À¶»À¶¯À·… | The Kandyan Aristocrats 24

A+ A-

“3rd place goes to…..” ස්කොඩ් එක ඉස්සරහ ෆ්ලැග් එක අත් දෙකෙන් අල්ලන් හිටපු අයුක අයියා ෆ්ලැග් එක තනි අතින් අල්ලන් පොඩ්ඩක් ඉස්සරහට බරවෙනවත් එක්කම අපි කට්ටියම නැගිටලා ගිහින් අයුක අයියයි ඩිපියුටීස්ලා වටේ රවුමට එකතු වුණේ අයුක අයියා එයාගෙ බර සම්පූර්ණෙන්ම මට දෙද්දී..

“අපි තර්ඩ් ප්ලේස් නෙවෙයි අයුකයා! හිතට හයියගනින්.” අපිට පපරේ එක ගහනවා ඇහුණා.

“Cornwell house!! With 567 points!!” ඒ එක්කම අපි හයියෙන් කෑ ගැහුවා. දැන් ඉතිරි අපියි ඇෂ්ක්‍රොෆ්ට් එකයි.. කොන්වෙල් එකේ එවුන් සෙලිබ්‍රේට් කරලා ඉවර වෙනකන් හැමෝම බලන් හිටියා..මොකද ඊටපස්සෙ තමයි ෆස්ට් ප්ලේස් එක අනවුන්ස් කරන්නෙ..මම කෙලින්ම පෝඩියම් එක දිහා බැලුවෙ මයික් එක දැන් අතේ තියන් ඉන්න ශවිරු අයියා දිහාවට..පොර හැමදාම වගේ කාම්..එයාට පිටිපස්සෙන් ආර්යන් අයියයි සඳැස් අයියයි සාහිල් අයියයි තුන් දෙනාම කිසිම හැගීමක් නැතුව ඉස්සරහ බලන් හිටියා. කොහොමත් එයාලට වින් එක සෙලිබ්‍රේට් කරන්න බෑ..මොකද උන් හතර දෙනා හවුසස් පහටම අයිතිය තියන කට්ටියක්. ඒක නිසා මොක දින්නත් ඒක එයාලා වින් කරා වගේ. ඔය එක්කම කට්ටිය එකපාරටම සයිලන්ට් වුණේ ශවිරු අයියා හිටගෙන ඉන්න පොඩියම් එක දෙපැත්තෙන් එකපාරටම ගින්දර උඩට යන විදිහට මුලු ග්‍රවුන්ඩ් එක වටේටම ගින්දර ලස්සනට උඩට යද්දි..

“My dear fellow ***, the moment we’ve all been waiting for has arrived. After an intense competition filled with passion, determination, and unwavering spirit, it’s time to reveal the house that has emerged victorious. This house has shown exceptional talent, teamwork, and perseverance, leaving an indelible mark on this year’s sports meet.

As we recount the hundreds of events, the thrill of each race, the strength of every athlete, and the unity displayed on the field, one house stood above the rest. With hearts pounding and anticipation high, we are proud to announce that the first place in the 152nd Annual School Sports Meet goes to…

Ashcroft House!! With 634 points!!

Let’s give them a thunderous round of applause as they step forward to claim their well-deserved victory!” ඒ එක්කම අපි අත්පොඩි ගැහුවා..කමක් නෑ. අපේ ස්පොට් එක හැමදාම වගේ රැක්කා..

“කමක් නෑ බන් අපි ගේමක් ගැහුවා.” අපි හැමෝම අල්ලන් ඉන්න මඟුල් බිමට අතෑරලා අයුක අයියාවයි ඩිපියුටීස්ලා දෙන්නවයි කරවල් වලට ගත්තෙ කෑ ගහන ගමන්.

“The second place goes to.. Eyilsworth house!!With 600 points..! Well deserved.. Congratulations!!” මන් දැක්කා කැපාලා හතර දෙනාම කවදාවත් නැතුව අපේ පැත්තට හැරිලා අත් උඩට උස්සන් ක්ලැප් කරනවා.

“අපි දන්නවා හුත්තෝ අපි දෙක කියලා!! ගැම්මක් අයුකයා!!!” තනුජයා අයුක අයියාව අපි දෙන්නාගෙ කර උඩින් අරගෙන ඌ උගේ අත් දෙකට අරන් වටයක් කැරැකෙව්වෙ අපි හැමෝම හයියෙන් හිවා වෙවී අපේ හවුස් ස්පෙල් එක කියලා චියර් කරද්දී..අපි මෙච්චර පොයින්ට් ගොඩක් ගත්තෙ ස්කොඩ් එක වින් කරපු නිසයි..නැත්තන් අපිත් පන්සිය ගාණකින් නැවතෙනවා..

මම අයුක අයියගෙ ෆ්ලැග් එක උඩට උස්සලා වැනුවා.. කොහොම හරි ලබන පාර කප් එක ගන්න එක ගන්නවාමයි. මන් ඉස්කෝලෙන් අයින් වෙන්න කලින් මොනම හරි මඟුලක් කරලා කප් එක අපේ හවුස් එකට ගන්නවා. ඒකට තියෙන මැච් හැම එකක්ම ගහන්න වුණත් මන් කරනවා..මොකද මේ පාර මටයි තනුජයලාටයි ස්කොඩ් එකට ඉන්න වුණේ නැත්තෙත් අපිට ලබන මාසෙ බිග් මැච් එක නිසා. ඒත් ඊළග පාර මේ කප් එක අපිට ගේන එක ගේනවා.

හවස හත වෙනකන් තිබ්බ ඩී ජේ එකට පිස්සු හැදිලා වගේ නටලා අපි හැමෝම හවුස් එකට හම්බවුණු කප්ස් ටික වටේ වටවෙලා ස්කොඩ් ශීල්ඩ් එක අයුක අයියාට අල්ලන් ඉන්න දීලා එක එක විදිහට ෆොටෝස් අරන් වටින කියන ඔක්කොමත් අරගෙන ආපහු ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකට එන්න ආවා..දැන් නැටුවා වගේ නෙවෙයි ඉතින් මේවා සුද්ද කරන්න ගත්තම.. මුලින්ම බෝධියෙනුයි චර්ච් එකෙනුයි වැඩ අල්ලන්න ඕන.. නැත්තන් අපිට වේවැල් පාරවල් කන්න වෙයි පහුවදාට. මොකද හාමුදුරුවොයි ෆාදර් උයි අපිට මැච් එකකට කලින් ආශීර්වාද කලා වගේ නෙමෙයි වස් ගායනා තියන්න ගත්තම..හෙහේ මැරිලත් ඉන්න හම්බෙන එකක් නෑ.

අපි වොශ් දාලා කාලා බීලා ඔක්කොම කරලා හවුස් රූම් එක එහෙම මොප් කරලා ඒ රූම්ස් තිබ්බ විදිහටම පැය දෙකක් ඇතුලත හදලා ජිම් එකට ඇවිත් ජිම්නාස්ටික් කරන අයගේ මෙට්ට මුලු ජිම් එකම කවර් වෙන්න එලුවේ රෑට කට්ටියම එක්ක නිදා ගන්න..මේක ඉතින් අපිට කරන්න වෙන්නෙ තව එක අවුරුද්දක් විතරයි කියලා මතක් වෙද්දි හිතට පට්ට දුකයි..ඒත් ඉතින් මොනා කරන්නද?

“මන් නංගිට කෝල් එකක් අරන් එන්නම්.” මන් තනුජයටයි හේශිතයටයි කියලා ජිම් එකෙන් එළියට එන්න ආවා. නිශල්කයා නම් ස්පොට්ස් මීට් ඉවර වෙලා ෆොටෝස් ගන්න තැන හිටියා දැක්කමයි ආයේ ඩිපියුටිත් එක්කම අතුරුදහන්..කොහොමත් උන් දෙන්නට කතා කරගෙන විසදගන්න පොඩි ගණුදෙණුවකුත් තියෙනවනෙ..

ෆෝන් එක සාක්කුවෙන් එළියට ගන්න ගමන් මන් ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකේ තුන් වෙනි තට්ටුවට පඬිපෙළ නැගගෙන ගිහින් හෝල් වේ එක දිගේ ඇවිදන් ගිහින් රූෆ්ටොප් එකට ආවා..මෙතන කොයි වෙලේ ආවත් තියෙන්නෙ මාරම නිදහසක්..මොකද ඉස්සර ඉදන් ටොප් බෝඩ් එක එහෙම වැඩ කරන්නෙ මෙතන ඉදගෙන..ඒක නිසා ළමයි එහෙම කවුරුත් වැඩියේ මේ පැතත්ට එන්නෙ නැත්තෙ ටොප් බෝඩ් එකේ එවුන් යුනිෆෝර්ම් එකේ හරි වැරැද්දක් ඇදලා ගන්න නිසා..හැබැයි දැන් ඉන්න ටොප් බෝඩ් එක ගොඩක් වෙලාවට බැලුවොත් ඉන්නෙ ප්‍රිෆෙක්ට්ස් රූම් එකේ..ඒකට හේතුව නම් මන් හිතන්නෙ උන් පොශ් වැඩියි..අර පේන්නැද්ද ආර්යන් අයියා එහෙම..මන් නම් හිතන්නෑ පොර ජීවිතේටවත් බස් එකකවත් ගිහින් ඇති කියලා.

“අපේ ස්පෝට්ස් රූම් සුද්ද කරලා දැන් තමයි පොඩ්ඩක් එළියට කියලා ආවෙ. මොකද කරන්නෙ?”
“හ්ම්..මන් හෙට දවල්ට එනවා. එතකොට මාළිගාවට යමු?”
“හා හා ඒ ගමන් චර්ච් එකටත් යමු..කෝ මාමා?”
“තාම නෑ..ඔයා කාලද?”
“හරි මන් තව ටිකකින් කොහොමත් කන්න හිටියෙ..ආ ඒක නෙමෙයි කොහොමද ලකුණු?” මන් රේලින් එකට හේත්තු වෙන්න අනිත් පැත්ත හැරුණම දැක්කෙ මේ පැත්තට එන ආර්යන් අයියව. අදත් එදා අර හොස්පිට්ල් එකේ හිටියා වගේමයි..කලුවරට මට එයාගෙ මූණ ෆෝන් ස්ක්‍රීන් එකේ එළිය නිසා හොඳට කැපිලා පෙනුනා..

ඒ එක්කම ෆොන් එක දිහා බලන් ආපු එයා එකපාරටම මන් දිහා ඔලුව උස්සලා බලලා කට අගට පොඩිම පොඩි හිනාවක් අරන් ඔලුව ලාවට එකපාරක් හෙමීට වනලා ආයෙම ෆොන් එක දිහා බලා ගත්තෙ මාව පුදුම කරවන ගමන්..අද ඔය දෙවැනි පාර..

“හ්ම්..සයන්ස් නේ අවුල්?” ෆෝන් එක දිහා බලාගෙනම ආපු එයා කෙලින්ම ඇවිත් මගේ එහා පැත්තෙන් හිටගෙන රේලින් එකට වැලි මිට තියලා හේත්තු වෙලා දිගටම එයාගෙ ෆෝන් එක ඔබන්න ගත්ත විදිහ මන් බලන් උන්නා..

“ඇයි මන් අර හදලා එව්ව ගාණ බැලුවෙ නැද්ද?” එකපාටම නංගි හයි පිච්ඩ් වොයිස් එකෙන් කියවන් කියවන් ගියාම මම ශේප් එකේ ෆෝන් එක මගේ කන ගාවින් ඈත් කරා..ඒක නම් අරූටත් ඇහෙන්නැති.

“හරි හරි බන් ඕකට à·„à·– තියන්න ඕනද? මන් අනිද්දා ඔයාව දාන්නම් ගිහින්.” නංගිට ඉස්කෝලෙට යන්න වෙලා කියලා කිව්වම මම ගිහින් දාන්නම් කියලත් මේකි ආයෙම බෙරිහන් දෙන්න ගත්තෙ බයික් එකේ යන්න බෑ කියලා.

“එහෙනම් ඉතින් මන් බස් එකට දාන්නම්-” අම්මට සිරි අඬනවද? ෆෝන් එක එහා පැත්තෙන් මට උගුර කඩන් කෑ ගහ ගහා අඬන සද්දයක් ඇහුනත් හරි ආර්යන් අයියාත් එකපාරටම මන් දිහා බැලුවම මම සමයිල් ඉන් පේන් හිනාවක් දුන්නෙ ආපු ලැජ්ජාවට.

“ජෝක් යකෝ කරේ..! මොකද ඔය කෑ ගහන්නෙ?? හරි හරි මන් ගිහින් දාන්නම්!”
“ප්‍රොමිස් ප්‍රොමිස්! එව්ව් මන්දා බන්.” විනාඩි පහක් විතර මන් නන්ගිට පිස්සු හදාගන්න එපා කියලා උපදෙස් මාලාවක් දීලා අන්තිමට ගුඩ් නයිට් කියලා මන් ෆෝන් එක ඉක්මණට කට් කරේ ආර්යන් අයියත් ඇවිත් ඉන්නෙ මෙතන සිරිනරඹන්න නෙවෙයි කියලා දැනගෙන..නැත්තන් මෙලහකට ඌ ගිහින්නෙ.

“නන්ගිගෙ වයස කීයද?” මට කටට හිනාවක් ආවත් මන් ආයෙම ඒක හන්ගගත්තා..ඔව් ඉතින් අරකි කෑ ගහපු විදිහට හිතන්නැති ශිෂ්‍යත්වෙ කියලා.

“දාසයයි.” ආර්යන් අයියා ටික වෙලාවක් ෆෝන් එක දිහා බලන් ඉදලා ලාවට ඔලුව වැනුවා.

“ඕලෙවල්ස් නෙ?” එයා ස්ක්‍රීන් එකෙන් ඇස් අරන් මන් දිහා බැලුවම මමත් එයා කලින් කරා වගේ ඔලුව වැනුවෙ ආර්යන් අයියා ෆෝන් එකේ ස්ක්‍රීන් එක කලෝස් කරන ගමන් ඒක එයා ඇදන් හිටපු බොටම් එකේ සාක්කුවට දාගනිද්දි..ආර්යන් අයියා දැන් ඇදන් හිටියෙ කලු ට්‍රැක් බොටම් එකකට හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා ගහපු ප්‍රිෆෙක්ට්ස් ටී ශර්ට් එකක්..ආයෙම වැලිමිට තියලා රේලින් එකට බර වුණු එයා අත් දෙකම එකතු කරන් තද කරගන්න විදිහ මම සද්ද නැතුව බලන් හිටියා.. මෙයාට මක් වෙලාද? මහපටැගිල්ල එයාගෙම අල්ලෙ එහා මෙහා යද්දි අතේ නහරත් එකපාරටම ඉස්සි ඉස්සි මතුවෙනවා.

“තැන්ක්‍යූ.”

එකපාරටම එයා ඒ කියපු දේට මටත් උත්තරයක් දීගන්න බැරි වුණා..මට ඒ ඇහුණා හරි නම් එයා ඒ කිව්වෙ තැන්ක්‍යූ කියලා.. මම ආර්යන් අයියා දිහා දිගටම බලන් ඉද්දි එයා රේලින් එකෙන් අත් දෙක අරගෙන මන් ඉන්න විදිහටම අනිත් පැත්තට හැරිලා රේලින් එකට හේත්තු වුණේ අත් දෙකත් පපුවට තියලා බැදගන්න ගමන්.

“Really..it means a lot.” මන් දිහා බලාගෙනම එයා ඒක කිව්වම මමත් ලාවට පොඩි හිනාවක් දුන්නා.

“බ්ලැක් මාක් එකක් වදීවි කියලා මටත් එවෙලෙ පොඩි බයක් ආවා..” මම ඒක කියලා දැම්මම ආර්යන් අයියා ටික වෙලාවක් මන් දිහා බලන් ඉදලා ඔලුව වනලා එකපාරටම ආයෙ ඉස්සරහ බලා ගත්තා..සිරාවටම අපරාදේ මේ පැත්ත බැලුවෙ..මීටින් රූම්ස් ටික විතරයි මෙහෙම ඉද්දි පේන්නෙ. මම එහෙම්ම අනිත් පැත්ත හැරිලා රේලින් එකට කලින් ආර්යන් අයියා හිටියා වගේ අත් දෙක තියලා බර වුණා.

“ඒක ඊටවඩා දෙයක් ආදිල්.” ආර්යන් අයියත් ඒ ගමන්ම මන් ඉන්න පැත්තට හැරුණේ රේලින් එක දෙපැත්තට අත් දෙක තියන ගමන්.

“මොකද්ද?” මන් ආර්යන් අයියා දිහා බැලුවා. එයාගෙ ඇස් පුදුම විදිහට මහන්සි පාටයි..ඒවා රතු වෙලත් නැතුව නිකන්ම පෙනෙද්දි මට හිතාගන්න පුලුවන් කොච්චර මහන්සි ඇත්ද කියලා. මොකද ස්පොට්ස් මීට් එකක් බලනවා කියන්නෙ ෆිසිකලි වගේම මෙන්ටලිත් ඒකට දෙන්න වෙනවා කියන එක. ශවිරුවත් පව්..ඊටපස්සෙ මිනිහට බිග්මැච් එකේ බර තනියෙන් අදින්න වෙනවා. ඒ අස්සෙ මට මිස් වෙච්ච ක්ලාස් තොගෙත් මතක් වෙනවා.. ආ..හරිනෙ දැන් එක්සෑම් එකකුත් දෙනවා කිව්වනෙ. ආතල් තමයි..

“එවෙලෙ ඔයා ඒක කිව්වෙ නැත්තන් ඇෂ්ක්‍රොෆ්ට් හවුස් එක ආයෙ කාලෙකට ගොඩ දාගන්න බැරි වෙන්න ගහලා යනවා.. ඊටත් වඩා ඒක අපි හතර දෙනාගෙ බැජ් එකට පුදුම විදිහට බලපෑම් වෙනවා. මොකද ඔයා වුණත් දන්නවනෙ අපි දිහා කී දෙනෙක් බලන් ඉන්නවද කියලා? බැජ් එක ගලවන්න කාටවත් බැරි වුණාට බ්‍ලැක් මාක් එකක් වදිනවා කියන්නෙ නිකන් බැජ් එක ගහන්න සුදුසු නැති එවුන් ටිකකට හරියට කැප්ටන්සි එක දීලා කියන එක වගේ..මට බැජ් එක ගලවන එක මහා ලොකු දෙයක් නෙවෙයි ආදිල්. ඒත් මට ඩිසර්ව් නැති දෙයක් ලඟ තියන් ඒක මේ හෙන ගැම්මට පෙන්න පෙන්න ඉන්න තරම් චාටර් මෙන්ටෑලිටි එකක් නෑ.” මම ඔලුව වැනුවා. අර බිබී හිටපු එවුන්ට මොකද කරේ කියලා කලින් අහන්න හිතුනත් මන් ඒ ගැන අදහස අතෑරියා.. මොකද ඉස්කෝලෙ නම බේරුණ එකයි වැදගත්.

“කොහොමත් ඔය බැජ් හතරට වෙන කට්ටියක් දාලා මවා ගන්න එක පවා පේන්ෆුල්..” මට හිනා ගියා..සිරාවටම මුන් හතරට එහෙම වුණා කියමුකො..ඊටපස්සෙ කාට කියලා දෙන්නද? ආර්යන් අයියාගෙ බැජ් එක පට්ට පවර්ෆුල්. ඒත් මෙතනට වර්ත් අයට ඉන්නෙ මුන් හතර දෙනා විතරයි. දැට්ස් අ ෆැක්ට්.

“ඇත්තද?” මන් දිහා බලලා හෙන කෙන්ඩි ටෝන් එකකින් ආර්යන් අයියා ඒක ඇහුවේ.

“පොසිටිව්.” ඒත් මන් ඒක කිව්වෙ හෙන සීරියස් ටෝන් එකෙන්.

“ඇයි එහෙනම් මට නෙගටිව්ම හිතෙන්නෙ?”

“ඒ තමුසෙ හෙන මෝඩයෙක් නිසා.” මන් ඇස් දෙක රෝල් කරලා මගේ එක කකුළක් වනන්න ගත්තා. ආර්යන් අයියගෙන් කිසි උත්තරයක් ලැබුනෙ නැතත් මට තේරෙණවා ඌ ඉන්නෙ හිනා වෙවී කියලා.. මම එයාට වියඩ් ලුක් එකක් දෙනගමන් ආපස්සට අනිත් පැත්තට හැරිලා රේලින් එකට හේත්තු වුණේ කලින් හිටපු විදිහට මගේ කකුළ රිදෙන්න ගත්ත නිසා.

“කකුළ රිදෙනවනම් පහළට යන්න.” මම ඔලුව වැනුවා.

“මෙතන දාඩිය නෑ.” ඒ ගමන් ආර්යන් අයියත් මන් ඉන්න පැත්තට හැරුණා.. ඒ අස්සෙ රූෆ් ටොප් එකේ අපි දෙන්නගෙ හෙවනැළි දෙක දිග අතට පේන විදිහ දිහා මම ටික වෙලාවක් බලන් හිටියේ ඕන කමින්..මේ යකා කොච්චර උසද?

“ඒ මේ..උස කීයද?” මම අපි දෙන්නගෙ හෙනැළ්ලට පොයින්ට් කරලා ආර්යන් අයියා දිහා බැලුවම ඒ විද්දිත් එයා බලන් හිටියේ ඒ දිහා.

“6’1 ක්” මම කට උල් කරලා ඇහි බැම දෙකම ඉස්සුවා. ඔහොම විනාඩියක් විතර අපි දෙන්නා කතා නොකර බිම බලන් ඉද්දි එකපාරටම ආපු සීතල හුළගත් එක්ක මට කවදාවත් නැතුව හෙනම අන්කොම්ෆටබල් ෆීලින් එකක් ගහගෙන ආවේ මගේ නහයම වහගත්ත අමුතු සුවඳත් එක්ක..පර්ෆියුම් එක වෙනස් කරලද? මොනා වුණත් දැන් එක කලින් අර ගහපු ජරාවට වඩා හොදයි..මම ආයෙම ආර්යන් අයියා දිහා බැලුවම මෙච්චර වෙලා බිම අර හෙවනැළ්ල දිහා බලන් හිටපු එයත් මන් දිහා බලලා ඔලුව එකපාරක් ලාවට වැනුවෙ ඇයි කියලා අහන්න වගේ..මම උරහිස් දෙක ඉස්සුවා.

“වැඩ නැද්ද..?” එයා ඔලුව වැනුවා.

“ග්‍රවුන්ඩ් එකේ ටෙන්ට් ගැලෙව්වා..පස්සෙ ෆාදර් කිව්වා අපිට යන්න කියලා ආයෙම හෙට උදේට ඇවිත් සුද්ද කරන්න කියලා.”

“ආ..හෙට පෝය නෙ.” එයා ආයෙම බිම දිහා බලන ගමන් ඔලුව වැනුවා.

“ඉතින් ගිහින් රෙස්ට් කරනවකො..මෙතනත් ඇවිත් හිටගෙන ඉන්නෙ.” එතකොටම ආර්යන් අයියාගෙ කටින් හිනාවක් පැන්න විදිහ මන් බලාගෙන හිටියෙ මටත් ලාවට හිනා යන ගමන්..ඇයි ඉතින් මන් එකපාරටමනෙ කෑ ගැහුවෙ.

“නන්ගිටත් ඕක ඇවිත් ඇත්තෙ තමුසෙගෙන් තමයි.” මම කට ඇද කරලා අහක බලාගත්තෙ ඒ කියපු හරුපෙට.

“ඇත්තද? දැන් ඔය මට කතා කරන විදිහට ඇවිත් අපේ නන්ගි එක්ක කතා කරලා බලන්නකො තමුසෙට වෙන දේ බලන්න..අර ශවිරුවාත් ඔය පිස්සු කෝළම් දාන්නෑ අපේ නන්ගි එක්ක ඉද්දි.”

“ඒ බයට කියලා ශුවර්ද?” මන් උරහිස් දෙක උස්සලා ආර්යන් අයියා දිහා බැලුවේ එයා කට තද කරන් බෙල්ල ඇද කරද්දි.

“නන්ගි වයස බලන්නෑ එයා මූණට කියන්නෝන එක කියලා දානවා.”

“මට ඔයාලා දෙන්නගෙ වෙනසක් කියන්න බලන්න ඉතින්?” ආර්යන් අයියා හිනා වෙවී ඒක කිව්වම මම උගේ උඩ ඉදන් පහළට බැලුවා..දැන් කියන්නනෙ මාත් නන්ගි වගේ කියලද?

“දැන් තමුසෙ කියන්නෙ මාත් නන්ගි වගේ මූණට කියලා දානවා කියලද? එහෙම කිව්වානම් අද තමුසෙ මේ ඉස්කෝලෙනුත් අයින් වෙලා ඕසි වලම අර ඔහේගෙ ෆැමිලි බිසනස් එක රන් කරන්න පටන් අරන් අවුරුදු පහක් විතර වෙනවා.”

“කන්ෆිඩන්ස් එක ගැන කියන්න වචන නෑ.” මම කට ඇද කරලා ආර්යන් අයියට ලුක් එකක් දීලා ආයෙම ඉස්සරහ බලා ගත්තා.

“මන් පහළට යනවා..කලින් ආවෙ මගේ බෑග්ස් ටික අරන් යන්න. ඒත් මට කවුරු හරි කිචි බිචි ගානවා ඇහුණා..ඒකයි බලන්න ආවෙ.” මම ඇස් දෙක රෝල් කරලා ආර්යන් අයියට මිඩ්ල් ෆින්ගර් එක දික් කරාම ඌ ලාවට හිනාවෙන ගමන් ඔලුව දෙපැත්තට හොලවලා මගේ අත පහළට දාලා යන්න ගියා.

“කෝ දෙන්න ඕක මන් ගන්නම්.” මම ඔලුව වනලා නන්ගිට මගේ ෆෝන් එක අල්ලගන්න දුන්නා.

“මන් ගෙනියන්නම්.”

“ඒ ඔහේ මගේ කොල්ලා වගේ ඕයි ඔහොම යද්දි..බලනවකො අර මිනිස්සුත් බල බල යනවා.” මම නන්ගිගෙ මගේ අල්ල විතර තරම් සයිස් හෑන්ඩ් බෑග් එකයි තව ගත්ත පළතුරු වට්ටියයි එක අතකට අරගෙන අනිත් අතින් නෙළුම් මල් මිටකුත් අල්ලගෙන මාළිගාවෙ එන්ට්‍රන්ස් එකේ චෙක් පොයින්ට් එක ඇතුළෙන් ගිහින් ආයෙම එළියට ඇවිල්ලා නන්ගිත් එළියට එනකන් බලන් ඉදලා අපි දෙන්නා එක්කම මාළිගාව ඇතුළට ඇවිදන් ගියා.

“ඒ සිරාවටම මොකද්ද මේ බෑග් එකේ තේරුම? යකෝ මගේ ෆෝන් එකවත් දාන්න පුලුවන්ද?”

“ඇයි තවුසෙට තියෙන්නෙ ගඩොල් කැටයක්ද? මගේ නම් අයිෆෝන් එක ගාණට බස්සතෑකි.” මම ඇස් දෙක රෝල් කරලා ආයෙම ඉස්සරහ බලාගත්තෙ නන්ගිගෙ පැත්තෙන් මාළිගාවෙන් එළියට යන කෙල්ලො සෙට් එකක් හැරි හැරි අපේ දිහා බලපු නිසා..ඔව් ඉතින් ගොඩක් අයට අමාරුයි අපි දෙන්නා නන්ගියි අයියයි කියන්න..මොකද නන්ගිගෙ ඇස් නිල් පාටයි ඇරත් මගේ කලු පාට නිසා..කලු කිව්වට අව්වට ආවම ඒවා තද දුඹුරු පාටට පෙන්නෙ.

“ඒ අයියේ මේ..තවුසෙට බැරි වෙලාවත් කෙල්ලෙක් එහෙම ඤැ?”

“ඤැ ඇයි?” නන්ගිගෙ මොන්ගල් ටෝන් එකෙන්ම මන් අනිත් පැත්තට ඇහුවා.

“අනේ නෑ අප්පා ඉතින් නිකන් ඇහුවෙ..ඔයා ඉතින් පට්ට ජෙන්ට්ල්මන්නෙ. මේ බලනවා ඉතින්…තවුසෙ ඔය විදිහට මට සළකද්දි මට ඔයාගෙ අනාගත කෙල්ල ගැන පොඩි ජේ ෆීලින් එකකුත් එනවා අප්පා.”

“නෑ නෑ බන් මට ඇති කෙල්ලෙක් නෑ..අනික හිටියා නම් මන් තවුසෙගෙන් හන්ගනවද?”

“හාප්පෝ..තවුසෙත් මාර බඩු කෑල්ලනෙ අයියෙ! එදා අපේ ස්පොට්ස් මීටි එකට ඇවිල්ලා තවුසෙ ඉස්කෝලෙන් බාගයක් විතර පිස්සු වට්ටලා ගියේ..හොඳ වෙලාවට තාම කවුරුත් එහෙම වැඩිය දන්නෑ ඔහේ මගේ අයියා කියලා. නැත්තන් මන් ඉදලත් ඉවරයි.”

“ඇයි මොකද වෙන්නෙ ඔහේ මගේ නන්ගි කියලා දැනගත්තම?”

“මට තෑගි අදින්න වෙයි ඔහේට! අනේ මන්දා අප්පා..එක අතකට ලොකූ ඔහේ සින්ගල් කියලා අහන්නත් දෙයක්ද? හෙනම ටියුබ් ලයිට්නෙ.”

“හා හා කටවහන් වදිනවා.” මන් නන්ගිට ටොක්කක් ඇන්නම අපේ එහා පැත්තෙ හිටපු ගෑණු ළමයි දෙන්නා මාත් එක්ක හිනා වෙලා ටක් ගාලා අහක බලාගත්තා. ගෑණුත් හරි අමුතුයි වෙලාවකට..ටක්ගාලා නම්මගන්න පුලුවන්. ඇන්ඩ් දැට්ස් සෝ බෝරින්ග්.

අපි දෙන්නා මාළිගාවට ගිහින් වැදලා කරලා ආයෙම ශාලාවෙන් එළියට එනගමන් ඉද්දි එකපාරටම කෙල්ලෙක් අපි දෙන්නා දිහා බලලා ආයෙම මන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බැලුවෙ මායි නන්ගියි දෙන්නම එයා දිහා බලලා ඇයි අහන්න වගේ බලද්දි..

“ඔයා තිශාක්‍යද? ** කොලේජ් එකේ?” මම ඔලුව වැනුවා.

“ඔහ්..නෑ මන් ගියපාර ඔයා බිග් මැච් ප්ලේ කරනවා බලන්න ආවා වුනත් ටිකක් අදුන ගන්න අමාරු වුණා. ඒකයි.. මේ පාරත් ගහනවා නේද?” නෑ මන් එදාට ගහන්නෑ බැට් කරනවා විතරයි.

මම ඔලුව වනලා ලාවට හිනා වුණේ නන්ගිවත් ඇදගෙන ශේප් එකේ එතනින් යද්දි..දැන්නම් හොඳටම ශුවර් කට්ටියට මාව මැජික් වගේ ඇත්තෙ මගේ ඇහැ ගාව ගහලා තිබ්බ ප්ලාසර් එක නිසා තමයි..හෙට මේ මඟුලෙ මැහුම් ගලවන්නත් යන්න ඕන.

“මන් කිව්වෙ තවුසෙලා හෙන ෆේමස් අප්පා..හෙට අනිද්දට අපි දෙන්නා ටික්ටොක් එකේ ඉදීවිද දන්නෑ” නන්ගි මගේ අතේ තිබ්බ එයාගෙ අර හිච්චි බෑග් එක උදුරලා අරන් එයාගෙ කරේ දාගත්තෙ මගෙන් අඩියක් විතර තියලා එහාට වෙනගමන්. මලකෝළම්..! ඒත් එක්කම එහා පැත්තෙන් ආපු ඩයල් එක නන්ගිගෙ ඇගේ වැදෙන්න කලින් මන් එයාව ටක් ගාලා මන් ගාවට ඇදලා ගත්තෙ වේගෙන් ඇවිදින් එළියට යන ගමන්.


A/N

කැස්ස වගේ 🙂👍🏻 මන් වැරදි බැලුවෙ නෑ කම්මැළියි අෆ්ෆා!!!

මේ පාස් වෙච්ච චැප්ටර්ස් ගොඩක් පීස්ෆුල් වගේ නැද්ද?? හ්ම්ම්ම්..එහෙනම් මන් ගියා! කමෙන්ට් දාගෙන යන්නෝඕඕඕ

Adareyyy ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 24, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 24, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 24 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 24 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 24 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 24 light novel, ,

Comment

Leave a Reply

Chapter 24