À¶»À¶¯À·… | The Kandyan Aristocrats 25

A+ A-

එක හමාර බෙල් එක ගහපු නිසා අපි හැමෝම ඉන්න තැන් වලින් නැගිටලා සීරුවට හිටියෙ උපහාර ගීය ඉවර වෙනකන්..අද දොළහ දහතුන හැමෝටම යුනිට් එක්සෑම් පටන් ගත්තා. මුළින්ම අපිට පටන් ගත්තෙ කෙම් වලින්..කියන්න සතුටුයි මන් පේපර් එකේ බාගයක්ම කලේ සර්ට හැම ප්‍රශ්නයක් ලගම බිංදුවයි කියලා ලොකුවට ලියන්න හොඳ හිස්තැන් ගොඩක් තියපු එක.. හැබැයි මරු ආතල් එක කියන්නෙ අපේ හේශිතයත් ජීවිතේ පළවෙනි පාරටද කොහෙද පෑනත් බදාගෙන නිදා ගත්ත එක.. අනුරාධිකා මැඩම් පවා හිතලා තියෙන්නෙ පොරට සනීප නෑ කියලා.. මැඩම් විනාඩි පහළොවෙන් පහළොවට ඇවිත් හේශිතයව ඇහැරවද්දි තමයි අපිට හිනා ගියේ..බැරිම තැන හේශිතයට මළ පැනලද කොහෙද මිස්ට කිව්වා ඔලුව රිදෙන නිසා එයාට ටිකක් නිදා ගන්න පුලුවන්ද කියලා.

ක්ලාස් එකේ හැම ඩෙස්ක් එකක්ම කොරිඩෝ එක පැත්තට හරවලා තිබ්බ නිසා උපහාර ගීය යන මැද්දෙ අපි දැක්කා ප්‍රිෆෙක්ට්ස්ලත් කඩාගෙන බිඳගෙන උන් ඩියුටි කරන ක්ලාස් රූම් වලට දුවගෙන යනවා..පේපර් එක ගන්නැත්තෙ දැන් ටිකකට කලින් වෙන්නැති..ඒ එක්කම මගේ ඩෙස්ක් එක උඩ කවුරු හරි මොකක්ද මන්දා තියපු නිසා මන් ඒ දිහා බලලා මගේ ඩෙස්ක් එක උඩ තිබ්බ චිට් අතට ගත්තා.

‘සෙනසුරාදා මියුසිකල් එකට එනවා නම් පඩයක් ඇරලා තමන්ගේ පැමිණීම තහවුරු කරන්න.’ මන් මගේ එහා පැත්තෙ හිටපු තනුජයා දිහා උඩ ඉදන් පහළට බැලුවෙ ඒ ගමන්ම ක්ලාස් එකෙන් බාගයක්ම එවුන් හිනා වෙද්දි..

ශුවර් එකටම මේ තනුජයා ලියපු එකක් තමයි.. ඒ එක්කම මම අතේ තිබ්බ චිට් එක පොඩි වෙන්නම ගුළි කරලා මගේ ඉස්සරහ හිටපු නිශල්කයගෙ ඩෙස්ක් එකට දැම්මත් එක්කම ඌ පිටිපස්ස හැරිලා මට ලුක් එකක් දෙන පරක්කුවට ටක්ගාලා මම උරහිස් දෙක ඉස්සුවා.

නිශල්කයා ඒක දිගෑරලා කියෙව්වා විතරයි ඇස් දෙකත් ලොකු කරගෙන අපි දිහා ඇගෙන් බාගයක්ම හරවලා අපේ පැත්තට හැරුණම මෙච්චර වෙලා හිනාව තද කරන් ඉදලද කොහෙද මගේ පිටිපස්සෙ හිටපු හැමෝම වගේ බක බක ගාලා අර උන්ගෙ ඌරු හිනාව දැම්මෙ මෙච්චර වෙලා කොරිඩෝ එකේ හිටපු අපේ ක්ලාස් මැඩමුත් පංතියට දුවන් එද්දි.

“මොකද ඔය?? උපහාර ගීය යනවෙලේ හිනා වෙනවද ඔහොම??” ඒ එක්කම මටත් ලාවට හිනා ගියේ මිස්ගෙ කටහඬට..සිරාවටම ටිං බෙලෙක්කයක් වගේ. මම හිනාව හංගන්න කියලා ඔලුව පාත් කරලා ආයෙම ඔලුව ඉස්සුවෙ හරියටම අපේ කොරිඩෝ එක ඉස්සරහ හිටගෙන අපි දිහා කන්න වගේ බලන් ඉන්න ආර්යන් අයියව දික් අතට ඈතින් ඈතට ගහපු ලී පටි අස්සෙන් පෙනෙද්දි..

උපහාර ගීය අස්සෙ කෑ ගහන මිස් දිහා වෙනුවට අපි හැමෝම දැන් බලන් හිටියේ අපි ඉස්සරහා නිකන් යකෙක් වගේ අපි දිහා බලන් ඉන්න ආර්යන් අයියා දිහා..මම ඇස් කොණින් අපේ මිස් දිහා බැලුවා..මිසුත් සැටිස් අපි හ්ම් සද්දයක් නැතුව අපේ ඉස්සරහ සීරුවෙන් ඉද්දි. ඒත් මිස්ට හිතෙන්නැද්ද මිස්ගෙ මුලු පාසල් ජීවිතේම මෙහෙම අපි විතරක්..ඒකත් මුලු ඉස්කෝලෙන්ම කුපාඩි වැඩ කරන පන්තිය මෙහෙම මිස් කෑ ගහපු පොඩ්ඩට මෙහෙම සයිලන්ස් වෙච්ච එක ඔඩ් කියලා?? කටට ආපු හිනාව තොල් දෙකත් තද කරන් නවත්තගෙන ආයෙම මගේ ඉස්සරහට මන් ඇස් දෙක අරන් එද්දි ඉබේටම මගේ හිනාව නැති වෙලා ගියේ හරියටම මන් දිහා දැන් අර යකා බලන් හිටපු නිසා..වුකනවා දාලා..! යකෝ මන් අර වෙලේ හිනා වුනෙත් නෑ! ඕන්නම් කට දෙපැත්ත පොඩ්ඩක් ඇදෙන්නැති-

ඒ එක්කම උපහාර ගීය ඉවර වුණා..හරිනෙ අන්න යකා එනවා ක්ලාස් එක ඇතුලට. කට්ටිය හැමෝම දැන් හ්ම් සද්දයක් නැතුව බෑග් පැක් කරන්න ගත්තෙ ක්ලාස් එක ඇතුලට ආපු ආර්යන් අයියා දිහා හොරෙන් බලන ගමන්..

“මැඩම් මොකද්ද මෙතන වුණේ?” මම බෑග් පැක් කරන එක එහෙම්මම කරගෙන ගියා..ඇයි මූ අපිව ගෙදර යවන්නැතුව තියාගන්නද? හදේ තමයි. හෙට මැත්ස් පේපර් එක..ඒ නිසා පොරට අපිව යවන්නම වෙනවා.

“මන් දන්නෑ ලමයෝ..දැන්නම් මේ ලමයි ටික ගන්න දෙයක් නෑ! අද උදෙත් එහෙමයි. මීට වඩා හොඳයි ශිෂ්‍යත්ව පන්තියක් මන් භාර ගන්නවා!” මැඩම් අපිට විනාඩියක් විතර බැනලා බැනලා පන්තියෙන් යන්න ගියා.. ඒක නම් අවුලක් නෑ කියමුකො. මොකද මැඩම් බනිනවා කියන්නෙ නිකන් හැමදාම එකම ටික රිපීට් දානවා වගේ සීන් එකක්..ඒත් දැන් මූ අපි දිහා කන්න වගේ බලන් ඉද්දි මැඩම්ගෙ බණ අහන් ඉන්න එක දාහකින් සම්පතක් වගේ..

ඒ එක්කම මම බෑග් එක හදන එක ටක්ගාලා නැවැත්තුවෙ ආර්යන් අයියා නිශල්කව ගිලින්න යනවා වගේ ලුක් එකකින් අපේ පැත්තට එන්න ගත්ත නිසා. අම්මට- මූ චිට් එක දැකලද??

“චීට් එක දෙන්න.” ඒ එක්කම ආර්යන් අයියා අත දික් කරලා පොයින්ට් කරාම නිශල්කයා පවා ඇස් දෙක පොඩි කරලා එයාගෙ පිටිපස්ස බැලුවා.

“ඔව් ඔව් ඔයා. ඇයි දැක්කෙ නෑ කියලද හිතුවෙ නිශල්ක පට්ට වේගෙන් චිට් එක පාස් කරනවා ??” අම්මට සිරි..එච්චර හරියක් වුණාද? මම ටක්ගාලා නිශල්ක දිහායි ආර්යන් අයියා දිහායි බැලුවා..නිශල්කයා පවා ශොක් ආර්යන් අයියා ඒක දැක්කෙ කොහොමද කියලා. ආර්යන් අයියයි නිශල්කයි කොහොමත් එකම හවුස් එකේ නිසා දන්න එවුන්..අනික මුන් සෙට් එකම එකතුවෙලානෙ හැම අවුරුද්දකම වගේ වොලිබෝල් මැච් එකේදි අපිට නෙලලා අරින්නෙ..ඔය මායි මූයි තරහ නිසා තමයි ස්පොට්ස් වැඩ වලදි ඇරෙන්න මුන් මෙහෙමවත් කතා කරන්නෙ නැත්තෙ..නැත්තන් ඔය නිශල්ක හේශිත්ලා එහෙම ඒ දවස්වලට මැචස් වලට එන්නෙ ශවිරුලාගෙ ගෙවල් වල ඉදන් එකට..ඒ තරම් ෆිට්. ඔය නිසා තමයි අපි වැඩිපුරම මරාගත්තෙත් ස්පෝට් මීට් මුවාවෙන්..

ඔය එක්කම අපේ ක්ලාස් එකට එහා ක්ලාස් එකේ අයයි ප්‍රිෆෙක්ට්ස්ලා ටික දෙනෙකුයි පිරෙන්න ගත්තා..ඒ එක්කම කොහෙන්ද මන්දා සඳැස් අයියෙකුත් ක්ලාස් එකට කඩාගෙන ආවෙ මම ශේප් එකේ මගේ පිටිපස්සෙ ඩෙස්ක් එකට හේත්තු වෙද්දි.. දැන් තමයි හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්. මම ශේප් එකේ මගේ එහා පැත්තෙ ඩෙස්ක් එකේ හිටපු තනුජයා දිහා බලලා ඇහැක් ගැහුවේ ඌත් හිනාව තද කරගනිද්දි..හේශිතයා නම් තාම නිදි මතේද කොහොද ඇස් දෙකත් ලොකු කරන් උඩ බිම බලනවා. ඌ නම් කවදත් ටියුබ් ලයිට් එකනෙ..සඳැස් අයියයි නිශල්කයි එකදවසක් අත් අල්ලන් ඉන්නවා දැකලා තමයි පොරටත් සීන් එක මීටර් වෙලා තියෙන්නෙ.. ඒ දැක්කෙ නැත්තන් අදටත් පොරට කියනකන් මූ ඒ ගැන දන්නෙ නෑ.

“ආර්යන්..මොකද්ද සීන් එක? මට මැඩම්ව ඉස්සරහට හම්බ වුණාම කිව්වා ඔයාට කියන්න කියලා මෙයාලව වැඩි වෙලාවක් තියන් ඉන්න එපා කියලා.” ඒ එක්කම ආර්යන් අයියා ඔලුව හොළවලා නිශල්කයා ඉන්න පැත්තට අත දික් කරා.

“ඉක්මණ් කරොත් ගෙදර යන්න පුලුවන්..කොහොමත් හෙට මැත්ස්නෙ? මට හදිස්සියක් නෑ.” ඔව් ඉතින් උබ පයිතගරස්නෙ.

නිශල්කයාගෙ පිටිපස්සෙ හිටපු කොල්ලා අත දික් කරලා ඒ චිට් එක ආර්යන් අයියගෙ අත උඩින් තිබ්බම මන් දැක්කා නිශල්ක අමාරුවෙන් උගේ හිනාව හන්ගන්න ට්‍රයි කරනවා.. හරි අයියේ ගැම්මට පඩයක් අරිමු..! ආර්යන් අයියා කොළේ දිගාරිනවත් එක්කම මම කටට අත තියලා පනින්න ආපු හිනාව කැස්සකට ටක්ගාලා අතෑරියේ මන් දිහා කන්න වගේ බලපු ආර්යන් අයියාව දැක්කෙ නෑ වගේ මගාරිද්දි.

තත්පර ගාණකින් චිට් එක කියවපු ආර්යන් අයියා ඒක සඳැස් අයියාට දීලා මොකද්ද මන්දා රහසින් එයාගෙ කනට ලං කරලා කිව්වෙ චිට් එක කියව කියව හිටපු සඳැස් අයියා නිශල්ක දිහාත් දෙපාරකට විතර ඔලුව උස්සලා බලද්දි..අන්න කේළමා..! කිව්වා නේද නිශල්කයා චිට් එක පාස් කරේ කියලා.

“ආයෙ උපහාර ගීය කියන්න.” කොල්ලො ටික හ්ම් සද්දයක් නැතුව ආයෙම සීරුවට ආවෙ කනට නෑහෙන ගාණට උපහාර ගීය කියද්දි.

“ඇයි තමුසෙලගෙ කටවල් වලට මොකද වුණේ?? ගෑණු වගේ මීක් මීක් ගාන්නැතුව සද්දෙට කියපන්!” ඒ කෑ ගැහුවෙ සඳැස් අයියා..පොඩ්ඩක් නිසල්කට ඩිරෙක්ට් කිව්වා වගේදත් මන්දා.. කොහොමහරි ළමයි ටක්ගාලා කටේ සද්දෙ වැඩි කරලා උපහාර ගීය කියන්න ගත්තෙ මාත් ශේප් එකේ උන්ගෙ ගාණටම සද්දෙන් කියද්දි..ඇයි ඉතින් අර යකා මන් දිහා බලන් ඉන්න බැලිල්ලට මට තනියෙන් කියන්න දෙන්න බැරි කමකුත් නෑ..ඒ තරම් කැරියා මේ ආර්යන් කියන එකා.

“මොනාද අයිසේ මේ චිට් එකේ ලියලා තියෙන්නෙ?? තමුසෙලා දොළහේ නේද? හා හා යනවලා ගෙවල් වල..!” පඩයක් හිර කරන් වගේ අපි උපහාර ගීය කියලා ඉවර වෙලා බෑග් අරන් එළියට යන්න හදද්දි මායි හේශිතයයි තනුජයයි නැවතුනේ නිශල්ක මුකුත් කියන්නැතුව සඳැස් අයියා දිහා කන්න වගේ බලන් ඉන්න ගත්ත නිසා.. අඩෝ අඩෝ මූ සඳැස් අයියාට ගහවිද? පොර නිකන් ආවේස වෙලා වගේ බලන් ඉන්නෙ.. ආර්යන් අයියා පවා කර කියා ගන්න දෙයක් නැතුව වෙනාතක් බලා ගන්නවා මන් දැක්කා. ඇතාත් කොර යකොව් මෙව්වට! ගැම්මකත් තමා මගේ පොකිරිස්සා.

ඔය එක්කම නිශල්ක අපි තුන් දෙනා දිහා එකපාරටම බලලා බෑග් එකත් අරන් සඳැස් අයියාගෙ උරහිස ගැළවිලා යන සයිස් එකට ඇගේ වැද්දීගෙන එළියට ගියේ අපි ඇස් දෙක ලොකු කරන් ඒ දිහා බලන් ඉද්දි..

“උබ දැන්ම යන්නෑනෙ?” ආර්යන් අයියා ලාවට ඔලුව වැනුවට පස්සෙ සඳැස් අයියා අපි දිහා හෙනම ඕකවඩ් ලුක් එකක් දීලා ක්ලාස් එකෙන් එළියට ගියාම ක්ලාස් එක ඇතුලෙ ඉතුරු වුණේ අපි තුන් දෙනා විතරයි..

“මම ටක්ගාලා ජිම් එකට ගිහින් කෝච්ව හම්බෙලා එනකන් ඉන්නවද?” හේශිත් දිහා බලලා මම ඔලුව වැනුවා. පස්සෙ මම ඩෙස්ක් එකට එබිලා ලොකර් එකෙන් මගේ කෙම් පේපර් එක අරන් ඒක ආයෙම ඩෙස්ක් එක උඩින් තියලා ඔලුව ඉස්සුවම දැක්කෙ ආර්යන් අයියා ඒ පේපර් එක දිහා බලන් ඉන්නවා.

“පේපර් එක කොහොමද?” මම උරහිස් දෙක ඉස්සුවා.

“ලිව්වෙ නෑ.”

“ඇයි ඒ?” ආර්යන් අයියා මගේ ඩෙස්ක් එක ඉස්සරහ තිබ්බ පුටුව උඩින් කකුළ් දෙක දෙපැත්තට දාලා ඉදගෙන ඩෙස්ක් එක උඩ තිබ්බ පේපර් එක අතට අරන් ඒ දිහා බලාගෙන අනිමිසලෝචන පූජාවක් කරන්න පටන් ගත්තම මන් මගේ කලු පෙන්සිල් කේස් එකට පැන්සලයි පෑනයි ඔබලා ඒක බෑග් එකට දාලා පපුවට අත් දෙක තියලා බැදගත්තා.

ඒ එක්කම එකපාරටම ඩෙස්ක් එකක් ඇදිලා යනවා වගේ සද්දෙකට මන් මගේ එහා පැත්ත හැරිලා බැලුවම දැක්කෙ තනුජයා උගේ ඩෙස්ක් එක අත් දෙකෙන් උස්සන් ඉන්නවා. මම ඇහි බැමක් උස්සන් තනුජයා දිහා බැලුවම ඒ පාර ඌ ආයෙම ඩෙස්ක් එක බිමින් තියලා ඔලුව කහන්න ගත්තම මට ලාවට හිනා ගියා..මූ මාර කියුට් අප්පා වෙලාවකට..

“ඒ හුත්තො-” මායි තනුජයයා පට්ට වේගෙකින් අපේ ක්ලාස් එකේ දොර ගාව හිටපු රදිල්කයා දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.. කටට අතත් තියාගෙන රදිලක තනුජයාට අතින් කතා කරද්දිම වගේ ආර්යන් අයියා හෙමීට ඔලුව පිටිපස්සට හරවලා රදිල්ක දිහා බැලුවම තනුජයා ටක්ගාලා රදිල්කයා ගාවට ගියා.

“ගමිදු අයියගෙ කෑම එක?”

“ආ ඉදපන් මාත් එන්නම්.” තනුජයා ටක්ගාලා බෑග් එකෙන් පත ලන්ච් බොක්ස් එකක් අරන් මන් දිහා නොබලම ක්ලාස් එකෙන් එළියට දුවන් ගියා..රදිල්කයාත් රග්බි ටීම් එකේ..ඌ වුනත් කීයටවත් හිතන්නැතුව ඇති ආර්යන් අයියා තාම මෙතන ඇති කියලා. නැත්තන් ඌ පැත්ත පලාතක මෙතැනට එන්නෑ.. දන්නවනෙ ඉතින් මේ යකාගෙ හැටි.

“මේ මොකද්ද?” ආර්යන් අයියා එකපාරටම මගේ පේපර් එක පෙන්නලා මන් පැන්සලෙන් ගහපු කටුසටහනේ ලියලා තිබ්බ වචනයක් පෙන්නලා ඇහුවම මමත් පේපර් එකට හෙමින් සැරේ එබුණේ ඒ මොකද්ද කියලා බලන්න.. කැරි සීන්මයි මටත් වෙන්නෙ. දැන් මේක කියවගන්න බෑ කියහන්කො.

“හරියට ලියපන් ආදිල්.” මන් ලැජ්ජාව බාල්දියට දාගන්න කියලා ආර්යන් අයියාගෙ අතේ තිබ්බ පේපර් එක ඇදලා ගත්තා.

“ඕක දැන් බැලුවා කියලා ලකුණු එන්නෑනෙ..ගෙදර යන්නැද්ද මෙතන්ට වෙලා ඕප දූප හොයන්නෙ?” මම පේපර් එක ගුලි කරලා බෑග් එක අස්සට ඔබන දිහා අමුතුවට බලන් ඉදලා ආර්යන් අයියා ඉදන් ඉන්න තැනින් නැගිට්ටෙ අතේ තිබ්බ වොච් එක දිහා බලන ගමන්.

“රග්බි ප්‍රැක්ටිස්.” මම ඔලුව වනලා පිටිපස්සෙ ඩෙස්ක් එකට හේත්තු වුණා.. ඒ අතකින් හේමලයා දාහකින් සම්පතක්. බලහන් පාඩම් කරන්නෙ නෑ කියලා දැන දැන බිග් මැච් එකත් අත ලග තියන් අපිට දවස් තුනක බ්‍රේක් එකක් දුන්නානෙ අපේ උත්තම කෝච් මාත්තයා.. ඒකට මුන්ගෙ කෝච්..හම්මේ බලාගන්න බැරියැ රග්බි සීසන් එකේ දාන නීති ගොඩ.. ෆෝන්ස් උත් ගන්නවලු ඕකා.. මම හෙමීට ඔලුව වැනුවා.

“ආ..හොඳට ප්‍රැක්ටිස් කරන්න එහෙනම්.” ඒ එක්කම ආර්යන් අයියා මන් දිහා බලලා අමුතු හිනාවක් දැම්මෙ මාත් ටිකකට කලින් ඒ කියපු දේ මට මීටර් වෙද්දි..ඇයි යකෝ ඉතින් මූණටම මැරියන් කියන්නද?

“සනීප නැද්ද?”

“මනුස්සකමට කිව්වෙ ඉතින්..නෑ එක්කෝ ගිහින් කකුළක් කඩාගන්න.” ඒ එක්කම ආර්යන් අයියාට හයියෙන් හිනා ගියේ මගේ ඇගත් එක්කම වයිබ්‍රේට් වෙද්දි..කට දෙපැත්තෙ ඩිම්පල් දෙක මදිවට ඇහැ අග ඉරි තුනකුත් හිනා වෙද්දි මේ මනුස්සයාගෙ කම්මුල මුදුනේ ආවා.. මෙච්චර ෆීචර්ස් තිබිලද? පුදුමයක් නෑ කෙල්ලො මූව බලන්න කියලා රග්බි මැච් වලට එද්දි.

“ගෙදර ගිහින් මැත්ස් පාස්ට් පේපර්ස් කරන්න ආදිල්..උබේ කෙම් පේපර් එක ගන්න දෙයක් නෑ.” මම ඇස් දෙක රෝල් කරලා ඔලුව වැනුවා.

“මට මැත්ස් අවුලක් නෑ කෙම් තමා..අනික මේ මන් අහන්නමයි හිටියෙ- තමුසෙ කොහොමද මගේ නමේ ආදිල් කියන කෑල්ල දන්නෙ? මන් ඒක කොහෙදිවත් පාවිච්චි කරලා නෑ නෙ?”

“ශුවර්ද?” මම ඔලුව එකපාරක් වැනුවෙ මොකද්ද කියලා අහන්න..

“ශුවර්ද පාවිච්චි කරලා නෑ කියලා?”

“ඕ..ගෙදර මිනිස්සුවත් ඒ නම කියලා මට කතා කරන්නෙ නෑ.”

“ඇයි ග්‍රේඩ් නයින් වල මගේ ඔලුව පලපු වෙලේ සිහිය නැතුව ඉද්දි එක්කෙනෙක් මාව බලන්න හොරෙන් හොස්පිට්ල් ඇවිත් මගේ අයියා නම ඇහුවම ආදිල් කියලා ආයෙම හැරිලා ගිහින් තිබ්බෙ.” මම ටක්ගාලා අහක බලා ගත්තා.

“මන් හිතුවෙ නෑ ගෞරව් අයියාට ඒ නම මතක හිටීවි කියලා.”

“ඒත් මට මතක තිබ්බනෙ.” මම ටක්ගාලා ආර්යන් අයියා දිහා බැලුවා.

“තමුසෙ ඇහැරිලාද හිටියේ??” ආර්යන් අයියා කටේ පැත්තක් උස්සලා මට කින්ඩි හිනාවක් දැම්මා.

“එක්කෙනෙක් බය වෙලා ඇඩුවත්ද කොහෙද.. එව්ව් බන්.” මම දත් මිටි කාගෙන ටක්ගාලා පන්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහා බැලුවෙ බෑග් එක අතට ගන්න ගමන්.

“මට ප්‍රශ්නයක් එයි කියලා බයට ඇඩුවෙ..! නැතුව තමුසෙ ගැන දුක හිතලා නෙමේ අයියෙ.”

“හ්ම්.. ඒකද මගේ අතකිනුත් අල්ලන්-” මම ආර්යන් අයියාවත් තල්ලු කරගෙන ක්ලාස් එකෙන් එළියට ගියා. තමුසෙ මෙහෙම මළ ඇණයක් වෙයි කියලා මන් හිතුවෙ නෑ..

“ඒ මේ ඇයි උබ අපි එනකන් හිටියෙ නැත්තෙ? ආර්යන් අයියා එක්ක ආයේ වලියක් දාගත්තද?” එවෙලෙ නම් හොදටම රතු වෙලා සද්ද නැතුව හිටපු නිශල්කයත් මන් දිහා බැලුවා.

“ඌ මගේ පේපර් එකේ ඇද කියන්න ගත්ත නිසා මන් එන්න ආවෙ.”

“ශුවර්ද? මන් දැක්කනෙ ආර්යන් අයියා හිනා වෙවී ක්ලාස් එකෙන් එළියට එනවා.” මම එකපාරටම තනුජයා දිහා බැලුවා.

“හිනා වුණා? ඒ මොකද?”

“මන් දන්නෙ කොහොමද යකෝ ඒක?” මම නළලත් අකුළගෙන ඉස්සරහ බලා ගත්තා.. මූට ඒ පාර මාව විහිළුවක් වගේ පේන්න අරන්ද හිනා යන්න තරම්?? අපරාදෙ මන් උබ එක්ක කතා කරන්න ගත්තෙ..මුල ඉදන් කරන් ආවා වගේ දැක්කෙ නෑ වගේ ඉන්න තිබ්බා.

“අඩෝ මේ අපි කන්න යමුකෝ!!” නිශල්කයා ෆිසික්ස් පේපර් එක ගුලි කරලා සාක්කුවට ඔබා ගනිද්දි අපි සෙට් එක ඌ දිහා බලන් හිටියේ පුදුමෙන්..මොකද ඔය සඳැස් අයියගෙ සීන් වෙලා දවස් ගාණට පස්සෙ මූ මෙහෙම හයි ස්පිරිට් එකකින් අපි එක්ක කතා කරාමද කොහෙද..

“කොහෙද යන්නෝන?”

“බ්ලිස්ම යන්..ලේසියිනෙ. අනික අපිට හතර වෙනකල් වෙලාවත් තියෙයි ප්‍රැක්ටිස් වලට..” මම ඔලුව වනන ගමන් බෑග් එක හදන්න ගත්තා.

“අඩෝ මේ..දැන් අද ඉදන් උබලගෙ ප්රැක්ටිස් නෙ?”

“ඔව් අප්පා..! අර හේමලයා මන් දැක්කා රග්බි කෝච්ලා දෙන්නා එක්ක කියව කියව ඉන්නවා.”

“හපෝ අර අලුත් ඩයල් එක නෙහ්? ඌ හෙන තදයිලු බන්..මාත් දැක්කා අද උදේ බැට්මින්ටන් රූම් එකට යද්දි ඌ ආර්යන් අයියටත් මොන මොනාදෝ කියලා කෑ ගහනවා.” ආ..බඩු හරි තමයි එහෙනම්. දැන්ම තියාම බ්‍රැඩ්බි වලට ෆෝකස් එක දීලා වගෙයි.

“දැන් ඉතින් අපේ මහා එකත් උන් නිසා ශෙඩියුල්ස් ටික තද කරයි..මන් හිතන්නෙ ශාක්‍ය හෙට කෝච් කාරයා අපේ ඩයට් ප්ලෑන් එක දේවි.” මම ඔලුව වනලා බෑග් එක කරේ දාගත්තා.

අපි බ්ලිස් කැෆේ එකට ගිහින් කෑම ටික ඕඩර් කරන් ටේබල් එකට වෙලා කයියක් ගහන් වටේම තියන කෝප්ප ටික ඇද ඇද හෝදන්න ගත්තා..කොහොමත් සතියක් තිස්සෙ අපිට ඒ වැඩේ මිස්ඩ් වෙලානෙ තිබ්බෙත්.

“මේ ඒවායින් වැඩක් නෑ..දැන් උබයි සඳැස් අයියයි උබලගේ අර පවුල් පස්න ටික විසඳගත්තද?” නිශල්ක තනුජයා දිහා උඩ ඉදන් පහළට බැලුවා.

“උබටත් ඉතින් ඕන්නැති එකක් නෑ නේ??”

“ඇයි දැන් මෙච්චර වෙලා උබ අරයාගෙ මෙයාගෙ එව්වා කිය කිය හිටියේ..එතකොට ඒවා ගැන මොකද කියන්නෙ- ආව් ආව්..!! ශාක්‍ය බලපන්කො මේ ගස් පකයා-” ඒ එක්කම මන් නිශල්ක තනුජයාට ගහන්න කියලා ටේබල් එක උඩ තිබිලා ගත්ත මෙනියු එක ඇදලා ගත්තා.

“නවත්තපන් මගෙන් දෙන්නම කන්නෙ නැතුව.”

“උබටත් දැන් මූව නේද ලොකු??”

“ඔව් ඉතින් දැන් උබට ඌර්තල් වෙන්න එකෙක් ඉන්නවනෙ.” මම නිශල්කට දිව ඇදලා අහක බලා ගත්තා.

“ආව් ආව් එකෙක් රතු වෙනවදත් මන්දාආආ!!” හේශිතයා එකපාරටම කොහෙන්ද මන්දා කතාවට සෙට් වුණාම අපි සෙට් එකටම හිනා ගියේ මෙච්චර වෙලා බුම්මන් හිටපු නිශල්කයගෙ මූණ එකපාරටම රතු වෙද්දි..අඩෝ අඩෝ! මූ මේ ලැජ්ජ වුණාමද කොහෙද?! සඳැස් අයියාට පිං සිද්ධ වෙන්න මෙන්න යකෝ මූ මූණත් හන්ග ගත්තා කියහන්කෝ! අපි තුන් දෙනාම මහා හයියාන් සද්ද දැම්මෙ නිශල්කයාගෙ මූණ පිපරෙන්න තරම් රතු වෙද්දි.

“ඕයි! නවත්තගනින්කො- අනේ බන්!!”

“චිකෙයියා හුත්තෝ..!! මේ අර දහය වසරෙදි සඳැස් අයියා අර අපි ගියපු හයික් එකේ ** එකේ අක්කා කෙනෙක් එක්ක කතා කරනවා දැකලා සඳැස් අයියගෙ ශර්ට් එකේ ටිපෙක්ස් එකෙන් කෙල්ලගෙ පුප ලොකුද කියලා ලියපු එකා නේද කියලා මතක් වෙද්දි මී වස ටිකක් බීලා මැරෙන්න හිතෙනවා බන්! බලපන්කෝ මුගේ මූණ..! ශිට් ඕන වෙලාවටමයි මේ ලබ්බෙ ෆෝන් එකත් නැත්තෙ!” තනුජයා ටේබල් එකට ගගහා කියද්දි අපිටත් හිනා ගියේ සීන් එක මතක් වෙලා.

“ඒ අඩෝ ශාක්‍ය හිනා වෙන එක නතර කරපන්..!” විනාඩි ගාණක් විතර නිශල්කව බයිට් කරලා ඉවර වුණාට පස්සෙ එකපාරටම නිශල්කයා ටේබල් එකෙන් නැගිටලා මගේ මූණ ලඟට නැවුණා. මේ මොකද මේ? මූට මම සඳැස් අයියා කියලා හිතුනද දන්නෑ..

“අඩෝ අඩෝ උබ හිනා වෙන්න එපා බන්..! සඳැස් අයියාට උගේ කොල්ලව නැති වෙයි! මේ බලපන් මුගේ වල් පාට හිනා වෙද්දි..!” තනුජ එහෙම කියන අතරෙ නිශල්ක මගේ අර ඇහැ ගාව කට් එක හෙමින් සැරේ අල්ල යද්දි මම උගේ අත අහකට දැම්මා.

“අතවර කරන්න එපා භල්ලෝ!”

“අඩෝ දේශාන්ගෙ ඇටේට පිං සිද්ධ වෙන්නෝන..බලහන් ඒ කට් එක පට්ට ගති ඕයි!” මූ ඒ අස්සෙ මඟුලක් කියෝනවා. මන් ප්ලාස්ටර් එක ඉස්කෝලෙ ඉදන් කැෆේ එකට එනගමන් ගැලෙව්වෙ නැත්තන් මේක දාඩියට තැම්බෙන්න බලන නිසා.. කොහොමත් ප්‍රැක්ටිස් වලදි ඕක නිකන් බත් තැම්බෙනවා වගේ තැම්බෙන්න බලාවී.. ඊයේ තමයි මේකෙ මැහුම් ගැලෙව්වත්..ඉතින් තාම මම හරියට ප්ලාස්ටර් එක නැතුව එහෙම එළියටවත් ඇවිත් නෑ. අද..මේ දැන් තමයි පළවෙනි පාර..


A/N

ළමයි මන් මේකෙ බිග්මැච්..ඒ කියන්නෙ ක්‍රිකට් ගැන එහෙම වැඩිය කියන්න යන්නෙ නෑ. අනික ට්වෙල්ව් එකේ බිග් මැච් එක සුපිරියටම දීලානෙ තියෙන්නෙ..එහෙම තියෙද්දි ආයෙ බොරුවට මෙතන ඕක ගැන කියන්න ඕන නෑනෙ..ඒක නිසා මන් මේකෙ ෆෝකස් කරන්නෙ ගොඩක්ම බ්‍රැඩ්බි එක ගැනයි. (හෙහේ..ඔව් පොඩ්ඩක් හොඳට ලියන්න ඕන කියන මතේ ඉන්නෙ! මොකද ඕතරී රග්බි පිස්සියක්!)

අනේ තව මන් දැක්කා මගේ කතාව එහෙම රෙකමෙන්ඩ් කරලා තියෙනවා ටික දෙනෙක් 🥺❤️ ඒවා දැක්කම කතාව ලියන කෙනාට කොච්චර සතුටක් දෙනවද කියලා ඔයාලා දන්නෑ..! මන් සිරාවටම සතුටින් ඔයාලා නිසා. තව ඔයාලගෙ කමෙන්ට්ස්..කියන්න වචන නෑ හරිද..! ඡේදෙන් ඡේදෙ තියෙද්දි ❤️ believe me or not..I’ll remember your name till I lose my last breath!

Adareyyy mn ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 25, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 25, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 25 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 25 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 25 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 25 light novel, ,

Comment

Leave a Reply

Chapter 25