À¶»À¶¯À·… | The Kandyan Aristocrats 08

A+ A-

තනුජයගෙ කාර් එක අපේ වත්ත ඇතුලට දැම්මට පස්සෙ ගමිදු අයියලත් වත්ත ඇතුලට කාර් එක දාගත්තා. එද්දි කෑම වගයක් ඕඩර් කරපු නිසා අයියලයි නිශල්කයලයි ඒවා කෑවා..මම ඉතින් කෑවෙ රත්නසිරි මාමාගෙ කෑම. මොකද හැමදාම එද්දි මාමා මට කෑම හදලා තියෙනවා..කෑවෙ නැත්තන් අපරාදෙනෙ. අනික දැන් මුන් ටික එනවා කියලා දන්නවනම් මාමා පණ දාගෙන උයන්න ගන්නවා..ඒක නිසයි මම කිව්වෙවත් නැත්තෙ.

“මම එහෙනම් ඇතුලට යනවා ලොකු පුතේ..මේ ලමයි ටික යද්දි මට කියන්න හොදේ?”

“ආ හරි මාමේ-“

“මාමේ! මාමා ගාව බීඩියක් එහෙම නැද්ද?” ශවිරු අයියා පුරුද්දට රත්නසිරි මාමාව අවුස්සන්න ගත්තා. ඒ එක්කම මන් දැක්කා සාහිල් අයියගෙයි ගමිදු අයියගෙයි ඇස් ලොකු වෙනවා.

“තිබ්බා..මන් කියන්නෑ ඉතින් පුතා!” ශවිරු අයියා මාමාට කෙන්ඩියට හිනා වෙලා නැගිටලා ගිහින් චප්ප වෙන්න බදා ගත්තා.

“කෝ කෝ අයින් වෙන්න පුතේ- ශික්කේ ගදේ බෑ-” ඒක කිව්වා විතරයි ශවිරු අයියා උගේ අත උස්සලා කිහිල්ල ඉබින්න ගත්තා.

“බොරු තියන්න එපා මාමේ! මම ගඳ නෑ- මේ බලන්න-“

“හප්! ලගට ආවොත් මම ලොකු මහත්තයට ඔය ලමයි අතපය තුවාල කරන් ආපු විත්තිය කියනවා!” ඒ එක්කම ගමිදු අයියා ශවිරු අයියව ඇදලා ගත්තා.

“මාමා යන්න..මේ හරකත් ඉතින් කුලප්පු වෙච්ච කුළුමීමෙක් වගේ.” 

“ඒ බන් උබලා අර මාමාට හැමදාම ඔහොම වද දෙනවද?” සාහිල් අයියා හැමෝම දිහා බලලා අන්තිමට මන් දිහා බලලා ඒ ප්‍රශ්නෙ ඇහුවම මම ඔලුව වැනුවා.

“එකදවසක් ශවිරු අයියා රත්නසිරි මාමාව වඩාගෙන පූල් එකටත් පැන්නා.” ඒක කිව්වත් හරි සාහිල් අයියා බිබී හිටපු වතුර එක කටෙන් එළියට දැම්මා.

කතාවෙන් කතාව කට්ටිය හැමෝම රත්නසිරි මාමාට ඒ කාලෙ දීපු දසවද ගැන කියව කියව ඉද්දි එකපාරටම නිසල්කයා මන් දිහා බැලුවම මම ඇයි කියලා අහන්න ඇහි බැමක් ඉස්සුවම නිශල්ක මට ශවිරු අයියගෙ අත පෙන්නුවා. ඒ එක්කම මම ඔලුව වැනුවා.

“ශවිරු අයියෙ බයිලා ඇති දැන් කියහන් මොකද්ද වුනේ කියලා..” ඒ එක්කම මුලු සාලෙම සයිලන්ට් වුනා.

දැන් මෙතන ඉන්නෙ ශවිරු අයියා සාහිලා අයියා ගමිදු අයියා විතරයි මොකද ආර්යන් අයියා මගදි බැහැලා ටුක් එකක ආයෙම හොස්පිට්ල් එකට ගියේ සඳැස් අයියට අර හොස්පිට්ල් ගෙනිච්ච කොල්ලගෙ පේරන්ට්ස්ලා මොකක් හරි ලෙඩක් දාලා කියලා ආපු කෝල් එකට.

“වලියක් ගියා බන් ඉතින්..”

“ඒක අපිට පේනවා ඉතින් ඔය වෙලා තියන දේ දැක්කම.” නිශල්ක අද කොහොම හරි ඕක කට්ට්යගෙ කටින් ඇදලා ගිනියි වගේ. ශවිරු අයියා බෙල්ල පිටිපස්සෙ අතක් ගෙනියන ගමන් ලොකු හුස්මක් ගත්තා.

“අපේ වයසෙ වනුජ බන්..ඌ කෙල්ලෙක්ගෙ නියුඩ්ස් වගයක් ෆෝන් එකේ තියන් ඉදලා ඒක සෙක්ශන් එක පුරාම යවලා..”

“අම්මට සිරි..අර ෆොටෝග්‍රැෆික් ක්ලබ් එකේ අයියා නේද?”

“හ්ම්..කාලකණ්ණියා” අපි කට්ටයම ශවිරු අයියා ඔලුව මසාජ් කරන දිහා බලන් හිටියා.

“මේ පාහරයා ඒක වෙබ්සයිට් එකකට දාලනෙ..පස්සෙ ඕක කොහොම හරි ආර්යන්ගෙ කනට ගිහින්.” ශවිරු අයියා සයිලන්ට් වෙද්දි සාහිල් අයියා කතා කරන්න ගත්තා.

“අම්මට සිරි අරූට නෙලන්න ඇති නේ ආර්යන් අයියා?” තනුජ හිනා වෙවී කිව්වම මම අහක බලා ගත්තා.

“නෙලුවනම් මොකද බන් අරූගෙ කොන්ද ලෙෆ්ට්-” ඒ එක්කම ගමිදු අයියා හිනා වුනාම ඇස් දෙක වහන් හිටපු ශවිරු අයියා ගමිදු අයියගෙ ඔලුවට පාරක් ගැහුවා.

“තොට හිනා ඉතින්! කොහොමත් උබලා දන්නෙ තඩි බාන්නනෙ.”

“ඉතින් යකෝ හිනා යන්නැද්ද අර පරයා ආර්යන්ට පොල්ලක් උස්සන් ගියාම??”

“ඒ මේ දැන් ආර්යන් අයියා අර හොස්පිට්ල් එකට ගියාම අර අයියගෙ පේරන්ට්ස්ලා දකීවිනෙ?” නිශ්ලක කියපු කතාව ඇත්ත තමයි.

“එයාලා මෝඩ නෑ ආර්යන්ට ප්‍රශ්න දාන්න තරම්..”

“මට බය ආර්යන් අරූගෙ ඉතිරි වෙලා තියන පණ ටිකත් යවයි කියලා.” ශවිරු අයියා ගමිදු අයියලා දිහා බැලුවා.

“නෑ නෑ සඳැස් ඉන්නවනෙ..”

“අනේ අම්මෝ මරු එකා- ගින්දරයි ගාණට පෙට්‍රල් ටිකයි.” මම අයියලා ටික දිහා තාම කිසිම සද්දයක් නැතුව බලන් හිටියා.

“ඔයා මොනා කරන්න ගිහින්ද තුවාල කරගත්තෙ?”

“ආ මමද? උබ ආර්යන්ව හොයන්න යනවා කියපු නිසා විනාඩි දෙකකින් වගේ මමත් පහළට ආවා..පස්සෙ ස්ටාෆ් රූම් හරියෙදි මට අපේ වයසෙ එකෙක් සීන් එක කිව්වා. ඒ කියලා මම අනිත් පැත්තට කැඩෙටින් රූම් එකට කඩාගෙන බිදගෙන යද්දිත් ආර්යන් අරූට දමාගෙන ගහනවා බන්. සඳැස් අනිත් එකා..ඌ අරූගෙ යාලුවට එහෙන් ගහනවා. ඕක දැකලා මන් කෙලින්ම ගිහින් ආර්යන්ව නවත්ත ගත්තා..ඇයි ඉතින් තව ටිකකින් අර වනුජයාගෙ පණ ටික යනවනෙ. ඒත් ඒ ගොන් පකයා මට උගේ අතේ තිබ්බ බ්ලෙඩ් එක දික් කරගෙන ආවානෙ. ආර්යන්ව අල්ලන් හිටපු නිසා මට ඒක බ්ලොක් කරන්න හම්බුන්නෑ..ඉතින් කැපිලා ගියා. ඔය සීන් එකට ආර්යන්ට මළ පැන්නා කියන්නෙ මූ මාවත් තල්ලු කරලා අරූව බිමට දාලා කොන්ද මහ හයියෙන් පෑගුවා කියහන්කො..”

“අඩෝ ආර්යන් අයියාට බය හිතෙනවනෙ බන් අයියෙ..එදත් මම නූලෙන් බේරුණේ සාන්ති..” තනුජයා එහෙම කිව්වම මාත් ඌ දිහා බැලුවා.

“ඇයි මොකෝ සීන් එක?”

“එදා හරිද..බැජ් ගහපු මුල්ම දවස්වල..මම පරක්කු වෙලා ඉස්කෝලෙට ආවෙ..ටිකක් වැඩිපුර නින්ද ගියානෙ..පස්සෙ මට පරක්කු පෝළිමේ ඉන්න වුනා. ඔය සීන් එක වෙද්දි එක මල්ලි කෙනෙක්..මන් හිතන්නෙ දහය වසරෙ- ඌ පඩි ටෝක්ස් දීගෙන ගියා ප්‍රිෆෙක්ට් කෙනෙක්ට..එදා ආර්යන් අයියා අර මල්ලව නිකන් මරන් කන්න වගේ ඕයි බලන් හිටියෙ. මන් හිතුවෙ අරූට කන පැලෙන්න එකක් දෙයි කියලා.”

“හ්ම්..ආර්යන් පට්ට් කාම් පොරක්. ඌ ඔය ලුක්ස් දුන්නත් ඒ තරහ ගිහින් නෙවෙයි. කට ඇරලා කියන්න බැරි වචන ටික ඇස් දෙකෙන් කියලා දානවා මිසක් ඌ එහෙම කියව කියව ඉන්නෙ නෑ. ඔය වනුජයටත් මුලින් කනේ පාරක් ගැහුවට ඒ ගැහුවෙ තරහ ගිහින් නෙවෙයි මූ..අරූ කට වරද්ද ගත්තා. ඒ ගොන් පකයා ආර්යන්ට කියලා ඕන්නම් කෙල්ලව බෙදා ගමු ලු” සාහිල් අයියා ආර්යන් අයියගෙ චරිත සහතිකෙ කටින් කියද්දි මම ඇස් රෝල් කරලා අහක බලා ගත්තා.

“ඇයි බන් ඌ ඒ මදිවට පොල්ලකුත් උස්සන් ආවනෙ.”

“ආ ඔව්..ඉතින් ආර්යන්ගෙ ලිමිට් එක පැන්නා. අනික ඔය ටික වුනෙත් අර පරණ ලැබ් එකේ. ආර්යන් පස්සෙ මූට කැඩෙටින් රූම් එකට එන්න කිව්වා. එතනින් එහාට දිගටම නෙලුවෙ ආර්යන්.”

“එතකොට දැන් එයා හොස්පිට්ල් එකට ගියපු එක අවුලක් නැද්ද?” මම නිකන්ම ඒ ප්‍රශ්නෙ අහලා දැම්මා.

“ඌ එහෙම ඕනාවට එපාවට ගහගන්න යන්නෙ නෑ. හැබැයි ඌට හිතුනොත් ඉතින් අරූව අයි සී යූ යවන්න බැරි කමකුත් නෑ. මොකෝ ඉතින් ආර්යන්ව හිරේ දාන්නද? පොලීසිය වැඩ කරන්නෙත් රජීව් අන්කල්ටනෙ.” මම ඔලුව වැනුවා. ස්පොයිල්ඩ් මදර් ෆකර්.

“Give me an E!! Give me a Y!!..”

“What’s the house!!” “තව හයියෙන්!!”

අපි ලොකු චියර් එකක් දීලා මැචස් පටන් ගත්තා. මුලින්ම මැචස් පටන් ගන්නෙ ස්විමින් මීට් එකෙන්. මම පූල් සයිඩ් එකේ ගහලා තිබ්බ ඒල්ස්වර්ත් අපේ ටෙන්ට් එකට වෙලා තනුජ ලෑස්ති වෙනකන් බලන් හිටියා. මොකද දැන් යන ඉවෙන්ට් එකෙන් පස්සෙ තියෙන්නෙ අන්ඩර් නයින්ටීන් අයගෙ ඉවෙන්ට් එක.

“ශාක්‍ය මගේ කැප් එක?” මම කැප් එක තනුජට දෙනවත් එකම අපිට චියර් සද්දයක් ඇහුනා.

“අඩෝ අරුන්ට ප්ලේස් එක..” අපිට පේනවා නිශල්කයා එහෙම අන්ඩර් සික්ස්ටීන් මල්ලිලාව බදා ගන්නවා.

අපේ ඉස්කෝලෙ හවුසස් පහයි..ඒකෙන් ඒල්ස්වර්ත් (Eyilsworth) කියන්නෙ මගෙයි තනුජගෙයි හවුස් එක. අවුරුදු හතක් පිට පිට දෙක අපේ හවුස් එක. එතකොට එක වුනේ නිශල්කයගෙයි හේශිත්ගෙයි හවුස් එක.. ඒ කියන්නෙ ඇෂ්ක්‍රොෆ්ට් (Ashcroft) අවුරුදු හතක් අපි එක්ක කරට කර ආපු පට්ට පවර්ෆුල් හවුස් එකක්. එතකොට ඉතුරු හවුසස් තුන තමයි කොන්වෙල් (Cornwell), බේයස් (Bayes), රෝඩෙල් (Rodell) කියන්නේ‍. මෙතන අපිට ඔය තුන ඩිෆීට් කරන එක නතින්..ඒත් ඇෂ්ක්‍රොෆ්ට් ඩිෆීට් කරන එක තමයි අපිට තියන ලොකුම ප්‍රශ්නෙ. මොකද සාමාන්‍යයෙන් ඇෂ්ක්‍රොෆ්ට්ලා එයාලගෙ පොයින්ට්ස් ගැප් එක මාර විදියට තියන් යනවා..ඇරත් මේ පාර ටොප් බෝඩ් එකේ හතර දෙනාම ඉස්කෝල ඉතිහාසයෙ පළවෙනි පාරට එකම හවුස් එකේ හතර දෙනෙක්.. හතර දෙනාම ඇෂ්ක්‍රොෆ්ට් හවුස් එකෙන්.

සාමාන්‍යයෙන් ටොප් බෝඩ් එකට හවුස් මීටි එකේදි කිසිම වෙලාවක තමන්ගෙ හවුස් එකත් එක්ක ඉන්න බෑ. ඒක තමයි ඕනම ඉස්කෝලෙක නීතිය..අඩුම කිසිම මැච් එකක්වත් ප්ලේ කරන්න බෑ හවුස් මීට් එකේ..ඔන්න ඕක අපිට වාසියක් මොකද ශවිරු අයියා ගත්තොත් ඌට මැච් තියා හවුස් එකේ නම වත් කටින් පිටවෙන්න බෑ. මොකද ඌ ගේම්ස් කැපා නිසා. සාහිල් අයියා ගත්තත් ඔච්චරයි. එතකොට අර ආර්යන් කාරයා. පොර හෙඩ් ප්‍රිෆෙක්ට් නිසා මොකක් හරි කටකතාවක් ඇහුනොත් ඉවරයි හවුස් එකේ ලකුණු කැපෙන්න හරි ඩිස්කොලිෆයි වෙන්න. සඳැස් අයියා ගත්තත් ඉවරයි. ඉතින් මෙයාලට හව්සස් එක්ක කිසිම ගණු දෙණුවක් තියෙන්න බෑ..අන්න ඒක ඇෂ්ක්‍රොෆ්ට් එකට පාඩුවක්. මොකද මේ හතර දෙනා කැප්ටන්සි එකට කලින්  හවුස් මැචස් වපට ප්ලේ නොකරපු ස්පෝට් එකක් නෑ. ඉතින් ග්‍රේඩ් සික්ස් ඉදන් ඔය ආර්යන්ලා එහෙම ගොඩක් ස්පෝට්ස් වලින් ප්ලේසස් ගත්තා.

ඒත් දැන් අවුල මුන්ට ප්ලේ කරන්න බැරි වුනාට යටින් හවුස් එකට අදින්න පුලුවන් චාන්ස් එක වැඩියි. මොකද මුන් හතර දෙනා හවුස් එක කිව්වොත් පණ වුනත් දෙන ජාතියේ එවුන් ටිකක්. මුන් විතරක් නෙමේ අපි හැමෝම ගත්තත් හවුස් එකට පණ ඇරලා තමයි ඒත් මේ හතර දෙනා දැන් අන්ස්ටොපබල්. ඔය පට්ටම් හතර ගහගත්තට පස්සෙ මොනාද නොකරන්න බැරි? ඉතින් දැන් මොකක් හරි වලියක් ගියත් ඇෂ්ක්‍රොෆ්ට් එක සුද්ද වෙනවා. මේ පාර නම් හවුස් මීට් එක යුද්ධෙකට සමාන වෙයි.

“හොඳට කරපන් තනුජ. බැක්ස්ට්‍රෝක් වලින් නිශල්කට උබට ගහන්න බෑනෙ..” තනුජ ඇෂ්ක්‍රොෆ්ට් ටෙන්ට් එක දිහා බලන් වෝම් අප් කරන්න ගත්තා.

“හිසරදයක් නම් යටට ඇදලා දාපන් ඌව..” තනුජ ඔලුව වැනුවා.

“අපරාදෙ උදේ එන ගමන් මට ඌව ගෙදර දාලා එන්න තිබ්බෙ.. බලපන් පකයගෙ හිනාව.”

ඇෂ්ක්‍රොෆ්ට් එකේ මල්ලිලා වගයක් එක්ක හිනා වෙවී ඉන්න නිශල්ක දිහා අපි සද්ද නැතුව බලන් හිටියා. සාමාන්‍යයෙන් ස්පොට්ස් මීට් දවස් වලට මෙහෙම තමයි. අපේ මුලු ඉස්කෝලෙම පිල් පහකට..නෑ පිල් දෙකකට බෙදෙනවා. ඇෂ්ක්‍රොෆ්ට් vs හවුසස් හතර වගේ. ඉතින් නිශල්කයි හේශිතුයි මේ දවස් වලට අපි එක්ක වැඩි කතාවක් නෑ. තරහක් නෙවෙයි ජස්ට් හවුසස් වයිස් අපි වලි. ඔය අතරෙ මගේ ඇස් දෙක ගියේ පැවිලියන් එකේ වාඩි වෙලා ඉන්න සඳැස් අයියටයි එයාට එහා පැත්තෙ ඉන්න එකා ගාවටයි. අපිට ඉස්සරහින් තියෙන්නෙ පූල් එක..ඊට පස්සෙ තමයි පැවැලියන් එක තිබ්බෙ. හද්ද ඈතින් වුනත් මට පේනවා ඒ කටවල් අග ඉස්සිලා තියෙන විදිහ.

“You can do it Thanuja. Beat em'” මම ඌට ෆිස්ට් බම්ප් එකක් දීලා ඌ එක්කම ටෙන්ට් එකෙන් එළියට ආවා. තනුජට අපේ හවුස් එකෙන් හම්බ වුනේ පට්ට චියර් එකක්..ඒ වෙද්දි ඇෂ්ක්‍රොෆ්ට් එකේ ඇටෙන්ශන් එකත් තිබ්බෙ අපිට.

විනාඩි දහයක් ඇතුලත මුලු ඒල්ස්වර්ත් ටෙන්ට් එකේම ස්කූල් ෆ්ලැග් එක ඉස්සුනා. තනුජයා දින්නා. අන්ඩර් නයින්ටීන් කැටලරි එකෙන් අපි දින්නා.. මම මල්ලි කෙනෙක්ගෙ අතේ තිබ්බ ස්කූල් ෆ්ලැග් එකක් අරන් කෙලින්ම ඇෂ්ක්‍රොෆ්ට් පැත්තට හැරිලා ස්පෙල් එකක් දෙන්න පටන් ගන්න කොටම අපේ එවුන් මගේ වටේට එකතු වෙලා දෙදරන්න චියර් එකක් දුන්නා. විනාඩි දහයක් ගිහිනුත් නෑ අපේ එවුන්ගෙ සෙලිබ්‍රේශන් එක ඉවර වුනේ. මොකද අද තමයි අවුරුදු හතකට පස්සෙ අපි ස්විමින් මීට් එකක් මෙහෙම ලීඩ් කලේ. ඒකත් ඇෂ්ක්‍රොෆ්ට් එක සෙකන්ඩ් කරලා. මම දැන් මේ ප්ලේසස් කියනකන් පූල් එක ඉවර වෙන තැන ගහලා තියෙන ටෙන්ට් එක ගාවට වෙලා හිනා වෙවී බලන් හිටියෙ වෙන මුකුත් නිසා නෙවෙයි සතුටට.

“කන්ග්‍රෑට්ස්.” මම ඇහි බැමකුත් උස්සන් හිනා වෙච්ච ගමන්ම මගේ පිටිපස්ස හැරුණමත් එක්කම දැක්කෙ ප්ලේසස් දෙන ටෙන්ට් එක දිහා කට කොනක් උස්සන් බලන් ඉන්න ආර්යන් අයියව.

“තැන්ක්ස්. anyways, second place looks good on y’all.” ඒ එක්කම එයා මන් දිහා බැලුවම මම දත් මිටි කාගත්ත හිනාවක් පෙන්නුවා.

“හ්ම්ම්..හැමදාම ෆස්ට් වෙලත් බෑනෙ රයිට්?” ඒ එක්කම මගේ හිනාව නැති වෙලා මගේ නළල ඇකිලුණා.

“විල් සී අබවුට් දැට්.” මන් දිහා බලාගාන ඔලුව පොඩ්ඩක් හෙලවලා එයා යන්න ගිය හැටි මම බලන් හිටියා. Arrogant motherfucker.

“ආහ් මල්ලේ..සතුටුයි වගේ..” මම නළල අකුලන් හිටපු නිසා ආයෙම මූණ සැහැල්ලු කරගෙන මන් දිහා කටත් ඇද කරන් බලන් උන්නු ශවිරු අයියා දිහා බලලා හිනා වුනා.

“ම්ම්..සතුටු නැද්ද මගේ එකා දින්නම?” මම ශවිරු අයියව ගණන් නොගෙන තනුජය ඉන්න තැනට ගියා.

ප්ලේසස් දීලා තනුජ කෙලින්ම දුවන් ආවෙ මගේ අත් දෙක අස්සට. තෙත පිටින් වෙව්ලන ගමන් හිටපු ඌව මම හිනා වෙලා වඩා ගත්තම ආයෙම අපේ හවුස් එක මහ හයියෙන් චියර් කලා. උදේ ඉදන් තිබ්බ අනිත් මීට්ස් වලින් දින්න අයවත් කරවල් වලට ගත්ත අයියලා මුලු ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකම දෙදරන්න චියර් කලා. ඔය අතරේ මේ හැම දේම බලන් හිටපු ටොප් බෝඩ් එක හොයන් මගේ ඇස් ගියාම මම බලාපොරොත්තු වුණු කෙනාව මම දැක්කා.

එක දිගටම දිනලා බොර්ඩ්ද උබට?? මම ඌ දිහා බලාගෙනම තනුජයගෙ කම්මුලට කිස් එකක් දිලා උගෙ කොන්ඩෙ ඇවිස්සුවා.

A/N

“Nadaaniyan” song එක අහලා බලන්න 💛 ඒක පුදුම ලස්සනයි 🥺✨

අද චැප් එක හොදයිද?? ආර්යන් එන්ටර් වුනු විදිහ??

Adareyyy
හිම්ස්~

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 08, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 08, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 08 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 08 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 08 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 08 light novel, ,

Comment

Leave a Reply

Chapter 8