À¶»À¶¯À·… | The Kandyan Aristocrats 16

A+ A-

“උබලා ඉස්කෝල වල එන්නෙ මේවා කරන්නද ළමයි?? වෙනදට ප්‍රයිමරි එකේ පොඩි එවුන්ගෙන් මල් උස්සන් එන උබලා අද බුදු පහණටත් තියලා තියෙන්නෙ රෝස මල්!!” මැඩම් එහෙන් දාගෙන බනිද්දි අපේ ෆුල් ෆෝකස් එක නම් තිබ්බෙ ක්ලාස් රූම් එකේ වටවෙලා දාගෙන මොනාද කියවන ප්‍රිෆෙක්ට්ස්ලා දිහාවට.. ඒ එක්කම එතනට විනයභාර රත්නායක සර් ඇතුල් වුනේ කට්ටයව ටිකක් කලබල කරද්දි..ඕක දිහා බලන් හිටපු මුලු ක්ලාස් එකටම තේරුණේ මොකක් හරි අවුලක් ගිහින් කියන එක..මොකද මෙච්චර වෙලා රවුමට වට වෙලා හිටපු ප්‍රිෆෙක්ට්ස්ලා උන්නු තැනින් එකපාරටම සඳැස් අයියයි රත්නායක සර් උයි ක්ලාස් රූම් එකෙන් එළියට ආවෙ හෙන කලබලේකින්. ඒ එක්කම පෝළිමට හිටපු අපිත් හෙමින් සීරුවෙ දොර ළගට දැනෙන නොදැනෙන ගානට ලන් වුනේ ඕපෙ අහගන්න.

“සර් අපි මේක වෙන තැනක-“

“නෑ! ඔහොම ඉන්න. මන් මේක ගැන බලා ගන්නම්- මැඩම් පොඩ්ඩක් ඇතුලට එනවද?”

“ඒ මොකද සර්?? ඔක්කොම හොඳින් නේද?? ඉන්න ඉන්න මන් එන්නම්.” මැඩම් සාරි පොට කර වටේ යන විදිහට දාගෙන සඳැස් අයියා එක්ක ක්ලාස් රූම් එක ඇතුලට ගියේ ඊළඟ මොහොතෙම දොර ලඟ හිටපු කොල්ලො ටික ක්ලාස් එකට එබෙන්න කලින්ම දොර වැහිලා යද්දී..

“ඒ මේ! උබලා මොනාද ගෙනාවෙ??” අපි එක්කම හිටපු අරවින්ද් අයියා ඒ වෙච්ච දිහා කටත් ඇරගෙන බලන් ඉදලා ඇහුවම අපිත් සද්ද නැතුව බලන් හිටියේ වෙච්ච දේ හිතා ගන්න බැරුව. මොකද අපේ ක්ලාස් එකේ එවුන්ට එහෙම ලව් සීන් ඕන තරම් තිබ්බත් ඒවා මෙහෙම අහු වෙන්න කරලා පල් වෙලා නෑ..විනාඩියක් විතර ගියාට පස්සෙ ක්ලාස් එකේ දොරත් ඇරගෙන එළියට ආපු මැඩම් නළල උඩින් අත තියාගෙන හරිම අමුතු විදිහට ළමයි දිහා බලලා අන්තිමට අපි දිහා බලලා ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තම මගේ ඇසුත් ඇකලුණා.. මොකක් හරි අවුලක් තියෙනවා.

ඊළගට මැඩම්ගෙ පිටපස්සෙන් මතු වුණේ තනිකරම බර වෙච්ච මූණක් තිබ්බ ශවිරු අයියා. මොකද්ද ඇත්තටම අහු වෙලා තියෙන්නෙ?? ඒ එක්කම ශවිරු අයියගෙ ඇස් මන් ලගින් තත්පර ගාණකට නැවතිලා මගේ එහා පැත්තෙ හිටපු නිශල්ක ලගට ගියා. මම ශවිරු අයියා දිහා බලන් ඉද්දිම එයාගෙ පිටිපස්සෙන් මතු වුණු ආර්යන් අයියව දැක්කත් හරි ඒ ඇස් මාව ගිලලා දාන්න පුලුවන් තරමේ ලුක් එකක් දුන්නෙ මමත් හිතා ගන්න බැරුව එයා දිහා බලන් ඉද්දි..අඩුම අර වෙනදට දෙන නෝන්ඩි ලුක් එකත් නෙවෙයි. හරිම අමුතු ලුක් එකක් දැන් ආර්යන් අයියට තිබ්බෙ..ඒ ඇස් මගේ මුලු මූණ පුරාම වේගෙන් දිව්වෙ හරියට ප්‍රශ්නෙකට උත්තර හොයන්න වගේ..බැරිම තැන මම ඇහි බැම අකුළවලා ඔලුව යන්තමින් ඉස්සුවෙ ඇයි කියලා අහන්න..ඒත් මේ මිනිහා කරේ එකපාරටම මන් දිහා බලලා කට පැත්ත උස්සපු එක.

“නිශල්ක රාග්‍රව්?” තත්පරයක් යන්නැති..තත්පරයක් යන්නැති මුලු ක්ලාස් එකම බැලුවෙ නිශල්ක දිහා. ඒ මදිවට මට පේනවා අපේ පන්තියට දෙපැත්තෙ තිබ්බ ක්ලාසස් වල එවුනුත් එබි එබි බලනවා.

“ඔව් සර්?” රත්නායක සර් අතේ ගුලි කරන් හිටපු මොකද්ද පැකට් එකක් එකපාරටම උස්සලා පෙන්නුවා.

“සර්..මේක මෙතන-” සඳැස් අයියා මැද්දට පනින්න හැදුවත් රත්නායක සර් ඉස්සර වුණා.

“මට කියනවද තමුන්ගෙ බෑග් එක ඇතුලෙ මේවා තියෙන්න හේතුව?”

“මොකක්??”

“ඒක තමයි මාත් අහන්නෙ? උත්තර දෙන්න පුලුවන්ද?”

“සර්-” නිශල්ක උත්තර දෙන්න බැරුව මන් දිහා බැලුවා.

“සර්..මේක නිශල්කගෙ බෑග් එකේ තිබුණෙ කියලා ශුවර්ද?”

“ඇයි තමුන් හිතුවෙ මම ගිහින් මේක බෑග් එකට දැම්මා කියලද?” මම රත්නායක සර් දිහා බලන් හිටියා.

“නෑ සර්.” මන් හිනා වෙලා පැත්තතට වුණා.

“නිශල්ක පුතා එන්න මාත් එක්ක.”

“සර් අපි මේක ගැන තාම හරියටම-” මැඩම් කතා කරන්න හැදුවත් රත්නායක සර් ආයෙම මැද්දට පැන්නෙ ඔලුව හොලවන ගමන්.

“ඒක තමයි මම මේ කරන්නෙ. මැඩම් පැත්තකට වෙලා ඉන්න.”රත්නායක සර් අපිව පහු කරන් යන්න ගියාම මම කෙලින්ම නිශල්කගෙ අතින් තද කරලා ඇල්ලුවා.

“මට ටික වෙලාවක් දීපන්.” නිශල්ක යෙමීට ඔලුව වනපු විදිහෙන් මට කියන්න පුලුවන් එයා ගැස්සිලා ඉන්නෙ කියලා.

“උබට මුකුත් වෙන්නෑ.” හේශිත් පට්ට විශ්වාසෙන් නිශල්ක දිහා බලලා පිටට පොඩි තට්ටුවක් දැම්මම නිශල්ක රත්නායක සර්ගෙ පස්සෙන් ගියා.

“මල්ලි මොකක් හරි සීන් එකක්ද?” මම ඔලුව වැනුවෙ මන් දිහා එක දිගටම බලන් හිටපු ටොප් බෝඩ් එකට මමත් අනිත් පැත්තට ලුක් එකක් දෙද්දී.. ඒ එක්කම ශවිරු අයියා මට හෙමින් සැරේ ඔලුව වනලා එතනින් යන්න ගියා.

“මැඩම්..කට්ටියව ඇතුලට ගන්න දැන්. අපි ඒ ගැන බලා ගන්නම්.” සාහිල් අයියා හිනා වෙලා කිව්වම මැඩම් සාහිල් අයියගෙ පිටට තට්ටුවක් දැම්මා.

“හරි පුතා” මැඩම් පට්ට අප්සට් එකේ කියන්න වොයිස් එකෙන්ම තේරුණා. මොකද මේ සම්බන්ධෙන් මැඩම්ට උනත් අත දාන්න බෑ. අලුතින් ට්‍රාන්සර් වෙලා තාම ඉස්කෝලෙට ඇවිත් අවුරුදු දෙකක් වත් නැති නිසා මැඩම්ට විනයභාර සර්ලා එක්ක කියවන් යන්න තරම් තාම තැනක් නෑ..මොකද සීනියෝරිටි එක අතින් ගත්තොත් මිස් ඉන්නෙ යටම තැනක නිසා.

“මට ආදිල්ව ටිකකට එළියට ගන්න වෙනවා මැඩම්.” ක්ලාස් එක ඇතුලට යන්න ගියලු මැඩම් ආයෙම නැවතිලා අපි දිහා නිකන් ප්‍රශ්න කරන ඇස් වලින් බැලුවා.

“ආදිල්??”

“මැඩම් මම.” මම ඉස්සරහට අඩියක් තිබ්බම මැඩම් ලාවට හිනා වෙලා ඔලුව වැනුවා.

“ආ තිශාක්‍ය පුතාද? හරි හරි.”

“මල්ලි උබලා දෙන්නා ශේප් එකේ ගිහින් ඉන්න තැනකින් හේමාල් සර්ව එක්ක වරෙන්!” සාහිල් අයියා මැඩම් ඇතුලට යනවත් එක්කම අරුන් දෙන්නා දිහා බලලා කිව්වා.

“කෝච් මෙච්චර ඉක්මණට එනවද?” හේශිත් මන් දිහා බැලුවා.

“සර් අද ඇවිත් ඇත්තේ මැච් එකක් ගැන කතා කරගන්න.. ලොකර් රූම් එකේ හරි ජිම් එකේ හරි බලන්න.” උන් දෙන්නව අපේ ක්ලාස් එකේ එවුන් අනිත් අයට නොපෙනෙන්න මෙතනින් පන්නගත්තම මම සාහිල් අයියලා එක්ක ප්‍රිෆෙක්ට්ස් රූම් එකට ගියා.

“අයියෙ නිශල්ක කවදාවත් ඔය වගේ දෙයක්-“

“අපි දන්නවා බන්! කරුමෙට උගේ බෑග් එක චෙක් කරේ විශ්ව..ඌ ඒක ඇතුලෙ හිටපු හැමෝටම පෙන්නද්දි තමයි කොහෙන්ද මන්දා රත්නායක සර් උත් එතනට එකපාරටම ආවෙ-” සාහිල් අයියා ඒක කියලා ඉවර වුණු ගමන්ම පැත්තක හිටපු සඳැස් අයියා එකපාරටම කඩාගෙන බිඳගෙන ප්‍රිෆෙක්ට්ස් රූම් එකෙන් එළියට ගියා.

“සඳැස් උබ කොහෙද යන්නෙ??” සාහිල් අයියත් ටක් ගාලා සඳැස් අයියා පස්සෙ ගියාම ප්‍රිෆෙක්ට්ස් රූම් එකේ අන්තිමට ඉතුරු වුනේ මමයි ආර්යන් අයියයි.

“එයාලා කොහෙද ඒ ගියේ?” මන් ඉස්සරහ තිබ්බ දිග මේසෙ ගාව තිබ්බ පුටුවක් ඇදලා ඉදගත්ත ආර්යන් අයියා මටත් වාඩි වෙන්න කියලා ඇස් වලින් කිව්වම මම දොර දිහා බැලුවා.

“ප්‍රින්සිපල් රූම් එකට යන්නැත්තෙ.”

“මොකක්?? නිශල්කව ගෙනිච්චෙ එතනටද?? මන් හිතුවෙ ස්ටාෆ් රූම් එකට කියලා!”

“ඒක නිසා තමයි මට ඔයාගෙන් දෙයක් දැන ගන්න ඕන ආදිල්..වාඩිවෙන්න.” මම කලබලෙන් එයාගෙ ඉස්සරහින් වාඩි වෙලා ආයෙම දොර දිහා බැලුවා. නිශල්කට මොනවා වෙලාද දන්නෑ.

“රිලැක්ස්. රත්නායකට මුකුත් කරන්න බෑ. එතන ශවිරු ඉන්නවා.” මම ඔලුව වැනුවා.

“මොකද්ද දැනගන්න ඕන කිව්වෙ?” මම ආර්යන් අයියා දිහා බලලා මගේ අත් දෙක මේස උඩින් තියලා අත් දෙකේම ඇගිලි එකට තියලා පටලවගෙන තද කරගත්තෙ මේ වෙච්ච දේ ගොඩක් අන්එක්ස්පෙක්ටඩ් නිසා.

“නිශල්ක එක්ක උදේ ඉදන් ඔයා හිටියද?” මම ඔලුව වැනුවා.

“ඔලුවෙන් නෙවෙයි. මන් අහන ප්‍රශ්න වලට කටින් උත්තර දෙන්න.”

“ඔව් මන් හිටියා.”

“කීයෙ ඉදන්ද?”

“නිශල්කව පික් කරේ මම..එතන ඉදන් මම එයා එක්ක හිටියා.”

“ගෙදර ඇතුලට ගියාද?” මම ඔලුව වැනුවා.

“Words Adhil. Talk.”

“නෑ. මම..මම ගේට් එක ගාවට වෙනකන් විතරයි ආවෙ.” එන්න එන්න මම කලබල වෙන්න ගත්ත නිසාම මගේ කකුලක් මම එක දිගට වේගෙන් හොලවන්න ගත්තත් එක්කම මන් ඉස්සරහ හිටපු ආර්යන් අයියා එයා හිටපු තැනින් නැගිටලා මන් ඉන්න පැත්තට එන්න ගත්තෙ මාව තවත් කලබල වෙද්දි.

“රිලැක්ස් ආදිල්. මට නිශල්කට උදව් කරන්න පුලුවන් වෙන්නෙ ඔයා හරියට උත්තර දුන්නොත් විතරයි.” මන් ඉදන් ඉන්න පුටුවෙ ඇන්දෙන් අල්ලලා මාව එයාගෙ පැත්තට හරවපු ආර්යන් අයියා මට කෙලින් ඉදගත්තම මම ආයෙම ඔලුව වැනුවා.

“නිශල්ක ඩ්‍රග් එකක් ගෙනාවෙ නෑ කියලා ශුවර්ද?”

“එයා-එහෙම කවදාවත්-“

“මම ආයෙම අහන්නම්. නිශල්ක ඩ්‍රග් එකක් ගෙනාවෙ නෑ කියලා ශුවර්ද?”

“ඔව්.” ආර්යන් අයියා මගේ ඇස් දෙක දිහා කන්න වගේ තත්පර දෙක තුනක් බලන් ඉදලා ඔලුව වනලා පුටු ඇන්ද අතෑරලා එයා ඉදන් ඉන්න පුටුවට හේත්තු වුණා.

“නිශල්ක-“

“ඔහ් වේට්! මම එයාගෙ බෑග් එක අද උදේ එද්දි ඇදලා අරන් ඒක උඩින් ඉදගත්තම එයා ලන්ච් බොක්ස් එක කැඩිලද බලන්න බෑග් ඇරපු වෙලේ මම ඇතුල දැක්කා!” ඒක අහන් ඉදලා ටික වෙලාවක් යනකන් ආර්යන් අයියා මන් දිහා බලන් ඉදලා වට් ද ෆක් ලුක් එකක් දුන්නම මම එයා දිහා ඇයිද අහන්න වගේ බැලුවා.

“බෑග් එක උඩ ඉදගත්තා?”

“ඌ මට වද දුන්නා ඉතින්!” ආර්යන් අයියා කට අග ලාවට ඇදිලා යනවත් එක්කම එයා ඇස් දෙක රෝල් කරාම මම මගේ ඇහි බැම දෙක පොඩි කරගත්තෙ නළලත් රැළි කරගෙන. ඉතින් ඇත්තනෙ..බෑග් එක කාර් එකෙන් එළියට විසි කරන්න බැරි නිසා එහෙම කරේ.

“එතකොට අද බෑග් චෙක් කරාට පස්සෙ?”

“à·„à·„à·Š?”

“එතනින් පස්සෙ ඔයාලා මොකද කරේ?” මම ආර්යන් අයියා දිහා බලන් හිටියා.

“අපි ක්ලාස් එක ඇතුට ගිහින්-“

“ශිට්- හයයි හතලිස් පහට විතර අපි හතර දෙනා ක්ලාස් එකෙන් එලියට ගියා ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකට හේමාල් සර්ව හම්බ වෙන්න..පස්සෙ හතයි කාලට විතර තමයි අපි තුන් දෙනා ආපහු ක්ලාස් එකට ආවෙ..”

“තුන් දෙනා?”

“ඕ නිශල්ක අපි එක්ක ජිම් එකට එන්නැතුව අර පිනාගෙ වත්තට-” මම එකපාරටම කට වහගත්තෙ ආර්යන් අයියගෙ ඇහි බැමක් ඉස්සුනු පරක්කුවට.

“පිනාගෙ වත්තට?? ඊටපස්සෙ?” මම ටක් ගාලා ඔලුව වැනුවා.

“ආ..ඒක මේකට අදාල නෑ.” ඒ එක්කම මම බලන් ඉද්දි ආර්යන් අයියගෙ කට අග ආයෙම ඉස්සෙනවා මම බලාගෙන.

“ක්ලාස් එකට ආපහු එද්දි කී දෙනෙක් ක්ලාස් එකේ හිටියද?”

“ඔක්කොම වගේ හිටියා.”

“හ්ම්..” ආර්යන් අයියා ඉන්න තැනින් නැගිට්ටා.

“මොකද්ද ඔයා හිතන්නෙ?”

“එක්කෝ කවුරු හරි පැකට් එක නිශල්ක මල්ලිගෙ බෑග් එකට දාලා-” ආර්යන් අයියා එයාගෙ අතේ තිබ්බ වොච් එකෙන් වෙලාව බලලා කලිසම් සාක්කුවට අත දාගන්න හැටි මම බලාගෙන..

“නැත්තන්?”

“නැත්තන්..රත්නායකම ඒ පැකට් එක මල්ලිගෙ බෑග් එකට දාලා.” මම ආර්යන් අයියා ඒ කියපු දේට ඔලුව වැනුවම එයා මන් දිහා බලලා ඇහි බැම දෙකම ඉස්සුවා.

“ඒ ගැන දන්නවද?”

“මොකක් ගැනද? රත්නායක දේශාන්ගෙ තාත්තාගෙ සපත්තුව ලෙව කන එක ගැනද?” ඒ එක්කම ආර්යන් අයියගෙ කටින් හිනාව පැන්නෙ මගේ ඇස් පොඩි වෙද්දි.

“ඇයි හිනා වෙන්නෙ?”

“You truly know how to amuse me.”

“à·„à·„à·Š?”

“ක්ලාස් එකට යන්න දැන්.” ප්‍රිෆෙක්ට්ස් රූම් එකේ දොර ලගට යන ආර්යන් අයියා දිහා මම බලන් හිටියා.

“ඇයි ඒ?” දොරේ හැන්ඩ්ල් එක උඩින් අත තියන ගමන් ආර්යන් අයියා උරහිසෙන් බැලුවා.

“මතකනෙ මම කිව්වා. මම ඒ ගැන බලා ගන්නම්.” ඒ එක්කම එයා රූම් එකෙන් එලියට ගියා. Arrogant ass.

දැන් යන්නෙ අපේ අන්තිම පීරියඩ් එක ඒත් තාම නිශල්කගෙන් ආරංචියක් නෑ..මම දිගටම මේසෙ උඩ ඔලුව ගහන් වේගෙන් කකුළ හොලවන්න ගත්තා.

ආර්යන් අයියා නිශල්කව බේරගනීවිද? ඒත් ඌට කිසිම හේතුවක් නෑනෙ මෙහෙම උදව් කරන්න?? මායි ඌයි අච්චර මරාගත්තට පස්සෙත්!? නිශල්ක එක්ක තරහක් නැති බව ඇත්ත. ඒත් නිශල්ක කියන්නෙ මගේ ජීවිතේ වටිනම කොටසක්. එහෙම උනාම ඌට පුලුවන් නිශල්කට ඕන මඟුලක් වෙන්න ඉඩ ඇරලා වෙනාතක් බලාගෙන ඉන්න. ශිට් ශිට්! මට දැන් පිස්සු හැදෙන්න වගේ! මට විතරක් නෙවෙයි අපි තුන් දෙනා ඇරුනම ක්ලාස් එකේ අනිත් එවුනුත් කරේ අපිට අවුල් ගන්න එපා මොකක් හරි වුනොත් ඒකට එකතු වෙලා මොකක් හරි කරමු කියලා නැත්තන් අපි වගේ ක්ලාස් රූම් එකේ දොර දිහා බලන් හිටපු එක.

“කාම් ඩවුන් බන්..දැන් නිශල්ක ආවෙ නැත්තන් පිනාගෙ ඔෆිස් එකට ඉස්කෝලෙ ඇරුණට පස්සෙ අපිට යන්න පුලුවන්නෙ ම්ම්?” හේශිත් මගේ උරහිස උඩින් අත දැම්මම මම ඔලුව ඉස්සුවා.

“අන්න අරූටත් කියපන් ඒ ගැන!” හේශිත් මගේ එහා පැත්තට ඇස් පොයින්ට් කරාම මම දැක්කෙ තනුජ ඔලුවට අත් දෙක ගහගෙන මේසෙ දිහා බලන් ඉන්නවා.

“ඒ මේ!” ඒ එක්කම අපේ ඉස්සරහ හිටපු එවුන් ඔලු නවාගෙන රහසින් කතා කරාම අපි තුන් දෙනාම උන් දිහා බැලුවා.

“මේක අත්සන් කරපන්!”

“ඔය මොකද්ද?” හේශිත් උන් දීපු කොලේ අතට අරන් ඇහුවා.

“පෙත්සමක් බන්-“

“මොකක්?? කාටද?”

“අර රත්නායකට! ඉක්මණට කියවලා සයින් එක දාපන්!” අපි තුන් දෙනාම ඒ කොළේට එබුණා.

“කවුද හුත්තො මේවා ලිව්වෙ??”

මගේ ඇස් දෙක ලොකු වුනේ ඒ කොලේ ලියලා තිබ්බ- නෑ ටයිප් කරලා තිබ්බ ඒවා දැකලා. එතකොට මේක අපේ කොල්ලෙක් ලියපු එකක් නෙමේද? රත්නායක සර් කොලුකාරයෙක් කියලත් දාලා යකෝ.

“මූ හොස්ටල් එකේ එවුන්ටත් කැ* වැඩ කරලද?”

“අත්සන දාපන් පකෝ වයිස් ප්‍රින්සිපල් එව්වෙ!”

“මොකක්?? කොයි වෙලේද යකෝ මේවා වුනේ?”

“උබලා විරහ වේදනාවෙන් ඔලු ගහන් ඉද්දි මැඩම් ඇවිත් මොනිටරයාව එක්කන් ගියා.” අපි තුන් දෙනා ටක් ගාලා අපේ බලිකුරුටු වගේ අත්සන් තුන ගහලා අරුන්ට යැව්වත් එක්කම ඉස්සරහ පෝලිමේ එකෙක් ඒ එක්කම ඒ කොලේ පොතක් අස්සෙ ඔබලා නැගිටලා ගිහින් බණ්ඩාර සර්ට එක්ස්කියුස් කරලා ක්ලාස් එකෙන් එළියට ගියා.

“බණ්ඩාර සර් මේ ගැන දන්නැද්ද?” මම ඉස්සරහ හිටපු එවුන්ගෙන් ඇහුවා. මොකද දැන් මේ වෙන දේවල් නොතේරෙන්න තරම් සර් මෝඩයෙක් නෙවෙයිනෙ.

“දන්නවා ඇති බන්..මොකද නැත්තෙ. ඒත් දන්නෑ වගේ ඉන්නවා ඇති..කොහොමත් බණ්ඩාර සර් ඕවට යන එකෙක් නෙවෙයිනෙ.. අනික ඔය රත්නායක කාරයව යවාගන්න කට්ටියත් හේතු එකතු කර කර හිටියෙ.” මම ඔලුව වැනුවා.

එකහමාර බෙල් එක ගහලා උපහාර ගීය කියලා ඉවර වෙලා මුලු ක්ලාස් එකම වගේ එළියට දුවගෙන ගියේ පිනාගෙ ඔෆිස් එකට යන්න බලාගෙන. මන් හිතන්නෙ මුලු ඉස්කෝලෙන්ම එකතුම ක්ලාස් එක අපේ ක්ලාස් එක..ඊටත් වඩා සෙක්ශන් අතින් ගත්තත් අපේ සෙක්ශන් එකට ගහන්න එකක් නෑ..ඔය දේශාන්ලා වගේ පහ හයක් ඇරෙන්න අනිත් සේරම වගේ පට්ටම එකතුයි. අනික අපේ ක්ලාස් එකෙන්ම සීයට හැට පහක්ම වගේ ස්පෝට්ස් කරන එවුන් හිටියේ. ඒ නිසා තමයි මෙහෙම බොන්ඩ් එකක් තියෙන්නෙ. මොකද ස්පෝට්ස් කරන එවුන් දන්නවා බෝන්ඩ් එකක වටිනාකම. දැන් වුනත් එක එක ක්ලාසස් වල එවුන් අපි යද්දි දැනටමත් ඔෆිස් එකට යන පාරෙ ඉන්නවා දැකලා මට ආවෙ පට්ට සතුටක්.

ඒ එක්කම රදිල්ක ඇවිත් මගේ උරහිසින් අල්ලලා අපිට වයිස් ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකේ ඉදලා ආපු එක්කෙනෙක්ව අත දික් කරලා පෙන්නුවා.

“දේශාන්?” දේශාන්ට පිටිපස්සෙන් වැහිලා තිබ්බ වයිස්ගෙ රූම් එකේ දොර ඒ එක්කම ඇරුනේ ආර්යන් අයියා ඒ පිටිපස්සෙන් මතු වෙද්දි.

“මූ එදා ආවෙ කලර්ඩ් ඒත් අද යුනිෆෝර්ම්?” මගේ නළල තදින් ඇකිළිලා ගියේ මේ වෙන දේවල් නිසා. මූ සස්පෙන්ඩ් කරාට ඉන්නෙම ඉස්කෝලෙ ඇතුළෙනෙ.

“හුත්තො අන්න නිස්සා-”

පිනාගෙ ඔෆිස් රූම් එකෙන් එළියට ආපු නිශල්ක එළියෙ හිටපු කොල්ලො දැකලා එකපාරටම උගේ ලස්සන හිනාව දැම්මෙ මාත් දුවලා ගිහින් උගේ මූණෙන් අල්ල ගනිද්දි.

“උබට මුකුත් වුනේ නෑ නෙ?” එයා නෑ කියන්න ඔලුව වැනුවෙ ඒ හිනාවෙන්මයි.

“පනිශ්මන්ට් දුන්නද?” ඌ ආයෙම නෑ කියන්න ඔලුව වැනුවා.

“අනේ පොකිරිස්සෝ තොට මුකුත් වෙන්න එපා කියලා මම උබ අර කඩාගත්ත රෝස මල් ටිකත් පූජා කරා- ආව් ආව් හුත්තෝ ගහන්නෙ මොකද යකෝ?!” තනුජගෙ පිට මැද්දට නිශල්ක ගහන්න ගත්තම උන් දෙන්නා මරාගන්න කන් මෙතනට ආපු හැමෝම ඉණට අත් තියන් බලන් උන්නා.

“යකෝ හොදක් කරන්න බැලුවමත් මූ මට ගහනවා!”

“යකෝ ඒක මන් උබලා තුන් දෙනාට කඩන් ආපු තුනනෙ!”

“ආ එතකොට උබේ බෑග් එකේ තිබ්බ එක??” මම හිනාව කාගෙන මේ වෙන දේ දිහා බලන් හිටියා. තනුජ ඇස් දෙකත් ලොකු කරන් කියපු කතාව අහලා නිශල්කගෙ මූණ හට්ටයක් වුණා.

“ආව් ආව් නිසල්කට මල් සරා ගහලා!!” අපේ ක්ලාස් එකේ එවුන්ට මෙතන විසිල් ගහන්න බැරි නිසා හෙමින් අරූට විතරක් ඇහෙන්න කෑ ගැහුවෙ නෝන්ඩියට වගේ.

“අනේ යකෝ ඒක කැඩුවෙ එතන මල් හතරයි තිබ්බෙ ඉතින්! මන් ගණන් කර කර හිටියෙ නෑ තිබ්බ ඔක්කොම කඩන් ආවා.”

“ඉතින් උබට ඒක උබට බුදු පහණට තියන්න තිබ්බනෙ”

“අනේ මේ-” ඒ එක්කම නිශල්ක කට වහගත්තෙ පිනාගෙ ඔෆිස් එකේ දොරත් එළයට ඇරන් ආපු ශවිරු අයියව දැකලා.. පඩිපෙළ අරගෙන බැහැගෙන ආපු ශවිරු අයියගෙ ඇස් තරහටද මන්දා රතු වෙලා කියලා ඉර එළියට මට මෙතන්ටම පෙනුනා..අපි ඉස්සරහින් ඇවිත් නැවතුණ ශවිරු අයියා නිශල්ක දිහා බලලා ලාවට ඔලුව වැනුවා.

“මොකද්ද අයියෙ වුනේ?”

“අවුලක් නෑ මල්ලි. කොහොමත් රත්නායක සීන් එක කිව්වම ප්‍රින්සිපල් සර් ඔයා ඔව් කියනකන් ඒක විශ්වාස කරෙත් නෑ.” ශවිරු අයියා මන් දිහා බැලුවා.

“දේශාන්ව ඉස්කෝලෙන් අයින් කරන්න යන්නෙ.” මම ඇස් දෙක අකුළ ගත්තා.


A/N

සමාවෙන්නෝන මේ මට 😭😭 දවල් දානවා කියලා හිටියේ ඒත් නින්ද ගියා යකුනේ!!! ඔන්න වැරදි බැලුවෙත් නෑ දැම්මා!!

Adareyyyy ❤️ තැන්ක්‍යූ කමෙන්ට්ස් වලට!! ගොඩක් වටිනවා ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 16, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 16, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 16 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 16 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 16 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 16 light novel, ,

Comment

Leave a Reply

Chapter 16