À¶»À¶¯À·… | The Kandyan Aristocrats 28

A+ A-

දැන් වෙලාව නවයයි කාලයි..තව ආටිස්ට්ලා ගොඩක් අද රෑට  පර්ෆෝම් කරන්න ඉන්නවා කියලා දැනෙද්දි හිතට අමුතුම සතුටක් ආවා.. මේක තමයි අවුරුද්දකට සැරයක් තියන ලොකුම මියුසික් ෆෙස්ටිවල් එක. දැන් ජයශ්‍රී ගියාට පස්සෙ එන්නෙ කවුද කියලා අපි තාම දන්නෙ නෑ..මම මගේ අතේ තිබ්බ කෝක් බෝතලෙන් උගුරක් කටට හලා ගත්තා. කොහෙද ඉතින් නිදහසේ බියර් කෑන් එකකටවත් වැඩේ දෙන්න බෑනෙ මේ හාල්පාරුවෝ ඉන්න නිසා.. මන් අපිට ටිකක් එහායින් ඉන්න ශවිරු අයියලා දිහා බැලුවා.

කට්ටියම කැප් දාගෙන ඉද්දි අමුතුම ලුක් එකක් තිබ්බෙ.. සිරාවටම අදුන ගන්න බෑ. මන් මුලදි මෙයාලා මේ කැප් දාගෙන ඉන්නෙ කවුරු හරි ප්‍රශ්න දාවි කියලා බයේ කියලා හිතුවට අපි ග්‍රවුන්ඩ් එක ඇතුලට ආවම නිශල්කයා කිව්වා ඔය සෙට් එක අද උදේ ඉදන්ම හිටියේ කැප් ගහගෙන ලු.. ඒ මොකද කියනවා නම් ඇත්තු සෙට් එකම කොණ්ඩෙ කපන්න ගිහින් තියෙන්නෙ එකට.. ඒකනෙ යකෝ මේ දාඩිය කාගෙන ඉන්න අස්සෙත් මුන් එකෙක්වත් නිකමටවත් කැප් එක ගලවන්නැත්තෙ. අනික මරු එක කියන්නෙ කට්ටියගෙම ශර්ට් වල බොත්තම් සේරම වගේ ගැලවිලා ගිහින් මේ වෙද්දි..ඒත් කැප් එක ඇස්වත් පේන්නෙ නැති ගානට දාගෙන ඉන්නෙ. අනේ ඉතින් පිස්සු ලභ්භෝ ටිකහ්! ඔය එක්කම බෑන්ඩ් එක ආයෙම ස්ටේජ් එකට ආවමත් එක්ක ක්‍රවුඩ් එක පිස්සුවෙන් වගේ කෑ ගහන්න ගත්තා.

“අම්මට යකෝ කසුන්!!” සිංදුවේ බීට් එක ගහලා වැඩිම ඕන්නම් තත්පර දෙක තුනක් යන්නැති..අපි හැමෝම කෑ ගැහුවා. 

“මල් මිටක් තියන්න ඔබ අතේ… කෝ කට්ටියගේ සද්දේ???” අපි සිංදුවේ ලිරික්ස් කියලා හයියෙන් කෑ ගැහුවා. මේ සිංදුව නම් පිස්සුවක්.

“මල් මිටක් තියන්න..ඔබ අතේ
මට කියා කොයින්ද..මල් වනේ
ජීවිතේ විසල්…නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි… මගේ

සොදුරු… කවි ලියාන හිත් කොනේ..
තාරුකා… වහින රාත්‍රියේ..
ගෙල වටේ ගිලී…හමා ඇදි…නළරැළී..
ඔබයි… මගේ

මල් මිටක් තියන්න.. ඔබ අතේ
මට කියා කොයින්ද..මල් වනේ
ජීවිතේ විසල්…නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි…මගේ

ක්‍රවුඩ් එකත් එක්කම සිංදුව කියන ගමන් අපි සේරම උඩ පැන්නෙ බෑන්ඩ් එක පිස්සුවෙන් වගේ ප්ලේ කරන්න ගත්ත හින්දා.. මන් ඒ එක්කම මගේ වම් පැත්තෙ අපි වගේම පිස්සුවෙන් වගේ උඩ පනින ශවිරු අයියලා දිහා බැලුවත් මගේ ඇස් දෙක ගියේ කලුවරේ ඇස් කපාගෙන ගියපු සුදු පාට ශර්ට් එක ලඟට. ග්‍රවුන්ඩ් එකේ ලයිට්ස් පාට පාටට ඇවිත් ඒ ශර්ට් එකේ වදිද්දි අනිත් හැමෝටම වඩා එයාව මට කැපිලා පෙනුනේ එයාගේ සුදු පාට ශර්ට් එක නිසා.

ආර්යන් අයියා අනිත් අය වගේ සිංදුව මහා හයියෙන් කෑ ගහලා උඩ පැනලා කිව්වෙ නැති වුනාට එයාගෙ මූණ ඇදිලා ගිහින් තිබ්බා..එයා හිනා වෙනවා. මූණෙ එකපැත්තක් විතරක් මට පෙනුනට මට දැන් එයාගෙ මූණ පෙනුණ සයිඩ් එකට එයාගෙ කම්මුළ මැද්දෙ ලොකු වලකුයි ඇස් අග හිනාවට ගිහින් තිබ්බ ඉරි තුනකුයි හොඳට කැපිලා පෙනුණා.. කොහොමත් එදා ඉස්කෝලෙදි එයා හිනා වුනේ පොඩ්ඩක් නිසා තමයි මට ඒ ෆීචර්ස් හරියට නොපෙනුනේ..ඒත් අද ඒවා හරියට ප්‍රපාත වගේ ගැඹුරට වල ගැහිලා තිබ්බා. මම ආයෙම ඉස්සරහ බලා ගත්තෙ සිංදුව ස්ලෝ වෙන්න ගත්ත නිසා.

“තුරුලතා…පවා දුකෙන් වගේ
අතවනා…සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ..සෞම්ය වී නිදා ඉන්න..
මගේ හදේ

මල් මිටක් තියන්න.. ඔබ අතේ
මට කියා කොයින්ද..මල් වනේ
ජීවිතේ විසල්.. නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි…මගේ” සිංදුව ඉවර වෙද්දි අපේ කටහඬ හොයා ගන්නත් නෑ. මම හේශිත්ගෙ අතේ තිබ්බ කෝක් එක අරන් ඒකෙ තිබ්බ අන්තිම උගුරු තුන හතර ඇදලා ගත්තා.

“අඩෝ වහින්න නම් එපා රෙද්ද!” ඇගට වැටුණු පොදත් එක්ක පොඩි සීතලක් ආවම මම අහස දිහා බැලුවා. වැස්සොත් නම් ඉවරයි තමයි.

“කට්ටියම..! වහින්න වගේ නෙහ්? Perfect timing for a perfect song! මේ සිංදුව මම පෞද්ගලිකවම ආස එකක්..” ඒ එක්කම බෑන්ඩ් එක ස්ලෝ රිදම් එකකින් ගහන්න පටන් ගත්තා.

“ට රා රෙ රා..ටා..ටා..ටා…

ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ..
විදගන්න ඒ සිසිල මා සිත්සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්..
සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවි…
බිදු කදුලු.. පිනි පොකුරු.. කල මැනවි…

මට මම ම වී ඉන්න ලොකෙන් බිදක් නොදෙන
ඈතට වෙලා අපි අපිම වී ඉතින්..
නව ලොවට.. මුල් අනු දෙන්න..
මිල නොවන පෙම් කවිය පබදන්න..
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්..
සිහිනෙ සරනා..සිහිනෙන් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ..
විදගන්න ඒ සිසිල මා සිත්සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්..
සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවි…
බිදු කදුලු.. පිනි පොකුරු.. කල මැනවි…

ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්..
ප්‍රේමයට..ප්‍රේමය වෙන්න..
නිල නොවන ජිවිතය පුබුදන්න..
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ..සරනා..කිරණින්.. දැවෙනා…

අපි හයියෙන් කසුන්ට ක්ලැප් කරා..ඌ නම් සිරාවටම අධිමාත්‍රාවක්. ඒ අස්සෙ මට හෙනම වතුර තිපහයි.

“ඒ මේ..මන් සුටුස් ගාලා බොන්න මොනා හරි අරන් එන්නම්.”

“ඉන්න මාත් එන්නම්-“

“නෑ නෑ එපා..මේ‍ තැන නැති වෙයි ඊට පස්සෙ. මන් අපි කට්ටියටම අරන් එන්නම්.”  තනුජටයි හේශිත්ටයි යනවා කියලා මම යන්න කියලා අනිත් පැත්ත හැරුනත් එක්කම මාව එක තැනම නැවතුනේ මන් දිහා බලන් හිටපු ආර්යන් අයියා නිසා.. එයා ඕනෙනම් මන් දිහා තත්පර දෙක තුනක් බලන් ඉන්නැති..මන් ආර්යන් අයියා ආයෙම අහක බලා ගත්තම මමත් කරගන්න දෙයක් නැතුව ක්‍රවුඩ් එක අස්සෙන් රිංගලා ග්‍රවුන්ඩ් එකේම ටිකක් එළියට වෙන්න තිබ්බ ෆුඩ් ස්ටෝල් හරියට ගියා..දැන් එතකොට එහෙමද? මන් අහන්නෙ අපි අදුරන මිනිස්සු වත් නෙවෙයිද? ඒකනෙ එයා අහක බලා ගත්තෙත්.. කමක් නෑ මමමනෙ කිව්වෙ එහෙම ඉමු කියලා. අනික අවුරුදු ගාණක් තිස්සෙ අපි එහෙම කතා කරන්න තියා මූණුවත් බලපු අය නෙවෙයිනෙ.. ඉතින් දුක හිතෙන්නවත් තරහ යන්නවත් මට කිසි හේතුවක් නෑ.

“අන්කල් ලීටර් එකේ කෝක් බෝතල් තුනක්..” විනාඩි පහකට විතර පස්සෙ පට්ට ගේමක් දීලා මන් පෝළිම ඉස්සරහට කොහොම හරි රින්ග ගත්තා. අතේ තිබ්බ පන්දාහෙ කොළේ දීලා මාරු දෙනකන් මන් එපා වෙලා වගේ ඒ අන්කල් දිහා බලන් හිටියා..යකෝ පන්දාහේ කොළේ දුන්න නිසා මේ යකා මට බනිනවා කියහන්කො. ඉතින් තියන එකනෙ හුත්තො දෙන්නෙ! මුන්ට බිස්නස් එකත් කරගන්න ඕන ඒත් සල්ලි දුන්නමත් හුත්තෙ ලයින්.. මෙතන දැන් මුස්ලිම් එකෙක් හිටියොත් මට කෝක් එකේ සාම්පල් එකකුත් දීලා බැරිම උනොත් පොවලා යවයි..ඒ තරම් හොඳ මිනිස්සු. ඒකනෙ මුන්ට කෙල වෙන්නෙ මේ තරම්.

මන් මාරු දුන්නම ඒ අන්කල් දිහා බලලා කට යටින් බැන බැන සෙනඟ අස්සෙන් ආයෙම රින්ගලා එළියට ආවා. පුදුම ජාතියක් තමයි මේ ලොන්තයො..තව වැරදුනාම ඒ ඇයි කියලත් අහනවනෙ රෙද්ද! මම ආයෙම මියුසිකල් එක පැත්තට යන්නත් හදලා ආයෙම මන් දැක්ක දේ හරිද කියලා බලන්න මන් දැන් මේ ඉන්න ෆුඩ් ස්ටෝල් එක හරියේ ඉදලා වැඩි දුරක් නැති කොත්තු මී ස්ටෝල් එක ඉස්සරහා ෆෝන් එකත් කනේ ගහන් ඉන්න කෙනා දිහා බැලුවා. මෙයා මොකද මෙතන?

ෆොන් එක කනේ තියාගෙන ඔලුව දෙපැත්ත අතින් මසාජ් කරන ගමන් හිටපු ආර්යන් අයියා ඉන්නෙ මොකක් හරි අවුලින් කියලා මට දැක්ක ගමන් කියන්න පුලුවන් වුණා. මියුසිකල් එකේ ක්‍රවුඩ් එක ආයෙම පාරක් හයියෙන් කෑ ගහද්දි ඒ දිහා බලලා මම හෙමින් සැරේ ගිහින් ආර්යන් අයියගෙ පිටිපස්සෙන් හිටගත්තෙ එයා කතා කරන එක මට ලාවට ඇහෙද්දි.

“හරි සර්. මන් හෙට එන්නම්.” කෝල් එක කනේ තියන් ඉද්දිම කට් වෙලා යනවා මට ඒ එක්කම පෙනුනත් මන් සද්ද නොකරම එයා දිහා බලන් හිටියේ මන් බලාපොරොත්තු වෙන දේ එයා කරයිද කියලා හිතන ගමන්.. ඉස්සරහ සාක්කුවට ෆෝන් එක දාගන්න ගමන් ආර්යන් අයියා ඒ එක්කම මම කලින් හිටපු ෆුඩ් කොට් එක දිහා බැලුවම මට නවත්තගන්න බැරි හිනාවක් කටට ආවා.

මුලු ෆුඩ් කෝට් එක දිහාම එයා බලන්න ගත්තත් එක්කම ආයෙම මියුසිකල් එක තියන පැත්ත බලලා ආර්යන් අයියා ඒ පැත්තට යන්න අඩිය තියද්දිම මාත් එයාගෙ පිටිපස්සෙ ඉදන් හෙමිහිට අඩියක් ඉස්සරහට තිබ්බා.

“මාවද හොයන්නෙ?”

එකපාරටම පිටිපස්ස හැරිලා ආර්යන් අයියා මන් දිහා බැලුවම එයාගෙ මූණ පුදුමෙන් පිරිලා ගියත් එයා ඊළඟ තත්පරේ අහක බලාගෙන මට සාක්කුවෙන් එයාගෙ ෆෝන් එක ඇදලා අරන් පෙන්නුවා.

“කෝල් එකක් ආවා.”

“ආ..” ආර්යන් අයියා ඇස් දෙක හීන් කරගෙන මන් දිහා බලන් හිටියේ මන් පුදුම වෙච්ච මූණක් ඇදලා අරන් ලාවට හිනා වෙලා දෙපාරක් විතර ඔලුව වනපු නිසා..

“හරි මන් ඔයාව ෆලෝ කරා. සතුටුද? ඇස් දෙක රෝල් කරලා ආර්යන් අයියා ඒක කිව්වම මන් කරේ උරහිස් දෙක උස්සලා මගේ අතේ තිබ්බ කෝක් බෝතලයක් එයාට දික් කරපු එක..එයා ඒක දිහා බලන් ඉදලා ඔලුව වැනුවා.

“බොන්නෙ නෑ.”

“කවුද ඔයාට බොන්න කිව්වෙ? මගේ අත් දෙක පිරිලා..ඕක ඇරලා දෙනවා.” මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආර්යන් අයියා එකපාරටම හිනා වුනාම මගේ ඇස් දෙක ගියේ එයාගේ කට දෙපැත්තෙන් එකපාරටම මතු වුණ ඩිම්පල්ස් වලට..මන් ටක්ගාලා අහක බලා ගත්තා.

“මට දැන් කෝල් එකක් ආවා.” කෝක් බොට්ල් එකේ මූඩිය අරින ගමන් එයා එහෙම කිව්වම මමත් දිගටම එයා දිහා බලන් හිටියේ ඉතුරු ටිකත් කියනකන්.

“දේශාන් ක්ලබ් එකක ගුටි කාලා සිහිය නැතුව තව ඩ්‍රග්ස් එක්ක ඉදලා අහු වෙලා.” මම ආර්යන් අයියා දිහා කිසිම හැගීමක් නැතුව බලන් ඉදලා ඔලුව වැනුවා.

“මන් මීට වඩා රිඇක්ශන් එකක් බලාපොරොත්තු වුණා හැබැයි.”

“ඇයි දැන් මන් අඩන්නද ඕනෙ?” ආර්යන් අයියගෙ දැන් ලුක් එක්ක කලින්ට වඩා මාරම වෙනස්..හරියට මගේ කටින් කියන එක දෙයක් එයාට විශ්වාස නෑ වගේ ලුක් එකක් එයා මට දැන් දුන්නෙ..ඒ නිසා මම දැන් කතා කරෙත් එයා දිහා නැතුව එයගෙ උරහිස පිටිපස්සෙන් පේන මියුසිකල් එක දිහා බලාගෙන.

“මන් දිහා බලන්න.” මන් දිහා කන්න වගේ දැන් ආර්යන් අයියා බලන් ඉන්නෙ..ඉතින් කොහොමද මන් එයා දිහා බලන්නෙ? දිගටම මියුසිකල් එක දිහා බලන් ඉද්දි එකපාරටම මගේ නිකට තද වෙලා ගිහින් මගේ මූණ බලෙන්ම ආර්යන් අයියාගෙ පැත්තට හැරවුණා.

“මොනාද කරන්නෙ?” එයාගෙ අත ගස්සලා දාන්න හැදුවත් ඊට කලින් ආර්යන් අයියා ඉක්මන් වෙලා මන් ගාවට තව අඩියක් තිබ්බෙ මම මුකුත් නොකර ගල් පිළිමයක් වෙලා යද්දි.. මෙතන මිනිස්සුත් ඉන්නවා. මම තව කට ගහගෙන ගියොත් එයාට අනිවාර්යෙන් තද වෙනවා කියලා මන් දන්නවා..එතකොට එයාට තැන කොතනද කියලත් අදාළ නෑ. ඒක නිසා මම කටවහගෙන එයා කරන්න කියපු විදිහටම මම එයාගෙ ඇස් දෙක දිහා බැලුවා.

“ඇයි මට හිතෙන්නෙ ඔයා දෙයක් හන්ගනවා කියලා?”

“හන්ගන්වා? හැන්ගුවත් මොකද ඉතින්..ඇයි මන් තමුසෙට බැදිලද අයියෙ ඉන්නෙ දේවල් කියන්න? අනික මන් හන්ගන මඟුලක් නෑ.” ආර්යන් අයියා මන් දිහා පිස්සෙක් වගේ බලන් ඉද්දි ‘මන් හන්ගන මඟුලක් නෑ’ කියන කෑල්ල කියද්දි මට නිකන්ම අහක බැලුනා..ශික්! අපරාදේ මන් මෙතන නතර වුනේ! මන් එයාගෙන් ඈත් වෙන්න කියලා මූණ ගැස්සුවත් එයා මේ පාර මගේ කට දෙපැත්තෙන් තද කරලා ඇල්ලුවා.. ආර්යන් අයියට දැන් ලාවට තද වෙලා තමයි..ඒත් එයා මගේ මූණ අල්ලන් ඉන්න විදිහට මට පොඩ්ඩක් වත් රිදුණෙ නැති වෙද්දි මම එයා දිහා බැලුවා.. එහෙම රිද්දන්නෙ නැති වෙන්නත් අල්ලන්න පුලුවන්ද?

“දැන් කියන්න.. මුකුත් කරේ නෑ කියලා.” එයා වුණත් දන්නවා එයාගෙ මේ පිස්සු ලුක් එකට මිනිස්සුන්ට මේ ඇස් දෙක දිහා බලන් බොරු කියන්න බෑ කියලා. ඒත් මට එහෙම ගිව් අප් කරන්න බෑ.

“ඇයි බෑ කියලද හිතන්නෙ?” එකපාරටම ආපු adrenaline එකට මම එහෙම කියලා දාලා ආර්යන් අයියා දිහා කන්න වගේ බැලුවත් මගේ ඇහි බැම ඇකිලුණා. මොකද්ද ඒ පාර මූ මේ කරන්නෙ? මගේ ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට ආර්යන් අයියා එයාගෙ ඇස් දෙකේ කලු බෝල දෙක දෙක අරන් ගියේ ඇහි බැම දෙකත් එකතු කරගෙන.. මොකද්ද මට වෙලා තියෙන්නෙ? තවත් මට බලන් ඉන්න බැරි තැන මන් එකපාරටම ආර්යන් අයියව තල්ලු කරලා දාලා එක අඩියක් පිටිපස්සට ගියේ එයත් එයාගෙ කැප් එක අතින් හදන ගමන්.

“හරි හරි මන් තමයි දේශාන්ට ගැහුවෙ..හරිනේ! දැන් දැනගත්තනෙ? තව මොනාද දැනගන්න ඕනෙ?” මන් එකපාරටම කියාගෙන කියාගෙන යද්දි අපි ගාවින් ගියපු කොල්ලො ටික දෙනෙකුත් මන් දිහා හැරිලා බැලුවා. ඒ අස්සෙ ආර්යන් අයියා කරේ සද්ද නැතුව මන් දිහා බලන් හිටපු එක.

“මොකද්ද කරේ?” මම ඊටපස්සෙ වෙච්ච හැම රෙද්දම එයාට කියලා දැම්මා.

මන් කතා කරලා ඉවර වෙනකන්ම ආර්යන් අයියා කරේ මන් දිහා බලන් හිටපු එක විතරයි.. ඒ ඇස් දෙකේ අඩුම තරහක් තියා මෙලෝ මළ දානයක් තිබ්බෙ නැති තැන මම වටපිට බලන්න ගත්තෙ කරගන්න දෙයක් නැතුව. එක්කෝ බැන්නා නම් එකක්.. ඒත් මේ යකා දිගටම මෙහෙම මන් දිහා බලන් ඉද්දි මොකද්ද කියන්නකො කරන්නෙ?

“යමු.” සාක්කුවකට අත දාන ගමන් ආර්යන් අයියා මියුසිකල් එක පැත්තට හැරිලා යන්න ගත්තම මම ටක්ගාලා එයාගෙ අතින් අල්ලා නැවැත්තුවෙ අනිත් පැත්තට මගේ අත ඉක්මණට ආයෙම ගන්න ගමන්.

“තරහද?” ඒ පාර ආයෙම එයා මන් දිහා බලන් හිටියා. මොකද්ද මෙයාට වෙලා තියෙන්නෙ??

“තරහා වෙන්න යාලු වෙලා හිටියෙ නෑනෙ.” මගේ කම්මුළ් දෙක පිච්චෙන්න ගත්ත නිසා මම ඔලුව වනලා අහක බලා ගත්තා. ඇත්ත තමයි. කවද්ද යාලු වෙලා හිටියේ? මම එයාව පහු කරන් මියුසිකල් එක පැත්තට යන්න හැදුවම මාව නැවතුනේ මගේ බයිසෙප් එක හරියෙන් රස්ණෙට අතක් තද වුණු පාරට..මන් ආර්යන් අයියා දිහා බැලුවා.

“ආයෙ එහෙම කරන්න එපා.” මන් ලාවට ඔලුව වැනුවා.

“එවෙලෙ දේශාන් මට කියපු දේ නිසා මට ඉවසන්න-“

“මන් කියන්නෙ මට එදා අර ආයෙ කතා කරන්න එපා කියපු එක ගැන.” මන් මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරුව දිගටම ආර්යන් අයියා දිහා බලන් ඉද්දි එයා එයාගෙ කැප් එක ඇස් වැහෙන විදිහට හදාගෙන මගේ බයිසෙප් එකෙන් අල්ලන් හිටපු අත පහළට අරන් ඇවිත් මගේ මැණික් කටුව හරියෙන් අල්ලගෙන මාව මියුසිකල් එක පැත්තට එක්කන් ගියා.


A/N

කොහොමද ළමායි…🌚
අද චැප් එක කොහොමද ඉතින්?? මට දැනගනන්නත් එක්ක කියන්න හරිද?? ඇයි කතා නැත්තෙ? ම්හුක්ක්

ආයේ මම එන්නෙ අඟහාරුවාදා විතර වගේ..ට්‍රිප් එකක් යනවා ඒයිලා..එතකන් සැනසෙන්න කියලා ඕක දැම්මේ‍.. එහෙනම් ගිහින් එන්නම් හොදේ..! මේවා කියවනවා වගේ ඔයාලාගෙ ඉස්කෝලා වැඩ..ඩිප්ලෝමා හරි කෝස් වල ඒවයි..ඩිග්‍රි වල ඒවයි අතපසු නොකර කරන්නත් අමතක කරන්න එපා. මොකද වට්පෑඩ් නෙවෙයි ජීවිතේ කියන්නෙ. මෙතන තමන්ගෙ හිත නිවාගන්න තැනක් මිසක් අපායක් කරගන්න ඉඩ දෙන්න එපා.. මොකද මන් දැක්කා සමහර ඕතර්ස්ලගෙ මානසික මට්ටම වැටෙන තැන්..ඒක නිසා මේ ඇප් එක වෛරස් එකක් වෙන්න නොදී සතුටින් තියන් ඉන්න ළමයින්..මොකද ඒ මිනිස්සුන්ගෙත් හදවත මගෙයි ඔයාලාගෙයි වගේම ගැහෙනවා❤️ (ට්‍රිප් එක ගැන කියන්න ඇවිල්ලා නැවතිච්ච තැන බලහන් ඉතින්..මරු හැබැයි)

Adareyyy ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 28, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 28, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 28 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 28 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 28 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 28 light novel, ,

Comment

Leave a Reply

Chapter 28