À¶»À¶¯À·… | The Kandyan Aristocrats 05

A+ A-

හැමෝම කාලා බීලා ගෙවල් වලට යද්දි පාන්දර තුනයි..මම පිටි කෑවට පස්සෙ ආයෙම නෑවත් කට්ටිය යනකන් ඉදලා ආයෙම පැයක් විතර නෑවෙ ඇගෙන් එන අර කුණු බිත්තර වල ගඳ ඉවසගන්න බැරි කමට..නාලා ඉවර වෙලා ටවල් එක පිටින්ම ඇවිත් මම පොත් මේසෙ උඩ ඉදගත්තෙ කොහොමත් තව පැය තුනකින් ආයෙම ඉස්කෝලෙ යන්න ආයෙම ඇදගන්න වෙන නිසා.

අද හවසට කෙමෙස්ට්‍රි ක්ලාස්..ගිය සතියෙ දුන්නු හෝම්වර්ක් ඒ දවසෙම කලත් ආයෙම මම පොත පෙරල ගත්තෙ ගිය සතියෙ කරපු මෙලෝ මළදානයක් මතක නැති නිසා. මොකද මම බ්‍රයිට් කේස් එකක් නෙමේ..දැන් මොකක් හරි පාඩම් කරොත් දවසක් යද්දි මට ඒ කරපු හැමදේම අමතක වෙන සීන් එකක් තිබ්බෙ..ඉතින් ලැබෙන හැම වෙලාවකම මම කලේ පාඩම් කරන එක හරි ගණන් හදන එක හරි.

රසායනික බන්ධන පාඩම බලාගෙන ඉවර වෙලා මම ගණන් පොත පෙරලගෙන ටික වෙලාවක් ටේබල් එක උඩ ඔලුව ගහගත්තා. මේ පාර ක්ලාස් එකේ තිබ්බ එක්සෑම් එකේ කමෙස්ට්‍රි පේපර් එකට මට තිබ්බෙ ලකුණු විස්සයි. හැබැයි බොරු කියන්න ඕන නෑ ලිව්ව ලිවිල්ලට මන් හිතුවෙ මට ලකුණු දහයක් පහළොවක් විතර හම්බ වෙයි කියලා.

කෙමෙස්ට්‍රි කියන්නෙ මට මේ ලෝකෙ දැනට හම්බ වුනු එපාම කරපු සබ්ජෙක්ට් එක. ශිහ්..! ඒ වගේද මැත්ස්..මට හැත්ත නවයයි. ක්ලාස් එකේ සෙකන්ඩ් හයස්ට්. අසූවෙ ඒවා හතරක් තිබ්බා..ඒ කියන්නෙ ෆස්ට් ප්ලේස් හතරක්. ඒකෙනුත් දෙන්නෙක් තමා නිසල්කයයි හේශිතයයි. උන් දෙන්නා ඉතින් ආයෙ ඇවිල්ලා සුපිරිම බුලට් තමා. තනුජයටත් හැට පහක් ද කොහෙද තිබ්බා. මම ෆිසික්ස් පේපර් එකට නම් නූලෙන් පනස් පහක් දාගත්තා.. ඒකත් ඉතින් හේශිතයගෙ පිහිටෙන් තමයි.

මම හෙට තියෙන මැත්ස් ක්ලාස් එකේ ගණන් ටිකත් අදම කරලා ඉවරයක් කරලා දාන්න හිතාගෙන සර් එදා කරපු ප්‍රශ්න වගයක් ආයෙම වේගෙන් හදාගෙන ගියා..මෙහෙම ගිහින් මම කෙමෙස්ට්‍රි අම්මට සිරි වෙන්න කෙලව ගන්නවා. ඒ අස්සෙ බයික් එකත් මතක් වෙනවා හුත්ත. ආයෙම මගේ කට ඇද වුනා..ඇයි ඉතින් මගේ මහේන් කොලුවා බයික් එකට එක දඩ කොලයක් වැදුනොත් බලාගමු කියලා ඒ මදිවට අහිංසක මට අර රත්නසිරි මාමා මාළු කපන පිහියත් දික් කරලා අනිනවා වගේ රඟපාලත් පෙන්නුවා.

මෙහෙමයි මම බය නෑ. ඇත්ත කියන්න එපැයි..ඒත් මහේන් කොලුවා විහිලුවට කරපු තර්ජන පොඩ්ඩක් ඇත්ත වෙන්න ඉඩ තියෙනවා එව්වා නොසලකා හැරියොත්..කොළඹ හතේ දස මැරයෙක් ඕකා ඔහොම හිටියට.. අම්මාගෙ ඩයරි එකේ මම කියවලා තියෙනවනෙ අයියණ්ඩියගෙ හපන්කම්. එකපාරක් ඉස්කෝලෙ යන කාලෙක කොළඹ තිබ්බ කාර්නිවල් එකකට කැන්ඩි ඉදන් ආපු අපේ අම්මාගෙ පස්සෙන් ආපු කුරුඳුවත්තෙ කොල්ලෙක්ට මේ පගයා පොල්ලෙන් ගහලනෙ..ඒකත් උන්ගෙ ඉස්කෝලෙ ළමයි ඉස්සරහම.. ලේසි නෑ යකෝ අපේ මහේන් කොලුවා. අම්මයි තාත්තයි ඇවිල්ලා ආයෙ සුපිරිම ඝනයේ ලව් සික් කපල් එකක්. ඒක ඉතින් වෙනම බ්‍රෑන්ඩ් එකක් තමයි. තාත්තා වැඩ්ඩා කියන්නෙ රග්බි මැච් එකකට නුවර ආපු වෙලාවක තමයි අපේ අම්මව ටෝක් කරලා තියෙන්නෙ. එතකොට තාත්තා දහතුනේ අම්මා දොළහේ..මරුම සීන් එක ඒ දාගෙන තියෙන්නෙත් නුවර හයි ක්ලාස් පෙළපතක වලව් කෙල්ලෙක්. කන්දෙණිආරච්චි මහ දිසාවේලාගේ සාතිශ්‍යා රෝහිනි වනිගසේකර…ඒ කියන්නෙ මගේ අම්මා.

මම යුනිෆෝර්ම් එක ඇදලා ඉවර වෙලා වෙලාව බැලුවා.. පහයි දහයයි. කාමරේ දොර ඇරපු ගමන් දැක්කෙ පිළිමයක් වගේ දොර ඉස්සරහම වාඩි වෙලා ඉන්න ටෙසා මැණිකව. මම බෑග් එකත් බිමින් තියන ගමන් පාත් වෙලා ටෙසාගෙ මුලු මූණම මගේ අත් වලට ගත්තා.

“කෑම කෑවද ම්ම්??” නළල උඩින් ඉබගෙන ඉබගෙන ගියපුවාම තමයි කෙල්ල හෙලිකොප්ටරේ වගේ නැට්ට වනන්න පටන් ගත්තෙ.. ඔය ඉන්නෙ මාත් එක්ක තරහ වෙලා. ඇයි ඊයෙ හවස ගෙදර ආපු වෙලාවෙ මට කෙල්ලව බලන්න අමතක වුණානෙ තාත්තා ආවා කිව්වම…ඒ මදිවට අර සත්තු ටික එන නිසා තාත්තා වෙලාසනින්ම ටෙසාව එළියෙ තියෙන කූඩුවට දාලා..ඔය කූඩුව ටෙසාගෙ නෙමෙයි..ටෙසා ගේන්න කලින් හිටපු අපේ රොටීගෙ කූඩුව. එයාගෙ නම වුනේ බූලි.. කෙල්ල නැති වෙද්දි මම ග්‍රේඩ් එයිට් වගේ.. පස්සෙ ටෙසාව ගේද්දි මම හිටියෙ දහය වසරෙ. මෙයා නම් ගෝල්ඩන් රිත්රීවර්.. කොහොමත් ඔය කූඩුව කඩන්න ඕන කියලා තාත්තා කිය කිය හිටියෙ..

මම ටෙසා එක්කම කිචන් එකට ගිහින් කෑම මේසෙ වටේ රවුමක් ගහලා තාත්තගෙ ලගින් වාඩි වෙලා පත ඈනුමක් යැව්වා.

“නිද්දකින් ලොකූ..ඔය කට වහගනින්කො..” මම හිනා වෙලා මේ පාර බොරුවට ඈනුමක් ඇරියම තාත්තා මට මැද ඇගිල්ල පෙන්නුවා..පුතා නොවුනානම් ඉතින් මටත් කරන්න තිබ්බා. හව් සෑඩ්…මම ඇස් දෙක රෝල් කරලා මගේ ලඟ තිබ්බ පාන් එකෙන් පාන් පෙත්තක් අරන් ඒක උඩට ජෑම් ගාගත්තා.

“අර කැඳ එක බොනවා ඔය ජරාව කන්න කලින්.” මම මුකුත් නොකියා පාන් පෙත්ත හතරට පොඩි කරලා කටේ ඔබාගෙන ඒක ගිලින්න කලින් කැඳ එක බීගෙන බීගෙන ගිහින් ග්ලාස් එක ටේබල් එක උඩ තියලා තාත්තා දිහා බැලුවම එයා බය වෙලා වගේ මන් දිහා බලන් ඉන්නවා දැක්කා.

“මොකද්ද යකෝ ඒ කරපු අසික්කිත වැඩේ??”

“දෙපාරකට කරන්න කම්මැලියි අප්පා..”

“ඒ මන්දා බන් මේවා..පපුවත් හිරි වැටුණා.” තාත්තා හෙනම ඩ්‍රමැටික් විදිහට එයාගෙ පපුව අත ගාන දිහා මම ඔහේ බලන් හිටියා..

මෙහෙම තමයි..අපි දෙන්නා කතා කරන්නෙ. තාත්තා කියන්නෙ හරියටම මගේ කපාපු පලුව. ඒකෙ ආයෙ පෙන්නන්න පුලුවන් වෙනසකට තියන්නෙ අපි දෙන්නාගෙ පාට විතරයි..මට තිබ්බෙ අමුතුම කහ පාටක්. ඒත් තාත්තා සුදුයි. සුදුයි කියන්නෙ පේල් සුදක් නෙමෙයි..අනිත් හැම ෆීචර් එකක්ම අපි දෙන්නගෙ එක වගේ. ඉතින් ඒ අතින් බැලුවම මට තාත්තව දැනෙන්නෙ හරියට මගේ ලොකු අයියා විදිහට. මොකද ඇක්ශන් අතිනුත් වෙනසක් නෑ..මම දැන් මේ ගෙවන්නෙ තාත්තා ගෙවලා ඉවර කරපු එයාගෙ තරුණ කාලෙ මොර්ඩනයිස් කරපු වර්ශන් එකක්. ඒකට මගේ නංගි..තනිකර අම්මාගෙ අලුත් වර්ශන් එක. අම්මට තිබ්බ නිල් පාට ඇසුයි ස්ට්‍රේට් කරලා වගේ තියෙන කොන්ඩෙයි කෙලින්ම නංගිට ඇවිත්.

“ආ අනිත් එක..මේවද උබ හැමදාම කන්නෙ??” ඒකට නම් මම පැස්තා එක ගන්න දික් කරපු අතත් දශමෙකට නැවතුනත් ශේප් එකේ මම ඇහුන්නෑ වගේ පැස්තා එක මගේ ප්ලේට් එකට බෙදා ගත්තා. හරිනෙ දැන් ඒකත් ඉවරයි..

මේකනෙ තාත්තා ගෙදරට එන්නෙ සති දෙකකට සැරයක්. ඒ එද්දිත් තාත්තා එන්නෙ මට දවස් දෙක තුනකට කලින් කියලා..කියලා කිව්වට කියනවා නෙමේ..හැමදාම කෝල් ගන්න නිසා කතාවෙන් කතාවට මම ගෙස් කරගන්නවා එන්නෙ මේ දවසට කියලා. එතකොට මම කරන්නෙ රත්නසිරි මාමාට කියලා පොළෙන් බඩු ගෙන්නන එක. මාමත් හැමදාම ඉතින් අනංමනං හදනවා උනාට මම ගෙදරට එක එක ෆාස්ට් ෆුඩ් ක්ලාස් ඇරිලා එද්දි ගේනවා..ඒ කොහොම හරි ඒවා තාත්තා එද්දි කාලා සුද්ද කරලා තිබ්බට ඊයෙ ඔය ආවෙ ඉතින් මටවත් නොකියානෙ..කාපන්කො දැන්.

“නෑ අප්පා..එළවළු එව්වා මෙව්වා ඉවර වෙලා තිබ්බෙ. ඉතින් පෙරේදා වගේ තමා ඕවා මන් ක්ලාස් ඇරිලා එද්දි ගෙනාවෙ..අනික රෑට කොහෙන්ද පොළවල්?” මම ඔලුව උස්සන්නෙ නැතුවම පැස්තා හැන්දක් කටේ ඔබා ගත්තා.

“හරි මන් රැවටුණා..” මම ශේප් එකේ ඔලුව දශමයක් උස්සලා තාත්තා දිහා බැලුවම දැක්කෙ එයා මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. අප්පට සිරි ඒ පාර මොකක් අහු වෙලාද දන්නැ.. යකා නැගලා වගේ..ඒත් යකෝ මන් මේ සතියට කිසිම දෙයක් කරේ නෑ නෙ. මොකෝ වේප් ගහනවද? නෑ. කුඩු ගහනවද? නෑ. කෙල්ලො ගහනවද? නෑ. බොනවද? ආහ් සදුඳා මම ටිකක් අරගත්තා නේ.. හරි යකෝ ඉතින් ඕන්නම් ශොට්ස් පහක් වෙන්නැති.. ඇත්තටම එහෙම බැලුවොත් මම කිසිම දෙයක් මේ සතියට කරලා නෑ නෙ. ඉතින් ඇයි මේ අයියණ්ඩිට තලා ගිහින්.

“මොකද්ද අතට වුණේ?” මල හුප්තයි à·„à·”#තිගෙ පුතයි. මම මේ පාර නම් ඔලුව උස්සලා පුටුවෙ හරියට කෙලින් වුනා.

“ආහ්..ප්‍රැක්ටිස්.” පැස්තා එක හෙමින් සැරේ ෆෝක් එකෙන් එහෙ මෙහෙ කරා.

“අතට මොකද්ද වුණේ?” තාත්තා කලින් වගේම ඒත් ආයෙ තුන් වෙනි පාරක් නෑ වගේ ටෝන් එකෙන් මගෙන් ඇහුවා. ශික්..මම සති ගාණක් තිස්සෙ යස අගේට මේක හැංගුවා. මොන කරුමයක්ද..

“ගහගත්තා..” ෆෝක් එක මේසෙ උඩින් තියලා මම තාත්තා දිහා බැලුවා. මගේ වරදක් නෑ කියලා තාත්තට තේරෙණ ලුක් එකක් දුන්නම එයාගෙ ඇස් වල තිබ්බ සැර ගතිය ගියා.

“ඇයි ඒ? නිකන්ම වෙන්න බෑ නෙ..”

“කෙල්ලෙක්ව රිජෙක්ට කරපු එකට..ඒ කෙල්ල ගිහින් එයාගෙ කොල්ලට කියලා මම ඒ කෙල්ලව බලෙන් අල්ලන්න ආවා කියලා..” මම උරහිස් ඉස්සුවා.

“එතකොට ගුටි කෑවෙ ඔයාද?” තාත්තගෙ මූණ වෙනස් වෙච්ච විදිහට මටත් නිකන් මොකද්ද වගේ..මොකද ඒ මූණෙ තිබ්බෙ මම එයාගෙ මූණෙන් දකින්න ආසම නැති ලුක් එකක්. ඩිසපොයින්ට්මන්ට්.

“හ්ම්..” මම ඒ ගැන කතා කරන්න අකමැති වුනත් තාත්තා මගේ කටින් ඔක්කොම අහගත්තා.

“මොකද්ද ආයෙම ඒ කොල්ලගෙ නම?”

“සංහිත් කියලා එකෙක්..” තාත්තා ඔලුව වැනුවා. වෙනදට කෑම කද්දි හ්ම් සද්දයක් කරන්න එපා කියලා උගන්නපු එයාම අද ජීව්තේ පළවෙනි වතාවට ඒ ඔක්කොම බල්ලාට දාලා මාත් එක්ක කියව කියව කන්න ගත්තම මට හිතේ කොණක දැනුනෙ කියාගන්න බැරි සතුටක්.

“මන් දැනගන්න ඕන කොල්ලෙක්ද?” මම නෑ කියන්න ඔලුව වැනුවා. කොහෙත්ම නෑ…ඒ ගැන දැනගන්න මම ඉඩ තියන්නෙත් නෑ.

“එහෙනම් ඒක ඉවරයක් කරලා දාන්න…” මම හෙමින් ඔලුව වැනුවා.

“මැච් එකක් එනවා..” තාත්තා ලාවට හිනා වෙලා ඔලුව වැනුවා.

මගේ තාත්තා කියන්නෙ රටේම ගෞරවයට ලක් වෙච්ච නිහතමානී සාධාරණ මනුස්සයෙක්. තාත්තා හැමතිස්සෙම දේවල් දිහා සාධාරණව බැලුවා වගේම එයාගෙ සාධාරණත්වයට පැති ගොඩක් තිබ්බා. ඒකෙන් මන් ආසම දෙයක් තමයි එයා විශ්වාස කරපු “ඇහැට ඇහැක්” කියන තියරි එක. ඒක තමයි එයා බිස්නස් වලට තෝරගත්ත ක්‍රමය. 2005 දි ගිණි ගත්ත De’Abrew ෆැක්ටරි එක ගැන ලංකාවෙ කතා නොකරපු කෙනෙක් නෑ වගේම 2006 ඉවර වෙද්දි ගිණි ගත්ත දිසානායක ඇමතිගෙ බංගලාව ගැන නොදන්න කෙනෙකුත් මේ රටේ නෑ. That’s how my father works.

“අඩෝ සාක්‍ය…!! මගේ පිට් එක…මොකද බන් උබ ඔය මූණ හට්ටියක් කරගෙන??”

“මොකද බන් මේ උදේ හය හමාරෙ ඉදන් බෑග් චෙක් කරන්නෙ?” බෑග් චෙක් කරලා ලයින් එකෙන් එහාට ඕන්නම් අඩි දෙකක් විතර තියන්න ඇති..එකපාරටම මගේ පිටත් පලාගෙන යන සයිස් එකේ පාරක් දීලා තනුජයා මගේ ඇගට පැන්නා.

“දන්නෑ බන්..ඕවා ඉතින් හෙඩාගෙ වැඩනෙ.” මම තනුජයව පැත්තකට කරත් මේ පගයා ආයෙමත් මැග්නට් එකක් වගේ මගේ ඇගේ එල්ලුනා.

“ඒ මේ ඒක නෙමේ..හෙඩා කිව්වමයි මතක් වුනේ..මට ඊයේ උබට අර දුන්නු සප්‍රයිස් එක ස්ටේටස් දාද්දි ප්‍රිෆෙක්ට්ස්ලව හයිඩ් කරන්න බැරි වුනානෙ.” මම තනුජ දිහා බලලා ආයෙම අහක බලා ගත්තා.

“හ්ම්..කොහොමත් ශවිරු අයියා දාපු ස්ටේටස් එකත් උන්ට පේන්න දාන්න ඇති..දැන් ඔය බෑග් චෙක් කරද්දි පවා අරවින්ද් අයියලා එහෙම කෙනිඩියට වගේ හිනා වුනා.”

“ඒක නෙවෙයි බන් මන් කියන්නෙ..අහපන්කො-” මම තනුජ දිහා ඇහි බැමක් උස්සලා බැලුවා.

“මම ඔක්කොම ටික දැම්මනෙ බන් ස්ටේටස්..ඔක්කොම ස්ටේටස් දොළහක්ම තිබ්බා හරිද..අඩෝ ඒ දොළහම අරූ බලලානෙ…”

“කවුද අරූ?”

“ආර්යන් බන් ආර්යන්..” මම ඇවිදින එක නතර කරලා තනුජයා දිහා බැලුවා.

“අඩෝ ඔහොම බලන්න එපා බන් බයත් හිතෙනවා à·„à·”#ත.” මම ඔලුව හොල්ලලා ආයෙම ඉස්සරහට ඇවිදන් ගියා.

“ඉතින් මට මොකද..”

“මොකද අහන්නෙ බන් ඌ වෙනදට ඕවා බලන්නෙ නෑ..මම හිතුවෙ තියෙන ලොකුකමට මාව මියුට් කරලා ඇති කියලා.” ඒකට මේ පාර නම් මට හිනා ගියා.

“ඇයි ඉතින් උබ දවසකට කීයක්නම් ස්ටේටස් දානවද කියහන්කො.”

“හරි හරි බන් ඉතින් මීම් එකක් හම්බ උනාම ඒක දිහා තනියෙන් බල බල හිනා වෙන්න මට මොකද්ද වගේ ඕයි.” මම ආයෙත් ඔලුව වැනුවා.

“ඒ…ඒක නෙමේ..දැන් ඇයි තෝ මගේ ස්ටේටස් බලන්නෙ නැත්තෙ??”

“මියුට් කරපු නිසා..” තනුජ මගේ ඇගෙන් අයින් වුනාම මට හිනා ගියත් ආයෙම ඌ දිහා හැරිලා බැලුවම මගේ ඇගට පනින්න ලෑස්ති වෙන ඌව දැකලා මගේ හිනාව නැති වුනා.

“තනුජ මල්ලි?”

එකපාරටම මමයි තනුජයි ඒ කටහඬ ආපු පැත්තට හැරුණා.

“ඕ…ආහ්- ආරියන් අයියෙ?”

“ගමිදු ඔයාව ටිකකට කලින් හෙව්වා.”

“අ-ආහ්..මම යන්නම්.” තනුජ මගේ පිටට තට්ටුවකුත් දාලා යන්න ගියාම මම කෙලින්ම ඉස්සරහට ඇවිදගෙන ගියේ අරූගෙ තද බැල්ම නොතේරෙන ගාණට..ඒ අස්සෙ මට ගිය අවුරුද්දෙ අලුත් අවුරුද්දට හේශිතයලාගෙ ගමට ගිය වෙලෙ උන්ගෙ ගම වටේට පාන්දර දෙකට විතර රතිඥ්ඤා එල්ලලා ඒවට පොඩි හඳුන්කූරු කෑලි වගයක් සෙට් කරලා ටයිම් බේම්බ වගයක් තියලා සද්ද නැතුව ආපු හැටි මතක් වුනා..අඩෝ එකෙක් මන්නෙකුත් උස්සන් ඇවිත් යකෝ..උදේ නැගිට්ට වෙලේ අන්කල් කිව්වෙ..දකුණෙ එවුන් දාර මැරයො කියලා අහලා තිබ්බට එදා තමා දැනගත්තෙ..ඒක හිත හිත ඉන්න අස්සෙ එකපාරටම මට හිනාත් ගියා. ඒ එක්කම තමයි මට නෝට් වුනේ තාම අරූව මම පාස් කරලා ගියේ නෑ නේද කියලා..

ශේප් එකේ මම මගේ වම් පැත්ත බැලුවම දැක්කෙ අරූ ඇහි බැමකුත් උස්සන් මන් දිහා බලන් ඉන්නවා. මොනාද උත්තො බලන්නෙ? දෙන්නෙ තොගෙ- ඌ දිහා බලන් ගිහින් තව ටිකෙන් මන් හොම්බෙන් යනවා. ශිකේ මේ මොන ලැජ්ජාවක්ද?! මම ටක් ගාලා අපේ ක්ලාසස් තියෙන පැත්තට දුවගෙන ගියා.

A/N

ආර්යන් තියන කැරැක්ටර් එක තාම කතාවට හරියට එන්ටර් වුනේ නෑ ළමයි..මේක slow burn. මගේ කතා කොහොමත් ස්ලෝ බර්න්..ඒත් trust me the wait is worth.

ආර්යන්ව මම ගාණට සීන් එකට එන්ටර් කරන්නම් ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 05, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 05, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 05 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 05 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 05 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 05 light novel, ,

Comment

Leave a Reply

Chapter 5