À¶»À¶¯À·… | The Kandyan Aristocrats 06

A+ A-

“පුතා ශවිරු දැන් ඇති..! ශාක්‍යයි ඔයයි දෙන්නම එන්න.” නෙට් එකේ හිටපු අපි දෙන්නටම කෝච් එන්න කිව්වම අපි දෙන්නා බෝලින් සෙශන් එක නැවැත්තුවා. ඒ ගමන්ම මම මගේ අතේ තිබ්බ බෝලෙ නිසල්කයාට දැම්මා.

“නිසලකයා අර තනුජයව ගනින් නෙට් එකට”

“එල!”

කෝච් ලගට යනගමන් හිටපු ශවිරු අයියා ග්ලව්ස් දෙක ගැලෙව්වම මම පුරුද්දට ඒ දෙක එයාගෙන් ගත්තම ශවිරු අයියා ලාවට මන් දිහා බලලා හිනා වුනා. මම මුලින්ම ක්‍රිකට් ගහන්න ගත්තෙ හතර වසරෙදි. එදා ඉදන්ම ටීම් එකේ එකට හිටියෙ මමයි ශවිරු අයියයි. මට තාම මතකයි අපි හැමෝම යාලුවො වෙච්ච විදිහ. හරියට බැලුවොත් එයාලා මාව යාලු කරගත්ත විදිහ.

ශවිරු අයියව නම් මට ආපු පලවෙනි දවසෙම නෝට් වුනේ ඌ එදා ග්‍රවුන්ඩ් එකට ආවෙ බොඩිගාඩ්ස්ලා තුන් දෙනෙක් එක්ක. ඒ දවස් වල ඡන්දෙ නිසා ඇමති පවුල් හෙන සීන් එකේ හිටියා කියලා මට මතකයි. ඉතින් අද වුනත් ඒක එහෙම්මමයි.. කොටින්ම කිව්වොත් ඡන්ද දවස්වලට ශවිරු අයියයි ඔය දේශාන්ලයි පාරෙ නිකන් පෙට්ටි කඩේකින්වත් කන්නෙ නෑ. කන්නෙ නෑ නෙවෙයි කන්න දෙන්නෙ නෑ. කැරි ආතල් තමයි ඉතින්. කොහොම හරි ශවිරු අයියා එදා ග්‍රවුන්ඩ් එකට ආපු ගමන්ම කලේ අර ගාඩ් එකට හිටපු තුන් දෙනාට අනේක විදියේ දසවද දීපු එක. මූ එක අන්කල් කෙනෙක්ට අර හිච්චි කකුලෙන් පයිනුත් ගහන්න ගිහින් එතනම ඇදගෙන වැටුනා. මේවා දැන් මතක් වෙද්දි ආතල් වුනාට එදා නම් මට මූව එපාම වෙලා තිබ්බෙ.

කොහොම හරි මම ප්‍රැක්ටිස් ඉවර වෙලා මාව ගන්න එනකන් ගේට් එකට වෙලා ඉද්දි මේ පරයා එකපාරටම ඇවිත් මගේ පිටිපස්සෙ ඉදන් කෑ ගැහුවා. මන් මොනා කරන්නද ඉතින් බය වෙච්ච පාරට මගේ අර ඇලුමීනියම් බෝතලෙන් මුගෙ ඔලුවට ගැහුවා. ගහපු පාරටද නැත්තන් රිදුන නිසාද කියලා දන්නෙ නෑ හැබැයි එදා මූ මුගේ අර තඩි බෝල ඇස් දෙකත් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා. කොහොම හරි ඒ වෙද්දි මගේ කාර් එකත් ඇවිත් තිබ්බෙ..මම ඉතින් කාර් එකට ගිහින් නැග්ගා ඇයි ඉතින් සොරි කියන්න මම මුකුත් කරේ නෑ නෙ. හැබැයි පහුවදා ප්‍රැක්ටිස් වලට මූ ඇවිත් හිටියෙත් නෑ.

ඊට පස්සෙ දවස සෙනසුරාදාවක්..මම ගෙදර ටොම් ඇන්ඩ් ජෙරී බල බලද කොහෙද හිටියෙ. එකපාරටම ඉස්සරහ දොරෙන් ඇහුනු කටහඬවල් ගොඩක් නිසා මාත් ගිහින් එබිලා බැලුවම දැක්කෙ මූ ගෙදර ඉස්සරහ දොර ගාව මුටත් වඩා ලොකු මල් බොකී එකක් උස්සන් ඉන්නවා. කැරිම ආතල් තමයි මූ දුන්නොත් දෙන්නෙ. හැබැයි බොරු කියන්න ඕන නෑ ශවිරු අයියා නම් පට්ට කියුට් ඕයි. මොන මගුලක්ද. කොහොම හරි ඒකෙන් යාලු වුනේ අපි දෙන්නගෙ තාත්තලා විතරයි. මට එතකොටත් මූව පෙන්නන්න බෑ. ඒ දවස්වල ශවිරු අයියා හෙන ඇට්ටරයෙක්. තාත්තා ඇමති වුනාට ඇමති පවර් එක ගහලා තිබ්බෙ ඇමති පැටියට. ඒ දවස් වල මූ දකින දකින එකාට දස වද දෙනවා..ඉතින් ඔය සීන් වලට මට අම්බානෙකට නැගලා තිබ්බෙ. ඔහොම සති ගානක් ගිහින් මට මළ යකා ආවේස වුන පාර මම මම මූට ස්ප්‍රයිට් වීදුරු බෝතලේකින් පිට මැද්දට දීලා ඇරියා. ඒ මූ මගේ ඩෙක්ස් දෙක ඉස්කෝලෙ බාස්කට්බෝල් කෝට් එක වටේට වවලා තිබ්බ මාර ගහක එල්ලලා තිබ්බ නිසා. ඒ කාලෙ ඉදන්ම මූ මට කැරි ආතල් දුන්නෙ. ඔය සීන් එක නිසා මට ටිකක් දුක හිතුනා මොකද මුගේ පිට එක වීදුරු කෑල්ලකට පට්ට ගැඹුරට කැපිලා ගිහින් තිබ්බා. දැන් ඔය උරහිසේ උඩ ඉදන් පහළට ගිහින් තියෙන මැහුම් පහේ කැපිල්ල මම නිසා වුණු දෙයක්.

ඔය සීන් එකෙන් පස්සෙ තමයි මට ලාවට මූ ගැන යාලු කමක් ඇති වුනේ..මොකද මූ අච්චර දෙයක් වෙලත් මාව පාවලා දුන්නෙ නෑ. ඒකට මූ ගෙදර ගිහින් කියලා තිබ්බෙ මාර ගහේ මගේ සපත්තු දෙක ඌම ගැට ගහලා ඒකට බෝතලෙන් ගහන්න ගිහින් බෝතලේ මුගේ උරහිසට වැදුනා කියලා. පව් ඉතින් පොඩි කමට කියපු බොරුව ලොකු එවුන්ව අන්දන්න තරම් තාත්වික වුනේ නෑ. ගොනා කියලා හිතලා මමම ශවිරු අයියගෙ තාත්තට වෙච්ච සීන් එක කිව්වා. පව්නෙ මොනා නැතත් ඇමතියෙක්ගෙ නම්බුවනෙ. කොමොමහරි අන්කල් ඒකෙනුත් මාව බේරලා වැරැද්ද ශවිරුවටම පැටෙව්වා. අන්කල් ඉතින් මට පට්ට ලව්..ඕක මන් හිතන්නෙ තාම අපේ තාත්තා වත් දන්නෙ නෑ.

ඔහොම තමා අපි දෙන්නා යාලු වුනේ..නිසල්කයා ඉතින් මොන්ටිසෝරි කාලෙ ඉදන් මගේ අඹ කෑල්ලනෙ..තනුජයවත් මට සෙට් වුනේ ක්‍රිකට් වලදි..ඒකත් ශවිරු අයියයි මායි මරාගත්ත කාලෙ. ඒ කාලෙ අරූ මට දසවද දෙද්දි තනුජයා තමයි මගේ පස්සෙන්ම හිටියෙ. මුකුත් නැති වුනත් වතුර බෝතලයක් හරි ගෙනත් දෙනවා. ඒත් මම ඌ එක්ක වචන තුන හතරකට වඩා කතා කරලා නෑ. ලොකු කමක් නෙවෙයි ඒක මගේ විදිහ. මම හෙන ඉන්ට්‍රෝවඩ්..ඒත් පස්සෙ නිසල්කයත් ක්‍රිකට් වලට ආවා..ඔක්කොම වෙනස් වුනා. මූ දවසක් ඇතුලත මුලු ස්පෝට්ස් ක්ලබ් එකම යාලු කරගත්තා අර තනුජයා එක්ක එකතු වෙලා..ඔහොම ඔහොම ගිහින් තනුජයත් මට නැතුවම බැරි එකෙක් වුනා. මෙහෙමයි තනුජයා ගැන කියනවා නම් මම ඌට හෙන ආදරෙයි. දැක්ක පළවෙනි දවසෙම මට දැනුනා පොර පට්ට හොද එකෙක් කියලා. ඒත් මම ලැජ්ජ වුනා කතා කරන්න. මොකද නිසල්කයා ඇරෙන්න මම වෙන කිසි එකෙක් එක්ක ඒ වෙද්දි කතා කරලා තිබ්බෙ නෑ. මොකද මට බයයි අනිත් අය මගේ විදිහට කැමති නැති වෙයි කියලා.

Is somebody ever gonna match my freak?’ මට මෙහෙම දේවල් නොහිතෙනවම නෙවෙයි.

“මොනාද බන් උබ ඔය දස අතේ කල්පනා කරන්නෙ?” මම ශවිරු අයියා දිහා බැලුවා.

“උබ ගැන තමයි අයියෙ ඉතින්” ශවිරු අයියගෙ ඇස් ලොකු වෙන හැටි මම ඔහේ බලන් හිටියා. අනේ ඉතින් මෝඩ පගයා.

“ඒ..ඇයි මල්ලි ඒ?” කට කොනින් හිනා වෙලා මම ශවිරු අයියට ඇහැක් ගැහුවම එයා ටක් ගාලා වටපිට බලලා කට අතින් වහගත්තම මට හයියෙන් හිනා ගියා.

“අනේ යකෝ..බලහන් අයියෙ උබේ මූණත් රතු වෙලා.”

“යැයි යැයි තමයි. උබ දන්නවද ඉතින් උබේ ඔය ඇස් වල තියෙන වල් පාට. කෙලින් යන මාවත් ඇදේ යවනවා මේ පොඩි එකා.” මම ඔලුව වනලා ඉස්සරහ බලා ගත්තා. ඕක ඉතින් හැමදාම කියන එකනෙ.

“ඒක නෙවෙයි මගේ ගිෆ්ට් එක කොහොමද?”

“ආ මන් ඒක මේ තාත්තට දෙනවද නැද්ද කියලා කල්පනා කලේ?”

“මොකද්ද? වොච් එකද?” මම නෑ කියන්න ඔලුව වැනුවා.

“කොන්ඩම් පැකට් එක-“

“උකන ආතල් ගන්න එපා හොදේ” මට හයියෙන් හිනා ගියා. ශවිරු අයියා මට Gucci වොච් එකක් දුන්නා. ඔය කොන්ඩම් පැකට් එක ප්‍රෑන්ක් එකට දුන්නු එකක්. පොර මගේ සයාස් එකත් ගාණට දන්නවා මොනා වුනත්. එතකොට නිශල්ක මගේ බයික් එකට පට්ට ගති හෙල්මට් එකකුයි Gucci පර්ෆයුම් එකකුයි. තනුජයා මට දුන්නෙ ගිටාර් එකක්. මොකද මගේ පරණ ගිටාර් එක ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වලදි කැඩුනා. මම ගිටාර් එකක් ගන්න හිතනුත් එක්ක හිටියෙ..ඒකත් හරි. හේශිත් මට කස්ටමයිස්ඩ් ඩෙක් ශූස් සෙට් එකක් දුන්නා. ඒ මදිවට මුලු ක්‍රිකට් ටීම් එකම එකතු වෙලා මට Bvglari පර්ෆියුම් එකක් දුන්නා.

“මොකද්ද උබලා දෙන්නගෙ මූණේ ඔය තියෙන පැණි හිනාව?” හේමල් සර් අපේ උඩ ඉදන් පහළ බැලුවා.

“යකෝ මේ අවුරුදු ගාණට මාත් එක්කවත් උබලා ඔහොම හිනා වෙලා නෑ..”

“ඉතින් සර්ව දැක්කම හිනා යන්නෙ නෑ තමයි කොහොමත්.” ශවිරු අයියා බැට් එකත් කරකවකව ඔහේ කියලා දැම්මා.

“අනේ කටවහපන් මූසලයා…ඒක නෙවෙයි මට දැන් ප්‍රින්සිපල් සර් කතා කරා ලබන සතියෙ ** කොලේජ් එකෙන් ෆ්‍රෙන්ඩ්ලි මැච් එකක් ඕගනයිස්ඩ් කරලා කියන්න.”

“මොකක්? ඉතින් අපිට තව සති දෙක හමාරකින් ස්පෝට්ස් මීට් නේද?” කෝච් ඔලුව වනලා උරහිස් දෙක ඇකිලුවා.

“දන්නෑ බන්..අර රග්බි සීන් එකෙන් පස්සෙ සර් තාම ඉන්නෙ තරහෙන්…ඔන්න ඔහේ ඕක කරලා දාපන් සර්ගෙ හිත හැදෙන්න.” අපි දෙන්නා ඔලුව වැනුවා. මොකද සාමාන්‍යයෙන් ඔහොම දෙයක් වුනාම පිනා දවස් ගාණක් යනකන් ඔහොම්මයි..නැත්තන් පිනා ගොඩක් ළමයිගෙ පැත්තෙන් හිතන සාධාරණ පොරක්..දුව ඇරෙන්න.

“අනිද්දට මැච් එකක් තියමු එහෙනම්.”

අපි අපේ ප්‍රැක්ටිස් බෑග් කරේ දාගෙන ජිම් එකේ දෙවනි තට්ටුවේ බැට්මින්ටන් කියලා ගෝල්ඩ් කලර් එකෙන් ගහලා තිබ්බ ලොකු රූම් එකේ දොර ලග එලියෙන් වාඩි වෙලා හිටියා.

“යකෝ අරූ හේශිතයව මරයි තව ටික දවසකින්..” අපි තුන්දෙනා මේ බලන් ඉන්නෙ හේශිතයගෙ ප්‍රැක්ටිස් ඉවර වෙනකන්.

“මන්දා බන් ඌ කොහොම මේ රෙද්ද අල්ලන් ඉන්නවද කියලා.”

බැට්මින්ටන් කියන්නෙ ලෝකෙ අමාරුම ට්‍රේනින් සෙශන්ස් තියෙන ස්පෝට්ස් වලින් එකක්. හැමෝම කරන්න ලේසියි කිව්වට කවුරුත් මේකෙ කරන්න තියෙන ට්‍රේනින්ග්ස් හරියට දැකලා නෑ..හේශිතයට එහෙම අපි තරම් ලොකු ඇගක් නැති වුනාට උගේ කකුල් එහෙම එහෙම අල්ලන් ඉන්නෙ දාර මසල්ස්..පිස්සු හැදෙනවා උගේ කකුල් දැක්කම. නිසල්කයා හැමදාම වලත්තයා වගේ උගේ කකුල් දෙකමයි අල්ලන්නෙ මස් ගොඩ කිය කිය.

මම බිම දිගා වෙලා බෑග් එක උඩින් ඔලුව තියන් ඉන්නකොට එකපාරටම පඩිපෙලේ පහළ ඉදන් හෙන සද්දයක් ඇහෙන්න ගත්තා..අහලා පුරුදු කටහඬවල් ටිකක්.. මම ඔලුව ඒ පැත්තට හැරෙව්වා. පඩිපෙලේ පහලින් මුලින්ම මතු වුනේ සඳැස් අයියා..ආහ් රග්බි සෙට් එක.

ටයිට් ෂෝට් එකට ටයිට් ෂර්ට් එක ගහගෙන කට්ටියම උඩට දුවගෙන එනවා මම බලාගෙන..මේ ෆ්ලෝ එකෙන් උඩ තියෙන්නෙ අපේ ස්පෝට්ස් කම්පලෙක්ස් එක. අද මොකක් හරි එකක් ඇති. හැමෝම හරක් රැළ වගේ උඩට දුවගෙන යන දිහා මම බලාගෙන හිටියෙ අමු නිදි මතේ..ඒත් එක්කම මටවත් නොදැනිම මගේ ඇස් මහන්සියට පිය වුනා..

විනාඩි දහයක් පහළවක් යන්නැති..මම එකපාරටම ඇස් ඇරියෙ මූණට දැණුනු මොකක් හරි සීතල දෙයක් නිසා.

“ඒ ඒ අන්න නසරාණියා නැගිට්ටා..නවත්තපන් උබට ගහයි ඕකා හොදේ..” මට ශවිරු අයියගෙ කටහඬ ඇහෙනවා. ඒ අස්සෙ පට්ට දාඩිය ගදයි..

ඇස් ඇරලා බැලුවම දැක්කෙ මගේ මූණට එබිලා බලන් ඉන්න ගමිදු අයියව.

“ආහ් මල්ලේ..” මම කෙලින් වෙලා ඉදගත්තම දැක්කෙ අපි වාඩි වෙලා ඉන්න තැන පැක් වෙලා.

“ඒ ශාක්‍ය වරෙන් කන්න.” මම නිසල්කයා දිහා බලලා ඇස් පිල්ලම් දෙක තුනක් ගැහුවා. නින්ද ගිය විනාඩි ගාණට මට ඉන්න තැනත් අමතක වුනා. ඒ අස්සෙ ගමිදු අයියා දත් තිස් දෙකම දාගෙන මන් දිහා බලන් ඉන්නවා. මම කට ඇද කරලා ඌට රැව්වා.

ආයෙම මම මගේ ඉස්සරහ බැලුවා. නිසල්කයා ලග දිගෑරලා තිබ්බ බත් පැකට් එකට අත දාගෙන තනුජයයි හේශිතයයි සාහිල් අයියයි කනවා.. තව බත් පැකට් එකක් මගේ එහා පැත්තෙ දිගෑරිලා තිබ්බා. ශවිරු අයියා මස් කට්ටක් සූප්පු කර කර මන් දිහා බලන් ඉන්නවා.. එයාට එහා පැත්තෙ හිටියෙ සඳැස් අයියා..එතකොට හරියටම ඒ දෙන්නගෙ මැද්දෙ හිටියෙ බත් කටක් කටට දාගන්න ගමන් මන් දිහා කන්න වගේ බලන් ඉන්න ආර්යන් අයියව. වට් ද-

“මල්ලේ වරෙන් කන්න..නැත්තන් ඉවර වෙයි හොදේ.” ශවිරු අයියා ආර්යන් අයියා දිහා බලලා ආයෙම මගේ පැත්ත හැරුණා. මම මේ වෙන දේ දිහා බලන් ඉදලා නිදි මතේම නැගිටලා නිසල්කයලා ඉන්න පැත්තට යන්න ගත්තත් ගමිදු අයියා මාව අල්ල ගත්තා.

“මල්ලි මේකෙන් කන්න..බත් පැකට් දෙකක් එකතු කරලා තියෙන්නෙ.” මම ඔලුව වැනුවා.

“කමක් නෑ අයියෙ මට බඩගිනි නෑ-“

“මල්ලි එන්න මේකෙන් කන්න..” එකපාරටම සඳැස් අයියා කතා කරාම මම නැවතුනා.

“කෝ එන්න එන්න..” ඒ පාර ශවිරු අයියා මාව සඳැස් අයියා ලගට තල්ලු කරාම මම අරුන් ටික දිහා බැලුවා. උනුත් ඇස් වලින් මට බත් එක පෙන්නලා කන්න කියනවා.

මම ශේප් එකේ සඳැස් අයියා ලගින් වාඩි වෙලා බත් එක දිහා බලන් හිටියා.

“ඇයි උබට කවන්න ඕනෙද?” ශවිරු අයියගෙ පම්කෙ කට ඉතින්..මම ඇහි බැමක් උස්සලා ඌ දිහා බැලුවම ඌ දත් තිස් දෙකම දාලා මාත් එක්ක හිනා වුනා. කියුට් හුත්තා.

“අත හේදුවෙ නෑ..” ඒ පාර කකා හිටපු සඳැස් අයියයි ආර්යන් අයියයි ගමිදු අයියයි කන එක නවත්තලා මන් දිහා බැලුවම මම උරහිස් ඇකිලුවා.

“අම්මට සිරි අමතක වුනානෙ..මේ වතුර බෝතලේ-” ශවිරු අයියා වතුර බෝතලේ මට දික් කරද්දි එයාගෙ එහා පැත්තෙන් දික් වුනු හැන්ද දිහාවට මගේ ඇස් ගියා.

“ආ..මේක පාවිච්චි කරලා නෑ.” මම ආර්යන් අයියා දිහා බැලුවා.

“කාගෙද මේ?”

“මගේ” මම හැන්ද දිහා බලන් ඉදලා ඒක අල්ලන් ඉන්න ඇගිලි ඉදන් නහර ඉලිප්පිලා තිබ්බ අත දිගේ මගේ ඇස් අරන් ගිහින් කෙලින්ම එයාගෙ ඇස් දිහා බැලුවා.

“ආහ් ඔව් ඕක ගනින් මේ වතුර අර පිටිපස්සෙ ටැප් එකෙන් ගත්තෙ මූණ හෝදන්න..” මම තාමත් බලන් හිටියෙ ආර්යන් අයියගෙ ඇස් දිහා. ඒ ඇස් වල කිසිම හැගීමක් නෑ. හරියට නිකන් ආගාධයක් වගේ. Deep. Dangerous. Wicked and mainly it is fucking empty.

මම එක දිගට එයා දිහා බලන් ඉද්දි එයත් අනිත් පැත්තට මන් දිහා බලන් හිටියා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් නෙවෙයි ඇස් පිල්ලමක්වත් ගැහුවෙ. Come on Aryan. You can’t beat me in this game.

ඒ එක්කම මට ඇස් පිල්ලමක් ගැහුනේ මගේ උරහිසින් අතක් දැනුනම. මම කෙලින්ම බැලුවෙ ඒ අත දිහා..සඳැස් අයියා. සඳැස් අයියා මට හැන්ද දික් කරන් ඉන්නවා.

“කන්න මල්ලි..නැත්තන් බත් එක සීතල වෙයි.” මම මුකුත් නොකිය සඳැස් අයියගෙන් හැන්ද ගත්තා.

A/N

කතාව ගැන මොනාද ඇත්තට හිතන්නෙ?? කොටන් යන්න මට අදහසක් ගන්න..

Adareyyyy ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 06, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 06, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 06 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 06 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 06 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 06 light novel, ,

Comment

Leave a Reply

Chapter 6