À¶»À¶¯À·… | The Kandyan Aristocrats 19

A+ A-

“දැන් කාලාද ඔය ඉන්නෙ?””හ්ම්..මම රෑ වෙනකන් ඉන්නෙ නෑ කොහොමත්..බැරිවෙලාවත් පරක්කු වුනොත් මන් එනකන් බල බල ඉන්න එපා හරිද.. ම්ම්?

නන්ගිට මම කෝල් එකක් අරන් විනාඩියක් විතර යන්නැති උපරිම..අපි වාඩි වෙලා හිටපු ටේබල් එකෙන් ඇවිත් නිශල්ක වාඩි වෙච්ච හැටි මම දැක්කෙ නෑ වගේ හිටියෙ ඕන කමින්. තනුජයා නම් පොඩ්ඩක් විතර වැදිලා හිටියත් හේශිත් නම් දැනෙන නොදැනෙන ගාණට වේගෙන් නිශල්කගෙ උඩ ඉදන් පහළට බලනවා මම දැක්කා. අඩුම ඒක නිශල්කයටවත් නෝට් වුණේ නෑ. මොකද නිශල්ක එවෙලෙ බලන් හිටියෙ මන් දිහා.

“මන් හෙට ඔයාව එක්ක යන්නම් හරිද?” නිශල්ක මන් දිහා බලන් ඉන්නවා දැනුන නිසා මම ඉන්නෙ වෙන අවදානෙකින් කියලා පෙන්නන්න මම වටපිට බැලුවත් එක්කම එහා පැත්තෙ ටේබල් එකේ බියර් ග්ලාස් එකක් අතේ තියන් ශවිරු අයියලා එක්ක කියවන කෙනාට මගේ අවදානෙ නෙහිතපු විදිහට ගියා. හරියට කිව්වොත් දැන් තමයි මට ආර්යන් අයියා ඇදන් හිටපු එක නෝට් වුණේ..සුදු පාට අත් කොට ටී ශර්ට් එකකට කලු පාට ජීන්ස්. වෙනදා අදින විදිහමයි. චාම් ඇන්ඩ් සිම්පල්. කොහොමත් ඌට සුදු ගැලපෙනවා. මම මගේ ඇස් එයාගෙන් අයින් කරන් මුලු ඒරියා එක වටේටම ඇස් ගෙනිච්චා.

“හ්ම්..අමාරු ගණන් ටික හදලා තියන්න. මම ආවම කියලා දෙන්නම්.”

“හරි. ගෝඩ් බ්ලෙස් යූ චූටි.” මම කෝල් එක එන්ඩ් කරන ගමන් නිශල්ක දිහා බැලුවා.

“කොහෙද හිටියෙ?”

“අර හරියෙ..අයියලා එක්ක-” මට ඇගිල්ලෙන් පෙන්නලා හිටපු තැන පෙන්නද්දි මම ඔලුව වනලා වොච් එකෙන් වෙලාව බැලුවා.

“බෙහෙත් බොන්න වෙලාව හරි නේද?” මම හිතලම කතාව මාරු කරා.

“ආ ඔව්- ඕ ශිට් බෙහෙත් ටික කාර් එකෙ.” නිශල්ක ඌ ඇදන් හිටපු කාරගෝ පෑන්ට් එකේ සාක්කු අස්සට අත් දදා හොයද්දි මම පුටුවෙන් නැගිට්ටෙ තනුජත් අත උස්සද්දි.

“මම එන්නම්-“

“නෑ මම ගිහින් ටක් ගාලා අරන් එන්නම්.”

“ශුවර්ද?” හේශිත් දිහා බලලා මම ලාවට ඔලුව වැනුවෙ එතනින් යන ගමන්.

රූෆ් ටොප් එකෙන් එළියට ඇවිත් මම ලිෆ්ට් එක අරගෙන බේසමන්ට් එකට ආවෙ නිශල්කගෙ කාර් කී එකත් මන් සාක්කුවෙන් එළියට අරගන්න ගමන්.. ඩ්‍රයිවර් අන්කල් කාර් එක කොහේ ගැහුවද දන්නෑ..මම කෙලින්ම ඉස්සරහට ඇවිදගෙන ගියේ කාර් එක තියෙනවද බලන්න. කොහොමත් මෙතන නැත්තන් උඩ පාර්කින් එකේ තමයි..මොකද මේකට එන්නෙ එසේ මෙසේ සෙනඟක් නෙවෙයිනෙ. අනික ගමිඳුගෙ තාත්තටත් බැරි වුණාද අච්චර දේවල් කරලා මේකටත් වී යි පී පාර්කින් එකක් දෙන්න? මම එහෙම්ම ලිෆ්ට් එක අරන් B2 එකට ගියා.

ලිෆ්ට් එකේ දොර ඇරෙනවත් එක්කම මට මිනිස්සු කියවන සද්ද ඇහුණා. අම්මට සිරි මේකත් පිරිලා.. කාර් එක මන් ඇවිදන් එන ලේන් එකේ කෙලවරට වෙන්න තියෙනවා දැක්ක නිසා මම කලබලයක් නැතුව එතනට ඇවිදන් ගියත් නිශල්කගෙ කාර් එකට කාර්ස් දෙකකට විතර මෙහාට වෙන්න තිබ්බ හොන්ඩා එකකට හේත්තු වෙලා සිගරැට් එකක් බොන කොල්ලා දිහාවට මගේ ඇස් ගියේ නිකන්ම මගේ ඇස් හීන් වෙද්දී..කන ගාවින් ඉරක් යන විදිහට කට් එකක් ගහලා කනේ ගෝල්ඩ් පාට කරාබුවක් ගහගෙන හිටියත් ඒ මූණ මට පට්ටම හුරුයි..බැරි වෙලාවත් ඒ..

සිගරැට් එක තොල් වලින් ඈත් කරන ගමන් හෙමීට මන් ඉන්න පැත්තට ඔලුව හරවපු එයාගෙ මූණ දැන් වෙද්දි හොඳට පැහැදිලි වෙද්දි මම මගේ ඇස් දෙක නිදහස් කරගත්තෙ නළලෙ තිබ්බ බර ගතිය යවන ගමන්. මන් හිතුවා හරි..ඒ දේශාන්. මන් ඌව අඳුන ගත්තා කියලා දැනගෙනද කොහෙද ඌ කටේ පැත්තක් ඉස්සුවෙ මට උගේ උල් දතේ අල්ලා තිබ්බ දිලිසෙන ගල් ටික පෙන්නන ගමන්. ඕ ශිට්- මට කියන්න එපා ඒ ඩයමොන්ඩ් කියලා. ඒවා පට්ටෙට දිලිසෙන්නෙ ඒක නිසානෙ.

“මට හිතුණා තමුසෙට මාව අදුන ගන්න බැරි වෙයි කියලා.” හොන්ඩා එකෙන් ඈත් වෙලා දේශාන් සිගරැට් එක ආයෙම කට ලගට අරගෙන ඒක තොල් වලින් ඇතුලට උරලා අරන් ආයෙම සිගරැට් එක එළියට අරගෙන මාත් එක්ක තොල් ඈත් කරන් හිනා වුණේ දත් අතරින් දුම එළියට එද්දි..

“රස්තියාදු කාරයෙක් කියලා හිතුවෙ. බලද්දි හිටපු රග්බි වයිස් කැප්ටන්.” මම ‘හිටපු’ කියන වචනෙ කියන ගමන් දේශාන් දිහා බලලා ලාවට හිනා වුණා.

“තමුසෙගෙ ඔය මුරණ්ඩුකමට තමයි බන් මන් ආස.” දේශාන් ඌ ඇඳගෙන හිටපු කලුපාට ජීන් එකේ ඉස්සරහ සාක්කුවෙන් සිල්වර් කලර් මොකද්ද එකක් එළියට ඇදලා ගත්තම මන් ඒ මොකද්ද කියලා ගෙස් කරන්නත් කලින්ම මගේ එක කකුළක් නිකන්ම නැමිලා ගියේ එකපාරටම කකුළ දෙදරලා යන්න වැදුනු පාර නිසා..සම්පූර්ණෙන්ම වැටෙන්න නොදී මම අත් දෙකම බිමට ගහලා ආයෙම නැගිටින්න හැදුවත් මාව එහෙම්මම බිම ඉන්දුණේ මට මගේ දකුණු කකුළ දැණුනෙ නැති නිසා. ශිට්- මූ මගේ කකුළ තැලෙන්න ගැහුවද? මම දත්මිටි කාගෙන පිටිපස්ස බැලුවෙ දැන් දැන් හිරිවැටිල්ල වේදනාවට හැරෙන්න පටන් අරන් කියලා දැනෙද්දී. à·„à·„à·Š! මම කටකොණින් හිනා වෙලා ආයෙම දේශාන් දිහා බැලුවා. තමුසෙට කවදාවත් පිරිමියෙක් වගේ ඇවිත් මාත් එක්ක ගහගන්න බෑ නේද?

“කකුළ කැඩිලත් හිනා වෙනවද?” දේශාන්ගෙ එහා පැත්තෙන් ඇවිත් හිටගත්ත කොල්ලෙක් මට යකඩ පොල්ල දික් කරා.

“මන් මේ කල්පනා කරේ උබ රග්බි ගැහුවෙ කොහොමද කියලා.” කොච්චර රිදුණත් මම දත්මිටි කාගෙන මගේ කටහඬ වෙව්ලන්න නොදී ඉවසන් හිටියා. තාම අත් දෙක බිමට ගහන් මම සම්පූර්ණෙන් බිමට වැටෙන්න නොදී අල්ලන් හිටියත් මගේ අත් පවා දැන් වෙව්ලන්න පටන් අරන්- ශිට්! මුලු බේස්මන්ට් එක පුරාම මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තත් හරි දේශාන් මගේ පිටිපස්සෙ හිටපු එකෙක්ට සිග්නල් එකක් දුන්නම මම ඉක්මණ් වෙලා මගේ කලිසම් සාක්කුවෙන් ෆෝන් එක ඇදලා අරන් කෝල් එක ආන්ස්වර් කරන්න හැදුවා විතරයි මගේ අතින් ෆෝන් එක වැටුණේ කටින් පැන්න වේදනාවත් එක්ක.

“තමුසෙට ක්‍රිකට් ගහන්න ඕනද තිශාක්‍ය..ම්ම්?” තැලිලා තිබ්බ කකුළ උඩින් යකඩ පොල්ල තියලා තවත් තද වෙද්දි මම ඇස් දෙක පියා ගත්තෙ ෆෝන් එක රින්ග් වෙන එකත් ඒ එක්කම නතර වෙද්දී..

“අයින් වෙයන්.” ඒ එක්කම මගේ කකුළ උඩ තිබ්බ පොල්ල තවත් තද වෙලා එකපාරටම කකුළ උඩින් පොල්ල අයින් වුණේ මම අතමිට මොලවන් කට තද කරගනිද්දී..ඇස් අරින්න වත් මට වෙලාව හම්බ වුණේ නෑ. මට දැනුනා මගේ දකුණු ඇහැ ගාවින් සීතලට දෙයක් තද වෙනවා.

“තමුසෙ මාව අන්ඩරෙස්ටිමේට් කලා වැඩියි තිශාක්‍ය…බලපන් උබේ ලස්සන මූණට මට මෙහෙම දෙයක් කරන්න වෙච්ච හැටි- තමුසෙට තිබුනේ එදා-“

“දේශාන් නවත්තපන් යකෝ!!” ඒ එක්කම මට ශවිරු අයියගෙ කටහඬ ඇහුණා.

“අරූව නවත්තපන්!” ඒ එක්කම මගේ ඇගේ ඉතිරි වෙලා තිබ්බ හයිය දාලා මම දේශාන්ව බිමට දාගගත්තෙ උගේ ඇග උඩට එන ගමන්. තත්පරයක්වත් නාස්ති නොකර මම දේශාන්ගෙ මූණට ගහගෙන ගහගෙන ගියේ මගේ ඇස් දෙක ලාවට බොඳ වේගෙන එද්දි වුණත් දේශාන් මට වඩා ඉක්මණ් වෙලා මගේ තැලිච්ච කකුළ අල්ලලා ඇඹරුවේ මාව අනිත් පැත්තට බිමට තල්ලු කරන ගමන් ගමන්. ඒ එක්කම ඌ මගේ කට දෙපැත්ත තද කරලා හයියෙන් මගේ කම්මුළට පාරවලා ගාණක් ගහගෙන ගියා.

“හේශිත්..! ආර්යන්ව එක්කන් වරෙන්! ඉක්මණට!!” මම බාගෙට වැහිලා තිබ්බ ඇස් දෙක අමාරුවෙන් අරින්න හැදුවත් ඊළඟ තත්තපරේම මම ඇස් දෙක තදින් වහගත්තෙ කටින් වේදනාවට පැන්න කෑගැහිල්ලත් එක්ක. ඇස් අඟින් නිකන් හිල් වෙනවා වගේ දැනුණත් ඒක එකපාරටම නිකන් පහළට ඇදිලා වගේ ගියාම මම අතින් බිමට ගැහුවේ ආපු වේදනාවට.

“තෝව අද මන් මරනවා දේශාන්! අයින් වෙයන් කාලකණ්ණියා!” 

ඒ එක්කම මාව පැත්තකට විසි වෙලා ගියත් එක්කම ශවිරු අයියා දේශාන්ට ගහන සද්දෙට මම කකුළ් දෙක අමාරුවෙන් මන් ලගට ඇදලා අරන් බිම ගුලි ගැහුණේ ඔලුවෙනුයි කකුළෙනුයි එන වේදනාව දරාගන්න බැරුව. ඒත් එක්කම බිමට වැටුණු යකඩ පොල්ලක සද්දෙට මගේ කන් දෙක ඉරාගෙන ගියේ ටක්ගාලා මම අත් දෙකෙන්ම කන වහගනිද්දි..කොච්චර වෙලාවක් ගියාද දන්නෑ..ඒත් මට ඇහෙන්නෙ පොලු වල සද්දෙයි අතින් පයින් ගහගන්න සද්දයි විතරයි. මම අමාරුවෙන් ඇස් දෙක අරින්න ගියත් එකපාරටම ආපු රිදිල්ලට මගේ ඇගම වෙව්ලලා ගියා..

“ආදිල්!” එකපාරටම මන් ලගින් ඇහුණු කටහඬට මම ගැස්සිලා ගියත් මම ඇස් දෙක වහගෙනම ඒ කටහඬ ආපු පැත්තට ඔලුව හැරෙව්වා.

“සඳැස් කාර් එක ගනින්!” මගේ ඔලුව යටින් අතක් යද්දි මම ඉක්මණට එහාට වුණා.

“එ..එපා-“

“ශ්ශ්..දඟලන්න එපා. කොතනද රිදෙන්නෙ?”

“කකුළ තැලිලා මන් හිතන්නෙ-“

“මම අල්ලද්දි රිදෙනව නම් කියන්න..ම්ම්?” මගේ දණහිස යටින් අතක් යද්දි මම තදින් එයාගෙ අත අල්ලලා ඒ අත තව ටිකක් උඩට වෙන්න අරන් ආවා.

“ඔතනින්.”

“හ්ම්.” රිදෙන්නැති වෙන්න එයා ගොඩක් පරිස්සම් වෙනවා කියලා මට තේරුණු නිසාම මම මෙචච්ර වෙලා අල්ලන් හිටපු හුස්ම පහළට අතෑරියා.

“තව ටිකයි ආදිල්..ඔහොම අල්ලන් ඉන්නවා ම්ම්? ඇස් දෙක අරින්න යන්න එපා.” මම එයා කියන ඒවා අහන් හිටියා විතරයි. කොහොමත් මට කට අරින්න තරම් පණක් නෑ.

“නිශල්ක මොනාහරි කන්න ගේන්නද? මට සඳැස් අයියගෙ කටහඬ ඇහුණා.

“ම්හ්ම්..එපා”

“අපි දෙන්නා පොඩ්ඩකට එළියට ගියාට කමක්නෑනෙ?” මට අනිත් පැත්තට උත්තරයක් දෙන සද්දයක් ඇහෙන්නැති වුණත් මොකක් හරි දොරක් ඇරිලා වැහෙනවා ඇහුණා. කොයි වෙලේද මට සිහිය නැති වුණේ?

“මල්ලේ මොනා හරි කාපන්. දැන් වෙලාවත් එකයිනෙ.”

“එපා අයියෙ. මට බඩගිනි නෑ.” මම හිතලා හිතලා හෙමීට ඇස් දෙක ඇරියෙ ආයෙම අර ඔලුව ඉරාගෙන යන වේදනාවට බයෙන් වුණත් කලින්ට වඩා එහෙම රිදීගෙන ආපු නැති නිසා මම සම්පූර්ණෙන්ම ඇස් දෙක ඇරියා. දෙපාරක්..තුන්පාරක් මම ඇස් පිල්ලම් ගැහුවා..ඒත් මට පෙනුනේ කලු පාට විතරයි. ආයෙම මම තදින් ඇස් දෙක පියාගෙන ඇස් දෙක ඇරියේ එකපාරටම දකුණු ඇහැ ලගින් ආපු රිදිල්ලත් ගණන් නොගෙන. වට් ද-

“නිශල්ක?” මම කතා කරා. බයෙන්..ලඟ ඉන්න ඕනම කෙනෙක්ට මගේ කටහඬේ වෙව්ලීම හොයාගන්න පුලුවන්.

“ශාක්‍ය? නැගිට්ටද?? දැන් කොහොමද?” මම සද්ද නැතුව බලන් ඔහේ ඇස් පිල්ලම් ගැහුවා. ඒත් මට මුකුත් පෙනුනෙ නෑ.

“උබට බඩගිනියිද- ආව්!! ශවිරු අයියෙ ඉඳගෙන මොකාද වගේ ඉන්නැතුව ලයිට් එක දාපන්කො!” අහ් ලයිට්ස් ඕෆ් කරලද තිබිලා තියෙන්නෙ.

“ආ ඉන්න ඉන්න.”

“මහා මොකෙක්ද මන්දා!”

“ඒ මල්ලි ඇස් දෙක වහගනින් ඈ..ඔන්න සැර වැඩියි කියලා කියන්න එපා.” මම ඇස් දෙක අඩවන් කරාම ලයිට් එක දාන සද්දෙට ආයෙම මම හෙමිහිට ඇස් දෙක ඇරියෙ එළියට ඇස් දෙක හුරු කරගන්න ගමන්.

“උබට කොහොමද?? තාම ඇග රිදෙනවද?” මම කෙලින් වෙන්න හැදුවත් ආයෙම අතෑරලා දාලා වටපිට බැලුවෙ පත ඈනුමක් අරින ගමන්.

“ඕයි ඕයි කෙලින් වෙන්න එපා..! ඔහොම ඉන්න.”

“මොකද්ද වුණේ?” මගේ ඉස්සරහ හිටගෙන හිටියෙ නිශල්කයි ශවිරු අයියයි වෙද්දි මම ඇස් අකූළ ගත්තා. තනුජයි හේශිතටයි මොකද වුණේ?

“උබේ ඇහැ කොහොමද කියපන්කො ඔක්කොටම කලින්?? අම්මටසිරි ශේන් අයියාට කතා කරන්න කිව්වා නේද මූ නැගිට්ටම?”

“මන් දිහා බලන්නෙ? එක්කන් වරෙන්කො.” ශවිරු අයියා ඉක්මණින් රූම් එකෙන් එළියට යනවත් එක්කම නිශල්ක මන් ගාවට ඇවිත් මගේ මූණට එබුණම මම ඇහි බැමක් උස්සන්න ගියත් එකපාරටම එතන රිදෙන්න ගත්ත නිසා මම නිකන් හිටියා.

“ඇහැ රිදෙනවද ඒයි?” ඌ මන් දිහා විනාඩියක විතර ස්කෑන් පාරක් දාලා මගෙ අතට ඇගිල්ලකින් ඇන්නා.

“චුට්ටක්.”

“මැහුම් තුනක් දැම්මා.” නිශල්ක එයාගෙ ෆෝන් එක අරන් මගේ ෆොටෝ එකක් ගහලා ෆෝන් එක මට දුන්නම මම ඒක අතට ගත්තා. හ්ම්..අවුලක් නෑ. ඇහි බැම ලඟ ඉදන් ටිකක් ඇහැත් පහු කරන් පහළට වෙන්න ගිහින්. හරියට අඬ සඳක් වගේ.. මම ෆෝන් එක ආයෙම නිශල්කට දුන්නා.

“මේ හලෝ..මන් නන්ගිට කිව්වා.” මගේ ඇස් දෙක ලොකු වුණේ ඒක මතක් විලා. ශිට්!

“කොහෙද එයා දැන්? ආවද??”

“ආවා ආවා..අපි කිව්වෙ උබ මහන්සියට නිදි කියලා. මාමා ඊටපස්සෙ නන්ගිව එක්කන් ගියා ගෙදර. දැන් විනාඩි පහළොවක් විතර වෙනවා ගිහින්.”

“මොකද්ද වුණේ?”

“ඔහේ බලන් හිටියා බන්. ශුවර් එකටම එද්දි අඬලා..ඇස් දෙක රතු වෙලා තිබ්බෙ.” මම ඇස් දෙක පියා ගත්තා. ෆක්! මට මීට වඩා පරිස්සම් වෙන්න තිබ්බා.

“තාත්තා දන්නවද?”

“හ්ම්..අන්කල් මට කොල් කරා. හෙට එනවා කිව්වා.” මම ඔලුව වැනුවා. කොහොමත් තාත්තා ඉන්න එක හොඳයි නන්ගිට.

“මේ බන්..මම අන්කල්ටයි නන්ගිටයි කිව්වෙ හුව්ස් වලියක් දුරදිග ගිහින් කියලා..අනික කට්ටයටම තුවාලනෙ..” මම ඒපාර නිශල්ක දිහා බැලුවා.

“කෝ තනුජලා?” ඒපාර නිශල්ක අහක බලා ගත්තම මගේ ඇස් ඉබේටම ලොකු වුණා. මට කියන්න එපා-

“එහා පැත්තෙ රූම් එකේ.”

“මොකක්?”

“ලොකු අවුලක් නෑ..දෙන්නගෙම ඇගේ බඩ හරිය එහෙම පොඩ්ඩක් නිල් වෙලා එච්චරයි.” මම ලොකු හුස්මක් අරන් අහක බලා ගත්තා. මේ සේරම මන් නිසා..

“හා හා මේ! උබ නිසා නෙමේ හරිද? ඔය ඔක්කොම අපි එක්ක පිරිමහගන්නනෙ ඌ බලන් හිටියෙ. අවුල ගියේ උබව තනියෙන් හම්බුන එකයි.” මම නිශල්ක දිහා ටික වෙලාවක් බලන් ඉදලා දෙයක් කියන්න කට ඇරියත් එකපාරටම දොර ඇරන් ආපු දෙන්නෙක් නිසා මම නිකන් හිටියා.

“ආ ලෙඩා මොකො දැන්? ඇග එහෙම රිදෙනවද?” මම උරහිස් දෙක ඉස්සුවා.

“1 ටු 5 ගත්තොත් පේන් එක?”

“3 වගේ.” එයා ඔලුව වැනුවා.

“එතකොට ඇහැ?”

“තදින් වහගත්තොත් තමයි රිදෙන්නෙ..දැනට ලොකුවට අවුලක් නෑ.”

“හ්ම්..දැන් පේන් කිලර්ස් අරන් හාන්සි වෙලා ඉන්න. කොහොමත් සති එකහමාරත් වගේ යනකන් ඔයාට ඇඳෙන් නැගිටින්න බෑ.”

“මට..ස්පොට්ස්මීට්-“

“ඇහුණානෙ උබට කියපු දේ ශාක්‍ය? නැගිටින්න හිතන්නවත් එපා. අනික උබේ වාසනාවට කකුළ කැඩිලා නෑ..ඒක මට කියලා කරවගන්නැතුව මේ අයියා කියන දේ අහලා ඇඳට වෙලා හිටපන්.” මම ශවිරු අයියා දිහා ටික වෙලාවක් බලන් ඉදලා අහක බලාගත්තා.

“හරි හරි දැන් බෙහෙත් ටික බීලා නිදා ගනින්.”

“මට නිදිමත නෑ.”

“අණ්ඩ කඩාගෙනත් කට නෙවෙයි අඩුවෙලා තියෙන්නෙ. බීපන් දැන් බෙහෙත් ටික!”

“මොකද බන් මේ පොඩි එකාට කෑ ගහන්නෙ?”

“පොඩි?? හොඳ පොඩි! අයියා දැකලා නෑනෙ මේ නසරාණියා කරලා තියන වැඩ!”

“හරි හරි ඉතින් අපිත් ඔහොම කිව්වට ඒ කාලෙ හොඳ හොඳ ඒවා කරානෙ.. එහෙනම් මන් දැන් යනවා. පේශ්න්ට්ස්ලා ටිකක් ඉන්නවා බලන්න. උබලත් මල්ලිට බෙහෙත් දීලා රෙස්ට් එකක් ගනින්. ගෙදර යන්න කිව්වට බොලා අහන ජාතියේ එවුනුත් නෙවෙයිනෙ. ඕන මඟුලක් කරගෙන හිටපන් මෙහෙ ලෙඩ්ඩු නැගිට්ටවන්නෙ නැතුව.” ඒ අයියා දොරත් ඇරන් ගියාට පස්සෙ මම නිශල්ක දීපු බෙහෙත් ටික බීලා ශවිරු අයියාගෙ උදව්වෙන් ඇද මිට්ටමට හේත්තු වුණා.

“ඔයාලා කාලද ඉන්නෙ?” දෙන්නගෙම සද්දයක් නැති වෙද්දි මම ලාවට හිනා වුණා.

“කාලා එනවා. බඩගින්නෙ ඉන්නැතුව.”

“ඔයාට බඩගිනි නැද්ද?” මම නෑ කියන්න ඔලුව වැනුවා.

“පස්සෙ කන්නම්. මට මගේ ෆෝන් එක දීලා ඔයාලා යන්න.”

“කමක් නැද්ද?” මම ඔලුව වැනුවා.

“යන්න..ගිහින් කාලා එන්න.” නිශල්ක මට මගේ ෆෝන් එක දුන්නම ශවිරු අයියා ඇවිත් මගේ ඔලුව අතගාලා දෙන්නම රූම් එකෙන් එළියට ගියාට පස්සෙ මම ෆෝන් එකෙන් ටික්ටොක් ඕපන් කරලා ඕප දූප බලන්න ගත්තා.

‘අපි මුස්ලිම් බල්ලා අල්ලන්න බෑ! මේ බලන්න මගෙත් එක්ක උර්තල්..මේ! මේ! උර්තල්..! අල්ලන්න හොඳ නෑ නෙ මුස්ලිම්නෙ!’ මම බල්ලෙක් මුලු ඇගම පද්ද පද්ද එහාට මෙහාට යන වීඩියෝ එකක් බලන්න ගත්තා. ලංකාවත් මරු අප්පා. කම්මැළි කමට ශෝක් රට. ඒත් මේ සීන් එක මන් දැනගත්තෙ අද. මුස්ලිම් අයට බල්ලො අල්ලන්න බෑද? අපේ එහා පැත්තෙ ගෙදර ඉන්නෙත් මුස්ලිම් ෆැම් එකක්. හැබැයි පට්ට මිනිස්සු. බැලුවොත් හිනා වෙනවා. කෑම දෙනවා. එච්චරට හොඳ හිත් තියෙන මිනිස්සු. ඒකට අපේ එවුන්. හිනා වුණාම හිතන්නෙ වල් කමට හිනා වුණා කියලා. ගෙදර ගියාම ආතීෆ් අයියගෙන් අහන්න ඕන මේ සීන් එක. මම ටික් ටොක් එකේ විනාඩි පහක් විතර තිස්සෙ පහළට පහළට වීඩියෝස් ස්ක්‍රෝල් කරන්න ගත්තා.

ටික් ටොක් එකේ අමුතු අමුතු පිස්සු මඟුල් තමයි ට්‍රෙන්ඩින් වෙන්නෙ..මොකද්ද මේ ෆෝන් හොරකම් කරපු සීන් එක? මම ඒ වීඩියෝ එක බල බල ඉද්දි එකපාරටම රූම් එකේ දොර ඇරුණු නිසා ඒ දිහා බලලා කරබාගත්තත් ආයෙම මම ඒ ආපු කෙනා දිහා බලන්න ඔලුව ඉස්සුවා.

“දැන් කොහොමද?” මම ෆෝන් එක පැත්තකින් තියන ගමන් උරහිස් දෙක ඉස්සුවා.

“ශේප්..දැන් තමයි පේන් කිලර්ස් ටික ගත්තෙ.” ආර්යන් අයියා දොර වහගෙන ඇතුලට ඇවිත් කවුච් එකක ඉදගෙන ඔලුව පිටිපස්සට කරලා කවුච් එකේ තියාගනිද්දි මම බලන් හිටියෙ එයාගෙ ටී ශර්ට් එක දිහා..එයාට තුවාල වෙලාද? මම බලන් ඉන්නවා දැකලා එයත් මම බලන් ඉන්න තැන දිහා කරබාලා බලලා ආයෙම මන් දිහා බැලුවම මම ඇස් දෙකෙන් පෙන්නලා බෙල්ල ඇද කරගත්තා.

“ඔයාගෙ ලේ..” මම ඔලුව වැනුවා. එච්චරට ලේ ගිහින්ද?

“ගෙදර යන්නැද්ද?” ආර්යන් අයියා එයාගෙ සාක්කුවෙන් ෆෝන් එක එළියට ඇදලා ගන්න දිහා මම බලන් හිටියා.

“මම ගෙදර නෙවෙයි ඉන්නෙ.” එයා ෆෝන් එක ඔබන්න ගත්තම මම කරේ ඒ දිහා බලන් ඉන්න එක.

“හරි ඉතින් හෙට සෙනසුරාදනෙ.. මුකුත් වැඩක් එහෙම නැද්ද?” ෆෝන් එක දිහා බලන් හිටපු එයා එකපාරටම ඔලුව උස්සලා මන් දිහා බැලුවම මම ටක් ගාලා අහක බලා ගත්තා.

“මන් යනවටද කැමති?”

“මොකක්? කවුද..එහෙම කිව්වෙ?” මගේ දකුණු පැත්තෙ තිබ්බ ලොකු ජනේලෙන් පේන්න තිබ්බ රෑ විව් එක දිහා තාමත් බලන් හිටියෙ අරයගෙ ලුක් එක මගාරින්න ඕන නිසා.

“එහෙනම් ඔච්චර ප්‍රශ්න අහන්නෙ?” මම ශේප් එකේ එයා දිහා බලලා ආයෙම ජනේලෙන් පේන ක්ලියර් විව් එක දිහා බැලුවා.

“නෑ ඉතින් ඕක අලුත් දෙයක්නෙ.”

“කෝකද?”

“ඔහේ මෙහෙම මාත් එක්ක එකතැනක ඉන්න එක.”

“මමද ඉතින් හැමතිස්සෙම රණ්ඩුවට එන්නෙ?” මම එකපාරටම එයා දිහා ඇස් දෙකත් පොඩි කරගෙන බැලුවා.

“දැන් එතකොට තමුසෙ කියන්නෙ මම නිකන් මේ ආතල් එකට තමුසෙ එක්ක බැනගන්න එනවා කියලද අයියෙ?” ඒ එක්කම ආර්යන් අයියා කටේ පැත්තක් උස්සගෙන අත් දෙකම ඉස්සුවෙ ගිව් අප් කරා කියලා කියන්න වගේ. මම නයත් පුම්බගෙන ආයෙම ජනේලෙන් එළිය බැලුවා. ආවා මෙතන…කරපු හරිය අමතක වෙලාද කොහෙද.

“මේ..” ෆෝන් එකට එබීගෙන හිටපු ආර්යන් අයියා මන් දිහා බැලුවා.

“මාව ඇදෙන් බිමට බස්සනවකො.”

“හාන්සි වෙලා ඉන්නවා ආදිල් දඟලන්නැතුව.”

“ආ දැන් එතකොට තමුසෙට මාව බස්සන්න බැරිද??” මම මගේ හොඳට තිබ්බ කකුළ ඇදෙන් බිමට දාලා මගේ ඇදේ එහා පැත්තෙ තිබ්බ ටේබල් එකට අතක් තියලා මගේ ඇගේ බර දැම්මේ කවුච් එකේ හිටපු ආර්යන් අයියා වේගෙන් මන් ලඟට එද්දි.

“කොතන්ටද යන්න ඕනෙ?”

“වින්ඩෝ එක ගාවට-” මන් දිහා බලන් හිටපු ආර්යන් අයියා මගේ මූණ ගාවට නැමිලා මගේ දකුණු අත අල්ලලා එයාගෙ කරට දාගත්තා.

“මට බර දෙන්න.” මම එයාගෙ කරෙන් තද කරලා අල්ලගෙන හෙමිහිට නැගිටින්න හදද්දි එයාගෙ අනිත් අත මගේ ඉණ වටේ ගිහින් හෙමිහිට තද වෙනවා දැණුනම මගේ තොල් ලාවට ඈත් වුණා.

“මොකද මේ හදිස්සියේම?” ජනේලෙ ගාවට නොන්ඩි ගගහ ආවට පස්සෙ මම ජනේලෙත් අල්ලගෙන එතන තිබ්බ පඩියක් වගේ ගැට්ටට මගේ ඇගේ බර දාගත්තත් මට බැලන්ස් එක නැති වෙද්දි ආර්යන් අයියා පිටිපස්සෙන් ඇවිත් එකපාරටම එයාගෙ අත් දෙක මගේ ඉණ දෙපැත්තෙන් තියලා අල්ල ගත්තෙ මාව වැටෙන්න නොදී අල්ලගනිද්දි.

“තරුවක් බලන්න කිව්වොත් හිනා වෙනවද?.” ආර්යන් අයියගෙන් උත්තරයක් නැති වෙද්දි මම උරහිසෙන් බලලා ආයෙම ඉස්සරහ බලා ගත්තා. ජනේලෙ තිබ්බා වුණත් කලුවර නිසා ඒකෙන් මට අපි දෙන්නව පෙනුනා. මම හරියටම ආර්යන් අයියගෙ කොලර් බෝන් එක හරියට වෙන්න හිටියෙ.

“අම්මා බලන්න.” මම ඒ කියපු දේ අහලා තත්පරේකට විතර මගේ ඉණ දෙපැත්තෙ තිබ්බ ආර්යන් අයියගෙ අත් දෙක තද වෙනවා…නෑ හරියට නිකන් ෆ්‍රීස් වෙනවා වගේ මට දැණුනත් එයා ඉක්මණට එයාගෙ අත් දෙක මගේ ඉණෙන් අයින් කරන් පැත්තකට වුණා.

“මම අරහෙන් ඉන්නම්-“

“කමක් නෑ මෙතනට වෙලා ඉන්න.” මම ජනේලෙන් පොඩ්ඩක් එබිලා අහස දිහා බලලා කටට ආපු පොඩි හිනාව හන්ග ගත්තා.  අම්මා අද පොඩිම පොඩියි. දුකටද තරහටද දන්නෑ. සමහරවිට දෙකම නිසා වෙන්නැති..කොහොමත් එයා මන් වගේම ඩ්‍රමැටික්නෙ. පිස්සු තියලා හිතෙනවා නම් හිතාගන්න.. මේ නිසා තමයි මම පිස්සෙක් නොවී ඉන්න එකම හේතුව.


A/N

ඉම්හි ඉම්හි..වලිය ඇද්දෙ නෑ මොකද මට තව හොඳ එකක් ඉස්සරහට ලියන්න තියෙන නිසා. ඒක නෙමේ..ශාක්‍යගෙ ඇහැ ගාව දැන් ලස්සන කට් එකක්. මන් ආසයි ඒයි ඒවට 🥲

සාක්‍යගෙ අතද කකුළද කඩන්නෙ ඇහුවම මම හිතුවෙ මුන් දුක් වෙයි කියලා!! බලාගෙන යද්දි මටම හරියන එවුන්ටිකක් කතාව කියවන්නෙ. ගැම්මක් තමයි. (අර ඉණට අත තියන් ඉන්න මනුස්සයගෙ ස්ටිකර් එක)

ඒක නෙමේ ඔය හොරන් යන නෝනලා තම තමන්ගෙ අදහස් කොටන් ගියොත් නරකද? ම්හුක්ක්! ඉන්බොක්ස්වත්
නැති එකේ මෙතන හරි ප්‍රොෆයිල් එකේ හරි කියන් යන්නකො. 🥺✨ අද එක කෝමද?

Adareyyyy ඉතින් හිම්ස් ❤️

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 19, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 19, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 19 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 19 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 19 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 19 light novel, ,

Comment

Leave a Reply

Chapter 19