À¶»À¶¯À·… | The Kandyan Aristocrats 11

A+ A-

ටොප් බෝඩ් එක වටේ එකතු වුණු රෝඩෙල් එකේ එවුන් නිසා අනිත් හැමෝමත් එතනට එකතු වෙන්න ගියේ තප්පර ගාණයි.

“අඩෝ බන් මැච් එක තව විනාඩි පහකින් පටන් ගන්නවනෙ.” තිවන්ක අයියත් ඒ පැත්තට යද්දි මායි තනුජයිත් ඒ පැත්තට ඇදෙන්න ගත්තා.

“මොනාද ඕයි මේ කරලා තියෙන්නේ!”

“තමුසෙලා ලකුණු වැඩියෙන් දාගන්නවනම් මොකටද හුත්තො මැච් ගහන්නෙ?”

“මොකද්ද දැන් තෝ කියන්නෙ?? අපි හොරෙන් ලකුණු බැස්සුවා කියලද?? එහෙනම් කොහොමද යකෝ අපි මෙහෙම ෆස්ට් සෙකන්ඩ් ගන්නෙ?”

“නවත්තගන්නවලා- අයිසේ!!” සාහිල් අයියා දෙපැත්තෙ ඉදන් බැනගන්න රෝඩෙල් එකේ කොල්ලෙක්ගෙයි ඇෂ්ක්‍රොෆ්ට් එකේ කොල්ලෙක්ගෙයි මැද්දට පැන්නා.

“අම්මටසිරි හවුස් වලියක්.” මම ෂෝට් එකේ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන ඉස්සරහ සෙනඟ අස්සෙන් තවත් මැද්දට ගියේ තනුජයත් මගේ පිටිපස්සෙන් එද්දී..

“නවත්තගනින් ඕක! මෙතන මැච් එකක් පටන් ගන්න යන්නෙ කියලා තේරෙන්නෙ නැද්ද?!”

“අනේ අයියෙ මේ.! ලකුණු පන්නනවනම් මැච් ගහන්නෙ මොකද ඕයි තමුසෙලාගෙ හවුස් එක!!?”

“මොකද්ද අයිසෙ කිව්වෙ?!” තේජාන් අයියා අතේ තිබ්බ බොක්ස් ෆයිල් එකෙන් ඒ කොල්ලට ගහන්න වගේ අත උස්සද්දි ඒ කොල්ලා පිටිපස්සට අඩි දෙක තුනක් ගත්තා.

“මොකද්ද තෝ කියන්නෙ දැන්?! අපිට කතා කරන්නවත් බැයිද තොපි එක්ක-” ඒ එක්කම ශවිරු අයියත් ඉස්සරහට ආවම ඒ කොල්ලා කටවහගෙන අහක බලා ගන්නවා මම බලාගෙන..Pussy.

“කටේ සද්දෙ අඩු කරගනින් මල්ලි හරිද? මැච් එකක් යන නිසා බේරුණා කියලා හිතා ගන්නවා. සීනියර් කෙනෙක්ට කතා කරන්න දන්නෙ නැද්ද මල්ලි උබ? කන පලනවා දැනගනින්!” ශවිරු අයියා කියවන වචනයක් ගාණෙ අර කොල්ලා ලගට යන්න ගත්තම එතන රවුමට පිරිලා හිටපු කට්ටය දෙපැත්තට වෙන්න ගත්තා.

“ඇයි තෝ ලොකුද හුත්තෝ?? ගහපන් බලන්න කැරියා-” ඒ එක්කම ශවිරු අයියගෙම වයසෙ එකෙක් ඉස්සරහට ඇවිත් ශවිරු අයියගෙ බ්ලේසර් එකෙන් අල්ලගත්තත් එක්කම ආර්යන් අයියා ඇවිත් ශවිරු අයියගෙ පිටිපස්සෙන් හිටගත්තෙ හැමෝම සයිලන්ට් වෙද්දි.

“රෝඩෙල් ඩිස්කොලිෆයිඩ්.”

කාගෙවත් මූණු වල පුදුම වෙච්චි පාටක් තිබුනේ නෑ..මොකද ඉට් වස් ඔබ්වියස්. මැච් එක තියන වෙලාව දැනටමත් පටන් අරගෙන..ඒ වෙලාවෙ මෙහෙම ෆීල්ඩ් එකට අපහස කරනවා කියන්නෙ ඩිස්කොලිෆයිඩ්. ඒත් එක්කම ඌ ශවිරු අයියගෙ මූණට පාරක් ගැහුවා.

“ඕයි ඕයි ශාක්‍ය නැවතියන් හුත්තෝ-”

ශවිරු අයියගෙ බ්ලේසර් එක අල්ලන් හිටපු උගේ අත මන් ඇදලා අරන් අබරලා අනිත් පැත්තට නැවුවත් එක්කම ඇට පේළියක් කැඩීගෙන ගියපු සද්දෙ මම අහගෙන හිටියා.

“අතෑරපන් à·„à·”#න්නෝ-

උගේ කට කැඩිලා යන්න මම අත දිගෑරලා ඌට පාරක් ගහන්න හැදුවත් එක්කම මගේ අත කවුරු හරි තද කරලා ඇල්ලුවෙ මම වේගෙන් ඒ කවුද කියලා බලන්න පිටිපස්ස හැරෙද්දි.

“ඔතනින් නවත්තන්න.” ආර්යන් අයියා අරූ දිහා බලාගෙනම ඒක කියද්දි එයාගෙ මූණෙ තිබ්බෙ මහ පිස්සු ලුක් එකක්..ඒ එක්කම මම මගේ අත වේගෙන් ඇදලා ගන්න හැදුවත් ඒකෙන් වුනේ මගේ අත එයාගෙ අතින් තවත් තද වුනු එකයි.

“මාව අතාරිනවා.” මම ඌට විතරක් ඇහෙන්න දත්මිටි කාගෙන කිවවත් මේ මනුස්සයා නෙවෙයි මගේ අත අතෑරියෙ..

“අතෑරියොත් නවත්තනවද?” මම නෑ කියන්න ඔලුව වැනුවා. මූට සයිකොද? තව ඉස්සරහ බලන් හිනාත් වෙනවා..

“Fine.” මගේ අත පහළට ගෙනල්ලා එකපාරටම මාව පිටිපස්සට ඇදලා ගත්ත මූ මගේ අත තවත් තදින් අල්ලගත්තා. ද හෙල්?

“හවුස් මීට් එක කැන්සල් කරගන්නද ඕනෙ මෙවිදු?” මම අබරපු අත අල්ලන් මන් දිහා මරන් කන්න වගේ හිටපු ඩයල් එක මේ පාර ආර්යන් අයියා දිහා බැලුවා.

“ඉක්මණට කියන්න වෙලාව යනවා.” ඒ එක්කම මම හයියෙන් තොල හපාගත්තෙ ආර්යන් අයියගෙ අතෙන් ගැලවෙන්න කියලා මම මගේ නිදහස් අතින් උගේ අත අල්ලා නියපොතු පාර හිටින්නම තදින් ඇලුලවත් මේ යකා අනිත් පැත්තට මගේ අත උඩින් උගේ ඇගිලි පහම තියලා තද කරද්දි. ෆක් යූ ආර්යන්.

“That’s what I’m talking about.” අරූගෙන් කිසිම උත්තරයක් නැතිකොට ආර්යන් අයියා ලාවට ඔලුව හෙල්ලුවා.

“ආයෙම මෙහෙම දෙයක් වෙන්න බෑ..තේරුණාද? මොනාහරි ප්‍රශ්න තියෙනවා නම් මන් ලගට ඇවිත් පිරිමියෙක් වගේ කතාකරපන් මෙතන පොන්නයො වගේ හැසිරෙන්නැතුව. තව දෙයක්..හෙට උදේ වෙද්දි මේ ප්‍රශ්නෙ විසඳිලා තියෙයි. දැන් යනවා හවුසස් පහ කලින් හිටපු තැන් වලට.” ඒ එක්කම ආර්යන් අයියා හැරිලා එතනින් යනවත් එක්කම මාවත් ඇදගෙන බාස්කට්බෝල් කෝට් එකෙන් එළියට ආවා.

“මොකද්ද කරන්නෙ! මාව අතාරිනවා ආර්යන්!” මම මගේ අනිත් අතත් ආර්යන් අයියගෙ අත උඩ තියලා මගේ අත ඇදලා ගන්න හැදුවත් මට ඒක කරන්න බැරි වුණා. He’s so fucking strong.

වේගෙන් ඉස්සරහට ඇවිදපු මූ එකපාරටම නැවතිලා මලේ අත අතෑරියේ ඊළග මොහොතේ මාව අල්ලලා ලැබ් එකක් ඇතුලට තල්ලු කරද්දි.

“මොකද්ද තමුසෙට වෙලා තියෙන්නෙ ආර්යන්?” මම අත දිගෑරලා ඌට ගහන්න ගියත් ආයෙම මූ මගේ අත අල්ලලා පැත්තකට විසි කරා.

“Control.”

“කට වහපන්!” මම මගේ විස ගහන අත අල්ලගෙන වේගෙන් පිටිපස්සට අඩි දෙක තුනක් තියලා ආර්යන් ලැබ් එකේ ලොකු මේසයක් උඩ නවලා තිබ්බ පොඩි ලී පුටුවක් ඇදලා අරන් බිමින් තියලා බ්ලේසර් එක ගලවලා පැත්තකින් තියනවා බලන් හිටියා.

“යූ ගුඩ්?” මම අහක බලා ගත්තා.

“මම ප්‍රශ්නයක් ඇහුවා ආදිල්?”

මම වේගෙන් හුස්ම ගන්න ගමන් ඔලුව වැනුවා.

“ගුඩ්.” ඒ එක්කම එයා අර පොඩි පුටුවෙ හේත්තු වෙන පැත්ත මගේ පැත්තට හරවලා කකුල් දෙක දෙපැත්තට දාගෙන ඉදගත්තා.

“ඇයි මාව මේකක් අස්සට ඇදගෙන ආවෙ?”

“මොකද තමුන්ට කලින් හිටපු විදිහට මැච් එකක් ගහන්න බැරි නිසා.”

“ඉතින් ඒක හොද නැද්ද?” මම ආර්යන් අයියා දිහා බැලුවම එයා ඇහි බැමක් ඉස්සුවා.

“ඔයාගෙ හවුස් එකට හොඳ නැද්ද?”

“Out of control ගියපු කෙනෙක් එක්ක ප්ලේ කරලා දිනන එක ලේසියි. එහෙම දිනන මැච් බෝරින්.” එයා උරහිස් දෙක ඉස්සුවා.

“හ්ම්..දැන් මම කාම්.”

ඒ එක්කම ආර්යන් අයියගෙ ඇස් දෙක වෙන කොහේ හරි ගියා..මම හෙමින් සැරේ එයාගෙ ඇස් ගිහින් තිබ්බ තැනට මගේ ඇසුත් අරන් ගියාම දැක්කෙ මගේ වම් අත තදින් මිටමෙලවිලා තියෙන විදිහ.

“You sure about that?” මම ටක් ගාලා මගේ අත ලූස් කරගත්තා.

“ඇයි මට උදව් කරන්නෙ?” තාමත් මගේ අත දිහා බලන් හිටපු එයා එකපාරටම මන් දිහා බැලුවා.

“අද මම නෙවෙයි ප්ලේ කරන්නෙ නිශල්ක මල්ලි.” එයා එහෙම කියලා පුටුවෙන් නැගිටලා ආයෙම බ්ලේසර් එක අතට අරන් අනිත් පැත්ත හැරිලා ලැබ් එකෙන් එලියට යන්න ගියා.

“පුටුව හදලා එන්න එලියට එද්දි.”

“ඕයි උබලා දෙන්නා රණ්ඩු වුණේ නෑ නේද??” තනුජ මගෙන් අහද්දි එකපාරටම එයාගෙ පිටිපස්සෙන් මතු වුණේ නිශල්කයි හේශිතයි.. මම හෙමීට ඔලුව වැනුවා.

“මොකක් හරි වුණාද?” මම ආයෙම ඔලුව වැනුවා.

“උබ හොඳින්ද?” මේ පාර නිශල්ක එහෙම ඇහුවම මම කලේම ඔලුව වනපු එක..

“ආර්යන් අයියා තොගේ කට කැඩුවද යකෝ ප්‍රශ්නයක් ඇහුවම ඔලුවම හොලවන්නෙ?” මම ඒ පාර නිශල්ක දිහා ටික වෙලාවක් බලන් ඉදලා අහක බලාගත්තා.

“ඉතින් ඔලුවෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අහපන්කො.” හේශිත් එහෙම කිව්වම මට හිනා යන්න ආවත් මම තොල් දෙක තද කරගත්තෙ නිශල්කගෙ ලුක් එක නිසයි.

“කටවහපන්. මේ අනිත් එකා.” තනුජ බොරුවට හේශිත්ට බැන්නා.

“හරි දැන් මොකද්ද වුනේ කියපන්කො..” මම ටික වෙලාවක් හිතලා පස්සෙ වෙච්ච ටික කියලා දැම්මා.

“අඩේ ආර්යන් අයියා මරුනෙ..” මම තනුජ දිහා ඇස් දෙක ලොකු කරන් බැලුවා..ඇයි යකෝ ඉතින් මට මේ ඒ මනුස්සයා නටන්න හදන නාඩගම හිතාගන්න බැරුව ඉද්දි මූ මෙහෙම පකක් කිව්වම පිස්සු හැදෙන්නැද්ද?

“පිස්සුද උබට?”

“ඉතින් ඌ එහෙම හරි උබව කාම් ඩවුන් කෙරෙව්වනෙ..උබ අර වෙලේ අරූට නෙලන්න අත ඉස්සුවම මම හිතුවෙ හරි තමයි කියලා.”

“හ්ම්..ශවිරු අයියත් උබව හෙව්වා. ආර්යන් අයියා උබව ඇදගෙන ගියපු සීන් එකක් අපිට නෝට් වුනේ නෑ මොකද එවෙලේ හැමෝම බයෙන් හිටියෙ ස්පෝට්ස් මීට් එක තැන්සල් වෙයි කියලා.”

කොහොම හරි මැච් එකේ ෆයිනල්ස් වලට ආවෙ අපියි නිශල්කලයි. ඒකෙත් හෙන අමාරුවෙන් ඩ්‍රෝ වෙන්න නොදී අපි එක පොයින්ට් එකකින් දින්නෙ ඇෂ්ක්‍රොෆ්ට් එකව සයිලන්ට් කරලා දාද්දි.. මම කෝට් එකෙන් එළියට යන ගමන් මගේ ආර්ම් කට් ටී එක උස්සලා මූණේ දාඩිය පිහිදලා මාර ගහ ගාව තනියම වාඩි වෙලා ඉන්න කෙනා දිහා බැලුවා.

ආර්යන් අයියා..පොර කකුල් දෙකත් පළල් කරගෙන වාඩි වෙලා කෙලින්ම බලන් හිටියෙ මන් දිහා. මන් එයා දිහා බලපු ගමන් ලාවට ඔලුව වනලා එයා අහස දිහා බැලුවා. මූට මොකක් වෙලාද? කලින් හොඳට හිටියනෙ..බූටක් කාලද දන්නෑ..පොර එක්ක කතා කරන්න යනවද නැද්ද කිය කිය මම තාම හිටපු තැනට වෙලාම කල්පනා කර කර ඉද්දි ආර්යන් අයියා එකපාරටම ආයෙමත් මන් දිහා බැලුවා.

ඒ එක්කම මම මගේ පිටිපස්ස හැරිලා බැලුවෙ අහලා පුරුදු කටහඬල් ටිකක් මගේ පිටිපස්සෙන් ඇහෙන්න ගත්ත නිසා..සඳැස් අයියලා නිශල්කලා මේ පැත්තට එනවා..එයාලට පිටාපස්සෙන් තනුජයලත් එනවා දැක්ක නිසා මම කෙලින්ම අපේ ක්‍රිකට් රූම් එකට ගියා.

A/N

අද එක කොටයි ඒත් මම හිතපු විදිහට ආවා…ඔයාලට සෙට්ද ආර්යන් එන්ටර් වුණු විදිහ ? සඩ්න් වගේද? අනේ මන්දා ඒයි මට මේවා ලියලා පුරුදු නෑ..ඒක නිසා කියන් යන්න අදහස් ❤️

එහෙනම් මම කැපුනා..ගුණබුස!
Adareyyyy ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 11, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 11, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 11 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 11 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 11 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 11 light novel, ,

Comment

Leave a Reply

Chapter 11