À¶»À¶¯À·… | The Kandyan Aristocrats 15

A+ A-

“හැපි වැලන්ටයින්ස් ඩේ මගේ මැණිකහ්!” නිශල්ක මගේ බෙල්ල අස්සෙ මූණ ඔබාගෙන කිස් දෙන්න ගත්තා.

“චි! එහාට පලයන්!” මම ඌව තල්ලු කරලා එහාට වුණා.

“ආ මගේ ආදරෙන් බිඳක් උයාට-“

“අඩෝ උබ කොහොමද මේක උස්සන් ආවෙ?? චෙක් කරද්දි අහු වුනේ නැද්ද??” නිශල්ක මට දීපු රෝස මල දැකලා තනුජයා මහා හයියෙන් කෑ ගහන්න ගත්තම මුලු ක්ලාස් එකම අපි දිහා බලලා ඒ මදිවට බාගයක් විතර නැගිටලා අපි හිටපු තැනට එන්න ගත්තා. ඒ මදිවට තව මල් දෙකක්! එතකොට ඔක්කොම තුනයි. මූ සිරාවටම කොහොමද ඕවා උස්සන් ආවෙ??

“අඩෝ සිරාවටම මරුනෙ ඕයි!! කොහොමද උබ ඕක උස්සන් ආවෙ පොඩි කරගන්නෙ වත් නැතුව?” මායි තනුජයයි හේශිතයයි මූ දිහා කටත් ඇරන් බලන් හිටියා. ඇයි යකෝ ඉතින් අච්චර අතන මුලු ප්‍රිෆෙක්ට්ස් ගිල්ඩ් එකම බැහැලා චෙක් කරද්දිත් මූ මලක් උස්සන් ආවම?? ඒකත් පොඩි නොකරම??

“කවුද කිව්වෙ මන් ගෙනාවා කියලා? පිනාගෙ ගාඩ්න් එකෙන් ඉස්සුවෙ.”

“අඩෝ අඩෝ සිරිවටම?? ඒ මන් දැකලා නෑ නෙ වත්තෙ ඕවා තියෙනවා!!”

“ඇයි අර පිටිපස්සෙ ලොකුවට තියෙන ජනේලෙ ගාව තිබ්බෙ?? රෙක්ස් ඉන්න හරිය මන් කියන්නෙ.”

“අඩේ මරුනෙ!! මන් මේ කෑල්ලට ගත්තු ගිෆ්ට් එක ගේන්න බැරුව හිටියෙ..අද ඕකක්වත් දීලා ශේප් කරනවා.”

“මේ උබ ඕක හංගපන් ආ..! අද චෙක් කරන්න ආවම ඕක අහු වෙයි..අනික තෝ මල් තුනක්ම කඩන් නෙ.”

“හ්ම් ඔව්..මුන් කීයට බෑග් චෙක් කරන්න එයිද දන්නෑ.

ඔහොම කියව කියව ඉදලා ඉන්ටවල් එකත් ආවා..අපි කාලා බීලා එහෙම්මම අද ක්ලාස් එකට වෙලා හිටියේ නිශල්ක කරපු මහා වීර ක්‍රියාවට පිං සිද්ද වෙන්න. වැලන්ටයින් දවසට ප්‍රිෆෙක්ට්ස්ලායි අර විනයභාර සෙට් එකයි එකතු වෙලා මුලු ඉස්කෝලෙම කවර් වෙන්න සර්ච් පාටියක් දානවා..සිරාවටම බෝම්බ නිශ්ක්‍රීය අංශෙවත් මෙහෙම චෙක් කරන්නැතුව ඇති..ඒ තරම් ආසයි මුන් අනුන්ගෙ මඟුල් කඩන්න.

“අනේ ඒ හේශිතයෝඕඕඕව්ව්ව්!”

“මොකද යකෝ ලඟ ඉදගෙන කෑ ගහන්නෙ??”

“යමන්කො ටිකකට එළියට?? කම්මැළියි ඕයි මෙහෙම ක්ලාස් එකක් ඇතුලෙ ඉන්න!!”

“ඒ ශාක්‍ය! මේ මචං මේ සිම් එක හංගපන්කො..උබේ පොතේ කවරේ ගලවන්න පුලුවන්නෙ??” මම ඔලුව වනලා සිම් එක රදිල්කගෙන් අරන් මගේ කෙම් පොතේ පිට කවරෙ පැත්තකින් ඉස්සිලා තියෙන තැනින් ඇතුලට යවලා ආයෙම ඒක වැහුවා.

“තෑන්ක්ස් මචං!” ඌ මට ෆිස්ට් බම්ප් එකක් දීලා තව කාටද මන්දා මොකද්ද හංගන්න දුන්නා.

“ඈ යකෝ! තෝ අදම ගෙදර තියෙන හැම උට්ටම උස්සන් ආවද??”

“නෑ බන් හරියටම ඊයේ කෙල්ල එක්ක වලියක් දාගත්තනෙ..ඒකිව අද විතරයි බන් හම්බෙන්නෙත්.”

“ඇයි වෙන දවසක යන්න බෑ?”

“බෑ බන්! ඒකිගෙ අයියා හෙන කැ*යා බන්..පට්ට සැරැයි.. මට අවුලක් නෑ ඉතින්..ඒත් ඒකිටනෙ බැනුම් අහන්න වෙන්නෙ.” මම ඇස් දෙක කරකවලා ආයෙම මම ඇඳ ඇඳ හිටපු කොලේට එබුනා..හ්ම්..තව ටිකක් මෙතන ශාප් කරා නම් මරු.

“උබ ඇදලා ඉවරද?” මම ඔලුව වැනුවා.

“නෑ තව ටිකක් තියේ..”

“අපරිදේ ඕයි…මන් කිව්ව දේ අහලා ක්ලාස් ගියා නම් අද උබ ඔයිට වඩා පට්ටෙට ආට් එක කරනවනෙ!!”

“හ්ම්..”. ඒ එක්කම හේශිත් මගේ කොලේට එබුනා.

“හ්ම් හ්ම් තමයි..ඒක නෙමෙයි..මොකද්ද උබ ඔය අදින්නෙ?”

“දන්නෑ..”

“ඔය උබේ බයික් එකේ තිබ්බ කී ටෑග් එක නේද?” මම ටික වෙලාවක් ඒක දිහා බලන් හිටියා.

“ඕ..”

“ඒකට කැමති නෑ කිව්වෙ එහෙනම්?” මම උරහිස් දෙක ඉස්සුවා.

“ඒක නැති වුනා.”

“මොකද්ද?? කී ටැග් එකද?” මම ඔලුව වැනුවා.

“මන් ඒ වගේ එකක් අරන් දෙන්නම් එහෙනම්..කැමති නෑ කියලා හිතුවෙ හැබැයි.” මම හේශිත් දිහා බැලුවා.

“නෑ එපා..මම ඒකට කොහොමත් කැමති නෑ..සමහරවිට ඒක මගේ පළවෙනි බයික් එක නිසා වෙන්නැති..” මම ටක්ගාලා ඒ කොලේ උඩින් මම විනාඩි ගාණකට කලින් ඇදලා ඉවර කරපු බයික් එකේ ස්කෙච් එක තිබ්බෙ අර කී ටැග් එක වැහෙන්න. හ්ම්..පැය දෙකක් ගියා මේක අදින්න..

“අඩෝ!! මේක මාර ලස්සනයි ඕයි!! ඒ මේ මොකද කියන්නෙ?? මම උබට ඕන ගාණක් දෙන්න ලෑස්තියිනෙ..අවුරුදු ගාණක් තිස්සෙ උට්ටෝ කියන්නෙ..අනේ බන් මාව ඇදපන්කො.”

“උබේ මූණ මගේ පැන්සලෙන් ඇදෙන්නෙ නෑ.”  බයික් එකේ ස්කෙච් එක ක්ලාස් එක වටේ යන දිහා මම කම්මුළකට අතත් තියාගෙන බලන් හිටියා. ඕක ලස්සනයි ඉතින් හරි ආට් දැකපු නැති එවුන්ට. මම මගේ එහා පැත්තෙ ඉන්න තුන් දෙනා දිහා බැලුවා..මුන් තුනට මම ගූ බෙට්ටක් ඇන්දත් ලස්සනයිනෙ ඉතින්. ඒ මන්දා..නිශල්කයාගෙ මූණ දැකලා නිකන්ම මගේ කට ඇද වුණා.

“පුතාලා ඔයාලා කොරිඩෝ එක ගාවට ගිහින් හිටගන්න.” මුලු ක්ලාස් එකම නිකන් මීයට පිම්බා වගේ සයිලන්ට් උනේ දැන් බඩු හරි වගේ කියලා ලුක් එකක් දෙන ගමන්.

“මැඩම් ඇයි ඒ?” ක්ලාස් එකේ ටික දෙනෙක්ට හිනාව අල්ලන් ඉන්න බැරි වුනේ තනුජයා ඒ අහපු උදාර ප්‍රශ්නෙට.

“අනේ දන්නෙම නැහ්?? මගෙන් අහගන්නැතුව යනවා එලියට!!” මට එතකොටම හිනා ගියා. මූ කියුට් අප්පා. නිශල්කයා තනුජගෙ කරට අතත් දාගෙන ඌව ක්ලාස් එකෙන් එළියට ඇදන් ගියේ මන් ගුරුමේසෙ උඩ තියෙන මල් පෝච්චියෙ මල් ටික දිහා බලාගෙන යද්දී..මුන්ටත් අදම තමයි මැඩම්ට මල් දෙන්න මතක් වුනේ..වෙනදට බුදු පහණට තියන්න මල් මාලිගාවෙන් හොයන සීන් එකක් තිබ්බෙ. ඒකට අද…බුදු පහණටත් රෝසස්.

කොරිඩෝ එකේ පොඩි බැම්මට අත් දෙක ගහලා අපි මුලු සෙක්ශන් එක දිහාම බැලුවා. අපේ මැත්ස් බයෝ දෙකම තියෙන්නෙ බිල්ඩින් දෙකක.. බිල්ඩින් දෙකක් කිව්වට බිල්ඩින් දෙකම බද්ධ කරපු සීන් එකකුත් තියේ.. දැන් මන් මේ අත් දෙක ගහන් ඉන්න කොරිඩෝ එකේ බැල්කනි එකෙන් ඉස්සරහ බැලුවම පේන්නෙ මැත්ස් ඉන්ග්ලිශ් මීඩියම් ක්ලාසස් ටික..මේ තට්ටුවෙන් උඩ තියෙන්නෙ ශවිරු අයියලාගෙ ක්ලාසස් ටික..ඕවට ඉතින් අපි නොයන තරම්. ගියත් අයියලා නෑ..අනික මැත්ස් බයෝ වලින් තමයි ගිල්ඩ් එකේ බාගෙට බාගයක්ම ඉන්නෙ..ඉතින් උනුත් මේ දවස් වල ස්පෝට්ස් මීට් මැචස් අරවා මේවා නිසා ක්ලාසස් වල හොයා ගන්න නෑ..

අපේ පැත්තෙන් එහා පැත්තට යන්න නිකන් පාලම් දෙකක් සෙට් කරලා තියන නිසා මැද්ද තියෙන්නෙ හිස් වෙලා..ඒ කියන්නෙ දැන් මන් බිම බැලුවොත් මට පේන්නෙ යට ඇග්‍රි එකේ කොල්ලෝ හිටවලා තියෙන එක එක ජාතියේ පැළ..ඉතින් බයෝ එකට යන්න නම් මේ පාලමෙන් ඉන්ග්ලිශ් මීඩියම් පැත්තට ගිහින් උන්ගෙත් මේ වගේම එහා පැත්තෙ තියන පාලමක් පනින්න ඕන..ඒ එක්කම මගේ ඇස් ගියේ ඉන්ග්ලිශ් මීඩියම් ක්ලාසස් පැත්තෙන් මතු වුණු ක්ෂිතිජ කියලා බයෝ කොල්ලෙක්ට..

“ඒ ඒ අඩෝ!! ක්ෂිතිජ!! මෙහෙ මෙහෙ හුත්තෝ!! ඕ ඕ වරෙන්!!” එහා පැත්තෙ කොරිඩෝ එක දිගේ කරබාගෙන යන ඌ අපේ පැත්තෙ එවුන්ගෙ කටවල් නිසා ගැස්සලා ගියා. ඩයල් එක නම් හැබැයි මොකක් හරි දේකට අහු වෙලා වගේ..අපි හිනා වෙවී බලන් හිටියේ උගේ මූණ හට්ටියක් වගේ වෙලා නිසා.

“මොකද සීන් එක ඒ පැත්තෙ?”

“කතා කරන්න එපා බන්..අර සාහිල් අයියලා මරන් කන්න වගේ අපිව චෙක් කරන්නෙ.”

“ඇයි මොකෝ සීන් එක?”

“අර නවය වසරේ එවුන්ගෙන් ෆෝන් උයි මොනාද මන්දා ලියුම් සීන් වගේකුයි අහු වෙලා බන්..දැන් ඉතින් ඇඳුමුත් ගලවලා පෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නෙ.” අපිට හිනා ගියේ ඒ කතාව ඇහිලා..යකෝ මේ පොඩි එවුනුත් මරු ආතල්නෙ දෙන්නෙ.

“හරි දැන් උබ කොහේද ඔය යන්නෙ? අවුලක් වුනේ නෑ නෙ?”

“මන් යනවා බන් පිනාගෙ ඔෆිස් එකට ආර්යන් අයියවයි සඳැස් අයියවයි එක්කන් එන්න.”

“ඒ මොකද යකෝ ඒ?? උන් එන්නෙ නෑ නා ඕවා චෙක් කරන්න නෙහ්??” නිශල්ක මන් දිහා බලලා ඇහුවම මම උරහිස් දෙක ඉස්සුවෙ මන් දන්නෙ කොහොමක කියන්න වගේ ලුක් එකක් දෙන ගමන්.

“හරි හරි මේ මම යනවා! නැත්තන් උබලගෙ අර ශවිරු අයියා මාව මරලා බාබකියු දාවි” ඒක කියලා කට ගන්න හම්බ වුනේ නෑ අපි දැක්කා අයිනේ තිබ්බ පඩිපෙලෙන් මතු වුනු ආර්යන් අයියයි සඳැස් අයියයි ඇත්තු දෙන්නෙක් වගේ බයෝ සෙක්ශන් එකට ඇදෙනවා.

“මේ උබත් උන් දෙන්නා පස්සෙන් දැන් පලයන්! නැත්තන් මෙතන හිටියා කියලා අහු වෙයි.” අපි ක්ෂිතිජව යැව්වා.

“අඩෝ මේ..අපි අර මල් තුන මෙතනින් බිමට අතාරිමුද??”

“පිස්සුද ඕයි නිසල්ක!! එතකොට නිකන්ම අහුවෙනවනෙ!”

“ඒ බන් අරුන් දෙන්නත් මේ හුත්ත අස්සෙ රින්ගුවම- අඩෝ අහු වෙයිද බන්??”

“නෑ නෑ යකෝ උබ හිටපන්කො.”

අපි නිශල්කට ඔය රෝස මගුල අහු වෙන්නෑ කියලා දහ වෙනි පාරටත් කියලා අතෑරලා දැම්මෙ මූ නහයෙන් අඬන්න ගත්ත නිසයි..ඔය මූට බය නෙමේ සඳැස් අයියට අහු වෙයි කියලා තියෙන ලැජ්ජාවට මේ දඟලන්නෙ. හෙහේ ආදරේ පොපියන චමත්කාරය.. ඔය අස්සෙ මට මැවිලා පේනවා මූයි සඳැස් අයියයි සිරිවටම යාලු වුනොත් මොන වගේ තියෙයිද කියලා..ශුවර් එකටම සඳැස් අයියා බොටම් වෙනවා මුගේ තියෙන මැර ගතියට. නැත්තන් යකෝ අර එදා මූ සඳැස් අයියට ගහපු විදිහට හිතන්න පුලුවන්ද අපේ එකා බොටම් කියලා.. වහ්..පිස්සු තමයි. මට නිකන්ම හිනාවක් කටට ආවා. මේවත් මහා පකේ ක්‍රශ් තමයි.

ඔය අතරෙ සර්ලා වගේකුයි ප්‍රිෆෙක්ටස්ලායි හෙමීට මේ පැත්තට පිරෙන්න ගත්තෙ අපේ ඇදුම් වල ඉදන් චෙක් කරන්න ගනිද්දි.. කවුද කියහන්කො මේ කොට කොන්ඩ අස්සෙ හන්ගන්නෙ ලව් ලෙටර්ස්?? කොන්ඩත් අත ගානවා යකෝ!

“ආ මල්ලේ..කෙල්ලෙක් නැද්ද ඉතින් ??” අරවින්ද් අයියා අපි ගාවට ආවෙ හෙන කැ* හිනාවක් දාගෙන. කියන්නෑ තොට මන්..කවුද දන්නෑ මේ ලගදි කෙල්ලගෙන් පාර මැද්දෙ ටොකු කෑවෙ.

“අපිට ඉතින් ටොකු ඇණ ගන්න කෙල්ලො ඕන නෑනෙ…නේද සර්??” නිශල්ක ඕක කියන අස්සෙ අපි ඉස්සරහින් ගියපු රන්දිමාල් සර්ව දැකලා හයියෙන් ‘නේද සර්’ කියන පාට් එක හයිලය්ට් කරාම අරවින්ද් අයියගෙ මූණ කලු වෙනවා මම බලාගෙන.

“මොකද්ද පුතා??”

“ආ..නෑ සර් මන් මේ ඇහුවෙ අනිද්දට අපේ වොලිබෝල් මැච් එක තියනවා නේද කියලා.

“ඔව් ඔව් මොකද නැත්තෙ! හෙට ප්‍රැක්ටිස් ඉමු නේද?” යන්න හිටපු ගමන දාලා සර් මගෙයි නිශල්කගෙයි මැද්දට සෙට් වෙලා කොරිඩෝ එකට හේත්තු වුනාම නිශල්කගෙ මූණ හට්ටියක් වෙච්ච හැටි මම හිනාව කාගෙන බලන් හිටියා. ඕකට උනොත් වෙන්නෙම මෙහෙම දෙයක් තමයි. එක අතකට පවු කියලත් හිතෙනවා මඟුල. බලපන්කො මූණ. තනුජයා කොරිඩෝ එකේ බැම්මට ඔලුව තියාගත්තම මම කටට අත තියලා අහක බලා ගත්තෙ හිනාව පිනීවි කියලා බයට.

“කෝ මේ කපලද?? මම එදත් තමුන්ට කිව්වා ඊළඟ දවසෙ එද්දි කපාගෙන වරෙන් කියලා! උබ ඔක්කොටම කලින් අද උදේ බෑග් චෙක් කරන තැනට ආවද කියපන් මට??” ශවිරු අයියා මළ යකා ආවේස වෙලා වගේ කෑ ගහන්න ගත්තා.

විනාඩි ගාණක් තිස්සෙ අපි කොරිඩෝ එකට වෙලා අපේ එහා පැත්තෙ තිබ්බ 12M2 ක්ලාස් එක දිහා බලන් හිටියේ එතන වෙන ඩ්‍රාමා එක එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන පාටක් ගෑවිලා වත් තිබ්බා නැති නිසා.. ඔක්කොටම වඩා මොකද මේ ශවිරුවට නැගලා??

“බලපන් මේ කොණ්ඩෙ අස්සෙන් අත දැම්මම එලියට පනින කෙස් ගොඩ?! කපපන් මම අරන් කප්පවන්න කලින් හොදේ!?” හරි ඊළඟට පොර බැලුවෙ අපි දිහා.

“අරුන්ගෙ ක්ලාස් එක බැලුවද??” අරවින්ද් අයියා ඔලුව වැනුවා.

“මේ කට්ටය ක්ලියර්.” අපි හෙන ගැම්මට බැම්මට හේත්තුවෙලා ඉන්නවා දැක්කත් හරි ශවිරු අයියගෙ නළල රැළි වැටුණේ ඇස් දෙක පොඩි කරගත්ත පාරට.

“ක්ලියර්?? මුන්??” අන්න අන්න හැමිනෙනවනෙ තෝත්. මම පොරට කලින් දීපු හිනාව ටක් ගාලා ඉල්ලා අස් කරගත්තෙ පෙරළා රවන ගමන්.

“ඇතුල??”

“තාම චෙක් කරනවා ශවිරු.” අරවින්ද් අයියා අපේ එකා. පොර මගේ කොණ්ඩෙ ටිකක් තිබුණත් ඒ ගැන මුකුත් කිව්වෙ නෑ.

ශවිරු අයියා ඔක්කොම දමලා ගහලා අපි දිහා මරන් කන්න වගේ බලාගෙනම අපේ ක්ලාස් එක ඇතුලට ගියා. අනේ මොන උට්ටක්ද මුට මේ වෙලා ගියෙන්නෙ? ඔන්න කෙල්ලෙක් ඉන්නවා නම් කමකුත් නෑ..හැබැයි නැති වෙන්නත් බෑ නේද? මම ක්ලාස් එක ඇතුලේ ප්‍රිෆෙක්ට්ස්ලාට මොනාද මන්දා ඇගිල්ලත් දික් කර කර කියවන ශවිරු අයියා දිහා බලන් ඉද්දි එකපාරටම මගේ දර්ශනපථයෙන් මතු වෙලා ආයෙම ගිය කෙනා දිහා මම බලලා කටට ඇද කරගත්තා. ඔය ඉන්නෙ මදිපාඩුව.

“අරවින්ද් මෙයාලා මොකද?” ඇස් වලින් අපිව පෙන්නලා ඇහුවම මම දිගටම ඌ දිහා බලන් හිටියා.

“මෙයාලා ක්ලියර් ආර්යන්..ඇතුළ තාම චෙක් කරනවා.”

“ශාක්‍ය මෙහෙ වරෙන්!” ඒ එක්කම අරවින්ද් අයියා පවා ගැස්සුනේ ඇතුලෙ හිටපු ශවිරු අයියා කෑ ගහපු විදිහට. ඒ එක්කම ක්ලාස් එක දිහා බලපු ආර්යන් අයියත් කෙලින්ම බැලුවෙ මගේ දිහා. පකද දන්නෑ බලන්නෙ? මම බැම්මෙන් අයින් වෙලා ක්ලාස් රූම් එක ඇතුලට ගියේ මන් දිහා බය වෙලා වගේ බලන් හිටපු රදිල්කට රිලැක්ස් වෙන්න කියලා ඇස් වලින් කියන ගමන්.

“මේ උබේ පොතද?” ක්ලාස් එකට ඇතුලු වෙච්ච ගමන් ශවිරු අයියා අහපු ප්‍රශ්නෙට මම ඔලුව වනලා උත්තර දුන්නා.

“කට නැද්ද?”

“මගේ කෙම් පොත ඕක”

“එතකොට මේක කාගෙද?” ඒක ඇහුවත් හරි මම ටක්ගාලා ඉස්සරහට ගියේ මගේ පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් හිටගන්නවා  වගේ දැණුන නිසා.

“ඕක..මගේ-“

“උබ ෆෝන් ගේන්නෙ නෑනෙ ශාක්‍ය! ඇත්ත කියපන් මන්ම කාගෙද කියලා හොයාගන්න කලින්!”

“මන් ඇත්ත-” මගේ උරහිසේ වැද්දීගෙන ගිහින් අපි වාඩි වෙන මේස ගාවින් හිටගත්ත ආර්යන් අයියා මගේ කෙම් පොත පෙරලන්න ගත්තම මම ඇහි බැමක් ඉස්සුවේ උත්තර දෙන්න පරක්කුවට ආයෙම එයා ඔලුව උස්සලා මන් දිහා බලද්දී..

“ඕක ප්‍රින්සිපල් ගාවට යවන්න ඕනෙ නැත්තම් නම කියන්න. සිම්පල්.” උරහිස් දෙක උස්සලා ආයෙම මගේ කෙම් පොත පෙරලන්න ගත්ත ආර්යන් අයියා දිහා මන් බලන් හිටියෙ දෙන්න උත්තරයක් නැතුව. මූ මොකටද මගේ පොත බලන්නෙ?

“අයියෙ ඕක මගේ.” මගේ උරහිසෙන් අල්ලපු රදිල්ක මට අවුලක් නෑ කියන්න වගේ ඔලුව එක පාරක් වැනුවම ශවිරු අයියා මන් දිහායි රදිල්ක දිහායි මාරුවෙන් මාරුවට බලලා සිම් එක එයාගෙ සාක්කුවට දාගත්තම අපි දෙන්නත් ආපස්සට හැරුනේ ක්ලාස් එකෙන් එලියට යන්න හිතාගෙන.

“එතකොට මේ කාට ඇන්ද එකක්ද?” මම ආයෙම ඇස් දෙක රෝල් කරලා මගේ පිටපස්ස හැරුණා. මුට මම අම්මපා ගහනවා දෙකක් හක්ක එළියට පනින්න. බලන් ඉන්න හැටි විතරක්! ශවිරු අයියට රවලා මම එයා අල්ලන් ඉන්න චිත්‍රෙ දිහා බැලුවම මාව සීතල වෙලා ගියේ ඒ එක්කම මම එයාගෙ එහා පැත්තෙ දැනටමත් මන් දිහා බලන් ඉන්න ආරයන් අයියා දිහා තත්පරේකට බලලා ආයෙම ඒ චිත්‍රෙ දිහා බලද්දී..

“ඔය මගේ බයික් එකනෙ?”

“මන් අහන්නෙ මේක.”

“ඉතින් ඔය මගේ බයික් එකේ යතුරට දාපු කී ටැග් එක.” මම උරහිස් දෙක ඉස්සුවෙ තාම මන් දිහා බලන් ඉන්න ආර්යන් අයියව ගණන් නොගෙන.

“ඒක නැති වෙච්ච නිසා මන් ඇන්දෙ.”

“උබ ඒකට ආසද?” ශවිරු අයියගෙ ටෝන් එක කලින්ට වඩා කූල් ඩවුන් වෙලා කියලා මට තේරුණ නිසා මම ඔලුව වනලා අහක බලා ගත්තා.

“හා හා දැන් යනවා! ආවා මෙතන මූව සුද්ද කරන්න!” එතකොට තමයි මට මතක් වුනේ තාම රදිල්කත් මෙතන කියලා. පස්සෙ අපි දෙන්නම ක්ලාස් එකෙන් එලියට එන්න ආවා.


A/N

සමාවෙන්නෝන මේම පරක්කු වුනාට!! මට ඇත්තටම සනීප නැතුව හිටියෙ..අදත් මේ පරක්කු වුනේ එළායට ගාහාන් ඇවිත් මහන්සියට නිදා ගත්තම ඇහැරිලා බලද්දි වෙලාව 8යි ගාණක්. මේක ලියන්න ගත්තෙ 10ට ම්හුක්ක්!!

හෙට මට දෙන්න බැරි වෙයි මොකද මම ගෙදර නෑ..ඒත් ඊට පස්සෙ ඉදන් දෙනෝඕඕඕ ❤️ අදත් මට මේ ලියන්න ඕන වුන සීන් එක ලියා ගන්න බැරි වුනා ඒකෙන් තව පරක්කු වෙන නිසා..

කට්ටයට රෝස මල නොට් වෙයිද??? බුහාහාහා
එහෙනම් මන් ගියා!!

Adareyyyyy! (Thank you ඔයාලගෙ කමෙන්ට්ස් වලට 🥺✨ මන් පුදුම ආසයි ඒවා කියවන්න ❤️)
හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 15, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 15, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 15 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 15 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 15 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 15 light novel, ,

Comment

Leave a Reply

Chapter 15