À¶»À¶¯À·… | The Kandyan Aristocrats 22

A+ A-

“අ..ආර්යන්-” ඒ එක්කම මට කට්ටියක් පඩිපෙළ දිගේ උඩට මහ සද්දෙන් කියව කියව එනවා ඇහුණ නිසා මන් ආර්යන් අයියගෙ බෙල්ල වටේට ටයි එක දාලා ටක්ගාලා ගැටේ ගහලා දාලා එයාගෙ උරහිසට තට්ටු කරේ එයත් ඉන්න තැනින් නැගිටිද්දි..මේ මනුස්සයා දැන් ටිකකට කලින් මන් ඉස්සරහ දණ ගහපු එක- නෑ නෑ ඒක දැන් වැඩක් නෑ! මාත් ටක්ගාලා පුටුවෙන් නැගිට්ටෙ මීටින් රූම් එකෙන් එළියට එන්න..

“මේක ඔයා ගාව තියා ගන්නවද?” මම ඔලුව වනලා බ්ලේසර් එකත් අරන් මීටින් රූම් එකෙන් එළියට ඇවිත් පඩිපෙළ නැගගෙන උඩට එන මල්ලිලා දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා.

“අයියෙ අපිට මෙතන ඉන්න පුලුවන්ද?” මම උරහිස් දෙක උස්සලා උන්ව පහු කරගෙන පඬිපෙළ බැස්සා. අපිත් ඔය වයස පහු කරා මල්ලි..

“මීටින් රූම් එකේ ආර්යන් අයියා ඉන්නවා.”

“හම්මට- අඩෝ! අයියේ තෑන්ක්ස්!” පිටිපස්ස නොබලම මම ආපහු මගේ හවුස් රූම් එකට ආවම තනුජයා මට ස්කොඩ් එකේ මල්ලි කෙනෙක්ගෙ යුනිෆෝර්ම් එකේ ඇප්ලට්ස් ගහන ගමන් අතක් වනලා කතා කරාම මමත් එතනට ගියා.

“ඒ අර මල්ලිගෙත් යුනෆෝර්ම් එකට මේවා ගහපන්.” මම බ්ලේසර් එක පුටුවක් උඩින් තියලා තාම ඇප්ලට්ස් දාපු නැති මල්ලිලා අයියලාගෙ යුනිෆෝර්ම් එකේ උරහිස දෙපැත්ත උඩ හිටින විදිහට කොළයි කහයි පාටින් නයෙක්ගෙ ඩිසයින් එකේ තිබ්බ ඇප්ලට්ස් දෙක තියලා තද කරා.

“තෑන්ක්ස් මචන්!”

“හොඳට කරපන්.”

විනාඩි විස්සකට කලින් ස්පෝට්ස් මීට් එක පටන් ගත්තත් අපි කට්ටියම හවුස් රූම් එකේ හිර වෙලා හිටියේ..මොකද දැන් පටන් ගන්න ටීම් ඉවෙන්ට්ස් රිලේස් එක්ක ඒ මල්ලිලාවයි අයියලාවයි ලෑස්ති කරන්න වුණේ අපිට..අන්තිමට හෙන වෙලාවක් අමු දාඩියේ මේ කට්ටියව ලෑස්ති කරලා මායි තනුජයි කෙලින්ම හවුස් රූම් එකෙන් එළියට පැනගත්තෙ අමතක නොකර ආර්යන් අයියාගෙ බ්ලේසර් එකත් අතට අරගෙන..

ස්පෝට්ස් කම්පෙක්ස් එකෙන් එළියට ආපු ගමන් අපි අර මාස් ටෙන්ට් එක අස්සෙන් අනිත් පැත්තට යද්දි මන් දැක්කා ඇමතිලා තුන් හතරදෙනෙකුයි ෆේමස් ආටිස්ට්ස්ලා වගේකුත් ටෙන්ට් එක ඇතුලේ වාඩි වෙලා ඉන්නවා..ඔය එක්කම මගේ ඇස් දෙක ගියේ අත දික් කර කර ශවිරු අයියාගෙ තාත්තා එක්ක කතා කරන පිනා දිහාවට..ඒ පාර අත් දෙකම දික් කරනවා. ඔහොම්මම කකුළකුත් දාපන් සර්..මම ඒ එක්කම පිනාගෙ එහා පැත්තෙ අත් දෙකත් පිටිපස්සට බැඳන් හිටගෙන හිටපු ආර්යන් අයියා දිහා බැලුවා..ඔය ඉන්නෙ ගැම්මට..දැන්නම් සිරාවටම ඌ අටපට්ටමක් වගේ..මූණ පෙනුනෙ නැති වුණත් මට කියතෑකි පොරගෙ විදිහට මූණේ හිනා පොදක් තියා කිසිම හැගීමක්වත් දැන් මූණේ නෑ කියලා..ඒත් වැඩේ තියෙන්නෙ මූ ඉන්න විදිහට පට්ට ගැම්මක් එන එකනෙ..හරියට…හරියට අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා කට ඇරලා ගැම්මෙන් කියන්න පුලුවන් හැගීමක්.

අපි එහෙම්මම අපේ හවුස් එකේ ඩෙකෝ එක ගාවට ගියා..මේ පාර තේම් එක අර එදා මට වොශ් රූම් එකේදි ඇහුණා වගේම මාර්වල් වුණා. ඕක ලීක් කරලා තියෙන්නෙත් එදා අර බාස්කට්බෝල් මැච් එක දවසෙ ඇරගත්ත රෝඩෙල් එකේ එවුන්මයි..ඒත් කොහොම හරි ආර්යන් අයියා අපි බාර අරගත්ත කැරැක්ටස් හැම එකක්ම වෙනස් කරගන්න කියලා.. පස්සෙ අපි ලෝකි වෙනුවට හල්ක්ව ගත්තෙ ඒ නිසා..අනික ඒ ගන්න කැරැක්ටර් එක අපේ හවුස් එකේ කලර් එකත් එක්ක ක්ලෑශ් වෙන්න දෙන්නත් බෑ නෙ. දැන් මායි තනුජයි බලන් ඉන්නෙ ඒ දිහා..දවස් තුනක් තිස්සෙ අපි දෙන්නා මේක ඇදලා කොහොම හරි මන් නැතුව තනුජයා මල්ලිලා ටික දෙනෙකුයි අයියලා සෙට් එකකුයි එක්ක එකතු වෙලා තනියෙන් වැඩේ ඇදගෙන ගිහින් පට්ට ලස්සන ටච් එකක් කැරැක්ටර් එකට දීලා තිබ්බා.. මම තනුජයගෙ පිටට එකක් ගහලා උගේ කර වටේ අතක් දැම්මෙ ආපු සතුටට.

“උබ යකෙක් බන්.” හැම හවුස් එකකටම එක සමාන ප්‍රමාණෙන් ලොකු ටෙන්ට් පහක් තියෙනවා..ඉතින් අපේ ටෙන්ට් එකට ඇතුල් වෙන තැන දෙපැත්තෙන් නිකන් ටෙන්ට් එක කඩන් වැටෙනවා වගේ ලුක් එකක් දෙන්න අපි රිජිෆෝම් වලින් වැඩ කෑලි දාලා ලස්සනට ටච් එකක් දුන්නා.. එතකොට හල්ක් ගැන කිව්වොත් ඌ ඉන්නෙ ටෙන්ට් එක උඩ.. ඈත ඉදලා එද්දි ඕනම කෙනෙක්ට පෙන්නෙ හරියට අපේ ටෙන්ට් එක උඩින් තැලිලා වගේ.. මොකද හල්ක් ටෙන්ට් එක උඩ දණ ගහගෙන Eyilsworth කියලා ලොකුවට ලියපු යකඩ කෑල්ලක් අත් දෙකෙන් උස්සන් කෑ ගහන් ඉන්න විදිහට පේන්නේ හරියට එයා ඒක ඉස්සරහට විසි කරන්න ඉන්නවා වගේ..

“අඩේ මල්ලිලා..! ගැම්මක් හරිය! අඩෝ මන් දැක්ක ගතිම එකහ් බන් මේ!” මායි තනුජයයි හිනා වෙවී එන එන අයගේ කම්ප්ලිමෙන්ට්ස් අහන් හිටියා..සිරාවටම මේක මාරම ගති.

විනාඩි ගාණකට පස්සෙ මම ටිකකට වාඩි වෙන්න යනවා කියලා තනුජයාව එයාගෙ බැට්මින්ටන් කොල්ලෙක් එක්ක තියලා ශේප් එකේ අර මාස් ටෙන්ට් එක හරියට ඇවිදන් යන්න ගත්තෙ මගේ අතේ තියන බ්ලේසර් එක අයිතිකාරයාට දෙන්න බලාගෙන.. මොකද ස්පෝට්ස් රිලේටඩ් ඒවට අර ඉරි ඉරි බ්ලේසර් එක ඇන්දට දැන් ටොප් බෝඩ් එකට ඩියුටි වැටෙන වෙලාව..ඒක නිසා එයා මේ බ්ලේසර් එක අදින්න ඕනෙ.. මම සර්ලා වාඩි වෙලා ඉන්න පැත්තෙන් ඇතුලට එබීගෙන දිගටම ඉස්සරහට යන්න ගත්තෙ ආර්යන් අයියා එතන ඉදපු නැති නිසා.. සිරාවටම මේ යකා කෝ? මට මේ කකුළත් එක්ක තාම හරියට මෙහෙම එකදිගට ඇවිදින්නත් බෑ..අනික දිගටම මේ විදිහට ඇවිද්දොත් හවස් වෙද්දි දෙයියෝ බුදුන් සිහි කරගන්න වෙයි.. ටෙන්ට් එක ඉවර වෙනවත් එක්කම හවුසස් වල ප්‍රයිසස් තියලා තිබ්බ ස්ටෝල් එක හරියට මම හෙමින් සැරේ ඇදි ඇදි යද්දි එතන ශවිරු අයියලා ඉන්නවා දැක්ක නිසා මම එතනට ගියා..

“ශවිරු අයියෙ..” මම ස්ටෝල් එක පුරාවටම ඇස් යැව්වා..කො ඒත් මූ නෑ නෙ. එක්කෝ ශවිරු අයියටම දීලා යනවද? ඔව්. ඒක හොඳයි..හදිස්සියේවත් මට ආර්යන් අයියව හොයා ගන්න බැරි වුණොතින්. හ්ම්..ශවිරුටම දෙනවා.

“ඕ මල්ලේ..කියපන්.” ශවිරු අයියා ටිෂූ එකකින් මූණ පිහදාන ගමන් මන් දිහා ටක්ගාලා බලලා ආයෙම මගේ පිටිපස්සෙ මොකක් හරි දෙයක් දිහා ඇස් හීනි කරන් රවාගන්නවා මන් බලාගෙන..

“කොහෙද ඔය ඇවිදින්නෙ?? මේ පැත්තෙ ඇවිදන්න කරන්න බෑ කියලා ඊයේ සිංහලෙන්ම අනවුන්ස්මන්ට් එකේ කිව්වා නෙහ්??මොකද්ද තමුසෙලාගෙ ග්‍රේඩ් එක?!” ශවිරු අයියා මගේ උරහිස උඩින් අතක් තියාගෙනම මාව පහු කරන් යද්දි මමත් ඒ පැත්ත බැලුවම දැක්කෙ පොඩි මල්ලිලා වගයක් ආපස්සට පන කඩාගෙන දුවනවා.. ශවිරු අයියත් ඒ පැත්තට යන ගමන් කොණ්ඩෙ හද හද ප්‍රිෆෙක්ට්ස්ලාට අත දික් කර කර බනින්න ගත්තම මම ලොකු හුස්මක් උඩලා ඇදලා ගත්තා.. එක්කෝ මන්ම ගිහින් ආර්යන් අයියාව හොයාගන්නවා.. මේ වැඩ අස්සෙ කට්ටියම හෙන ස්ට්‍රෙස් එකක ඇත්තෙ. අතේ තියෙන බ්ලේසර් එක දිහා තත්පර ගාණක් බලන් ඉදලා මම ග්‍රවුන්ඩ් එක වටෙන් යන්න ගත්තා..ඔහොම යද්දි හම්බෙන්නැතෑ..අනික මූත් මාර එකෙක්නෙ..ඕනෙ නම් හොයාගෙන එන්නැතුව ලෝකෙන්ම ලෙෆ්ට් වෙන එක හරිද??

මම ආයෙම මට ටිකක් ලගින් පේන්න තියෙන හවුස් ඩෙකෝස් ටික දිහා බලලා ආයෙම අනිත් පැත්ත හැරිලා අර මාස් ටෙන්ට් එක පැත්තට යන්න ගත්තා..මොකද ආර්යන් අයියා ඉන්නවා නම් ඉන්න ඕන ඒ හරියේ අපේ පිනා එක්ක..අනික එයාටයි සඳැස් අයියටයිනේ චීෆ් ගෙස්ට්ස්ලව බලන්න වෙන්නෙ..ඒත් මම ඉන්න තැනම නැවතිලා බලන් හිටියේ මන් ඉන්න පැත්තට තව ඉස්කෝලවල් වල කට්ටයක් එක්ක ග්‍රවුන්ඩ් එක ඇතුලට යන සඳැස් අයියාව දැකලා..ඇති යාන්තම් ආර්යන්ගෙ කෑල්ල ඉන්නවා. ටක්ගාලා මම සඳැස් අයියා ගාවට දුවගෙන ගියා.

“මල්ලි..ඇයි මොකෝ අවුල?” මන් වටපිට බලන ගමන් සඳැස් අයියා දිහා බලලා දත් තිස්දෙකම දාලා හිනා වුණාම පොර ඇස් දෙකත් විසාල කරගෙන මන් දිහා බලන් හිටියා.

“අයියා ආර්යන් අයියාව දැක්කද?” මන් අත උස්සලා ආර්යන් අයියගෙ බ්ලේසර් එක පෙන්නුවම සඳැස් අයියා ඒක දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙම මන් දිහා බැලුවා. මොකද මූ මේ හරියට හොල්මනක් දැකලා වගේ?

“ආ..ආර්යන්ද? එයා හවුසස් චෙක් කරන්න ගියා මල්ලි..මොකද තව ටිකකින් ජජස්ලා එනවා කිව්වා ලකුණු දාන්න.”

“ආ හරි අයියේ..තෑන්ක්ස්.” කොහොමත් දැන් මෙතන ඉන්වයිටඩ් ස්කූල්ස් එක්ක තියෙන රිලේ එක බලන්න වෙන නිසා සඳැස් අයියටත් මේක දෙන්න බෑ..මම හැරිලා හවුස් ඩෙකෝස් පැත්තට යන්න හැරුණා.

“ආ ශාක්‍ය මල්ලි..!” ඇවිදින එක නතර කරලා මම ආයෙම සඳැස් අයියා දිහා බැලුවම එයා ටක්ගාලා මන් තැනට ඇවිත් එකපාරටම රහසක් කියන්න වගේ මගේ මූණ ගාවට නැවුණා.

“ඔය යන ගමන් ඇෂ්ක්‍රොෆ්ට් හවුස් එකෙන් නිශල්කට පොඩ්ඩක් අපේ ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකට එන්න කියනවද?” මම තොල් දෙක තද කරගත්තෙ සඳැස් අයියගෙ කටහඬ ලාවට වෙව්ලනවා වගේ දැණුන නිසා..මූ ලෙඩ වෙලාවත්ද?

“ආ..හරි අයියේ.” මන් ලාවට හිනාවක් දැම්මේ අවුලක් නෑ කියලා පෙන්නන්න වුණත් තාම සඳැස් අයියගෙ මූණ කලින් වගේමයි..අව්වට ඇහි බැම එකතු වෙලා ඒ මදිවට දාඩිය මූණ පුරා වැක්කෙරනවා වුණත් මේ පාර නම් ඒක අව්වටම කියන්නත් බෑ..ඒ තරම් මොකක් හරි අවුලක් පේන්න තියෙනවා.

“හැබැයි මන් කතා කරා කියලා කියන්න එපා මල්ලි..” සඳැස් අයියා බ්ලේසර් එකේ බට්න්ස් දෙක ගලවලා එකපාරටම පිටිපස්ස හැරිලා එතන හිටපු ප්‍රිෆෙක්ට් කෙනෙක්ට අතින් අරගොල්ලොන්ව ග්‍රවුන්ඩ් එකට ගන්න කියලා සිග්නල් එක දීලා ආයෙම මන් දිහා බලලා මගේ උරහිසෙන් පේන අපේ හවුසස් තියෙන පැත්ත දිහා හෙන වෙලාවක් බලන් ඉන්න ගත්තෙ අව්වට ඇස් දෙකත් හීන් කරගෙන කටේ එක පැත්තකුත් අමාරුවෙන් උස්සගනිද්දි. හරි..අනිවා මොකක් හරි මුන් දෙන්නගෙ තියෙනවා.

“එහෙම කිව්වොත් එයා එන එකක් නෑ.” මම සද්දෙ නැතුව ඔලුව වැනුවා.

“මොකක් කියලද කියන්න ඕන?” එතකොට සඳැස් අයියා කරේ උරහිස් දෙක උස්සලා නළලට අතක් තියාගෙන අමාරුවෙන් අහස දිහා බලපු එක. මේ මොකද යකෝ මේ?

“මට තේරෙන්නෑ මල්ලි..මොකක් හරි කියන්න…මන් දන්නෑ.” සඳැස් අයියා කොණ්ඩෙ දිගේ වේගෙන් අත යවන්න ගත්තා.

“හරි මන් මොකක් හරි කියන්නම්.” සඳැස් අයියා මන් දිහා බලලා ඔලුව වනලා ග්‍රවුන්ඩ් එක මැද්දට ඇවිදන් ගියා.. ඇවිදන් ගියා කිව්වට මන් නම් හිතන්නෑ පොර සිහියකින් ඒ ඇවිදන් ගියේ කියලා. මම ටක්ගාලා අපේ හවුසස් පැත්තට ගියා..

“ඕයි හේශිත්! ඕයි!!” පිස්සෙක් වගේ ඇෂ්ක්‍රොෆ්ට් ටෙන්ට් එකේ ඉදලා ග්‍රවුන්ඩ් එකට දුවපු හේශිත් මම කතා කරපු පාරට දුවන එක නවත්තලා මන් ඉන්න පැත්තට හැරුණත් එකපාරටම බැලන්ස් එක නැති වෙලා පොර ඉස්සරහට ඇදගෙන වැටෙන්න හදද්දි ටක්ගාලා ඌ වැටෙන්න නොදී බැලන්ස් එක හදාගන්න දිහා මම ඉණට අත් දෙකත් ගහගෙන බලන් හිටියා. ඇෂ්ක්‍රොෆ්ට් එකේ බෙස්ට් ඇත්ලට් නේද මේ?

“ඕ කියපන්..! උබට අවුලක්ද?” මම ඔලුව වැනුවා.

“කො අරූ?”

“කවුද අරූ?”

“අරූ බන්..නිස්සා?”

“මොකක්? ඉස්සා??” තාම ග්‍රවුන්ඩ් එකේ ඉදන් කෑ ගහන හේශිත් දිහා මම බලන් හිටියේ සෝ ඩන් ලුක් එකකින්.. ඇෂ්ක්‍රොෆ්ට් හැමෝම මෙහෙමද?

“නෑ පොකිරිස්සා! අනේ හුත්තෝ මෙහාට වරෙන් මට කියලා-” මම කට දත කරගත්තෙ මන් දිහා ස්කූල් යුනිෆෝර්ම් එකේ කොලර් එකේ අග පහ වසරේ ටැග් එකක් ගහන් හිටපු පොඩි මල්ලි කෙනෙක් කට ඇරන් බලන් ඉන්නවා දැක්ක නිසා.

“මොනාද බලන්නෙ? යනවා හවුස් එකට-”

“මල්ලි අතන්ට යන්න..” ඒ එක්කම හේශිත් මගේ පිට මැද්දට ගහලා මාව අයිනකට ඇද්දා.

“මොකද යකෝ අර පොඩි එකාට බැන්නෙ?” මම නහයත් පුම්බලා හේශිතයාගෙන් මගේ අත ඇදලා ගත්තා.

“මේක නම් මහා වදයක් අප්පාආආ! කෝ කියහන්කො දැන් අර නිසල්කයා?? ඒ මදිවට මේ පගයත් නෑ!” මම අතේ තිබ්බ බ්ලේසර් එක උස්සලා හේශිත්ගෙ මූණට ගැහුවා.

“ආව්වා! මොන උට්ටකටද මට ගහන්නේ!!” මම බිම තිබ්බ තනකොළ දිහා බලලා කකුළෙන් බිම පහුරු ගාන්න ගත්තා. මටමයි මේවා වෙන්නෙ.

“දැන් කාගෙද ඕක?”

“අර ආර්යන් අයියගේ..අනේ මේ ඌ වැඩක් නෑ! මට නිශල්කයාව හොයලා දීපන්..”

“ඌ ඉන්න තැන දන්නවා නම් අනේ උබ බුදු වෙයි..! පුලුවන් නම් මට කියපන්..මාත් මේ උදේ තිස්සෙ ඌව හොයනවා..ඒත් මේ යකා ආගිය අතක් නෑ!” ඒ පාර මම හේශිත් දිහා බැලුවා.

“උබ උදේ ඉදන් කියන්නෙ කොයි වෙලේ ඉදන්ද?”

“උදේ දහය යකෝ..! දැන් වෙලාව බලපන්..දෙකයි පනහයි..තුනටත් ලඟයි!”

“යකෝ දැන්ද කියන්නෙ??”

“උබ හොස්පිට්ල්නෙ බන් හිටියේ.. උබට වද දෙන්න ඕන වුනේ නෑ..ඒකයි මම බලන් ඉන්න බැරිම තැන ගමිදු අයියත් එක්ක නිසල්කයව මේ හොයන්න යන්න හැදුවෙ.”

“ඒත් ඇයි ඌ එකපාරටම එහෙම අතුරුදහන් වුනේ?” එතකොට හේශිත් කරේ ටක්ගාලා වටපිට බලපු එක..ආහ් හරිනේ..මන් නැති ටිකට හොඳ මඟුලක් වෙලා වගේ..

“අද උදේ නිශල්කයයි සඳැස් අයියයි අපේ හවුස් රූම් එකේ හොඳට බැන ගත්තනෙ බන්..සඳැස් අයියා පොඩ්ඩක් සැරට බැන්නා අරූට..ඊටපස්සෙ නිශල්කයා සඳැස් අයියාට හොඳ කුණුහර්ප තොගයක් පලලා උගේ බ්ලේසර් එකත් බිමට දාලා රූම් එකේ දොරත් කඩාගෙන එළියට යන්න ගියා..තරහ අඩු වෙන්න කියලා මාත් ඌට ඔන්න ඔහේ ඉන්න දෙන්න ඇරියම මේ පගයා ආගිය අතක් නැති වුණානෙ..පස්සෙ මට සවීන් අයියගෙන් බැනුම් අහන්නත් වුණා ස්කොඩ් එකේ ලමයිව බැලුවෙ නෑ කියලා..ඒකයි මටත් යන්න බැරි වුණේ.” මම ඇස් දෙක රෝල් කරා..ඔය කරගෙන තියෙන්නෙ.

“හරි. උබ ගිහින් නිශල්කව හොයපන්.. මන් මේක ආර්යන් අයියාට දීලා ටක්ගලා එන්නම්.” හේශිත් එතනින් යන්න ගියාට පස්සෙ මන් ඇෂ්ක්‍රොෆ්ට් ටෙන්ට් එක පිටිපස්සට ගියේ ඉස්සරහින් යනවට වඩා මෙතනින් යන ඒක ලේසියි කියලා හිතාගෙන වුණත් මන් එහෙම්ම ඒ අදහස ඒ තත්පරේම අතෑරගත්තෙ ටෙන්ට් එක පිටිපස්සෙ හිටපු කට්ටියව දැකලා..ඕ ශිට්! මේ අයියලා ටික ටෙන්ට් එක පිටිපස්සෙ ඉදන් බොනවා..වුකනවනේ ඉතින්!

මම කිසිම සද්දයක් නොකර ටක්ගාලා පිටිපස්සට ගිහින් ආයෙම එළියට ආවෙ කරගන්න දෙයක් නැතුව..අඩේ මරු ආතල් එක හැබැයි..විනයභාරට කිව්වා ඇෂ්ක්‍රොෆ්ට් ඊළග තත්පරේ ඩිස්කොලිෆයිඩ්..එතකොට සෙකන්ඩ් ප්ලේස් එකේ ඉන්න අපි නිකන්ම ෆස්ට්. මම කට කොණේ තිබ්බ හිනාව තත්පර අරික්කාලකින් නැති කරගත්තෙ ඉස්සරහට ආමි කමාන්ඩෝස්ලා දෙන්නෙක් එක්ක පිනායි වයිස් ප්‍රින්සිපල්ස්ලා දෙන්නත් එක්ක ආපු ආර්යන් අයියාව දැකලා..ඒ එක්කම මුලු ඉස්කෝලෙම දෙදරිලා යන්න අනවුන්ස්මන්ට් එකක් යන්න ගත්තෙ හැමෝම ලමයි ඇවිස්සලා යද්දි..

“I assume the war has officially begun…! Am I right my boys??” ඒ එක්කම ග්‍රවුන්ඩ් එකේ හිටපු හැමෝම වගේ එකට කෑ ගැහුවා.

“Once again..! My dear fellow brothers, welcome to the 152nd Annual School Sports Meet! It is with great pride that we officially declare the event open. Our esteemed principals and honorable guests, escorted by our school’s head boy, are currently visiting the house tents to recognize and reward your hard work and dedication. And after that we invite everyone to gather by the running tracks shortly for an incredible performance by our invited schools. Also please be mindful of where you stand, as the runners will be using the tracks. Let’s make this event a memorable celebration of sportsmanship and excellence! – I am Sachintha Liyanage from the School’s Media Unit.”

මම ටක්ගාලා හවුස් ටෙන්ට් ලඟ වට වෙලා හිටපු ළමයි අස්සට කවලම් වෙලා අපේ හවුස් එක ඉස්සරහට ඇවිත් හිටගත්තත් මාව ඉන්නතැනම ගල් වෙලා ගියේ අනිත් හැමෝම වගේ කොන්වෙල් හවුස් එකේ ඩෙකෝ එක දිහා බලන් ඉන්න ඕන ආර්යන් අයියා මන් දිහා බලන් ඉන්දැද්දි..අනවුන්ස්මන්ට් එක ඉවර වුණා විතරයි. ඒ එක්කම හැම කොල්ලෙක්ම එකපාරටම ග්‍රවුන්ඩ් එකේ ගහලා තිබ්බ ලොකු ස්ක්‍රීන් එක දිහා බලන්න ගත්තා..දැන් තමයි මෙච්චරකල් හවුස් එකේ තියපු මැචස් වලයි හවුස් රූම් වල නටපු පිස්සුයි ඔක්කොම එකතු කරලා හදපු වීඩියෝ එක දාන්නෙ..

අනිත් හැමෝම වගේ මාත් ඒ දිහා බලන් ඉදලා ආයෙම ආර්යන් අයියා දිහා බැලුවෙ එයා තාමත් මන් දිහා බලන් ඉන්නවා කියලා දන්න නිසා..ඒ එක්කම මන් ඉන්න පැත්තට එන්න ගත්ත එයා දිහා බලන් ඉදලා මම ඇහි බැම දෙක අකුළගෙන අපේ හවුස් ටෙන්ට් එක පිටිපස්සට හෙමින් සැරේ යන්න ගත්තෙ කිසිම කලබලයක් නැතුව..බ්ලේසර් එක දෙන්න. එච්චරයි තිශාක්‍ය…

හවුස් ටෙන්ට් එක පිටිපස්ස ලගට ගිහින් මන් ඒකට දාපු කලු රෙද්ද පැත්තකට කරලා ඇතුලට ගිහින් බැලුවෙ කවුරු හරි ඉන්නවද කියලා බලන්න වුණත් කවුරුත්ම හිටපු නැති නිසා මම හෙමින් සැරේ ඇතුලට ගිහින් ටෙන්ට් එකේ ගහලා තිබ්බ යකඩ පොල්ලකට හේත්තු වුණේ තත්පර පහ හයක් යන්න කලින් ඇතුලට ආපු ආර්යන් අයියා දිහා බලලා ලාවට බෙල්ල ඇද කරගන්න ගමන්.

මම බ්ලේසර් එක දික් කරලා ඇස් වලින් ඒක ගන්න කියලා බ්ලේසර් එක දිහාවට පොයින්ට් කරාම ආර්යන් අයියා මන් ලගට ඇවිත් ඒක අරගත්තත් එයා ඊළගට කරේ මන් හිතපු නැති දෙයක්.. ඇදන් හිටපු බ්ලේසර් එකේ බොත්තම් දෙක ගලවලා එතනම තිබ්බ පොඩි ලී ස්ටූල් එක උඩින් වාඩි වුණු එයා දිහා බලලා මන් ඔලුව වැනුවෙ ඇයි කියලා අහන්න.

“වතුර තියෙනවද?” මම මුකුත් නොකියම අපේ හවුස් ටෙන්ට් එක ඇතුලෙ තිබ්බ මිනි ෆ්‍රිජ් එකෙන් පොඩි වතුර බෝතලයක් අරන් ආයෙම එන ගමන් ඒක ආර්යන් අයියගෙ ඇගට විසි කරලා ආයෙම අර කණුවට හේත්තු වුණේ එයා වතුර බෝතලේ කවරේ කඩාගෙන බොන විදිහ බලාගෙන. ඇත්තටම ඒ වෙලාවේ මගේ මේ මොලේට මොකක් හිතුනද කියන්න මන් දන්නෑ..ඒත් මම දැන් මේ කරේ මම ඉස්සරහට අනිවාර්යෙන්ම පසු තැවෙයි කියලා සීයට සීයක් විශ්වාස දෙයක්..සීසයට සීයක්?? ඔව්..සමහරවිට ස්කූල් ලයිෆ් එක කාලෙටම.

“ඇෂ්ක්‍රොෆ්ට් ටෙන්ට් එක පිටපස්සෙ..” වතුර බෝතලේ හිස් කරලා වේගෙන් හුස්ම ගන්න ගමන් මන් දිහා බලපු ආර්යන් අයියා මන් දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා.

“දැන් ජජස්ලා ඇත්තෙ බේයස් එකේ. ඊළගට රෝඩෙල්..දැන්ම ගියොත් හවුස් එක බේරගන්න පුලුවන්.” මම ටෙන්ට් එකෙන් එළියට ආවා..තමුසෙ නම් මහා පිස්සෙක් තිශාක්‍ය..! මම කෙලින්ම ගියේ ඉස්කෝලෙ ඇතුලට අපේ අනිත් ඩ්‍රාමා කින්ග්ව හොයාගෙන..දැන් ඒ මඟුලත් විසදන්න එපැයි.

“ශාක්‍ය..!!” මැත්ස් සෙක්ශන් එකට දුවගෙන යන අතරෙ මාව එහෙම්ම නතර වුණේ කොහෙන්ද මන්දා ආපු නිශල්කගේ කටහඬ නිසා. මම වටපිට බැලුවා..

“මේ පැත්තේ!” එතකොටම මගේ ඇස් දෙක ගියේ මැත්ස් බිල්ඩින් එකට වම් පැත්තෙ තිබ්බ පොඩි පාර ගාවට.. බිත්තයට හේත්තු වෙලා හිටපු නිශල්ක එතනින් ඈත් වෙලා ඒ ඇතුල් පාරට යද්දි මගේ ඇස් හීන් වුණා.. ටක්ගාලා නිශල්කගෙ පස්සෙන් රිදෙන්න ගත්ත කකුළත් එක්ක මන් වේගෙන් වේගෙන් ඌව අල්ලන්න බලාගෙන ඇවිදින්න ගත්තේ මුගේ අවුල මම අද කොහොම හරි අහගන්නවා කියලා හිතාගෙන.

“මෙච්චර වෙලා හිටියේ මේකෙද?” ලයිබ්‍රි එකට ඇතුල් වෙන ගමන් ඔලුව වනපු නිශල්ක ලයිබ්‍රි එකේ ඇතුලටම ගිහින් අන්තිම පොත් රාක්කෙ තිබ්බ තැනින් ඇතුලට ගිහින් කකුල් දෙක පපුව ගාවට අරගෙන බිම ඉදගන්න විදිහ බලාගෙන මමත් එතනට ඇවිත් මගේ තුවාල වෙච්ච කකුළ අතකින් අල්ලන් අමාරුවෙන් වාඩි වුණේ මන් දිහා රතු වෙච්ච ඇස් දෙකෙන් බලන් හිටපු නිශල්ක දිහා බලලා මම ලාවට හිනාවක් දාද්දි..

“ඇයි මේ?” මුකුත් නොකියාම වේගෙන් ඔලුව වනපු නිශල්ක පොත් රාක්කෙට ඔලුව තියන් ඇස් වහගත්තා.

“මට ඒ පාහාරයාව පෙන්නන්න බෑ ශාක්‍ය..!”

මළ උට්ටයි..

A/N

අනේ වැරදි චෙක් කරේ නෑ..එහෙම තැන් තිබ්බොත් දැක්කෙ නෑ වගේ යන්න වස්තූලා..!!

ස්පෝට්ස් මීට් එක ඉවර කරන්න හිතෙන්නෑ අප්පා..එච්චරට මන් ඒ කාලෙට කැමතියි..ම්හුක්ක්! Adareyyy ❤️

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 22, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 22, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 22 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 22 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 22 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 22 light novel, ,

Comment

Leave a Reply

Chapter 22