À¶»À¶¯À·… | The Kandyan Aristocrats 27

A+ A-

ආර්යන් අයියයි මමයි විනාඩි ගාණක් තිස්සෙ කිසිම දෙයක් නොකිය කැඩෙට්ස් රූම් එකට වෙලා කලුවරේ ඔහේ හිටියා.. ටිකකට කලින් රූම් එකේ ලයිට් එක ඔන් කරන්නද කියලා එයා අහපු වෙලෙත් මන් කරේ ඔලුව වනලා එපා කියපු එක විතරයි. කලුවරේ කොහොමද එයාට ඒක පේන්නෙ කියලා හිතුනොත් ඒ එයාගෙ ෆෝන් ස්ක්‍රීන් එකේ එළියෙන්..විනාඩි ගාණක් තිස්සෙ ඉන්සට ෆේක් අකවුන්ට් එකකින් කට්ටියගෙ ෆොටෝස් වලට ලයික් කරන හැටි මාත් සද්ද නැතුව බලන් හිටියා.

“මන් යනවා.” ටික වෙලාවකින් ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා ඉවර වෙලා මන් මගේ බෙල්ල දිගේ අත යවලා අතගාන ගමන් බෙල්ලෙ හිරි ඇරියේ තාම අර දේශාන් අල්ලපු පාරට එතන විස ගහන නිසා.

“දැන් අවුලක් නැද්ද?” දොර ගාවට වෙනකන් ගියපු මන් ඇස් දෙක හීන් කරගන්න ගමන් ආර්යන් අයියා දිහාවට හැරිලා බැලුවා.

“ඒ ගැන ආයෙ කතා කරන්න එපා.” මෙච්චර වෙලා ෆෝන් එක දිහා බලාගෙන හිටපු එයා ඇහි බැමකුත් උස්සන් මන් දිහා බැලුවම මම ආයෙ ඉස්සරහ බලා ගත්තෙ කැඩෙට් රූම් එකේ දොරේ හැඩල් එක අල්ලලා පහලට කරන ගමන්.

“ඇයි ඔය තාමත් තරහින්?” මන් ඇස් දෙක පියා ගත්තා.

“මන් තරහින් නෙවෙයි අයියෙ.” දට්මිටි කාගෙන මන් එක කිව්වෙ මට මෙතන ආයෙ රණ්ඩු දාගන්න පනක් නැති නිසා.

“එහෙනම්?” ආර්යන් අයියාත් ඉන්න තැනින් නැගිටිනවා ඇහුණම මම ඩෝ හැඩල් එක අතෑරලා දාලා සම්පූර්ණෙන්ම මගේ පිටිපස්සට හැරුණා.

“මොකද්ද ප්‍රශ්නෙ?” මම ඔලුව වනලා බිම බලා ගත්තා..තාම එයාට ඒක තේරෙන්නෙ නැද්ද?? වෙන කවුරුත් නෙවෙයි එයාමයි මට තියෙන ප්‍රශ්නෙ කියලා..

“මට..” මන් අහක බලා ගත්තා.

“මට ආයෙම ප්‍රශ්නයක් වුණෝතින් ඒක මැද්දට පනින්න එපා..ඉස්සර වගේ දැක්කෙ නෑ වගේ ඉමු.” ආර්යන් අයියා කිසිම දෙයක් නොකියා දිගටම මන් දිහා බලන් ඉන්දැද්දි මට තවත් අමාරු වුනා..සිරාවටම කලින් වගේ හිටියා නම් මේ මුකුත් වෙන්නෙ නෑනෙ.

“දැන් ඒකද ප්‍රශ්නෙ? මෙච්චර වෙලා ඒකද ප්‍රශ්න වුනේ?? දේශාන් නෙවෙයිද?” ෆෝන් එක අල්ලන් ඉන්න අත තවත් ෆෝන් එක වටේ තද වෙනවා බලන් මම හෙමීට ඔලුව වැනුවා.

“දේශාන්..” මන් උරහිස් දෙක උස්සලා ආර්යන් අයියා ගාවට හෙමිහිට ඇවිදගෙන ගිහින් අඩි දෙක තුනක ගැප් එක තියලා නැවතුනේ මගේ ට්‍රැක් බොටම් එකේ සාක්කුවට අත් දෙක දාගන්න ගමන්.

“මෙතන ප්‍රශ්නෙ දේශාන් වත් මමවත් නෙවෙයි..ඇයි තේරුම් ගන්නැත්තෙ? එදා ඔයා එයාව සස්පෙන්ඩ් කරේ නැත්තන් මේ කිසිම දෙයක් වෙන්නෑ ආර්යන්. මට මෙතන තියෙන ප්‍රශ්නෙ ඌ නෙවෙයි..ඔයා.” මන් කියන කියන හැම වචනයක් ගානෙම එයාගෙ ඇස් වෙනස්වෙන විදිහ දිහා මන් බලාගෙන හිටියා.. ඒත් ඒක දුකක්ද තරහවක්ද කියලා කියාගන්න බැරි තරම් අමුතුයි.

“මෙච්චර අවුරුදු ගාණක් මෙහෙම ඇවිත් ඇයි එකපාරටම වෙනස් වෙන්නෙ? ඒකත් මොකක් හරි වෙච්ච ගමන් හොයන් ඇවිත් උදව් කරන එක.. ඒ මන් දන්න ආර්යන් නෙවෙයි. අනික මට ඒක වෙනස් වෙන්න ඕනෙත් නෑ..ඒක නිසා අපි මේ විදිහටම ඉමු..මට තවත් මේ දේවල් එපා වෙන්න කලින්.”

“මොකද්ද කියන්න හදන්නෙ?” ආර්යන් අයියාගෙ ඇස් වල කලින් තිබ්බ අර කියවගන්න බැරි අමුතු හැගීම් සේරම තත්පරයක් ඇතුලෙදි වෙනස් වෙනවා මන් බලාගෙන ඉදලා ටික වෙලාවකින් මම හෙමීට උරහිස් දෙක ඉස්සුවා.

“ආයෙ මන් ඉස්සරහට එන්න එපා..මට හිටියා වගේ ඉන්න දෙන්න.” මම ඒ ඇස් දිහා දිගටම බලන් ඉන්න බැරි නිසා ඉක්මණට කැඩෙටින් රූම් එකෙන් එළියට එන්න ආවෙ කෙලින්ම අපේ ලොකර් රූම් එකට යන්න බලන්..ඒ ගිහින් එතන හැමෝටම මගේ ඇගට හරි නෑ කියලා තනුජගෙ කාර් එකෙන් මම ගෙදරට බස්ස ගත්තා.

“උබට අවුලක් නෑනෙ?”

“ඔව්..මන් දැන් නිදාගෙන නැගිට්ටෙ.” අතට බයික් එකේ ග්ලව්ස් දෙක දාගන්න ගමන් මන් ෆෝන් එක අතට අරන් මගේ පොත් මේසෙ උඩින් තියලා මගේ අල්මාරිය ඇරලා ඉවර වෙලා ඒක ඇතුලට වෙන්න තිබ්බ ලාච්චුව ඇරියා.

“කෑවද?”

“හ්ම්..මන් කාලා ඉවර වෙලා ගණන් හදන්න ඉන්නෙ.” ලාච්චුවේ ලෙදර් වලින් රැප් කරලා තිබ්බ බ්ලේඩ් එක එළියට ඇදලා ගන්න ගමන් මන් ඒකෙ මුවහත හොඳට තියනවද බලන්න බිත්තියේ අල්ලලා තිබ්බ ලයිට් එකේ එළියට ඇල්ලුවම බ්ලේඩ් එකේ තලේ දිළිසෙන විදිහ දිහා බලලා ලාවට හිනා වුණා.

“මන් එන්නද හෙට උබේ ගෙදර?”

“මියුසිකල් එකට හම්බ වෙනවනෙ?”

“ඊට කලින් එන්නම් ඉතින් ටිකක් ඉන්න.”

“හ්ම්..චිප්ස් පැකට් එකකුත් අරන් එන්න.” මම බ්ලේඩ්ස් දෙක මගේ බූට්ස් දෙක අස්සෙ හන්ගලා පොත් මේසෙ උඩ තිබ්බ කලු පාට මාස්ක් එකයි ෆෝන් එකයි දෙකම අතට අරන් කාමරේ දොර ඇරියා.

“මන් තියන්නම් නිශල්ක..කන්න යන්නෙ.”

“ආ..හරි හරි. බායි!” මන් ෆෝන් එක කට් කරලා දාලා කුස්සියට ගියා.

“මාමේ..”

“ආ ලොකු පුතා..මේ කොහේ යන්න කියලද?”

“පාටි එකක් මාමේ..අපේ පංතියේ කොල්ලෙක්ගෙ.”

“ආ හරි පුතේ..පරිස්සමෙන් ගෙදර එන්න.” මන් ඔලුව වනලා සාලේ සෝෆා එක උඩ තිබ්බ මගේ හෙල්මට් එකත් අරන් කෙලින්ම ගියේ පහළ ගරාජ් එකට.. කොහොමත් මන් වැඩි වෙලාවක් ඉන්න බලන් යන ගමනක් නෙවෙයි මේක..නංගිත් අද උදේම ආයෙම කොළඹ ගිය නිසා දැන් මට වද වෙන්න කිසි වුවමනාවක් නෑ.

120ට විතර නුවර ටවුන් එකේ මම පාර දෙවනත් කරගන් කාගෙන ගිහින් අන්තමට මට යන්න ඕන තැනට ඇවිත් පාකින් එකෙන් බයික් එක නවත්තලා බහින්නත් කලින් එතනට ආපු සෙකියුරිටි එක්කෙනාට මම බයික් එකේ යතුර දීලා මගේ ජැකට් එකෙන් ෆෝන් එක අර ගත්තා.

“මෙතනම ඉන්න. මන් වැඩිවෙලාවක් ඉන්නෙ නෑ.”

“හරි සර්.” මන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් කරලා පැයකට කලින් ඩයල් කරපු නම්බර් එකට කෝල් එකක් ගත්තා.

“තිශාක්‍ය පුතා?”

“අන්කල් මන් ආවා.”

“හරි පුතා..එයා ඇතුලෙ රූම් නම්බර් ෆිෆ්ටි ෆයිව් වල ඉන්නෙ..ඇතුලට ගිහින් බාර් එකේ කොණෙන් ඉදගෙන අර මන් දාන්න කිව්ව මුද්ද දාගෙන ඉන්න ඇගිල්ල බාර් ටේබල් එකට තියලා තට්ටු හෙමින් සැරේ තට්ටු කර කර ඉන්න..එතකොට මන් වැඩේ පවරපු බාර්ටෙන්ඩර් ඇවිත් පුතාට රූම් එකේ කී එක දෙයි.”

“තැන්ක්‍යු අන්කල්.”

“තව දෙයක්.. ඔය කොල්ලා වී අයි පී නිසා පොඩ්ඩක් කල්පනාවෙන් හරිද? ඡන්දෙ සැප්තැම්බර් වල නිසා දැන්ම ඉදන් ගාඩ් එකට කට්ටිය දාලා ඇති.”

“තේරුණා අන්කල්..මේ ගැන තාත්තාට දැන ගන්න තියන්න එපා.”

“හරි පුතා.. පරිස්සමෙන්.” කෝල් එක කට් කරාට පස්සෙ ස්විච් ඕෆ් කරලා ඉවර වෙලා ෆෝන් එක ආයෙම ජැකට් එක අස්සට එබුවේ අනිත් පැක්කට ජීන් එක අස්සෙන් මන් ගෙනාපු මාස්ක් එක අරගෙන ඒක මුණට දාගනිද්දි..

“සර් මන් මෙතනම ඉන්නද?” මන් ඔලුව වනලා හෙල්මට් එක ඇතුලෙන් කැප් එක අරන් ඒක මූණ වැහෙන්න දාගත්තා.

“මේක අරගන්න.” ඒ මනුස්සයා අතට පන්දාහෙ කොළයක් අතෑරලා මන් සෙනඟ පිරිලා ක්ලබ් එකට ඇතුළ් වෙන තැන දිගටම තිබ්බ පෝළිමෙන් කෙළින්ම ගාඩ්ස්ලා අස්සෙන් ඇතුල් වෙලා මම බාර් එකට ගිහින් අර කිව්වා වගේ කොණකින් වාඩි වුණා.

“Any drinks sir?” මන් කිසිම දෙයක් නොකිය මූණ වැහෙන්න දාලා තිබ්බ කැප් එක හදන ගමන් මගේ දකුණු අත දික් කරලා මගේ දඹර ඇගිල්ලේ ඇටයක් කඩන ගමන් ඒක බාර් ටේබල් එකෙන් තියලා පොඩි තට්ටුවක් දැම්මා.

“මට තත්පරයක් දෙන්න.” ඒ කියලා හම්බුන්නෑ මගේ ඇගිල්ල අතරට කී කාඩ් එකක් හිර වෙනවා කැප් එක අස්සෙන් මන් දැක්කා. මුකුත් නොකියා මන් ඉන්න තැනින් නැගිටලා එන්න හැදුවම ඒ බාර්ටෙන්ඩර් එකපාරටම මගේ අතින් ඇල්ලුවම මම කැප් එක අස්සෙන් එයා දිහා බැලුවා.
“රූම් එක ඇතුලේ ඉන්නෙ ඌ විකරයි..ඇතුල් වෙන තැන තියෙන ස්ටූල් එකට හේත්තු කරලා යකඩ බාර් එකක් ඇති.” මම ඔලුව වැනුවම එයා මගේ අත අතෑරියා.

ක්ලබ් එකේ වී අයි පී සෙක්ශන් එක පාස් කරලා යන අතරෙ තැනින් තැන දාලා තිබ්බ ගාඩ්ස්ලා දිහා බලන ගමන් මන් ශේප් එකේ රූම්ස් තිබ්බ පැත්තට පැනගත්තට පස්සෙ පනස් දෙක කියලා ගහපු රූම් එකේ දොර පහු කරනවත් එක්කම මන් ඒ දිහා බලලා ඉතුරු රූම්ස් දෙකත් පාස් කරේ අර කිව්වා වගේම දොර ගාව මල් වාස් එකක් එක්ක තිබ්බ ලොකු ස්ටූල් එකට හේත්තු කරලා තිබ්බ යකඩ බාර් එක මන් අතට ගන්න ගමන්. වට පිට බලලා මම අතේ තිබ්බ කී කාඩ් එක දොරට තියලා දොර ඇරෙනවත් එක්කම මන් සද්ද නොකර කාමරේ ඇතුලට ගියා.

රූම් එක ඇතුලට ආපු ගමන්ම මගේ මාස්ක් එකට කවර් වුණු නහයට දැනුණේ තනිකර නියුඩ් ඇල්කොහොල් සුවඳක් වෙද්දි මම වටපිට බැලුවා..රූම් එක හිස්. ඒ එක්කම මගේ ඇස් දෙක රූම් එකේ තිබ්බ තවත් දොරක් ගාව ගිහින් නැවතුනාම මගේ කට අග නිකන්ම ඉස්සිලා ගියා. Gotcha! මම ඇදෙන් වාඩි වෙලා පොල්ල ඇදට හේත්තු කරත් එක්කම බාත්රූම් එකේ හැන්ඩල් එක පහළට ගිහින් දොර ඇරෙන විදිහ මන් අත් දෙක පිටිපස්සට තියලා ඇදට පොඩ්ඩක් බර වෙලා බලන් හිටියා.

“තමුසෙ කවුද?” හිටපු විදිහට ඉදගෙන මම හෙමින් සැරේ මගේ කැප් එක ගැලෙව්වා.

“කටක් නැද්ද?” අර්හ්හ්..මෝඩ පකයා! මන් බැරිම තැන මාස්ක් එකත් ගැලෙව්වම මෙච්චර වෙලා ඇස් දෙක හීන් තරන් හිටපු දේශාන්ගෙ ඇස් දෙක පොල් ගෙඩි දෙකක් වගේ ලොකු වුණා.

“නමස්තේ මදර්ෆකර්..” ඉස්සරහට බර වෙන ගමන් මන් කකුළ් දෙකට වැළමිට තියලා ඉදගත්තම දේශාන් තාම කරකියාගන්න දෙයක් නැතුව මන් දිහා බලන් ඉද්දි මන් කරේ උගේ උඩ ඉදන් පහළ බලපු එක.. කොච්චර අකමැති වුනත් පොරගෙත් පොඩි ගතියක් තියෙනවා.. හැබැයි කොල්ලො ගහන්න තරම් එකක් නෑ මුගේ.

“ශා..ශාක්‍ය? තමුසෙ කොහොමද..?” දේශාන් වටපිට බලන්න ගත්තා.

“මේක වී අයි පී නෙ?”

“අපිත් වී අයි පී තමයි හුත්තෝ..! උබේ තාත්තා ඔතනට එන්න කලින් අපේ තාත්තලා ඕවා රන් කරේ..” මන් කතා කරාම ඌ එකපාරටම ගැස්සුණ විදිහ දැකලා මට යන්තම් හිනා ගියා.

“අනික බය වෙන්න එපා මම විතරයි ආවෙ..කොල්ලො දම්මලා ගස්සන්න තරම් මන් පොන්නයෙක් නෙවෙයි.” ඒත් එකක්ම දේශාන්ගෙ කට අගට පොඩි හිනාවක් ආවේ මම ඇහි බැමක් උස්සද්දී..

“අද උබද මට සැපක් දෙන්න ආවෙ එතකොට?” මම කටට අරගත්ත පොඩි හිනාව එහෙම්මම තියාගෙන ඔලුව වනන ගමන් නැගිට්ටා.

“හ්ම්ම්..” දේශාන් ගාවට අඩි දෙක තුනෙන් ගිහින් උගේ බෙල්ලෙ දාලා තිබ්බ රත්තරන් චේන් එකෙන් මන් ඌව මගේ මූණ ගාවට ඇදලා අරන් උගේ කට දෙපැත්තෙන් මන් අල්ලගත්තා.

දේශාන් රිඇක්ට් කරන්න කලින් මන් උගේ මූණ අපිට එහා පැත්තෙ තිබ්බ ලොකු වීදුරු බිත්තයට තියලා දෙතුන් පාරක් ගහගෙන ගහගෙන යද්දි අන්තිමට ගහපු පාරින් ඒ වීදුරුව කුඩු වෙලා ගියේ දේශාන්ගෙ ඔලුවත් ඒ ගමන්ම කැපිලා යන්න කලින් මන් ඌව ඇදලා මන් ගාවට ගනිද්දි.. ඒ වෙච්ච දේට ගැස්සුණු ඌත් අනිත් පැත්තට මගේ අතෙන් උගේ අත් දෙකම දාලා අල්ලගත්ත විදිහට කියන්න පුලුවන් පොර අම්මට සිරි වෙන්න බය වුණා කියලා.. කොහොමත් මන් පොරව මරන්න නෙමෙයිනෙ ආවෙ.. මට කියපු වචනෙ තේරුම පහදලා දෙන්න විතරයි මන් මේ දේ කරන්නෙ.

“මොකෝ? බය වුනාද?” තාමත් දේශාන්ගෙ කට දෙපැත්තෙන් අල්ලන් හිටපු මන් උගේ මූණ දිගේ මන් මගේ අනිත් අත ගෙනිච්චෙ ඒ එක්කම ඌ වේගෙන් හුස්ම ගන්න ගමන් ඇස් දෙක පියා ගනිද්දි.

“ම්ම්?” දේශාන් ආයෙම ඇස් දෙක අරිනවත් එක්කම මන් උගේ තොල් වලට යාන්තමින් පහත් වුණේ එයත් ඉස්සරහට ලාවට බර වෙද්දි..මගේ කටත් ලාවට පැත්තට ඇදුනේ ඒ වෙලාවෙ. කිසිම දෙයක් නොකර මන් ඌ දිහා බලන් ඉන්න අතරෙ මගෙන් උත්තරයක් නැති නිසාමද කොහෙද ආයෙම ඇස් දෙක ඇරපු දේශාන් උගේ එක අතක් මගේ බෙල්ල වටේට යවලා මාව උගේ තොල් දෙක ගාවට ඇදලා ගත්තම මම දත් ටික ලාවට පේන තරන්ම හිනා වුණේ පුදුමෙන්.

“ශාක්‍ය- ආර්හ්!!” ඇහැ යට ඉදන් කම්මුල දිගේ මන් මගේ බ්ලේඩ් එක හෙමින් සැරේ හිනා වෙවී උගේ කට ගාවටම ඇදගෙන ගිහින් වැඩිය ගැඹුරට යන්න නොදී නවත්තලා දේශාන්ගෙ කට දෙපැත්ත තවත් තදින් අල්ලලා මන් ඌව මගේ නහයෙ වැදෙන තරමට ලන් කරගත්තා.

“තමුසේ මෙතනින් නවත්තන්නෙ නැති බව මන් දන්නවා. ඒත් ආයේ මන් ඉස්සරහට ආවොත් මම මේ තුවාලෙ දෙකට ඉරනවා දැනගනින්!” දේශාන්ව බිමට අතෑරලා මන් ආයෙම පහත් වෙලා උගේ කට දෙපැත්තෙන් අල්ලලා මලේ මහපට ඇගිල්ල උගේ තුවාලෙ උඩින් තියලා තද කරාම දේශාන් දත් මිටි කාගෙන ඇස් දෙක පියා ගන්නවා මම බලන් හිටියේ කිසිම හැගීමක් නැතුව..මොකද මම සැටිස්ෆයිඩ් නෑ. ඒත්..මම ආයෙම ලාවට හිනා වුණා.

දේශාන්ගෙ මූණ පැත්තකට කරලා මම අතෑරලා දාලා ඇදට හේත්තු කරලා තිබ්බ අර යකඩ පොල්ලත් අරන් මන් රූම් එකෙන් එළියට ගියේ අර ස්ටූල් එක ගාව තිබ්බ විදිහටම ආයෙම අර පොල්ල හේත්තු කරන ගමන්. කොහොමත් මන් දැනගෙන හිටියා උගේ වීක්නස් එක මොකද්ද කියලා..ඒක නිසා ඌට ගහන්න මට පොලු අමුතුවෙන් ඕන වෙන්නෑ.

වී අයි පී සෙක්ශන් එකෙන් එළියට එන ගමන් මන් මගේ මාස්ක් එකයි කැප් එකයි ආපස්සට දාගෙන බාර් එක පාස් කරනවත් එක්කම මන් දිහා බලලා ලාවට හිනා වුනු බාර්ටෙන්ඩර් දිහා බලලා මන් ලාවට ඔලුව වනලා කෙලින්ම ගිහින් මගේ බයික් එක ගාව හිටගෙන හිටපු සෙකියුරිටි එක්කෙනාගෙන් මගේ බයික් එකේ යතුර අරන් මන් ආයෙම ගෙදර එන්න ආවා.

“ආ මල්ලේ..!!” මම ශවිරු අයියා දිහා උඩ ඉදන් යටට බැලුවා. මූ මොකද්ද මෙහෙ කරන්නෙ?? කලු ශෝට් එකට කලු අත් දිග ශර්ට් එකක් දාලා මැදක් හරියට වෙනකන් බොත්තම් ගලවගෙන හිටපු ඌ මට දත් තිස් දෙකම දාලා හිනාවක් දැම්මා. ඒ මදිවට මූ කැප් එකකුත් දාලා..දැන් හිනා වෙද්දි හාවෙක් වගේ.

“මොකෝ මෙ පැත්තෙ?” මන් තනුජයි හේශිත් එක්ක ඉස්සරහට එද්දි දැනටම ශවිරු අයියගෙ පිටිපස්සෙ ඉදන් එන හතර දෙනා දැකලා නිශල්ක එක්ක විරක් හිනා වෙලා ආයෙම ශවිරු අයියා දිහා බැලුවා.

“යකෝ මූ බලහන්කො! ඇයි තමුසෙද නුවර රන් කරන්නෙ??”

“උබට නිශල්ක එක්ක විතරද හිනා වෙන්න පුලුවන්??” සාහිල් අයියා ඇවිත් මගේ කට දෙපැත්තෙන් අල්ලලා මගේ මූණ දෙපැත්තට වනන්න ගත්තම මම සාහිල් අයියාගෙ බඩට වැලිමිටෙන් ඇන්නා.

“රිදෙනවා ඕයි අයියේ!” සාහිල් අයියාටත් හිටපු ගමන් ට්‍රැක පනිනවනෙ ඉතින්.. නැත්තන් සිරාවටම හොඳ එකා. අර ශවිරුවාගෙ කාම් එක වගේ මූ..හෙන ඩීසන්ට්. ඒත් හිටපු ගමන් ශවිරුවට වඩා දඟදත් මන්දා.

“කෝ තාම ගමිදුවා විතරයි නැත්තෙ.”

“ගමිදු එයි අයියෙ..ඌ ට්‍රැෆික් එකට අහු වෙලා කියලා එතකන් අපිට ඇතුලට ගිහින් හොඳ තැනක් අල්ලගන්න කිව්වා.”

“ඔයාලා යන්න. මන් රදිල්ක එනකන් ඉන්නම්.”

“ආහ් මාත් ඉන්නම්.” තනුජයා මගේ කරට අත දාද්දි හේශිතයත් ඉන්නම් කියපු නිසා අනිත් අයත් ඔන්න ඔහේ ඉමු කියලා රදිල්කයා එනකන් හිටියා.. ඔය අතරෙ මගේ ඇස් ගියේ ෆෝන් එක දිහා බලන් බේජ් කලර් ශෝට් එකේ සාක්කුවට අතකුත් දාගෙන ඉන්න ආර්යන් අයියා දිහාවට.. එයත් කැප් එකක් දාන් හිටපු නිසා මට එයාගෙ මූණ නොපෙනුනත් ඇතුලෙන් දිව යවලද කොහෙද කම්මුලේ පැත්තක් එළියට නෙරලා ඇවිත් තිබ්බ විදිහ මට පේනවා.. මන් ටක් ගාලා අහක බලා ගත්තා. කොහොමත් මමමනේ ඈත් වෙන්න කිව්වෙ..

රදිල්ක ආවත් එක්කම අපි හැමෝම ග්‍රවුන්ඩ් එක ඇතුලට යන තැන පෝළිමට සෙට් වුණේ දැනටමත් කොන්සර්ට් එක බලන්න හද්ද සෙනඟක් ඇවිත් හිටපු නිසයි..හොඳ වෙලාවට ශවිරු අයියා එතන එක්කෙනෙක් දන්න නිසා අපිව පෝළිමේ මුල් අතරට ගන්න ඒ අයියා කෙනෙක්ට පුලුවන් වුනා. දැන් පෝළිමේ මගේ ඉස්සරහින් ඉන්නෙ ආර්යන් අයියා..ඒක නිසා මට ඉස්සරහ වෙන මෙළෝ මංගල්‍යක් හරියට පෙනුනෙ නැත්තෙ ආර්යන් අයියගෙ පිට නිකන් මහා පරිමාණ බිත්තයක් වගේ හැම දේම වහගෙන තිබ්බ නිසා..

පෝළිමේ විනාඩි දහක් තිස්සෙ අඩියක් වත් හෙළවුණේ නැති තැන මන් ශේප් එකේ බෙල්ල දික් කරලා මගේ වම් පැත්තට බර වුණත් එක්කම මම ගිහින් කෙලින්ම ආර්යන් අයියගෙ පිටේ ගිහින් වැදුණේ පිටිපස්සෙන් ආපු පුශ් එකට.. ඒ අස්සෙ හේශිතයා මගේ ටී ශර්ට් එක අල්ලගෙන- මම ටක් ගාලා ආර්යන් අයියාගෙන් ඈත් වෙලා එයා පිටිපස්ස හැරෙනවත් එක්කම සොරි කියලා අහක බලා ගත්තෙ ඒ තත්පරේට මට එයාගෙ මූණ දිහා බලන්න බැරි වෙන තරමට මගේ කම්මුල් දෙක දෙපැත්තෙන් ආපු පිච්චිල්ලට..

“මොකද බන් ඔය ඇස් දෙක පොඩි කරන්?” මම උරහිස් දෙක උස්සලා මගේ අත් දෙක කම්මුල් දෙක දෙපැත්තට තියලා තද කරත් එක්කම හේශිත් මගේ නලළට අත තිබ්බා.

“උබ ගාණට ඉන්නවා..සීතලදත් මන්දා හැබැයි.” මන් ආයෙම උරහිස් දෙක උස්සලා මගේ ෆෝන් එක අතට ගත්තා.


A/N

වැරදි හැදුවේ නෑ..වැරදි තිබ්බොත් දැක්කෙ නෑ වගේ යන්න…ම්හුක්ක්!

Adareyyy ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 27, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 27, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 27 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 27 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 27 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 27 light novel, ,

Comment

Leave a Reply

Chapter 27