À¶»À¶¯À·… | The Kandyan Aristocrats 29

A+ A-

මායි ආර්යන් අයියයි සෙනඟ අස්සෙන් ටික දුරක් ඉස්සරහට ඇවිත් හිටියත් අපි දෙන්නට තාම අපි කලින් හිටපු තැන හොයා ගන්න බැරි වුණා.. මොකද අර අපි ගියපු විනාඩි පහළොවට එන්ට්‍රන්ස් එක කඩාගෙන මිනිස්සු මියුසිකල් එක අතුළට පැනලා දැන් ඇඟිල්ලක් ගහන්න තරම්වත් ඉඩක් නෑ..ඒ මදිවට අපිට එහා පැත්තෙ හිටපු එවුන් අම්බානෙකට වෙරි. උන්ට නටන්න තියා හිටන් ඉන්නවත් පණක්වත් තියෙනවද කියලා මට සැකයි. මොකද දැන් ටික වෙලාවක් තිස්සෙ දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිත් මගේ ඇගෙත් හැප්පිලා සොරි කියන්න කටවත් ඇරගන්න බැරුව උන් මගේ පිටටයි ඔලුවටයි පොඩි තට්ටුවක් දාලා ගියා..මම උන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙම මගේ එහා පැත්තෙ ඉන්න ආර්යන් අයියා දිහා බැලුවා. මේ ඉන්නෙ අනිත් ගොන් වස්සා. නිකටින් දාඩිය බිංදු වැටෙනවා ඒත් ඌ නෙමෙයි කැප් එක ගලවන්නෙ. මම ඇස් දෙකත් හීන් කරන් ඉස්සරහා බලන් ඉන්න ආර්යන් අයියා දිහා බලන් හිටියා.. සිරාවටම මේ මිනිහා මගේ අත අතාරින්නෙත් නෑනෙ. නැත්තන් අර කැප් එක ඇදලා දාන්න තිබ්බා.

“ඒ මෙහ්!” මම මගේ අනිත් අතින් එයාගෙ සුදු පාට ශර්ට් එකේ අතින් ඇද්දා..දැන් නම් පොර බට්න්ස් දාන් හිටියට මට එයාගෙ අතේ බයිසෙප් ඒවා එහෙම දාඩිය නිසා ලාවට පේනවත් එක්ක. ඒ එක්කම වගේ ඉස්සරහ බලන් හිටපු ආර්යන් අයියා මන් දිහා බලලා මගේ පැත්තට බර වුණා.

“ම්ම්?” මන් ආර්යන් අයියා දිහා බලන් හිටියා.. කැප් එක දාන් ඉන්න නිසා මට ආර්යන් අයියාගෙ නහයෙන් පල්ලෙහා විතරයි දැන් පේන්නෙ.. එයාගෙ මූණේ දාඩිය බිංදු උඩ ඉදන් කම්මුල් දිගේ පහතට වැක්කෙරෙන විදිහ මන් බලන් හිටියා.

“දාඩිය නැද්ද? ඔය කැප් එක ගලවන්න.” සිංදු වල සද්දෙයි මිනිස්සු කෑ ගහන සද්දෙයි නිසා ශුවර් එකටම එයාට මන් කියපු එක ඇහුණේ නැති නිසාද කොහෙදෝ ආර්යන් අයියා තවත් මගේ ගාවට බර වුණේ එයාගෙ කැප් එක ඇවිත් මගේ කම්මුලේ වැදෙද්දි..

“ඔය කැප් එක ගලවන්න..! දාඩිය නැද්ද..!” ඊටපස්සෙ මන් එයාගෙ කැප් එකේ ඉස්සරහ කෑල්ල අතින් ඇල්ලුවත් එක්කම වගේ ආර්යන් අයියාගෙ අත මන් හිතන්නත් කලින් ඇවිත් මගේ අත වටේ තද වුණාම මන් ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බැලුවා.. මෙච්චර වේගයක්?

“දාඩිය නැද්ද?” ලාවට බෙල්ල ඇද කරන ගමන් කැප් එක උඩ තිබ්බ මගේ අත ආර්යන් අයියා හෙමින් සැරේ පහළට කරද්දි මම කරේ කිසිම දෙයක් නොකර එයාට ඒක කරන්න ඉඩ දීපු එක..

“මේකෙන් එළියට ගියාම ගලවන්නම්-” ඒ එක්කම මගේ කම්මුල උඩින් ලාවට තද වෙලා තිබ්බ කැප් එක මේ පාර මට රිදෙන තරමට තද වෙලා ගියේ මම ටක්ගාලා ආර්යන් අයියාගෙ පපුව උඩින් අත් දෙකම තියලා වැටෙන්නැතිවෙන්න බැලන්ස් වෙද්දි.

“ඕ ශිට් මල්ලියා..! සොරි ආ..සිරාවටම සොරි කොල්ලො!!” මන් පිටිපස්ස හැරිලා ඒ ලොන්තයාට දෙන්න පුලුවන් කැරිම ලුක් එක දුන්නා. ඇයි යකෝ ඇස් පේන්නැද්ද ඔච්චරටම ඇගවල් අස්සට එන්නෙ? ඌ ආයෙම සොරි සොරි කියන් ඇවිත් මගේ ඔලුවට තට්ටුවක් දාන්න හදද්දි මම බනින්න කට ඇරියත් මාව නැවතුනේ මගේ ඉණ වටේ මාරම විදහට තද වෙලා මාව පැත්තකට වුණාම මම කරේ ඇස් දෙක හීන් කරන් ආර්යන් අයියා දිහා බලපු එක.

“අවුලක් නෑ.” මන් වෙනුවට උත්තර දීපු ආර්යන් අයියා මගේ අතින් තද කරලා මාව තව ටිකක් එහාට කරාම ඒ තත්පරේට මට ආපු තරහට මන් කරේ එයාගෙ අත ගස්සලා දාපු එක.

“ඒ සොරි මචං ආහ්!! අපේ එකාට පොඩ්ඩක් වැදිලා ඒකයි.. නැත්තන් උබේ මල්ලිට එහෙම ටෝක් කරන් එන්නෙනෑ.” ඒ එක්කම මම ආර්යන් අයියගෙන් ඈත් වෙලා අඩියක් විතර එහාට වුණා. සැක්! මාව මල්ලි වගේද පේන්නෙ? එච්චරට කොටයිද?

“අපි මෙතනින් යන්.. මන් ශවිරුලාට කෝල් එකක් දෙන්නම්.” ආර්යන් අයියා මන් ඔලුව වැනුවම එයාගෙ සාක්කුවෙන් ෆෝන් එක අරන් නම්බර් එකක් ඩයල් කරන දිහා මන් බලන් ඉන්න අතරේ මගේ ඇස් දෙක ඉක්මණට ගියේ මගේ අත ලඟට.. ෆෝන් එක කනට තියා ගන්න ගමන් ආර්යන් අයියා මගේ අතිනුත් අල්ලන් සෙනඟ අස්සෙන් යන්න ගත්තම මම නිකන් අර පොඩි එකෙක් බැලුමක් නූලක ගැට ගහන් අරන් යද්දි බැලුමත් ඒ පස්සෙ මොකාද එකා වගේ යනවා වගේ මාත් එයා පස්සෙ ඔහේ යන්න ගියා.

“ඔව් අපි දැන් මේ එළියට ආවා..හ්ම්..එද්දි මට කෝල් එකක් ගනින්.” ආර්යන් අයියා ෆෝන් එක කට් කරලා ඊළඟට වටපිට බලන හැටිත් මන් සද්ද නොකරම බලන් ඉන්දැද්දි ආයෙම මගේ ඇස් ගියේ එයා මගේ අතේ මැණික් කටුව ගාවින් අල්ලන් හිටපු තැනට..

“මෙතන ඉන්නවද නැත්තම් එළිවට යනවද?” මන් ආර්යන් අයියගෙ අත දිහා බලන් හිටපු නිසාදෝ එයා ඒ ප්‍රශ්නෙ අහන ගමන් හෙමිහිට මගේ අත අතෑරලා දාලා අහක බලා ගත්තම මමත් බෑන්ඩ් එකේ බීට් එකට පිස්සුවෙන් වගේ නටන සෙනඟ දිහා බැලුවා.

“මෙතන ඉදලා වැඩක් නෑනෙ..වෙන තැනක් තියෙනවද ඉතින්?”

“එන්න මාත් එක්ක.” මන් කරේ ආර්යන් අයියාගෙ පිටිපස්සෙන් ග්‍රවුන්ඩ් එකෙන් එළියට ගියපු එක.. ඒ යද්දිත් ග්‍රරවුන්ඩ් එකේ එළියේ ඇතුළට වඩා සෙනඟක් පිරිලා හිටියා..කොහොමත් තව ටිකකින් ඔය සෙනඟත් ඇතුළට කඩාගෙන යනවා කියලා අපි කවුරුත් දන්න නිසා මායි ආර්යන් අයියයි ඉක්මණට කාර් පාක් එකට ගියා.

“ශවිරු අයියා ආවෙ කොහොමද?” කලු පාට බී එම් එකක් ගාවට යන ගමන් ආර්යන් අයියා කාර් කී එක එළියට ගත්තම මන් ඇස් දෙකත් පොඩි කරන් කාර් එක දිහා බලලා ආයෙම වටපිට බැලුවා.. ඡන්දෙ මෙහෙම අත ලග තියාගෙන ශවිරු අයියා කිසිම ගාඩ් එකක් නැතුව එළියෙ ඉන්න එකත් පුදුමයි. මොකද ලක්ෂ්මන් අන්කල් කියන්නෙ එසේ මෙසේ පොරකුත් නෙවෙයිනෙ..තරහාකාරයෝ හැමතැනම. අනික ඔක්කොටම වඩා අන්කල් ශවිරු අයියාගෙ ප්‍රොටෙක්ශන් එක ගැන පුදුම විදිහට බලනවා..ඉතින් එහෙම තියාගෙන මේ වගේ පබ්ලික් ඉවෙන්ට් එකකට ශවිරු අයියා ගාඩ් එකක් නැතුව එන එක පවා මාරම අවධානම්.

“මාත් එක්ක.” ආර්යන් අයියා ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වුණාම මාත් පැසෙන්ජර් සීට් එකට නැග්ගා.

“ලක්ෂ්මන් අන්කල් දන්නවද මේ ගැන?” එතකොට ආර්යන් අයියා කලේ ටිකක් වෙලා ඉස්සරහ බලන් ඉදලා ඔලුව වනපු එක.

“අන්කල් එක්ක රණ්ඩු වෙලා ඔය ඉන්නෙ..දන්නවනෙ එයාලගෙ රණ්ඩු..අනික අන්කල් එපා කියද්දි මේ යකා ගෙදරින් එළියට බැහැලා පුලුවන් දෙයක් කරන්න කියලා.” මන් ඔලුව වැනුවා. ශවිරු අයියටයි අන්කල්ටයි තිබ්බෙ මාරම ලොකු බොන්ඩ් එකක්..ඒත් ඒ හැම දේම එක තත්පරින් කණපිට ගැහෙනවා කවුරු හරි ශවිරු අයියගෙන් පොලිටික්ස් ගැන ඇහුවාම.. ඒ තරම් මේ යකාට ඒක තිත්ත වෙලා තිබ්බෙ.. එහෙන් අන්කල්ගෙත් ෆුල් ට්‍රයි එක ශවිරු අයියාව පාලිමන්ට් එකට දාගන්න. මොකද ශවිරු අයියාගෙ ඔය ෆැමිලි එක දන්න කාලෙ ඉදන් ලන්කාව රන් කරපු එවුන්..ඉතින් ලක්ෂ්මන් අන්කල්ට ඉන්න එකම පුතාත් ශවිරු අයියා වෙනකොට හැමෝම බලන්නෙ එයාව පාලිමන්ට් එකට ඇදලා ගන්න තමයි.. අනික බැරිවෙලාවත් ශවිරු අයියා පාලිමන්ට් ගියොත් මූ මාර ලොකු තැනකට යනවා..ඇයි ඉතින් පොඩ්ඩක් හිතපන්කො ෆීල්ඩ් එකට එන්න කලින් ඉදන්ම පොරට මෙච්චර සප් එකක් තියෙනවා නම්..ආවට පස්සෙ මොන වගේ වෙයිද කියලා ?

“අන්කල් සද්දයක් නැත්තෙ එහෙනම් අනිවා කට්ටියක් එවන්නැති..” මම ආර්යන් අයියා දිහා බැලුවම එයා කලේ ඔලුව වනපු එක.

“ශවිරු එන්න කලින් අන්කල් මට කෝල් කරලා ඇහුවා කොහෙද යන්නෙ කියලා.. ශවිරු දැන් ඉන්නෙ පට්ට රිස්ක් එකක නිසා මාත් හන්ගන්න ගියේ නෑ.” එයා කියවද්දි ඔහේ ඉස්සරහ බලන් ඉන්න අතරෙ මගේ ඇස් දෙක ගියේ අපේ ඉස්සරහ තිබ්බ ඩිෆෙන්ඩර් එක ගාවට..ඇයි ඒක හෙලවෙන්නෙ?

මන් ඇස් දෙක හීන් කරන් ඒක දිහා තව හොදට බලන් ඉද්දි එකපාරටම අපි ඉන්න කාර් එකේ එන්ජින් එක ඔන් වුණේ මන් ටක්ගාලා ආර්යන් අයියා දිහා බලද්දි..

“මට කීල්ස් එකට යන්න තියෙනවා..අවුලක් නෑ නෙ?” එකපාරටම කොහෙන්ද ආපු ලැජ්ජාවකට මමත් කරේ ඔලුව වනපු එක.. අඩෝ අරුන්..ශික්කේ..! උකනවා දාලා..මේ මොන ලැජ්ජාවක්ද?! මන් කාර් එකේ ජනේලෙන් එළිය බැලුවා.

විනාඩි පහක් ගිහිනුත් අපි දෙන්නා කරේ සද්ද නැතුව හිටපු එක..එයා එළවනවා..මම ජනේලෙන් අහස දිහා බලන් ඉන්නවා.. ඒ අමතරව කාර් එකටම ඇහුණු එකම සද්දෙ ඒ සී එකේ සද්දෙ විතරයි.. කොහොමත් අපි දෙන්නාට එහෙම කතා කරන්න දේවල් කියලා ඒවා නෑ නෙ.. ඒ අස්සෙ මට ආර්යන් අයියා අර වෙලේ කියපු එක මතක් වුණා..ආයෙ එහෙම කියන්න එපා කිව්ව එකෙන් එයා අදහස් කරේ අපි යාලුවො වගේ ඉමු කියලද? එතකොට එයාට මාත් එක්ක දිගටම කතා කරන්න ඕනෙද? මන් ආයෙම කාර් එක ඩ්‍රයිව් කරන ආර්යන් අයියා දිහා බැලුවා..එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනිත් අතේ වැලිමිට වින්ඩෝ සයිඩ් එකෙන් තියලා ඇගිල්ලක් නොනවත්වාම තොල උඩ අරන් යන ගමන් ආර්යන් අයියා පාර දිහා හෙන අවධානෙකින් බලන් හිටියා..

මම බලන් ඉන්න බැරිම තැන ශේප් එකේ මගේ ඉස්සරහ තිබ්බ ස්ක්‍රීන් එකේ රේඩියෝ එක ටච් කරා.. සිංදුවක් වත් අහන්නෝන.. නැත්තන් මට වෙන මඟුල් හිතලා මට වෙන හොයාගන්න බැරි ලෙඩක් වත් හැදුනොත් කියලා මම FM එකක් දැම්මා.

“දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්”

මොනෝත්තක් ද මේ?? මේ වෙලාවට ලව් සිංදු ඇහුනම තමයි මට අර ශවිරුගෙ පුප ලෙප්ට් වෙන්න දෙකක් අනින්න හිතෙන්නෙ. මම ඒක ස්කිප් කරලා වෙන චැනල් එකක් ඇල්ලුවා.

“හිරු මල් කිනිත්තක් දරා
සිහිලැල් පියාපත් සලා
සුළඟින් හොරෙන් මග අසා
එන්නම් සැනින් ඔබ සොයා

මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගේ වෙනවා
හෙට මා ඔයාගේ වෙනවා” උමාරියාගෙ කොල්ලට à·„à·”#න්න කිව්වලු මොනොත්තක් යකෝ.. ඕන වෙලාවට එක පකෙක්වත් නෑ හොද සිංදුවක් දෙන්නෙ.

“මගේ ප්ලේ ලිස්ට් එකට යන්න.” එකපාරටම කතා කරපු ආර්යන් අයියා දිහා මම බලලා ආයෙම ස්ක්‍රීන් එක දිහා බැලුවා. බලමු ඒකටවත් ගිහින්.

“බූට් සිංදු නෙවෙයි කියලා ශුවර්ද?”

“මාව මොකෙක් වගේද පේන්නෙ?”

“බූට් කාපු වලව්කාරයෙක් වගේ-” අම්මට සිරි හිතින් කියන්න ඕන එක නේද හයියෙන් කිය වුනේ? ඉම්හි ඉම්හි..සොරි වේවා ඉතිම්. වරදක් කරත් මේ සාක්‍ය ඒම හිතලා වැරදි කරන එකෙක් නෙමේ.

ඒ එක්කම මට හෙන ගැඹුරු හිනාවක් ඇහුණා.. මන් ලාවට මගේ ඇස් කොණින් ආර්යන් අයියා දිහා බැලුවම දැක්කෙ එයා තාමත් එක ඇගිල්ලක් එයාගෙ උඩු තොලත් නයත් අතර මැද යවන ගමන් පාර දිහා බලන් ඉන්නවා..මන් මේ වෙද්දි ආර්යන් අයියා හිනා වෙනවා කිහිප වරක්ම දැකලා තිබුණත් අද එයාගෙ ඒ හිනාව මන් මීට කලින් අහපු ඒවට වඩා හාත්පසින්ම වෙනස්.. මීට කලිනුත් එයා වැඩිම ඕනෙනම් තත්පර දෙක තුනක් ඕන්නම් හිනා වෙන්නැති..ඒ තරම් ඒවා කොටයි. ඒත් මේ හිනාව නිකන් හරියට එයාටවත් හුරු නැති එකක් වගේ.. මොන මගුලක්ද..!මගේ ඇගත් වයිබ්‍රේට් වෙනවා වගේ. මොකද මට පෙන්නන බැරි තරමට ඒ හිනාවෙ අමුතුම ගතියක් තිබ්බා..

මම මුකුත් නොවුනු ගානට එයාගෙ ප්ලේ ලිස්ට් එකට ගිහින් ඒකෙ තිබ්බ පලවෙනි සිංදුව ටච් කරා.

“තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේ ම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනන් මා ළඟ අපගේ නොවේ අප

හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්..”

අපි දෙන්නම සයිලන්ට්…සිංදුව කාර් එක දෙදරන්න තරම් සද්දෙට ප්ලේ වෙනවා. මේ අර නිස්සා දවසක් ට්‍රිප් එකකදි පාරෙ යන කෙල්ලෙක්ට කියාපු බූට් සිංදුව නේද? පණට නමක්ද කොහෙද ඒකෙ නම. මම කටත් ඇරගෙන තාම ස්ක්‍රීන් එක ඔබන්න ගෙනාපු අතත් එක්කම ගල් වෙලා බලන් හිටියා. ඒ එක්කම හෙමින් සැරේ මම ආර්යන් අයියා දිහා බැලුවා.

ආර්යන් අයියා.. එලවන ගමන් හිටපු එයා හොල්මනක් දැක්කා වගේ බය වෙලා මන් දිහා බලලා පස්සෙ ස්ක්‍රීන් එක දිහා බැලුවා. ඒ එක්කම ආර්යන් අයියා කාර් එක පාර අයිනට කපලා මහ පත බ්‍රේක් එකක් ගැහුවෙ මාවත් ඉස්සරහට විසි වෙද්දි..

“මොන-” වේගෙන් ස්ක්‍රීන් එක ටච් කරපු ආර්යන් අයියා අර සිංදුව පෝස් කරලා ඊට පහලින් තිබ්බ සිංදුව උඩින් ටච් කලා.

“බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ.
ඇස් පියවෙන මොහොතේ.
බුදු හිමි රුව මට මැවී පෙනේවා.
පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම”

හිනාව කටින් පනින්න ගියත් මම ටක්ගාලා කටට අත තියලා තද කරගත්තා..හුප්තෝ මාව මරපන්. ආර්යන් අයියා මේවත් අහනවද? මට බෑ යකෝ. ඉදපන්කො මම හෙට ඉස්කෝලෙ ගියාම පොරගෙ අභිමානෙ ලෙප්ට් කරන්න. හම්මෝ උට්ටෝ මෙව්වනෙ ආතල්.

ඒත් එක්කම මම දැක්කා ආර්යන් අයියා සීට් එකෙන් ඉස්සිලා එයාගෙ සාක්කුවට අත දාලා ෆෝන් එක ගන්නවා. පස්සෙ ෆෝන් එකෙන් දමාගෙන කාටද මන්දා දත් මිටිත් කාගෙන ටෙක්ස්ට් කරනවා. ඒ එක්කම ආයෙම කාර් එක දෙදරිලා යන්න ගත්තෙ ආර්යන් අයියට ආපු කෝල් එක කාර් එකට බ්ලූටූත් වලින් කනෙක්ට් කරලා තිබ්බ නිසා.

“ඕ කියපන්..!” මන් ටක්ගාලා ස්ක්‍රීන් එකෙන් සද්දා අඩු කරා.. එහා පැත්තෙන් ශවිරු අයියාගෙ කටහඬයි සිංදු සද්දෙයි තව මිනිස්සු කෑ ගහන ඒවයි මාර විදිහට ඇහෙද්දි මගේ නැත්තම් ඔලුව රිදෙන්න ගනීවි.

“මගේ ප්ලේ ලිස්ට් එකට මොකද යකෝ කරේ??” ඒ එක්කම වගේ මන් හිතන්නෙ ආර්යන් අයියා බ්ලූටූත් එක අයින් කරාද කොහෙද මට ශවිරු අයියාගෙ කටහඬ ඇහෙන්නැතුව ගියා. අනාව් කුමාරිහාමිට ලැජ්ජා හිතිලා මයේ හිතේ.. මමත් දත කට කාගෙන හිනාව නවත්ත ගත්තා.

“කටවහපන් ශවිරු! නෑ අපි එළියට ආවා පොඩ්ඩකට..මට කීල්ස් එකට යන්න ඕනෙ අර බඩු ටික ගන්න..හ්ම්” ආර්යන් අයියා කෝල් එක කට් කරලා ආයෙම කාර් එක පාරට දාලා ඩ්‍රයිව් කරන්න ගත්තම මමත් වෙන කරන්න දෙයක් නැති නිසා මගේ ෆෝන් එක සාක්කුවෙන් එළියට ගත්තා. ඉන්සට පැත්තෙ යන්නෝන..

“ඕන්නම් ඔයාගෙ ෆෝන් එකෙන් සිංදු දාන්න.” මන් ආර්යන් අයියා දිහා බැලුවා.

“බැට්රි ඉල්ලේ..” එලවන ගමන් ආර්යන් අයියා මන් දිහා බැලුවම මම ෆෝන් එකේ ස්ක්‍රීන් එක එයාට පෙන්නුවා.

“ඉන්සට යූසර් නේම් එක මොකද්ද?” මන් ඇස් දෙක හීන් කරා..මූට ඒකද මන් දැන් බලන්න කිව්වෙ?

“බැට්රි එක බලන්න පෙන්නුවෙ.”

“හරි ඉතින් මන් දැක්කා අටයි නෙ?” මන් ඔලුව වැනුවා.

“යූසර් නේම් එක වෙන එකෙක් ඇහුවා නම් කියන්න තිබ්බා හැබැයි..” ඒ එක්කම කාර් එක නැවතුනාම මම ඉස්සරහා බැලුවා. ආ..කලර් ලයිට් එක..යකෝ අනූ නවයෙන් ගල් වෙලාද ඒ ලබ්බ?

“ඇයි ඒ?”

“තවුසෙ ස්කූල් කැප්ටන්නෙ ඕයි! මාව ගස් යැව්වොත් එහෙම..” මම එහෙම කිව්වාම ආර්යන් අයියා කට අගින් උස්සලා සීට් එකට ඔලුව හේත්තු කරා.

“යවන්න බැරිකමකුත් නෑ..ඒක මගේ මූඩ් එක අනුව තමා.” මන් කට ඇරගෙන ආර්යන් අයියා දිහා බැලුවා.. මූ දැන් මේ මාත් එක්ක විහිළුවක් කරා කියන්න එපා.

“එහෙනම් කොහොමත් දෙන්නෙ නෑ-” ඒ එක්කම මගේ අතේ තිබ්බ ෆෝන් එක ඊළඟ තත්පරේ ආර්යන් අයියගෙ අත් දෙකේ තියෙනකොට මන් ෆෝන් එක පැනලා ගන්න හැදුවත් එක්කම ආර්යන් අයියා කරේ එයාගෙ අර යකඩ වගේ අතෙන් මගේ අත් දෙකම එකපාර අල්ලලා මගේ උකුළ උඩින් තියපු එක.

“Shakyaisdead” මන් හයියෙන් ඔලුව සීට් එක පිටි පස්සට තියලා තද කරා.

“මොකද හිනා වෙන්නෙ?”

“මන් ඒත් කලින් අර ශවිරුගෙ පෝස්ට් එකකට කමෙන්ට්ස් දහයක් විතර දාපු පිස්සා කවුද කියලා බැලුවා.”

“මටද ඕයි අයියෙ තමුසෙ පිස්සා කිව්වෙ??” ඒ එක්කම ආර්යන් අයියා එයාගෙ කකුල් දෙක අස්සෙ කිබ්බ ෆෝන් එක අරගෙන මොකද්ද කරලා ආයෙම මගේ ෆෝන් එක දිහා බලලා මොනාද මන්දා ඔබලා ෆෝන් එක මගේ උකුළ උඩට විසි කලේ මගේ අත් දෙකත් ඒ එක්කම අතාරිද්දි.. මොනාද මේ යකා අර කරේ දමාගෙන??

මන් ඉන්සට ගියාට පස්සෙ දැක්කෙ A3_R කියන අකවුන්ට් එක මාව ෆලෝ කරනවා.. එතකොට මූ රික්වෙස්ට් එකක් දාලා ඒක මගේ ෆෝන් එකෙන් ඇක්සෙප්ට් කරලමද අර දුන්නෙ?? යසයි මහ පගයා. අපරාදේ යූසර් නේම් එකට අටපට්ටම කියලා දාගන්න තිබ්බෙ..


A/N

ඔන්න මන් ආවා..ට්‍රිප් එක මරු ලමයි!! මන් ආසම නුවරඑළිය පැත්තට..❤️

ආයෙම එන්නම් ට්වෙල්ව් උත් අරන්..adareyyy
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 29, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 29, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 29 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 29 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 29 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 29 light novel, ,

Comment

Leave a Reply

Chapter 29