À¶»À¶¯À·… | The Kandyan Aristocrats 17

A+ A-

“ලංකාවෙ නම ගිය ශ්‍රේෂ්ඨ පාසලක් හැටියට තමුන් වහන්සේලා මේ භූමිය තුළත් ඉන් පිටටත් අඩිය තබන සෑම මොහොතකදීම තම පාසලේ අභිමානය රැකෙන පරිදි කටයුතු කරන්න වග බලාගත යුතුයි…” අපි දැන් මේ හිටියෙ මේන් හෝල් එකේ වාඩි වෙලා. ප්‍රින්සිපල් සර් ග්‍රේඩ් නයින් ඉදන් කට්ටයව දම්මලා කතාවක් කරනවා. ළමයි එච්චරක් වුනාට ප්‍රයිමරියෙ ඉදන් හැම සර්ලා මිස් කෙනෙක්මත් හාමුදුරුවොන්වයි ෆාදර්වයිත් එක්ක මේ මීටින් එක කරන්නෙ අර දේශාන් සම්බන්ධෙන් කියලා ඒ ගැන දන්න හැම එකෙක්ටම තේරෙණවා. අනික දේශාන් කියන්නෙ රග්බි ටීම් එකේ හිටපු කෙනෙක් නිසා හෙට දවස වගේ වෙද්දි මුළු ඉස්කෝලෙම මෙ ගැන දැන ගනීවි..අනික දැනටමත් පිනා ගහපු හිනිට්ස් තොගේ නිසා දැනටම හෝල් එකේ බාගෙට බාගයක් මේ ගැන දන්නවත් ඇති..කොහොම හරි පැය එකහමාරක් විතර මීටින් එක අරන් සර් අනිත් හැම ළමයෙක්ම ක්ලාස් එකට යවලා ග්‍රේඩ් ට්වෙල්ව්..ඒ කියන්නෙ අපේ සෙක්ශන් එක තියාගත්තෙ මේන් හෝල් එකේ අපියි ප්‍රිෆෙක්ට්ස්ලයි ඉතිරි වෙද්දි.

“මන් කලිනුත් කිව්වා වගේ..මේ ඉස්කෝලේ ඉන්නෙ ඉහළ තාන්න මාන්න අරන් නම ගිය දෙමාපියන්ගෙ පුත්තු..ඉතින් මොකක් හරි වුණාම ටක් ගාලා ඒ ගැන ඒ අදාළව පාර්ශව වලට තොරතඅරු යන්න ගන්නෙ පොඩි වෙලාවයි! ඉතින් මොකක් හරි වුණාම ඒ ගැන කටයුතු කරන්න පුලුවන් පිරිසක් මේ පාසල් භූමියේම ඉන්න වග තමුන් වහන්සේලා දන්නවා! එහෙම නේද??” අපි හැමෝම ඔලුව වැනුවා. ප්‍රින්සිපල් මීටින්ස් ගත්තම කතා කරන්නෙ මේ විදිහට වුනත් ඔය තනියෙන් ක්ලාසස් බලන්න එන වෙලාවට හොඳ කුණුහර්ප පලන්නෙ. අපි ඉතින් දැන් බලු කුක්කො ටික වගේ ඔලු වනන්නෙ ලෝකෙ තියෙන හැම කුපාඩි වැඩක්ම කරලා.

“ඇරත් කාට හරි මොනා හරි වුනාම ඒ ගැන කාටවත් නොකියා ඉන්න එපා..! තමුන්ලා ළමයි. වැඩිහිටියෝ නෙවෙයිනෙ!? එහෙම නේද? නැත්තන් වැඩිහිටියෝ කියන පිරිසක් ඉන්න ඕන නෑ නෙ? සමාජෙ එහෙම ඕනෙ නැති තැනුත් නැතුවාම නෙවෙයි..ඒත් මේ ඉස්කෝලයක්නෙ! ඉස්කෝලෙකත් මෙහෙම නැත්තන් ඉතින් මොකටද! කාට හරි ඉස්කෝලෙක අසාධාරණයක් වුනොත් ඒ ගැන කට වහන් ඉන්න එපා. තමුන්ලා පිරිමි! කවදා හරි තමන්ගෙ පවුල වෙන කෙනාට හෙවනැල්ලක් රැකවරණයක් දෙන්න ඉන්න මිනිස්සු තමුන් වහන්සේලා! මේ කාලෙ ඉදන්ම මේ දේවල් වලට නැගිටලා හඬක් නගන්නට තමුන් වහන්සේලාට පුලුවන් වෙන්නෝන!” ඔය අතරෙ මගේ ඇස් ගියේ ස්ටේජ් එකේ පහළ පඩිපෙල ගාව අත් දෙක පිටිපස්සට බැදන් හිටපු එකා ගාවට. හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එකත් ගහගෙන ප්‍රින්සිපල් දිහා හෙලවෙන්නෙ නැතුව ඇතෙක් වගේ බලන් ඉන්න හැටි. දෙන්න හිතයි කොන්ද කැඩිලා යන්න. මගේ මුළු මූණම අනවශ්‍ය විදිහට බර වෙන්න ගත්ත නිසා මම ටක් ගාලා මගේ නළල සැහැල්ලු කරගත්තා.

ඊයේ මේ යකා පිනාට අර දේශාන් කාරායා එදා ඉස්කෝලෙට කලර්ඩ් ඇදන් ඇවිත් රග්බි කෝච්ව හම්බ වෙන්න ආපු මුවාවෙන් මට ගහපු එක මූ කියලානෙ. ඕක තමයි ඉතින් පත්තු වෙලා ඇවිත් දැන් මෙහෙම මීටින් තියන්න තරම් දෙයක් වුණේ. ඒකත් හරි කියමුකො. මට තරහ මූ ඒක කියලා පිනා ඇහුවම එහෙම එකපාරටම ගහන්න මොකද්ද හේතුව කිව්වම මූ ඒකට කියලා තියෙන්නෙ පෞද්ගලික තරහක් කියලා. තනියෙන් ඉන්න වෙලාවක හම්බ වෙයන්කො ආර්යන් තෝ! මකබාවනවා පොළවටම. හහ්! පෞද්ගලික තරහක්?? මන් පෙන්නන්නම් තමුසෙට පෞද්ගලික තරහ කියන එකේ තේරුම. දැන් ඉන්න හැටි විතරක් අටපට්ටම. මම ආයෙම ප්‍රින්සිපල් දිහා බලන් අනිමිසලෝචන පූජාව කරන්න පටන් ගත්තා.

ඔහොම්ම ගිහින් අපේ හතර වෙනි පීරියඩ් එකත් ගියා..දැන් ඉන්ටර්වල්. මම ඉන්න තැනින් නැගිටලා අරුන් එක්ක කැන්ටීන් එකට යන්න ක්ලාස් එකෙන් එළියට අඩිය තිබ්බා.

“අද රොටි නෑ ලු බන්.”

“ශික්කේ..අද ඉතින් එහෙනම් මොනාද ගන්නෙ?”

“රයිස් එකක් ගමු?” මම මගේ අතේ තිබ්බ රබර් බෑන්ඩ් එක ඇගිලි අස්සට දදා අදින්න ගත්තා.

“ශාක්‍ය උබ මොනාද ගන්නෙ?” මම උරහිස් දෙක ඉස්සුවා.

“රයිස් තියේද?”

“උබලා ඔතන ඉදපන් මන් ගිහින් බලලා එන්නම්.” නිශල්ක ළමයි අස්සෙන් තැලිලා පොඩි වෙලා කවුන්ටර් එක හරියට පැන ගන්න හැටි බලන් ඉදලා අපි එතනම තිබ්බ ගල් බැම්මට පොඩි හේත්තුවක් දාගත්තා. ඔය අතරෙ මම තාම හිටියේ මගේ අතේ තිබ්බ රබර් බෑන්ඩ් එකේ සිහියෙන්.

“ඒ මේ! ගනින් මේ කොළේ..නිශල්කයාට ගහපන් මන් කියද්දි හොදේ!” මම ටක් ගාලා ඔලුව වනලා අර කොළ කෑල්ල ගුලි කරලා බෝලයක් විදිහට හදාගෙන රබර් බෑන්ඩ් එක අස්සට දාගත්තා.

“ඌ මේ පැත්තට එද්දි ගහපන්.” තනුජ අපේ ඉස්සරහ හිටපු උස මල්ලි කෙනෙක්ව උරහිසෙන් අල්ලලා පැත්තකට කරාම හේශිත් පොඩි හිනාවක් දාලා ඔලුව වැනුවා. ඒ ඌ සොරි කියන විදිහ. ඕක ඌට පුරුදු වුනේ අපි එක එක දේවල් කරද්දි අහල පහළ ඉන්න අයට අපෙන් ඇබැද්දි වෙන නිසා.

“හරි හරි දැන් ගහපන්-” මම ඒම් කරලා නිශල්කගෙ බෙල්ල හරියට තියලා රබර් පටිය අතාරින්න හැදුවත් එක්කම මගේ ඇස් ගියේ එයාට හරියටම පිටිපස්සෙන් ඉන්න කෙනා ගාවට. ඉබේටම මගේ තොල අග ඉස්සුනත් හරි මම මගේ ඒම් එක හරියටම අරූගෙ බෙල්ලට තියලා අතෑරියේ කොළේ ගිහින් උගේ බෙල්ලෙ වැදෙද්දි.

“ඕයි! හරිනේ-” තනුජ ටක්ගාලා මාව කවර් කරගත්තත් හරි හේශිත් මගේ අතේ තිබ්බ රබර් බෑන්ඩ් එක උදුරලා අරන් උගේ සාක්කුවෙ ඔබාගත්තා.

“ඇයි මොකද්ද වුනේ?” බත් පැකට් හතරක් අරන් ආපු නිශල්ක තනුජයාගෙයි හේශිත්ගෙයි මූණු දැකලා මන් දිහා බලලා ඇහි බැමක් ඉස්සුවම මම උරහිස් දෙක උස්සලා තනුජගෙ උරහිසෙන් අපිට ටිකක් විතර ඈතින් බෙල්ලට අතත් තියාගෙන ඇහි බැම පොඩි කරගෙන වටපිට බලන ආර්යන්ව දැකලා කටට ආපු හිනාව මම ටක් ගාලා ගිලගත්තෙ නිශල්ක මන් දිහා තාමත් බලන් ඉන්න නිසා.

“උබ මොකක් හරි කරා නේද??”

“මූ උබට රබර් පිටයෙන් විදින්න ගිහින් ඒක වැදුනේ අර ආර්යන් අයියාගෙ බෙල්ලට!” ඒ එක්කම තනුජයාගෙ උරහිස් වලින් ආයෙම මම ආර්යන් අයියා දිහා බැලුවම දැක්කෙ එයා ඇගිලි අස්සෙ හිර කරන් ඉන්න පොඩි කොළ ගුලිය දිහා කන්න වගේ බලන් ඉන්නවා. ඒත් ඊළඟ තත්පරේම එයා එකපාරම ඔලුව උස්සලා මන් ඉන්න පැත්ත දිහා බැලුවා. මුට මන් බලන් ඉන්නවා තේරුණාද?? මම අනිත් පැත්තට කට අගින් උස්සනගමන් ඇහි බැම දෙකම උස්සලා නිශල්කලත් එක්ක කැන්ටීන් එකෙන් එළියට එන්න ආවා. ඔන්න ඕකට තමයි පෞද්ගලික තරහ කියන්නෙ ආර්යන්.

ඔය විදිහට වෙලාව ගිහින් දන්නෙම නැතුව ඉස්කෝලෙ ඇරුණා. හවසට ක්ලාස් නිසා අපි බැලුවෙ එහෙම්මම ඉස්කෝලෙ කැන්ටීන් එකෙන්ම කාලා යන්න. කරත්තෙ පටවපු ගොන්නු ටික වගේ අපි හතර දෙන්නා අපේ පොත් බෑග් එකයි ප්‍රැක්ටිස් බෑග් එකයි එල්ලන් දොළහ දහතුන සෙක්ශන් එකෙන් එළියට ඇවිත් කෙලින්ම ගියේ කැන්ටීන් එකට.

“මොකද යකෝ මේ?? අපි එන දවසටමයි මෙච්චර සෙනඟ!” නිශල්ක නහයෙන් අඬ අඬ කියවන්න ගත්තා. කොහොමත් ඌ අද උදේ ඉදන්ම මෙහෙමයි. දවසෙම ගිණි අරන් වගේ..ඇයි ඇහුවම කියන්නෙත් නෑ. අවුලක් නෑ කියලමයි කියන්නෙ. ඒත් බලන ඕනම එකෙක්ට තේරෙණවා මිනිහා නිකන් ලැව් ගින්නට අහු වෙච්ච ගහක් වගේ කියලා.

“ඇයි බන් අද ෆුට්බෝල් මැච් එකනෙ.” අපි කැන්ටීන් එක ඇතුලටම ගිහින් කොනේම තිබ්බ ටේබල් එකෙන් අපේ බෑග් ටික තියලා ආයෙම ගියේ කෑම ගන්න බලාගෙන.

“හප්පෝ අන්න අරුන් එනවා. මේ ශවිරු අයියලා එහෙම බැලුවොත් දැක්කෙ නෑ වගේ ඉන්න හොදේ!” මම නිශල්ක දිහා බැලුවා. අයි මීන් මටත් ඕන ඒකමයි..අර ආර්යන් මන් ලගට නොඑන තරමට තමයි මට වාසි. ඒක එහෙමයි කියමුකො..ඒත් මූට මක් වෙලාද?? හැමෝම එක්කම හොඳින් ඉන්න එකානෙ මූ..

“ඒ ඇයි?” තනුජ කැන්ටීන් එකට ඇතුල් වෙන තැන අපි එක්ක හිනා වුණ ශවිරු අයියයි සාහිල් අයියයි දිහා බලලා අනිත් පැත්තට හැටට හැටේ හිනාවක් දැම්මම මට හිනා යන්න ආවේ නිශල්කගෙ මූණ දැකලා.

“දැන් උන් අපි ඉන්න තැනට කන්න ආවොත් මම උබව ගහේ බඳිනවා!”

“මොකද්ද වුනේ කියනවකෝ! මන් දන්නවද ඕකක්?! ඒ තරහද?? අනේඒඒඒ!” තනුජ නිශල්කව බදාගන්න යද්දි නිශල්ක අනිත් පැත්තට හැරුණත් තනුජයා අතාරින්නැතුවම අරූ හැරෙන හැරෙන පැත්තට පනිද්දි මුන් දෙන්නා එකාට එකා හැප්පිලා කෙලින්ම ඇදගෙන වැටුනේ මගේ ඇගට. පස්සත් එක්කම හිරිවැටීගෙන ගිහින් තත්පර දෙකක් විතර ගියාට පස්සෙ මන් ඇස්දෙක ඇරලා වටපිට බැලුවෙ මගේ කම්මුල් දෙපැත්ත රත් වෙද්දී..

ඒ එකක්ම මම කෙලින්ම නිශල්ක දිහා බලලා රවලා නැගිටින්න බැලුවත් මගේ කකුළ් දෙක උඩ හිටපු හේශිත්ව දැකලා මගේ ඇස් දෙක ලොකු වුණා.

“උබත් වැටුණද?”

“ඇයි ඉතින් උබ වැටෙද්දි මාවත් ඇදලා ගත්තෙ!” මම දත් මිටි කාගෙන හේශිත් මගෙන් නැගිටිනකන් බලන් හිටියා. මුගේ යකඩ වගේ ඇග නිසා මගේ කකුළ් දෙක නෑ වගේ. ඒ එක්කම මම ඉන්න තැනින් නැගිටලා පිටිපස්ස බල බලා මගේ පස්ස පිහද ගත්තෙ කලිසමේ ගෑවිලා තිබ්බ කුණු ටික පිහිද ගන්න.

“ඒව් බන්..පොඩි එවුන් වත් නෑ ඔහොම.” සාහිල් අයියා අපි දිහා බලලා හිනා වුණාම මම එයාගෙ එහා පැත්තෙ අපිට කෙන්ඩියට හිනා වෙවී හිටපු ශවිරු අයියටත් ඔරවලා ළමයි අස්සෙන් එළියට ආවේ තවත් එතන ඉදලා ලැජ්ජා වෙන්න බැරි නිසා. ශික්..වෙච්ච ලැජ්ජාව දරාගෙන එතනම හිටියනම් ඉවරයි! සෙනඟ අස්සෙන් එළියට ආවත් හරි කැන්ටීන් එක හරි මැද හිස් මේසෙකට හේත්තු වෙලා කලිසම් සාක්කු දෙකට අත් දෙක ගහන් මන් දිහා නෝන්ඩියට බලන් ඉන්න ආර්යන් අයියව දැකලා මම ඇස් දෙක රෝල් කරලා ඌව පාස් කරන් ගිහින් අපි බෑග් තිබ්බ ටේබල් එකට ගිහින් ඉඳගත්තා. මම ඉඳගෙන ටික වෙලාවක් ගිහින් පස්සෙ අනිත් එවුනුත් ටේබල් එකට ආවා. ඇති යාන්තම් කෑම එක අරන් ඇවිත්. මුන්ට වරද්දැන්නැතුව කරන්න පුලුවන් එකම දේ..

“ඔය මොනාද?” ඒ එක්කම මම හේශිත්ගෙ අතේ තිබ්බ අමුතු කාඩ් වගයක් දිහා බැලුවා.

“ගමිඳු අයියගෙ බත්ඩේ පාටි එකට ඉන්විටේශන්ස්.” මම අත දික් කරලා හේශිත්ගෙන් ඒ කාඩ්ස් ටික අරගෙන මගේ නම තිබ්බ කලු පාට එන්විලොප් එක ගලවලා ඇතුලෙ තිබ්බ පොඩි කාඩ්ස් දෙකක් එළියට ඇදලා ගත්තා. වී යි පී පාකින්? මම කට කොනින් හිනා වුනා. ගමිඳු අයියා කියන්නෙ මේ පැත්තටම ඉන්න නම්බර් වන් පාටි කින්ග්නෙ.

“මුගෙ ට්වෙන්ටි ෆස්ට් එනකන් මට ඉවසීමක් නෑ යකෝ!”

“රටම හොල්ලයි වගෙ අන්කල්.” මම ඔලුව වැනුවා.

“ආ සෙට් එකහ්!! එනවා නෙහ්?” අපි ඔලුව වැනුවා.

“ඒ මේ අයියේ දේශාන්ට ඉන්වයිට් කරාද?” තනුජයා ඒ අහපු එක නිසා අපි හැමෝම ගමිඳු අයියා දිහා බැලුවත් ගමිඳු අයියා ඒ වෙනකොටත් බලන් හිටියෙ මන් දිහා. මම උරහිස් දෙක ඉස්සුවා.

“මට අවුලක් නෑ.” ගමිඳු අයියා ඒත් මට හෙනම අසරණ වෙච්ච ලුක් එකක් දුන්නා.

“මගේ නෙවෙයිනෙ අයියෙ බත්ඩේ එක. අනික ඌ එක්ක ඔයා අවුරුදු ගාණක්ම ටීම් එකක් හැටියට බොන්ඩ් එකක් තියන් ආවනෙ නේද? ඇරත් ඌ වයිස්නෙ ඔයාගෙ.” ගමිඳු අයියා අහක බලා ගත්තා.

“ඒ සේරම ඌ දමලා ගහලා විසි කලා මල්ලි උබටයි නිශල්කටයි ගහපු දවසෙ.” මම දිගටම ගමිඳු අයියා දිහා බලන් ඉදලා ඊලගට බැලුවෙ ගමිඳු අයියගෙ පිටිපස්සට වෙන්න ටිකක් ඈතින් තාමත් අර හිටපු විදිහටම කලිසම් සාක්කුවලට අත් දෙකත් දාගෙන මූණෙ කිසිම හැගීමක් නැති කෙනා දිහා. මොනාද දන්නෑ බලන්නෙ ඔච්චරටම.. අයි ඩෝන්ට් ගිව් අ ෆක් වගේ හිටියට මූටත් ඕන්නැති දෙයක් නෑ. අටපට්ටමක් වගේ ඉන්න හැටි විතරක්. මම ඇහි බැම දෙකක අකුළලා ආයෙම ගමිදු අයියා දිහා බැලුවා.

“දැන් ඉන්වයිට් කරන්නෙ නැද්ද අයියෙ දේශානව?” ගමිදු අයියා උරහිස් දෙක ඉස්සුවා.

“තාම හිතලා නෑ බන්.”

“අවුලක් නෑ බන් අයියෙ..ඉන්වයිට් කරන්න. මොකෝ ඉතින් ගහලා අපි එක්ක දින්නැ?” හේශිත් ඒ කියපු දේ අහලා ගමිඳු අයියාට හිනා ගියත් එයා ඔලුව වැනුවා.

“අනේ අම්මෝ..! ඒක නම් හොඳට දන්නවා. ඒත් බන් පාටි එකක් තියන්නෙ ගහගන්න නෙවෙයිනෙ. ඌ හැදෙන්නෙ නෑ බන්.”


A/N

වලි ඉවරයි කියලද හිතන්නෙ?? හෙහේ වලි වලින් තමයි කතාව රන් වෙන්නෙ ඒයිලා! මොකද මේ ඕතර් වලි වලට හෙන ආසයි 🙂 මන් දන්නෑ. වලි හෙන හොට් ඕයි! ම්හුක්ක්.

සමාවෙන්නෝන පරක්කු වුනාට හොදේ!! මම මෙහෙම පරක්කු වෙන්නෙ වැඩිම දවස් දෙකක් වගේ තමයි. ඒකත් ඔය කොහේ හරි ගමනක් ගිහින්. ගමන් කිව්වෙ මම යන්නෙ එක්කෝ කෑම කන්න. එතකොට ගෙදර වෙද්දි රෑ වෙනවා. නැත්තන් ඉතින් හයිකින් වගේ ඇගපත රිදෙන එකක් තමයි..ඒකයි දවස් දෙකක් විතර ගන්නෙ 😭 නැත්තන් අනිවා එනවා මොකද මට මේ දවස් වල යුනි වැකේශන්…අනික මම මහ කම්මැළියෙක් ඒයි! ඔයාලගෙ කමෙන්ට්ස් ඇන්ඩ් අද නැද්ද ඒයි වගේ ඒවා දැකලා ගමයි මට මෝටිවේශන් එකක් එන්නෙ ලියන්න 😌❤️

ආදරෙයි ඉතින් මන්!! ඔයාලගෙ කමෙන්ට්ස් හෙන ශෝක් අප්පා 😩

එහෙනම් මන් ගියා!!
හිම්ස්~

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 17, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 17, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 17 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 17 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 17 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 17 light novel, ,

Comment

Leave a Reply

Chapter 17