À¶»À¶¯À·… | The Kandyan Aristocrats 30

A+ A-

කාර් එක කීල්ස් එකේ කාර් පාර්ක් එකේ නැවැත්තුවට පස්සෙ ආර්යන් අයියා එන්ජින් එක ඕෆ් කරලා කාර් කී එක අතට ගන්න දිහා මන් බලන් ඉන්දැද්දි එයාට මන් බලන් ඉන්නවා කියලා තේරිලාද කොහෙද එකපාරටම මන් දිහා ඔලුව උස්සලා බැලුවම මම කරේ භූතයෙක් වගේ එයා දිහා බලන් හිටපු එක..සිරාවටම මේ වගේ වෙලාවකට මොකද්ද කරන්න ඕන?

“ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?” මන් ටක්ගාලා ඔලුව වැනුවා.

“ඔයා කාර් එකේදි කැප් එක ගලවනවා කිව්වානෙ..” ඒ එක්කම ටික වෙලාවක් මන් දිහා බලන් හිටපු ආර්යන් අයියගෙ කට අග පැත්තකට ඇදිලා යනවත් එක්කම එයාගෙ කම්මුලේ දිගට ඇදුනු වලක් මතු වුණා.. ආර්යන් අයියා ඊටපස්සෙ හෙමින් සැරේ එයාගෙ අත කැප් එක ගාවට ගෙනල්ලා ඒක ඇදලා ගත්තම මන් කරේ ඇස් දෙකත් ලොකු කරගෙන ඒ දිහා බලන් හිටපු එක.. බස් කට් එකක්ද ගහලා තියෙන්නෙ?

“හිනා වෙන්න එපා ආදිල් මන් තමුසෙව මරනවා-” ආර්යන් අයියා කියවලා ඉවර කරන්න කලින් මන් එකපාරටම මගේ අත එයාගෙ අතට අහුවෙන්නැති කොණ්ඩෙ දිගේ ගෙනිච්චා.. ඒවා අලුත කපපු නිසා දැන් කූරු කූරු වගේ ඇනෙන්නෙ. කලිනුත් ආරියන් අයියාට තිබ්බෙ පොඩ්ඩක් කැරලි ගැහෙන වගේ කොණ්ඩයක්..ඉතින් දැන් ඒවා කොටටම කපපු නිසා මට අහු වෙන්නෙ සිනිඳුවට අහුවෙන කූරු වගේ..

“මේ විදිහට හොඳයිනෙ ඉතින්.” කොණ්ඩෙ ගොඩක්ම අඩු කරලත් ඒක ආර්යන් අයියාට ගෙනාවෙ අමුතුම ලස්සනක්.. ඒක මොන වගේ ලස්සනක්ද කියන්න මන් දන්නෑ ඒත් එයාට මේ විදිහට කොණ්ඩෙ කැපුවාම ගෙනාවෙ නපුරු පාටක් එක්ක හෙන ආඩම්බරකාර පෙනුමක්..මෙහෙමයි ඉතින් මේ යකා නාකන් ඉද්දිත් ඒ වගේ තමා..මන් ආර්යන් අයියා දිහා බලාගෙනම එයාගෙන් ඈත් වෙලා මගේ සීට් එකට බර වුණාම ආර්යන් අයියා එයාගෙ කොණ්ඩෙ දිගේ උඩට පහළට අත යවලා ටක්ගාලා ආයෙම කැප් එක දාගත්තා.

“ඇයි ආයෙම දැම්මෙ?”

“මන් ආස නෑ..”

“ඔහොම කොණ්ඩෙ කපපු නිසාද?” ආර්යන් අයියා මගේ පැත්ත බලලා හෙමීට ඔලුව වැනුවා.. කැප් එක දාපු නිසා මට දැන් පේන්නෙ ආර්යන් අයියාගෙ තොල් දෙකයි පිහියක් වගේ තියුණු ජෝලයින් එකයි විතරක් වුණාම මම කරේ හිතේ හැටියට එයා දිහා බලන් හිටපු එක. නැත්තන් මට හැමතිස්සෙම වගේ එයාගෙ ඒ යද්ධෙ ප්‍රකාශ කරන ඇස් දෙකත් එක්ක යුද්ධ කරන්න වෙනවා..හැබැයි එක අතකට ඉදලා ඉදලා මෙහෙම කැප් එක දාන එකත් හොඳයි.

“ඒත් එහෙම ගති..” එයා ආයෙම කිසිම සද්දයක් නැතුව එයා ආනාපානසතිය කරන්න ගත්ත නිසා මන් ඇත්තම කියලා දැම්මා.. බොරු නෙමේනෙ ඉතින් කොහොමත්. ඒ පාර මන් දිහා කැප් එක අස්සෙන් බලන් හිටපු ආර්යන් අයියා එකපාරටම බෙල්ල පැත්තකට ඇල කරාම මගේ ඇස් දෙක නිකන්ම එයාගෙ ඇඩම්ස් ඇපල් එක ගාවින් නතර වුණා.

“ඔය ඇත්තමද කියන්නෙ?”

“බොරු කියලා ඔයාගෙ එච් පී බැජ් එක ගන්නද?” ඒ එක්කම ආර්යන් අයියා හිනා වුණා..සිරාවටම මෙයාට තියෙන්නෙ අර රිච් ලාෆ් එකක්. හිනා වෙද්දි හෙන ධනපති පැළැන්තියේ සීන් එකක් එන්නෙ..මන් ආර්යන් අයියාගෙ කට දෙපැත්තෙන් ආපු ලොකු ඉරි වගේ වළවල් දෙක දිහා බලන් ඉදලා ආයෙම අහක බලා ගත්තෙ එයා ආයෙම කැප් එක ගලවපු නිසා. අයිශ්! අද දවසට මන් මෙයාව වර්ණනා කරපු ගාන ඇති වගේ..

“බහින්න. ඇතුලට යන් දැන්.” මන් කාර් එකෙන් එළියට ඇවිත් මගේ ශෝට් එකේ සාක්කු දෙකට අත් දාගෙන රෑ අහස දිහා බැලුවා..අර කලින් තිබ්බ පොඳ වැස්ස දැන් නැවතිලා ගිහින් අහස පට්ටම ක්ලියර් වෙලා තිබුණේ. ඔය අතරෙ මන් ආපස්සට කාර් එක දිහා බැලුවෙ ආර්යන් අයියා පරක්කු ඇයි කියලා බලන්න වුණත් එකපාරටම බී එම් එකේ ඩ්‍රයිවින් සීට් එකේ දොර ඇරුණෙ ඒකෙන් ආර්යන් අයියා බහිද්දි..ඒ එක්කම මගේ තොලේ අගක් ඇදුණෙ ආර්යන් අයියාව දැකලා.. ඇදන් හිටපු ශර්ට් එකේ උඩින් තිබ්බ බොත්තම් ටික ඇරලා තිබ්බ නිසා එයාගෙ බෙල්ලෙ තිබ්බ රත්තරන් චේන් එක එළියට පැනලා තිබ්බ විදිහට හොඳට කැපිලා පෙනුණා. අනික දැන් කොණ්ඩෙ නිසා ආර්යන් අයියාව පෙනුණෙ හෙනම නපුරු අර හයි ක්ලාස් එකෙක් විදිහට..කැප් එක ගැලෙව්වෙ නේද එහෙනම්? එයා කාර් එකේ දොරත් වහලා මේ පැත්තට එන්න ගත්තම මමත් දැක්කෙ නෑ වගේ ඔහේ ඉස්සරහට ඇවිදගෙන කීල්ස් එක ඇතුලට යන්න ගියා.

“මොනාද ඕනෙ?” ආර්යන් අයියා තඩි හරිස්චන්ද්‍ර නූඩ්ල්ස් පැකට් එකකුයි ස්පැගටි පැකට් එකකුයි අතේ තිබ්බ බාස්කට් එකට දාගෙන ආයෙම පැස්තා තිබ්බ තැනට බර වෙද්දි මන් ඔහේ වටපිට බලන්න ගත්තමත් එක්ක එකපාරටම ඇහුණ කටහඬ නිසා මන් ගැස්සිලා ගියා.

“මුකුත් එපා.” මන් කොත්තුමී පැකට් තිබ්බ තැන දිහා බලලා ඔලුව හෙලෙව්වා..කොහොමත් ගෙදර ගිහින් නිදා ගන්නවා මිසක් ආයෙ කෑම හද හදා ඉන්න මට කම්මැළියි.

“බඩගිනි නැද්ද?” මන් උරහිස් දෙක ඉස්සුවා..ආර්යන් අයියා පැස්තා පැකට් එකක් බාස්කට් එකේ ඔබා ගන්න ගමන් මන් දිහා බැලුවමත් එක්කම ආයෙ එයාගෙ ඇස් දෙක මගේ පිටිපස්සෙ මොකක් හරි දේකට යනවා දැක්ක නිසා මාත් ඒ ගමන්ම පිටිපස්ස හැරුණාම දැක්කෙ මගේ වයසෙ විතර වගේ කෙල්ලො දෙන්නෙක් අපි දෙන්නා දිහා බලලා හිනා වෙනවා. ඒ මොකත ඒ?

“ආදිල් යමු..” ආර්යන් අයියා එකපාරටම මගේ බයිසෙප් එකෙන් අල්ලා මාවත් ඇදගෙන කීල්ස් එකේ ස්නැක්ස් තිබ්බ තැනට එක්ක ගියා.

“කන්න ගන්න මොනාහරි..බඩගින්නෙ ඉන්න එපා.”

“එයාලාව අදුනනවද?” සෙල්ෆ් සර්විස් නිසා මන් චිකන් ඇන්ඩ් මශ්රූම් පයි එකක් අරන් පේපර් කවර් එකට දාගෙන ඉවර වෙලා ආර්යන් අයියා දිහා බැලුවම දැක්කෙ එයා දැනටමත් මන් දිහා ඇස් දෙක අකුළගෙන බලන් ඉන්නවා.

“කවුද? අර කෙල්ලො දෙන්නවද?” ආර්යන් අයියා අපේ පැත්තට එන ඒ ගෑණු ලමයි දෙන්නව ඇස් දෙකෙන් පෙන්නලා ඇහුවම මන් එයා දිහා බලලා ඔලුව වැනුවා.

“නෑ මන් දන්නෙ නෑ..බලන් හිටපු විදිහ දැක්ක නිසයි එතනින් ආවෙ.”

“ඇයි කොහොමද එයාලා බලන් හිටියෙ?” මන් එවෙලෙ පිටිපස්ස හැරිලා තත්පර ගාණකින් එයාලත් ටක්ගාලා වෙන පැත්තක් බලා ගත්ත නිසා මට වැඩිය එහෙම දෙයක් නෝට් වුණේ නෑ.

“ඔයාව ගිලින්න වගේනෙ බලන් හිටියෙ..ඇයි දැක්කෙ නැද්ද?” ඒ පාර මන් ආර්යන් අයියා දිහා ඇහි බැම අකුළන් බැලුවා.

“මන් දිහා? මන් හිතුවෙ එයාලා ඔයා දිහා බලන් හිටියා කියලා..ආව්-” මන් ටක්ගාලා මගේ නළල උඩින් අත තියා ගත්තෙ ආර්යන් අයියා එකපාරටම ඇගිල්ලෙන් ඇන්න ටොක්ක නිසා.

“කල්පනාවෙන් ඉන්නවා මැට්ටස්!” මන් ටක්ගාලා අනිත් පැත්තට පැන්නෙ ආර්යන් අයියා ආයෙම එයාගෙ අත මගේ නළලට ලන් කරපු නිසා.. මෙයාට මක් වෙලාද?

“ඇන්නොත් බලාගමු- ආව් යකෝ!” මන් ආර්යන් අයියාගෙඅතේ තිබ්බ බකට් එකට මගේ කෑම එක දාලා එයාගෙන් ඈතට වුණා. මොන මඟුලක්ද මේ අටපට්ටමට වෙලා තියෙන්නෙ?? මගේ එකටත් ගෙවාගන්න එකයි ඇත්තෙ! මන් එතන ඉන්න මිනිස්සු ගැන බලන්නැතුව ආර්යන් අයියාට මිඩ්ල් ෆින්ගර් එක දීලා අනිත් පැත්තට හැරෙද්දි එයාගෙ කටේ ලාවට ඇදුණු හිනාවත් නෝට් කරගෙන කීල්ස් එකෙන් එළියට ඇවිත් බී එම් එක ගාව හිටගත්තෙ දෙපාරක් විතර වයිබ්රේට් වෙච්ච මගේ ෆෝන් එකත් සාක්කුවෙන් එළියට අදින ගමන්.

“You are so predictable” කවුද යකෝ මේ? මන් වට්ස්ඇප් එකේ ප්රොෆයිල් එකට ගිහින් බැලුවම ඒකෙ නමට තිබ්බ ‘Aryan Rawurawawansha’ කියන නම දැක්කා.. ආ මේ අටපට්ටමනෙ..! ඒ ගමන්ම මම ඒ නම්බර් එක එඩිට් කරන තැනට ගිහින් එයාගෙ නමේ අගට ‘(Hp)’ කියන එක ඇඩ් කරලා සේව් කරා.

“Ay ehema kiwwe?” මන් මෙසේජ් එක යැව්වත් එයා ඒ ඩිංගට ඕෆලයින් ගිහින් තියෙනවා දැක්ක නිසා මන් අනිත් පැත්තට ඉන්ස්ට යන්න කියලා හිතන් ඇප් එක ඔන් කරත් මගේ ගාවින් ඇහුණ අඩි සද්ද වගයක් නිසා මන් ඔලුව ඉස්සුවා.

“අයියේ ඔයාගේ ඉස්කෝලෙ *** නේද?” මන් ලාවට ඔලුව වැනුවා. දැන්නම් මේක සාමාන්‍යයි..මොකද බිග් මැච් ලන් වෙද්දි හැමපාරම වගේ මේ වගේ ඒවා වෙනවා. ගිය අවුරුදු දෙකේම මගේ නමින්ම ඉන්ස්ට අකව්න්ට්ස් තුන හතරක් හැදුණාත් මට මතකයි..ඒක කමක් නෑ කියමුකො..ඒත් ගියපාර හෙන කටකතාවක් ගියා මට කෙල්ලො හතර වටේම ඉන්නවා කියලා. ඕක මාරම විදිහට නැගලා ගියත් මරු වැඩේ කියන්නෙ මන් ඒ යාලු වෙලා හිටියා කියපු කෙල්ලො සෙට් එක මන් හෙන පාරක් රිජෙක්ට් කරපු අය වෙද්දි ෆීලින් ඕසම්..

“අයියාගෙ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද?” මළ හුප්තයි..දැන් ඉතින් මන් මුන්ව රිජෙක්ට් කරොත් ඊළඟ දවසෙ කියයි මන් ඒ නංගිලා දෙන්නව රූම් අරන් ගියා කියලා..දැන් කෙල්ලො කොල්ලොන්ට වඩා හපන්.. එක අතකට මට අටපට්ටමගෙ නම්බර් එකත් දෙන්න හිතෙනවා කියහන්කො. බනීවිද දන්නෑ…මම නිකමට වගේ කීල්ස් එක ඇතුල දිහා බලන්න ඔලුව ඉස්සුවත් එක්කම හරියටම එන්ට්‍රන්ස් එක ගාව නැවතිලා මන් දිහා බලන් ඉන්න ආර්යන් අයියාව දැකලා එකපාරටම මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ හිතාගන්න බැරි විදිහට මාව කවදාවත් නැතුව කලබල වෙද්දි. මොන මගුලක්ද මට වෙලා තියෙන්නෙ?! අනික මන් වැරැද්දක් කරෙත් නෑනෙ?

මම අර නන්ගි දික් කරපු ෆෝන් එක දිහා බලලා ඉවර වෙලා මගේ ෆෝන් එකේ කන්ටැක්ට්ස් වලට යන ගමන් මන් ඇස් යටින් මාව පහු කරලා යන ආර්යන් අයියා දිහා බලලා ආයෙම මම හොය හොයා හිටපු කන්ටැක්ට් එකට ආවා..කොහොමත් මේ නම්බර් එක මට කටපාඩම්.

“076-” ඒ එක්කම මන් තදින් ඇස් දෙක පියා ගත්තෙ කාර් එකේ සොර වැහුණු විදිහට..පිස්සුද මේ යකාට? අර කෙල්ලො දෙන්නත් ගැස්සුණා.

“348……”

“තැන්ක්‍යූ අයියා.” මන් ලාවට ඔලුව වනලා ඉස්සරහා පැසෙන්ජර් සීට් එකේ දොර ඇරලා සීට් එකෙන් වාඩි වෙන ගමන් මගේ ෆෝන් එක කකුල් දෙක මැද්දට දාලා සීට් බෙල්ට් එක දාගත්තමත් එක්ක කාර් එක ස්ටාර්ට් වෙනවා මම අහගෙන..දැන් ඇයි මෙයා කතා නැත්තෙ? කීල්ස් එක ඇතුලෙ හොඳට කියව කියවත් හිටියෙ..අනික මැසේජ් එකකුත් දැම්මා. ඇයි ඉතින් මේ?

“ආයේ අතන්ටමද යන්නෙ?” කාර් එක රිවර්ස් වෙන විදිහ මන් සයිඩ් මිරර් එකෙන් බලන් හිටියා.

“ඇයි මෙතනද ඉන්න ඕනෙ?” මම වේගෙන් ආර්යන් අයියා දිහා බැලුවා. දැන් කතා කරපු විදිහ අර එදා කැඩෙට්ස් රූම් එකේ වලිය ගියපු දවසෙ වගේ..එච්චරට තදයි. ඇත්තටම ඇයි මේ?

“නෑ..එතන ඉතින් අර කාර් පාර්ක් එකනෙ.”

“වෙන කොහෙද යන්න ඕනෙ?” ආර්යන් අයියා තනි අතින් ස්ටීරින් වීල් එක කරකවන දිහා මන් බලන් ඉන්න අතරේ මගේ ඇස් ආයෙම ආර්යන් අයියා ගාවට ගියා..එයා ආයෙමත් අර කැප් එක දාලා..මොකද්ද ඇත්තටම මෙයාට වුණේ? මටනම් සිරාවටම එයාව තේරුම් ගන්න බෑ..මොකද එයාට දැන් තද වෙලා තියෙන්නෙ අර කෙල්ලො දෙන්නා නිසා නම් ඇයි ඒ දෙන්නාට බනින්නැතුව මාත් එක්ක තද වෙලා තියෙන්නෙ??

“අපි වැව ගාවට ගමුද?” මන් ඒක කිව්වත් එක්කම ආර්යන් අයියා එකපාරටම මන් දිහා බැලුවෙ මාවත් ගස්සවන ගමන්..හොඳ වෙලාවට කැප් එක දාගෙන හිටියෙ නැත්තන් මේ වගේ වෙලාවට රිඇක්ට් කරන්න ඕන කොහොමද කියලාවත් මන් දන්නෙනෑ..ටික වෙලාවක් මන් දිහා බලන් හිටපු එයා ආයෙම ඉස්සරහ බලාගෙන ගියර් එක ඩ්‍රයිවින් වලට දාලා එකපාරටම පාගලා යන්න ගත්තා.

“ඔයා වෙනදටත් මෙහෙමද එළවන්නෙ?” මන් කාර් එකේ ස්පීඩ් එක වැඩිවෙන විදිහ බලන් ඉදලා ආර්යන් අයියා දිහා බැලුවම එයා කරේ ඔලුව වනපු එක විතරයි. දැන් පාන්දර එක වගේ නිසා පාරේ මේ වෙලාවට වැහන නැති තරම්..ඒත් මියුසිකල් එක නිසා අද පාරේ වාහන ටිකක් තිබ්බා.

“ඇයි බයද?”

“මන් බයික් එකේ නෝමල් යන්නෙත් ඔය ගාණට ආර්යන් අයියෙ.” එකපාරටම ආපු මූඩ් එක නිසා මන් හෙනස නෝන්ඩි ටෝන් එකෙන් ආර්යන් අයියාට කතා කරලා ආයෙම මම ස්පීඩ් මීටර් එක දිහා බලන් ඉද්දි අනූ පහට තිබ්බ කට්ට එකපාරටම සීයට යනවා දැක්කා.

“ආ එහෙනම් අව්ලක් නෑ නෙ?” උත්තරයක් දෙන්න මන් කට අරින්නත් කලින් ආර්යන් අයියා අපිට ඉස්සරහින් ගියපු කාර් එක එකපාරටම ඕවර් ටේක් කරලා කඩාගෙන යන්න ගත්තම මම ටක්ගාලා ස්පීඩ් එක චෙක් කරා.. එකසිය විස්සයි-

“ඕයි අයියෙ- බලාගෙන..!” එකපාරටම රවුන්දබවුට් එකෙන් දකුණෙ ඉදලා ආපු බස් එක නවත්තැන්නුව හයියෙන් හෝන් කරද්දි ආර්ය්න අයියාත් නවත්තන්නැතුවම කාර් එක වමට කැපුවෙ කාර් එකෙයි බස් එකෙයි ගැප් එක නිකන් ඇගිල්ලක තරම් පොඩි දුරක් වෙද්දි..

“බය වෙන්න එපා මන් පුරුදු වෙන්න පදින එකෙක් නෙවෙයි.” මන් මුකුත් නොකිව්වෙ මොකද තාම මගේ සිහිය තිබ්බෙ අර බස් එක ලඟ නිසා..යකෝ මම අච්චර බයික් පැදලත් මෙහෙම ගැප් තියලා නෑ. මම ආයෙම සයිඩ් මිරර් එක දිහා බලලා ඉස්සරහා බැලුවම ඒ එක්කම වගේ ආර්යන් අයියාත් මන් දිහා බලනවා මට ඇස් කොණින් දැක්කා.

“මන් ස්ට්‍රීට් රේස් කරනවා නුවරඑළියේ.” ඒ පාර මන් ඇස් දෙකත් ලොකු කරන් ආර්යන් අයියා දිහා බැලුවා.

“කරනවා කිව්වෙ? අවුරුදු කීයේ ඉදන් වගේද?”

“දාසයේ ඉදන්.”

“වයස අඩු නැද්ද?” ඒ එක්කම ආයේම අපේ ඉස්සරහට දාපු බයික් එක ආර්යන් අයියා ඕවර්ටේක් කරාම මට කලින්ට වඩා එයාගෙ ඩ්‍රයිවින් ස්ටයිල් එකේ වෙනසක් පෙනුණා.. සිරාවටම අයියෙ..තමුසෙ කවුද?

“ට්‍රැක් එක අප්පච්චිගෙ” ඒ පාර මට ලාවට හිනාවක් ගියා..කොහොමත් මෙතන මෝඩ මමයි. තත්තපරේකට මම එයාව අවතක්සේරු කරපු එක.. මට ඇත්තටම අමතක වුණා ආර්යන් අයියාගෙ ෆැමිලි එක ගැන.

අපි දෙන්නා වැව ගාවට ඇවිත් දැනට විනාඩි පහළොවක් විතර වෙනවා.. මම ඒ විනාඩි පහළොවටම කලේ ඉන්සට එකේ උඩට පහළට ගියපු එක වුණාම ඒ වෙනකන්ම ආර්යන් අයියා කරේ සීට් එක පිටිපස්සට කරන් කැප් එක ඇස් වැහෙන්නම යටට කරන් සීට් එකට ඔලුව තියාගෙන හිටපු එක..කොහොම හරි මෙච්චර වෙලා සීයට එකේ තියාගෙන ෆෝන් එක ඔබ ඔබා හිටපු මන් ෆෝන් එක ඕෆ් වෙනවා බලන් ඉදලා ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා.

“ඒ මෙහ්..” මන් සීට් එකෙන් හැරිලා මේ පාර දොරට හේත්තු වුණා..දැන් මන් ඉන්නෙ සම්පූර්ණෙන්ම ආර්යන් අයියාගෙ පැත්තට හැරිලා.. මන් එයාට කතා කරාට පස්සෙ ආර්යන් අයියා කැප් එක මූණෙන් උස්සලා මන් දිහා බැලුවෙ ඔලුව ලාවට උස්සලා ඇයි කියලා අහන ගමන්.

“ෆෝන් එක ඕෆ් වුනාද?” මට එයාගෙ කටහඬේ තිබ්බ නෝන්ඩි ටෝන් එක හොඳටම තේරුණ නිසා මන් ආයෙම සීට් එකෙන් අනිත් පැත්තට හැරෙන්න කියලා කකුළ ඈත් කරත් මාව නැවතුණේ ආර්යන් අයියාගෙ අත එකපාරටම ඇවිත් මගේ බයිසෙප් එක වටේට තද වෙද්දි.

“ජෝක් ජෝක්..” ඒ පාර මට හිනා යන්න ආවත් මන් ටක්ගාලා ආර්යන් අයියගෙ අත ගස්සලා දාලා ආයෙම ඒ හිටපු විදිහටම එයාගෙ පැත්තට හැරිලා කාර් එකේ දොරට පිට තිබ්බා.

“දැන් ඒපාර මුකුත් කතා කරන්නෙ නැද්ද ආනාපානසති කරනවා වගේ බලන් ඉන්නෙ?” මන් බලන් ඉන්න බැරිම තැන එහෙම ඇහුවෙ විනාඩියක් විතර තිස්සෙ ආර්යන් අයියා මගේ දිහා බලන් හිටපු නිසා.. එක්කෝ අර කැප් එක දාගන්න ඕන..නැත්තන් කතා කරන්නෝන.. කොහෙද ඉතින් දෙකෙන් එකක්වත් කරන්නැතුව මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා.

“නම්බර් එක දුන්නද?” මන් ඔලුව වැනුවා.. අර ඉතින් ආයෙ බලන් ඉන්නවා..! සීරියස්ලි මොකද්ද මෙයාට වෙලා තියෙන්නෙ?

“පිනාගෙ පරණ නම්බර් එක දුන්නෙ..අඩේ අයිසේ කතා කරනවකො අප්පා කන්න වගේ බලන් ඉන්නැතුව!?” මන් බලන් ඉන්න බැරි තැන හයියෙන් කියවගෙන ගියා.

“මොකක්? මේ අපේ ප්‍රින්සිපල්ගෙ?” මම ඔලුව වනලා නහයත් පුම්බලා අහක බලා ගත්තා.

“මුලින් ඔයාගෙ එක දෙන්න හැදුවෙ..ඒත් එහෙම දෙන්න බෑනෙ ඉතින්..අනික කවුද දන්නෙ තමුසෙ මාව මරාගෙන කාවි කියලා?” අර ඉතින්..අනේ මොන ලබ්බක්ද!! ආයෙම බලන් ඉන්නවා.

“ඇයි ඉතින් ඔයාගෙ එක දුන්නැත්තෙ?” මන් ඒ පාර ඇහි බැම අකුළගත්තෙ මේ යකා කියප් කතාව අහලා.

“දැන් ගිහින් දෙන්නද ඕනෙ?” ඒ පාර ආර්යන් අයියා හිනා වෙන්න ගත්තම මන් කරේ ඉස්සරහ හඳ එළියට පාට වෙලා හුලඟට රැළි ගහන වැව දිහා බලපු එක. කාලෙකට කලින් ජීවිතෙත් පැත්තකට දාලා ගහගත්ත කෙනා එක්ක අද මෙහෙම තනියෙන් වැව ගාවට වෙලා හිනා වෙවී ඉදීවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.


A/N

සමාවෙන්නෝන දෙන්න පරක්කු වුණාට..මට බන්ඩි අමාරුවක් ආවනේ අප්පාආ! මෙලෝ මඟුලක් කරගන්න බැරි වුණා ඉතින්.. හවස තමා ලියන්නත් ගත්තෙ. වැරදි තියෙනවානම් කියන්න හොදේ..!

Adareyyy මන් ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 30, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 30, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 30 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 30 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 30 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 30 light novel, ,

Comment

Leave a Reply

Chapter 30