À¶»À¶¯À·… | The Kandyan Aristocrats 18

A+ A-

ඔහොම්මම සතියක් ගෙවිලා ගියා..අද ගමිඳු අයියගෙ බත්ඩේ පාටි එක. මම කලු අත් දිග ශර්ට් එකේ මැදට වෙන්න විතරක් බොත්තම් ටික දාගෙන ඒ උඩින් සිල්වර් චේන් එකක් දාලා අතට අහුවෙන්නැති කොණ්ඩෙ පුරාවට අත යැව්වෙ දික් වෙලා තියන ටික නළලට වැටෙන විදිහට..මේ අවුටුෆිට් එකට ශවිරු අයියා මට දීපු සිල්වර් වොච් එක හරි යයි- මම අල්මාරියේ දොර ඇරලා වොචස් තියෙන ඩ්‍රෝවර් එකෙන් වොච් එක අරන් අතට දාගත්තා.

කණ්ණාඩියෙන් මගේ අතේ මස්ල්ස් ෆ්ලෙක්ස් කරද්දි ශර්ට් එක අස්සෙන් ඒක පේන හැටි බලාගෙන මම කට කොනින් හිනා වුණා. අවුරුදු ගාණක වැඩ..ඒ අස්සෙ හරියටම තව දවස් හතරකින් අපේ ස්පෝට්ස් මීට් එක. පෙරේදා තිබ්බ වොලිබෝල් මැච් එකෙන් අපි සෙකන්ඩ් ප්ලේස් ගත්තෙ. ඒ අස්සෙ නිශල්කයාගෙ අතේ උරහිස පැන්නා. ඌ දැන් ඉන්නෙ වම් අත එල්ලගෙන. එහෙම වෙලත් අපිට උන්ව පරද්දන්න බැරි වුණ එක පොඩ්ඩක් කිච වීමට හේතුවක් වුනත් කොහොම හරි අපි ලකුණු දාසයක ගැප් එකක් තියාගෙන අල්ල ගත්තා. මොකද ගහපු ෆුට්බොල් මැච් එකෙනුයි කැරම් මැච් එකෙනුයි අපිට ප්ලේස් කරන්න බැරි වුණ නිසා අපිට පොයින්ට්ස් හෙන ගොඩක් මිස් වුණත් අන්තිම තුරුම්පු විදිහට අපි තියන් ඉන්නෙ ස්පෝට්ස් මීට් දවසට තියන රිලේස් පහෙනුයි දොළහ දහතුන ටීම් ඉවෙන්ට්ස් දෙකෙනුයි ස්කොඩ් එකෙනුයි. ඔය ටික වින් කරලා ප්ලේසස් ගත්තොත් අනිවා අපි ෆස්ට් වෙනවා. වැඩිය ඕනෙ නෑ.. ස්කොඩ් ෆස්ට් ප්ලේස් ගත්තොත් කෙලින්ම ලකුණු විසි පහයි.

මම කණ්ණාඩිය දිහා බලන් ඉද්දි පිටිපස්සෙන් පේන ඇද උඩ තිබ්බ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වෙනවා දැක්ක නිසා මම ගිහින් ෆෝන් එක අතට අරන් කෝලර් අයි ඩී එක දිහා බැලුවා. ගමිඳු අයියා?

“කියන්න අයියෙ?”

“ඔව් ඔව් ඔතන තියන්න- ආ හලෝ මල්ලේ! උබ එනවා නේද?” මම ඇස් දෙක අකුළ ගත්තා.

“ඔව් ඇයි?”

“නෑ නෑ උබයි නිශල්කයි ඊයේ මරා ගත්ත විදිහට මට මේ දැන් එකපාරටම හිතුනෙ උබලා දෙන්නා එන එකක් නෑ කියලා.”

“ආ නෑ ඌ තමයි මාව පික් කරන්න එන්නෙ.”

“අඩෝ සිරාවට?! උබලත් මාර උකන වලිනෙ බන් දාගන්නෙ! ඊයේ අරූ උබේ බෙල්ල මිරිකපු විදිහට මන් හිතුවෙ හරි තමයි කියලා.”

“ආ නෑ ඒකට මන් උගේ කැඩිච්ච අතට ගැහුවා. දැන් හරි.” ගමිඳු අයියා ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා එකපාරටම අමාරුවෙන් හිනා වුණා.

“උබ මාර යකෙක් නෙ අයිසේ! අපරාදෙ රග්බි ගහන්න එනන් තිබ්බෙ!” ගමිඳු අයියා කටහඬ උස් කර කර කතා කරේ දැනටමත් එතනට කට්ටිය ඇවිත් කියලා මට තේරුම් යද්දි.

“ඕක ඉතින් හැමදාම කියන එකනෙ- කට්ටිය ඇවිල්ලද?”

“ඔව් මේ ශවිරුලා ආවා..එයාලා වැඩ ටික හරිද කියලා බලන්න ගියා. තව ආර්යන් විතරයි එන්න ඉන්නෙ- මල්ලිලා කීය වෙද්දිද එන්නෙ?” අනවශ්‍ය තොරතුරක් මගේ කනට ගැටෙද්දි මම ඇස් දෙක රෝල් කරා..මූත් කියවන්න ගත්තම ගෑණු පරාදයි.

“නිශල්ක දැන් එයි-“

“ආ හරි මල්ලේ! මම තිබ්බා එහෙනම්!” කෝල් එක කට් වුණා කියලා මට තේරුණේ ඇහුනු සද්දවල් තොගේ නැති වෙලා යද්දී.

මම කාමරෙන් එළියට ගිහින් කෙලින්ම ගියේ නංගිගෙ කාමරේට..එයා දැන් ගෙදර හිටියත් නෑ වගේ. ලබන මාසෙ ඕ ලෙවල්ස් පටන් ගන්න නිසා දැන් දාගෙන පාඩම් කරනවා. බාගෙට ඇරලා තිබ්බ දොරෙන් හෙමීට එබිලා මම කාමරේ ඇතුලට ගියේ නංගි පොත් මේසෙ උඩ කොණ්ඩෙත් වනාගෙන නිදාගෙන ඉන්නවා දැක්ක නිසයි.

“ඒ චූටි..” මම ඇගිල්ලෙන් නංගිගෙ අතට අනින ගමන් එයා කර කර හිටපු ගණන් පේපර් එකටට එබුණා. ගණන් පේපර් එකක් කරද්දි නිදාගන්න ඩයල් එකක් දැක්කමයි. ඒ අස්සෙ සෙට් කරලා තිබ්බ ටයිමර් එක හෝ ගාලා දුවනවා. හනේ අප්පේ ඉතින් කාටද මේ බොරු කරන්නෙ? මම ලාවට හිනා වෙලා නංගිගෙ උරහිසෙන් අල්ලලා එයාව හෙලෙව්වා.

“ඒ හැලෝ නැගිටිනවා!”

“ඉන්න දෙනවකො වදේ!” මගේ අත ගස්සලා දාලා පොර නැගිටලා කටේ තිබ්බ කුණු කෙල ටිකත් පිහදාගෙන ටේබල් එක උඩ තිබ්බ වොච් එක දිහා බලලා ආයෙම හරි බරි ගැහිලා ඔලුව තියා ගන්නවා මම ඉණට අත් දෙකත් ගහගෙන බලන් හිටියා. මරු පේපර් කිරිල්ල.

“නිදා ගන්නවනම් ගිහින් ඇදට යනවකො ඔතන බොරුවට බෙල්ල කඩාගෙන නිදාගන්නැතුව!” ඒ පාර නංගි පුටුව සද්දෙට පිටිපස්සට කරලා මාවත් තල්ලු කරගෙන ගිහින් ඇදට පැන්නා.

“යද්දි දොර වගෙන යන්න හොදේ! මරනවා ඇරලා ගියොත්- ඕයි!! තවුසෙ මහා වදයක් අප්පා!!!”

“මොකද ලොකු පුතේ අර චූටි දූ කෑ ගහන්නෙ?” රත්නසිරි මාමා පඩිපෙළ දිගේ සරමත් එක පැත්තකින් උස්සගෙන උඩට බය වෙලා වගේ දුවගෙන ආවා.

“කවුද දන්නෙ අනේ..වලිප්පුව- ආව් ආව් යකෝ-!!” මගේ කන ඉරලා දාන්න කලින් මන් නංගිගෙ අතින් තද කරලා අල්ල ගත්තා.

“මොකද ඕයි තවුසෙට ඔච්චරටම දොර වහලා යන්න බැරි!! මගේ නින්දත් කැඩුවා!” නංගි මගේ කන අතෑරපු පරක්කුවට මම කෙලින්ම ගියේ ගෙදර ගේට්ටුවෙන් එළියට..හැබැයි වාසනාව කියන්නෙ එතකොටම වගේ නිසල්කයගේ වාහනෙත් අපේ ලේන් එක ඇතුලට දැම්මා මම දැක්කා.

“මොකද යකෝ උබ මේ යකෙක් ගහලා වගේ?”

“ගෑණු වර්ශන් එක..” මම හති දානගමන් ගිහින් පිටිපස්ස දොර ඇරලා නිශල්කගෙ එහා පැත්තෙන් වාඩි වුණා.

“ඇයි උබ මේ පාර නංගිට මොකද කරේ ඔහොම පණ කඩාගෙන දුවෙගෙන ඇවිත් කාර් එකට නගින්න තරම්?”

“කාමරේ දොර ඇරලා ආවා-“

“නිද්දකින් යකෝ..අරෙහෙ දේශාන්ට පොලු වලින් ගහලා මෙහෙදි නංගිගෙන් ටොකු පාරවල් කනවා!” නිශල්ක උගේ උරහිස පැන්න අත අල්ලන් හයියෙන් හිනා වෙද්දි මම කට ඇද කරගත්තෙ උගේ ඉතුරු උරහිසත් පන්නනවද කියලා හිත හිත.

“මොකද යකෝ ඔහොම බලන්නෙ?? එහාට යනවා-” කකුලෙන් පයින් පාරක් ගහන්න කලින් මන් උගේ කකුල තද කරලා අල්ලගත්තා.

“අරුන් දෙන්නා කොහෙද?”

“ආ මන් උබ එනකන් හිටියෙ..කෝල් එකක් අරන් කියපන් දැන් උබේ ගෙදරින් පිටත් වුනා කියලා.” මම නිශල්ක දිහා ටික වෙලාවක් බලන් ඉදලා උගේ අත දිහා බැලුවා.

“අත අවුල්ද?” නිශල්ක ඔලුව වනලා සීට් එකේ ඔලුව තියාගත්තා.

“එහෙම අවුලක් නෑ. හැබැයි අත යාන්තමින් හරි හෙලවුනොත් ඇදුම් කන්න බලනවා.” මම ඔලුව වනලා ෆෝන් එක කනේ ගහගත්තා.

විනාඩි දහයක් ඇතුලත අපි ග්‍රෑන්ඩ් කැන්ඩියන් හොටෙල් එකට ආවෙ ටවුන් එකේ අපි එනකන් හිටපු තනුජයලත් එක්ක. හොටෙල් එකට එද්දිම මට ශවිරු අයියලාගෙ බොඩිගාඩ්ස්ලවයි බේස්මන්ට් එක ඇතුලට ගියාම කලු පාට මස්ටෑන්ග් එකයි අදුන ගන්න පුලුවන් වුණා. පස්සෙ අපි අපේ ඉන්විටේශන්ස් පෙන්නලා ගෙස්ට්ලට වෙන් කරලා තිබ්බ වී අයි පී එන්ට්‍රන්ස් එකෙන් එන්ටර් වෙලා කෙලින්ම ආවෙ රූෆ් ටොප් එකට. මෙතන තමයි ගමිඳු අයියා පාටි එකක් දැම්මොත් අනිවා දාන්නෙ. කොහොමත් පොරව කවුරුත් අදුනන්නෙ පාටි ෆ්‍රැට් කින්ග් කියලනේ. හෝල් එකට එන්ටර් වෙන තැන තිබ්බ ගමිඳු අයියගෙ දාර බැනර් එක දැකලා අපි ඌව බයිට් කරන්නම හිතාගෙන ඒකෙ ෆොටෝස් අරන් ඇතුලට ගියා. පොර පාටි දාන්න කැමති වුනාට අන්කල්ගෙ මේ මාර්කටින් ස්ට්‍රැටිජි එකට පොඩ්ඩක්වත් කැමති නෑ. මොකද අන්කල්ගෙ මාර්කටින් ස්ට්‍රැටිජි එක තමයි ගමිඳු අයියගෙ රග්බි ටී එකයි උගේ මූණයි.

රූෆ් ටොප් එකට ගියා විතරයි මගේ ඇස් දෙකට මුලින්ම අහු වුනේ ලස්සන විව් එක වෙනුවට හාල්ෆ් නේකඩ් කොල්ලො කෙල්ලො..මේවා දැකලා මට හොඳට පුරුදුයි. මොකද මම මේ අද ඊයෙක නෙවෙයි මෙහෙම ගමිඳු අයියාගෙ පාටි එකකට එන. දන්න කාලෙ ඉදන්ම උගේ පාටීස් මෙහෙමයි. හරිම වචනෙන් කිව්වොත් on another level. අනික පොරට ෆ්‍රැට් කින්ග් කියලා නික් නේම් එකක් ආවෙ මේ පොඩි ඩී ජේස් ඇන්ඩ් බෝතල් ටිකකුයි නිසා නෙවෙයි. මේ පාටි එකේ ඩී ජේ එක පවා රටින් ගෙන්නපු ඩයල් වගයක් කරන්නෙ. මම ඇගිල්ලක් තොල උඩ යවනගමන් කට හදාගෙන ලාවට ඔලුව වැනුවේ හරියටම අපි ඉස්සරහ තිබ්බ පූල් එකේ හිටපු කෙල්ලො වගයක් මට අත වනලා හායි කියද්දී.. don’t worry, don’t cry, smoke ගංජා and fly තමයි දැන් කියන්න වෙන්නෙ. ඒ එක්කම අපේ අවදානෙ ගියේ ගමිදු අයියගෙ ඝාන්ඨාරයක් වගේ කටේ සද්දෙට.

“අම්මට හුඩු මගේ මල්ලිලා ටික..!! වරෙන් යකෝ ඔතන්ට වෙලා ගල් කණු වගේ හිටන් ඉන්නැතුව!!” අපිට ඉස්සරහින් තියන පූල් එකෙන් එහා පැත්තෙ බ්ලැක් ලේබල් එකකුත් අතේ තියන් බැල්කනි එකට හේත්තු වෙලා හිටපු ගමිදු අයියා එතනින් අයින් වෙලා අපි ඉන්න පැත්තට එන්න ගත්තා..

“හැපි හෙලිකුට්ටන් ඩේ අය්යාහ්හ්” තනුජයා මහ හයියෙන් හැමිනෙන සවුන්ඩ් එකක් දැම්මමත් එක්ක වටේ පිටේ ඉන්න හැමෝමත් හූවක් දැම්මෙ ගමිදු අය්යගෙ මූණ රතු වෙද්දි..

“උඹ නර්ස් අක්කට වල්ල පෙන්නන් ආපු දවසනෙ ඉතින්” ඒ එක්කම නිසල්කයත් මහහයියෙන් බෙරිහන් දුන්නත් හරි අපේ හරියෙ හිටපු හැම එකෙක්ම වගේ හයියෙන් හිනා වුනා..නිසල්කයා ශේප් එකේ ගමිදු අයියගෙන් බේරෙන්න සෙනඟ අස්සෙන් රින්ගලා පැනගත්තත් හරි ගමිදු අයියා තනුජයගෙ බෙල්ලෙන් අල්ල ගත්තා.

“මොනාද වුත්තිගෙ පුතෝ කරන්නෙ වුකනවා දැනගනින්-“

“ඇයි තොට මාව දැක්කම නගිනවද කැ#යො” තනුජයා ගමිදු අයියගෙ පිට මැද්දට බොස් ගාලා පාරක් ගහලා පැත්තකට තල්ලු කලා..මරු අයියයි මල්ලියි. මම අපේ පැත්තෙන් දකින නෑකම් හැටියට මුන් දෙන්නගෙ බැදීමට ඊරිසියා නොහිතුනමත් නෙවෙයි..එච්චරටම මුන් දෙන්නා ක්ලෝස්. තනුජයට ප්‍රශ්නයක් උනොත් ගමිදු අයියා ඉන්නවා..ගමිදු අයියට ප්‍රශ්නයක් උනොත් තනුජයා ඉන්නවා..බලන්න ඕන ක්‍රකට් මැච් එකකදී ගමිඳු අයියගෙ තාත්තා අපිට දෙන සප් එක..ස්පොන්සස්ම කීයක් දෙනවද. අනික අන්කල් අපිට ඕන හැම වෙලාවකම හොටෙල් එකේ මේ සයිඩ් එක අපිට අරන් දෙනවා ඕන මඟුලක් කරගන්න කියලා.

තනුජයයි ගමිදු අයියයි කයියක වැටෙද්දි හේශිතයත් ස්කොශ් ගහපු අපේ ඕලඩ් බෝයි කෙනෙක් එක්ක කයියක වැටුනා. අන්තිමේදි ඉතුරු මම. වටපිට බලන ගමන් මම ශර්ට් එකේ අතකුත් හදන අතරෙ මම ශේප් එකේ සෙනඟ අස්සෙන් ඉස්සරහට ඇදෙන්න ගත්තා. ලෝකෙ රුපියලට තියෙන තැනමයි අපේ එවුන් මට දීලා තියෙන්නෙ. එන්න එන්නම බාල්දු වෙනවා.

ගමිදු අයියා කලින් හිටපු බැල්කනි එක ඉස්සරහ හිටගෙන මම අහස දහා බැලුවා.. මෙතන්ට පට්ටම විව් එකක් පේන්නෙ.. අහසත් හොරෙන් මාව දැලේ දාගන්නද මන්දා ට්‍රයි එක. මම ෆෝන් එක අරන් ලස්සනට අහස පේන විදිහෙ ෆොටෝස් දෙක තුනක්ම ගහලා ඒකෙන් ලස්සනම ෆොටෝ එක අරන් ඉන්ස්ට එකේ ස්ටෝරියකුත් දාලා ආයෙම මම ෆෝන් එක සාක්කුව අස්සට ඔබාගෙන බැල්කනි එකට අත් දෙකත් ගහගෙන මෙලෝ රහකට නැති දේවල් ගැන කම්මැලිකමේ කල්පනා කරන්න ගත්තා.

“අම්මට-“. එකපාරටම මගේ පිට ගැලවිලා යන්න වැදුනු පාරට මම සම්පූර්ණෙන්ම පිටිපස්ස හැරුනේ ගැහුවෙ මොකාද කියලා බලන්න.

“අඩේ සොරි සොරි ඈ.. රිදුනද මලේ?” අනේ පගෝ තෝ මගේ පිට ගැලවෙන්නම ගහලා තව රිදුනදත් කියලා අහනවද?

“අනේ නෑ පණ මම මේ ආයෙ පාරක් ගස්සවන්න බලාගෙන හැරුනේ..ඒ තරම් සනීපයි” ශවිරු අයියා උගේ අර කියුට් හිනාව දාලා මගේ කරට අත දාගත්තා..පිස්සු පකයා.

“හරි හරි බම් ඉතින් හිතලා ගැහුවෙ නෑනෙ- ඒක නෙවෙයි මොකෝ උබ බර කල්පනාවක?” මූටත් කෝප්පයක් නම් ඉතින් හරි..

“ගෙදර දොරේ ප්‍රශ්න බන් අයියෙ ඉතින්..”

“නෑ…ඇයි මොකෝ සීන් එක? උබට අවුලක්ද? ආ නංගිත් ඉන්නවා නේ?”

“නෑ හරිද..මේකයි සීන් එක-” මම ඇහි බැම දෙක අකුළලා ශවිරු අයියා දිහා බැලුවා.

“ගෙදර පිටිපස්සෙ දොර අරිද්දි වහද්දි චිරි බිරි ගානවනෙ.” ශවිරු අයියා මගේ කරට දාගෙන හිටපු අත බෙල්ල වටේට යවලා තද කරගත්තෙ අනිත් අතින් මගේ බඩට හයියෙන් වැලිමිට පාරක් අනිද්දි.

“ඕයි අයියෙ!! à·„à·”#තො-” මම කහින ගමන් ශවිරු අයියගෙන් බේරෙන්න බැලුවා..කොහෙද ඉතින් උදේට හවසට ජිම් යන ඇගවල්නෙ.

“ශවිරු ඔය මල්ලිව අතෑරපන් බන්.” ශවිරු අයියා දිගටම කරේ මගේ බෙල්ල තද කරලා අල්ලන් හිටපු එක.

“නෑ! මුගේ කට වැඩියි දැන් එන්න එන්න.” මම ඉවසන්න බැරි තැන අත මිටි මොළවලා ශවිරු අයියගෙ ඉණට ගැහුවෙ ඌ මගේ බෙල්ල අතාරිද්දි. මම මගේ බෙල්ල අතකින් අල්ලගෙන ශවිරු අයියට මැදෑගිල්ලකුත් දික් කරලා රූෆ් ටොප් එක අයින දිගේ ඇවිදගෙන ගියේ තවත් අතන හිටියොත් මට තව මොන මොන අතවර වෙයිද කියලා හිතා ගන්න බැරුව.

විව් එකට පිස්සු හැදෙන ලුක් එකක් තිබ්බෙ. දන්නෙම නැතුව මම පාටි එක තියෙන පැත්තෙනුත් එහාට ගිහින්..දිගටම ඉස්සරහට රේලින් එකත් අල්ලගෙන ඇවිදගෙන මම ඉස්සරහට ගියේ අහසෙ තිබ්බ පිස්සු හැදෙන ලුක් එකට සිරාවටම වශී වෙලා වගේ..ඔය ෆේස්බුක් ගූගල් වගේ නෙමේ මේවා ඇස් දෙකෙන් දකිද්දි. පට්ට ලස්සනයි..ඒත් එකක්ම මම ඉස්සරහට ඇවිදින එක නතර කරේ ඉස්සරහ අහස දිහා බලාගෙන දාගෙන ෆොටෝස් ගන්න කෙනා දිහා ඇස් හීන් කරලා බලද්දි. මේ….නෑ වෙන්න බෑ-

මම ආයෙම තව අඩි දෙක තුනක් ඉස්සරහට තියලා බෙල්ලත් ඇද කරන් බැලුවා. ආර්යන්?? මූ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද? ඒත් මූ ඉස්කෝලෙ ෆොටෝග්‍රැෆික් ක්ලබ් එකේ ජීවිතේට ඉදලාවත් මන් දැකලා නෑ නෙ.. කටට ආපු හිනාවත් එක්කම මම අනිත් පැත්ත හැරෙන්න යද්දිම ඇහුනු ‘ක්ලික්’ සවුන්ඩ් එකට මම වේගෙන් ආයෙම පිටිපස්ස හැරිලා බැලුවා. මූ මොකද්ද ඒ කරේ? මගේද ෆොටෝ එක ගැහුවෙ? ඒ කියන්නෙ මන් මෙතන හිටියා කියලා ඌ දැනන් ඉදලද?

“විව් එක ලස්සනයි නේ?” මොන මඟුලක්ද? මම මුකුත් නොකියම ආයෙම පාටි එකට යන්න හැරුණමත් එක්කම ඉස්සරහ ටිකක් ඈතින් ඇහුනු සැර කටහඬවල් දෙකක් නිසා මම ටක් ගාලා නැවතිලා ආයෙම පිටිපස්ස බැලුවෙ එයාටත් ඒක ඇහුනද කියලා බලන්න වුනත් කැමරා එක දිහා පොඩි එකෙක් වගේ බලන් ඉන්නවා දැකලා මම ඇස් දෙක රෝල් කරලා ඒ කටහඬවල් දෙක ඇහුණු පැත්තට යන්න ගත්තා.

අදාළ නෑ තමයි..ඒත් ඒ කටහඬවල් වලින් කියන්න පුලුවන් මොකක් හරි සීරියස් දෙයක් කියලා. අනික අච්චර සද්දෙට ඇහෙන ඩී ජේ එක අස්සෙනුත් ඒ කටහඬවල් දෙක ඇහෙනවා කියන්නෙ- පොඩ්ඩක් ඉන්න මේ කටහඬවල් ඇහෙන්නෙ වොශ්රූම්ස් පැත්තෙන්ද?? බැල්කනි එක දිගේ ඇවිදගෙන ගිහින් මම වම් පැත්තට තිබුණු පොඩි හෝල් වේ එක අරන් දිගටම ගියේ එන්න එන්න මගේ නළල බර වෙද්දී..මොකද මට හොඳටම ශුවර් ඒ ඇහෙන කටහඬවල් වලින් එකක් මට පට්ටෙටම නෝට් කටහඬක් කියලා.

“අනුන්ගෙ දේවල් වලට අත දාන්න හොඳ නෑ කියලා තාත්තා කියලා දීලා නැද්ද?” මම මගේ උරහිසින් බැලුවේ එකපාරටම මගේ පිටිපස්සෙන් ඇහුණු කටහඬට.

“එතකොට තමුසෙත් කරන්නෙ ඒකම නෙවෙයිද?” මම පිටිපස්සට හැරෙන්න ගියේ නෑ.. මොකටද ඌ දිහා බලන්න මම මගේ එනර්ජි එක නාස්ති කරන්නෙ?

“I don’t know. You tell me?” මම ආයෙම නළල අකුළ ගත්තා.

“සීරියස්ලි..මොකද්ද තමුසෙට තියෙන ප්‍රශ්නෙ ඔච්චරටම මන් යන යන තැනට එන්න??”

“ටෙලිපති?” මම මේ පාර තරහටම පිටිපස්සට හැරුණේ ආර්යන් අයියා හිනා වෙන ගමන් කැමරා එක මූණ ලගට අරන් හෝල්වේ එකේ තිබ්බ බිත්තියට හේත්තු වෙනවා දැකලා. මන් ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තෙ අඩි දෙකක් ඉස්සරහට තියන ගමන්.

“මන් දෙයක් කියන්නද අයියෙ උබට-” කැමරා එකෙන් ඇස් දෙක අරන් මන් දිහා ඇහි බැමක් උස්සලා බලපු ආර්යන් අයියා ලාවට එකපාරක් ඔලුව හෙලෙව්වෙ කට අග තිබ්බ අර නෝන්ඩි හිනාව අයින් කරගන්නෙම නැතුව.

“තමුසෙගෙ නම ගූගල් නෙවෙයිනෙ මෙතන හැම මගුලම දන්නවා වගේ හැසිරෙන්නෙ!! පැත්තකට වෙලා ඉන්නවා-” ඒ එක්කම මගේ ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට තත්පර ගාණක් තිස්සෙ බලපු එයා එකපාරටම හයියෙන් හිනා වෙන්න ගත්තම මගේ ඇස් දෙක ලොකු වුණා.

“තමුසෙට නම් පිස්සු ඕයි-” මම ඌව පහු කරන් ඕන්නම් එක අඩියක් ඉස්සරහට තියන්න ඇති..මාව ආයෙම හිටපු තැනටම ඇදිලා ගියේ ආර්යන් අයියා මගේ බයිසෙප් එක හරියෙන් අල්ලලා ඇදලා ගනිද්දී..

“හ්ම්..මට පිස්සු. That I agree. But-” ආර්යන් අයියා මගේ අත අතෑරලා ආයෙම කැමරා එක දිහා බැලුවා.

“If you’re going to insult me, at least use a clever one.” මම ටික වෙලාවක් ඌ දිහා බලන් හිටියා.

තාම අර නෝන්ඩි හිනාවෙන්ම කැමරා එක අල්ලන් ඒ දිහා බලන් හිටපු උගේ කැමරා එක මම උදුරලා ගත්තම ආර්යන් අයියා මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා එයාගෙ අත් දෙකම සාක්කුවට දාගත්තම මම එයාගෙ උඩ ඉදන් යටට බැලුවා. මොන පිස්සු හුත්තෙක්ද මේ??

“I was not insulting you Aryan. I was describing you.” මම ඔහේ ඒ කැමරා එකේ ෆොටෝස් ටච් කර කර යවන්න ගත්තා. මූ මාර ටැලන්ටඩ් නෙ..මෙච්චර ලස්සනට ෆොටෝස් ගන්න පුලුවන්ද? මොන- ඒ එක්කම මගේ අත එක ෆොටෝ එකක් උඩ ස්ටක් වුණේ මම ඇස් හීන් කරගෙන ඒ දිහා බලද්දි..මේ ඉන්නෙ මමද? ඒ ෆොටෝ එකේ මම හිටියේ අහස දිහා බලාගෙන බැල්කනි එකට අත් දෙකත් ගහන්..හැබැයි වෙන බලන කෙනෙක්ට මේ ඉන්නෙ මම කියලා කියන්න බෑ..මොකද මාව පේන්නෙ කලු පාටට.

“මේ මොකද්ද?” මම කැමරා එක උස්සලා එයා දිහා බැලුවත් ඒ වෙනකොටත් ආර්යන් අයියා බලන් හිටියෙ මන් දිහා.. අතේ තිබ්බ කැමරා එක දිහා තත්පරේකට බලලා ආයෙ මන් දිහා බලපු ආර්යන් අයියා උගේ උරහිස් දෙක ඉස්සුවා.

“ඔයා ෆොටෝජෙනික්.” මම ඌට වියර්ඩ් ලුක් එකක් දීලා ආයෙම කැමරා එකෙන් අරන් තිබ්බ ෆෝටෝස් එක පැත්තකට යවන්න ගත්තා.

“ඇයි ෆොටෝග්‍රැෆික් ක්ලබ් එකට ගියේ නැත්තෙ??” මම තත්පරේකට විතර ඔලුව ඉස්සුවත් ඒ වෙද්දිත් ආර්යන් අයියා මන් දිහා බලන් හිටපු නිසා කැමරා එක දිහා බලන පරක්කුවට දෙවැනි පාරටත් මම එයා දිහා බලලා ආයෙම ටක්ගාලා කැමරා එක දිහා බැලුවා.

“ෆොටෝස් ගන්න එක මගේ හොබී එක. මට ඒකත් තරඟයක් කරගන්න ඕන නෑ.” මම ඔලුව වනන්නවත් ගියේ නෑ..මොකද ඒ තරම් මූ අරන් තියෙන ෆොටෝස් පට්ටම ලස්සනයි. අරන් තියෙන්න කුණු වෙච්ච පළතුරකද..ඒ අරන් තියෙන ඇන්ගල් එකයි හිතලා තියෙන විදිහයි නිසා ඒක මාරම ලස්සනට පේනවා.

අද ගහලා තිබ්බ ෆොටෝස් ටික බලලා ඉවර වෙලා ටික මම කැමරා එක එයාගෙ පපුවට තියලා තද කරලා අතෑරියෙ අනිවා අල්ලගන්නවා කියලා දන්න නිසා. මොකද මන් දන්න තරමින් මූ කවදාවත් ටාගට් එකක් එහෙම ලේසියෙන් මිස් කරගෙන නෑ. 

“ලස්සනයි.”

“I know.” මම උරහිසින් බැලුවා.

“මන් කිව්වෙ ෆොටෝස් ගැන. තමුසෙ කැතයි.” ඒ එක්කම මම ඉසස්රහට යන එක නවත්තලා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා. ආර්යන් අයියා හිනා වුණා?? අයි මීන් එයා කලිනුත් හිනා වුණා තමයි..ඒත් ඒවා බලන් ඉන්න ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් ඌ ඒ නෝන්ඩියට හිනා වුනේ කියලා. ඒත් දැන් එයා හිනා වුණේ සිරාවටම. මොකද මන් හිතන්නෑ මම ආර්යන් අයියගෙ මූණෙ මීට කලින් ඩිම්පල්ස් තියනවා දැකලා තියනවා කියලා..ඒකත් දෙපැත්තෙම? මම අනිත් පැත්ත හැරිලා පාටි එක පැත්තට යන්න ගියා. කොහොමත් හිටියා කියලා මූ මට අර වොශ්රූම්ස් පැත්තට යන්න දෙන්නෙ නෑ කියලා මන් දන්නවා. දැනුත් මේ ඇවිත් මාත් එක්ක බොරුවට පැටලුණේ ඒක අස්සට මම යන එක නතර කරන්න කියලත් මන් දන්නවා. මොකද මූ එහෙම ලේසියෙන් අනුන්ගෙ රෙද්ද අස්සෙ රින්ගන එකෙක් නෙවෙයිනෙ.

මම හෝල් වේ එක ඉවර වෙනවත් එක්කම ආයෙම පිටිපස්ස හැරිලා කට අගින් උස්සගත්තා. I know what you are doing Aryan. තමුසෙ හිතුවෙ මට නිශල්කගෙ කටහඬ අඳුන ගන්න බැරි වෙයි කියලද?


A/N

වගකීමෙන් කියන්නෙ ලයිසන්ස් ගන්න එපා!! පේනවනෙ මට වෙලා තියෙන වින්නැහිය! කඩේට යන එකේ ඉදන් යන්න වෙලා තියෙන්නෙ මට! අනික ඊයෙ තමයි වස්ට් ටයිම් මම හයිවේ එකේ ගියේ..පණ එපා වුණා. මොකද කෙලින් පාර වුණාට අම්මාගෙයි නැන්දගෙයි කෑ ගැහිල්ල නිසා මට පැය එකහමාරක් තිස්සෙ යන්න වුණේ 80ට 🧍🏽‍♀️මන් අහන්නෙ බය නම් මොකටද මට එළවන්න දෙන්නෙ?? ම්හුක්ක්!

ඊයේ ජාඇළ ගිහින් ගෙදර එද්දි නවය හමාරයි..ඒක නිසයි එන්න බැරි වුණේ..ඇස් දෙක රිදෙනවා අප්පා. ආ ඒක නෙවෙයි-

ශාක්‍යගෙ අතද කකුළද කඩන්න හොඳ?? (බෙල්ල වුණොත් ග්‍රෑන්ඩ් ෆියුනරල් එකක් දීලා කතාව ඉවර කරන්න පුලුවන් 🫣)

නිදාගෙන නැගිට්ටම මම අමුතුම මනුස්සයෙක්!
Adareyyyy ❤️
හිම්ස්~

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 18, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 18, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 18 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 18 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 18 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 18 light novel, ,

Comment

Leave a Reply

Chapter 18