À¶»À¶¯À·… | The Kandyan Aristocrats 14

A+ A-

“බයික් එකේ යතුර දෙන්න.” මම ඉන්න තැනම ඉදගෙන අත දික් කරා.

මන් දිහා ටික වෙලාවක් බලන් හිටපු ආර්යන් අයියගෙ මූණට ආවෙ හිනාවක්. හිනාවක්? නෑ ඒක හිනාවකට වඩා කෙන්ඩියට තොල අග ඉස්සුමක් කිව්වොත් හරි. කණුවට හේත්තුවෙලා හිටපු එයා දඹර ඇගිල්ලෙ පටලවගෙන හිටපු කී එක එහෙම්ම එයාගෙ එහා පැත්තෙ තිබ්බ තඩි කාණුවට විසි කරේ මම බලාගෙන ඉද්දි.

“දැන්ම එළියට ගියොත් හොයාගන්න ලේසි වෙයි.”

ඒ එක්කම කණුවෙන් ඈත් වෙලා සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන ආර්යන් මාව පහු කරගෙන යන්න ගියාම මගේ හුස්ම ගන්න වේගෙ එන්න එන්නම වැඩි වුණේ මගේ ඇස් දෙක බිම තියෙන යකඩ පොල්ල ලගින් නතර වෙද්දි. මැරියන් තෝ.

මම පොල්ල අතට අරන් බේස්මන්ට් එකේ දොර ගාවට යන ආර්යන්ට මම පොල්ල කෙලින්ම උගේ පිට මැද්දට හයියෙන් වැදෙන්න විසි කලා.

“තමුසෙ මගේ දේවල් වලට අත නොදා හිටපන්! මන් අන්තිම පාරට මේ කියන්නෙ!”

තාම මට පිටු පාලා හිටපු ආර්යන් අයියා එකපාරටම ඔලුව කරබාගත්තම මම මගේ අල්ල තොල උඩ තියලා දාඩිය පිහිදැම්මත් ඊලග තප්පරේම මට ඉස්සරහ බැලුනෙ හිනාවක සද්දයක් නිසා..මූට පිස්සුද? ඔලුවත් කරබාගෙන හිනා වෙන ආර්යන් අයියගෙ උරහිස් හෙමීට ඉස්සෙනවා මම බලාගෙන..ඒ හිනාව ඇහෙන්නෙ නැති වුනත් උගේ කටහඬේ ගැඹුර මට දැණුනා.

ඒත් එක්කම මගේ පැත්තට හැරුණු ආර්යන් අයියා එයාගෙ එහා පැත්තෙ වැටිලා තිබ්බ යකඩ පොල්ල දිහා ටික වෙලාවක් බලන් ඉදලා එකපාරටම මන් දිහා බැලුවම මමත් චැලෙන්ජ් එකට ඌ දිහා අනිත් පැත්තට බලන් හිටියා.

“Not bad..ඒත් ඊළඟ පාර හරියට ඒම් කරන්න.” මම ඇස් දෙක පොඩි කරගත්තා.

“තමුසෙට පිස්සුද?!” මීටර් දහයක් විතර දුරින් හිටපු ආර්යන් ගාවට මම යන්න ගත්තා. ඒත් මූ කරේම මන් දිහා බලන් හිටපු එක විතරයි.

“මාව සෙල්ලමක් වගේද පේන්නෙ??” මම අත මිටි මොළවලා මගේ අත ඉස්සුවේ ඌට ගහන්න උනත් මම නැවතුනා. අත මැදක් හරියට වෙනක් උස්සපු මම එහෙම්මම නැවතිලා ඒ අත උගේ ඇගටම ඇලවිච්ච කම්ප්‍රෙශන් ශර්ට් එකේ කරෙන් මම ඇදලා ගත්තා. මම ගහවි කියලා හිතන් හිටපු නිසාමද කොහෙද එයාගෙ ඇහි බැම දෙකත් පුදුමෙන් ඉස්සුනේ මගෙන් එහෙම රිඇක්ශන් එකක් බලාපොරොත්තු නොවිච්ච නිසා.

“ඇයි නතර වුනේ?”

“මට ඕන නිසා! මගෙන් ඈත් වෙලා හිටපන් අයියෙ තමුසෙ!?”

“අයියා කියලා දැන්ද මතක් වුනේ?” ශර්ට් එක ගුලි කරන් අල්ලන් හිටපු මගේ අතින් අල්ලපු එයා මගේ අත නිකන්ම ඇදලා පැත්තකට කරත් අත ඇරියෙ නැති වෙද්දි මම එයා දිහා බැලුවෙ වෝන් කරන්න වගේ.

“අමතක වෙන වැඩනෙ තමුසෙ කරන්නෙ! අත අතාරිනවා.!”

“මාව අල්ලන්න තමුසෙට පුලුවන්නම් ඇයි මට බැරි?”

“ඇයි මගේ ටච් එකට ආස වත් හිතුනද?” ඒ එක්කම මම දැක්කා ආර්යන් අයියගෙ තොල් අග එකපාරටම ඉස්සිලා නැති වෙලා යනවා.

“නොට් මයි ටයිප්.” මම කට උල් කරගෙන දුක හිතුනු මූණක් හදාගත්තා.

“ඒකටනම් පපුවෙ හිලක් හැදුනා ඕයි මට.” මම අත ආයෙම ඇදලා ගන්න හැදුවත් මේ මිනිහා මගේ අත තවත් තද කරලා අල්ල ගත්තා.

“ආයේ දේශාන් එක්ක පැටලලිලා තියෙන්න බෑ.” කලින් තිබ්බ චිල් වොයිස් එක නෙවෙයි දැන් එයාට තිබ්බෙ. ඒත් මට අදාල නෑ මූට තරහ ගිහින් පිටගැස්ම හැදිලා මැරුණත්. මම පුලුවන් තරම් ශක්තිය දාලා අත ඇදලා ගන්න ට්‍රයි කරාම මේ මිනිහා කරේ මගේ අතේ මසල්ස් උඩින් ඇගිලි තියලා තද එක. ශිට්! මම දත් මිටි කාගෙන ඉවසන්න ට්‍රයි කරා.

“තේරුණාද?”

“අත අතෑරපන්-” ඒ එක්කම මට ඇස් පිය වුනේ මූ මගේ අතේ අල්ල තියන පැත්තේ මැණික් කටුවට පහළින් මහපට ඇඟිල්ල තියලා යටටම තද කරද්දි.

“තේරුණාද?”

“තමුසෙට මොකද ඕයි මම කවුරු එක්ක හැමිනුනත්-“

“කට ආදිල්..උබේ කට මට කියලා තලා ගන්න එපා.” මම ආර්යන් අයියගෙ අත උඩින් මගේ නිදහස් අත තියන්න ගෙනාවත් මේ පාහාරයා මගේ ඒ අතිනුත් අල්ලගත්තා. දැන් මගේ වම් අත මට දැනෙන්නැති තරම්- ඒ එක්කම මාව ගිහින් පිටිපස්සෙ තිබ්බ ලී ගොඩක් උඩට වැටුනේ ආර්යන් අයියා මාව තල්ලු කරපු පාරට.

“නැගිටින්න.” දෙපාරක් හිතන්නෙ නැතුව මම වැටිලා හිටපු තැනින් නැගිට්ටෙ මගේ අත දිහා බලාගෙන.. දැනටමත් එතන දම් වෙලා.

“මොකද්ද තමුසෙට ඇත්තටම වෙලා තියෙන්නෙ?!” මම මගේ පිටිපස්සෙ එකතු කරලා තිබ්බ ලී ගොඩින් තඩි ලී පටියක් ඇදලා ගත්තත් මගේ අත ඒ ලී පටියට හීරිලා ගියේ ආර්යන් අයියා ඒක ඇදලා ගත්ත පාරට.. මම බලන් ඉද්දිම ඒක පැත්තකට විසි කරලා මන් ලගට එයා එන්න ගත්තම මම ආයෙම මගේ පිටිපස්සෙ තිබ්බ ලී පටියක් ඇදලා ගන්න හදද්දි මගේ කට දෙපැත්ත තද කරලා ඌ මාව එයාගෙ මූණ ගාවට ගෙනාවා.

“මාව ටෙස්ට් කරන්න එපා ආදිල්..මම ඉවසන්න දන්නෙ නැති මනුස්සයෙක්.”

මම අනිත් පැත්තට කතා කරන්න හැදුවත් ආර්යන් අයියා මගේ කට දෙපැත්ත තවත් තද කෙරුවෙ මට කතා කරන්න තියා කට හොලවන්න වත් බැරි වෙද්දි.

“තමුසෙත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. මන් දන්නවා මොකක් හරි වුනාම කට පියන් ඉන්න අමාරුයි කියලා. ඒත් මේ කේස් එක මගේ ආදිල්.”

මගේ කට දෙපැත්තෙ තිබ්බ ග්‍රිප් එක අඩු කරලා ආර්යන් අයියා මගේ මූණ තවත් උගේ මූණ ලගට ලන් කෙරුවේ අපේ නහයවල් දෙක යන්තමින් එකට ගෑවෙද්දි.

“දේශාන් ගැන මන් බලා ගන්නම්.” මම ආයෙම කතා කරන්න හැදුවත් මේ යකා ආයෙම මගේ කට තද කරා.

“මන් දන්නවා. You can fight and you can handle it. ඒත් මට රග්බි වටිනවා. හරියට තමුසෙට ක්‍රිකට් වටිනවා වගේ. ශවිරු ගැන හිතලා පැත්තකට වෙන්න ආදිල්.” ආර්යන් අයියගෙ ඇස් මගේ මූණ පුරා අරන් ගිහින් ආයෙම මගේ ඇස් ලග නතර වුනේ මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්..

“ලොකූ?! කොහෙද මනුස්සයො ගිහින් හිටියේ?? කීයක් නම් කෝල් ගත්තද??” වැරැන්ඩා එකේ ඉදන් දුවගෙන ආපු නංලි මම බයික් එකෙන් බැහැපු ගමන්ම මාව බදා ගත්තේ කෙල්ල එයාගෙ මූණ මගේ පපුව අස්සෙ හන්ග ගනිද්දි..

“ඒයි..මේ මොකද ??” නංගි මගේ ඉණ වටේ යවලා තිබ්බ අත් දෙක අල්ලලා මම නංගිව මගෙන් ඈත් කරලා එයාගෙ මූණට එබුනත් එක්කම කෙල්ල ටක්ගාලා ආයෙම මගේ පපුවට ඔලුව ගහලා එකපාරටම උඩට අදින්න ගත්තා.

“නංගි?? ඒයි..! අඩනවද ඔය??” ඒත් එක්කම මාව ගැස්සිලා ගියේ නංගි ඔලුව උස්සලා මගේ පපුවට ගහගෙන ගහගෙන ගියාම.

“අඩනවද?? à·„à·„à·Š!! අර කාමරේ ලේ එක්ක ටිෂූස් උයි බැන්ඩේජ් උයි පුරවලා කාටවත් නොකියා ගෙදරින් ගිහින්!! ඒ මදිවට තව බයික් එකක්!! තමුසෙට මොකක් හරි වුනොත් මට ඉතිරි වෙන්නෙ කවුද ලොකූ!!?” මම ටක් ගාලා නංගිගෙ අත් දෙක අල්ලගත්තා.

“අම්මගේ බත්ඩේ එක හෙට!! මට බයයි තමුසෙ මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙද්දි!!” නංගි තවත් හයියෙන් අඩන්න ගත්තම මම මුකුත් කරගන්න බැරුව කරේ එයාගෙ ඔලුව අතගාපු එක.. මේ පොඩි දේට එයා මෙහෙම රිඇක්ට් කරයි කියලා මම හිතුවෙ නෑ. මම නංගිගෙ ඔලුව මගේ පපුවට තියලා තද කරගත්තා.

“අපි යමු ඇතුලට..මට බඩගිනියි-” ඒක කිව්වත් හරි නංගි මගෙන් ඈත් වෙලා මගේ අතේ තිබ්බ හෙල්මට් එකත් උදුරලා අරන් ගේ ඇතුලට දිව්වා.

සාක්කුවෙන් ෆෝන් එක එලියට ගත්ත මන් වැරැන්ඩා එක පහු කරන් දොර ලගට යද්දි දැක්කෙ මන් දිහා දුකින් වගේ බලන් ඉන්න රත්නසිරි මාමාව..මම එතනම නැවතිලා ගේ ඇතුලට එබිලා බැලුවෙ නංගි ඉන්නවද බලන්න..අහ් නෑ.

“මාමේ?” රත්නසිරි මාමා මන් දිහා බලලා අහක බලා ගත්තා.

“දැන් ඔයත් හදන්නෙ මාත් එක්ක කතා නොකර ඉන්නද?” ඒ ගමන මාමා මන් දිහා බලලා ඇස් දෙක වහගෙන ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තා.

“නෝනාගෙ ඩයරි එක කියෙව්වා.”

“මොකක්?? ආයෙම? මාමාලා ඒක හැංගුවා නේද?”

“හ්ම්..හැංගුවා පුතේ..ගිණි තියන්න හිතක් නැති නිසා හැංගුවා..ඒත් මේ කෙල්ල ඇස් වල කඳුලුත් පුරවන් ඒක ඉල්ල ඉල්ල අඩද්දි මම මොනා කරන්නද පුතා?”

මම දොර ලග බිත්තියට හේත්තු වෙලා අහස දිහා ටික වෙලාවක් බලන් හිටියා.

“දැන් නංගි ඕක කියව කියව දවස් ගාණක් අඩන්න ගිනීවි..”

“හ්ම්..හොඳ වෙලාවට ඕක විතරක් ඉතුරු වුණේ.” මම ඇස් දෙක වහගත්තා. ඇත්ත..හොඳ වෙලාවට ඔය ඩයරි එක විතරක් වුනේ..

දැන් වෙලාව පාන්දර දෙක හමාරයි..ඒත් මම කරේම අපේ ගෙදර වත්ත පිටිපස්සෙ තිබ්බ පූල් සයිඩ් එකේ බූල් වලින් පිරිලා තිබ්බ සනීප කවුච් එකක් උඩින් වාඩි වෙලා ඔහේ කල්පනා ලෝකෙක වැටුණු එක. ඒ එක්කම මගේ ඇස් ගියේ මගේ ඉස්සරහ තිබ්බ මැට් එකේ ෆෝන් එකත් එක්ක තිබ්බ බයික් එකේ යතුර ගාවට.. ඉස්සරහට නැමිලා මම ඒක ලගට අරගෙන ඒ දිහා විනාඩියක් විතර බලන් හිටියා. තමුසෙව නම් මට තේරුම් ගන්නම බෑ ආර්යන්..මට ලාවට හිනා ගියා- ඌ විසි කරලා තියෙන්නෙ මගේ යතුරෙ තිබ්බ කී ටැග් එක. පිස්සු හුත්තා.

බයික් එකේ යතුර ආයෙම මම මැට් එකට දාලා අහස දිහා බැලුවා..පාන්දර නිසා ටිකක් සීතල වුණාට එකපාරටම එන හුළඟ නිසා පූල් එක වටේට තිබ්බ පොල් ගස් වල අතු හෙළවෙද්දි අමුතු සද්දයක් එනවා..ඒ මදිවට වත්ත වටේටමයි පූල් එකෙයි දාලා තිබ්බ ලයිට් නිසා පොල් අතු හෙලවෙද්දි නිකන් අමුතුම හෙවනැල්ලක් බිමට වැටිලා තිබ්බෙ.. මට ඉබේටම තොල් වල හිනාවක් ඇදිලා ගියා..

අද අම්මගෙ බත්ඩේ එක නිසාමද මන්දා අහසත් නිකන් අර මිනිස්සු වෙලාවකට එකපාරටම පිස්සු හැදිලා වගේ අදින ආට්වර්ක් එකක් වගේ..පට්ටම ලස්සනයි. මන් ඔය කලාත්මක කියමන් දන්නෙ නෑ. ඒත් අද අහසත් නිකන් අර නිමක් නැති කැන්වස් එකක් වගේ විහිදිලා ගිහින් වගේ මට පෙනුනෙ. ඒ මට දුක නිසාද නැත්තන් පාළු නිසාද කියලා මන් දන්නෑ. තරුත් හරියට අහස පුරා ගිහින් තිබ්බෙ කැන්වස් එකේ තනිකම පුරවන්න වගේ..තැනින් තැන වුනත් දැන් මට ඒකත් පේන්නෙ නිකන් ඒක හිතලම එහෙම කවුරු හරි තියලා වගේ.

එකපාරටම ආපු සැර හුළඟට මම මගේ දණ හිස් පපුව ගාවට ගෙනත් කකුළ් දෙක වටේ අත් දෙකම යවලා මට තවත් ලන් කරගත්තෙ ලාවට හිරිවැටීගෙන ආපු ෆීලින් එක ගනන් නොගෙන.. මොකද මම දැන් බලන් ඉන්නෙ එක තරුවක් දිහා.. ඒක දිළිසෙනවා. අනිත් තරු වලට වඩා ගොඩක් සැරට. හැබැයි ඒ තරුව අනිත් තරු වගට වඩා පොඩියි..ඒත් පොඩි වගේ නෙවෙයි ඒක ඒ අනිත් හැම එකටම වඩා දිළිසෙනවා. මගේ තරුව.. හැමදාම කොහේ හිටියත් රෑ අහස දිහා බලපු ගමන් මට ටක් ගාලා අදුන ගන්න පුලුවන් තරුව.. ඔයාට මන් තාම නමක් දාලා නෑ නේද? ඒත් නමක් හිතට එන්නෑනෙ.. මම ඒ තරුව දිහා බලන් ඉද්දි ඒක එකපාරටම දෙපාරක් විතර නිවි නිවි පත්තු වුණා.

“අම්මා කියන්නද?”

බලන් ඉද්දිම ආයෙම පාරක් ඒක නිවි නිවි පත්තු වුණාම මට ලාවට හිනා ගියා. ඔව් ඉතින් කොහොමත් ඔයා ගිය දවසෙනෙ මම කනත්තෙ යන්න බෑ බෑ කිය කිය අඩලා කනත්තෙත් නිදාගෙන හිටපු එවුන්ව ඇහැරෙන්න තරම් දෙක කරලා පැය ගාණකට පස්සෙ කාර් එකට නැගලා ජනේලෙට ඔලුව තියන් ඉද්දිනෙ මම ඔයාව දැක්කෙ..ඔයාගෙ තමයි වැරැද්ද මම මෙහෙම හැමදාම අනිවාර්යෙන් මේ වෙලාවට ඇවිත් අහස දිහා බලන එක. ඇයි මට කිව්වෙ කවුරු හරි වටින කෙනෙක් තමන්ගෙන් ඈතට ගියොත් ඒ කෙනාගෙ අඩුව පුරවන්න එයා අහසෙ තරුවක් වෙලා එනවා කියලා. ඔහොම ගිය අවුරුද්දෙත් රෑ ඉස්කෝලෙ බිග්මැච් එකට කලින් දවසෙ මම පාන්දර දෙකට හොස්ටල් රූම් එකෙන් එළියට ඇවිත් අර තඩි කොන්ක්‍රීට් බැල්කනී එක උඩ වාඩි වෙලා අහස දිහා බලන් ඉද්දි හේමාල් සර් බය වෙලා තව ටිකකින් බිග්මැච් වෙනුවට ඉස්කෝලෙ ඇතුලෙම සර්ගෙ ෆියුනරල් එක ගන්නවා. ඇයි ඉතින් පොර හිතලා තියෙන්නෙ මම තනියෙම හිනා වෙවී අහස දිහා බලන් ඉද්දි මට මෝහිණී අක්කා ගහලා කියලා.

මට එකපාරටම ඒ සීන් එක මතක් වෙලා හිනා ගියාම ආයෙම අම්මා නිවි නිවි පත්තු වෙන්න ගත්තා. ඔව් ඉතින් ඔයාට නම් හිනා..මාව අර හේමාල් යකා කොච්චර නම් බයිට්ට ගත්තද? ආයෙම අම්මා නිවි නිවි පත්තු වෙන්න ගත්තම මගේ ඇස් දෙකට මැවුණෙ අම්මගෙ හිනාව.. හිනා වෙද්දි ඒ නිල් පාට ඇස් පුංචි වෙන විදිහ. සිරාවටම තාත්තා පට්ට ලකී. ඉණ ගාවට තිබ්බ ඝණකම කොණ්ඩේ..ඕවා තමයි මහේන් අයියව පස්සු වැට්ටුවෙ ඉතින්. මට එකපාරටම අම්මගෙ මූණ මැවෙන්න ගත්තා.. තාත්තාට පිං සිද්ද වෙන්න අම්මගෙ ගොඩක් ෆොටෝස් උයි වීඩියෝ ක්ලිප්ස් වගේකුයි අපිට බලන්න ඉතුරු වුණා අම්මා.. ඔයාගෙ හිනාව නම් හැබැයි ඇත්තටම ටකරමක් හූරනවා වගේ.

මට හිනාවක් කටින් පැන්නෙ අම්මා තාත්තාට හරියට ෆොටෝස් ගන්න කියලා ඇවිදින ගමන් පිටිපස්ස හැරිලා තාත්තට බනිද්දි අම්මගෙ හීල් එක ගිහින් මඩ වලකට සෙට් වෙලා අම්මා බිම වැටෙන ක්ලිප් එකක් මතක් වෙලා.. ඒ වෙලාවෙ තරහින් හිටියත් තාත්තත් තප්පරයක් යන්න කලින් අනිත් පැත්තට වැටුණම අම්මා අනිත් පැත්තට හිනා වුණා..මරු හිනාව හැබැයි.. ඒ එක්කම මම ආයෙම අහස දිහා බැලුවම දැක්කෙ දැනටමත් අම්මා වේගෙන් නිවි නිවි පත්තු වෙනවා..එයා හිනා වෙනවා..මම ආසාවෙන් අහස දිහා බලන් හිටියා..මොකද කතා කරන්නෙවත් නැතුව මාව තේරුම් ගත්ත එකම කෙනා වුණේ ඔයා වෙද්දි ඉතින් සතුටු නැද්ද..

මටත් ඒ වාසනාව තිබ්බානම්..ඔයා හිනා වෙනවා දකින්න. රෑට මම නිදා ගන්නකන් ඔයා සිංදු කියනවා අහන්න. ඔයාව බදාගන්න. ඒකට දැන් පරක්කු වැඩියි කියලා මතක් වුනාම මගේ පපුව නිකන්ම බර වුනේ අහසෙ මෙච්චර වෙලා නිවි නිවි පත්තු වුන තරුවෙ පාට එකපාරටම අඩු වෙලා යද්දි.. ශිට්..මට අම්මා නැතුව පාළුයි අම්මෙ..මම කලින්ට වඩා තදින් මගේ කකුළ් දෙක අල්ලගත්තෙ මාව වෙව්ළනවා වගේ දැණුන නිසා.

“අම්මා?” දණහිස් දෙක අස්සට ඔලුව ගහගෙන ඇස් දෙක වහන් ඉද්දි මට ඉබේටම කියවුනා.

“ඔයා නේද ඒ ම්ම්?? මාව දැනෙනවානේද?”

පූල් එක හරියෙ තිබ්බ පොල් ගස් වල අතු ආයෙම හයියෙන් හෙළවෙන්න ගත්තම මගේ ඇස් අගින් කදුළු බිංදුවක් වැටුණේ මගේ ඇස් දෙක රස්නෙන් පිරිලා රිදෙන්න ගනිද්දි.. හරියට කදුළු වලට එළියට එන්න ඉල්ලනවා වගේ. කම්මුල දිගේ පහළට යන කදුළ පිහදාන්නෙ නැතුව මම ඔහේ ඒකට යන්න දුන්නා..හිර කරන් ඉදලා ඉදලා එළියට පැන ගත්තට පස්සෙ ඇයි ඒකට යන ගමන මම තවත් අමාරු කරන්නෙ? මම තදින් මගේ ඇස් වහගෙන මාවම බදාගත්තා. සීතලයි අම්මෙ.. ගොඩක්.

පිච්චෙන ඇස් දෙක ඇරගෙන මම ආයෙම අහස දිහා බැලුවත් මට අම්මව හොයාගන්න බැරි වුණා..අම්මාට දුක හිතුනද? අනිත් තරුත් එක්කම හැංගිලා දුකින් ඉන්නෙ ඒ නිසාද?? ඒ එක්කම මැට් එක උඩ තිබ්බ මගේ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආවා.

“හැපි බත්ඩේ අම්මා..” මම අහස දිහා බලන්ම කිව්වා.

අහස පුරාම ඇස් යවද්දි එකපාරටම එළිය ගහලා ආයෙම මතු වුන තරුව දැකලා මට ලාවට හිනාවක් ආවා..ඩ්‍රමැටික්නෙ ඉතින් ඔයත්.


A/N

තරු කියයි හඳ කියයි ඉර කියයි..ඒත් ඒ දුක දන්නෙ ඒ ලමයි විතරයි ❤️

ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ✨

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 14, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 14, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 14 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 14 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 14 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 14 light novel, ,

Comment

Leave a Reply

Chapter 14