À¶»À¶¯À·… | The Kandyan Aristocrats 10

A+ A-

ක්‍රිකට් මැච් එකෙනුත් දින්නෙ අපේ ඒල්ස්වර්ත් හවුස් එක.. දැන්නම් ඇෂ්ක්‍රොෆ්ට් එක පොඩ්ඩක් ගැස්සිලා තියෙන්නෙ කියලා ටොප් බෝඩ් එක දැක්ක ගමන් කියන්න පුලුවන්. ඒකට හොඳම උදාහරණේ මගේ කැපා..ශවිරු අයියා. ඌ වෙනදා මේ හවුස් සීන් වලට අපි එක්ක වලි දාගත්තෙ නෑ ඒත් අද මැච් එකෙන් පස්සෙ පොර අපිට විශ් කරන්නවත් ආවෙ නෑ. පොර විශ් කරන්න තියා අපි එක්ක හිනා වුනේවත් නෑ. පව් ඇත් සේනාව ඉතින්. හෙන ආතල් මේවා දිහා බලන් ඉද්දි. මොකද වෙනදට හිනාවෙන සඳැස් අයියා පවා අපි එක්ක හිනා වුනේ නෑ. ආර්යන් ඩයල් එක හොයාගන්නත් නෑ. හෙහේ..ඉතිහාසෙ කවදාහරි වෙනස් කරන්නෙ ඉතින් අපි තමා.

අපි අපේ ලොකර් රූම් එකට ඇවිත් ඇදගත්තා..හවස කට්ටියව හවුස් එකෙන් කෑම කන්න එලියට යනවා කිව්වත් අද මට වෙලාසනින් ගෙදර යන්න වෙනවා. මොකද මගේ නන්ගි වහන්සේ ගෙදර තනියමනෙ. එයාට ඉතින් තනියෙන් ඉන්න පුලුවන්..ඊටත් වඩා නන්ගි තනියෙන් ඉන්නයි ආස. ඒත් මම එයාව මේ දකින්නෙ හෙන කාලෙකින් ඒක නිසා කතා කරන්න පට්ට කෝප්ප ගාණක් තියෙනවා.

“ශාක්‍ය..උබට එන්නම බෑද බන්?” මම අපේ හවුස් එකේ ලෝකිත දිහා බලලා ඔලුව වැනුවා.

“බෑ බන්..නංගි ඊයේ හවස ආවෙ. ශීල්ඩ් එක ගත්තම ආයෙ යමු.” මම ඇහැක් ගැහුවම පොර හිනා වෙලා මගේ පිටට එකක් ගැහුවා.

මම තනුජයටත් යනවා කියලා බැට්මින්ටන් රූම් එකට ආවෙ නිශල්කලාට නන්ගි ගැන කියලා යන්න. මේ බිල්ඩින් එකට අපි කියන්නෙ ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එක කියලා. දැන් මේ ස්පෝට්ස් මීට් සීසන් එක නිසා ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එක මේ දවස් වල කොටස් පහකට බෙදිලා තියෙන්නෙ. ස්පෝට්ස් කම්ප්ලැක්ස් එක කිව්වම ඒකෙ තට්ටු තුනයි. පළවෙනි තට්ටුවේ තමයි අපේ ක්‍රිකට් රග්බි ඇන්ඩ් අනිත් ස්පෝට්ස් වල ලොකර් රූම්ස් තියෙන්නෙ. අපේ ක්‍රිකට් රූම් එකයි රග්බි රූම් එකයි ස්පෝට්ස් කම්ප්ලැක්ස් එකේ කොන් දෙක අයිනෙ හදලා තියෙන්නෙ වලි යන එක අඩු කරන්න. එතකොට දෙවනි ෆ්ලෝ එකේ තමයි බැට්මින්ටන්, ස්කොෂ්. ටේබල් ටෙනිස් ප්‍රැක්ටිස් රූම්ස් ඇන්ඩ් අපේ පට්ට ලස්සන ජිම් එක තියෙන්නෙ.. එතකොට තුන්වෙනි ෆ්ලෝ එකේ තියෙන්නෙ ස්ලැබ් එකත් එක්ක ලොකු මීටින් රූම්ස් ටික..ඕක ඇතුලෙ තමයි ඉවෙන්ට්ස් ප්ලෑන් කරන්නෙ.

මම බැට්මින්ටන් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියාම දැක්කෙ තනිකරම මරූන් ඇන්ඩ් සිල්වර් වලින් පිරිලා ගියපු ෆ්ලැග්ස් උයි ඩෙකරේශන්ස් උයි..නහය අකුළන ගමන් මම දොර ගාව හිටගෙනම මුලු රූම් එකේම ඇස් ගෙනිච්චෙ නිශල්කවයි හේශිත්වයි හොයාගන්න. කෝ මුන් දෙන්නා? ඒ එක්කම මට උගුර හදන සද්දයක් ඇහුනා.

පිටිපස්ස හැරිලා මම බැලුවෙ කවුද කියලා. ආ..මූද? ඒත් එක්කම මම කිසිම රිඇක්ශන් එකක් නැතුව එයා දිහා බලන් හිටියා. දැන් මේ මනුස්සයා මම යන යන තැන මතු වෙන එක නෝමල් දෙයක් වෙලාද? මන් හිතන්නත් කලින් මගේ ඇස් උඩ ඉදන් පහලට යැවුනේ ආර්යන් අයියා මන් දිහා ඇහි බැමක් උස්සලා බලද්දි..ඕ මයි ගෝඩ් ශාක්‍ය! Stop embarrassing yourself!

“මොකක් හරි ඕනද?” මම ටක් ගාලා ඔලුව වැනුවා.

එයා මන් දිහා දිගටම බලන් හිටියේ මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් කියලා මට තේරුණ නිසා මම ආයෙම බැට්මින්ටන් රූම් එක දිහා බලලා ඒකෙන් එලියට ආවා.

“නිශල්කව හොයන් ආවෙ.” දැන් ඇයි මන් මූට උත්තර දෙන්න ඕනෙ? එහෙම හවුසස් ඇතුලට යන්න බෑ කියලා නීතියක් නෑනෙ..අනික ඔක්කොටම වඩා මෙයා මොකද මෙතන කරන්නෙ?

“හ්ම්..” ආර්යන් අයියා ෆයිල්ස් වගයක් පෙරලන ගමන් මෙතනින් යන්න ගත්තා.

“ආ..මේ..” යන එක නවත්තලා මන් දිහා ආර්යන් අයියා හැරිලා බැලුවම මම එයාව පහු කරන් පඩිපෙල බහින්න ගත්තා.

“අපේ ලොකර් රූම් එක ලගට එන්න පුලුවන්ද විනාඩියකට?”

මම දිගටම පඩිපෙළ බහින්න ගත්තත් උත්තරයක් ලැබුනෙ නැති නිසා ඊළඟ පඩිපෙල ගන්නෙ නැතුව මම උඩ බැලුවම දැක්කෙ තාම හිටපු තැනම නැවතිලා මන් දිහා බලන් ඉන්න ආර්යන් අයියව. ඒක ඇහුවා එච්චරටම අවුල්ද?

“අහ්..පුලුවන්නම් විතරක් ඉතින්.” මම උරහිස් දෙක උස්සලා වේගෙන් අපේ ක්‍රිකට් ලොකර් රූම් එකට ගිහින් මගේ ප්‍රැක්ටිස් බෑග් එකේ සයිඩ් පොකට් එකට අත දාලා හැන්දක් අතට ගත්තා.

හැන්ද අරන් මම ලොකර් රූම් එකෙන් එළියට ආවට පස්සෙ දැක්කෙ එළියෙ ලස්සනට ගහලා තිබ්බ ගල් බැම්මෙ හේත්තු වෙලා මන් දිහා බලන් ඉන්න ආර්යන් අයියව. මොනාද දන්නෑ බලන්නෙ? ඉන්න හැටි විතරක් අටපට්ටම. මම එයා ලගට ඇවිදන් ගිහින් හැන්ද දික් කලා..

“තැන්ක්‍යූ..ෆෝ දිස්.”

මන් දිහා බලන් හිටපු එයා හැන්ද දිහා බලලා ආයෙම මන් දිහා බැලුවා. ඉක්මණට ගනින් මිනිහෝ මගේ අත රිදෙනවා දවසෙම බැට් කරලා.

“No worries” හැන්ද ගන්න හදනවත් එක්කම මට කොල්ලො වගේක සද්දයක් ඇහෙන්න ගත්ත නිසා මගේ ෆෝකස් එක ඒ පැත්තට ගියේ දික් කරන් හිටපු අත මහන්සියට නැමෙද්දි..ඒ එක්කම මගේ ඇඟිලි උඩින් රස්නෙ අතක් ගෑවුනත් එක්කම මම ටක්ගාලා ආයෙම මගේ ඉස්සරහ බැලුවා.

සීන් එක තේරිලද කොහෙද ආර්යන් අයියා ඉක්මණට මගේ අතින් හැන්ද අරන් ඔලුව ලාවට හොලවලා එතනින් යන්න ගියාම මමත් ටක්ගාලා ලොකර් රූම් එක ඇතුලට ගියේ මගේ ප්‍රැක්ටිස් බෑග් එක ගන්න.

“ආ නංගේ..!” මම ප්‍රැක්ටිස් බෑග් එක සාලෙ මැද්දෙන් තියලා ටීවි එක ඉස්සරහින් හිටගත්තා.

“එහාට යනවකො මළ වදේ!”

“මාස ගාණකින් මාව දැක්කම ඔහොමද ඕයි කතා කරන්නෙ?? එලවනවත් එක්ක.”

“අනේ අනේ මේ අයියේ මරිසි දාගෙන එන්න එපා. ඔය මට කියලා ස්පැගටි හදාගන්නනෙ ඔහොම කතා කරන් එන්නෙ??”

මම ඇස් දෙක රෝල් කරලා ටීවි එකෙන් ඈත් වෙලා සෝෆා එකේ ඉඳගෙන ඉන්න නන්ගි ලගට ගිහින් එයාගෙ එහා පැත්තෙන් ඉඳගත්තා.

“ඒව් ලොකූ යනවකො මෙතනින්! ගඳේ බෑ අප්පා.”

“ඔලුව මසාජ් කරන්නකො ඒයි-“

“හරි හරි මළ වදේ! මුලින් වොශ් දාගෙන එනවකො ඉතින්!” මම නන්ගිගෙ කම්මුළ අල්ලා මගේ පැත්තට ඇද්දා.

“ආව් ආව් අප්පා! රිදෙනවාආආ!”

“ඔය පොඩි දුවට ඉන්න දෙන්න ලොකූ!!” කිචන් එකේ ඉදන් රත්නසිරි මාමාගෙ කටහඬ ඇහෙද්දි මම නන්ගිගෙන් ඈත්වෙලා කාමරේට යන්න ගත්තා.

“ඔව් ඔව් ඔයාගෙ පොඩි දුවනෙ මේ..! මම ඉතින් අරන් හදාගත්ත එකා-“

“ඇතියාන්තම් තේරුම් අරන්-“

“හා හා මේ! ඔයාව ඉතින් ඇහිදගත්තෙ කුණු ගොඩින්නෙ පොඩී..තාත්තා විසි කරන්න හදලා ආයෙම මම කියපු නිසා ගෙනාවෙ. නැත්තන් අද ඔයා පාරෙ..අනේ මාතියා කන්න මොනි හරි දෙන්න මාතියා~”

“අනේ මාමේඒඒඒ!!” මම හිනා වෙවී කාමරේ ඇතුළට ගිහින් දොර වහගත්තා. පොරව අවුස්සනවා තරම් ආතල් එකක් කුණු ගොඩක් අවුස්සලවත් ගන්න බෑ.

මම ශේප් එකේ ඊයෙ රෑ රැප් කරපු තෑග්ග නන්ගිගෙ කාමරෙන් තියලා ටවල් එකත් අරන් බාත් රූම් එකට ගියා. තව විනාඩි ගාණකින් ගෙදරම දෙදරන්න කෑ ගැහුවත් පුදුමයක් නෑ හැබැයි.

ඒ බන් උබ ඊයේ ශෞර්යා නංගිට අර කොරියන් මොකද්ද මඟුලක් අරන් දුන්නද?” මම කෙම් සමීකරණ වගයක් පොතේ ලියන ගමන් ඔලුව වැනුවා.

“බී ටී එස් ඇල්බම් තුනක්..”

“අඩෝ නංගි ස්ටේටස් තිහක් විතර දාලා බන්..මට පිස්සු හැදුනා ඒවා දැකලා. රෝස පාට කොණ්ඩයි..තොල් බලහන්කො යකෝ-” මම නිශල්ක දිහා බලලා ඇස් දෙක රෝල් කරා.

මම ඔය මඟුල අරන් දුන්නෙ නංගි ටූනමන්ට් එක දින්න නිසා.. පව් ඉතින් එයත් ඉදලා ඉදලා දේකට කැමති වුනාම මොකෝ වෙන්නෙ..අනික නංගි ඕවට කැමති වුනාට අර සමහර කෙල්ලො වගේ පිස්සුවෙන් හැසිරෙන්නෙ නෑ. ඉදලා හිටලා මට ඔප්පා හුප්පා ගෑවට හරි කියුට් මගේ නංගිත් ඉතින්..මගේනෙ හුම්.

“උබ ඕක අපේ නංගිට කියලා බලපන් පුලුවන්නම්.”

“අනේ අනේ අම්මෝ ඊටපස්සෙ අර තනුජයට කොල්ලො වගයක් දම්මලා රිපෝට් ගැස්සුවා වගේ මටත් කරවන්නද? ඔය ෆෝන් එකට මොකක් හරි වුනොත් තාත්තා ආයෙ අරන් දෙන්නෙත් නෑ කිව්වා.” මට හිනා ගියේ තනුජගෙ එදා මූණ මතක් වෙලා.

“අඩෝ තනුජයා නම් බය වුණා හුත්තො.” හේශිත් හිනා වෙවී එයාගෙ එහා පැත්තෙ කටත් ඇරන් නිදාගෙන ඉන්න තනුජගෙ කම්මුලට ඇගිල්ලෙන් ඇන්නා.

“පව් බන්..ඕකා දවස් ගාණක් යනකන් ශෞර්යා නංගි දිහා කෙලින් බැලුවෙ නෑ.”

අපි නංගි වහන්සේගෙ කොරුවාවල් ගැන කියව කියව ඉඳලා එහෙම්මම ඉන්ටර්වල් එක අරගත්තා. පස්සෙ බෙල් එක ගහන්න විනාඩි ගාණක් තිබිලා මම වොශ් රූම් එක පැත්තට ගියේ මූණ හෝදන්න බලාගෙන.

වොශ්රූම් එක ඇතුලට යන්න හැදුවත් හරි මම එහෙම්ම ඉස්සරහට තියන්න ගත්ත අඩිය ආපස්සට ගත්තෙ ඇතුලෙන් ඇහුනු කතාව අහලා.

“මේ පාර ඩොකෝ එක ලීක්ලු නේ?”

“අඩෝ සිරාවට?? මොකද්ද තේම් එක?”

“ඇවෙන්ජර්ස්ලාලු..මන්දා මට දහතුනේ ආට් කරන අයියලා වගයක් ඩ්‍රාමා රූම් එකේ කියවනවා ඇහුණා.”

“අඩේ..ආර්යන් අයියලා හවුස් එකට අදිනවා වගේ සුපිරි ඇදිල්ලක් මේ පාර..

“හ්ම.. ඇෂ්ක්‍රොෆ්ට් එකේ එවුන් දැනටමත් රෙඩි වෙලා මන් හිතන්නෙ-” මම අනිත් පැත්ත හැරිලා කෙලින්ම ගියේ අපේ ක්ලාස් රූම් එකට.

“උබ ඔය ටිකට මූණ හේදුවද බන්?” මම නිශල්කලා දිහා බලන් හිටියා.

“මේ පාර ඩෙකෝස් වල තේම් එක අවුට් වුණාද?” නිශල්කයි හේශිතයි දෙන්නට දෙන්නා මූණ බලා ගත්තා. ආහ්..ඒ කියන්නෙ උන් දෙන්නා දන්නෙ නෑ.

“නෑ බන්.. ඒක දෙන්නෙ ස්පෝට්ස් මීට් එකට සතියක් තියලනෙ. ඇයි මොකෝ සීන් එක?” මම හෙමීට ඔලුව වනලා නිශල්කගෙයි හේශිත්ගෙයි මැද්දෙ වාඩි වුණා.

“නෑ ගියපාර දුන්නෙ හොරර්නෙ..මේ පාරත් ඒවගේ විකාරයක් දෙයිද දන්නෑ.” මම කතාව වෙනස් කරා.

“කියන්න බෑ ඉතින් ආර්යන් අයියනෙ මේ පාර තේම් එක හදන්නෙ.” මම ඔලුව වැනුවා. හ්ම්..මේක් සෙන්ස්.

“ඒ ළමයි යුනිට් ටෙස්ට් එක ස්පෝට්ස් මීට් වලින් පස්සෙ තියනවා කියලා අනුරාධිකා මැඩම් කිව්වා.”

කල්පනා ලෝකෙක හිටපු මම පංතිය ඉස්සරහ ඉන්න අපේ ක්ලාස් මොනිටර් දිහා බැලුවා. මළ හුප්තයි. පොතක් අතින් තියා දැක්ක කාලයක් මතක නෑ.

“හරිනෙ..කෙලපන් ඉතින්. අපිට තමයි සේරම මඟුල් වෙන්නෙ.” නිශල්ක බීපු ඩයල් එකක් වගේ තනියම කියන්න ගත්තා. එක අතකට මූව බදා ගත්තෙ නැති වුනාමත් මොකද්ද වගේ හුත්ත. ඔන්න ඔහේ කමක් නෑ..තව ටික දවසකින් ස්පෝට්ස් මීට් එකත් ඉවර වෙයිනෙ. එතකොටම අතවර කරනවා දමාගෙන…ම්හුක්ක්.

අපි ආෆ්ටර් ස්කූල් ඉදලා අද තිබ්බ කැරම් මැච් එකයි චෙස් මැච් එකයි බලලා ගෙදර එන්න ආවා..හෙට බාස්කට්බෝල්. ඒකට මම දන්න හැමෝම ප්ලේ කරනවා. ඕක තමයි ස්පෝට්ස් මීටි එකේ පොඩ්ඩක් දරුණුවටම යන්නෙ..දරුණුයි කිව්වෙ වලි ඔක්කොම යන්නෙ මේකෙ..මට එතකොට මතක් වුණේ ග්‍රේඩ් නයින් වල වෙච්ච සිද්ධිය. ආර්යන් අයියයි මායි මරාගත්ත විදිහ බාස්කට්බෝල් මැච් එකේදි..මට ඒක මතක් වුනු ගමන් නිකන්ම කට ඇද වුණා. ඌ එදා කියවන් ආවෙ නැත්තන් මම ගහන්නෙ නෑනෙ. ඔව්..මම තමයි ඌට ගැහුවෙ. ඒ ඇයි කියලා බැලුවොත්..I just couldn’t stand him. Simple.

ඔහොම ගිහින් දවසක්ම ගෙවුනා..ඊයෙ හවසත් ඇවිත් අපි හතර දෙනා සූම් එකක් අරන් පාඩම් කරා. හතර දෙනාටම අමාරු කෑලි කතා කරගෙන කොහොම හරි කරගත්තා.

මම පුරුද්දට ක්‍රිකට් රූම් එකටම ආවෙ ඇදගන්න..මේ දවස්වල නම් කට්ටිය හිටියෙ හවුසස් වලට වෙන් කරපු තැන්වල..ආතල් එකක් ගන්න කොසේ වෙතත් හවුස් එක බලාගන්න තමයි කට්ටිය එහෙම එකතු වෙන්නෙ.. ෂෝටයි බාස්කට් හවුස් එකෙන් ගහන බාස්කට් බෝල් ආර්ම් කට් ටී ශර්ට් එකයි ඇදලා ඩෙක් ශූස් දෙක දාගෙන මම ලොකර් රූම් එකෙන් එලියට ඇවිත් කෙලින්ම ගියේ බාස්කට්බෝල් කෝට් එකට..ඒ යද්දිත් ළමයි ඔක්කොම පිරිලා.

තප්පර ගාණක් යන්න කලින් මම තනුජ ඈත ඉදන් අත වනනවා දැක්ක නිසා අපේ හවුස් එකේ ළමයි ඉන්න තැන ලඟට යන්න ගත්තත් යන්න පටන් ගත්ත වෙලේ ඉදන් ඇෂ්ක්‍රොෆ්ට් එකේ එවුන්ගෙ ලුක්ස් මට දැනෙන්න ගත්ත නිසා මාත් උන් දිහා බලාගෙනම උන්ගෙ හවුස් එක ලගින් යන්න ගත්තා. ගියපාර මැච් එක මතක් වෙලාද කොහෙද..

මම දිව මගේ ඉස්සරහ දත් ටිකේ යවන ගමන් ලාවට හිනා වෙලා මන් දිහා කන්න වගේ බලන් ඉන්න නිශල්කට ඇහැක් ගැහුවම ඌ උගේ ඇහි බැම දෙක එකතු කරගත්තම මම අහක බලා ගත්තා. පොරව තරහ ගැස්සුවම තමයි රියල් මැච් බලාගන්න පුලුවන්. මොකද ඔතන වයොලන්ට්ම ප්ලේයර් නිශල්ක ඇන්ඩ් අයුක අයියා. අයුක අයියව නම් ලේසියෙන් මගේ ටීම් එකේ එවුන්ට බලා ගන්න පුලුවන්.. ඒත් නිශල්ක. That motherfucker belongs to me.

මම තනුජ ගාවට ගිහින් ඌත් එක්ක වෝම් අප් කරන්න ගත්තා.

“මල්ලේ..උබ පිට් නේ?” තිවන්ක අයියා මන් ලගට ආවා.

“මූ කෙසේ වෙතත් අරූ නම් පිට් නෑ වගේ.” තනුජ හිනා වෙවී ඇෂ්ක්‍රොෆ්ට් හවුස් එක පෙන්නලා කිව්වම මායි තිවන්ක අයියයි දෙන්නම ඒ පැත්ත හැරිලා බැලුවා.

නිශල්ක වටේ එකතු වෙලා හිටපු අය ඌට දාගෙන මොනවද කියද්දිත් ඌ බලන් හිටියෙ මන් දිහා.

“අඩෝ පරණ කෑල්ල දැකලා කිස් එකක් දෙන්න හදනවා වගේ බන් පොකිරිස්සා උබ දිහා බලන් ඉන්නෙ.” මට හිනා යන්න ආවත් මම හිනාව තද කරගෙන අහක බලා ගත්තා. නිශල්කයව වැඩිය අවුස්සගන්නත් හොඳ නෑ.

පළවෙනි මැච් එක තියෙන්නෙ රෝඩෙල් එකයි කොන්වෙල් එකයි එක්ක. මට හිතෙන්නෙ කොන්වෙල් එක දිනයි කියලා..මොකද දැන් ඉන්න බාස්කට්බෝල් ටීම් එකේ බී ටීම් එකේ බාගෙට බාගයක්ම ඉන්නෙ කොන්වෙල් එකෙන්. ඔය අතරේ මන් දැක්කා තනි නිල් බ්ලේසර්ස් දාගෙන කෝට් එකට එන ටොප් බෝඩ් එක.

අදත් මොකක් හරි වෙලා වගේ..කට්ටියගෙ මූණූ වල එච්චර හොඳ පාටක් නෑ. හවුසස් පහ නැවතිලා හිටපු තැන් වලින් දිගටම ඇවිදන් ආපු එයාලා දිහා මන් බලන් හිටියා..ඒ එක්කම මගේ ඇහි බැම ඇකිළිලා ගියේ හතර දෙනාම ඇෂ්ක්‍රොෆ්ට් එක ඉස්සරහින් නැවතුනාම.

“අඩේ අර මොකද වෙන්නෙ??” ඕනෙ නම් විනාඩියක් යන්න ඇති.. රෝඩෙල් හවුස් එකම ඇෂ්ක්‍රොෆ්ට් එක වටකරගෙන කෑ ගහන්න ගත්තා.

A/N

ඊයේ දෙන්න බැරි වුණ එකට ශමා වෙන්නෝන 🙂 මම පොඩි හයික් එකක් ගියා..ගෙදර ආවට පස්සෙ ශැප තමා. හෙහේ..අද චැප් එක හදිස්සියෙන් ලිව්වෙ.. ඒක නිසා කැතද දන්නැ 🙁

ආ..ඔයාලා කියපු සෝන්ග්ස් මම ආස එව්වා තමා 😌 තව තියේ නම් කියන්න! මම අහන්නම්.
Adareyyy ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 10, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 10, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 10 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 10 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 10 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 10 light novel, ,

Comment

Leave a Reply

Chapter 10