À¶»À¶¯À·… | The Kandyan Aristocrats 09

A+ A-

“ඕ කියන්න තාත්තේ?”

“නන්ගි තව පැය පහකින් බහින්න ඉන්නෙ.”

“ඕ..මම චෙක් කලා. දැන් මේ තනුජත් එක්ක ටවුන් යන්න ඉන්නෙ.”

“ඇයි නිශල්ක පුතාලා? ආ..මැචස් නිසා වලි නෙහ්?” මම ඇස් දෙක රෝල් කරලා කනේ තිබ්බ ෆෝන් එක මගේ මූණ ඉස්සරහට අරන් තාත්තගෙ කෝලර් අයි ඩී එක දිහා බැලුවා.

“කියවන් එන්න එපා තාත්තෙ මම ෆෝන් එක තියනවා හොදේ!”

“හපෝ හරි හරි..අනේ උබලගෙත් සීනි බෝල ආතල්- මේ ඒක නෙමේ නන්ගිට ෂැම්පෝ අනංමනං ගිහින් ගන්න ටවුන් එකෙන්.”

“හරි හරි වදේ! ඒකට තමයි යන්නෙ..මම තියනවා හොදේ!”

“මොකද මොකද උබේ හදිස්සිය?”

“මම කොළඹ එද්දිවත් ඔහොම නෑ. නංගිට තමයි-“එතකොටම මන් බලන් ඉද්දි තාත්තා කෝල් එක කට් කරා. හ්ම්ම්..දැට්ස් වට් අයිම් ටෝකින් අබවුට් මහේන් බ්‍රදර්.

මට හිනා ගියා..මායි නන්ගියි වලි දාගත්තම තාත්තා ඉතින් ලෝකෙන්ම ලෙෆ්ට්. මම බයික් එකට යතුර ගහලා බයික් එක ස්ටාර්ට් කලා. දැන් ගිහින් තනුජව ගන්න යන්න ඕන..

“ඒ බන් අර රෙස්ටුවරන්ට් එකට යමු?” මම ඔලුව වැනුවා. නන්ගිට ඕන කරන බඩු ගන්න කලින් අපි දෙන්නා කන්න හිතුවා.

“මොනාද කන්නෙ?” මම තනුජ දිහා බැලුවා.

“රයිස් හොඳයිනෙ?” තනුජ හා කිව්වට පස්සෙ මම එතන කැශියර් අයියා දිහා බලලා කෑම එක ඕඩර් කරන්න යද්දිම මගේ මූණ ලගින් කාඩ් එකක් එක්ක අතක් ආවා.

“රයිස් හතරක් දාන්න ඇන්ඩ් මේ දෙන්නගෙ බිල් එකත් මේකටම දාන්න”

මම කෙලින්ම බැලුවෙ මගේ එහා පැත්තෙ ඉන්න කෙනා දිහා. වෙන කවුද ඉතින් අර ආර්යන් කාරයා මිසක්. මම ඌ දිහා බලන් ඉන්නවා කියලා දැනුනු නිසා ඌ මන් දිහා බලලා ඔලුව යාන්තමින් හොලවලා ආයෙම ඇස් වලින් ඉස්සරහ පෙන්නුවම මම කරේ උගේ අත මගේ මූණ ඉස්සරහින් අයින් කරපු එක.

“රයිස් දෙකක් අයියෙ..මම පේ කරන්නෙ.” පස්සෙ ඒ අයියා මන් දිහායි මගේ එහා පැත්තටයි ඇස් ගෙනිච්චා. මොකද දැන් මෙතන් කාඩ්ස් දෙකක් ඌ ඉස්සරහ තියෙන නිසා පොර කන්ෆියුස්ඩ් වෙලා.

“මල්ලිලා කතා කරගෙන පේ කරන්නකො මම එතකන් ඕඩර් එක දාන්නම්.”

“නෑ අයියෙ මේකෙන් ගන්න. ආදිල් මූව්-” මම ආර්යන් අයියා දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා.

“මට පේ කරගන්න පුලුවන් අයියෙ.”

“මම දන්නවා. බට් ලෙට් මී පේ.” එහෙම කියලා මූ එකපාරටම මගේ උරහිසෙන් අත තියලා මාව පැත්තකට කලා. You gotta be kidding me-

“ශාක්‍ය ශාක්‍ය..ඒ මෙහෙට වරෙන්” තනුජ ටක් ගාලා මාව පිටිපස්සට ඇදලා ගත්තම මම ඌ එක්ක රෙස්ටුවරන්ට් එක ඇතුලට ගියා.

“උබ පිට් නේ?” මම ඔලුව වැනුවා.

“අරූ මොකද්ද මෙතන කරන්නෙ?” මන් තනුජයා දිහා බැලුවම ඌ දන්නෑ කියන්න උරහිස් දෙක ඉස්සවුත් උගේ ඇස් දෙක ලොකුවෙන හැටි බලලා මම මගේ පිටිපස්ස බැලුවා. ශවිරු අයියලා?

“අඩෝව්ව්-” මූ පුටුවෙන් නැගිටලා ඇවිත් මගෙයි තනුජගෙයි බෙල්ලෙන් අල්ලා මිරිකන්න ගත්තා.

“මොනාද මෙහෙ කරන්නෙ?” සාහිල් අයියා හිනා වුනාම මමත් අමාරුවෙන් හිනා වුනා. ඇයි ඉතින් මේ යකා මගේ බෙල්ල හිර කරගෙන අතාරින්නෙත් නෑ.

“අතෑරපන් බන් ඔය පොඩි එකාව..! බලපන් උගේ මූණත් රතු වෙලා.” ඒ එක්කම මගේ බෙල්ලෙ තිබ්බ ශවිරු අයියගෙ අත නිකන්ම අතෑරිලා ගියාම මම පුදුමෙන් ශවිරු අයියා දිහා බැලුවෙ මොකද ඌ කවුරු කිව්වත් උගේ වැඩේ නවත්තන්නෙ නැති නිසයි..ඒත් ඒ වෙනුවට මම දැක්කෙ ආර්යන් අයියා ශවිරු අයියගෙ මුලු බෙල්ලම එයාගෙ තනි අතින් වැහෙන විදිහට අල්ලන් සාහිල් අයියලා උන්නු ටේබල් එක ගාවට ඇදගෙන ගිහින් ශවිරු අයියව පුටුව උඩට අතාරිනවා. ආර්යන් පුදුම යකෙක්නෙ. අච්චර ඇග තියෙන ශවිරු අයියව එහෙම විසික් කරා කියන්නෙ..

“නන්ගි එනවා අද..එයාගෙ බඩු වගයක් ගන්න ආවා.”

“ආ..එතකොට බඩු තියෙන්නෙ රෙස්ටුවරන්ට් එකේද?” මම ඔලුව වනලා කතාව වෙනස් කරන්න වෙන ටොපික් එකක් ගැන කල්පනා කරත් තනුජයා ඉක්මන් වුනා.

“මේ යකා උදේටයි දවල්ටයි කාලා නෑනෙ..දැන් මේ යන ගමන් තමයි කන්න එක්කන් ආවෙ.” මම තනුජ දිහා බැලුවම ඌ ගිහින් ශවිරු අයියා ලගින් හිටගත්තා. පිස්සු හුත්තා.

“මූව නම් ගලේ ගහලා හදන්න බෑ බන්.. දැන් අර මැච් එක දවසට ෆේන්ට් වෙයන්කො පුලුවන්නම්.” හරිනෙ දැන් ඉතින් ඉවරයි..ඕක නිසා තමයි මම ටොපික් එක වෙනස් කරන්න හැදුවෙ.

“එක දවසක් කෑවෙ නැති වුනාම ෆේන්ට් වෙන්නෙ කොහොමද බන් අයියෙ?” ඒ කියලා මම අහිංසක හිනාවක් දැම්මා.

“එක්ස්කියුස්- තව පුටු දෙකක් දාන්න පුලුවන්ද?”

“රයිට් සර්-” සඳැස් අයියා එකපාරටම එහෙම කිව්වම මායි තනුජයි මූණට මූණ බලාගත්තා.

“ඒ පිස්සුද අයියෙ අපි දෙන්නා වෙන තැනකට යන්නම්..”

“පිස්සු නොකර වාඩි වෙන්න මල්ලි.” ඒ එක්කම වැඩිපුර පුටු දෙකක් ටේබල් එකට දැම්මට පස්සෙ තනුජ ශවිරු අයියගෙ එහා පැත්තෙන් වාඩි වුනේ මට සාහිල් අයියගෙයි ආර්යන් අයියගෙයි මැද්දෙ තිබ්බ පුටුව ඉතිරි කරලා.

වාඩි වෙන්න තිබ්බ පරක්කුවට සීන් එක තේරුම් ගත්ත තනුජ ටක් ගාලා අනිත් පුටුවට මාරු වෙන්න හැදුවත් මම ඉක්මනට උගේ උරහිසෙන් අත තියලා අනිත් අයට සීන් එක නෝට් වෙන්නෙ නැති විදිහට ගිහින් එතනින් වාඩි වුනාමත් එක්කම මගේ නහය ඇකිලුනේ මාව එකපාරටම වහගත්ත සැර පර්ෆියුම් එකක් නිසා. මොන යකාද කියපන්කො මෙච්චර සැර පර්ෆියුම් ගහන්නෙ? මම කෙලින්ම සාහිල් අයියා දිහා බැලුවම සාහිල් අයියාත් එක පාරටම මන් දිහා බලලා ඇයි කියලා ඇහුවත් මම නෑ කියන්න ඔලුව වැනුවෙ පර්ෆියුම් එකේ අයිතිකාරයා මට වැරදෙද්දි. සිරාවටම මටත් පිස්සු. මේ වගේ ඒවා සාහිල් අයියා කරන්නෙ නෑනෙ. මම ශේප් එකේ මගේ අනිත් පැත්තෙ වාඩි වෙලා ඉන්න පොර දිහා බැලුවා. ඔෆ් කෝස් ඉට්ස් යූ..

මම බලන් ඉන්නවා කියලා තේරුණු නිසාද කොහෙදඉස්සරහ බලන් හිටපු එයා එකපාරටම මන් දිහා බලලා ඇහි බැමක් ඉස්සුවම මම එයාට දෙන්න පුලුවන් ලොකුම ජජී ලුක් එක දුන්නා.

“ඊයෙ එක්කෙනෙක් වින් කරාලුනෙ.” සාහිල් අයියා කින්ඩියට හිනා වෙන ගමන් ඇහුවා.

“ඔව් ඇයි දුකද?” තනුජයා එයාගෙ ෂර්ට් එකේ අතක් උස්සන ගමන් ඇහුවා.

“ලක් එක තමයි ඉතින්.” ඔන්න ඔන්න ශවිරු හැමිනෙනවනෙ ඉතින්.

“ඇයි ඇෂ්ක්‍රොෆ්ට් ලක් එකට මොකද වුනේ?” ඒ එක්කම සඳැස් අයියට බකස් ගාලා හිනාව පැන්නම ශවිරු අයියා සඳැස් අයියගෙ පිට මැද්දට පාරක් ගැහුවා.

“ආව් යකො-”

“උබ මොකද මේ පොඩි පගයා කියන ඒවට හිනා වෙන්නෙ??”

“හිනා යන්නැද්ද ඉතින් පොඩි එවුන් එක්කවත් කියවලා දිනන්න බැරි වුනාම.” ඒකට මේ පාර හිනා ගියේ මට..ශවිරු අයියගෙ මූණ දෙල් වෙනවා මට පෙනුනා.

ඔහොම ඔහොම කියවන් යන අතරෙ එකපාරටම මගේ එහා පැත්තෙ හිටපු ආර්යන් අයියගෙ මොකක් හරි බිම වැටුණා. මම එයා දිහා හෙමින් සැරේ බැලුවම දැක්කෙ පොර දාගෙන වැටුණෙ මොකද්ද කියලා හොයනවා.. අනේ ඉතින් ගොන් ආදා.. මට මෙතනට පේනවා එයාගෙ කාර් කී එක එයාගෙම පුටුව යට තියෙනවා.

මම ඇස් දෙක රෝල් කරලා කී එක ගන්න අත දික් කරාමත් එක්කම මාව ඉන්න තැනම ගල් වුනේ මගේ කන ලග දැනුනු රස්නෙට.

“What’s with the judgy look?”

මුන් ඔක්කෙම මින්ට් කනවද? මම ආයෙම ඇස් දෙක රෝල් කරලා එයාගෙ කාර් කී එක අතට අරන් කෙලින් වුනේ එයත් කෙලින් වෙද්දි.

“ඔයාගෙ පර්ෆියුම් එක.” මම යතුර එයාගෙ ඉස්සරහ ටේබල් එකෙන් තිබ්බා.

“ඇයි පර්ෆියුම් එක සුවඳ නැද්ද?” මම මේ පාර ඇස් දෙකත් ලොකු කරගෙන ඌ දිහා බැලුවා. මූට සයිකොද?”

“ඒක සැර වැඩියි..මන් දන්නෑ මට සැර වැඩියි.” මම උරහිස් දෙක ඉස්සුවම එයා ඔලුව එක පාරක් හෙලෙව්වා. එතනින් එහාට අපි දෙන්නගෙ කිසිම කතාවක් සිද්ද වුනේ නෑ.. කොහොමත් මට ඕන වුනේ මෙතනින් පැනගන්න.

කෑම කාලා අපි හැමෝම රෙස්ටුවරන්ට් එකෙන් එළියට ආවා..සඳැස් අයියා මගෙයි තනුජගෙයි පිටට තට්ටුවක් දාලා බෙන්ස් එක ගාවට යන්න ගියා.

“අම්මට සිරි යකා එක්කද ආවෙ?” ශවිරු අයියයි සාහිල් අයියයි හිනා වෙවී ගිහින් බයික් එක චෙක් කරන්න ගත්තා.

ඇත්තටම ශවිරු අයියා මේ කීවෙනි පාරද මේ බයික් එක දකින්නෙ..ගෙදරටත් තකහනියක්ම ආවා මේකෙ රයිඩ් එකක් දාන්න. තාම අර දැක්ක පළවෙනි දවසෙ වගේමයි.

“ඒ මේ බන්..මන් පදින්නද?”

“කොහටද ඉතින්? දැන් අපි යන්න ඕන බඩු ටික ගන්න.”

“එතන්ට එන්නම්..ඒ ආර්යන් මයේ උම්මාකැටේ-” මමයි තනුජයි කටත් ඇරන් ආර්යන් අයියා දිහා බැලුවම දැක්කෙ දැනටමත් එයා ශවිරු අයියා දිහා සෝ ඩන් ලුක් එකකින් බලන් ඉන්නවා.

“ඇයි?”

“මාව ගන්න වරෙන්කො..”

“හ්ම්ම්..”

“ආදරෙයි ඈ..මේන් මෙච්චරක්!” ශවිරු අයියා අත් දෙකම ඔලුවට ගෙනල්ලා හාට් එකක් හදලා කිව්වම තනුජ මෙච්චරවෙලා හෙමින් සැරේ ගත්ත ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තා.

“කැරි සීන් බන් අපිත් දකින්නෙ” තනුජ හෙමීට කිව්වම මමත් කට පුප වහන් හිනාව තද කරන් හිටියා.

“මල්ලිලා..” අපි පිටිපස්ස හැරුණා. සඳැස් අයියා අපි දෙන්නට කාර් එක පෙන්නලා නගින්න කිව්වම මම මගේ අතේ තිබ්බ බයික් එකේ යතුර ශවිරු අයියගෙ ඇගට විසි කලා.

“උබට මොකක් වුනත් අයියෙ බයික් එක නිරුපද්‍රිතව ඕන..හරිය??” මම ඇහැක් ගහලා තනුජයා එක්ක ගිහින් කාර් එකට නැග්ගා.

“මේ අයියගෙ කාර් එක නෙමෙයිද?” සඳැස් අයියා පැසෙන්ජර් සීට් එකේ ඉදන් පිටිපස්ස හැරුණා.

“මගේ එක තමයි..මගේ අත අවුල් මල්ලි.” ඒ එක්කම ආර්යන් අයියා කාර් එකට නැගලා කාර් එක ස්ටාට් කරාම අපිට බයික් එකක් රේස් වෙන සද්දයක් ඇහුණා.

“අරූ අද පාර දෙක කරයි.” ආර්යන් අයියා කාර් එකේ වින්ඩෝ එක පහළට කරලා විසිල් එකක් ගැහුවම ශවිරු අයියයි සාහිල් අයියයි දෙන්නම අපේ පැත්තට හැරුණා.

“හෙමින් පලයන්.” ශවිරු අයියා ඔලුව හොලවලා හෙල්මට් එක දාගත්තා.

“ශවිරු අයියට ගැලපෙන්නෙ බයික් එක.” මටත් නොදැනිම ඒ වචන ටික මට හයියෙන් කියවුනාම තනුජයි සඳැස් අයියයි හිනා වෙන්න ගත්තා. ඔය අතරේ මගේ ඇස් දෙක ගියේ ඉස්සරහ රියර් මිරර් එකෙන් මන් දිහා බලන් ඉන්න තනි කලු ඇස් ලගට. ඕන්නම් තප්පර ගාණක් මන් දිහා ආර්යන් අයියා බලන් ඉන්නැති..ඊළඟ තප්පරේ ඒ ඇස් ඇහිබැම එක්ක ඇකිළිලා ගිහින් වෙනාතක් බලා ගන්නවා මම දැක්කා.


A/N

අද එක පොඩ්ඩක් කොටයි ඉහිම් ඉහිම්..සමාවෙන්නෝන මේමට🥹

ඒක නෙවෙයි..ඔයාලා ආසම හින්දි සෝන්ග්ස් මට කියන් යන්නකො 👉🏻👈🏻 මේ අලුතින් ආපුවා නෙමේ..පරණ අර හිට්ස් එහෙම 🥺✨ (Dancing Jodi)

Adareyyyy
හිම්ස්~

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 09, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 09, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 09 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 09 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 09 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 09 light novel, ,

Comment

Leave a Reply

Chapter 9