À¶»À¶¯À·… | The Kandyan Aristocrats 21

A+ A-

“කෝ මේ පැත්ත බලන්න..හ්ම්..පිට් නෙහ්?? මගේ කොල්ලගෙ ලස්සන- ඒව් බන් මොකද්ද ඕයි! පොඩ්ඩක් හිනා වෙයන්කො අද කප් එක ගන්න යන්න හදන්නෙ ඔහොමද?!” තනුජ මගේ කොණ්ඩෙ පැත්තට යවලා කෑලි කෑලි මගේ නළලට වැටෙන්න ජෙල් ටිකක් ගාලා හදනකන් මම කරේ වදුරු පැටියා වගේ ඇද උඩ වාඩි වෙලා හිටපු එක.

තාම මම මේ ඉන්නෙ හොස්පිට්ල් එකේ. කොටින්ම කිව්වොත් අද තමයි මාව ඩිස්චාජ් කලෙත්..ඊයේ හවස අපේ හවුස් කැපා අයුක අයියා මට කෝල් කරලා කිව්වා ‘The rising house කප් එක ගන්න හවුස් එකෙන් මට යන්න එන්න කියලා. අනික මගේ කකුළත් එහෙම අවුල් නැති නිසා මට පැයක් වගේ එක දිගට හිටගෙන ඉන්නත් පුලුවන්.

“කෝ උබ ඇදගන්නෑ?”

“දැන් යන්නම්.”

තනුජ යුනිෆෝර්ම් එකයි ටවල් එකයි අරන් බාත් රූම් එකට යනකන් ඉදලා මම ෆෝන් එක අතට අරන් ඉන්ස්ට පැත්තෙ ගියා…ආහ් ඔය තියෙන්නේ! ස්ටෝරීස් එහෙම පිරෙන්න දාලා කට්ටිය..මම හැම ස්ටෝරි එකක්ම බල බල ගියේ පට්ට ආසාවෙන්. ශික්..මගේ මේ කකුළ යහතින් තිබ්බා නම් මටත් ඉන්න තිබ්බනේ ඊයේ රෑ ඉදන්..මොකද ඉස්කෝල ජීවිතේ ආදරේ හිතනම මතකයන් ටික එකතු වෙන්නෙ මේ වගේ දේවල් වලින්..කවදා හරි අපිට මතකයන් කියලා කියන්න ඉතුරුත් මේවනෙ..අනික තනුජයටත් මන් නිසා වදේ. ඌත් හරි නම් අද උදේ පාන්දර ඉස්කෝලෙ ඉන්න ඕන එකෙක්..මොකද ඊයේ රෑ ඉදන් ඩෙකෝස් වල වැඩ කරලා ඌ එහෙම්මම ඉස්කෝලේ ඉන්නැතුව කෙලින්ම ආවෙ හොස්පිට්ල් එකට..

පොඩි කාලේ ඉදන් අපි දෙන්නා හවුස් එකේ ඩෙකෝස් හදලා ෆේමස් වුණා. ඔය පොපියුලෑරිටි එක නිසයි ඌ ආර්ට් සොසයිටි එකේ ප්‍රසිඩන්ට් වෙද්දි මම වයිස් ප්‍රසිඩන්ට් වුණේ..තනුජයත් මන් වගේම ආර්ට් පොරක්. ඌයි මායි දෙන්නම ස්ටිප්ලින් සටයිල් එකට ඇන්දත් තනුජයා කෙලින්ම ආකිටෙක්චරල් ඩ්‍රෝවින් ස්ටයිල් එකෙන් ඉස්සරහට ගියා..පොඩි කාලෙ ඉදන් තනුජයාගෙ හීනේ..ආන්ටිත් ආකිටෙක්ට් කෙනෙක් නිසා එයාට මේ ස්කිල් එක උපතින්ම ඇවිත් තිබ්බා. කොහොම හරි තනුජයාගෙ අම්මත් පට්ට හොඳයි. ඕනම දේකට පට්ටම සප් එකක් ආන්ටි මූට දෙන්නෙ.

ඒ එක්කම තනුජයා දොරත් ඇරන් එළියට ඇවිත් මට උගේ කියුට් හිනාව දැම්මාම මම ලාවට ඔලුව වනලා හෙමීට ඇදෙන් නැගිට්ටෙ මගේ දකුණු කකුළ නැතුව අනිත් කකුළට සම්පූර්ණෙන් බර දාලා..

“ඒ බන් මේ..හේමාල් සර්ගෙන් අම්බානෙකට අහගන්න වෙයි හොදේ දැන්..” මම ඔලුව වැනුවා.

“ඊයේ රෑ මට කෝල් එකක් දුන්නා.”

“අම්මටසිරි! ඉතින් මොකද පොර කිව්වෙ?”

“පැයක් විතර මාත් එක්ක කතා කලා සර්..මුල් පැය බාගේ කරේම මට බැන්න එක..ඊටපස්සෙ කරන්න ඕන එක්සර්සයිස් මට කිව්වා.”

“අඩේ එච්චරද?” මම නෑ කියන්න ඔලුව වැනුවා.

“ආයෙම ප්‍රැක්ටිසස් පටන් ගනිද්දි කකුළ හොඳ කරගෙන තිබ්බෙ නැත්තන් කකුළ කඩලා දානවා කිව්වා.”

“උගේ ආච්චිට- යකෝ..” තනුජයා හිනා වෙන්න ගත්තා. මොකද හේමලයා නම් කොච්චර අපිට බැන්නත් පට්ට හොඳ එකා කියලා දන්නවා. අනික පොරට අපි මේ සර් සර් ගෑවට තාම ඌට වයස තිහක් වගේ ඇති..අපේ ඉස්කෝලෙම ඕල්ඩ් බෝයි නිසා පොර අපිට පට්ට ලව්. හේමාල් සර් අපේ ඉස්කෝලෙට ආවෙ අවුරුදු හතරකට කලින්..ඒ අපේ කලින් කෝච් රිටයර් වුණු නිසා..කලින් හිටපු අපේ සේනානයක සර්ගෙ හිටපු හොඳම ගොලයා තමයි හේමාල් සර් කියන්නෙ..ඉතින් ඩයල් එක අපිට උගන්නද්දිත් අපිට හිතෙන්නම සේනානයක සර් උගන්නනවා කියලා. මම ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ වොච් එක අරන් ඒක අතේ දාගත්තට පස්සෙ ඊළඟට මන් අතට ගත්තෙ මගේ කලු පාට වොලට් එක.

“ඒ..අරක කාගෙද?” මම ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ අනිත් වොලට් එක දිහා බැලුවා.

“ආර්යන් අයියගෙ.”

“මොකක්? අර උබව ඇඩ්මිට් කරපු දවසෙ දාලා ගියාට පස්සෙ ඕක දිගටම තිබ්බෙ මෙහෙද?”

“නෑ එයා ඊයෙ ආවා මෙහෙ.” මම ස්ටෑන්ඩ් එක උඩ පිම්බිලා තිබ්බ වොලට් එක අතට අරගෙන ඒ දිහා බැලුවා.

“එතකොට ඊයේ ආර්යන් අයියා ආවෙ මෙහෙටද?”

“හ්ම්..” මම ඒ වොලට් එකත් අරන් මගේ කලිසම පිටිපස්සෙ තිබ්බ සාක්කුවට දාගත්තෙ තනුජගෙ ලොකු වෙලා තිබ්බ ඇස් දෙක දිහා බලාගෙනම.

“උබලා දෙන්නා ෆිට්ද බන්?” මම ඒ පාර තනුජයා දිහා බලලා හිනා වුණාම උගේ ඇස් තවත් ලොකු වෙන හැටි මන් බලන් හිටියා.

“ඒ වගේද පේන්නෙ?”

“මන් දන්නෙ කොහොමද යකෝ! අර අච්චර මරාගෙන උබලා දෙන්නා එදත් පැය බාගයක් විතර මරාගන්නැතුව මේ රූම් එකට වෙලා හිටියම අපි හැමෝටම පුදුම හිතුණා.”

“මගේ කකුළයි ඔලුවයි පැළෙන්න තරම් රිදෙන වෙලාවේ ඌ පොඩ්ඩක් මනුස්සයෙක් වගේ හැසිරුණා..එච්චරයි.” මම ඉස්සරහට හෙමින් සැරේ ඇවිදන් යන අතරේ තනුජයාගෙ උරහිටත් පාරක් ගහලා බාත් රූම් එක ඇතුළට ගිහින් කණ්ණාඩිය ඉස්සරහින් හිටගත්තා.

මගේ කට් එක…ඇහැ ගාව ඇදේට යන විදිහට හරහට ගියපු ලොකු සුදු පාට ප්ලාස්ටර් එකට උඩින් මගේ කොණ්ඩ කෑලි ටික වැටිලා තියෙන විදිහට මාව වෙනස්ම විදිහකට පෙනුනා. හරියටම කිව්වොත් මටත් මාව පෙනුනෙ වෙනස්ම කෙනෙක් විදිහට..මම ඉබේටම ආපු හිනාව එළියට දැම්මෙ කට අග ලාවට උස්සන ගමන්..Should I be thankful for this Deshan? ඒත් තමුසෙ මගේ ඉස්සරහට ආපු දවසට මම මෙච්චර ලස්සන දෙයක් කරන එකක් නෑ..

“උබ තවත් ලස්සන වුණාද කොහෙද බන් ඕකෙන්.” මට කණ්ණාඩියෙන් තනුජයා බාත්රූම් එකට එබීගෙන බලන් ඉන්නවා පෙනුණා.

“උබ පිට් නෙහ්?” මම ලාවට හිනා වෙන ගමන් බාත් රූම් එකෙන් එළියට ආවෙ තනුජයාගෙ නළලට පොඩි තට්ටුවක් දාලා ඔලුව වනන ගමන්.

“හ්ම්..මන් කෑවා””ඔව්. පාඩම් කරාද?””හ්ම්..ගොඩ් බ්ලෙස්- හරි හරි වදේ! මාත් ආදරෙයි-” නන්ගි තව පිස්සු දේවල් මට කියලා කියවගන්න කලින් මන් ෆෝන් එක කට් කරලා දැම්මා.

“නන්ගි පට්ට රැග් නේ උබට දෙන්නෙ.”

“ඔව් බන්..දැන් කෑවද කියලා අහන්න කෝල් එකක් ගත්තත් ඒකට උත්තරේ ගන්න මට ඒකි කියන මඟුල් කරන්න වෙනවා.”

“එක්සෑම් ස්ට්‍රෙස් වෙන්නැති බන්..අපි එක්සෑම් ගැන ඔහොම හිතුවෙ නැති වුණාට කෙල්ලො හිතනවනෙ..” මම ඔලුව වැනුවා.

“හ්ම්..නන්ගි මෙහෙ ආවෙත් ඕක නිසා තමයි. කොළඹ එයාට ස්ට්‍රෙස් වැඩියි..මෙහෙදි ගෙදර එයාට ඕන දෙයක් කරන්න පුලුවන්නෙ..”

“ඔව්නෙ..අරහේ අපාර්ට්මන්ට් එක ඇතුලමනේ‍- ආ අන්කල් ඔය ඒ ටී එම් එක ගාවින් නවත්තන්නකො.”

“සෙලාන් එක ගාවින්ද පුතා?”

“ඔව් අන්කල්.”

“උබත් එනවද?” මාත් එක්කම කාර් එකෙන් බැස්ස තනුජයා දිහා මන් බැලුවා.

“ඔව් බන්..ලඟ තියෙන්නෙ රුපියල් සීයයි.” මම ඌට කෙන්ඩි හිනාවක් දාලා උගේ එහා පැත්තෙ ඒ ටී එම් එක ඇතුලට ගිහින් මගේ දකුණු අත පැත්තෙ සාක්කුවට අත දාලා වොලට් එක ඇදලා අරන් ඒක ඇතුලෙ තිබ්බ කාඩ් එක එළියට ඇදලා ගන්න හැදුවත් කාඩ් එක එළියට ආපු නැති තැන මම වොලට් එක දිහා බැලුවා.

“සම්පත් බෑන්ක්?” එතකොට තමයි මට මීටර් වුණේ මේ ආර්යන් අයියගෙ වොලට් එක කියලා. ආහ් ශිට්! මම පුරුද්දට මගේ වොලට් එක දාන්නෙ දකුණු පැත්තෙ පොකට් එකේ..ටක්ගාලා මම මගේ වොලට් එක ඇදලා අරන් කාඩ් එකෙන් සල්ලි එක අරගෙන ඒ ටී එම් එකෙන් එළියට ආවම තනුජයත් ඒ එක්කම එළියට ආවා.

“මේ ඕයි..උබ කාර් එකට පලයන් මන් ටිකක් ඇතුලට ගිහින් කතා කරලා එන්නම්.”

“ඇයි මොකද වුණේ?”

“නෑ බන් කාඩ් එක හිර වුණා.”

“ඉන්න මාත් එන්නම්-“

“එපා එපා! උබ පුලුවන් තරම් වාඩි වෙලා ඉදපන්. මම දන්නවා ඇතුලෙ එකෙක්ව. ඒ නිසා වැඩි වෙලා යන එකක් නෑ.” මම ඔලුව වනලා ගිහින් තනුජයාගෙ කාර් එකට නැග්ගා. ඉස්සරහට කකුළ ටිකක් දික් කරලා මම සනීප විදිහට ඔලුවත් සීට් එකේ පිටිපස්සෙන් තියලා හේත්තු වුනේ මගේ අතේ තිබ්බ කලු පාට වොලට් එක දිහා බලන ගමන්.. අද කොහොම මේක දෙන්නද මන්දා.

මම වොලට් එක දිග ඇරලා වම් පැත්තෙ තිබ්බ කාඩ් හෝල්ඩර් එකේ අන්තිමට පේන්න තිබ්බ අයි ඩී එක එක ඇදලා ගත්තා.. රාජසේකර මුහන්දිරම්ලාගේ ආර්යන් අධ්‍රක්ෂ අභිලාෂ් රෞරවවංශ..වයස දහ නවයයි..යුනිෆෝර්ම් එකෙන්ම ගහලා තිබ්බ ෆොටෝ එකේ ආර්යන් අයියගෙ කොණ්ඩෙ තිබ්බෙ කොටටම කපලා වුණත් අර සාමාන්‍යයෙන් අපේ එහෙම කොණ්ඩෙ කැපුවම තිබ්බ ගොබ්බ පාට එයාගෙ තිබ්බෙ නැති වුණාම මම ඇස් දෙක පොඩි කරගෙන අයි ඩී එක තවත් මගේ මූණ ගාවට ගෙනාවා. වට් ද හෙල්? අවුට් ඔෆ් ඕල්..ඇයි මූ? ඇරත් ආර්යන් අයියාට අභිලාෂ් කියලා කෑල්ලක් තියෙනවා කියලා මේ වෙනකන් මන් දැනන් හිටියෙ නෑනෙ..මොකද එකොළහා වසරෙදි ආර්යන් අයියා දවස් දෙකක් කාලා නැතුව එකපාරටම වමනේ දාන්න ගත්තම මම එයාව සික් රූම් එකට එක්කන් ගිය වෙලේ මෙයාගෙ පර්සනල් රෙකෝඩ් බුක් එක ඇරපු වෙලේවත් මම මෙහෙම කෑල්ලක් තියෙනවා දැක්කෙ නෑනෙ?whatever..

මම ඊළගට එයාගෙ ලයිසන් එකත් බලලා ආයෙම වොලට් එක ඇතුල බලන්න ගත්තා. බෑන්ක් කාඩ්ස් එකයි..දෙකයි..තුනයි. යකෝ මූට මොකටද මෙච්චර බෑන්ක් කාඩ්ස්?? පියුමි අක්කා වගේ යටින් ගේම ගහන්නද දන්නෑ ප්ලෑන් එක..පන්දාහෙ කොළ දෙකකුයි දාහෙ කොළ තුනකුයි තියෙනවා..ආහ් අඩුපාඩුවට පනහෙ කොළේකුත් තියෙනවා. මම ඔහේ වොලට් එක චෙක් කරද්දි එකපාරටම අස්සෙ තිබිලා පොඩි කොටුවක් වගේ කොළයක් මගේ ඔඩොක්කුවට වැටුණා.

ෆොටෝ එකක්? මම ඒක අරන් අනිත් පැත්ත හැරෙව්වම දැක්කෙ ආර්යන් අයියගෙ ෆොටෝ එක..මේ අර අයි ඩී එකේ තිබ්බ එකම නේද? මගේ එහා පැත්තෙ දොර ඇරෙනවත් එක්කම මම කට කොණින් හිනා වෙලා ඒ ෆොටෝ එක අතේ තියෙද්දිම වොලට් එක වහලා මගේ ඔඩොක්කුවෙන් තිබ්බා.

“කාඩ් එක හම්බ වුණාද?” තනුජ මට කාඩ් එක ඇගිලි දෙකකින් උස්සලා පෙන්නන ගමන් මට ඇහැක් ගැහුවම මම ඇස් දෙක රෝල් කරලා හිනා වුණා.

ඉස්කෝලෙට යන්න මේන් රෝඩ් එකට දැම්ම වෙලේ ඉදන් තිබ්බෙ පට්ට ට්‍රැෆික් එකක්..ඒ මදිවට මීටර් සීයෙන් සීයට පොලීසියෙන් දාලා..කොහොම හරි විනාඩි දහක් තිස්සෙ බඩගාලා කාර් එක ස්කූල් එකට දැම්මට පස්සෙ අපි දෙන්නා බැරිම තැන කාර් එකෙන් බැහැලා මීටර් දෙසීයක් විතර ඇවිදගෙන ගිහින් ක්‍රිකට් කාඩ් එක පෙන්නලා මේන් ගේට් එක ගාවම තිබ්බ අනිත් පොඩි ගේට්ටුවෙන් ඉස්කෝලෙ ඇතුළට පැන ගත්තෙ තවත් එළියෙ ඉඳලා ඇතුලට යන්න හිටියොත් ස්පෝට්ස් මීට් එක පටන් අරන් තියෙයි..

ඉස්කෝලෙට ඇවිත් ඇතුළට යද්දි අපි දැක්කෙ බාස්කට්බෝල් කෝට් එක ඇතුලෙ ගහලා තිබ්බ ෆුඩ් කෝට්ස් තොගේ.. ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟක් අද ඉස්කෝලෙ හිටියා කියන්නෙ ඉස්කෝලේ පාරෙ පවා අපිට ඇවිදගෙන යන්න බැරි තරමට ඇතුලේ වාහන පාක් කරලා..

“මේ ඕල්ඩ් බෝයිස්ලගෙ කාර් නේ බන්?” මම ඔලුව වනන ගමන් අපි පහු කරගෙන යන කහ පාට ෆෙරාරි එක දිහා බලන් ගියා..ඒක පට්ට ලස්සනයි.

ඒ එක්කම අපි අපේ ලොකුම ලොකු ග්‍රවුන්ඩ් එකට ආවා.. රතුයි කහයි නිලිනුයි මුලු ග්‍රවුන්ඩ් එකම කවර් වෙන්න පත කොඩි මීටර් විස්සෙන් විස්සට වගේ ගහලා තිබ්බ නිසයි ග්‍රවුන්ඩ් එකෙන් හරියටම බාගෙකින් වට වෙලා තිබ්බ පැවීලියන් එකේ පුටුත් රතුයි කහයි නිලිනුයි සෙක්ශන් තුනක් විදිහට පාට වෙලා තිබ්බ නිසා දැන් බලන බලන පැත්තට පේන්නේ මේ පාටවල් තුන විතරයි.

“අඩෝ පට්ට ලස්සනයිනෙ?” මම ඔලුව වනන ගමන් ග්‍රවුන්ඩ් එකේ අනිත් පැත්ත දිහා බැලුවම දැක්කෙ අපේ ලොකු ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එක වෙනුවට ඒක ඉස්සරහින් ගහලා තිබ්බ මාස් ටෙන්ට් එකක්..රෙඩ් කාපට් එකත් එක්ක වහල සුදුවට යන විදිහට ඒ ටෙන්ට් එක පුටු ගොඩක් එක්ක ගහලා තිබ්බ විදිහට කියන්න පුලුවන් ඒ මුලු ස්ටාෆ් එකටම ඉන්න ගහපු ටෙන්ට් එක කියලා..ඒ එක්කම මගේ ඇස් දෙක ගියේ ඒ ටෙන්ට් එක එහා පැත්තෙ ෆ්ලැග් පෝල්ස් එක්ක තිබ්බ පෝඩියම් එක දිහාවට..ඒක තුන් දෙනෙක්ට හිටගන්න තරම් ලොකුයි..ඔතනදි තමයි ස්කොඩ් එක ගිහින් පිනාටයි, හෙඩ් ප්‍රිෆෙක්ට් ටයි, චීෆ් ගෙස්ට් ටයි ගිහින් ඔනර් එක දෙන්නෙ..

අපි දෙන්නා කෙලින්ම ගියේ ස්ටාෆ් එකට හදලා තිබ්බ මාස් ටෙන්ට් එක පහු කරන් ස්පෝට්ස් කම්ප්ලැක්ස් එකට..ඒ යද්දිත් කට්ටිය ඒ මේ අත පිස්සු හැදිලා දුවනවා..කෑ ගහනවා. අපි දෙන්නා කෙලින්ම ගියේ අපේ හවුස් එකට..තනුජයා මගේ කරටත් අත දාලා මාව අපේ හවුස් එක අස්සට ඇදලා ගත්තා…හවුස් රූම් එක ඇතුලේ එක යුද්දයයි. ස්කෝඩ් එකට යන එවුන් හතර වටේට දුව දුව ඇදගන්නවා.

“ඕයි ශාක්‍ය?!! උබට කොහොමද මල්ලි දැන්??” තනුජයා එක මල්ලි කෙනෙක්ට උදව් කරන්න ගියක් එක්කම මම මට කතා කරපු කටහඬ පැත්තට හැරිලා බැලුවා..අයුක අයියා මගේ ඇහැ දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදලා ආයෙම මන් දිහා බලලා ලාවට හිනාවක් කටට ඇදලා ගත්තා.

“අවුලක් නෑ..මොකද්ද වෙන්න ඕන?” මම වටේටම ඇස් යවන ගමන් ඒක ඇහුවේ අයුක අයියා දැන් ඉන්නෙ අම්බානෙකට ස්ට්‍රෙස් වෙලා කියලා දන්න නිසා.

“උබලා නිසා මට දැන් වද වෙන්න දෙයක් නෑ බන්..සිරාවටම පින් ඈ මෙච්චර කල් දීපු සප් එකට..ඊයේ උබේ බයික් එකට පිං සිද්දවෙන්න අපිට වැඩ ටික කරගන්න පට්ට ලේසි වුණා.” මම හිනා වෙලා අයුක අයියගෙ උරහිස උඩට පාරක් ගැහුවා.

“ඒ මේ අවුලක් නැත්තන් මගේ බ්ලේසර් එකයි සපත්තු දෙකයි එළියෙන් අරන් තියනවද? බැජ් ටික තනුජයා ගැහුවා ඊයේ රෑ.” මම ඔලුව වැනුවා.

අයුක අයියගෙ රතු කහ නිල් ඉරි ගියපු බ්ලේසර් එක එළියන් අරන් තියලා මම එයාගෙ අලුත් සපත්තු දෙකත් තියලා එයාට ඕන වෙයි කියලා හිතලා හෙයාර් ජෙල් එකකුයි බොඩි ස්ප්‍රේ එකකුයි සපතතු දෙක ගාවින්ම තියලා අපේ හවුස් රූම් එකෙන් එළියට ආවෙ ඇතුලේ තිබ්බ සද්දෙට මගේ ඔලුවත් එක්කම කට් එක ගාවත් එකපාරටම රිදෙන්න ගත්ත නිසයි..අනික දැන් මම ඉන්න ඕන නෑ. මොකද අයුක අයියගෙ අම්මාත් දැන් ටිකකට කලින් ආවානේ.

කොහොමත් ටොප් බෝඩ් එකෙයි හවුසස් පහේ කැපාලගෙ පේරන්ට්ස්ලා..විශේෂයෙන් අම්මලා මේ වගේ දවසට ඇවිත් කට්ටියට උදව් කරන එක නෝමල්..මම හෙමින් සැරේ තුන් වෙනි තට්ටුවට යන්න පඩිපෙළ අරගත්තෙ ටිකක් වෙලා ඉදලා යන්න..මෙතන ගොඩක්ම ඕපන් ඒරියා එකක් වෙන්න වගේ හදලා තිබ්බත් අද අර මාස් ටෙන්ට් එක නිසා ග්‍රවුන්ඩ් එක තියා මෙතනට එළිය වත් වැටෙන්නෙ නැති තරම්..මම දණහිස උඩින් අතක් තියන ගමන් පඩිපෙලේ ඉදගෙනම බිත්තියේ තිබ්බ සුදු පාට ස්විච් එක අල්ලලා පඩිපෙලේ ලයිට් එක දැම්මත් හරි මම දැක්කෙ හරියටම මගේ වම් පැත්තට වෙන්න වීදුරු බිත්තයකින් වට වෙලා තිබ්බ මීටින් රූම් එකේ මැදට වෙන්න තිබ්බ මේසෙක කට්ට කලුවරේම බ්ලේසර් එකට එබිලා බැජ් ටික වේගෙන් වේගෙන් ගහන ආර්යන් අයියව.

ලයිට් එක දාපු නිසා එකපාරටම මන් ඉන්න පැත්තට ඔලුව හරවපු එයා ආයෙම කර කර හිටපු වැඩේ කරන්න ඔලුව පාත් කරත් ඒ ඉන්නෙ මම කියලා පරක්කු වෙලා නොට් වෙච්ච නිසාද කොහෙද ආයෙම ඔලුව උස්සලා ආර්යන් අයියා මන් ඉන්න පැත්ත බැලුවා. දැන්ද නෝට් වුණේ? මම බිත්තිය දිහා බලලා තව ස්විච් එකක් දාලා ආයෙම මීටින් රූම් එක දිහා බැලුවම දැක්කෙ ඒක ඇතුල ලයිට් එක නිසා එළිය වෙලා තියෙනවා.

වීදුරු දොර ඇතුලට තල්ලු කරගෙනම මම රූම් එක ඇතුලට ගිහින් මේස පුරාවම තැන තැන විසිරිලා තිබ්බ බැජ් තොගේ දිහා බලාගෙන හිටියා.. දැන්ද මෙයා මේවා කරන්නෙ? මම ඇස් දෙක රෝල් කරලා මගේ සාක්කුවෙන් එයාගෙ වොලට් එක අරන්  ඒක මේසෙ උඩින් තියලා කාමරෙන් එළියට එන්න ආවා.

දැන් ඔලුව කැක්කුම අඩුයි.. හවුස් එකේ තත්වේ මොන වගේද දන්නෑ..මම පඩිපෙළ ගන්න ගිහින් ඔලුව දෙපැත්තට වනලා දත් මිටි කාගෙන ආයෙම අර මීටින් රූම් එක ඇතුලට කඩාගෙන ගියේ තරහින්. මොන මඟුලක් කරනවද මන්දා! මේසෙට බර වෙලා ඇස් දෙකත් එකතු කරන් නහර ඉලිප්පිලා තියන අත් වලින් අර පුංචි පුංචි බැජ් වේගෙන් බ්ලේසර් එකට ගහන්න ගියත් ඒවා අතින් ලිස්සිලා යද්දි කටින් ‘ච්හ්!’ කියලා තරහින් මතුරන ආර්යන් අයියගෙ උරහිස මම තදින් අල්ලලා එයාව එහාට කරා.

“ගිහින් ඇදගන්න. මම මේක කරන්නම්.” මම අපිලිවෙළට ගහලා තිබ්බ බැජස් ටික හරි ගස්ස ගස්ස හෙමින් සීරුවේ ඒත් වේගෙන් ගහගෙන යද්දි ආර්යන් අයියා ගිහින් එයාගෙ ස්පෝට්ස් බෑග් එකෙන් බඩු එළියට ඇදලා ගන්නවා මම ඇස් කොණින් දැක්කා.

“අනිත් බ්ලේසර් එක කෝ?” විනාඩි දෙකකට විතර පස්සෙ මම බැජ් ටික ගහලා ඉවර වෙලා බ්ලේසර් එක පිළිවලට මේසෙන් එලුවා.

“මේ බ්ලේසර් බෑග් එකේ.” මම ගිහින් ඒ බෑග් එකෙන් තනි නිල් බ්ලේසර් එකත් ඇදලා අරන් අර මේසෙ උඩින්ම තියලා ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා. කොණ්ඩෙ ගන්න දෙයක් නෑ මුගේ.

“ජෙල් ගෙනාවද?” ආර්යන් අයියා එයාගෙ ස්කූල් ටී ශර්ට් එක ගලවන ගමන් ඔලුව වැනුවම මම ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තා. බනින්න එපා ශාක්‍ය..බනින්න එපා..ඌත් ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ..

“මම එද්දි ඇදගෙන ඉන්න.” ආර්යන් අයියා ස්කූල් ටී ශර්ට් එකේ බොත්තම් දාන එක නවත්තලා මන් දිහා බැලුවම මම ටක්ගාලා අහක බලාගත්තා. තමුසෙ විතරක් නෙවෙයි මමවත් දන්නෑ ඇයි මම මෙහෙම තමුසෙට උදව් කරන්නෙ කියලා. සමහරවිට පහුගිය ටිකේ කරපු උදව් නිසා වෙන්නැති.. වීදුරු දොරත් ඇරගෙන මම පඩිපෙළ වේගෙන් බැහැගෙන ගිහින් අපේ හවුස් රූම් එක ඇතුලට ගියේ මම කලින් අයුක අයියට ඕන වෙයි කියලා හිතලා තිබ්බ ජෙල් එකයි බොඩි ස්ප්‍රේ එකයි අතට ගද්දී..

“මල්ලි කොහෙද යන්නෙ?”

“මේ අපේ ස්කොඩ් එකේ ළමයෙක්ට දෙන්න..”

“ඔහොම ඉදපන් උබට අමාරුයිනෙ-”

“නෑ නෑ මට අවුලක් නෑ! උබ මෙතන බලපන් මන් එනකන්!” මම ටක්ගාලා එළියට පැනගෙන ආයෙම පඩිපෙළ අරගෙන උඩට ගිහින් මීටින් රූම් එකේ ටේබල් එක උඩින් බොතල් දෙකම සද්දෙට තිබ්බෙ කකුළත් අල්ලගෙන.

“ඉදගන්න ආදිල්.” මම එතනම තිබ්බ පුටුව අරන් වාඩි වෙලා මන් ඉස්සරහ ඉන්න ආර්යන් අයියා දිහා බැලුවා. එයා දැන් හිටියේ අර පාට තුනේ බ්ලේසර් එක ඇදගෙන..මේ බ්ලේසර් එක කොහොමත් තියෙන්නෙ ටොප් බෝඩ් එකටයි හවුස් කැප්ටන්ස්ලාට විතරයි. ඒකත් දැන් මේ බ්ලේසර් එක ඇදගෙන හිටපු ආර්යන් අයියට නිකන් උරම දෙයක් වගේ..ඒ තරම් ඕරා එකක් දැන් ආර්යන් අයියා ගාව තිබ්බෙ. Head Prefect කියලා කලු පාටින් ගහපු අඬ සඳ වගේ රවුම් වෙච්ච ගෝල්ඩ් කලර් ලොකු බැජ් එකක් හරියටම වම් පැත්තෙ තිබ්බ ඇෂ්ක්‍රොෆ්ට් හවුස් බැජ් එකට උඩින් ගහලා තියෙද්දි ඒ යටින් හවුසස් පහේම පොඩි බැජස් පොළිමට උඩ ඉදන් යටට ගහලා තිබ්බත් එක්කම බ්ලේසර් එකේ දකුණු පැත්තෙ තිබ්බෙ තනිකරම එයා කරපු ස්පෝට්ස් වල ඇචීව්මන්ට්ස්.. කලින් අර වෙලේ බැජස් ටික ගහද්දි තිබ්බ කලබලේට මට පහළොවෙන් පස්සෙ කවුන්ට් එක මිස් වුණා.. Like I said..this man does not need an aura. He is THE aura.

කොණ්ඩෙට ජෙල් ගාන ගමන් ආර්යන් අයියා අනිත් පැත්ත හැරිලා බෑග් එකෙන් මොකද්ද මන්දා අරන් එකපාරටම මට විසි කරාම මම ටක් ගාලා ඒක අල්ලගත්තෙ ඇස් දෙක ලොකු කරගන්න ගමන්..මේ මනුස්සයා ඔක්කොම ඇදගෙන ඉවර වුණාට පස්සෙද ටයි එක දාන්නෙ?? මාර යකෙක්නෙ.

“ආ මේක දාගන්න.” කොණ්ඩෙ හදලා ඉවරවෙනකන් බලන් ඉදලා මම ටයි එක එයාට දික් කරාම ආර්යන් අයියා මන් දිහා හරිම අමුතු විදිහට බැලුවා. මට කියන්න එපා..

“මෙච්චරකල් ටයි එක දාගත්තෙ කොහොමද?”

“සඳැස් හරි අනිත් දෙන්නගෙන් එක්කෙනෙක්.” මම ආර්යන් අයියා දිහා දිගටම බලන් ඉද්දි එයා එයාගෙ උරහිස් දෙක උස්සලා මගේ ඉස්සරහට එන්න ගත්තා.

“Can you?” මම මගේ අතේ තිබ්බ ටයි එක දිහා බලන් ඉදලා ඔලුව වැනුවා.

“මන් මීට කලින් මෙහෙම කාගෙවත් දාලා නෑ..” මම ටයි එක මගේම බෙල්ල වටේ දාලා ගාණට ගැටේ ලස්සනට හිටින්න හදලා ටයි එක බෙල්ලෙන් ඇදලා ගලවලා ඒක ආර්යන් අයියට දාගන්න දුන්නත් ඒකේ යට පටිය ඉස්සරහ එකට වඩා දිග වුණා..ඔහොම ඔහොම හතර පාරක් ඒක ෆේල් වුණාට පස්සෙ මම ලොකු හුස්මක් අරන් ගිව් අප් කරන්න බලන් නැගිටින්න හදද්දි ආර්යන් අයියා ඇවිත් මගේ කකුළ් දෙක ගාවින් හිටගත්තම මම එයා දිහා මොකද්ද ඔයා කරන්නෙ වගේ ලුක් එකෙන් බැලුවත් එයා මන් දිහා බලන් ඉදලා අනිත් පැත්ත හැරිලා මට පිටුපාන විදිහට දණ ගහගත්තම මන් උඩට ගත්ත හුස්ම ටික එහෙම්ම හිර කරගත්තෙ රැඇක්ට් කරගන්න විදිහක් හිතාගන්න බැරුව.

“Now try it.”


A/N

ඉස්කෝලෙ ගැන වැඩිය හිතන්න එපා මොකද මම ඔය ලියන්නෙ මම ඉස්කෝලෙ යන කාලේ ගත්ත එක්ස්පීරියන්සස්!

Adareyyy මන් 🥺❤️ කමෙන්ට්ස් වලට පිං!! මොකද ඒවා කියවද්දි මට පුදුම සතුටක් එන්නෙ..

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 21, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 21, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 21 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 21 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 21 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 21 light novel, ,

Comment

Leave a Reply

Chapter 21