À¶»À¶¯À·… | The Kandyan Aristocrats 13

A+ A-

“කියන්න.”

“ඕයි! උබ කොහෙද ඉන්නෙ?” මම ආයෙම ෆෝන් එකේ කෝලර් අයි ඩී එක දිහා බැලුවා.

“කවුද මේ?”

“හුත්තො මම තනුජ- උබ කොහෙද කියපන්කො ඉන්නෙ?? කොහේ හිටියත් කමක්නෑ වරෙන් ෆිට්නස් හබ් එකට! මෙතන දාර වලියක් හුත්තො!!”

“මොකක්? කවුද උබලද?” මම ඩ්‍රෙසින් ටේබල් එක උඩ තිබ්බ බයික් එකේ යතුරත් අතට අරන් කාමරෙන් එළියට ආවා..

“මේ නිශල්ක- කවුද ඔය?” මම එකපාරටම ඉස්සරහට අඩිය තියන එක නැවැත්තුවේ තනුජ ගාවින් ඇහුන අනිත් කටහඬ නිසයි.

“තනුජ?” එහා පැත්තෙන් කිසිම සද්දයක් ඇහුනෙ නැති නිසා මම ආයෙම කෝලර් අයි ඩී එක බැලුවා..තාම ටයිම් ඩියුරේශන් එක යනවා..එහෙනම් ඇයි තනුජ කතා කරන්නෙ නැත්තෙ?

“තනුජ?? ඇයි උබ කතා කරන්නෙ නැත්තෙ-“

“කොහෙද ඉන්නෙ?” මම ආයෙම පාරක් ගල් වුණා.. ආර්යන්?

“ඔයා? කෝ තනුජ?? මොකද්ද ඔතන වෙන්නෙ-“

“ආදිල් තමුසෙ කොහෙද?” ෆෝන් එකෙන් එයා වේගෙන් වේගෙන් හුස්ම ගන්න සද්දෙ මට හොඳටම ඇහෙනවා..එතන මොන හුත්තක්ද වෙන්නෙ??

“ගෙදර. මොකද්ද ඔතන-“

“එහෙනම් ඔහෙටම වෙලා ඉන්න.”

“මොකක්? තමුසෙට පිස්සුද? කෝ තනුජ?? ඌට ෆෝන් එක-“

“ගෙදරින් එළියට අඩිය තිබ්බොත් මම තමුසෙගෙ කන පලනවා ආදිල්!” ආර්යන් අයියගෙ කටහඬ උස් වුණා.

“පුලුවන් දෙයක් කරපන්! මන් තමුසෙට බය නෑ අයියෙ.” මම කෝල් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවට දාගෙන ගෙදරින් එළියට ආවා.

විනාඩි පහකට පස්සෙ මම ෆිට්නස් හබ් එක ඉස්සරහින් බයික් එක නවත්තලා එළියෙන් තිබ්බ පඩිපෙළ අරන් ජිම් එක ඇතුලට ගියාම දැක්කෙ දෙන්නෙක් විතර වේට් ලිෆ්ටින් කරනවා. කොහෙද එතකොට අරුන්?

මම ශෝට් එකේ ඉස්සරහ සාක්කුවට අත දාලා මගේ ෆෝන් එක අරන් ඒකෙ පවර් එක ඔන් කරාම කෝල්ස් හයක් ඇවිත් කියලා ආපු මෙසේජ් එක ඉග්නෝ කරලා තනුජගෙ නම්බර් එකට කෝල් එකක් ගත්තා. ආන්සර් කරපන් තනුජ…වටපිට බලන ගමන් මම කකුළකුත් හොලවන්න ගත්තෙ මගේ ඉවසීම පනින්න ඔන්න මෙන්න තිබ්බ නිසා..

“ශාක්‍ය?”

“කොහෙද උබ ඉන්නෙ?”

“අපි..අපි බන් මේ හොස්පිට්ල් එකට ආවා..”

“මෙච්චර ඉක්මණට? මොන හොස්පිට්ල් එකටද? ඇයි ඒ?”

“නිශල්කව අරන් ආසිරි එකට ආවා..ඌට පොඩ්ඩක් අවුල්.”

“හ්ම්..මම දැන් එනවා ඔතන්ට.” මම කෝල් එක කට් කරලා මට ටිකක් ඉස්සරහින් වේට් ලිෆ්ටින් කරන අයියා ලගට ගියා.

“අයියෙ මම මේ යාලුවෙක් හොයන ගමන්..චේන්ජින් රූම්ස් එහෙම තියෙන්නෙ කොහෙද?”

“අතන අර ෆිල්ටර් එක තියෙන්නෙ..අන්න එතනින් වමට යන්න මල්ලි.” මම ඔලුව වනලා ඒ අයියා පෙන්නපු පැත්ත දිහා තත්පර ගාණක් බලනි හිටියා.

“මල්ලි කාවද හොයන්නෙ? නම කිව්වොත් මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්..” මම ටිකක් හිතුවා.. නිශල්කලගෙ නම් කිව්වොත් මේ අයියා දන්නෙ නෑ..මොකද මේ ජිම් එකට එන්නෙ මම දන්න එක්කෙනෙක් විතරයි.

“දේශාන් ෆර්නෑන්ඩෝ?”

“ආ..පොරද? ඌ එක්ක දැන් ටිකකට කලින් පොඩි සීන් එකක් ගියා මෙතන..පස්සෙ මේකට ආපු කට්ටියක් පොරව බේස්මන්ට් එකට එක්කන් ගියා. ජිම් එකේ ඔක්කොම වගේ එතන ඇත්තෙ..ඕකා ඉතින් හතර වටේටම වලි ඇදගෙන එන්නෙ මෙහෙටනෙ.”

“ආ..තැක්ස් අයියෙ.” මම අයියගෙ පිටට තට්ටුවකුත් දාගෙන ටක් ගාලා බේස්මන්ට් එකට දුවගෙන ගියා.

බේස්මන්ට් එකට යද්දිත් මම දැක්කෙ මම දැන් ඉන්න තැන ඉදන් ටිකක් ඈතට වෙන්න කාවද වටකරගෙන බිම දමාගෙන ගහන දෙන්නෙක්ද කොහෙද සාහිල් අයියයි සඳැස් අයියයි දාගෙන පිටිපස්සට අදිනවා. ඒ එක්කම මගේ ඇස් ගියේ ඒ කට්ටයගෙ ඉදලා ශවිරු අයියා ලඟට..

ශවිරු අයියා කාගෙද මන්දා ශර්ට් එකේ කොලර් එකකින් අල්ලන් ඇගිල්ල දික් කර කර මොනාද කියනවා. ඒ එක්කම මම ෆෝන් එකට එන තනුජගෙ කෝල් එක දිහා බලාගෙනම ඒක සාක්කුවට දාගන්න ගමන් වේගෙන් ඉස්සරහට යන්න ගත්තත් එක්කම මට සාහිල් අයියයි සඳැස් අයියයි අල්ලන් ඉන්න දෙන්නව පෙනුනා..නිශල්කයි හේශිතුයි. දෙන්නම හිටියෙ දේශාන්ගෙ ඇග උඩ..හේශිත් දේශාන්ගෙ කට දෙපැත්තෙන් අල්ලගෙන උගේ නහය කැඩෙනක් ගහන අතරේ සාහිල් අයියා හේශිත්ගෙ මුලු ඉණ වටේටම අත දාලා ඌව පිටිපස්සට ගන්න ට්‍රයි කරනවා. හේශිත්ව ඔහොම නවත්තනවා කියන්නෙ බොරු වැඩක් උගේ කෝර් ස්ත්‍රෙන්ත් එකත් එක්ක.

අනිත් පැත්තෙන් නිශල්කගෙ අත් දෙක සඳැස් අයියා පිටිපස්සෙ ඉදන් උගේ පිටටම තියලා තද කරන් ඉද්දි නිශල්ක අරූගෙ බඩට පයින් එක දිගට ගහනවා..

“අතෑරපන් සඳැස්!! අන්තිම පාරට කියන්නෙ!”

ඒ පාර සඳැස් අයියා නිශල්කගෙ පිටිපස්සෙන් අත දාලා බෙල්ල තද කරලා අල්ල ගත්තම මම ඇවිදින වේගෙ වැඩි කරගත්තා.

“නවත්තපන් ඕක දැන් ඇති-” ඒ එක්කම නිශල්කව පිටිපස්සට හයියෙන් ඇද්ද සඳැස් අයියා පස්සට පස්සට යන්න ගත්තම නිශල්ක කකුළෙන් සඳැස් අයියගෙ කකුළට පයින් ගැහුවෙ සඳැස් අයියා කකුළ පැටලිලා බිමට ඇදගෙන වැටෙද්දි..ඒ වැටිලත් සඳැස් අයියා නිශල්කව අතෑරපු නැති පාර නිශල්ක සඳැස් අයියගෙ ශර්ට් එක ගුළි කරලා ඇදලා අරන් එයාගෙ නිකටට ගහගෙන ගහගෙන ගියා.

“ඕයි ඕයි නිශල්ක!”

මේ සේරම වෙන්න තප්පර ගාණක් යන්නැති..එහා පැත්තෙ හිටපු ශවිරු අයියා දුවගෙන ඇවිත් නිශල්කව පිටිපස්සට ඇදලා ගත්තා.

“නවත්තපන් මිනිහෝ!”

“අතෑරපන් ශවිරු අයියෙ මාව-“

“නිශල්ක!” මම මහා හයියෙන් කෑ ගැහුවෙ නිශල්ක උගේ අතමිටි මොළවනවා දැක්ක නිසා. මූ ශවිරු අයියටත් ගහන්න කලින් මම එතන්ට ගියා.

“උබට කවුද මෙතන්ට එන්න කිව්වෙ?!”

නිශල්ක දැන් අමු පිස්සෙක් වගේ..නළලෙනුයි තොලෙනුයි ලේ පෙරාගෙන..ටී ශර්ට් එකේ කර ගාව ඉරාගෙන..මන් දිහා පිස්සෙක් වගේ බලන් වේගෙන් හුස්ම ගන්න නිශල්ක ගාවට මම හෙමින් සැරේ යන්න ගත්තා.

“ඇති දැන් ම්ම්?” ඌ අහක බලා ගත්තා.

“මේක මෙතනින් නවත්තන්න.” මම ඊළගට බැලුවෙ හේශිත් දිහා.

හේශිත් දේශාන්ගෙ කට දෙපැත්තෙන් අල්ලලා සිමෙන්ති පොළවට තියලා තද කරන් ඉන්නවා දැකලා මගේ ඇහි බැම ඇකිළුනේ මගේ මුලු ඔලුවම රිදෙන්න ගනිද්දි. දේශාන් මට කරපු දේ…

හේශිත් හෙමින් සැරේ දේශාන්ගෙ කට තවත් තද කරලා එකපාරටම අතෑරලා දාලා එතනින් නැගිටලා එන්න හදද්දිම දේශාන් එයාගෙ කකුලෙන් ඇද්දෙ හේශිත්ව මුණින් අතට වැටිලා සිමෙන්ති පොළවට හීරිලා යද්දි..

ඒ එක්කම තප්පරයක් යන්න කලින් මගේ ඉස්සරහ හිටපු නිශල්ක බෙල්ල පැත්තකට ඇල කරලා කට හදන ගමන් වේගෙන් නැමිලා බිම තිබ්බ යකඩ පොල්ල අතට ගත්තම මම උගේ ටී ශර්ට් එකෙන් අල්ලලා උගේ අතේ තිබ්බ පොල්ල ඇදලා අරන් ඌව පැත්තකට විසි කරලා දේශාන් අනිත් පැත්ත හැරිලා නැගිටින්න කලින් මම උගේ පිට උඩින් කකුළ තියලා යකඩ පොල්ලෙන් උගේ ඔලුවටම ඒම් කරලා ගහද්දී..

පළවෙනි එකම වැදෙද්දී ඌ අත් දෙකම ඔලුවට තියාගත්තත් හේශිත් උගේ අත් දෙක ඇදලා පැත්තකට කරාම මම කට තද කරන් මගේ මුලු ඇගේම හයිය දාලා යකඩ පොල්ල ඉස්සුවෙ මගේ ඇගම තරහට ඇන්ඩ්‍රලීන් වලින් පිරෙද්දි..ඒත් තප්පරයක් යන්න කලින් මාව විසි වෙලා ගිහින් එහා පැත්තෙ තිබ්බ බිත්තියේ ගිහින් වැදුණම මගේ අතින් යකඩ පොල්ල නිකන්ම ඇතෑරුනෙ උරහිසට දැණුනු ප්‍රෙශර් එක නිසා..

ඇස් දෙක තප්පරේකට තදින් වහලා උරහිසත් අල්ලන් මම මගේ ඔලුව උස්සලා බැලුවම දැක්කෙ දේශාන් ලග ඉදන් මන් දිහා පිස්සු යකෙක් වගේ බලන් ඉන්න ආර්යන් අයියව..of course it’s you. මම ඉක්මණින් අහක බලා ගත්තා.

“මූව හොස්පිට්ල් එකට ගිහින් දාන්න..” කලු ඇදගෙන බේස්මන්ට් එකට ආපු දෙන්නෙක්ට ශවිරු අයියා දේශාන්ව පෙන්නලා කිව්වම එයාලා ඔලුව වනලා ගිහින් දේශාන්ව නැගිට්ටවලා කරෙන් අල්ලන් එක්කන් ගියා.

දේශාන් යන දිහා අපි හැමෝම සද්ද නැතුව බලන් ඉන්න අතරෙ එකපාරටම ආර්යන් අයියා ෆෝන් එක අරන් කාටද කෝල් එකක් ගන්නවා මට ඇස් කොනෙන් පෙණුනත් තාමත් එයා මන් දිහා අඩුවක් නැතුව අර ලුක් එකෙන්ම බලන් ඉන්නවා කියලා මම දන්න නිසා මම වෙනාතක් බලන්ම හිටියා.

“අපාට්මන්ට් එකට එක්කන් යන්න.””හරි. මම දැන්ම එන්නෙ නෑ.”

“ආ..” කෝල එක කට් කරලා ආර්යන් අයියා සාහිල් අයියට සාක්කුවෙන් මොකද්ද කාඩ් එකක් අරන් විසි කරා.

“පහළ මගේ පැජරෝ එක ඇති. මේගොල්ලොත් අරන් අපාට්මන්ට් එකට යන්න.”

“එතකොට උබ?”

“මට වැඩක් තියානවා. වැඩි වෙලා යන එකක් නෑ කොහොමත්.”  මගේ ඉස්සරහට වෙන්න හිටපු සාහිල් අයියගෙ දිහා බලන් කතා කරපු ආර්යන් අයියගෙ ඇස් එකපාරටම ඇවිත් මන් ලඟ නතර වුණාම මාව ගැස්සුනේ නෑ කිව්වොත් බොරුවක්. තත්පරයක් යන්නැති..ඒ ඇස් ඉක්මණට ආයෙ මගේ ඉස්සරහ හිටපු සාහිල් අයියට ගියා.

“ශාක්‍ය එන්න.” මම ඔලුව වැනුවා.

“බයික් එකෙන් ආවෙ.” මම සාක්කුවට අත දාලා බයික් එකේ යතුර ඇදලා ගනිද්දි වොලට් එකත් එක්ක යතුර පැටලිලා දෙකම වැටෙන්න හැදුවම මම වොලට් එක අල්ලගත්තා.

“මම මූ එක්ක එන්නම්-” බයික් එකේ යතුර ගන්න නැවුනත් මම ආයෙම කෙලින් වෙලා නිශල්ක දිහා බැලුවා.

“නෑ එපා උබ අයියලත් එක්ක යන්න. මම බයික් එකෙන් කෙලින්ම ගෙදර යන්නම්.”

“ඔව්..උබ මූ එක්ක ගියොත් හොඳට හිටීවි. බලපන් මූණෙ හැටි. යමන් ඕකට බෙහෙත් දාගන්න.”

“මම එන්නම් ‍උබ එක්ක.” මම ඔලුව වැනුවා.

“නංගි ගෙදර..ඔයත් නිශල්ක එක්ක යන්න.”

ඊට පස්සෙ හැමෝම සාහිල් අයියා පිටිපස්සෙන් බේස්මන්ට් එකෙන් එළියට යන්න ගත්තම මමත් හෙමින් සැරේ එයාලා පිටිපස්සෙන් යන්න ගත්තෙ මගේ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක අරන් වට්ස්ඇප් එකට යන ගමන්.. නංගි කෝල් ගත්තද දන්නෑ. එයා අද පහට විතර මාමාත් එක්ක මාළිගාවට ගියා ටූනමන්ට් එකට යන්න කලින් කරපු භාරයක් ඔප්පු කරන්න කියලා.

මම ෆෝන් එකට ඔලුව දාගෙන යන ගමන් කෙලින්ම ගියේ මගේ බයික් එක ලගට..යතුර ගන්න මම සාක්කු දෙකටම අත් දෙක මාරුවෙන් මාරුවට දැම්මත් යතුර මට හම්බුනේ නැති නිසා මම  ෆෝන් එක බයික් එක උඩින් තියලා ආයෙම මගේ ශෝට් එකේ ඉස්සරහ පැත්තෙ පොකට්ස් දෙකටයි පිටිපස්ස පැත්තෙ පොකට්ස් දෙකටයි අත් දෙක දාලා හොයන්න ගත්තා. මොන මඟුලක්ද? මට එතකොට මතක් වුනේ බේස්මන්ට් එක..

“අපි යනවා මල්ලි එහෙනම්.” සාහිල් අයියලා අත වැනුවම මමත් අත වැනුවාපැජරෝ එක පිටිපස්සෙ හිටපු නිශල්ක මට දාගෙන රවනවා පෙනුන නිසා මම නිශල්කටයි හේශිත් ටයි විතරක් අත වැනුවම අරූ තනුජයවයි ශවිරු අයියවයි තල්ලු කරලා වින්ඩෝ එකෙන් අත දාලා මට මැද ඇගිල්ල දික් කරාම මට හිනා ගියා.

එයාලා කට්ටිය ගියාමත් එක්කම මම ෆෝන් එකත් අරන් ආපහු බේස්මන්ට් ගියා.

බේස්මන්ට් එකට ඇතුල් වෙන තැන තිබ්බ යකඩ දොරත් තල්ලු කරගෙන ඇතුල් වෙච්ච මම අපි හිටපු තැනට වෙනකන් ඇවිදන් ගිහින් යතුර වැටිච්ච තැන හරියටම නැවතිලා හෙව්වත් එතන තිබ්බෙ යකඩ පොලු දෙකකුයි චේන් වගේකුයි වෙද්දි මම ආයෙම මගේ ෆෝන් එක අතට ගත්තෙ නිශල්කට කෝල් එකක් ගන්න.

“මන් මොකද්ද කිව්වෙ?” මම ගැස්සිලා ගියේ එකපාරටම බේස්මන්ට් එක පුරා දෝංකාර දුන්න කටහඬට.

කොන්ක්‍රීට් කනුවකට කකුළක් ගහගෙන අළු පාට ස්වෙට්පෑන්ට් එකේ සාක්කු දෙකට අත් දෙක දාගෙන මන් දිහා බලන් හිටපු ආර්යන් අයියා එක සාක්කුවකින් අත එළියට ගත්තෙ මගේ බයික් එකේ යතුරත් ඇගිල්ලක පටළවගෙන.

A/N

හෙහේ…වලිමයි නේද? ඒත් කරන්න දෙයක් නෑ මම වලි වලට ආසයි ම්හුක්ක් 🌚

ජීවිතේ කියන්නෙත් වලියක් තමයි අතින් පයින් ගහගන්නෙ නැති වුනාට.. ඒත් ඔලුවෙ දුවන පිස්සු උට්ටවල් එක්ක අපි කරන්නෙ වලි දාගන්න එක නෙමේද? 🙂 (මන් දන්නෙ නෑ! I’m just a girl 🎀)

(ශාක්‍යගෙ ඇස් ගැන ලියද්දි මම මවා ගත්තෙ මෙන්න මේ වගේ එකක්..ලගින් යන ඇස් දෙකකට තිබ්බෙ මේක තමයි 🥺✨ අපි හැමෝගෙම ඇස් කලු වගේ පෙනුනට දුඹුරුයි..ශාක්‍යගෙත් එහෙමයි…බළල් ඇස් නෙමෙයි මේ ඔදේ!)

එහෙනම් මන් ගියා!
Adareyyyy ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 13, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 13, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 13 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 13 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 13 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 13 light novel, ,

Comment

Leave a Reply

Chapter 13