À¶»À¶¯À·… | The Kandyan Aristocrats 12

A+ A-

ගේට් එකෙන් ඇතුල් වෙන ගමන් මන් මම ශේප් එකේ ගාඩ් රූම් එක ගාව තියෙන වොශ්රූම් එකට යනවා වගේ ටක් ගාලා අනිත් පැත්තෙන් පැනලා ග්‍රේඩ් ට්වෙල්ව් තර්ටීන් පැත්තට දිව්වා. උදේ පාන්දර බෑග් චෙක් කරන්න යන්න බෑ අප්පා.

මම අපේ සෙක්ශන් එකේ පඩිපෙළ නගින ගමන් මගේ අත දිහා බැලුවා. මැණික් කටුවන් උඩට වෙන්න තිබ්බ නියපොතු පාර..ඕන කමින් බලන කෙනෙක්ට පේනවා ලාවට රතු පාට වෙලා අතේ ඇගිලි පහ හිටින්න බැහැලා තිබ්බ නියපොතු පාර. මම ලොකු හුස්මක් ගන්න ගමන් අපේ ක්ලාස් එක ඇතුලට ගියා.. මගේ මෙහෙම නම් අරූගෙ කොහොම ඇත්ද? මට හොඳට මතකයි මම අත ඇදලා ගනිද්දි දැක්කා උගේ අතේ සුදු හම එළියට ඇවිත් තියෙනවා. කිව්ව වෙලේ අත ගත්තා නම් ඔච්චර මඟුලක් වෙන්නෙ නෑනෙ.

තාම අරුන් තුන ඇවිත් නෑ..මම බිත්තිය අයිනෙ මේසෙ උඩින් බෑග් එක තියලා ඉදගෙන බෑග් එක උඩින් ඔලුව තියාගත්තා. ඒත් එක්කම මම ඇස් දෙක ඇරලා බැලුවෙ ක්ලාස් එකේ පුටු උලාගෙන යන සද්දෙට.. වට් ද හෙල්? දේශාන්??

මට පුටුවෙන් නැගිටින්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. මගේ බෑග් එකයි මේසෙයි පැත්තකට යද්දි දේශාන් ඇවිත් කෙලින්ම මගේ කොලර් එකෙන් ඇදලා අරන් මාව නැගිට්ටවලා එහා පැත්තෙ තිබ්බ මේසෙට මගේ කට දෙපැත්තෙන් අල්ලලා මගේ මූණ තියලා තද කරා.

“මාව විතරක් බිල්ලට තිබ්බා නේද ම්ම්?”

මම දේශාන්ගෙ අත ඇදලා ගන්න හැදුවත් ඌ මගේ කොලර් එකෙන් අල්ලන් හිටපු අත අරගෙන මගේ අත් දෙක පිටිපස්සට තියලා හිර කරගත්තා.

“දගලන්න එපා ශාක්‍ය කන පලනවා තොගේ!”

“තිශාක්‍ය.” දේශාන් මගේ කට තද කරන් ඉද්දි මම අමාරුවෙන් කිව්වා.

“මොකක්?”

“It’s Thishakya to you!”

ඒ එක්කම අරූ මගේ කට තවත් මිරිකුවේ මගේ හක්ක පනින්න තරම් රිදෙද්දි.

“කේ සී සී එකේ ෂෝ එකක් දැම්මලු නේ?” දේශාන් මගේ මූණට එබෙද්දි මම අයි රෝල් කරලා අහක බලා ගත්තා.

“ම්ම්?”

“අතෑරපන් බල්ලෝ!” මගේ ඇස් අගින් කදුළු බිංදුවක් ආවේ මේ පාහාරයා මගේ කට තද කරපු විදිහට.

“දේශාන් මොකද උබ කරන්නෙ?! මූට ගහපන්!”

“එහෙම ගහලා ආතල් එකක් තියෙනවද බන්? නේද ශාක්‍ය ම්ම්?” මම ඇස් දෙක වහගත්තෙ වේදනාව ඉවසගන්න බැරුව.

“මොකද වෙන්නෙ ආර්යන් අයියා මේ ගැන දැනගත්තොත් හ්ම්? සස්පෙන්ඩ් කරාට උබට දැනෙන්නෑ කියලා උබත් දන්නවා මාත් දන්නවා..ඒත් ටීම් එක?” දේශාන් කියවද්දි මම කකුලෙන් එකපාරටම උගේ ඉණට ගැහුවෙ මගේ කටේ තද වෙලා තිබ්බ උගේ අත ලිහිල් වෙද්දි.

“උබට එකපාරයි මන් කියන්නෙ දේශාන්. පලයන් මෙතනින්.” දේශාන්ව තල්ලු කරලා මම ටක්ගාලා පැත්තකට වුනේ නිකට අල්ලගෙන. ඒත් එක්කම ඌත් එක්ක ආපු පස් දෙනා මගෙන් ඈත් වෙලා දේශාන් ගාවින් හිටගත්තා. ඒ එක්කම මන් දිහා බලලා අමුතු විදිහට හිනා වුනා.

“See you soon Shakya.” ඌ අරුන් එක්ක ක්ලාස් එකෙන් එළියට යන්න ගියේ මම පංතියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහා බලද්දී..තාම පහයි හතලිස් පහයි. මම ආයෙම දොර දිහා බලලා මගේ කම්මුල අතගාගත්තා. කොහොමද අරූ ආයෙම ආවෙ??

මම දාඩිය පෙරාගෙන ඉස්කෝලෙ හතර වටේටම දිව්වෙ ශවිරු අයියව හොයන්. මොකද මන් දන්නෙ නෑ මේ ගැන වෙන කාට කියන්නද කියලා..හේශිත්ට උදේ පාන්දර ඉදන් බැට්මින්ටන් ප්‍රැක්ටිස්..තනුජයි නිශල්කයි මොන රෙද්දක් නිසාද මන්දා කවදාවත් නැතුව පරක්කුයි. ශිට් ශිට්! මම අතට අහුවෙන්නැති මගේ කොන්ඩෙ අස්සෙන් අත දාලා වේගෙන් වටපිට බැලුවෙ හිතා ගන්න බැරුව. මම දේශාන්ට බය නෑ. ඒත් මට මගේ ටීම් එකට බ්ලැක් මාක් එකක් දෙන්න බෑ. ඒකත් මෙච්චර දුරක් ඇවිත්.

ක්‍රිකට් කියන්නෙ මගේ ජීවිතේටත් වඩා දෙයක්..ඒක හැගීමක්. භාවනාවක්. ආගමක්. පොඩි කාලෙ ඉදන් මට ඕන වුනේ තාත්තා වගේ පට්ට ක්‍රිකට් ඩයල් එකක් වෙන්න..හරියට එයා එයාලා ඉස්කෝලා ක්‍රිකට් කලා වගේ..මම මේ වෙද්දි ක්‍රිකට් මගේ ජීවිතේ කරගෙන ඉවරයි. දැන් ඒක මගේ ඇන්කර් එක. මම දන්නෑ මේකට මන් නිසා මොනා හරි වුනොත් මම මොන විදිහට රිඇක්ට් කරයිද කියලා. මොකද මම මගේ ස්පෝට් එකට රෙස්පෙක්ට් කරනවා. ඕක නිසා තමයි මට අම්මා නැති වුනාට පස්සෙ හිනා වෙන්න හේතුවක් ගෙනත් දුන්නෙ.

ශවිරු අයියව හැමතැනම හෙව්වත් ඌ පේන්න හිටියෙ නෑ..මම එයාට නැතුව වෙන කාටද කියන්නෙ? මම පිස්සෙක් වගේ කෙලින්ම දුවගෙන ගියේ ගේට් එක ගාවට. එතනට යද්දිත් එතන ප්‍රිෆෙක්ට්ස්ලා පිරෙන්න හිටියා..බෑග් චෙක් කරන තැන දිහා මම ටික වෙලාවක් බලාගෙන ඉද්දි මගේ ඇස් කෙලින්ම ගිහින් නැවතුනේ මට පිටිපස්ස හැරිලා ඉන්න කෙනාට.

වැඩක් නෑ.. ඌ මාව විශ්වාස කරන එකක් නෑ. අඩුම මම ඌව විශ්වාස කරන්නෙ නැතුව ඌ මාව විශ්වාස කරයිද?? අනික මම දැන් එතනට ගිහින් මොකද්ද කියන්නෙ? උගේ කසින් මට ගැහුවා කියලද? එතකොට ඌ ගන්නෙ අරූගෙ පැත්ත. ෆක් දිස්! මම ආයෙම අනිත් පැත්ත හැරිලා ක්ලාස් එකට යන්න හදද්දි මම දැක්කෙ ඈතින් එන දේශාන්ලා කට්ටියව..

ආයෙම මම ටක්ගාලා මගේ පිටිපස්ස හැරිලා ආර්යන් අයියා දිහා බැලුවා. ෆක් ෆක්! මගේ ඇගම වෙව්ලනවා වගේ..මොකද මට දැන් මතක් වෙන්නෙ ශවිරු අයියගෙ හිනාව..එදා ඌට බෙස්ට් කැප්ටන් අවෝඩ් එක හම්බෙද්දි ඌ මන් දිහා බලලා වී ඩිඩ් ඉට් ලුක් එකෙන් බැලුවම මට ඕඩියන්ස් එකේ ඉදන් උගේ ඇස්වල තිබ්බ සතුට දැණුනා. ඉතින් මන් කොහොමද යකෝ ඒ සතුට නැති කරන්නෙ?? මම වේගෙන් හුස්ම ගන්න ගමන් කකුළ වේගෙන් තියලා ප්‍රිෆෙක්ට්ස්ලා ඉන්න තැනට යන්න ගත්තා.

“ගුඩ් මෝනින් බොසා!” මම තේජාන් අයියා දිහා බලලා ලාවට හිනා වුණාම එයාගෙ ඇස් ලාවට ඇකිළුනා.

“ශාක්‍ය? මල්ලි මොකද ඔය මූණ?” මාව ඉස්සරහට යන එක නැවතුනේ තේජාන් අයියා අහපු ප්‍රශ්නෙත් එක්ක පිටිපස්ස හැරුණු ආර්යන් අයියා නිසා.

“නන්ගි අප්පා.” මම දත් තිස් දෙකම හිනා වුණා.

“ඒ මන්දා බන් උබලගෙ විසෙත්..ඒ මේ හේශිතයගෙ ප්‍රැක්ටිස් ඉවර වුණාම ඌට කියපන් ඇවිත් මාව හම්බෙන්න කියලා ඉස්කෝලෙ ඉවර වුණාම.” මම තේජාන් අයියට තම්බ්ස් අප් එකක් දීලා ඉස්සරහ බලලා මන් දිහා බලන් ඉන්න ආර්යන් අයියා දිහා තප්පර ගාණක් බලන් ඉදලා ආයෙම පිටිපස්ස බැලුවෙ දේශාන්ලා එනවද බලන්න වුණත් උන් නැති නිසා මම ආයෙම ඉස්සර බලලා ආර්යන් අයියව පාස් කරලා යන්න ගියා.

ඇයි මන් එහෙම කලේ?? මන් ආවෙ අරූ එක්ක කතා කරන්න තමයි ඒත් මන් එන්න ආවා..ශිට්! කවදා ඉදන්ද තිශාක්‍ය උබ මෙහෙම ගොනෙක් වගේ හැසිරුණේ??

මම දන්නෙ නැතුවම අපේ ක්‍රිකට් රූම් එක ඉස්සරහට ඇවිත්..දොරත් ඇරගෙන මම ලොකර් රූම් එකට ගියා. මේ දවස් වල එක එක මැචස් නිසා උදේ ප්‍රැක්ටිස් එහෙම පොඩ්ඩකට නතර කරපු නිසා දැන් ඇතුලෙ කවුරුත් නෑ..මම ඔහේ වැනි වැනි ගිහින් රූම් එකේ අයිනෙම තියෙන බෙන්ච් එකෙන් වාඩි වෙලා ලොකර් එකකට ඔලුව ගහගත්තා.

දැන් වෙලාව හයයි කාලයි..මම දන්නෙ නෑ මම මොකද්ද විනාඩි ගාණක් තිස්සෙ මේකක් අස්සට වෙලා මේ නටන නාඩගම කියලා..මටම බැන බැන මම බෙන්ච් එකෙන් නැගිටලා ලොකර්ස් පෝලිමට තිබ්බ තැන බිම තිබ්බ ෆස්ට් ඒඩ් බෝක්ස් එක උස්සලා අරන් බෙන්ච් එකක් උඩින් තියලා ආයෙම මම වාඩි වෙලා බොක්ස් එක ඇතුලෙන් මූණෙ ගාන්න තිබ්බ ක්‍රීම් එකක් හෙව්වා. ක්‍රිකට් නෙවේ මේක අරුන් තුන දැනගත්තට පස්සෙ එක්කො මම නිවන් යයි නැත්තනු අරූ නිවන් යයි..ඇමතිතුමාට බොඩි එක අදුනගන්න හම්බ වුනොත් ලොකු දෙයක්.

ඔය අතරේ කිසිම ලයිට් එකක් දාලා නැති ලොකර් රූමේ එකේ මට මොකක් හරි පිටිපස්සෙන් ඇරෙනවා වගේ හෙවනැල්ලෙන් පෙනුණු නිසා මම පිටිපස්ස හැරිලා බැලුවම දැක්කෙ ආර්යන් අයියා ලොකර් රූම් එකේ දොරත් ඇරගෙන මම අත දාගෙන ඉන්න බොක්ස් එක දිහා බලන් ඉන්නවා.

“ඔයා මොකද-“

“කවුද?” මම අතට ගත්ත ප්ලාස්ටර් එක ආයෙම බොක්ස් එකට දැම්මා.

“මම ගෙදරදි-“

“මම ආයෙම අහන්නම් ආදිල්. කවුද ?” මම උත්තර නොදී ආර්යන් අයියා දිහා බලන් ඉද්දි එයා එකපාරටම ලොකර් රූම් එක ඇතුලට එන්න ගත්තා.

“බෑග් චෙක් නොකර පනිද්දි ඔහොම දෙයක් වෙලා තිබ්බෙ නෑනෙ..සෝ කවුද කරේ?” ආර්යන් අයියා මට බෙන්ච් දෙකක් දුරින් ඉද්දි මමත් ඉන්න තැනින් නැගිට්ටා.

“ඔයා දැක්කනම් ඇයි මාව නැවැත්තුවෙ නැත්තෙ?”

“මමයි මුලින්ම ප්‍රශ්නෙ ඇහුවෙ ආදිල්.” ආර්යන් අයියගෙ ඇස් මගේ ඇස්වලින් පහළට ගිහින් මගේ කම්මුල ලග තත්පර ගාණක් නැවතිලා ආයෙම මගේ ඇස් ලගට ආවා. ඒ එක්කම එයා මුකුත් නොකිය ලොකර් රූම් එකෙන් එළියට යද්දි මම මගේ ඉස්සරහින් තිබ්බ බංකු දෙක උඩින් පැනලා ගිහින් ආර්යන් අයියගෙ අතින් අල්ලගත්තා.

“යන්න එපා. ඔහොම ඉන්නවා.” මම ටක් ගාලා ආර්යන් අයියාගෙ අත අතෑරියම මූ එකපාරටම මගේ නිකට අල්ලා මගේ මූණ වම් පැත්තට ඇල කරා.

“දේශාන්.” මම හෙමින් සැරේ කිව්වා.

“ඌ මෙහෙම කරන්න හේතුවක් තිබ්බා..” ආර්යන් අයියා කතා කරන්න කලින් මම මැද්දට පැන්නා.

“කම්මුල් දෙපැත්තෙ ඇගිලි පහම හිටින්න තරම්?” ඒ එක්කම මම ගල් වුනේ මට ආර්යන් අයියගෙ ඇගිල්ලක් මගේ කම්මුල රිදෙන තැන එහෙ මෙහෙ යන්න ගත්තම..

එයා ඒ මගේ කම්මුල අතගෑවද නැත්තන් මට විකාරද? පිස්සු හිතන්නැතුව ඉදපන් ශාක්‍ය.. මම රිඇක්ට් කරන්න කලින් එයා එයාගෙ අත මගේ කම්මුලෙන් අරන් පැත්තකට වුනා.

“සංහිත් à·€ දන්නවද?” මම ඒ නම කිව්වම මම බලාපොරොත්තු වුන රිඇක්ශන් එක ආර්යන් අයියගෙන් මට ලැබුනෙ නැති නිසා මගේ ඇහි බැම නිකන්ම ඇකිළිලා ගියා.

“කවුද?”

“සංහිත්..ඔයාගෙ කසින්??”

“මගේ?”

“නෑ මගේ ආච්චිගෙ.” මම ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තා.

A/N

ලොකර් රූම් එකට මේ වගේ එකක් හිතාගන්න..

එහෙනම් මන් ගියා..! ගොඩක් තැන්ක්‍යූ ඔයාලගෙ කමෙන්ට්ස් වලට 😩❤️ adareyyyy

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 12, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 12, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 12 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 12 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 12 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 12 light novel, ,

Comment

Leave a Reply

Chapter 12