À¶»À¶¯À·… | The Kandyan Aristocrats 20

A+ A-

විනාඩි ගාණක් විතර ජනේලෙ ගාව ඉදලා කකුළ එල්ලන් ඉදලා ආපු කැක්කුම නිසා මම ආර්යන් අයියගෙ උදව්වෙන් ආයේම ඇදෙන් වාඩි වෙලා කලින් විදිහටම හාන්සිවෙලා ෆෝන් එක ඔබන්න ගත්තා. ඕන වෙලාවට තමයි මට බලන්න ටික්ටොක් එකක්වත් නැත්තෙ..මෙලෝ රහකට නෑ! ෆෝන් එක පැත්තකින් තියලා මම ඇද මිට්ටමට ඔලුව ගහගෙන මගේ ඇඳ ඉස්සරහ තිබ්බ තඩි කවුච් තුනෙන් දොර පැත්තට හරවලා තිබ්බ කවුච් එකේ වාඩි වෙලා ෆෝන් එක දිහා බලන් ඉන්න ආර්යන් අයියා දිහා මන් දිගටම බලන් හිටියා..

දැන් වෙද්දි මගේ එහා පැත්තෙ තිබ්බ ටේබල් ලයිට් එක විතරයි මුලු රූම් එකටම දාලා තිබ්බෙ. ඒක නිසා ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් එන එළියට මට එයාව හොඳටම ක්ලියර් විදිහට පෙනුනා. මොකද කරන්නෙ..කතා කරනවද නැද්ද?? මම ඇස් දෙක වහගත්තා. අච්චර ඉස්කෝලෙදි මරාගෙන දැන් ඇවිත් තියෙන තැන බලහන්කො ඉතින්.. මම ආයෙම ඇස් දෙක ඇරලා ආර්යන් අයියා දිහා ඕනෑ කමින් බැලුවා. සිරාවටම මූටත් ඒ විදිහටම දැනෙනවද?? මන් අහන්නෙ නවය වසරෙ ඉදන් මරාගෙන ඇවිත් මෙහෙම විනාඩි ගාණක්..නෑ පැය බාගයක්!කටවල් පියාගෙ එකම කාමරේක තාම අතපය කඩාගන්නැතුව ඉන්න එක?

ඒක ඔඩ් නැද්ද?? හහ්..! මම ආයෙම ඇස් පියා ගත්තා. ශික්කේ- මට ඒ අස්සෙ..මන් හිතන්නෙ නවය වසරේ අන්තිම වාරෙද කොහෙද..ඔව් ඔව්! කොහොම අමතක වෙන්නද?! මම දවසක් ඉන්ටර්වල් එකේදි මුගේ ඔලුවට ක්ලාස් එකේ කුණු බෑග් එක අතෑරපු එක! දෙවියනේ..හරියටම බැලුවොත් දැන් අපි දෙන්නා මෙහෙම ඉන්න එකත් රෙකෝඩ් එකක්.

අනික අර නිශල්කයත් මාව මෙතන මූ එක්ක දාලා යන්න තරම් උගේ සිහිය තිබ්බෙ කොතනද?? අර්හ්හ්- මම ඇස් දෙක ඇරලා ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා. ෆෝන් එක දිහා බලන් ඉන්න හැටි විතරක්! හරියට පොඩි එකෙක් වගේ.. මූ අර කලින් කැමරා එක බලන් හිටියෙත් මේ විදිහටමද කොහෙද. ඇස් දෙක ටිකක් විතර ලොකු කරගෙන ෆෝන් එක ඇතුළටම එබිලා..හරියට අයිපෑඩ් කිඩ් කෙනෙක් වගේ මට මූව දැන් පේන්නෙ. මම ඇස් දෙක රෝල් කරා. සිරාවටම මේ මගේ අත කඩපු මිනිහමද කියලත් හිතෙනවා..

“දේශාන්ට මොකද වුණේ?” ෆෝන් එක දිහා බලන් හිටපු ආර්යන් අයියා එකපාරටම මන් දිහා බලනවා මට එයාගෙ ෆෝන් එකේ තිබ්බ එළියෙන් පෙනුණම මම පපුවට අත් දෙක තියලා බැදගත්තෙ මගේ හොඳට තියෙන වම් කකුළත් දෙපැත්තට හොලවන ගමන්.

නැගිට්ට ගමන් අහන්න ඕන වුණු ප්‍රශ්නෙ. ඒත් මට අහන්න ඕන කමක් තිබ්බෙත් නෑ..නිකන් මොකටද ඌ ගැන මන් වද වෙන්නෙ? ඒත් දැන් ඒක මට ප්‍රශ්නයක් වුණේ මුන් එකෙක්වත් මට ඒ ගැන නොකියපු එකයි. මූ නම් ඉතින් ගලේ ගහලා උලලා ගත්තත් කට අරින්නැති එකානෙ..ශවිරු අයියත් ඔය වගේ ඒවට එද්දි හ්ම් සද්දයක් නෑ..ඒත් අර නිශල්කයා! වෙනදට ඇහුවෙ නැතත් කියන එකා අද පට්ට සයිලන්ට්..කොහොමත් ඕකා නම් මේ පහු ගිය ටිකේම හෙන අමුතුයි..අනිවා සඳැස් අයියා ඕකට සම්බන්ධ වෙන්න ඕන..පාටි එකේදි වුණත් මට හොඳටම තේරුණා ඒක. හත් ගව්වක් විතර දුරින් හිටපු මටත් උන් දෙන්නගෙ ටෙන්ශන් එක දැනුණ එක පොඩ්ඩක් සැළකිය යුතු ප්‍රශ්නයක්- කමක් නෑ..උන් දෙන්නම ඕක විසඳ ගන්නැතෑ. පස්සෙ වෙලාවක අහනවා.

“සාහිල් බලනවා ඇති.” මම තාමත් එයා දිහා බලන් හිටියා. හ්ම්..මොකක්ම හරි වෙලා තියෙනවා ඒ කියන්නෙ.

“පොලීසියේද?” තාමත් මන් දිහා බලන් හිටපු එයා ලාවට ඔලුව හොලවලා ආයෙම ස්ක්‍රීන් එක දිහා බැලුවා. සාහිල් අයියගෙ තාත්තා පොලීස් ඩී අයි ජී කෙනෙක්. එතකොට ආන්ටිත් ආමි එකේ බ්‍රිගේඩියර් කෙනෙක්. දේශාන්ව අරන් ගියේ පොලීසියට නම් ඌ බේරුණා..මොකද ආන්ටිට අහු වුණා කියන්නෙ ආයෙ ඉතින් සොරි ඩොට් කොම් තමයි. ඒ එක්කම අපේ කාමරේ දොර ඇරුණේ ලයිට්ස් ටිකත් ඔන් වෙද්දි.

“අඩේ මල්ලි නිදි නැද්ද??” මම ඇස් දෙක පොඩි කරපු පාර ඔලුව පිපිරෙන්නම රෙදෙන්න ගත්තා. ඇස් දෙකම තදින් වහගෙන මම මිඩ්ල් ෆින්ගර් එක දික් කරේ ඔලුවෙ වම් පැත්තෙන් අතකුත් තියාගෙන.

“ලයිට් එක ඕෆ් කරපන් ශවිරු.”

“අඩේ සොරි සොරි ඈ- ආව් යකෝ මට ගහන්නෙ මොකද!”

“අනේ මෝඩ පැටියා තෝ! නිදාගෙන හිතලද ලයිට් එක දැම්මෙ?? ඉදපන් තෝත් නිදන් ඉන්නකොට ඇවිත් මම ලයිට් එක දාලා කෑ ගහන් එනවා!”

“හරි යකෝ ඉතින් මේකා නිදි නෑනෙ..à·„à·„à·Š!”

“අර බලපන් අරූ ඇස් දෙක වහන් ඉන්න විදිහ!”

“කෝ පේන්නෑනෙ-“

“පුලුවන්නම් ආයෙම ලයිට් එක දාපන්කො අයියෙ- උබට මම ගහන්නෙ සෙරප්පුවෙන්!”

“අනේ පලයන් ඇටයො- තෝව තනි අතින් උස්සලා පොලේගහනවා මම.” ශවිරු අයියයි තනුජයයි මරා ගන්න විදිහ මට ඇහෙනවා.

“ඒව් බන් නවගනින්කො බන්..පොඩි එවුන් වගේ! අනික ශවිරු අයියෙ තවුසෙ අපේ රටේ අනාගතේ නේද?? මරු හැබැයි.”

“අනේ අයියේහ් අපි ඉවරායි අයියේ- ආව් ආව්!! හරි හරි ආයෙ කියන්නෑ- අඩෝ බඩ හුත්තෝ- සොරි සොරි අයියේ!! අතෑරපන්කො-” ඒ එක්කම මට මොකක් හරි බරාස් ගාලා ඉරාගෙන යන සද්දෙකුයි තව ලොකු සද්දෙකුයි ඇහුණා. ශුවර් එකටම මුන් දෙන්නා බිම වැටෙන්නැති.

“ශාක්‍ය ඇස් දෙක වහගනින් පොඩ්ඩකට!”

“හරි.” ලයිට් එක ඔන් වෙන් වෙන සද්දෙ ඇහුණමත් එක්ක මම හෙමින් සීරුවේ ඇස් දෙක ඇරියා. ආ…මන් කිව්වෙ. ගස් භල්ලො දෙන්නම බිම. ඒ මදිවට ශවිරු අයියගෙ ටී ශර්ට් එකේ කර ගාව එල්ලෙනවා.

“නැගිටපන් පොඩි පගයා! තොගෙ සයිස් එක හැටියට නෙමේ බර!” තනුජයා බඩයි කොන්දයි දෙකම අල්ලන් නැගිටින දිහා මම බලාගෙන.. අත පය තැලිලත් මුන්ට එක විදිහකට ඉන්න බෑ..

“දැන් කොහොමද?” මම හේශිත් එක්ක හිනා වෙන ගමන් තම්බ්ස් අප් එකක් දුන්නා.

“නිශල්ක කොහෙද?”

“ආ ඌ සඳැස් අයියා එක්ක කාර් එකට ගියා මොකද්ද මඟුලක් තියෙනවා කියලා ගන්න.” මම ඔලුව වැනුවා. පොලෙන් ගත්ත එළවළු ගන්න වෙන්නැති. ආවා මෙතන මාව තම්බන්න. අහු වෙයන්කො ඇටයව මට- ඒ එක්කම මගේ ඇස් දෙක ගියේ කවුච් එකෙන් නැගිට්ට ආර්යන් අයියා ගාවට.

“උබ යනවද?” ශවිරු අයියගෙ පිටට එකක් ගහගෙන එතන ලඟ හිටපු හේශිත් ටත් ඔලුව වනලා රූම් එකෙන් එයා එළියට යන්න ගියා.

“ඔයාලත් දැන් යන්න-“

“පිස්සු කතා කරන්න එපා..හෙට සෙනසුරාදනෙ..ආ අද නෙහ්.”

“ඇයි ප්‍රැක්ටිස්?”

“ඩ්‍රයිවර් අන්කල්ට කියනවා බඩු ටික එවන්න කියලා.”

“නිදාගන්න තනුජ- අනික හේශිත් උබේ කෝච්..?”

“මම අටට විතර යන්නම්.” මම ඔලුව වනලා ශවිරු අයියා දිහා බැලුවා.

“මම අන්කල් එනකන් හෙලවෙන්නෑ..අනික අරුන් දෙන්නත් ඉන්නවා කිව්වා.”

“අරුන් දෙන්නා කිව්වෙ නිශල්කයි සඳැස් අයියයිද?” ශවිරු අයියා ලාවට හිනා වෙලා ඔලුව වැනුවම මම දැක්කා හේශිතයත් මන් දිහා බලනවා. බඩු හරිද කොහෙද.

“දැන් එතකොට ඇයි නිශල්ක පුතා අත එල්ලන් ඉන්නෙ?”

“පොඩ්ඩක් දන්නැද්ද අන්කල් ඉතින්..” තාත්තා ආපු වෙලාවෙ ඉදන්ම කලේ ප්‍රශ්න අහන එක..එතකොට කවුද ඒ ප්‍රශ්න අහන ස්ක්‍රිප්ට් එක දෙන්නෙ? වෙන කවුරුත් නෙමේ තාත්තගෙ දැන් අතින් එල්ලිලා උරහිසටත් ඔලුව තියන් ඉන්න නන්ගි.. ආපු වෙලාවෙ ඉදන් කලේ මතක් වෙන ප්‍රශ්නෙ ගානෙ තාත්තාගෙ කනට කරලා කියපු එක..ඒකත් හරි කියමුකො. නන්ගි ආපු වෙලාවෙ ඉදන් එක වචනයක් මාත් එක්ක කතා තරේ නෑ. මන් දිහා ආයෙම නන්ගි ඔරවලා අහක බලාගත්තම මම නහයත් පුම්බගෙන ඇද මිට්ටම උඩින් ඔලුව ගහගත්තා.

“එතකොට කවුද ඔය වලියෙදි හිටපු ළමයි?”

“අයියෝ තාත්තේ..කීයක් කියලා හිටියද අප්පාහ්!! දෙන්නෙක් කියලා ගහගන්නෙ නෑනෙ..!” මම තාත්තා දිහා එකපාරටම බලලා කිව්වම ශවිරු අයියා කටට අත තියන් හිනා වෙනවා මගේ ඇස් කොණට පෙනුනා.

“හරි හරි මන් ඇහුවෙ ඔයාලා දන්න අයගෙන් කීදෙනෙක්ද කියලා..අනික උබ මොකද ලොකූ මේ නහයෙන් අඬන්නෙ??”

“මන් නහයෙන් ඇඩුවෙ නෑ!” මම අහක බලා ගත්තා.

“අනේ මූඩ් ස්වින්ග්ස් වෙන්නැති.”

“තාත්තේඒඒ!!”

“චූටි..ලොකූව අවුස්සන්නැතුව ඉන්න.”

අදට හොස්පිට්ල් එකේ නැවතිලා දවස් තුනක් වෙනවා..හෙට තමයි ස්පෝට්ස්මීට්. එතකොට අද රිහර්සල්ස් යනවා ඇති..මම චිප්ස් පැකට් එකෙන් චිප්ස් අහුරක් අරන් කටට දාගත්තෙ තරහින්. නන්ගිලාත් අද දවල් වෙද්දි ගියා..ඔය එක්කම මම තාත්තාවත් නන්ගි එක්කම ගෙදර යැව්වෙ හෙට එයාට ලන්ඩන් යන්න තියෙන නිසා රෙස්ට් කරන්න පුලුවන් නිසයි. නැත්තන් අද රෑට තියෙන ෆ්ලයිට් එකේ ලන්ඩන් ගිහින් බැස්ස ගමන් තියෙන මීටින් එකට මොකාද වගේ යන්න බෑනෙ තාත්තට. අනික මට දැන් රිදෙන්නෙත් නෑ. ඒ මදිවට අර ශේන් අයියා මට හොස්පිට්ල් එකේ සති එකහමාරක් ඉන්න වෙනවා කියලා තියෙන්නෙ බොරුවට.. අර ශවිරුවා තමයි එහෙම කියන්න කියලා තියෙන්නෙ. තාත්තත් සේරම දමලා ගහලා දුවන් ආවෙත් මගේ තත්වෙ බරපතලයි කියලා හිතලා.

ශේන් අයියා ආසිරි එකේ පට්ට විදිහට රෙකමෙන්ඩ් වෙන ඩොකෙක් වුණාට පොර අපේ ඉස්කෝලෙ ඕල්ඩ් බෝයි කෙනෙක්..2012 රග්බි ටීම් එකේ ප්ලේ කරපු සුපිරි චරිතයක්. පොර හිටපු ගමන් එනවා මාව බලන්න දත් තිස් දෙකමත් දාගෙන..මරු අයියා හැබැයි. වයසට ගියත් තාම හැන්ඩියා වගේ..මම තව චිප්ස් අහුරක් අරන් කටට දාගත්තෙ ටී වී එකෙන් ඔලිම්පික්ස් බලන ගමන්. විනාඩියකට කලින් ලංකාව නියෝජනය කරන ප්ලේයර්ස්ලා ටික පෙන්නුවා. මම තව චිප්ස් අහුරක් අරන් කටට දාගත්තා. මේක පට්ට රසයිනෙ! චිප්ස් පැකට් එක මගේ පැත්තට හරවලා මම නම කියෙව්වා. කසාවා චිප්ස්..ස්පයිසි චීස් ෆ්ලේවර්ඩ්. හ්ම්..චිප්ස් පැකට් එකේ තිබ්බ අන්තිම චිප්ස් අහුරත් අරන් මම කටට හලාගෙන පැකට් එකේ ඉතුරු වෙලා තිබ්බ කුඩු ටික කටට හලාගත්තත් හරි මන් දැක්කා මගේ කකුළ උඩ තියෙන ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වෙනවා.

කාගෙද මේ නම්බර් එක? මම කෝලර් අයි ඩී එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා කෝලින් අයිකොන් එක දකුණු පැත්තට ඇදලා ලවුඩ් ස්පීකර් දැම්මෙ අත පුරාම චිප්ස් වල කුඩු ගෑවිලා තිබ්බ නිසා.

“හලෝ?”

“කන ගමන්ද?” මම ඇස් දෙක පොඩි කරගන්න ගමන් ෆෝන් එකට එබුණා. කෝලර් අයි ඩී එකේ තිබ්බෙ නමක් වෙනුවට නම්බර් එකක්.

“කවුද මේ?”

“ආර්යන්.” මම හප හපා හිටපු එකත් නතර කරගෙන ෆෝන් එකේ ඩියුරේශන් එක තත්පරෙන් තත්පරේට වැඩි වෙන දිහා බලන් හිටියා. කටහඬ වෙනස් වෙලානෙ..තිබ්බට වඩා ගැඹුරු වෙලාද? අනේ මන්දා..කොහොම හරි පට්ට වෙනස්නෙ.

“ආහ්…ඔව්.”

“මොනාද?” මම ඇස් දෙක රෝල් කරා.

“චිප්ස්.”

“දවල්ට කෑවෙ චිප්ස්ද?” මම අත් දෙක පිහදාන ගමන් කකුළ උඩ තිබ්බ ෆෝන් එක අත් දෙකට ගත්තා. මූ පාරෙද ඉන්නෙ? පුදුම සද්ද ගොඩක්නෙ ඇහෙන්නෙ.

“හ්ම්.”

“ගෙදර අය ගියාද?” මම ඔලුව වැනුවා.

“ආදිල්? ඉන්නවද?” අම්මට සිරි මම කෝල් එකේ ඉන්න මනුස්සටද ඔලුව වනලා තියෙන්නෙ.

“ආ..නෑ නෑ එයාලා ගියා උදේ..නන්ගිට ක්ලාස්.”

“කවුරුත් නැද්ද එතකොට ඔතන?” මම අත් දෙක උඩ තියෙන ෆෝන් එක දිහා බැලුවා. අද මෙයාට මොකක් වෙලාද? හරි අමුතුයිනෙ.

“නෑ. තාත්තාට අද රෑට ෆ්ලයිට් එක නිසා මම එයාවත් නන්ගි එක්කම යැව්වා.” ඒ එක්කම මට තත්පර ගාණක් යනකන් කිසිම සද්දයක් ඇහුණෙ නැති තැන මම ආයෙම කතා කරා.

“හලෝ?” ටීක් ටීක් ගාන සද්දයක් එක්ක මට මොකක් හරි වහන සද්දයක් ඇහුණා.

“ම්ම්..මම එනවා.”

“මොකක්? මෙහෙ?? ඇයි අද රිහර්සල්ස්නෙ.. වැඩ නැද්ද?”

“ශේප්.” යකෝ මූ මාර මිනිහෙක්නෙ.. මුලු නුවරටම බිසී වෙන්න ඕන එකා ශේප් ලු.

“වෙන්න බෑනෙ..හෙඩ් බෝයි ට වැඩ නැති වෙන්නෙ කොහොමද?”

“මොනාද කන්න ඕන?” මම මුකුත් කියාගන්න බැරුව තාම ෆෝන් එක දිහා බලන් හිටියා. මූ බීලාද? නැත්තන් මෙච්චර හොඳින් කතා කරන්නෙ මොකද? කන්නත් ඕන මොනාද අහනවා..යකෝ ග්‍රේඩ් එයිට් වල ස්පෝට්ස් මීට් දවසෙ මගේ කෑම එක කාලා හිස් ලන්ච් බොක්ස් එකට පස් පුරවපු මනුස්සයා නේද මේ මගෙන් කන්න ඕන මොනාද කියලා අහන්නෙ?? ඒ අස්සෙ මූ මගේ ප්‍රශ්නෙත් ඉග්නෝ කරා.

“මම ප්‍රශ්නයක් ඇහුවා.” මහපට ඇගිල්ලෙ තිබ්බ චිප්ස් කුඩු ටික කටට දාලා මම ඉරුවා.

“සඳැස් බලාගනීවි.” මට මෙයා මස්ටෑන්ග් එක ඩ්රයිව් කරන සද්දෙ හොඳටම ඇහෙනවා..ඔය සේරටම වඩා මට දැන් ලොකු ප්‍රශ්නයක් ඔලුව වටේ කැරකෙන්න ගත්තා. මොකද්ද මෙයා ඇත්තටම ඉස්කෝලෙන් එළියේ කරන්නෙ? වෙන දවසක නම් කමක් නෑ..ඒත් අද වගේ දවසක..මොකද මන් දන්න ආර්යන් කියල කැරැක්ටර් එක කවදාවත් වගකීම් කියන එක අමතක කරන්නෙ නැති ජාතියේ මනුස්සයෙක්. ඒක නිසයි මෙයාට මේ තැන හම්බ වුණෙත්.

“දැන් කියන්න..මොනාටද කැමති?” ඒ එක්කම මගේ කටේ කොණක් ඉස්සුණා.

“porsche..ඒත් තාත්තා කැමති ෆෙරාරි.” මට අනිත් පැත්තට උත්තරයක් ලැබුණෙ නැති තැන හිනාවක් කටින් පැන්නා.

“චිප්ස් පැකට් එකක් ගේන්න.”

“ඒක කෑමක් නෙවෙයි ආදිල්..හරි කෑමක් කියපන්. නැත්තම් මන් ගේන මඟුල කාපන්.”

“කවුද ඉතින් කෑම ගේන්න කිව්වෙ?? චිප්ස් ගේන්න බැරි නම් නෑවිත් ඉදපන්කො.” මන් තත්පර පහ හයක්ම ගාණක් කෝල් එක දිහා බලන් හිටියා. ආ..පොරට තද වුණාද කොහෙද.

“රයිස් එකක් ගේන්න.” මම නහයත් පුම්බන් ඇස් දෙක රෝල් කරා.

“තව පුලුවන්නම් චිප්ස් පැකට් එකකුත් ගේන්න. අර කසාවා චිප්ස් එක.. ස්පයිසි චීස් ෆ්ලේවර්ඩ්.”

“හ්ම්.” ඒ එක්කම කෝල් එක කට් වුණා. මූ නම් සිරාවටම මාරම අමුතු ඩයල් එකක්. මම ඇද එහා පැත්තෙ තිබ්බ ස්ටෑන්ඩ් එකෙන් වෙට් ටිෂූස් පැකට් එකක් ඇදලා අරන් අත පිහදගෙන ෆෝන් එකෙන් ටික් ටොක් බලන්න ගත්තා.

විනාඩි පහළොවකට විතර පස්සෙ දොරට තට්ටු කරන සද්දයක් නිසා මම ඇතුළට එන්න කිව්වට පස්සෙ දොර ඇරගෙන ඇතුළට ආපු ආර්යන් අයියා දිහා මම උඩ ඉදන් යටට බැලුවා..තාම ඉන්නෙ ට්‍රැක් බොටම් එක පිටිනුයි ස්කූල් ටී ශර්ට් එකෙනුයි. ඒ කියන්නෙ මේ ඩියුටි ඉන්න අස්සෙද මූ මේ ඇවිත් ඉන්නෙ?? මම සද්ද නැතුවම එයාගෙ අත් දෙකේ තිබ්බ බත් පැකට් එකයි චිප්ස් පැකට් එකයි තඩි වතුර බෝතල් දෙක දිහායි බැලුවා. එතකොට මූ කන්නෙ නැද්ද?

“කෝ ඔයාට?”

“බඩගිනි නෑ.” මම ඇස් දෙක හීන් කරලා එයා දිහා බලන් හිටියා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද? නෑ..එහෙනම් මූ මෙහෙට එන්නෙ නෑනෙ. එහෙනම් මොකද මේ?? මම මුකුත් නොකිය එයා මගේ ඇද පැත්තෙන් ඇවිත් හිටගෙන රයිස් එක බොක්ස් එකෙන් එළියට අරන් ලන්ච් ශීට් එකත් එක්කම පිඟානක් උඩින් තියන හැටි බලන් හිටියා.

“මෙහෙම අවුලක් නැද්ද?” මම ඔලුව වනලා ඇදෙන් බහින්න කකුළ් දෙක ඇදෙන් එළියට දැම්මම ආර්යන් අයියා මන් දිහා බලන් ඉන්නවා දැකලා මම ඇහි බැමක් ඉස්සුවා.

“ඇයි?”

“ඇඳේ ඉදන් කන්න බැරිද?” මම ඔලුව වැනුවා.

“අත හෝදගන්න ඕන.”

“ඇයි හැන්දෙන් කන්න බැරිද?”

“චිකන් එක කඩාගන්න අමාරුයි..” ඒ එක්කම ආර්යන් අයියා බත් එක දිහා ටික වෙලාවක් ඇස් පිල්ලම් නොගහා බලන් ඉදලා එකපාරටම බාත් රූම් එකට ඇවිදන් ගියා.

“මොකද ඔය කරන්නෙ?”

“ඉන්න.” මට සින්ක් එකෙන් වතුර යන සද්දෙ ඇහුණා..ආයෙම මම ඇදෙන් බහින්න හැදුවත් බාත් රූම් එකෙන් එළියට ආපු එයා අර ටේබල් එක උඩ තිබ්බ චිකන් එක කෑලි වලට කඩන්න ගත්තම මම මුකුත් නොකියා ඒ දිහා බලන් හිටියේ දැන් වෙද්දි දෙයක් කම්ෆර්ම් කරගෙන..මොකක් හරි අවුලක් තියෙනවා.

චිකන් එක කඩලා ඉවර වෙලා ප්ලේට් එක මන් ලගට අරන් ආපු එයා මම ආයෙම ඇද උඩින් හරියට ඉදගන්නකන් බලන් ඉදලා බත් එක මට දීලා බාත් රූම් එකෙන් අත හෝදන් ඇවිත් කවුච් එකෙන් ගිහින් වාඩි වුණා..කොහොම හරි විනාඩි පහකට විතර පස්සෙ මම බත් එක කාලා ඉවර කරලා මගේ ඇද එහා පැත්තෙ තිබ්බ ස්ටෑන්ඩ් එක උඩින් ප්ලේට් එක තියලා වතුර බෝතලේ අතට අරන් කඩාගෙන බිව්වට පස්සෙ මම මගේ ඉස්සරහ කවුච් එකට ඔලුව තියාගෙන ඇස් දෙක වහන් ඉන්න ආර්යන් අයියා දිහාවට ෆුල් ෆෝකස් එක දුන්නෙ කතා කරන්න බලන් වුනත් එයා ඉන්න විදිහ දැකලා මම ඒ අදහස ආයෙම අතෑරගත්තා. මහන්සි ඇති..දැන් මමත් කියවන් ගියොත් අහු වෙන එකෙන් මටදීලා අරීවි..ඒක නිසා කොහොමත් ඕන්නෑ. හැබැයි ගැහුවොත් නිකන් ඉන්න ජාතියේ එකෙක්ද මන්? නෑ..ඒත් ඕන්නෑ..

ඒ එක්කම මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වුණා..ශවිරු අයියා. සිරාවටම මූ ඒලාර්ම් එකක්වත් තියාගෙනද හරියටම පැයෙන් පැයට කෝල් කරන්නෙ? මාර යක්කුනෙ මුන්..එහෙන් මේ ආර්යන් අටපට්ට්ම..නිදි නැති වුණාට හැබැයි දැන්නම් කලින්ට වඩා මූණ සැහැල්ලු පාටයි.

“කියපන්..” මම ලවුඩ්ස්පීකර් එක දාලා චිප්ස් පැකට් එක අතට ගත්තා.

“අඩෝ උබ මොනාද කන්නේ??”

“ජිරිබිරිස්.”

“මොනා??!” මට ස්කොඩ් එකේ ලෙෆ්ට් රයිට් සද්දෙ ඇහෙනවා.

“චිප්ස් වදේ!”

“ඉතින් කලින් මොන කුණුහරපයක්ද කිව්වෙ?!”

“එව්වට මන් කියන්නෙ එහෙම.”

“උබලා ඔක්කොම එකයි බන්!” මම චිප්ස් පැකට් එක කඩාගෙන අහුරක් කටට දාගත්තා.

“උබලා කිව්වෙ?”

“උබේ නන්ගිත් ඊයේ ආපු වෙලේ බොන්න මොනාද ඕන කියලා ඇහුවම ටී කුක්කු ඕනෙලු.” මට එකපාරටම හිනා ගියා.

“හ්ම්..මොකෝ ඔහේ තත්වෙ?”

“වැඩ ටික නම් පිට්..ඒත් ඇතුලෙ පොඩි අවුලක් ගියා.. හැබැයි අනිත් ඔක්කොම හරි.”

“ඇයි මොකෝ අවුල?”

“අබේනායක සර් බන්.”

“ඇයි පොර මේ පාර මොකද? එයාට ස්කොඩ් එකේ ස්කූල් ෆ්ලැග් එක ගෙනියන්න ඕන කියනවද?” මට ෆෝන් එක එහා පැත්තෙන් ශවිරු අයියගෙ හිනාව ඇහුණා. පොරගෙ කටහඬත් ටිකක් වෙනස් වෙලා..ඒත් ආර්යන් අයියා තරම් අවුල් නෑ.

“එහෙම නම් කොච්චර හොඳද..මූ ගිල්ඩ් එකට අද උදේ බැනලා නෙ අපි හතර දෙනා නැති වෙලාවෙ..රදිල්කයාට එහෙම කනට එකක් ගහලා.”

“මොකක්?”

“ඔව් බන්..පිස්සු හුත්තෙක්! පස්සෙ අපි ගියා ඔෆිස් එකට පිනා එක්ක කතා කරන්න බලාගෙන..ඒ යද්දි මේ යකත් ඒක අස්සෙ.”

“ඉතින්?”

“මූ අපිටත් කැරි ටෝක්ස් දීගෙන ආවා..අපිත් කියවන් ගියා ඉතින්. ඇයි යකෝ හැමදාම කටවල් වහන් ඉන්නද කියහන්කො? ඊටපස්සෙ ආර්යන්ට මළ පැනලා ඌ සර්ට බැනගෙන ගියා..දැන් ආර්යන්ව හොයාගන්නත් නෑ..” මම එතකොටම බැලුවෙ කවුච් එකේ ඇස්දෙක වහගෙන ඉන්න ආර්යන් අයියා දිහා.

“ගිය තැන කිව්වෙ නැද්ද?”

“කොහේ කියන්නද බන්. මූ ඔෆිස් රූම් එකේ දොර කැඩෙන්න වහලා ගියා ගියාමයි තාම ආවෙ නෑ..හොඳ වෙලාවට අපි ඔක්කොම සෙට්ල් කරගෙන ඉවරයි. දැන් තියෙන්නෙ ඔය පොඩි පොඩි වැඩ ටිකක් විතරයි. මට ආර්යන් හවස් වෙන්න කලින් ආවොත් ඇති බන්..ඌ නැතුව මේ කිසි දෙයක් කන්ට්‍රෝල් කරන්න බෑ.” මගේ ඇස් දෙක තිබ්බෙ තාම ආර්යන් අයියා ගාව..එයත් අහන්නෙ ඇත්තෙ ඕවා.

“හ්ම්..තරහ අඩු වුණාම එයි..” ඒ එක්කම මන් දැක්කා ආර්යන් අයියා ඇස් දෙක අරිනවා..මේ පැත්තට හැරුණෙ නැති වුනත් එයා දිගටම බලන් හිටියෙ උඩ බිත්තිය දිහා..

“හ්ම්..”

“කෝ තනුජලා?”

“ආ..මන් දැක්කා පොඩි ඇටයා මෙනාද මන්දා ඌටත් වඩා උස ලී පටි වගයක් උස්සන් මටත් ගස්සගෙන යනවා.” මගේ කටට හිනාවක් ආවෙ තනුජයාව මැවිලා.

“ඇයි උබේ අනිත් කෑලි දෙක ගැන අහන්නැද්ද?”

“මට උන් වැඩක් නෑ.”

“හනේ හනේ..! අද අපි පූජාවක් කරනවා උබලගෙ හවුස් එක හැදිගෑවිලා යන්න කියලා.”

“උබ දන්නවද මේවා මගේ ඔටෝ රෙකෝඩ් වෙනවා කියලා?” තත්පර ගාණක් ගියාට පස්සෙ එතපාරටම කෝල් එක කට් වෙලා ගියාම මට නිකන්ම හිනා ගියා..මොකද එකපාරක් මම සිරාවටම මෙහෙම දෙයක් කරලා ඌව මාස ගාණක් තිස්සෙ මම අල්ලෙ නටවලා තියෙනවා. ඇමතියොන්ගෙ පුත්තු පවා නටවපු මිනිහෙක් මේ තිශාක්‍ය කියන්නෙ. මම චිප්ස් කෑලි වගයක් අතට අරගන්න ගමන් ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා.

“ඉස්කෝලෙ යන්න අහසක් නැද්ද?” ඒත් එයා කතා කරන්නැතුව දිගටම උඩ දිහා බලන් ඉදලා ආයෙම ඇස් පියාගන්නවා මම බලන් හිටියා.

“තව ටිකකින් යනවා.”

“ඇයි මෙහෙ ආවෙ?” මම ගාණක් නැතුව චිප්ස් ටික කාගෙන කාගෙන ගියා. පට්ට රසයිනෙ යකෝ මේක! එද්දි දෙකක්වත් අරන් එන්න බැරි වුණාද? කුණු ලෝභයා.

“වෙන යන්න තැනක් තිබ්බෙ නැති නිසා.” මම කටට දාගන්න ගියපු චිප්ස් අහුර කට ගාවටම ගෙනත් නතර කරගෙන ආර්යන් අයියා දිහා බලන් ඉදලා ආයෙම ඉක්මණට චිප්ස් ටික කටට දාගත්තා.


A/N

ඔන්න කට්ටියක් ඇහුවා ශාක්‍යගෙ කට් එක මොන වගේද කියලා..මෙන්න මේක තමයි මට දෙන්න පුලුවන් ක්ලෝස්ම ලුක් එක! තුවාලෙ එඩිට් කරලා දැම්මා වුණත් ඒක තව දෙපැත්තෙන් නැමෙන්න ඕන..හරියට අඩසඳ වගේ..

අනිත් එක ශාක්‍ය ගෙ උස 5’8 ක් වගේ ළමයි..එතකොට ආර්යන් 6’1 ක්..(මමත් 5’6 ක් මෙහෙම හිටියට ම්හුක්ක්!).

ඒක නෙමෙයි ළමයි මම හෙට අනිද්දා කෝට්ස් යයි.. ඉතින් දෙන්න බැරි වුණොත් තරහ ගන්න එපා ඔදේ! උපරිම දවස් දෙකයි මම නොදී හිටියොත්..තව දවසක් විතර පැන්නොත් මම දිග එකක් දෙන්නම්..ම්හුක්!

ආ..අනිත් එක! තව ඩිංගෙන් අමතක වෙනවා..මම හෙන ආසයි අනේ ඔයාලගෙ කමෙන්ට්ස් කියවන්න. දාන හැම එකක්ම මන් කියවනවා..නෑ කියලා හිතන්න එපා! ඔයාලා හැමෝම වගේ මට මතකයි..මොකද හැම චැප් එකේම දාන නිසා..ආදරෙයි ඒ හැමෝටම! හොරෙන් යන නෝනලා ටිකටත් එසේමයි හොඳද! මන් දන්නවා සමහර අය ලැජ්ජයි..තව සමහර අයගෙ විදිහත් ඒකයි..මම වුණත් කමෙන්ට්ස් දාන කෙනෙක් නෙවෙයි. ඉතින් මට තේරෙණවා. ඒත් ආදරෙයි ❤️

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 20, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 20, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 20 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 20 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 20 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 20 light novel, ,

Comment

Leave a Reply

Chapter 20