තට්ටුවේ වම්පස වැයික්‍ය මගේ..දකුණු පැත්ත ඉතින් තාත්තගෙයි නන්ගිගෙයි..ඔව් මට ඉන්නවා අවුරුදු දෙකකින් විතර බාල නන්ගියෙක්….ශෞර්යා දේවන්ශි De’Abrew.. ලබන මාසෙ ඕ ලෙවල් කරන්න ඉන්නෙ ඉතින් පොර ඒත් දැන් නම් ඔය බැට්මින්ටන් ටූනමන්ට් එකකට නිව්සීලන්ඩ් ගිහින් ඉන්නෙ..

ජිම් එක ඉවර වෙනවත් එක්කම තිබ්බ දොරේ හැන්ඩල් එක ගාව තිබ්බ සෙන්සර් එක උඩින් ඇගිල්ල තියලා දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ගිහින් මම දොරට කකුලින් පොඩි කික් එකක් දැම්මෙ ඒක ඉබේටම ලොක් වෙද්දි..

ඇදන් උන්නු ප්‍රැක්ටිස් කිට් එක ගලවලා දාලා ඒක රෙදි කූඩෙට දාලා ටක් ගාලා මම බාත් රූම් එකට ගිහින් කූල් ශවර් එකක් දාගත්තා.. කොහොම හරි විනාඩි දහයකට විතර පස්සෙ ටී එකකුයි ෂෝටකුයි දාගෙන බාත්රූම් එකෙන් එලියට ආපු මම මගේ පර්ෆියුම් කලෙක්ශන් එකට ඇවිත් එතන තිබ්බ ක්‍රීඩ් බොඩි ස්ප්‍රේ එක අරන් ඇගට හලාදාත්තා..හ්ම් පයිනැපල් ඇන්ඩ් ග්‍රේප්ෆෘට්..අවුලක්මත් ඥැ..හෙ හේ..මට බොඩි ස්ප්‍රේ නැතුව ඉන්න බැරි සීන් එකක් තියනවා.

කාමරෙන් එලියට යන්න ගියත් මම ආයෙම නැවතුනේ මගේ ඇස්කොණට බිම මොකක් හරි දෙයක් තියෙනවා කියලා දැක්ක නිසයි..මම බිමට නැවුනා..කලු නූල් කෑල්ලක්.

මම ඒක ඇගිලි තුඩු වලින් අරන් ඩස්බින් එකට ගිහින් දාද්දි මගේ නහයත් ඉබේටම ඇකිලුනා..පොඩි කාලෙ ඉදන් මට පොඩි OCD සීන් එකක් තියෙනවා..ලොකුවට නෙමේ ඒත් සැළකිය යුතු මට්ටමකින්..ඒක ගොඩක් මතු වෙන්නෙ මගේ ගෙදරදි..ඒක නිසයි කොල්ලෙක් වෙලත් මගේ කාමරේ අර යකිණ්නිට වඩා පිළිවෙල..කොහොමත් කෙල්ලෙක්ම වෙන්න ඕනෙ නෑ නෙ පිළිවෙලට ඉන්න.

දැන් වෙලාව හරියටම දහය හමාරයි…බයික් එක බලලා කරලා ෆොටෝස් ගහලා ආයෙම කාලා බීලා තාත්තලා එක්ක හෙන වෙලාවක් කියව කියව ඉදලා අන්තිමට අපි තුන් දෙනා ආයෙම ගරාජ් එකට ආවේ බයික් එක ගරාජ් එකෙන් එළියට ගන්න..දැන් වෙලාව එකොළහයි පනස් පහයි. නිසල්කයා තාම කොහේටවත් අර වීඩියෝ එක දාලා නෑ..පුදුමයි තමයි ඒත් මට හිතන්නෙ ඌ ඒක තව විනාඩි පහකින්ම ඒක දාවි..

“ලොකු..මේක තමයි ඔයාගෙ ට්‍රයල් එක. ඕක හරියට පැදලා තිබ්බොත් තමයි ඉස්සරහට මම අරන් දෙන එකක් අරන් දෙන්නෙ..නැත්තන්..” මම තාත්තා දිහා බෙල්ලත් ඇද කරන් බැලුවා.

“තමුන්ගෙම සල්ලි වලින් ගත්තොත් මිසක් මගෙන් කිසිම වාහනයක් තියා ඒවට තඹයක් වත් බලාපොරෙත්තු වෙන්න එපා.” මම ඔලුව වැනුවා.

“තැන්ක්‍යූ තාත්තෙ..” කලින් දහ පහළොස් වතාවක් තාත්තව හග් කරපු නිසා මේ පාර මම ෆිස්ට් බම්ප් එකක් දුන්නා.

ඒ එක්කම මම බයික් එක ලගට යන්න හැදුවත් හරි ගරාජ් එකේ රෝලින් ගේට් එක එකපාරටම ඇරෙන්න ගත්තා. බයික් එකේ යතුරත් අතේ තියන් මම ගේට් එක හෙමින් ඇරෙන දිහා මොකෙක්ද වගේ බලන් ඉන්දැද්දි එක පාරටම මගේ ඇස් දෙක වැහිලා ගියේ ඉස්සරහින් ඇවිත් මාව වහගත්ත වතුර පාර නිසා..

“මොන-” ඇස් දෙක පුදුම වේගෙකින් පිහ දාගෙන ඉස්සරහ බලන්න ඔලුව ඉස්සුවත් හරි මගේ ඔලුවෙ ඉදන්ම සුදු කුඩු වගයක් වැටුණා.

“හැපි බත්ඩේ ලොකූ..!!”

“අන්න මහේන් අන්කල් මගේ එකාහ්!!”

“ගැම්ම රත්නසිරි මාමේඒඒඒ..!!”

“අන්කල් බෑග් එකේ පිටි ඉතුරුයි..!! හලන්න අන්කල්.!!”

“අඩෝ ශවිරු අයියේ කෝ හුත්තෝ බිත්තර ටික..?!!”

“නෑ නෑ ඔය හොඳ බිත්තර ටික යකෝ..! කෝ කුණු බිත්තර ටික.?!!”

“අඩෝ අඩෝ අන්න අරූ දුවනවා..!! අල්ලපන් ශවිරු-?!”

මම තාත්තවත් තල්ලු කරන් අනිත් පැත්තට දිව්වෙ ගේ ඇතුලට යන්න වුනත් ඊළග තප්පරේ මාව කාගෙද අත් දෙකකට තද වෙනවා දැනුනා…දැනුනා?? දැනුනා නම් මොකද මාව ඉස්සෙනවා..!!

“අඩෝ අයිසේ මාව බිමින් තියපන් යකෝ.!!” මාව උස්සන්නෙ කවුද කියලවත් මට පේන්නෙ නෑ…ඇස් වලටත් පිටි ගියාද කොහෙද..ඔක්කොටම වඩා මට පිටි එක හලලා තියෙන්නෙ මාව වදපු තාත්තයි රත්නසිරි මාමායි..

“අතෑරපන් යකෝ-” මම කකුල් දෙක වනලා වේගෙන් මුලු ඇගම අනිත් පැත්තට ඇඹරිලා ඒ අල්ලන් ඉන්න එකාගෙන් බේරෙන්න හැදුවත් ඒ අත් නෙවෙයි අඟලක් හෙලවුනේ..ඒ කියන්නෙ මේ ශවිරු අයියා..

“ඒ ඒ අඩෝ ශවිරු අය්යෙ..අඩෝ මාව-” ඒ එක්කම මගේ පිට ගිහින් මොකක් හරි දේක වැදුනා..

“දඟලන්නැතුව ඉදපන් ශාක්‍ය..ඒක උඹට ලේසියි..” ශවිරු අයියගේ කටහඬ මගේ කන ලගින් ඇහුනා. ඒ මදිවට ඌ හති දානවදත් කොහෙද වේගෙන් හුස්මත් ගන්නවා..මගේ කනට මිනි ෆෑන් එකක් දාලා වගේ උගේ හුස්ම වැදෙනවා..

“ඕයි ශවිරු අයියෙ අත් දෙක බඳින්න කලින් මුගේ ෂර්ට් එක ගලවපන්..!”

ඒ එක්කම මගේ ටී ශර්ට් එක ගැලවිලා ගියා.

තප්පරයක් යන්න කලින් මට තරු ඉදන් මුලු ක්ෂිරපතයම පෙනුනෙ මගේ උරහිසේ ඉදන් දණහිස වෙනකන් පහළට මොකද්ද මන්දා එක දිගට තදින් තදවෙද්දි. ශිට්..! මුන් මාව ගහකට තියලා බඳිනවා.

“දගලන්න එපා හුත්තො.” මම එකපාරටම ගල් වුනා.

ඒ ශවිරු අයියගෙ කටෙන් එන මින්ට් සුවඳ මගේ නහයට වදින නිසා නෙවෙයි.. ශවිරු අයියගෙ අත් දෙක තියෙන්නෙ මගේ ෂෝට් එකේ වාටිය ලග නිසා.

“උබ යටට ඇදලා නෙ?” මගේ ඇස් ඉදන් ඔක්කොම පිටි වලින් වැහිලා ගිහින් තිබ්බත් ඒ පිටි අස්සෙනුත් මගේ මුලු මූණම ගිණි ගන්නවා වගේ මට දැණුනා.

“ශවිරු මම උබව මරනවා-“

“ඇදලද නැද්ද?” ශවිරු අයියගෙ අත දැන් තිබ්බෙ ෂෝට් එකේ බට්න් එක උඩ..මේ මොන නවනිංගිරාවක්ද මට මේ වෙන්න යන්නෙ.

“ඕයි අය්යේ..” ඒ එක්කම මම කලබල වෙන්න ගත්තෙ ශවිරු අයියගෙන් කිසිම උත්තරයක් නැති වෙද්දි..

“ඕයි- ?!!” මූ එකපාරටම මගේ ෂෝට් එක අස්සෙන් අත දාලා මගේ අන්ඩවෙයාර් එකේ උඩ තිබ්බ වාටිය තියෙනවද කියලා බලන්න අල්ලලා බැලුවා.

“උබට ඔව් කිව්වා නම් හෙන ගහනවද ශාක්‍ය??” ඒ එක්කම මගේ ෂෝට් එක ගැලවුනා.”පකයා තෝ-” මූ මගේම ටී ෂර්ට් එකද කොහෙද මගේ කටේ එබුවා.

ෂර්ට් එක කටින් එලියට දාන්න හදන කොටම මම ෂර්ට් එක තදින් හපා ගත්තෙ ඇගට වැටුණු වතුරු පාරෙ සීතලට.

“හේශිතයා අරක ගෙනෙන්..!” ඒ නිසල්කයගෙ කටහඬ.

“හයියෙන් ගහපන්..!” මට තනුජයගෙ කටහඬ ඈතින් ඇහුණා..මොකද මෙතන මේ වෙලාවෙ එක විස්සකට වැඩිය හයියෙන් කෑ ගහනවා. කලින් ගරාජ් එක ඇරෙද්දි මම දැක්ක තප්පරේට නම් පෙනුනෙ අපේ මුලු ක්‍රිකට් ටීම් එකයි තව මට හොඳට දැකලා පුරුදු මූණු ටිකක්.

ඒ එක්කම මම කටින් ෂර්ට් එක තද කරන් හපාගෙන හිටියෙ මගේ ඔලුවට එකපාරටම වැදුණු බිත්තරෙන් එන්න ගත්ත කුණු ගද දරාගන්න බැරුව. පිස්සු හුත්තො ටික මරනවා අහු වුනොත් එකෙක් නෑර.

ඒ බිත්තරේ වැදුනත් හරි මට තප්පරයක් ඇතුලත හුස්ම ගන්න එක අමතක වෙලා ගියේ හැමෝම ඇවිත් මගේ ඇගේ පිටි හලලා අනිත් පැත්තට කුණු බිත්තර ගහන්න ගත්ත නිසා..

මම ඔක්කොම ඉවසන් හිටියා..මොකද ඕක මුලුන්ම පටන් ගත්තෙ මම. ඒතක් ශවිරු අයියගෙ බත්ඩේ එකට ඌ නිදන් ඉද්දි කට ඇතුලට හලපු කුණු බිත්තරෙ නිසා. හෙ හේ..ආදරේ නිසානෙ මේ ඔක්කොම.

A/N

මීට කලින් BL ලියලා නැති නිසා මම ඇත්තටම දන්නෙ නෑ මේ ගැන ඔයාලා මොන වගේ හැගීමකින් කියවනවද කියලා..ඉතින් වැරදි එහෙම තියෙනවනම් ඇත්තටම සොරි ආ…adareyyy ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 04, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 04, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 04 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 04 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 04 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 04 light novel, ,

Comment

Leave a Reply

Chapter 4