À¶»À¶¯À·… | The Kandyan Aristocrats 26

A+ A-

“ආර්යන් ස්පීඩ් අප්..! දැට්ස් ඉට් මයි බෝයි!!” අපි කට්ටියම ග්රවුන්ඩ් එකට එන තැන නැවතිලා අපේ ප්රැක්ටිස් බෑග්ස් උත් එල්ලන් දැන් බලන් හිටියේ ආර්යන් අයියා පට්ට ස්පීඩ් එකකින් දුවන් ගිහින් එයාගෙ ඉස්සරහින් දුවන ගමිදු අයියගෙ කකුළ් දෙක තනි අතින් අල්ලා එයාව බිමට දැම්ම විදිහ.

ඒක බලන් හිටපු රග්බි ටීම් එකේ එවුනුයි කෝචස්ලයි ක්ලැප් කර කර ග්‍රවුන්ඩ් එක මැද්දට ඇවිත් ගමිදු අයියාගෙයි ආර්යන් අයියාගෙයි වටේ එකතු වුණාම අපි කට්ටිය ටක්ගාලා ග්‍රවුන්ඩ් එක මැද්දෙන් ඇවිදන් අපේ නෙට් එක තියන පැත්තට යන්න ගත්තා..නැත්තන් මුන් දුවන දිවිල්ලට අපිවත් යටකරගෙන යයි.

ප්රැක්ටිස් බෑග් එක එහෙම්ම බිමට දාලා අපි අපිට ඕන කරන ඒවා එළියට අරන් ලෑස්ති වෙන්න ගත්තා..කෙලින්ම නී ගාඩ් එක ඇදගත්ත මන් හෙල්මට් එකයි ග්ලව්ස් දෙකයි අතට අරන් නෙට් එකට ඇතුල් වුණේ දැනටම කෝච් එක්ක බැටින් කරන ශවිරු අයියගෙ පිටිපස්සෙන් හිට ගනිද්දි..

“මන්..උබට කියලා තියෙනවා ඔතන ඉන්න එපා කියලා.” ශවිරු අයියා හති දදා බැට් එක එයාගෙ කකුළකට හේත්තු කරගන්න ගමන් අනිත් අතින් හෙල්මට් එක ගැලෙව්වෙ එයාගෙ දාඩිය පිරිච්ච මූණ මට පෙන්නන ගමන්.

“අද මොකද වෙලාසනින්?”

“බිග් මැච් එකට ලඟයි..අනික තව වැඩ වැටෙන්න කලින් පුලුවන් වෙලාවෙ මන් ඇවිත් ප්‍රැක්ටිස් කරනවා. උබලා වෙලාවට ඇවිත් ප්රැක්ටිස් කරාම ඇති.” මම උරහිස් දෙක ඉස්සුවා.

“මාත් එන්නම්..මට වැඩ නෑනෙ.” ශවිරු අයියා මගේ උරහිසට දෙපාරක් තට්ටු කරලා නෙට් එකේ කෙලවරට ගිහින් එතනම බිම වාඩි වුණේ මාත් මගේ හෙල්මට් එක දාගනිද්දි.. ශවිරු අයියයි මායි ගත්තොත් අපි දෙන්නා පට්ට ඇග්‍රසිව් බැට්ස්මන්ලා දෙන්නෙක්.. පොඩිකාලෙ ඉදන් එකටම ප්‍රැක්ටිස් කරලද මන්දා අපි දෙන්නටම තිබ්බෙ ගොඩක්ම සිමිලර් බැටින් ස්ටයිල් එකක්. ඒක නිසා මැච් එකකදි බැට් කරන්න අපි දෙන්නා එකට ලයින් අප් කරාම බෝලර්ස්ලාට අපිව අවුට් කරන එක ගොඩක් අමාරු වැඩක්.. මොකද මම ස්ටාර්ට් එක ස්ලෝ එකේ පටන් ගනිද්දි ශවිරු අයියා ගත්ත ගමන්ම හතරේ ඒවගෙන් පටන් ගන්නෙ.. එතකොට මට අන්තිම හරිය වෙද්දි ලකුණු ගන්න එක නතින්.. අනික තනුජයයි නිශල්කයයි ගත්තොත් නිශල්ක ලෙෆ්ට් ආර්ම්..ඌ හයේ ඒවා ගහන්නෙ කලාතුරකින් උනත් ඌ තනුජයා ලීඩ් කරනකන් ඌට හොඳ ටයිම් එකක් අරන් දෙනවා..පස්සෙ ට්‍රැක් එකට වැටුණාම තමයි උන් අම්මට සිරි වෙන්න ගහන්න පටන් ගන්නෙ..අපි මේ පාට්නර්ශිප් එක හදා ගත්තේ ගිය අවුරුද්දෙ ඉදන්. ඒකයි ගිය අවුරුද්දෙත් අපි බිග් මැච් එක ලේසියෙන් දින්නෙ.

කොහොම හරි ඔහොම මම පැය ගාණක් දිගටම බැට් කරලා බ්රේක් අරන් ආයෙම මගේ බැටින් සයිඩ් එක ශාප් වෙන්නෝන නිසා මම කෝච් දාන බෝල් වලට දිගටම බැට් කරන් ගියා..මුලු ග්‍රවුන්ඩ් එකටම ඇහෙනවා ඇති අපේ බැටින් සද්දෙ..මොකද ග්‍රවුන්ඩ් එකේ කෙලවරට වෙන්න ලොකු ඕපන් හෝල් එකක තමයි අපේ නෙට්ස් තිබ්බෙ..එකපාර හතර දෙනෙක්ට බැට් කරන්න පුලුවන් තරම් දිග හෝල් එකක් පිනා අපිට ගිය අවුරුද්දෙ බිග් මැච් එකෙන් පස්සෙ හදලා දුන්නා.. පොර හොඳයි කියන්නෙ මේවා නිසා තමයි. ළමයි පැත්තෙන් පට්ට විදිහට පිනා හිතනවා. ඒ අස්සෙ මන් බැට් කරන හැම පාරම අපේ ක්‍රිකට් ටීම් එකයි මෙතනට අදාලම නැති රග්බි ටීම් එකයි මගේ නමයි තව එහා පැත්තෙ නෙට් එකේ බැට් කරන නිසල්කයාගෙ නමයි කියලා කෑ ගහනවා ඇහුණා..වැඩිපුරම මට ඇහෙන්නෙ සාහිල් අයියගෙයි අපේ ක්ලාස් එකේ රදිල්කයාගෙ කටේ සද්දෙ.

“ඕකේ ශාක්‍ය අදට ඇති..දැන් වෙලාව හතයි හතලිහයි.” මම බැට් එක බිමට දාලා බැට් එකට බර වුනේ ප්‍්රැක්ටිස් කරලා ඉවර වුණා විතරයි මෙච්චර වෙලා දැනුනෙ නැති කකුළෙ අමාරුවක් එකපාරටම ආපු නිසයි.. තාම මගේ කකුළ හොඳ නැති වුණාට පැය පහක් හයක් මට ශේප් එකේ ප්රැක්ටිස් කර ගෙන යන්න පුලුවන්..අනික අපි හැම පැයකටම සැරයක් විනාඩි දහයක බ්‍රේක් එකක් ගන්න නිසා මට දරා ගන්න පුලුවන් තරමේ වේදනාවක් තිබ්බෙ..මම ඒ ගමන්ම ඔලුව පාත් කරලා දාලා තිබ්බ හෙල්මට් එක ගලවලා ඔලුව දෙපැත්තට වැනුවේ මගේ නළලේ තිබ්බ දාඩිය ටික විසි වෙලා යන්න..

“ශාක්‍ය උබේ බැටින් නියමයි හරිද..ඔය විදිහටම තව සතියක් ප්‍රැක්ටිස් කරලා ගමු.” මගේ පිටිපස්සට වෙන්න වාඩි වෙලා හිටපු ශවිරු අයියා නැගිටලා මගේ බැට් එක ගත්තෙ එයත් එක්කම මමත් නෙට් එකෙන් එළියට එද්දි..

“ආ මල්ලේ..ඉස්සරහට අපිට උබව නැශනල් එකේ බලන්න පුලුවන් වෙයි නෙහ්?” නෙට් එකෙන් එළියට ආපු ගමන්ම මන් දැක්කෙ අපේ ක්‍රිකට් ටීම් එකයි රග්බි ටීම් එකයි බිම මොක්කුද වගේ වාඩි වෙලා ඉන්නවා.. පුදුමයක් නෑ. මොකද මෙතන්ට එහා පැත්තෙ තිබ්බ බෝධියේ හුලඟ එනවා.. ඒ ගමන්ම මම රග්බි ටීම් එකේ එවුන් දිහා බලලා ඇහැක් ගැහුවා.

“ඒ මල්ලි ප්ලාස්ටර් එක ගැලෙව්වද?” සාහිල් අයියා දිහා බලලා මන් ඔලුව වැනුවත් හරි ගමිදු අයියා එයා වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ඇවිත් මගේ මූණට එබෙද්දි මගේ ඇස් දෙක ගියේ රග්බි ටීම් එක වාඩි වෙලා හිටපු කෙලවරේ කකුල් දෙක දෙපැත්තට කරන් එක කකුළකට නැවීගෙන බාම් ගාන ආර්යන් අයියා දිහාවට.. ඒ එක්කම මම ගමිදු අයියගෙ බඩට මගේ හෙල්මට් එක තියලා මන් එයාව ඈත් කරා. අපි ගාව එන්නෙ දාඩිය ගද කියමුකො..ඒත් මුන් ගාව එන්නෙ මී හරක් ගඳ.

“ගිහින් නානවා ගමිදු අයියේ.” ඒ ගමන් අපි වටේ හිටපු හැමෝම වගේ හිනා වෙද්දි මන් හෙමින් සැරේ ආර්යන් අයියගෙ ඉස්සරහින් ගිහින් හිටගත්තෙ මගේ අත් දෙකේ ග්ලවුස් දෙකත් ගලවන ගමන්..

“ඒ ඇති ඇති දැන් වරෙන්..!” ඒ එක්කම ශවිරු අයියා මන් හිටපු නෙට් එකට එහා පැත්තෙ නෙට් එකේ තාම ප්‍රැක්ටිස් කරන නිශල්කයයි තනුජයයි ගාවට ගිහින් කෑ ගැහුවෙ එන්න කියලා.

“කකුළට මොකද?” මම වටපිට බලලා කවුරුත් මේ පැත්ත බලන් ඉන්නෙ නෑ කියලා කම්ෆර්ම් කරලා ආර්යන් අයියාගෙ අතට බැට් එක තියලා ඇන්නා. ඔච්චරටම පේන්නැද්ද තමන් ඉස්සරහ කවුරු හරි හිටගෙන ඉන්නවා?

“කකුළ ඇතුලෙන් ඇදෙනවා වගේ..ඇයි?” තාම කකුළ දිහා බලාගෙන බාම් එක අතුල්ලන ආර්යන් අයියා දිහා බලලා මම ඇස් දෙක රෝල් කරා.

“K ටේප් එකක් ගහනවකො ඉතින්.” බාම් එකට ලිඩ් එක තියලා තද කරන ගමන් ආර්යන් අයියා මන් දිහා බලලා උරහිස ඉස්සුවා.

“මන් අපේ ලොකර් රූම් එකේ බැලුවා තිබ්බෙ නෑ..” මන් ආර්යන් අයියාගෙ කකුළ දිහා බලන් ඉදලා ආයෙම එයා දිහා බැලුවම දැක්කෙ එයා මන් දිහා බලන් ඉන්නවා. මන් දිහා කිව්වට එයාගෙ ඇස් දෙක තිබ්බෙ වෙන තැනක..මම ඇයි අහන්න ඔලුව පොඩ්ඩක් උඩට ඉස්සුවා.

“අරක හොඳද දැන්?” ඒක අහපු ගමන් මට තේරුණා ආර්යන් අයියා ඒ අහන්නෙ මගේ කට් එක ගැන කියලා..මම ඔලුව වනලා ඒ ගමන්ම ආයෙම මගේ දෙපැත්ත බැලුවෙ කවුරුත් මේ පැත්ත බලන් ඉන්නෙ නෑ කියලා කම්ෆර්ම් කරගන්න.

“එන්න අපේ ලොකර් රූම් එකට..k ටේප් තියෙනවා.” මම එහෙම්මම එතනින් හැරිලා ග්‍රවුන්ඩ් එක දිගේ හෙමීට ඇවිදගෙන ගියේ එයා එනවා නම් එන එකයි ඇත්තෙ කියලා හිතලා.

“ආදිල්..හෙමින් ඇවිදිනවද?” ග්‍රවුන්ඩ් එක ඉවරවෙනවත් එක්කම මම පිටිපස්ස හැරුණම දැක්කෙ ආර්යන් අයියා නිකන් නොන්ඩි ගහනවා වගේ කකුළ තිය තිය එනවා..මේ මිනිහාට එච්චර අමාරු වෙලාද අර බාම් එකක් නිකන් ඇගිලි දෙකෙන් උල උලා හිටියේ? පුදුම මනුස්සයෙක් තමයි මේ යකත්.

“අතනදිම කියන්න තිබ්බනෙ..!” මම එයාගෙ උරහිසේ තිබ්බ තඩි ප්රැක්ටිස් බෑග් එක දිහා බලලා ආයෙම අතිනුත් ඒ සයිස් එකේම අල්ලන් හිටපු බෑග් එක පෙන්නලා අත දික් කරා.

“මට පුලුවන්-” මම ඇස් දෙක රෝල් කරලා එයාගේ අතේ තිබ්බ බෑග් එක උදුරලා ගත්තා. අම්මට යකෝ බර..! මුන් මොනාද සිරාවටම මේකේ ඔබාගෙන එන්නෙ?? දත් මිටි කාගෙන මම කිසිම රිඇක්ශන් එකක් නොදී ආයෙම අනිත් පැත්ත හැරිලා හෙමින් ඇවිදින්න ගත්තා.. අනික දැන් රෑ අටට විතර නිසා දැන් නිසා අපි ඇවිදන් යන පාරේ තිබ්බෙ හඳ එළිය විතරයි.. අපරාදෙ මුගෙන් බෑග් එක ගත්තෙ..! ඉල්ලන් කෑම ශාක්‍යටම පමණයි.

අදත් හරියට එදා ස්පෝට්ස් මීට් දවසේ අපි දෙන්නා අර ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකේ උඞ බැල්කනි එකේ හිටියා වගේ අපේ හෙවනැළි දෙක තාර පාරේ හඳ එළියට හොඳට පෙනුනා.. ඒ අස්සෙ මට කොහෙන්ද මන්දා සිංදු සද්දෙකුත් ඇහෙනවා. ශුවර් එකටම ප්‍රිෆෙක්ට්ස්ලා වෙන්නැති..උන්ට කොහොමත් ෆෝන්ස් ගේන්න පුලුවන් කියන එක මෙහෙ ප්‍රසිද්ධ රහසක්නෙ.. මන් අපේ ලොකර් රූම් එකේ දොර අරින ගමන් ආර්යන් අයියට සයිඩ් අයි එකක් දීලා ඇතුලට ගියා.

“ක්‍රිකට් ගහන එවුන් ෆෝන්ස් ගේන්නෙ නැද්ද?” මට කෙනිඩියට වගේ එයා ඒක කිව්වම මන් උරහිස් දෙක ඉස්සුවා.

“අපි ඔය වගේ චාටර් සිංදු අහන්නෙ නෑනෙ ලොකු අයියේ.” මන් ඒක කියලා දිව දික් කරාම ලොකර් රූම් එක ඇතුලට එනගමන් හිටපු ආර්යන් එකපාරටම නැවතිලා මන් දිහා බලන් ඉද්දි මන් හිනා වෙලා මැද ඇගිල්ල පෙන්නුවත් හරි එයා ටක් ගාලා අහක බලා ගත්තම මට සැටිස්ෆයිඩ් හිනාවක් ආවා. අන්න ඒම වරෙන්.. ඊටපස්සෙ මන් ආර්යන් අයියාගෙ ප්‍රැක්ටිස් බෑග් එක බෙන්ච් එකක් උඩින් තියලා මගේ ලොකර් එක ඇරලා k ටේප් එක හොයන්න ගත්තා.

“ආ..” මම k ටේප් එක ආර්යන් අයියාට දික් කරාම එයා සද්ද නැතුව ඒක අරගෙන ප්රැක්ටිස් බෑග් එකත් උරහිසින් පන්නලා දොර ගාවම තිබ්බ බෙන්ච් එක ගාවින් වාඩි වෙලා කකුළේ ටේප් එක ඔතන දිහා මන් බලන් හිටියා..

“තැන්ක්‍යූ.” මම ඔලුව වනලා ආර්යන් අයියාගෙන් ආපහු ටේප් එක ගත්තට පස්සෙ මගේ ලොකර් එක පැත්තට හැරුණෙ එයා යනවා කියලා දොරත් ඇන් එළියට යනවා අහගෙන.. එක දවසක් පොරට මම මේක ඇතුලට එන්න එපා කියලත් තර්ජනය කරාද කොහෙද.. කමක් නෑ ඌ මාව හොස්පිට්ල් ඇමිඩ් කරපු දවසෙ කන්න බොන්නත් අරන් ආපු ඒවා අමතක කරන්න තරම් මන් බල්ලෙක් නෙමේනෙ..ඒ එක්කම ආයෙම ලොකර් රූම් එකේ දොර ඇරෙද්දි මන් පිටිපස්ස හැරුනත් මාව ඉන්න තැනම ගල් වෙලා ගියේ දොරේ හැඩ්ල් එකත් අල්ලන් මන් දිහා බලන් ඉන්න කෙනාව දැකලා.

“දේශාන්..තමුසෙ..? තමුසෙ කොහොමද ඉස්කෝලෙ ඇතුලට ආවෙ?” මම කරගන්න දෙයක් නැතුව ඉනන තැනම මොකාද එකා වගේ හිටගෙන හිටියෙ ආපු ශොක් එකට.

“කවදා ඉදන්ද තමුසෙ අරූ එක්ක යාලු? මට හෙන ගොඩක් මිස් වෙලානෙ තිශාක්‍ය..” මාත් එක්ක හිනාවෙන ගමන් ලොකර් රූම් එක ඇතුලට ආපු ඌ ඇතුලෙන් දොර වහලා යතුරෙන් ඒක ලොක් කරලා ආයෙම මන් දිහා බලලා කට අගින් ඉස්සුවා.

“මොකද තමුසෙගෙ කට වැහිලද? ඔහ්..මම ඉස්කෝලෙට ආපු එකටද ශොක් වෙලා ඉන්නෙ?” මම තාමත් කරේ ඌ දිහා බලන් හිටපු එක..මෙහෙම දෙයක් වෙන්නෙවත් කොහොමද?

“මේ ඉස්කෝලෙට මේ ස්පෝට්ස් කම්පෙලෙක්ස් එකත් හදලා දුන්නෙ මගේ තාත්තා තිශාක්‍ය..ඉතින් එහෙම එකේ මේක හොඳට මේන් ටේන් වෙනවද බලන්න මට ඉදලා හිටලා එන්න වෙනවනෙ නේද?” ඒ එක්කම දේශාන් මන් ඉස්සරහ තිබ්බ බංකු දෙකෙන් පැනලා මන් ගාවට ආවම මම එතනින් අයින් වෙන්න කියලා හදලා අනිත් පැත්තට හැරෙන්න යද්දිම මේ බල්ලා මගේ බෙල්ල තද කරලා අරන් මාව ලොකර් එකකට තියලා හයියෙන් තද කරේ මමත් අනිත් පැත්තට මගේ දණ à·„à·’à·ƒ උස්සලා උගේ බඩට ගහද්දි-

“උබ ශොක් වුනාම කියුට් ශාක්‍ය..ඒත් තමන්ගෙ ෆෝකස් එක කැඩෙන්න දෙන්න එපා. මේ බලපන්..උබ හැරෙද්දි මට කියන්න පුලුවන් උබ මොකද්ද කරන්න යන්නෙ කියලා.” දේශාන් මම උස්සන් ඉන්න කකුළ පහතට ඇදලා දැම්මා.

“තමුසෙට පිස්සුද?? දැන් තමුසෙ මට ගැහුවා කියමුකො..ඒත් තමුසෙට බේරිලා යන්න හම්බෙයි කියලා හිතනවද?? මොකද්ද යකෝ මේකෙ තේරුම?! හරියට පොඩි එකෙක් වගේනෙ- අනික මන් මොකද්ද කියපන්කො උබට කරපු-” මට ඉතුරු ටික කියවන්න හම්බුනේ නැත්තෙ දේශාන් මගේ කට දෙපැත්තෙන් අල්ලලා මගේ මූණ පැත්තකට හරවපු නිසා.

“තමුසෙට ඒක ගැළපෙනවා..” මම හයියෙන් මගේ මූණ පැත්තට හැරෙව්වෙ උගේ ග්‍රිප් එක ගැන නොහිතා..මේ පකයා ඒ මදිවට මුදුත් දාගෙන.

“අත ගනින් දේශාන්..” මගේ බෙල්ලෙ ශූවර් එකටම උගේ නියපොතු පාර ඇති මේ වෙද්දි..දත් මිටි කාගෙන මන් මගේ අත් දෙකෙන්ම දේශාන්ගෙ අතේ හම කැඩිලා යන්නම අල්ලලා ඇදලා විසි කලේ ඒ ගමන්ම ඌවත් පැත්තකට තල්ලු කරලා දාන ගමන්.. එතකොට දේශාන් කරේ හිනා වෙවී පිටිපස්සට වුණු එක.

“මන් ආවෙ මගේ කියලා දෙයක් අරන් යන්න..” මගේ ඉස්සරහින් තිබ්බ බංකුවක් උඩින් කකුළ් දෙක දෙපැත්තට දාලා වාඩි වුණු ඌ අත් දෙකත් පිටිපස්සට තියලා පිටිපස්සට බර වෙන ගමන් මන් දිහා උඩ ඉදන් පහළට බලද්දි මන් දේශාන්ට අප්පිරිය මූණක් හැදුවා.

“ඉතින් අරන් පලයන්කො මට පව් නොදී.” මෙච්චර වෙලා තිබ්බ උගේ සෙල්ලක්කාර මූණ නැති වෙලා ගියාම මගේ කටට හිනාවක් ආවා..කොහොමත් උබට ගැලපෙන්නෙ ඔය වගේ මූණක් තමයි.

“ඒක මගේ කට්ටිය කරනවා ඇති..ඒත් මට මගේ තිශාක්‍යව බලලා යන්න ඕන වුණා..එක්කෙනෙක් the rising house කප් එක ඉස්සුවලු නේ?” මූට හයි ද? මගේ තිශාක්‍ය..?

“උබ දැන් ඉන්නෙත් ඩ්‍රග්ස් අරන්ද? මොකද මට තමුසෙව පේන්නෙ හෙන නෝන්ජල් පාටට දේශාන්..පොඩ්ඩක් තාත්තාගෙ නමට ගරු කරලා පිරිමියෙක් වගේ ඉන්න බලපන්කො..” ඒ එක්කම දේශාන් බංකුවෙන් නැගිටලා වේගෙන් ඇවිත් මගේ කට දෙපැත්තෙන් අල්ලා මගේ ඔලුව හයියෙන් ලොකර් එකකට තියලා තද කරලා වේගෙන් හුස්ම ගන්න ගමන් මගේ මූණ ගාවට එබුණම මට හිනා ගියා..

“ඇයි රිදුනද?”

“තමුසෙගෙ කටයි මට තලන්න තිබ්බෙ..බය වෙන්න එපා. ඒකත් මන් ලගදිම කරන්නම්.” මන් දේශාන්ගෙ ශර්ට් එකෙන් ඇදලා අල්ලා ඌව ඈතට යන්න තල්ලු කරන ගමන් මගේ කකුලෙන් උගේ කකුල් දෙක මැද්දට ගැහුවෙ ඌව එතනම ඇදගෙන වැටෙද්දි..කොහොමත් දේශාන්ගෙ ආම් පවර් එකත් එක්ක මට ඌ එක්ක ගහගන්න එක ලේසි දෙයක් නෙවෙයි. මොකද ඌ අපේ රග්බි ටීම් එකේ හිටපු ස්ට්රොන්ග්ම ෆ්ලෑන්කර්..එහෙම වෙද්දි මූට ඉස්සරහ ඉන්න එකාව බිම දාන්න යන්නෙ ත්තපරේකට වඩා අඩු කාලයක්..ඉතින් පැය හතර හමාරක් තිස්සෙ එකදිගට ප්‍රැක්ටිස් කරපු මට මූ එක්ක ගහගන්න කොහොමත් දැන් හයියක් නෑ.

“පාඩුවේ ඉදපන් දේශාන්..” බිම වැටිලා හිටපු ඌ මන් හිතන්නත් කලින් නැගිටිද්දි උගෙන් ඈත් වෙන්න කියලා බංකු දෙකෙන් එහා පැත්තට පැන්නත් මූ මගේ ටී ශර්ට් එකෙන් ඇදලා අරන් මාව බිමට තල්ලු කරේ මාව ගිහින් මහා හයියෙන් අර ලොකර් එකේ වැදුනු පාරට ඒක උඩ තිබ්බ ටයර් දෙකයි ඒකටම හයි තරලා තිබ්බ දඩි යකඩ දම්වැල් චේන් එකයි මගේ කකුළ් දෙක උඩට සද්දෙන් වැටෙද්දි..ෆක්!

“පාඩුවේ හිටියෙ නැත්තන්?” මම නැගිටින්න හැදුවත් දේශාන් මන් හිතුවටත් වඩා වේගෙන් මගේ ඉස්සරහ වැවිලා තිබ්බ කොණ්ඩෙන් අහුරක් තද කරලා අල්ලලා මගේ මූණ බිමට තියලා තද කරේ ඒ ගමන්ම ඌ උගේ දණහිසත් මගේ පිට උඩින් තියද්දි.

“ම්ම්?? මොකද කරන්නෙ?” ඒ එක්කම මට ලොකර් රූම් එකේ දොරට හයියෙන් කවුරු හරි තට්ටු කරනවා ඇහුණා. තෑන්ක් ෆක්!

“මොකද්ද ඒ සද්දෙ?? උබටත් ඇහුණා නේද??” මට කටහඬ පැහැදිලි නැති වුණත් කටහඬවල් දෙකක් අහුණ නිසා මන් කතා කරන්න ට්‍රයි කරත් දේශාන් මගේ කම්මුළ උඩින් අතක් තියලා ඇතුලට එබෙන්න තද කරේ මගේ හක්ක පැලෙන්න වගේ රිදෙද්දි..

“ආහ්-” මන් තදින් ඇස් දෙක පියා ගත්තෙ දේශාන් තවත් තදට මගේ කම්මුල බිමට තද කරපු නිසා.

“නෑ නෑ බන් ඇතුලෙ සද්දයක් ඇහෙන්නෙ නෑ..අනික මේක ලොක්ඩ්නෙ?” මම වේගෙන් ඔලුව හෙලෙව්වා..ශිට් ශිට්! යන්න නම් එපා!

“ශ්ශ්..සද්ද කරන්න එපා. තමුසෙව මෙතනම මරනවා ශාක්‍ය මන් තමුසෙ හෙළවුනොත්!” දේශාන් මගේ කණ ගාවට පාත් වෙලා වේගෙන් කියවගෙන ගියේ මට දොරෙන් එළියේ ආයෙම කිසිම සද්දයක් නැති වෙද්දි.. මුලු ඔලුව පුපුරන්න වගේ ආපු වේදනාවට මම ඇස් දෙක තදින් පියා ගත්තත් එක්කම මගේ ඇස් අගින් සීතලට දෙයක් පහළට යනවා මට දැනුණා..ශිට්! මට රිදෙනවා..

“ඇයි මොකද්ද අවුල?” ඒ එක්කම මට අඬි සද්දවල් ටිකක් ඇහුණා..දෙයියනේ ආර්යන් අයියා! මන් එකපාරටම මගේ ඔක්කොම ශක්තිය දාලා මගේ එහාපැත්තෙ තිබ්බ ලොකර් එකට අත මිටි මොළවලා වේගෙන් පාරවල් තුනක් විතර ගැහුවේ දේශාන් මගේ කම්මුළට පැළිලා යන්න ගහපු පාරින් ආයෙම මම පණ නැතුව ඇදගෙන වැටෙද්දි.. ඒ එක්කම මට ඇහුණේ අපේ ලොකර් රූම් එකේ දොර සද්දෙට ඇරිලා බිත්තියේ වදිනවා.

“උබ?? තොගේ අම්මට-” මගේ ඇග උඩ තිබ්බ බර නිකන්ම ඇදිලා යනවත් එක්කම මම ටක්ගාලා ඒ පැත්තට වේගෙන් හැරුණේ අයියලා දෙන්නෙක් ඇවිත් මගේ කකුළ් දෙක උඩ වැටිලා තිබ්බ ටයර් දෙක ඇදලා ගනිද්දි.. අමාරුවෙන් වුනත් මන් බිමට අත් දෙක ගහලා නැගිට්ටේ දැන් දේශාන්ට බිම දමාගෙන ගහන ආර්යන් අයියයි සාහිල් අයියයි ලගට කොර ගහන ගමන් යන්න වුනත් ඒ එක්කම මගේ අත් දෙකෙන් අර අයියලා දෙන්නා ඇදලා ගත්තා.

“ඒ ඒ ශාක්‍ය මල්ලි..එපා බන්!” මම උන් දෙන්නගෙ අත ගස්සලා දාලා ආර්යන් අයියගෙ එහා පැත්තෙ හිටගෙන හිටපු සාහිල් අයියගෙ උරහිසෙන් ඇදලා එයාව එහාට කලේ එතනට මම යන්න කියලා හිතාගෙන වුනත් දේශාන්ගෙ කට දෙපැත්තන් අල්ලන් හක්ක පනිනකන් ගහන ආර්යන් අයියා එකපාරටම මන් දිහා බැලුවම මම ඇස් දෙක හීන් කරා..ඇයි මට රවන්නෙ?? හරියට මම ඌව ඉස්කෝලෙ ඇතුලට අරන් ආවා වගේනෙ..?

“තමුසෙ මහා නිකමෙක් ශාක්‍ය! උබේ බොඩිගාඩ්ස්ලා නැතුව උබට මුකුත් කරගන්න බෑ නෙහ්? සිරාවටම උබ නිකමෙක්-” මම අත්මිටි මොළවලා දේශාන්ට ගහන්න නැවුණත් සාහිල් අයියා පිටිපස්සෙන් මාව ඇදලා ගත්තා.

“ආදිල් පලයන් එළියට..! මන් ආයෙ කියන්නෑ!” මන් සාහිල් අයියාව පැත්තකට තල්ලු කරත් එක්කම දේශාන්ට අන්තිම පාරට කන ගැලවිලා යන්නම පාරක් ගහපු ආර්යන් අයියා ඌව අතෑරලා දාලා එතනින් නැගිටලා මන් ගාවට ඇවිත් මගේ අතින් තද කරලා අල්ල ගත්ත නිසා.

“මොකද තමුසෙ හැමතිස්සෙම මාව නවත්තන්න හදන්නෙ??! අතෑරපන් මාව..!” මම ආර්යන් අයියගෙ අත ඇදලා විසි කලත් එයා ආයෙම සැරයක් මගේ අතින් අල්ල ගත්තෙ කලින්ට වඩා තදින්.

“ගිහින් ශවිරුලාට එන්න කියපන්.” එක අයියා කෙනෙක් එතනින් යන්න ගියාම ආර්යන් අයියා මාව ලොකර් රූම් එකේ කෙලවරට ඇදන් ගියා.

“අත අතෑරපන් අයිසේ එකපාරක් කිව්වම..!” මන් කොච්චර හයියෙන් කෑ ගැහුවත් ආර්යන් අයියා මාව තඹ සතේකටවත් ගනන් ගන්නෙ නැතුව රූම් එකේ අයිනෙම තිබ්බ බංකුව උඩට මාව තල්ලු කරේ මාව බංකුව උඩට නිකන්ම ඇදගෙන වැටෙද්දි.. සිරාවටම ඇයි කාටවත් තේරෙන්නෙ නැත්තෙ මට දැනෙන දේ?? අච්චර මට නිකමෙක් කිව්වට පස්සෙත්..

“කකුළ පෙන්නන්න මට..” මම කකුළ් දෙක හන්ගගෙන අහක බලා ගත්තෙ වැටෙන්න එන කඳුළු ටක්ගාලා හිර කරගන්න ගමන්. මොන මඟුලක්ද! හැමෝටම කියවන එක ලේසියි..ඒත් තමන් මෙච්චර කාලෙකට මරාගෙන සෙකන්ඩ් නොවී ඉදලා එතපාරටම මෙහෙම ගාඩ් එක බිදුනම දැනෙන ෆීලින් එක පට්ට අවුල්..ඒක වෙන්නම ඕනෙ දැනෙන්න.

“මුරණ්ඩු වෙන්න හදන්න එපා-“

“ඔක්කොටම කලින් තමුසෙ මට අණ දෙන එක නතර කරන්න!! තමුසෙ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්නැති..ඒත් තමුසෙටත් මැද්දට පනින්න ඕන නැති දේවල් තියෙනවා!! ප්‍රයිවසි එකක් දෙන්න බැරි කමක් නෑනෙ උබට-” මම එහෙම්මම කියවන එක නතර කරලා ගල් පිළිමයක් වගේ බංකුව අල්ලගත්තෙ ආර්යන් අයියා බිමට පාත් වෙලා මගේ කකුළ් දෙක එයාගෙ අත් දෙකෙන් ඉස්සරහට ඇදලා ගත්ත නිසා.

“කකුළ දැනෙනවා නේද?” මගේ දණහිස ගාව ඉදන් අත තිය තියා මේ මනුස්සයා තද කරද්දි මම ආයෙම අහක බලා ගත්තා.. රූම් එකේ අපි දෙන්නත් එක්ක තව පහක් හයක් ඉන්නවා..මන් හිතන්නෙ සාහිල් අයියා ආර්යන් අයියා මාව මෙතනට ඇදගෙන ආපු වෙලාවෙ දේශාන්ව එළියට ඇදගෙන ගියා..දැන් ඉන්නෙ ප්‍රිෆෙක්ට්ස්ලා දෙන්නෙකුයි තව අපේ වයසෙ කොල්ලෙකුයි.

“කකුළට කිලෝ එකසිය විස්සක් විතර බර ටයර් දෙකක් වැටුණට පස්සෙ තමුසෙ හිටගෙන හිටපු එකත් මට පුදුමයි.” මන් බංකුව දෙපැත්ත තද කරගෙන අල්ල ගත්තා.. මන් හිතන්නෙ තාත්තාගෙන් පස්සෙ මේ විදිහට මට කතා කරලා තියෙන එකම මනුස්සයා තමුසෙ වෙන්නැති. මන් අහන්නෙ ඇයි මූම?? මන් ආයෙම ටක්ගාලා අහක බලා ගත්තා.

“ශාක්‍ය?? හුත්තෝ!” නිශල්කලා සෙට් එකම මේක අස්සට කඩාගෙන වැදුනම මම අනිත් පැත්තට උන් දිහා බලලා ලාවට හිනා වුණා.

“අරූව මම ඉතුරු කරන්නෙ නෑ..! වේස-” නිශල්ක ආපු පයින්ම අනිත් පැත්තට රූම් එකෙන් එළියට දුවන් ගියා.

“අයියා ඉන්නවද ශාක්‍ය ගාව?”

“ඇයි-“

“මන් ඉන්නම්.” මන් තනුජ අහපු එකට උත්තරේ දෙන්න යද්දිම ආර්යන් අයියා මැද්දට පැන්නෙ මම ඌ දිහාවට හොඳවැයින් රැවිල්ලක් දාද්දී..

“ආ හරි..මන් යන්නම් අතන්ට- අරූ තව කට්ටියක් එක්කම ඉස්කෝලෙ ඇතුළට පැනලා තියෙන්නෙ. උගේ රග්බි trophy දෙනකන් ඌ යන්නෙ නැහැල්ලූ..” ඒ එක්කම මන් ආර්යන් අයියා දිහා බැලුවෙ එයා මොකක් කියයිද කියලා බලන්න වුනත් එයා කරේ ඔලුව වනපු එක විතරයි..ඊටපස්සෙ තනුජ මට යනවා කියලා රූම් එකෙන් එළියට යන්න ගියා. මෙතන කට්ටිය වැඩියි..මන් ආස නෑ. ඒ එක්කම ආර්යන් අයියාගෙ අත් දෙකට තද වෙලා තිබ්බ මගේ කකුළ් දෙක මම හෙමීට අරන් බිමින් තියලා ඉන්න තැනින් නැගිටලා ලොකර් රූම් එකෙන් එළියට එන්න ආවෙ පොඩ්ඩක් නිදහස් තැනක් හොයාගෙන..

“ආදිල්- ඔව් කාටවත් ඇතුලට එන්න දෙන්න එපා.! ශවිරු දැන් එයි-” ඒ එක්කම මගේ පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහුණත් මන් පිටිපස්ස හැරෙන්න ගියේ නැත්තෙ ඒ කවුද කියන්න මම හොඳට දන්න නිසා.. බෝධිය පැත්තට යනවද? ලයිබ්‍රි එක තියෙන පැත්තට යනවද? මන් ඇවිදින එක නතර කරලා ලයිබ්‍රි එකට යන පාර දිහා බලන් ඉද්දි එකපාරටම මගේ මැණික් කටුව හරියෙන් දැණුන රස්ණෙට මාව ගැස්සිලා ගියා.

“මාත් එක්ක එන්න.”


A/N

සමාවෙන්නෝන දෙන්න බැරි වුණාට!! මම මේ දවස් ටිකේම හරියට කෑවෙත් නෑ බිව්වෙත් නෑ..ඒ ඇයි කියනවා නම්..ම්හුක්ක් 🫠 අපේ රිසාල්ට්ස් ආවා..යුනි එකෙන් හරියටම ඩේට් එක දීලා තිබ්බෙ..ඉතින් කෝමද කියාන්කො දවස් ලන් වෙද්දි ලියපු බොරු මතක් කරගෙන සැනසීමේ කන්නෙ බොන්නෙ?? හුස්ම ගනිද්දි පවා මතක් වෙනවා සෙද්ද!! ඒ කොහොම හරි…මම පාස්!

හිතට ආපු ශතුටට මේ දුන්නෙ ❤️
Adareyyy
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 26, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 26, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 26 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 26 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 26 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 26 light novel, ,

Comment

Leave a Reply

Chapter 26