À¶»À¶¯À·… | The Kandyan Aristocrats 07

A+ A-

කෑම කාලා ඉවර වෙලා මම කෙලින්ම නැගිටලා ග්‍රවුන්ඩ් එක ඉවර වෙන තැනට ගියේ පෝළිමට හයි කරලා තිබ්බ ටැප් එකකින් ආර්යන් අයියා දීපු හැන්ද හෝදන්න..

හැන්ද හොදට හෝදලා දාලා මම ටැප් එක වහලා ටිකක් වෙලා හැන්ද දිහා බලන් හිටියා.. ඇයි ඌ මට හැන්ද දුන්නෙ? මාව ආතල් එකට අරන්ද? මොකද මට විතරක් ඌ එක්ක තරහක් තියෙන්න බෑ නෙ..නේද? මම ඔලුව වැනුවා. ඔව් අච්චර දෙයක් මම කලාට පස්සෙත් ඌ මාත් එක්ක කොහොම තරහකින්ද ඉන්න ඕන..මොකද්ද ඒ පාර මූ නටන්න හදන නාඩගම? මම හැන්දෙ තියෙන වතුර ටික යන්න හයියෙන් ගැසුවා.

ආර්යන් කියන චරිතෙ කොච්චර කපටිද කියන්න මන් දන්නවා..නැත්තන් අච්චර දෙයක් මම කරාට පස්සෙත් ඌ මොකක්වත් නොවුන ගාණට ඉන්නෙ කොහොමද..අවුරුදු ගාණක් ගිහින් කියන බව ඇත්ත. ඒත් මම කරේ ඌට මතකෙ නැති වුනත් අමතක වෙන්න බැරි දෙයක්. අර හැමෝම ඉස්සරහ හිත හොද හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න හැදුවට උබට මාව තම්බන්න බෑ ආර්යන්. මම ආයෙම ජිම් එක පහු කරන් පඩිපෙල නැග්ගෙ අපි හිටපු දෙවනි තට්ටුවට..ඒ යද්දිත් එතන අයියලා එකෙක් හිටියෙ නැති වෙද්දි මම අපේ එවුන් දිහා බැලුවා.

“කෝ අනිත් අය?”

“ආ දැන් පිනාගෙ මීටින් එකක් කියලා දිව්වා.” නිසල්ක බෑග් එක කරේ දාගන්න ගමන් මන් දිහා කන්න වගේ බැලුවා.

“උබ මොකෝ කාපු ගමන් දිව්වෙ? මොකක් හරි අවුලක්ද?” මම නෑ කියන්න ඔලුව වනලා හැන්ද උස්සලා පෙන්නුවා.

“ආ..” ඒ පාර නිසල්ක ඔලුව කසන ගමන් තනුජයගෙ වැලිමිටටත් ශේප් එකේ ගහනවා මම බලාගෙන.

“ඕක..මම දෙන්නම් එහෙනම්.” මම ඔලුව වැනුවා.

“නෑ මම දෙන්නම්..උබලා මොකෝ කුණු අදින්නද අනුන්ගෙ?”

“නෑ ඉතින්-“

“මම දෙන්නම්.” මම ප්‍රැක්ටිස් බෑග් එකේ සයිඩ් පොකට් එකේ අරූගෙ හැන්ද එබුවා.

බෑග් එක කරේ දාගන්න අතරෙ මම බැලුවෙ හ්ම් සද්දයක් නැතුව ඉන්න හේශිතයව..ඌ හැමදාම ප්‍රැක්ටිස් ඉවර වුනාම ඔහොම තමයි..උපාසකයි වගේ බකන්නිලාගෙන ඉන්නවා. හේතුව තමයි මුගෙ කෝච් කාරයා..ඌ නම් දාර ප#යෙක්. ජිම් එකට එන වෙලාවට මටත් ඇහිලා තියෙනවා කෝච් කාරයා බනින වදිහ. මුලු හත්මුතු පරම්පාරවම අල්ලා අමු තිත්ත කුණු හර්පෙන් පොර බනින්නෙ. හැබැයි පට්ට් ටැලන්ටඩ් ඩයල් එකනම්..ඒත් පොරව එපා වෙන්නෙ බනින විදිහට.

“ඒ මේ ශාක්‍ය අඩෝ රෙකෝඩින් එක සූම් එකක් දාලා කරමු.” මම ඔලුව වැනුවා. අදත් ක්ලාස් එක මිස් වුන නිසා මම සර්ට කියලා රෙකෝඩින් එක ඉල්ලගන්න යන්නෙ. ඊටපස්සෙ අපි හතර දෙනා සූම් එකක් දාගෙන පාඩම කරගන්නවා. හැබැයි හෙට නම් කොහොම හරි මැත්ස් ක්ලාස් එකට යන්න ඕන. නැත්තන් මට හරියට වැඩ කරන්න හිතෙන්නෙ නෑ.

“ශවිරු අයියෙ ආර්යන් අයියව දැක්කද?” 13M3 එකේ නෝට්ස් වගයක් ලිය ලිය හිටපු ශවිරු අයියා මන් දිහා එකපාරටම කරන වැඩෙත් නවත්තලා දාලා බැලුවා.

අද හය වෙනි පීරියඩ් එක අපිට ෆ්‍රී..ෆ්‍රී කියන්නෙ ඉතින් ලයිබ්‍රි තියෙන්නෙ. මොකෙක් හරි ක්ලාස් එකට එන්න කලින් මන් ටක්ගාලා පැනගත්තා.

“අමිල සර්ව හම්බෙන්න කියලා ගියා. දැන් එයි..මොකෝ සීන් එක?” මම ඔලුව වනලා ශවිරු අයියගෙ පොතට එබිලා කට ඇද කරගත්තෙ උගෙ අකුරු දැකලා. මුගෙ අකුරු මුටවත් කියවගන්න පුලුවන්ද දන්නැ.

“හරි හරි ඉතින් උබේ අකුරු කියලත් වෙනසක් නෑ නෙ..ඕන්නම් මට වඩා පොඩ්ඩක් විතර ලස්සන ඇති..බලන්න බැරි නම් අහක බලා ගනින්කො-” මම මුකුත් නොකියා ශවිරු අයියගෙ පන්මල්ලෙන් පෑනක් අරන් උගෙ මූණට ඒක විසි කරලා ක්ලාස් එකෙන් එලියට ගියේ අනිත් නසරාණියව හොයාගන්න හිතන්.

ශවිරු අයියලගෙ ක්ලාස් තියෙන්නෙ මැත්ස් සෙක්ශන් එකේ උඩම තට්ටුවේ කෙලවරේ..පඩිපෙල් ටික බැහැලා ගිහින් මම වටපිට බැලුවෙ යන්නෙ කොහාටද කියලා හිතාගන්න බැරුව.. මම ස්ටාෆ් රූම්ස් තියන පැත්තට ඇවිදින්න ගත්තත් ආයෙම මම හැරිලා බයෝ පැත්තට යන්න ගත්තේ ඔය මඟුල අස්සට ගිහින් මට ලෝකෙ නැති වැඩ කරන්න වෙයි කියලා මතක් වුනු නිසා.. ෆ්‍රී පීරියඩ් එකක් ආවොත් මන් කරන්නෙම ඇවිදින එක. ඒකට අරුන් තුන් දෙනා නම් කරන්නෙම කටවල් ඇරන් නිදා ගන්න එක.

මම බයෝ ක්ලාසස් පහු කරලා ලැබ්ස් තියෙන හරිටත් ගිහින් වම් පැත්තට හැරුණා. මේ හරිය තමයි ඉස්කෝලෙ කාම්ම සයිඩ් එක. ස්කූල් ටයිම් එක නිසා මොකෙක්වත් වැඩිය මේ හරියට එන්නෙ යන්නෙ නෑ. දිගටම ඇවිදන් යද්දි එකපාරටම මාව නැවතුනේ පට්ට බේස් කටහඩවල් ටිකක් ඉස්සරහින් ඇහුන නිසයි. ඒ කැඩෙට් රූම් එකෙන් වෙන්න ඕන. මන් අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට ගියේ කාටවත් නෝට් නොවෙන විදිහට. මොකද කැඩෙට් රූම් එක ඇතුලට යන්න පුලුවන් කැඩෙට්ස්ලටයි ප්‍රිෆෙක්ට්ස්ලටයි විතරයි..එච්චරට ඔය රූම් එක සික්රටිව් තැනක්. අඩුම ඕක ඇතුලට කිසිම සර් කෙනෙක්ටවත් මිස් කෙනෙක්ටවත් යන්න බෑ. මේ තැනත් හරියට අපේ ක්‍රිකට් රූම් එකයි රග්බි රූම් එකයි වගේ..සීන් එක කියන්නෙ අපෙන් අවසරේ අරන් ඕනම කෙනෙක්ට ඒවට ඇතුල් වෙන්න පුලුවන් වුනත් මේකට එහෙම ඇතුල් වෙන්න බෑ. අනික පිනාට එහෙම නීතියක් නැති වුනාට කවදාවත් පිනාවත් මේක ඇතුලට ඇවිත් නෑ..කොටින්ම කිව්වොත් මේක රන් වෙන්නෙ කොල්ලො අතින් තමයි. ඔය තුන තමයි ඉස්කෝලෙ පවර් හවුසස් තුන.

මම ශේප් එකේ කැඩෙට් රූම් එක ලගට යන්න ගත්තත් ආයෙම මම නතර වුනේ අර කලින් ඇහිච්ච කටහඬවල් ඇහුනෙ නැති නිසා..තප්පර ගාණක් බලන් ඉදලා බැරිම තැන මම ආයෙම යන්න අනිත් පැත්ත හැරුනත් එක පාරටම මොකක් හරි කුඩු වෙන සද්දයක් නිසා මම ආයෙම හැරිලා කැඩෙට් රූම් එක දිහා බැලුවා. මොකක්ද මෙතන වෙන්නෙ- මම කෙලින්ම කැඩෙටින් රූම් එක ඇතුලට දුවගෙන ගියේ ඇතුලෙන් එකපාරටම ඇහෙන්න ගත්ත සද්දවල් තොගේට..

රූම් එක ඇතුලට ගියත් හරි මාව එතනම නැවතුනේ බිම පුරා ගිහින් තිබ්බ වීඳුරු කෑලි නිසා..ඒත් එක්කම මම දැක්කෙ අතේ ලී පුටුවකුත් තියාගෙන වේගෙන් හුස්ම ගන්න ආර්යන් අයියව.. ඊලගට මගේ ඇස් ගියේ එයාගෙ කකුල් දෙක ගාව වැටිලා ඉන්න කොල්ලා ලගට..වට් ද හෙල්-

“ආදිල් යනවා මෙතනින්!” මම එකපාරටම ගැස්සිලා ගියා.

පුටුව අල්ලන් ඉන්න ආර්යන් අයියගෙ අත මිටි මෙලවෙද්දි අතේ ඇට සුදු වෙනවා මම තාම සද්ද නැතුව බලන් හිටියෙ වෙනදේ තේරුම් ගන්න බැරුව.

“මල්ලි ශාක්‍ය..මෙතනින් යන්න..” සඳැස් අයියා ඔහොම දෙතුන් පාරක් මට කතා කරනවා ඇහුනත් මම තාම ගල් ගැහිලා බලන් හිටියෙ මන් දිහා යකෙක් වගේ බලන් ඉන්න ආර්යන් අයියා දිහා. ආර්යන් අයියා තරහ ගිහින් ඉන්නවා අනන්තවත් මම දැකලා තියෙනවා..ඒත් දැන් එයාගෙ මූණෙ තියෙන තරහ..ඒක දරා ගන්න බැරි බැල්මක්.

“එකපාරක් කිව්වා මම ආදිල්..” ආර්යන් අයියා එහෙම කිව්වත් හරි ඒ එක්කම සඳැස් අයියා මගේ ෂර්ට් එකෙන් අල්ලා මාව කැඩෙට් රූම් එකෙන් එලියට ඇදලා ගත්තා.

“මල්ලි සොරි ඒත් මෙතන වෙච්ච දේවල් කාගෙවත් කනේ තියෙන්න බෑ.. හරිද?” මම හීනෙන් වගේ ඔලුව වැනුවා.

“කාගෙවත්!” මේ පාර මම සඳැස් අයියා දිහා බැලුවා. ඒ මූණ තරහෙන් දිළිසෙනවා.

මම ආයෙමත් ඔලුව වැනුවා.

“පරිස්සමට යන්න දැන් ක්ලාස් එකට” සඳැස් අයියා මගේ පිටට තට්ටුවක් දැම්මා.

මම දැන් තුන් වෙනි පාරටත් ගිහින් මල්ලි කෙනෙක්ගෙ ඇගේ වැදුනා. මොකද තාම මට ඇහෙන්නෙ ආර්යන් අයියා මට ඒ කියපු නම..ආදිල් ? මෙච්චර කාලෙකට කවුරුත් මට ඒ නම කියලා කතා කරලා නෑ. ඇරත් ඌ කොහොමද ඒ නම දන්නෙ? අඩුම නිසල්කයලවත් මට ඒ නම කියලා කතා කරලා නැතුව..ස්පෝට්ස් රිලේටඩ් තැන් වලදි මන් පාවිච්චි කරන්නෙ ඒ. ඒ තිශාක්‍ය De’Abrew කියලා විතරයි. ඒතකොට මුලු ඉස්කෝලෙම දන්නෙ මම තිශාක්‍ය De’Abrew කියලා..නැතුව ආදිල් අභිනව් තිශාක්‍ය De’Abrew කියලා නෙමෙයි.

“අඩෝ සාක්‍ය කොලුවා…!! මගේ පිට් එක…මොකද බන් උබ ඔය මූණ හට්ටියක් කරගෙන??” ක්ලාස් එකට ඇතුල් වුන ගමන් මට ඇහුනෙ තනුජගෙ කටහඬ.

මම ඔලුව වනලා ගිහින් හේශිත්ගෙ එහා පැත්තෙ ඉදගත්තෙ උගෙ උරහිස උඩින් ඔලුව තියන ගමන්.

“මොකද වුනේ?” මම ඇස් දෙක වහගෙන ඔලුව වැනුවා.

“ඇත්ත කියපන් ශාක්‍ය..”

“මට ටිකක් මෙහෙම ඉන්නෝනෙ.” එතනින් එහාට හේශිත් කිසිම කතාවක් නැතුව මට එහෙම ඉන්න දෙන්න ඇරියා. කොහොමත් මේ වගේ දෙයක් වුනාම හේශිත් ඉක්මණට අපිව තෙරුම් ගන්නවා. මම නිශල්ක තනුජ කියන්නෙ ඉක්මණින් ගිණි ගන්න එවුන්..ඒත් හේශිත් කියන්නෙ පට්ට කාම් චරිතයක්. ඕන තැනදි විතරක් යකා වෙන ඒත් සීයට අනූ නවයක්ම කූල් එකේ ඉන්න පොරක්.

මම හේශිත් සමීකරණ වගයක් ලියන් යන විදිහ ඔහේ බලන් හිටියා. ඇත්තටම වෙලාවකට මට හිතෙනවා දවසකට හරි හේශිත් වෙලා බලන්න. එයාගෙ හිත ඇතුලෙ කෝච් එයාට බැන්නම එයා එයාගෙ ඔලුව හදාගන්න විදිහ මට දැනගන්න ආසයි. ඔය අතරෙ ඉස්කෝලෙ ඇරෙන බෙල් එක වැදුනෙ මමත් මගේ ඔලුව හේශිත්ගෙ උරහිසෙන් අයින් කරගනිද්දි.

ඉස්කෝලෙ ඉවර වෙලා යන උපහාර ගීය ඉවර වෙලා පොත් බෑග් හදාගෙන අපි මේ බලන් ඉන්නෙ නිශල්ක එනකන්. මොකද ඌට වොලිබෝල් වල මොකද්ද සීන් එකක් කියලා යන්න වුනා. තව සති දෙක හමාරකින් ස්පෝට්ස් මීට්..ඒවට ඕන කරන හැමදේම කෙරෙන්න පටන් ගන්නෙ හෙට ඉදන්…එතකොට මැචස්..මම මගේ ඔරලෝසුව දිහා බලලා ලොකු හුස්මක් උඩට ඇදලා අරන් පහළට දැම්මා…හෙට ඉදන් මැචස් පටන් ගන්නවා. දැනටම එකයි හතලිහයි..තුනට මැත්ස් ක්ලාස්.

“ඒ මේ උබ අර සාපේක්ෂ ප්‍රවේග ගාණ කරාද බන්?”

“ඕ..කැෆේ එකට ගියාම හදමු. ඇයි උබට අවුල් ද ඒ ගාණ?”

“ඔව් බන් ඒ උට්ට හැදෙන්නෑනෙ.”

තනුජයා ගාණක් ගැන කිය කිය නහයෙන් අඬද්දි අපි ගේට් එක ගාවට ඇවිදන් ගියා. සෙනඟ පිරිලා..දැන් තමයි කට්ටිය ගෙදර යන්නෙ. කොහොමත් ඉස්කෝලෙ ඇරුණම අපේ එවුන්ට ගෙදර යන්න කියලා මතක් කරන්නෙ සෙකියුරිටි අන්කල්ලා.

ග්‍රේඩ් ටෙන් ලෙවන් සෙක්ශන්ස් පහු කරන් අපි ආවෙ සෙකන්ඩ් ගේට් එක ලඟට. ප්‍රිෆෙක්ට්ස්ලා අඩි දහයෙන් දහයට ඉදගෙන කොල්ලොන්ව පෝළිමට තියාගෙන යවනවා. අපිත් පරක්කුවක් නැති නිසා ඔහේ වල් පල් කියව කියව යන අතරෙ මගේ ඇස් දෙක කෙලින්ම ගිහින් නතර වුනේ ගේට් එක ලඟම පොකුරු ගැහිලා ඉන්න අය ලඟ. වෙන කවුද ඉතින් ටොප් බෝඩ් එක ඇරෙන්න.. ගේට් එකට තව ටිකක් යන්න තියෙනවා වුනත් ඈත ඉදන්ම මම සාහිල් අයියා අතකුත් දික් කර කර තරහින්වගේ මොනාද කියනවා දැක්කා.

අපි දැන් ගේට් එකට හොඳටම ලගයි..ඒ එක්කම මම දැක්කෙ සඳැස් අයියව. කැඩෙට් රූම් එකේදි දැක්ක විදිහමයි තාමත් මිනිහගෙ මූණ. තරහින් වුනත් තාම කාම්..එයා එයාගෙ එහා පැත්තෙ ඉන්න කාගෙ හරි දිහා සද්ද නැතුව බලන් ඉන්නවා.. මට ඒ කෙනාව පේන්නෙ නෑ. මොකද ශවිරු අයියගෙ පිට නිසා ඒ කෙනාව මට වැහිලා ඉන්නෙ. මම ටක් ගාලා ආයෙම මගේ මූණ සැහැල්ලු කරගත්තෙ නළලට දැණුනු බර ගතිය නිසා.

ඒ එක්කම මාව ඉන්න තැනම ගල් වුනේ ශවිරු අයියා අයින් වෙනවත් එක්කම මම දැක්ක කෙනා දැකලා..ආර්යන් අයියා. ශවිරු අයියාගෙ ඔලුව අයින් වෙනවත් එක්කම මට පෙනුන ඒ ඇස් දෙක නිසා මාව ගල් වුනා. ගල් වෙන්නැද්ද ඉතින් ඒ ඇස් දෙක කෙලින්ම මගේ ඇස් වලට යාවෙලා තිබ්බම. අර කලින් තිබ්බ බැල්මට වඩා මහ පිස්සු ලුක් එකක් එවෙලෙ ආර්යන් අයියට තිබ්බෙ.. ද හෙල්..මම ටක් ගාලා ඉස්සරහ බලාගෙන ගේට් එකෙන් එලියට ගියා.

“ඒ මේ පොඩ්ඩක් ඉදහන් ගමිදුවා මට කතා කරනවා-” තනුජ ආයෙම දුවලා ඇතුලට ගියා. හැමිනෙනවනෙ ඉතින්.. අරූගෙන් ඈත් වෙලා යන්න ට්‍රයි කරද්දි මොකක්ම හරි මඟුලක් වෙනවා.

තනුජයා ගියත් හරි අපිටත් එහෙම්මම පිටිපස්ස බැලුනා. බැලුනානම් මොකද මම හැරුණු පයින්ම ආයෙම වෙන පැත්තක් බලා ගත්තෙ ඇගම සීතල වෙලා ගියපු නිසා.

“ඒ මොකද බන් අර ආර්යන් අයියගෙ කටේ ලේ?” මට ආයෙම බැලෙන්න ගියත් මම පාරෙ වාහන යන දිහා පුදුම ඕනකමකින් බලන් හිටියා.

“උගේ විතරක්ද අර ශවිරුවගෙ අත බලපන්කො-” ඒ එක්කම මම ටක් ගාලා හැරිලා බැලුවා.

ඇත්ත තමයි..ශවිරු අයියගෙ අතේ ලෙල්ලක් ගිහින්. මගේ නළල ආයෙම ඇකිලුනා. මොකද ශවිරු අයියා මම යද්දිත් හිටියෙ ක්ලාස් එකේනෙ..කොහොමද ඌට මෙහෙම දෙයක් වුනේ?? ඒ ටිකට ඌට ඒ ගැන ආරංචි වුනේ කොහොමද? ඒ අස්සෙ මට තාම පේනවා අර යකා මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. මොන මඟුලක්ද! හරියට මම ඌට ගහලා වගේනෙ..පිස්සු හුත්තා.

“තනුජ එනවා අපි යං.” තනුජ දුවන් එනවා දැකලා මම අනිත් පැත්ත හැරිලා පාර පැන්නෙ එහා පැත්තෙ නවත්තලා තිබ්බ තනුජයගෙ රේන්ජ් රෝවර් එකට නගින්න බලාගෙන.

“ඒ බන් අර කෙල්ල උබ දිහා දැන් හෙන වෙලාවක් තිස්සෙ බලනවා බන්..මොකෝ කියන්නෙ ආතල් එක්ක දෙමුද?” සර් වයිට් බෝඩ් එකේ දාපු ගාණ පොතේ ලිය ලිය ඉන්න අතරෙ මම හේශිත් දිහා බැලුවා.

“මන් දිහා බලන්නෙ? මම නෙවේ කිව්වෙ මෙන්න මූ!”

“මන් දිහා නෙවෙයි ඒ කෙල්ල බලන්නෙ.” ඒ එක්කම තුන් දෙනාම ඔලුව උස්සලා මන් දිහා බැලුවෙ මම තාම හේශිත් දිහා බලන් ඉද්දි..

“මොකක්?” ඒ එක්කම අපේ එහා පැත්තෙ තිබ්බ මේසෙන් පෑනක් වැටෙන සද්දෙට අපි ඔක්කොම ඒ පැත්ත බැලුවා.

මෙච්චර වෙලා හේශිත් දිහා බලන් හිටපු කෙල්ලෙ බිමට නැමිලා පෑන ගන්න ගමන් අපේ දිහා බලලා ලාවට හිනා වුනාම නිශල්ක හෙමින් සැරේ අතේ ඇගිල්ලක් තොල උඩ යවන ගමන් කටේ පැත්තක් උස්සලා එයාගෙ උල් දත පේන්න හේශිත් දිහා බලලා හිනා වුනා.

“ටහිකේ කෙල්ල පට්ට ට්‍රයි එකක් දෙන්නෙ හැබැයි ආ..” මම ආයෙම ලිය ලිය හිටපු තැනේ ඉදන් පටන් ගත්තා.

“උබ කොහොමද දන්නෙ ඒකි මන් දිහා බලන්නෙ කියලා?” මම ලියන ගමන් උරහිස් දෙක ඉස්සුවා.

“ගිය සතියෙ ඉදන් මන් හිතන්නෙ..උබ අර බැට්මින්ටන් කිට් එකෙන් ආපු දවසෙ”

“සිරාවට?? යකෝ මන් දන්නෙත් නෑනෙ.”

“උබ දන්නෙ නෑ තමයි ඉතින්..ඔලුවක් උස්සලා බලනවද කියහන්කො කෙල්ලෙක් දිහා.” තනුජ හේශිත්ගෙ ඔලුව පොතට ඔබන දිහා මන් බලාගෙන ඉද්දි මගේ ඇස් ගියේ නිශල්කයා ගාවට.

ෆෝන් එක දිහා ඇස් දෙකත් පොඩි කරන් බලන් හිටපු එයා එකපාරටම මන් දිහා බලලා ෆෝන් එක දික් කරා

“ඒ මේ ශවිරු අයියා මට කෝල් අටක් අරගෙනනෙ..” මම ටක් ගාලා නිසල්කයගෙ ෆෝන් එකෙන්ම වට්ස්ඇප් ඕපන් කරලා චැට් එකට ගිහින් ඇයි කියලා අහලා යැව්වත් හරි ශවිරු අයියා ටයිපින් කියලා වැටුනා.

‘Class eka thama iwara nadda ?? Ko shakya ? U phone eka genawe nadda??’

‘Thawa winadi 5kin iwara wei ay?’

‘Ah meh shakya da?? Ko ube phone eka ?’

මම ඇස් දෙක රෝල් කරේ මේ යකා කියන ඒවට..මරු ටොප් බෝඩ් එක.

‘Yup..apita top board privileges nathi nisa phones gedara thiyala enne.’

‘Ethakota Nishalka phone eka genawe uge seeyage power eken da ?”

‘Thanuja ge car eke ude eddi thiyala awilla..’

‘Hm hm..eliyata awama call ekak ganin. Bs’

නිශල්කට ආයෙම උගේ ෆෝන් එක දීලා මම උරහිස් දෙක ඉස්සුවා.

“හේතුවක් කිව්වෙ නෑ.”

“මොකක් හරි ලෙඩක් දාගෙන වගේ.” මම ටක් ගාලා නිසල්කයා දිහා බැලුවා. මූ අර සීන් එක දැනගන්න විදිහක් නෑනෙ..මට ටක් ගාලා ගිල්ටි ෆීලින් එකක් ආපු නිසා ආයෙම මම පොත දිහා බලා ගත්තා.

“ඇයි..ඇයි එහෙම කිව්වෙ?”

“මම දැක්කා කලින් ගේට් එකෙන් එලියට එද්දි අයියාකාරයො සෙට් එකට වෙලා තිබ්බ ඇබැද්දිය..උබ වුනත් දැක්කනෙ?” මම ලාවට ඔව් කියන්න ඔලුව හෙල්ලුවා.

“මට අදාල නැති නිසා මම මුකුත් අහන්න ගියේ නෑ..”

“හ්ම්..ඔව්. ඒක නිසයි මාත් එන්න ආවෙ..ශවිරුවගෙ අතෙත් ලෙල්ලක්ම නෑ.” මම ආයෙම ඔලුව හෙල්ලුවා.

“සඳැස් අයියගෙත් කකුලෙ ලේ තිබ්බා.” මම ඇහි බැම දෙක ඉස්සුවෙ ඒක මට අලුත් නිව්ස් එකක් නිසා. මොකද මම කලින් සඳැස් අයියා දිහා බැලුවත් ඔහොම දෙයක් දැක්කෙ නෑ. ඒ කියන්නෙ මූ උන්ගෙ මුලු සර්වාංගෙම චෙක් කරලද? මට ලාවට හිනා ගියා.

“ආ ආ..ඇයි දැන්?” මම ටක් ගාලා කටින් පනින්න එන හිනාව තොල් තද කරන් අමාරුවෙන් වහගෙන ඔලුව හෙල්ලුවා.

“උබේ ඉතින් ක්‍රශ් එකනෙ..”

“මඟුලක් කියවන්න එපා පගෝ..ඔය සිඟිති කාලෙ පොඩ්ඩක් මල් මල් සීන් එකක් තිබ්බට මන් දැන් කැමති නෑ.” මම ආයෙම ඔලුව වැනුවා.

“හ්ම් හ්ම්..මම විහිළුවට කිව්වෙ ඉතින්. ඇයි ඔයා සීරියස් ගත්තෙ.”

“පටන් ගන්න එපා උබත්. දැන් අර හුත්තො දෙන්නට ඇහුනා නම්-“

“කවුද හුත්තො දෙන්නා?” හේශිත් ඇහුවා.

“ඇයි ඇයි මොකද්ද සීන් එක?” තනුජයත් කිසිම දෙයක් දන්නැතුව එකපාරටම එහෙම ඇහුවම මෙච්චර වෙලා අමාරුවෙන් හිනාව කාගෙන හිටපු මට එකපාරටම හිනා ගියේ අපේ ඉසිසරහ පෝළිම් වල එවුනුත් පිටිපස්ස හැරෙද්දි.

“ඒ ඒ මොකද්ද වුනේ කියපන්කො?” තනුජ මගේ කරේ අත දාගෙන දැන් විනාඩි දහයක් තිස්සෙ ක්ලාස් එක ඉවර වෙනකන් අහගන්න බැරුව හිටපු සීන් එක අහගන්න දඟලනවා. මම හෙමින් සැරේ නිශල්ක දිහා බැලුවම දැක්කෙ ඌ මාරායා ආවේස වෙලා වගේ මන් දිහා බලන් ඉන්නවා. මූට තරහ ගියාම තමයි මුගේ ලස්සන මතු වෙන්නෙ.

“හැබැයි තිශාක්‍ය උබ කිව්වොත්නෙ-” මම කට කොනින් හිනා වෙලා කෙලින්ම බැලුවෙ මන් දිහා පපී අයිස් දාගෙන බලන් හිටපු තනුජයා දිහා.

“මූ මන් හිතන්නෙ තාම සඳැස් අයියට ක්‍රශ්.” ඒක කියලා තප්පර ගාණක් යනකන් කට්ටියගෙන් සද්දයක් පිට වුනේ නෑ. ඒ එක්කම යුද්දෙ පටන් ගත්තා.

“මන් කිව්වා නේ! මූ ඌට කැමතියි! ආ නැද්ද තිශාක්‍ය?!” මම හිනා වෙන ගමන් ඔලුව වැනුවා.

“මටත් හිතුනා ඉතින් ඕක පොඩ්ඩක් සීරියස් කියලා මූ හොරෙන් හොරෙන් ඩිපියුටි දිහා බලද්දි.”

“නවත්තපන් හුත්තො! කාට හරි ඇහුනොත් එහෙම!”

“මේ මේ නිශල්ක බොරු මරිසි දාන්න එපා..ඔයාගෙ මිරිසි අපි හොදට දන්නවා හරිද? ඔයා ඩිරෙක්ට් මොනා හරි තියෙනවනම් කියන්න.” අපි තුන් දෙනාම මහා හයියෙන් ඕක කිව්වම නිසල්කයා අපිව පහු කරන් අපිව දන්නෑ වගේ යන්න ගියා.

“අඩෝ අඩෝ මරිසියා යන්න ගියා. ඩෝං ගිහින්ද කොහෙද..” ඒ එක්කම අපිට ටිකක් ඈතින් හිටපු නිසල්කයා ආයෙම අපේ පැත්තට හැරුණම අපි ඌව ආයෙම බයිටට ගත්තත් ඌ කා එක්ක හරි සීරියස් කෝල් එකක කියලා අපිට තේරුණේ උගේ මුණ අඳුරු වෙලා ගිහින් තිබ්බ විදිහෙන්.

කෝල් එක කට් කරපු නිසල්කයා වේගෙන් ආපහු අපි ලගට එන්න ගත්තා.

“මේ මොකක් හරි සීන් එකක් ගිහින් හරිද! ශවිරු අයියලා උබේ ගෙදර එන්න අහනවා බන්..අද අන්කල් නෑ නේද?” මම ඔලුව වැනුවා.

“යමු අරුන් අතන පැයක් තිස්සෙ අපි එනකන් කාර් එක ඇතුලට වෙලා ඉදලා.”

“මොකක්?”

“ඔව් ඕයි! මොකක් හරි සීන් එකක් ගිහින්.”

“උන් යුනිෆෝර්මද?”

“නෑ නෑ බ්ලිස් එකෙන් මාරු කරගෙන…මාත් ඕක අහපු ගමන් උන්ගෙන් ඇහුවෙ ඒක.”

අපි කෙලින්ම ගියේ ශවිරු අයියලා ඉන්නවා කියපු තැනට..ඒ ගමන්ම තනුජයා එයාගෙ ඩ්‍රයිවර්ටත් එතන්ටම එන්න කියලා කෝල් එකක් දුන්නා.

“ආ..අර ඉන්නෙ මහ පගයො ටික” සඳැස් අයියගෙ බෙන්ස් එක පෙන්නලා නිසල්කයා කොන්ඩෙ අස්සෙන් අත යවන ගමන් කට යටින් බැන බැන කාර් එක ලගට ගියාම ඩ්‍රයිවින් සීට් එකේ වින්ඩෝ එක යටට ගියා. ඒ එක්කම මම මුලින්ම දැක්කෙ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න ගමිඳු අයියව.. පස්සෙ එයාට එහා පැත්ත බැලුවම දැක්කෙ පැසෙනජර් සීටි එකේ ඉන්න සාහිල් අයියා. කාර් එකේ ඩිම් ලයිට්ස් තිබ්බත් පිටිපස්සෙ ඉන්න අයව කලුවරට හරියට පෙනුනෙ නෑ..ඒත් එක්කම කාර් එකේ පිටිපස්සෙන් ආපු අතක් කාර් එකේ ඉන්ටීරියර් ලයිට් එක දැම්මෙ පිටිපස්සෙ ඉන්න අයව පැහැදිලව පෙනෙද්දි.

ශවිරු අයියයි ආර්යන් අයියයි..දෙන්නම හිටියෙ කකුල් දෙකත් පළල් කරගෙන ඇත්තු දෙන්නා වගේ.. වෙනසකට තිබ්බෙ ශවිරු අයියා විනඩෝ එකට බර වෙලා ඉද්දි අරූ හිටියෙ එක අතක් සීට් එකේ ඇන්දෙ යවලා අනිත් අත මූණ උඩින් තියලා ඇස් දෙක වහගෙන. මට පේන්නෙ උගේ පැලිලා ගිහින් තිබ්බ කට විතරයි. එක අතකට හොද වැඩේ.

“කෝ සඳැස් අයියා?” හේශිත් කාර් එක ඇතුලට එබෙන ගමන් ඇහුවා. ඇත්තනෙ ඉතින් කාර් එකේ අයිතිකාරයා නැති වෙද්දි..

“හොස්පිට්ල් එකේ..” සාහිල් අයියගෙ කටහඬ ගොරහැඬි වෙලා.

“මොකක්?? ඇයි අයියට මොකද්ද වුනේ?”

“නෑ නෑ ඌ හොඳින්..වෙන එකෙක්ව හොස්පිට්ල් එක්කන් ගියා..” හ්ම්..ශුවර් එකටම අර ගුටි කාපු ඩයල් එක වෙන්නැති.

“ශාක්‍ය.. අන්කල් ගෙදර නෑනේද?” ඒ ඇහුවෙ ශවිරු අයියා. මම නෑ කියන්න ඔලුව වැනුවා.

“අපි පොඩ්ඩකට ආවට අවුලක් නෑනෙ?” මම ආයෙම ඔලුව වැනුවා.

“මොකද උබ ගොළු වෙලාද?” මම ශවිරු අයියා දිහා බලන් හිටියා.

“ඇයි ඔයා හොස්පිට්ල් ගියේ නැත්තෙ?” ඒ පාර හැමෝම මන් දිහා බැලුවත් මම ගණන් ගත්තෙ නෑ.

“යමන්කො මුලින්ම ගෙදර..මෙතන ඉදලා මොකෙක්ට හරි නෝට් වුනොත් ඔක්කොටම වඩා හපන්.”

A/N

මට හෙන හැපී අනේ ඔයාගෙ කමෙන්ට්ස් දැකලා 😩❤️ adareyyyy ඉතින් මේ මන් ✨(ඔය සද්දෙ නැතුව ඉන්න අයත් කමෙන්ට්ස් දාන්න ඉතින් අදුන ගන්නත් එක්ක 👉🏻👈🏻 එන්න අපි කතා කරමු…)

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 07, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 07, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 07 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 07 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 07 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 07 light novel, ,

Comment

Leave a Reply

Chapter 7