À¶»À¶¯À·… | The Kandyan Aristocrats 23

A+ A-

“ඒ ගැන කතා කරන්න කැමතිද?” නිශල්කයා වේගෙන් ඔලුව වැනුවම මම ලාවට හිනා වුණා..මොකද නිශල්කයගෙ මේ සයිඩ් එක මට අලුත් දෙයක්.

“හ්ම්..කතා කරන්න ඕන බන්. ඒත් මෙහෙම බෑ. අනික දැන් ඒක මෙහෙමයි…” මම නිශල්ක දිහා දිගටම බලන් හිටියේ එයාට ඉතුරු ටිකත් කරතා කරන්න දීලා.

“මන් අරයා එක්ක යාලු වුණා බන්.” හිනාව කටින් පනින් ගියපු නිසා මම තදින් දොල් දෙක තද කරන් අහක බලා ගත්තේ දැන් මෙතන හිනා වුණොත් සඳැස් අයියා කෙසේ වෙතත් තිශාක්‍ය ලෙෆ්ට් ද චැට් වෙන නිසා..දරාගන්න බෑ උට්ටෝ මේවා!

“ඔය ඉතින් බෑ නෙ උබලා එක්ක!!”

“ආ හරි හරි..කියහන්කො ඉතින්. මන් හිනා වෙන්නෑ.”

“මොනා කියන්නද ඉතින්..මන් ඒක නැවැත්තුවා.” මම ඒ පාර කටත් ඇරන් නිශල්ක දිහා බැලුවෙ උබට පිස්සුද වගේ ලුක් එකක් දෙන ගමන්.

“මොකක්? ඒ ඇයි..?”

“හරියන්නෑ බන්.” නිශල්ක උරහිස් දෙක උස්සන ගමන් අහක බලා ගත්තම මම ඇහි බැම දෙක අකුළ ගත්තා.

“ඇයි ඉතින් එහෙම කියන්නෙ? හේතුවක් තියෙන්න එපැයි.”

“හරියන්නෑ කියන්නෙ ඉතින්..එයයි මායි පට්ට වෙනස් ඕයි. වෙනස් කියන්නෙ..හැම අතින්ම..!” ඇස් දෙක රෝල් කරන ගමන් මාත් මගේ පිටිපස්සෙ තියෙන පොත් රාක්කෙන් ඔලුව තියාගත්තා.

“දැන් උබ ආස උබ වගේම ඩයල් එකක් ඩේට් කරන්නද?” ඒ පාර නිශල්ක මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙම අහක බලා ගත්තේ නළලත් රැලිකරගන්න ගමන්. මේක මහා පුදුම කෝළමක් වුණානෙ.

“මන් දන්නෑ බන්..මට තේරෙන්නෑ.”

“හරි හරි දැන් ඔය විකාර වලින් වැඩක් නෑ..උබ දැන් හොඳ එකා වගේ මන් මේ කියන දේ අහපන් හරිද! මන් දන්නෑ උබලා දෙන්නා අතර මොන මඟුලක් වුණාද කියලා..ඒත් උබ ඕක ඔය නවත්තලා තියෙන්නෙ අවුල්ම වෙලාවක බන්..මොකද අරුන් ටික දැන් හරියට පිස්සො ටිකක් වගේ..මුලු ඉස්කෝලෙම උන්ව මේ දෙවිවරු ටිකක් වගේ ඇදහුවට උනුත් අපි වගේ කොල්ලො ටිකක්නෙ..උන් චරිත තමයි..මන් නෑ කියන්නෑ..ඒත් උන් හතර දෙනා අපිට වඩා අවුරද්දකින්නෙ වැඩිමල්..තව මුලු නුවරම බලන් ඉන්නෙ උන් ටික දිහා..එතකොට ස්ට්‍රෙස් නැද්ද බන් ඉතින්? අනික මට කට්ටියගෙ කටහඬවල් වල තියෙන මහන්සි පාටයි ගොරෑඬිකමයි හොඳට කියන්න පුලුවන් අහන් ඉද්දි..ඊටවඩා දැන් ටිකකට කලින් මට සඳැස් අයියගෙ කටහඬ ඇහුණේ නිකන් වෙව්ලනවා වගේ.”

“ඇයි අයියාට මොකද වෙලා තියෙන්නෙ?” මම ඇස් දෙක රෝල් කරා. උබෙත් මහ වුකන මරිසි තමයි නිශල්ක තියෙන්නෙ.

“බබා වෙන්න හදන්න එපා.. ගිහින් ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකේදි සඳැස් අයියා එක්ක ටිකක් හොඳින් කතා කරපන් අඩුම මේක ඉවර වෙනකන්වත්..පස්සෙ කතා කරගන්න එකක් කතා කරගන්න බැරියැ.” නිශල්ක හෙමිහිට ඔලුව වනලා අහක බලාගත්තම මම ලාවට හිනා වුණා.

“උබ යන්න දැන්..මන් ටිකක් ඉදලා යන්නම් එතන්ට.” මම ඔලුව වනලා නිශල්කගෙ දණහිට පාරක් ගහලා ඉන්න තැනින් නැගිට්ටා.

“ඌත් එක්ක ටිකක් ඉවසපන්..”

මම ලයිබ්‍රි එකෙන් එළියට ඇවිත් කෙලින්ම ගියේ හේශිත්ව හොයාගෙන. පස්සෙ ඌටත් වටෙන් ගොඩින් විස්තරේ කියලා සඳැස් අයියාට වැඩේ හරි කියලා දැන් ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකට එන්න කියලා ඌ අතේම මම පණිවිඩේ යැව්වෙ මගේ කකුළත් දැන් ගලවලා දාන්න තරම් රිදෙන්න අරන් තිබ්බ නිසයි. එහෙම්මම මම ගියේ අපේ හවුස් ටෙන්ට් එක ගාවට..ඇයි ඉතින් ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එක අස්සට ගිහින් අරුන් දෙන්නගෙ කිචි බිචිය අහන් ඉන්නද?

දැන් වෙද්දි ග්‍රවුන්ඩ් එකේ සිංදු දාලා තිබුණේ. තව පැය බාගෙකින් ටීම් ඉවෙන්ට්ස්..ඊටපස්සෙ ස්ටාෆ් එකටයි ගෙස්ට්ස් ලටයි ඔනර් එක දෙන්න කැඩෙට්, වෙස්ටන් බෑන්ඩ්, ඊස්ටන් බෑන්ඩ් ඩිස්ප්ලේ තුනක් යනවා..ඔය ඔක්කොම ඉවර උනාට පස්සෙ අපේ ලාස්ට් රිලේස් ටික..අන්තිමට තියන්නේ අපි හැමෝම පිස්සුවෙන් වගේ ලෑස්ති වෙච්ච ස්කොඩ් එක..ඕකත් ඉවර වුනාට පස්සෙ චීෆ් ගෙස්ට් එයාගෙ කතාව කරලා අපේ හවුසස් වල වින් කරපු මැචස් වල අවෝඩ්ස් දීලා ඔක්කොම ගණු දෙණු ටික ඉවර කරන එක..ඊටපස්සෙ අන්තිමට තමයි අපේ හාට් ඇටෑක් මෝමන්ට් එක එන්නෙ. ශවිරු අයියා මයික් එක අරන් අපේ හවුසස් වල ප්ලේසස් දෙනවා..

මම අපේ හවුස් ටෙන්ට් එක එහා පැත්තේ බිම වාඩි වෙලා හිටපු ටීම් ඉවෙන්ට් කට්ටිය ගාවට ගිහින් හිටගත්තෙ හිතට ආපු ගට් ෆීලින් එක නිසා..මේක දින්නොත් කෙලින්ම අපිට ලකුණු දෙකක්.  එහෙම නැතුව කොන්වෙල් මේක දින්නොත් අපේ හවුස් එකට පොඩි ත්රෙට් එකක් එනවා..අපිට පස්සෙ කොන්වෙල් ඉන්නෙ ලොකු ගැප් එකකින් බව ඇත්ත..ඒත් බැරි වෙලාවත් අපේ ස්කොඩ් එක ෆස්ට් ගත්තෙ නැත්තන්..අපි ප්ලේසස් දෙකකින් පහළට බහින්න ඉඩ තියෙනවා. එහෙම වුනොත්..ඒකේ සම්පූර්ණ වැරැද්ද වෙන්නෙ මගේ.. උගුර හිර වෙනවා වගේ ආපු ෆීලින් එකට ටක්ගාලා මම ටෙන්ට් එක පිටිපස්සට ගිහින් ඒකේ මිනි ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයක් අරන් බීගෙන බීගෙන ගියා. සෙකන්ඩ් ප්ලේස් එක කමක් නෑ කියමුකෝ..මොකෝ ඉතින් අපි මෙච්චරකල් තියාගෙන ආපු ප්ලේස් එකනෙ..ඒත් තර්ඩ් හරි ෆෝර්ත් හරි වුනොත්- damn it.

මට වෙන දෙයක් ඕතන වුණා නම් අල්ලලා දෙන එක නතින්..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් බිබී හිටපු එකනෙ..ඒකයි මන් ඕක ආර්යන් අයියාටම කිව්වෙත්. අනික හවුස් ඩෙකෝස් බලනවා කියන්නෙත් ජජස්ලා ඇවිත් මුලු ටෙන්ට් එකම බලනවා කියන එක..එතකොට අරුන් ටික සඳ බොඳ වෙන්නම ගහලා හිටියාම මුලු ඉස්කෝලෙටම ඒක බ්ලැක් මාක් එකක්.

“ඕයි ශාක්‍ය! කොහෙද හුත්තෝ හිටියේ!!” එකපාරටම ටෙන්ට් එක ඇතුලට කඩිගාන ආපු තනුජ කඩාගෙන බිදගෙන ඇතුලට යන්න හදලා ආයෙම නැවතිලා මන් දිහා බලලා මහා හයියෙන් බෙරිහන් දුන්නම මම දත් තිස් දෙකම දාලා හිනා වුණා.

“තව හිනාත් වෙනවා..! උබලා මහා නරකයි බන්.” මම හිනා වෙවීම ගිහින් තනුජයාගෙ ඇගේ එල්ලුනේ ඌ මාව එහාට තල්ලු කරලා දාද්දී..

“හරි හරි මන් පස්සෙ සීන් එක කියන්නම්කො..මට නිස්සාව හම්බ වුණා.”

“නෑ නෑ මට කියන්න ඕන නෑ මන් දන්නවා! මට හේශිත්ව හම්බ වුණා.” අනාව්ව් මගේ බලු කුක්කාට තරා ගීන්..මම හිතලම තනුජයාගා බෙල්ල පිටිපස්සෙන් අල්ලා උගේ උරහිස උඩින් මගේ දත් ටික ගැහුවා.

“ආව් ආව් යකෝ..!! ඉන්න දීපන්කෝ! හරි හරි තරා නෑ මලවදේ!!” අන්න ඒම වරෙන්. මම හිනා වෙවීම එතන තිබ්බ ස්ටූල් එකෙන් වාඩි වුණා.

“ඒ මේ ඒක නෙමේ..උබට හිතෙන්නැද්ද අර ඇෂ්ක්‍රොෆ්ට් එකේ එවුන් ටිකක් අමුතුයි කියලා?” මම දණ හිසට අත තියලා කකුළ පොඩ්ඩක් ඉස්සරහට දිගාරින ගමන් උරහිස් දෙක ඉස්සුවා.

“ඇයි මොකෝ සීන් එක?”

“ඒ නෑ බන්..මන් දන්නෑ මට ශුවර් නෑ..ඒත් මට හිතෙනවා උන් මොකක් හරි සීන් එකක ඉන්නෙ කියලා.” මම තනුජ දිහා ටික වෙලාවක් ඕනෑකමින්ම බලන් හිටියා. මූ අරක ගැන දන්නවාවත්ද?

“මොකද්ද?”

“දන්නෑ බන්..ගමිදු අයියලා එහෙම හෙන සීරියස් පිට හිටියේ..දැන් අර ටිකකට කලින් මාත් එක්ක නිස්සාව හොයාගන්න යද්දි පවා ඌ හොඳට හිටියා..ඊටපස්සෙ මන් දැන් ටිකකට කලින් හේශිත්ව හම්බවුනු නිසා ඇෂ්ක්‍රොෆ්ට් හවුස් එක ගාවට ගියා ගමිදුවාට කියන්න අරූව හම්බවුණා කියන්න-“

“ඉතින්?”

“දන්නෑ බන් ඌ ඒවෙලාවෙ හෙන අමුතු විදිහට මාත්එක්ක කතා කරේ..පස්සෙ මන් ඒක අල්ලලා දාලා එන්න ආවා..මොකද අපිත් එහෙමනෙ හවුස් එකේ වැඩ වැඩි වුණාම..ඒත් මන් ආයෙම ඌව හොයන් උගේ හවුස් එකට ගියා ඊනෝ පැකට් එක දෙන්න අමතක වෙලා හරිද..මූ එවෙලෙ මාව දැක්කෙ නෑ..ඒත් මට ඇහුණා එවෙලෙ ඌ කොල්ලො ටිකකට අම්බානෙකට බනිනවා..පස්සෙ මන් ආයෙම ශේප් එකේ අපේ හවුස් එකට යන්න හිතාගෙන අනිත් පැත්තට හැරුණමත් එක්ක මන් දැක්කා ආර්යන් අයියයි සඳැස් අයියයි ඇෂ්ක්‍රොෆ්ට් ටෙන්ට් එක ඇතුළට කඩාගෙන බිඳගෙන යනවා.”

“ඉතින් එයාලාට එහෙම හවුස් එක ඇතුලට යන්න බෑනෙ..”

“ඒක තමයි මාත් කියන්නෙ..මොකක් හරි අවුලක් ගිහින් මන් හිතන්නෙ.” මම ඔලුව වනලා ආයෙම මගේ කකුළ දිහා බැලුවත් මන් ආයෙම ටක්ගාලා තනුජ දිහා බැලුවෙ උගේ මූණෙ තිබ්බ ලුක් එක නිසා.

“අඩෝ යමන්කො හොම්බ දාන්න.” මට කටෙන් හිනාවත් පැන්නා.

“ඒ ඕයි මේ..” මම තනුජ දිහා බලලා හොදවැයින් දෙකක් රැව්වා. දැන් වෙලාව හතරයි කාලයි..ඊස්ටන් බෑන්ඩ් එකේ නලා සද්දෙ මට මෙතන්ටම ඇහෙනවා..ඒ කියන්නෙ ඊටපස්සෙ වෙස්ටන් බෑන්ඩ්. ඒකෙන් පස්සෙ අපේ ස්කොඩ් එක..ශික්! අර වෙලේ අරුන්ගෙ ඕපදූප බලනන් ගියේ නැත්තන් මේ උට්ටක් වෙන්නෑනෙ! අපි දැන් ඉන්නෙ අපිට මුලු ඉස්කෝලෙන්ම යන්න රෙස්ට්‍රික්ටඩ්ම තැන..ඒකත් ක්‍රිකටර්ස්ලාට..මම රග්බි රූම් එක දිහා අප්පිරියාවෙන් බලලා ආයෙම ශවිරු අයියාගෙ ඩෙක් ශූස් දෙකේ ලේස් දෙක දාන්න ගත්තා..ප්‍රිෆෙක්ට්ස් රිලේ එක. ඕක නම් ඉතින් හැමපාරම වගේ දිනන්නෙ මුන්නෙ. එක්කෝ ලේස් එක ගැට ගහලා මැද්දෙන් කපලා දාන්නත් හිතෙනවා. ශවිරුවා වැටුණා කියන්නෙ ඊලගට ඉන්නෙ ආර්යන් කාරායා.. ඌට දුවන්නවත් වෙන්නෑ..මම කට කොණින් හිනා වුණා. අනික අද මන් ඇෂ්ක්‍රොෆ්ට් හවුස් එක විතරක් නෙවෙයි තමුසෙගෙ බැජ් එකත් බේරුවා..ඉතින් මේක පොඩි ප්රෑන්ක් එකක් විතරයි. හෙහේ සොරි සවිරුවා..

“උබ ඉවරද?” මම ඔලුව වනලා තනුජයා අහක බලා ගන්නවත් එක්කම ශවිරු අයියාගෙ ඩෙක් ශූ එක යට තිබ්බ මගේ කටර් එක අරන් සාක්කුවට ඔබාගෙන ඉන්න තැනින් නැගිට්ටා.

විනාඩියකට පස්සෙ අපි දෙන්නා රග්බි රූම් එකෙන් එළියට ගියේ මම මුලු රූම් එකම දිහා තත්පර ගාණකට ඇස් දෙක යවද්දී..තාම එදා තිබ්බ විදිහමයි. රග්බි රූම් එකෙන් එළියට ඇවිත් අපි දොරත් වහලා අනිත් පැත්තට අපි දෙන්නා ග්‍රවුන්ඩ් එක පැත්තට දුවගෙන ගියා.

කොහොම හරි බෑන්ඩ් ඩිස්පලේ ටික ඉවර වෙලා අනිත් පැත්තට 400m රිලේ එක පටන් අරන් ඒකෙන් දින්නෙත් ඇෂ්ක්‍රොෆ්ට් එක..එතකොට සෙකන්ඩ් ප්ලේස් ආවේ කොන්වෙල් එකට. අපේ මුලු හවුස් එකම දැන් හිටියේ පට්ටම ටෙන්ශන් එකේ..මොකද කොන්වෙල් එක හරියටම දැන් අපේ හවුස් එකත් එක්ක ලකුණු විසි හතරක ගැප් එකකින්..හදිස්සියේවත් රිලේස් තුනෙනුත් උන් ප්ලේස් කරොත් අපිට ඉතිරි වෙන ලාස්ට් හෝප් එක වෙන්නෙ ස්කොඩ් එක විතරයි.

“අඩෝ කොන්වෙල් හුත්තෝ! ශිට්!” අපි ඔක්කොම බැලුවෙ අයුක අයියා දිහා..ටයිට් ශෝට් එකයි ප්‍රිෆෙක්ට්ස් ටී ශර්ට් එකයි ගහගෙන අයුක අයියා බිම බලාගෙනම ග්‍රවුන්ඩ් එකට ගියා..පොරත් දැන් ඇත්තෙ පට්ට අවුලින්.

දැන් පටන් ගන්න යන්නෙ ප්‍රිෆෙක්ට්ස් රිලේ එක..රිලේ එකේ ට්‍රැක් එක ගාව ඉදගෙන බලන් ඉද්දි මන් දැක්කා ශවිරු අයියයි සඳැස් අයියයි සාහිල් අයියයි ආර්යන් අයියයි ශෝට්ස් ගහගෙන ප්‍රිෆෙක්ට්ස් ආර්ම් කට් ටී ශර්ට් එකෙන් අපේ පැත්තට එනවා..

“අඩෝ මුන්ම හතර දෙනා??”

“රිලේ එක නොතියා කෙලින්ම ඇෂ්ක්‍රොෆ්ට් එකට ප්ලේස් එක දුන්නානම් ඉවරනේ!”

අපේ වටේ ඉන්න කොල්ලො එපා වෙලා වගේ කියවද්දි මමත් කරේ අහන් හිටපු එක. ඇත්තනෙ ඉතින්..මේ රිලේ එකේ හැමදාම ප්ලේසස් ගත්තෙ ඇෂ්ක්‍රොෆ්ට් එකේ එවුන්..මොකද ඔය හවුස් එකේ ඉන්නෙ පට්ට ඇත්ලට්ස්ලා ටිකක්..ඒත් අද..යකෝ මුන් තුන්දෙනාම.. ශවිරු අයියා ඈත තියාම එයාගෙ ට්‍රැක් එක ගාව නැවතෙද්දි ඊළගට සාහිල් අයියයි සඳැස් අයියයි ග්‍රවුන්ඩ් එකේ එහා කෙලවරට ගියේ ආර්යන් අයියා විතරක් අපේ පැත්තට එද්දි..ආ උගේ ට්‍රැක් එක මෙතනද? ඉදපන්කො..කන ගාව ඉදන් අපේ හවුස් එකට චියර් කරන්න.

ආර්යන් අයියා හරියටම අපිට පොඩ්ඩක් ඉස්සරහින් වෙන්න ට්‍රැක් එකේ හිටගත්තම අපේ අයුක අයියා හිටගත්තෙ පළවෙනි ට්‍රැක් එකේ..

“Let’s go Ayukaa!!” මම හයියෙන් කෑ ගැහුවමත් එක්කම අපේ වටේ හිටපු ඒල්ස්වර්ත් එවුන් හැමෝම වගේ අයුක අයියට චියර් කරන්න ගත්තේ අපිට ටිකක් ඉස්සරහින් හිටපු ආර්යන් අයියා එකපාරටම පිටිපස්ස හැරිලා අපි දිහා බලද්දි.. මම කරේ ඌ දිහා බලන්නැතුව තනුජයත් එක්කම එකතු වෙලා අයුක අයියට පට්ට චියර් එකක් දුන්නු එක.

ඒ එක්කම ග්‍රවුන්ඩ් එකේ අනිත් පැත්තේ ස්ටාර්ට් එක ගන්න කට්ටියම නැවිලා දණහිසක් බිම තිබ්බම අපි කලින්ට වඩා හයියෙන් කෑ ගැහුවා..මුන් සෙට් එකම පට්ට තඩි ඇගවල් තියන එවුන්..මොකද ඔතන මුලින් දුවන්න ඉන්න හවුසස් පහෙන් තුන් දෙනෙක්ම රග්බි ගහන එවුන්..උන්ගෙ ස්පීඩ් එක හිතාගන්න බැරි තරම් වැඩියි..එතකොට මෙතනිනුත් ආර්යන් අයියා කියන්නෙ ඉස්කෝලෙන්ම ස්පීඩ් රනර් කෙනෙක්. ඒක කකුළ් වල තිබ්බ මසල්ස් වලින්ම කියන්න පුලුවන්..මම ඒ දිහා බලන් ඉද්දි එකපාරටම ගන් එකේ සද්දයක් ඇහුනේ ග්‍රවුන්ඩ් එකේ හිටපු හැමෝම වගේ පුදුම හයියෙන් චියර් කරද්දි..මුලින්ම දිව්වෙ සඳැස් අයියා..එයා ට්‍රැක් එකේ සෙකන්ඩ් ප්ලේස් එකෙන් ලීඩ් කරන් ආවම සාහිල් අයියත් සෙකන්ඩ් ප්ලේස් එක ලීඩ් කරන් ඇවිත් බැටන් එක ශවිරු අයියාට දුන්නේ ශවිරු අයියා ලේසියන්ම ෆස්ට් ප්ලේස් එක ලීඩ් කරන් අපි ඉන්න හරියට කඩාගෙන වේගෙන් දුවගෙන එද්දි-

“ඕ ශිට්!”

“අඩෝ ශවිරු අයියේ!!” මම කටත් තද කරන් ඇස් දෙක හීනි කරගත්තෙ ශවිරු අයියා වැටුණු වැටිල්ලට..ඩෙක් ශූ එක කෙලින්ම ගුවන් ගත වුණා කියාන්කො.

“ශවිරු කමෝන්!” මට එහෙන් ආර්යන් අයියා කෑ ගහනවා ඇහුණා.

ඒ එක්කම ශවිරු අයියා එකපාරටම නැගිටලා ආර්යන් අයියාට බැටන් එක දීලා එහෙම්මම එතනම කකූල අල්ලන් වාඩි වුණාම මටයි තනුජයටයි හිනා යන්න ආවත් අපි දෙන්නා දැක්කෙ නෑ වගේ අහක බලා ගත්තා. තනුජයා හිනා වෙන්නෙ අමු බයිට් එකට කියලා මන් දන්නවා..ඒත් පුතේ තිශාක්‍ය හිනා වෙන්නෙ වෙන දෙයක් නිසා..ඉම්හි ඉම්හි. “අඩෝ පව් කියලත් හිතෙනවා බන්.” මම කටවහන් ඔලුව වැනුවෙ ශවිරු අයියා අපි දිහා බලලා කටත් ඇද කරගෙන නොන්ඩි ගගහා එතනින් යන්න ගත්ත නිසා. මේ මැච් එකෙන් වින් කරේ අපි..එතකොට ශවිරු අයියලා සෙකන්ඩ් ප්ලේස්..ඉතින් හිතන්නකො ආර්යන් අයියගෙ ස්පීඩ් එක..අච්චර දෙයක් වෙලා මූ ඒ ගැප් එක අල්ලපු හැටි..මන් හිතන්නෙ ඒක නිසා එයාට තවත් ස්පොට් ලයිට් එක වැඩි වුණා..මොකද මන් දැක්කා ආමි එකේ අන්කල්ලා පවා ඇවිත් ආර්යන් අයියා එක්ක කතා කරනවා. සැක්! මූට අල්ලන් තඩිබාන ප්රෑන්ක් තමයි හරි යන්නෙ.

“As we continue our 152nd Annual School Sports Meet, it seems like it has come to an end.. But before that we’d like to take a moment to highlight the values of teamwork, discipline, and dedication. These qualities are not only the foundation of great sportsmanship but also essential in all aspects of life.

Up next, we present the most awaited event of the year—the squad performances! Each squad has trained tirelessly to bring honor to their respective houses. Representing Ashcroft, Eyilsworth, Bayes, Rodell, and Cornwell, these squads will showcase their unity, spirit, and skill.

Let’s cheer them on as they take the field and give us a display of excellence and house pride. Please direct your attention to the center of the field and enjoy the show!” මායි තනුජයි ශේප් එතේ ශවිරු අයියාව ස්පොට්ස් කම්ප්ලෙක්ස් එකදි බලලා අනිත් පැත්තට පිස්සො දෙන්නෙක් වගේ අපේ ස්කොඩ් එක හවුස් ටෙන්ට් එක ඉස්සරහ පෝළිම් ගැහෙන තැනට දුවගෙන ඇවිත් ටක්ගාලා අයුක අයියාට අපේ හවුස් ෆ්ලැග් එක හරියට හරිගස්සලා දීලා එයාගෙ යුනිෆෝර්ම් එකේ කොලර් එක හදන්න ගත්තා.

“කොහෙද යකෝ හිටියේ..අඩෝ දැන්නම් බයයි වගේ බන්. ටීම් ඉවෙන්ට්ස් දෙකම අනාගත්තා..ඒ මදිවට තිබ්බ රිලේස් දෙකත්-” මන් අයුක අයියගෙ උරහිස තදින් අල්ලලා පාරක් ගැහුවේ ලාවට හිනා වෙන ගමන්.

“බය වෙන්න එපා බන් අයියෙ..අපේ ස්කොඩ් එකට ගහන්න එකක් නෑ..අනික ස්කොඩ් එක පිටිපස්සෙන්ම අපි ඉන්නවා..ලයින්ස් ඇදේ ගියොත් අපි කියන්නම්.” අයුක අයියා දත් මිටි කන ගමන් ලාවට අපි එක හිනා වුණා. ඇතත්ටම අපිට මෙච්චර බය නම් පොර හවුස් එක උස්සන් ඉන්න විදිහට කොහොම බය වෙන්න ඕනද? ඒල්ස්වර්ත් ස්කොඩ් එක කියන්නෙ ආයේ වෙනනම බ්‍රෑන්ඩ් එකක්. මේක ස්පෝට්ස් මීට් එකට සති දෙක හමාරකට කලින් ඉදන් මුලු හවසම එක දිගට ආර්මි එකේ අන්කලා දෙතුන් දෙනෙක් ප්‍රැක්ටිස් කරවලා තමයි අද ආර්මි කමාන්ඩෝස්ලා අතින් ජජ් වෙන්නෙ. ඇෂ්ක්‍රොෆ්ට් පිට පිට ශීල්ඩ් එක ගන්නැති..ඒත් ස්කොඩ් ශීල්ඩ් එක අවුරුදු විසි නවයක් තිස්සෙම අහස උඩට ඉස්සුවෙ අපි.

“ශාක්‍ය උබ ස්පෙල් එක දීපන්.” හිනා වෙලා මම අයුක අයියා ෆ්ලැග් එක අල්ලන් ඉන්න අත උඩට ඉස්සුවෙ තත්පර ගාණක් යන්න කලින් අපේ හවුස් එකේ එවුන් අපි වටේට එකතු වෙද්දි..

හවුසස් පහේම ස්කොඩ්ස් දැන් තම තමන්ගෙ හවුස් ටෙන්ට් එක ඉස්සරහ ලයිනප් වෙලා හ්ම් සද්දයක් නැතුව පට්ට ගැම්මෙන් ආමි කාරයෝ වගේ පපුව ඉස්සරහට දාන් ඉද්දි ඒ ඒ හවුසස් වල ළමයි හවුසස් වටේට එකතු වෙලා ස්පෙල් එක දෙන්න ගත්තත් අපි බලන් හිටියේ ඒ හැමෝම කියලා ඉවර වෙනකන්..මොකද අපි තමයි අන්තමටම හැමෝම ගස්සවලා යන්න චියර් එක දෙන්නෙ.

සාමාන්‍යයෙන් හවුස් කැප්ටන් තමන්ගෙ හවුස් එකේ ස්පෙල් එක දෙන්නෙ වුණාට මෙතනදි ස්කොඩ් එක ලයිනප් වුණු මොහොතෙ ඉදන් හවුස් කැප්ටන් කියන්නෙ ස්කොඩ් එකේ පාට් එකක්. එහෙම වුණාම මේ මොහොතෙ ඉදන් හවුස් එකට පොයින්ට්ස් වැටෙන්න ගන්නවා..ඒක තමයි ස්කොඩ් එකක් කියනන්නෙ. අංක එක ඩිසිප්ලින් එක..ඒක හැදෙන්නෙ ටීම් වර්ක් එකෙන්. මොකද එක්කෙනෙක් හරි මෙතන හෙල්ලුනොත් හරි හිනාවුණොත් හරි ස්කොඩ් එකේ ඩිසිප්ලින් එක කැඩෙන විදිහේ මොනමමහරි දෙයක් කරෝතින් මුලු හවුස් එකේම කැපකිරීම ගහලා යනවා. ඒ එක්කම මම තනුජයා දිහා බලලා ඇහැක් ගැහුවේ ඌ මුලු හවුස් එකට ඇහෙන්න “ශ්ශ්..” කියද්දි..දැන් අනිත් හැම හවුස් එකක්ම සයිලනට්..නෑ මුලු ඉස්කෝලෙම වගේ සයිලන්ට්. අවුරුදු විසි නවයක් පුරාවටම ෆස්ට් ප්ලේස් ගත්තු එකේ අයිතිය අපිට හැමෝම දීලා තිබ්බා.

“Give me an E!….Give me an Y!….What’s the house!??”

“ඒළිස්!!” මුලු හවුස් එකම පට්ට බේස් කටහඬවල් වලින් ඒළිස් කියලා කෑ ගැහුවාම මන් දැක්කා අපේ ස්කොඩ් එකේ එවුන්ගෙ මුණු වල කලින් ගෑවිලා තිබ්බ පොඩි හරි බයත් ඒ තත්පරේ ඇතුළත නැති වෙලා යනවා..

“Who’s the best??!”

“ඒළිස්…!E..Y..I..L..S..W..O..R..T..H!! ඒල්ස්වර්ත්!!” වේගෙන් හවුස් එකේ ස්පෙල් එක අපි කෙලින්ම අපේ ස්කොඩ් එකේ එවුන්ගෙ මූණු ලඟට ගිහින් කෑ ගහලා හයියෙන් චියර් එකක් දුන්නට පස්සෙ අපේ හවුස් ඉන්චාර්ජ් ඇවිත් ස්කොඩ් එක ලගින් කට්ටයට අයින් වෙන්න කිව්වා. ඒ එක්කම අයුක අයියා මුලු ස්කොඩ් එකටම ඇහෙන්න පහසුවෙන් ඉන්න කියලා කමාන්ඩ් කරලා බලන් හිටියේ වෙස්ටන් බෑන්ඩ් එකේ ඩ්‍රමර්ගෙ කමාන්ඩ් එක දෙනකල්..

“The beasts are ready! Now let’s give our biggest cheer to our five houses!” වෙස්ටන් බෑන්ඩ් එක දුන්න කමාන්ඩ් එකට පස්සෙ සීරුවට ආපු ස්කොඩ් එකට අපි හැමෝම හයියෙන් කෑ ගහලා චියර් කරේ කට්ටිය විනාඩියක් විතර කල් බලලා ගමනේ යන්න ගනිද්දී..

ස්කොඩ් පහෙන් මුලින්ම යන්නෙ අපේ ස්කොඩ් එක..මමයි තනුයයි තව අපේ ඕල්ඩ් බොයිස්ලා ටික දෙනෙක් එක්ක දැන් ස්කොඩ් එක පස්සෙන්ම ලයින්ස් ඇදේ යද්දි කිය කිය පස්සෙන් ආවත් පෝඩියම් එක පේනමානෙ තියලා අපි ටික නැවතුනේ එතන ජජස්ලා පිරිලා හිටපු නිසා..

ස්කොඩ් එක පෝඩියම් එකට මීටර් දහයක් විතර තියලා අයිස් රයිට් එක දුන්නත් හරි අයුක අයියා එයාගෙ ෆ්ලැග් එක පහතට කරලා එයාගෙ නිකට උස්සලා දකුණු පැත්ත මුලු ස්කොඩ් එකත් එක්කම යැව්වෙ පොඩියම් එක උඩ හිටපු ආර්යන් අයියා එයාගෙ අත නළල අගට තියලා සැලූට් එකෙන් ඔනර් එක දෙද්දී..මන් හිතන්නෙ මුලු ස්පොට්ස් මීට් එකෙන්ම පවර්ෆුල්ම සීන් එක මේක.. ඊටපස්සෙ ජජස්ලාට හිටපු ආමි කමාන්ඩෝස්ලත් ඒ විදිහටම අත නළල ලගට ගෙනත් සැලූට් එක දුන්නෙ ඇප්රූවල් එකට වගේ ලාවට ඔලුව වනන ගමන්. අපේ හවුස් ස්කොඩ් එකේ ඕරා එක වෙනමම බ්‍රෑන්ඩ් එකක්.

“අඩෝ පට්ට ගති වොත්තෝ!”

ස්කොඩ් පහම දැන් ග්‍රවුන්ඩ් එක මැද්දෙ විනාඩි ගාණක් තිස්සෙ කල් බලනවා..ඒ එක්කම අපි කට්ටියම ග්‍රවුන්ඩ් එක මැද්දට වෙන්න ටිකක් ලන් වුණේ කල් බලලා ඉවර වෙච්ච ගමන්ම දුවගෙන ගිහින් ස්කොඩ් එක පිටිපස්සෙ ඉදගන්න..කොහොමත් මෙතනින් පස්සෙ තමයි යුද්දෙ පටන් ගන්නෙ. ඒ එක්කම වගේ මුලු ස්කොඩ් පහම බෑන්ඩ් එකත් එක්කම කල් බලන එක නැවැත්තුවේ අපි හැමෝම ගිහින් හවුස් එක පිටිපස්සෙ වාඩි වෙද්දි..ඒ එක්කම වෙස්ටන් බෑන්ඩ් එකේ කමාන්ඩ් එකත් එක්ක හැම හවුස් එකකම හවුස් කැප්ටන්ලා තුන් දෙනා ඇරෙන්න ස්කෝඩ් එකේ අනිත් අය හැමෝම ඉදගත්තා. දැන් ග්‍රවුන්ඩ් එකටම හිටගෙන ඉන්නෙ වෙස්ටන් බෑන්ඩ් එකයි කැපාලා ටිකයි.

පැය බාගයක් තිස්සෙ අපිට වුණේ චීෆ් ගෙස්ට්ගෙයි පිනාගෙයි කතාව අහන් ඉන්න වුණු එක..අනික අපේ ස්කොඩ් එකත් හිටියේ වෙස්ටන් බෑන්ඩ් එකට වම් පැත්තෙ හරියටම ග්රවුන්ඩ් එකේ සෙන්ටර් එකට වෙන්න..ඒ කියන්නෙ පෝඩියම් එක ඉස්සරහ..මරු එක කියන්නෙ පෝඩියම් එක එහා පැත්තෙ චීෆ් ගෙස්ට් ගාව හිටගාන ඉන්න ආර්යන් අයියාව මට දැන් හොඳට පේනවා..එයාගෙ බැජ් කන්දරාව අව්වට හට පේන්නෙ දිළිසාන තරු වගේ..එච්චරට බ්‍රයිට්. තව අත් දෙකට දාගෙන හිටපු සුදු ග්ලවුස් නිසා පොරව දැන්නැති ඕනම කෙනෙක් හිතයි මූ ආමි කාරයෙක් කියලා.

කතා පෙට්ටිය ඉවර වුණාට පස්සෙ මන් දැක්කා මීඩියා ක්ලබ් එකේ අයියලා දෙන්නෙක් ස්ටේජ් එකට ආවා.

“අඩෝ පපුවත් ගැහෙනවානෙ හුත්ත.” මමත් දැන් ඉන්නෙ බය වෙලා..මොකද මේ මෙඩ්ල්ස් ටික දීලා ඉවර වුණාට පස්සෙ තමයි අපේ ස්කොඩ් එකේ ප්ලේස් එකයි ඊටපස්සෙ අපේ හවුස් එකේ ප්ලේස් එකයි කියන්නෙ..මන් හිතන්නෙ දැනටමත් ආර්යන් අයියලා එහෙම දන්නවා ඇති..

“My dear brothers, we have reached the final and most significant event of our 152nd Annual School Sports Meet. It is now time to celebrate the hard work and dedication you’ve all shown.

We will be awarding medals for each category of competition and presenting cups to the victorious teams and individuals. This is the moment where your efforts, perseverance, and sportsmanship are recognized and rewarded. Let’s honor the champions of this year’s sports meet and celebrate their remarkable achievements together!” ඔය අස්සෙ මහා හයියෙන් වෙස්ටන් බෑන්ඩ් එකේ පපරේ එක ගියේ හවුසස් පහම මහා හයියෙන් කෑ ගහද්දී..

After a series of incredible races and outstanding performances, it is our pleasure to declare Eyilsworth House as the champions! Congratulations to all the swimmers of Eyilsworth House for their exceptional teamwork, skill, and determination. Your hard work and dedication have led you to this well-deserved victory. Let’s give them a big round of applause as they come forward to receive their trophy!” අපේ අයුක අයියා ෆ්ලැග් එකත් අරන් ඩිපියුටි වයිස් කැප්ටන්ස්ලා දෙන්නත් එක්ක ගිහින් ස්විමින් trophy එක අරන් ඇවිත් ස්කොඩ් එක ඉන්න තැන ඉසස්රහින් තිබ්බා.

“අරුන්ගෙ කප්ස් දහ අටයි නේ??” මම ඔලුව වැනුවා..අපේ කප්ස් පහළොවයි..එතකොට දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේන් අවෝඩ්ස් ටික විතරයි.

“Alright..what’s next?? Ah ha!! The Rising House award. This special recognition goes to the house that has shown remarkable improvement, enthusiasm, and spirit throughout the events. To accept this prestigious award, we invite Thishakya De’Abrew who is an active sportsman from Eyilsworth House to come forward. Let’s give a warm round of applause for Eyilsworth House and Thishakya De’Abrew as they receive this honor!”

“අඩෝ අඩෝ මැණිකේ! නැගාටපන් පකෝ ඉක්මණට-” මම ටක්ගාලා නැගිටලා අවෝඩ් එක ගන්න පෝඩියම් එකට ගාවට හවුස් ෆ්ලැග් එකත් උස්සන් මන් පිටිපස්සෙන් එන අයුක අයියා එක්ක ගියා.

“Well done my boy!” අපේ ෆාදර් මගේ පිට ගැලවිලා යන්න පාරක් ගහලා මාව හෑන්ඩ් ශේක් එකකට ඇදලා ගනිද්දි මන් මොකාද එකා වගේ ඉස්සරහට ඇදිලා ගියේ ලඟ හිටපු පිනායි අයුක අයියයි බක බක ගාලා හිනා වෙද්දි..ෆාදර් පවා මාර ඩයල් එකක්නෙ..යකෝ ස්පෝට්ස් කරන අපිටවත් මෙච්චර හයියක් නෑ. මම හෑන්ඩ් ශේක් කරලා ඉවර වෙලා ෆාදර් දුන්න සිල්වර් පතරංග කප් එක අත් දෙකට ගත්තෙ පිනාගෙ එහා පැත්තෙ දැනටමත් ලාවට කට දෙපැත්තෙ ඇදිලා තිබ්බ ආර්යන් අයියා දිහාත් අමතක නොකර බලන ගමන්..එයා ඒ මාත් එක්ක හිනා වුණාද?

මම අපේ හවුස් එක පැත්තට හැරිලා කප් එක ඉස්සුවත් එක්කම අපේ එවුන් ඉන්න තැන් වලින් නැගිටලා කෑ ගහන්න ගත්තා..see Aryan. No one can do it like us. හවුස් එකට යන ගමන්. මන් අයුක අයියගෙ අතින් ෆ්ලැග් එක අරන් ඌට මගේ අතේ තිබ්බ කප් එක දුන්නා.

“හරි නම් උබයි අයියේ මේක ගන්න ඕන..”

“පිස්සුද බන්. මමනෙ ගිය අවුරුද්දෙ ඕක ගත්තෙ..මතකද? මිථ්‍ය අයියා එදා මගේ නම දැම්මේ මේ පාර මට ෆ්ලැග් එක අල්ලන් ඉන්න වෙනවා කියලා දැනගෙන..ඇරත් ලබන පාර උබට මේ වගේම ෆ්ලැග් එක අල්ලන් ඉන්න වෙන නිසා තමයි මම උබේ නම දැම්මෙ.” හවුස් එක ලගට යනකන් මන් මුකුත් නොකියා අයුක අයියා කියන ඒවට දුන්නෙ හිනාවක් විතරයි..මොකද මේ වගේ මෝමන්ට් එකක් මට උගෙන් ගන්න ඕන වුනේ නෑ. කොහොමත් කවුරු කොහොම මට කිව්වත් මන් නම් ප්‍රිෆෙක්ට්ශිප් එකකට අත දාන්න යන්නෑ.

දැන් තමයි අපේ හාට් ඇටෑක් මෝමන්ට් එක පටන් ගන්නෙ…



A/N

සමාවෙන්නෝන වැරදි තියෙනවා නම්! චෙක් කරන්න බැරි වුණා දරුවනේ..ඔය ස්පෝට්ස්මීට් එක තනිකර මන් ගත්ත එක්ස්පීරියන්ස් එකක් ම්හුක්ක් ❤️ and thank you sooo much for the 10K views 😭❤️ මන් සිරාවටම හිතුවෙ නෑ ඔයාලා මේක කියවයි කියලා..

ආයෙම එන්නම්..දැන් ඉතින් නෙක්ස්ට් චැපියෙන් ස්පෝට්ස් මීට් ඉවර නිසා මුන් දෙන්නව යාලු කරන්නත් එපැයි.. කොල්ලෙක්වත් නැති මම වෙන කොල්ලොන්ව සෙට් කරවනවා..සමහරක්වෙලාවට හිතෙනවා මට නැති කොල්ලෙක් මොකටද මූට කියලා..එච්චරට තනිකඩවෙලා ඉදලද කොහෙද හවැඇඇඇ!

අනේ ඒක නෙමේ..මන් හරි ආදරෙයි මගේ රීඩර්ස්ලට! ඔහේලා මාර කියුට් අප්පාආ! මගේම මයින්ඩ්සෙට් එකේ සීන් ටිකක් කියලා දැනෙද්දි හෙන සතුටුයි..! එන්න අපි යාලු වෙමු….👉🏻👈🏻

Adareyyy ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 23, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 23, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 23 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 23 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 23 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 23 light novel, ,

Comment

Leave a Reply

Chapter 23