À¶»À¶¯À·… | The Kandyan Aristocrats 31

A+ A-

“මතකනෙ මම කිව්ව දේවල්? හෙට වෙලාවට ආවෙ නැත්තන් බලා ගන්න පුලුවන් තොපි බිග් මැච් එකට සෙල්ලම් කරන විදිහ..!”

අපි හැමෝම නෙට් එක ගාව වාඩි වෙලා හිටියේ කෝච් කතා කරනකල්..හෙට අපේ බිග් මැච් සීසන් එක ඔෆිෂියලි පටන් ගන්න දවස.. පටන් ගන්නවා කිව්වෙ ඉතින් හෙට තමයි බිග් මැච් එකේ ශීල්ඩ් එක ගෙනත් රටටම පේන්න මීඩියා එකෙන් කවර් කරන්නෙ. ඊටපස්සෙ ඉතින් එක දිගට මැච් සෙශන් එකක් සතියක් පුරා ගෙනිහින් මාසෙ අග වගේ වෙද්දි අපේ පැරඩ් එක යනවා.. ඒකත් ඉවර වෙලා අපේ මැච් එකේ ටිකට්ස් උයි ජර්සියි ලොන්ජ් කරනවා. කෙහොමහරි ඔය මඟුල් සේරම ඉවර වුණාම තමයි බිග් මැච් එක සිරාවටම පටන් ගන්නෙ.. ඉතින් හරියටම බැලුවොත් බිග් මැච් එක පටන් ගන්නෙ හරියටම මාර්තු මැද වගේ. අවුරුද්දෙ මුල ඉදන් බිග් මැච් පටන් ගන්නවා කියන්නෙ අන්න ඒක නිසා. මොකද මේක හෙන දිග සීරීස් එකක්.. හැබැයි රග්බි අතින් ගත්තොත් අපි හොඳයි. බුදු අම්මෝ රග්බි වලට නැත්තෙ අලි පෙරහැර විතරයි මන් හිතන්නෙ..අනිත් සේරම තියෙනවා ඒ රෙද්දට! කොහොමත් ඒ දවස්වලට ඇසළ පෙරහැරත් ගානට සෙට් වෙන නිසා ඉතින් පෙරහැරත් හරි වගේ තමයි.

ක්‍රිකට් ගත්තොත් අපේ ඉස්කෝලේ ඒකට වැඩිය ෆේමස් නැති වුණත් ගිය අවුරුදු දෙකේ තිබ්බ බිග් මැච් දෙකෙන් අපිට මාර හයිලයිට් එකක් ආවා..ඒ නිසා තමයි මේ පාර කොන්ෆරන්ස් එක හෙන ලොකුවට මීඩියා එක අදින්න හදන්නෙ.. කොහොමත් මේකෙන් පස්සෙ අපිට ආයෙ කිසිම ඉවෙන්ට් එකක් කියලා මහා ලොකු දෙයක් නෑ..ආයෙම ඉතින් ලබන අවුරුද්දෙ තමයි. ඒකත් මගේ අන්තිම බිග් මැච් එක..ශිවිරුවා ගත්තොත් අයියාගෙ අන්තිම බිග් මැච් එක. ඒක මතක් වෙද්දිත් මට හෙන පට්ටම අවුල්.. මොකද අපේ මුලු ඉස්කෝල ජීවිතේම ගත්තොත් ක්‍රිකට් කියන්නෙ අපි අපේ හුස්ම ටික පවා දුන්නු තැන. එකට පිස්සු නටපුවා නම් කොච්චරද? මන් ආයෙම කොච්ගෙ කතාවට ඇහුම්කන් දුන්නෙ නැත්තන් මේක මතක් කර කර ඉදලා මගේ මූඩ් එක හෙනටම යයි කියන බයේ..

“දැන් කොහොමද තමුසෙලාගෙ ලකුණු..?” අනේ හුත්ත.. දැන්ම ඕකක් අහන්න ඕන වුණාද මේ යකාට..! හේමාල් සර් අපිට අවුරුදු කීපෙකින් වැඩිමල් වුණත් පොර හරියට අපේ තාත්තෙක් වගේ..මාර විදිහට අපි ගැන හොයලා බලනවා. ඒත් යකෝ මන් අහන්නෙ- ආ දැන් තවත් ශෝක්..! අර රග්බි එවුනුත් ප්‍රැක්ටිස් ඉවර වෙලා මේක අස්සට වැදෙනවා.. සඳැස් අයියලා වතුර බිබී මේ පැත්තට එනවා දැකලා මන් ටක්ගාලා ඉස්සරහා බලා ගත්තා.

“ශවිරු? කොහොමද ලකුණු?”

“සර් මට ෆිසික්ස් වලට තිබ්බා හැට තුනක්..අයි ටී වලට හැත්තෑ නවයක් තිබ්බා.. තාම එච්චරයි දුන්නෙ.”

“ආ..මැත්ස් විතරයිනෙ එතකොට දෙන්න තියෙන්නෙ? ගුඩ්..වෙල් ඩන්.” ඒ එක්කම කෝච්ගෙ ඇස් ඇවිත් නතර වුණේ අහිංසක අපි ගාවින්.

“කෝ මොකද පොඩි මෑන්ස්ලා? හොඳටම කරලා වගේ පේනවා හැබැයි..”

මන් ශේප් එකේ සර්ට පේන්නෙ නැති වෙන්න මගේ ශර්ට් එක අස්සට කොළ කෑල්ලක් දාපු තනුජයාගෙ ඔලුවට පාරක් ගැහුවෙ ඒ සද්දෙ හෝල් එක පුරාවටම යද්දි.. මේ මළ යකාට ගහන්නත් හිතෙන්නැති හැටි දෙවියනේඒඒ..අර බලපන් කට ඇතුලට අත දාලා හපාගෙන ඉන්නවා කෑ ගහන්න බැරි නිසා. මන්ම හූල්ලලා මෙහෙම ගියොත් මූව වෙලාවක දියවෙලා යනවා ආයෙ දෙකක් නෑ.

ඔය අස්සෙ මගේ ඇස් ගියේ අපිට ටිකක් එහායින් වෙන්න ඉදගෙන ඉන්න රග්බි ටීම් එක ගාවට.. කට්ටියම කෝච් අපිව පල් කරද්දි හිනා වෙනවා පිටිපස්සෙ හිටපු අපිට හොඳට ඇහුණා. එහෙන් අර රදිල්කයා අපිට කෙලවෙන්න යන්නෙ කියලා දැනගෙන හොඳට සිරික්කිය දාගෙන ඉන්නවා..වල් නරියා. උගෙන් ගේමද අහන්න වගේ මන් ඌ දිහා කන්න වගේ බලන් ඉන්දැද්දි අනිත් පැත්තට මට එයාගෙ එහා පැත්තට වෙන්න සඳැස් අයියා එක්ක කියව කියව හිටපු ආර්යන් අයියාව පෙනුණා.. මොනාද දන්නෑ බලන්නෙ? සඳැස් අයියා එහෙන් දාගෙන මොනාදෝ කියවනවා වුණත් ආර්යන් අයියාගෙ ඇස් කිබ්බෙ මන් ලඟ..කකුළ් දෙකත් හොඳට පල් කරගෙන අර රග්බි ටයිට් එකට ටයිට් ටී ශර්ට් එකයි දාගෙන එයා හොඳට පිටිපස්සෙ තිබ්බ බිත්තියට හේත්තු වෙලා මන් දිහා බලන් ඉන්න අතරෙ ආර්යන් අයියා එයාගෙ ඔලුව ලාවට ඉස්සුවේ මම නෑ කියන්න වගේ ලාවට ඔලුව වනද්දි..

“ශාක්‍ය? සර් උබට කතා කරන්නෙ..!” ඒ අස්සෙ මාව එකපාරටම ගැස්සිලා ගියේ ශවිරු අයියාගෙ කටහඬ නිසා.. මූත් ඉතින් පැන පැන දෙනවනෙ..මන් ශේප් එකේ ඔලුව වැනුවා.

“මොකද ඔලුව වනන්නෙ..කට නැද්ද?” ඒ එක්කම මට තනුජයා හිකි හිකි ගාන සද්දෙත් ඇහෙනවා. වරෙන්කො පකයා මාව බදා ගන්න. උබ තාම දන්නෑ මන් ගැන හුම්!

“මැත්ස් හැටයි.”

“ඉතුරු දෙක?”

“මොන දෙකද?” ඒ එක්කම මගේ වටේ හිටපු හැමෝගෙම වගේ කටින් හිනාව පැන්නෙ මාවත් රත් වෙන ගමන්..හෙහේ දන්නැද්ද ඉතින් පොඩ්ඩක්..

“ඉතුරු සබ්ජෙක්ට්ස් දෙක- මල්ලි මාව ඔතන්ට ගෙන්නන්න එපා හොදේ!” අම්මට සිරි තද වුණාද කොහෙද මගේ මැණිකට.. එහෙන් කෝච් කාරයත් කට තද කරෙගෙන හිනාව පනිනවට. මරිසිනෙ ඉතින් සර්ගෙත්..

“ෆිසික්ස් හතලිහයි..කෙම් විසි පහයි.” මන් දත් තිස් දෙකම දාලා හිනා වුණාම ශවිරු අයියා මන් දිහා බලන් ඉදලා ඇස් දෙක රොල් කරා.

“අනිත් එකා?” මන් නිශල්කයා දිහා බලලා ආයෙම ටිකක් පිටිපස්සට බර වෙලා සඳැස් අයියා දිහා බැලුවෙ මගේ හද පිරි මෙව්වා එක දෙන්න බලාගෙන..ඒ එක්කම රදිල්කයටත් හිනාව කටින් පැන්නෙ සඳැස් අයියා ඇහි බැම අකුළ ගනිද්දි. අයියණ්ඩිය සප්‍රායිස් වෙන්නයි යන්නේ..

“මැත්ස් හැට තුනයි..කෙම් හතලිස් අටයි..ෆිසික්ස්-” මන් ශේප් එකේ නිශල්කගෙ පිට අත ගෑවෙ ඌට පොඩ්ඩක් තැට මෙද්දි.

“දාසයයි.”

“මොකක්?” ඒ එක්කම මටයි තනුජයාටයි හිනාව පැන්නෙ කොච්ගෙ මූණ දැකලා.

“මේක යුනිට් එක්සෑම් එක නේද?”

“ඔව් සර්.. රිපෝට් එකට ඇඩ් වෙන්නෙ නෑ.”

“මට ඉතුරුවා අහන්න ඕන නෑ.. හැබැයි දිගටම ඔහොම ලකුණු ගන්න හිතන් ඉන්නවා නම් ක්‍රිකට් ගහන එකත් අතාරින්න බලාගෙන ඉන්න.” කෝච් ක්ලැප් එකක් දීලා යන්න ගියාම අපි තාම ඔලු උස්සන්නැතුව කරබාගෙන හිටියේ දැන් ශවිරු අයියා අපි දිහා හරියට කන්න වගේ බලන් හිටපු නිසා.

“තමුසෙලා තව හිනා වෙනවද ලැජ්ජා නැතුව??” ඒකටනම් හිලේ පපුවක් හැදුනා හොදේ මොනා නැතත්..! ඇයි යකෝ මෙහෙම මානසිකව වැටිලා ඉද්දි ඔය වගේ කතා කියන්නෙ මොන වගේ ගෙවලයෙක්ද?

“ෆස්ට් ටර්ම් එකටත් ඔහොම ලකුණු ගත්තොත් තමුසෙලා ක්‍රිකට් ගහලත් ඉවරයි..!! දන්නවනෙ අපේ සිස්ටම් එක උබලා? නේද ශාක්‍ය?” අම්මටසිරි මටද මේ බනින්නේ? මම ශේප් එකේ ශවිරු අයියා දිහා බලලා ඔලුව වැනුවා නැත්තන් ඊළඟට තවත් මළ පනීවි ඊටපස්සෙ.

“තමුසෙ ඔහොම වැඩ කරද්දි මන් කැප්ටන්සි එකක් දෙන්නෙ කොහොමද කියපන්කො..!! අනික මේ වැඩ බැරි එකෙක් නම් කමක් නෑ..මොකද්ද දැන්- නෑ ඔක්කොටම කලින් කියපන් තොපි ක්ලාස් යනවද කියලා?” මේ පාර හෝල් එකේ හිටපු එකෙක් හ්ම් සද්දයක් කරේ නැත්තෙ ශවිරු අයියා ඒ කියපු එකනිසා. ශිට්..පොරට හොඳටම තද වෙලා. ඊටපස්සෙ පැය බාගයක් විතර අපේ කටින් හැම මඟුලටම උත්තර අරන් ශවිරු අයියා මෙතනින් යන්න ගියේ අම්බානෙකට තද වෙලා..

“මේ මන් ටිකක් ගිහින් එන්නම්..මන් එනකන් ලොකර් රූම් එකේ ඉදපන් ආ-” මම ඇයි කියන්නත් අහලා ආයෙම කට වහගත්තෙ සඳැස් අයියාත් නිකන් මළ පැනලා වගේ එළියට යනවා දැක්ක නිසා..

“පවුල් පස්න..” මම තනුජයා දිහා උඩ ඉදන් යටට බැලුවා. මට හිනා වෙලා දැන් කතා කරන හැටි විතරක් බුලත්හපයා. හැබැයි මුට බනින්නවත් හිතෙන්නෑ අප්පාහ්..! මහ කියුට් හුප්තෙක්.

“අරූගෙ බෑග් එකත් අරන් වරෙන්..මන් ශවිරු අයියගෙ බඩු ටික අරන් එන්නම්.”

“ඒ අඩෝ මේ..අද නම් අයියට හෙනට තද වුණා නෙහ්?” මම ඔලුව වැනුවා.

“එයා ඔය ස්ට්‍රෙස් එකේ ඉන්නෙ බන්..ඇයි ඉතින් හෙට කොන්ෆරන්ස් එකේ ඒවාත් ශවිරු අයියා තනියෙන්නෙ අදින්නෙ..කොච්චර ඇහුවත් කියන්නෙ ‘නෑ නෑ උබ පාඩම් කරපන්..මන් බලාගන්නම්’ කියලනෙ..ඉතින් එහෙම වෙලා අපේ ලකුණු දැනගත්තම තද වෙන්නැද්ද කියහන්කො?”

“හ්ම්..හෙට ඌ මගේ පපුට පයින් ගහලා එළෙව්වත් මන් යනවා උදව් කරන්න.” තනුජ එහෙම කියලා නිසල්කයගෙ බෑග් එකත් අරන් අපේ ලොකර් රූම් එකට යනවා කියලා යන්න ගියා.. ඒගමන්ම මමත් එහෙම්මම බිමට නැමිලා ශවිරු අයියාගෙ නී ගාඩ්ස් උයි අනෙක් ඒවයි එකතු කරලා එයාගෙ ප්රැක්ටිස් බෑග් එකට ඒ සේරම පිළිවෙළට දාලා ඉවර වෙලා බෑග් එක මන් කරේ දාගත්තෙ ග්‍රවුන්ඩ් එක පැත්තට යන්න හිතාගෙන..

“ගියේ නැද්ද?” කලින් හිටපු තැනම බිත්තියට කකුළක් තියලා හේත්තු වෙලා පපුවටත් අත් දෙක තියලා බැදගෙන මන් දිහා බලන් හිටපු ආර්යන් අයියා ඔලුව වැනුවම මම හෙමින් සැරේ එයා හිටපු තැනට අඩිය තියන්න ගත්තා.

“ගෙදර යන්න ඕන්නැද්ද?” මන් ආර්යන් අයියා හිටපු තැනට ආවත් එක්කම එයාත් බිත්තියෙන් කකුළ අරන් කෙලින් වුණේ මට එන්න කියලා ඔලුවෙන් කියද්දි..

“දැන් යන්න හදන්නෙ.” මන් ඔලුව වනන ගමන් ආර්යන් අයියාගෙ පස්සෙන් එයාගෙ ස්පීඩ් එක අල්ලන්න වේගෙන් ඇවිදගෙන එයාගෙ එහා පැත්තට ආවම එකපාරටම මගේ උරහිසින් ශවිරු අයියාගෙ ප්රැක්ටිස් බෑග් එක වැටුණම මන් පටිය උස්සලා ආයෙම උරහිසේ දාගන්න කියලා හදද්දි බෑග් එකේ පටිය වෙන පැත්තකට ඇදිලා ගියේ මන් ටක් ගාලා ආර්යන් අයියා දිහා බලද්දි..

“දෙන්න මට.” මන් ඔලුව වැනුවා.

“එපා මට පුලුවන්- අපරාදේ මගේ වචන ටික.” මන් ආර්යන් අයියාට රවලා මගේ බෑග් එක හරියට හිටින්න කරේ එල්ලගත්තා. පුදුම මුරණ්ඩු කමක්නෙ මේක! කටට ආපු හිනාව මන් බලෙන්ම හන්ගගෙන ආර්යන් අයියා ශවිරු අයියාගෙ බෑග් එක කරේ එල්ලගත්ත විදිහ බලාගෙන.. ඒ ගමන්ම මන් ග්රවුන්ඩ් එකේ ඈතට වෙන්න ගාණට කපලා තිබ්බ තණකොළ යාය දිහා බලන් මාත් ආර්යන් අයියා ඇවිදින වේගෙට කකුළ තියන්න ගත්තා.

මන් කියන්නෙ වෙනදාට මීට වඩා වේගෙන් මන් ඇවිද්දා..මන් විතරක් නෙවෙයි ඉතින් එක දවසකුත් මේ වගේම අපි දෙන්නා මෙහෙම ඇවිදගෙන ගිහින් තියෙයිනෙ..ඇරත් ඒ දවස් වල අපි මාර වේගෙන් ඇවිද්දනේ.. ඉතින් ඇයි අද මෙච්චර හෙමින්? එක අතකට මෙහෙමත් මරු.. මොකද මන් වෙනදට ප්රැක්ටිස් ඉවර වෙලා කඩාගෙන බිදගෙන ලොකර් රූම් එකට ගියා මිසක් මෙහෙම ග්රවුන්ඩ් එකේ ලස්සන බල බලා ඉදලා නෑනෙ.. සිරාවටම රෑට ග්රුවුන්ඩ් එක වටේට මෙහෙම ලයිට්ස් දාලා තියෙද්දි පට්ටම ලස්සනයි..අනිත් එක මෙහෙම ග්රවුන්ඩ් එක මැද්දෙ ඉදන් වට පිට බැලුවම මට මාව හෙන පොඩියට පේන්නෙ. එක අතකට මේකත් වෙනස් විදිහක හැඟීමක්..ඊටත් වඩා මන් මේකට කැමතියි.

“ඔයා දැන්ම යනවද?” ග්රවුන්ඩ් එක දිහා සම්පූර්ණෙන්ම බලලා මන් ආර්යන් අයියා දිහා බලලා එහෙම ඇහුවම එයාත් ඉස්සරහට යන එක නවත්තලා මන් දිහා හැරිලා බැලුවා.

“ඇයි?” මන් උරහිස් දෙක ඉස්සුවෙ එකපාරටම කොහෙන්ද මන්දා ආපු ලැජ්ජාවකට.

“මෙතන ටිකක් ඉමු?” මන් දිහා ටික වෙලාවක් බලන් හිටපු ආර්යන් අයියා එයාගෙ උරහිස් දෙක දෙපැත්තෙ තිබ්බ ප්රැක්ටිස් බෑග් දෙකේ පටි දෙක අස්සෙන් අත දාලා ඒක උරහිසින් පැන්නුවාම මමත් අනිත් පැත්තට මගේ ප්රැක්ටිස් බෑග් එක ගලවලා තණකොළ ගොඩ උඩින් තියලා එතනම වාඩි වුණේ ආර්යන් අයියාත් මට මූණ තියලා වාඩි වෙද්දි..

ග්රවුන්ඩ් එකේ ප්රැක්ටිස් බෑග්ස් තැනින් තැන තියෙනවා දැක්කත් මේ වෙලාවෙ මුලු ග්රවුන්ඩ් එකටම හිටියේ අපි දෙන්නා විතරක් වුණාම මට සතුටක් ආවා.. මෙහෙම ඉද්දි දැනෙන්නෙ සල්ලි දීලාවත් ගන්න බැරි නිදහසක්..මට දැන් එන්න එන්නම ඉස්කෝලෙ දාලා යන්න බැරි ලෝභකමක් ගහන් එන්න පටන් අරන්වත්දත් කියලා හිතෙනවා.. එච්චරට මන් මෙතන එකතු කරගත්ත මතක ගොඩයි.. සමහර ඒවා මතක් කරන්න පවා හිතෙන්නැති තරම් අවුල් වුණත් ඒ අතරෙ වෙච්ච පට්ට ලස්සන මතක තියෙද්දි මගේ ඇඟ හිරි වැටුණා.. මන් ඒ ගමන්ම තණකොළ ගොඩ උඩට අත් දෙක ගහගෙන පිටිපස්සට බර වෙලා අහස දිහා බලන් උන්න ආර්යන් අයියා දිහා බැලුවා. මට මෙහෙමනම් එයාට?

ඒ ගැන අහන්නත් හදලා ආයෙම මම කට වහගෙන වෙනාතක් බලා ගත්තා..ඇත්තටම මොකටද මෙහෙම නිදහසේ ඉද්දි ඔලුවට බර දේවල් ගැන හිතලා මූඩ් එක නැති කරන්නෙ? සතුටින් ඉද්දි සතුටින් ඉන්නෝන වෙන මඟුල් නෙහිතා..නැත්තන් අන්තිමට ටිකක් හරි වින්ඳ සතුටත් නිකන් වතුරෙ ගහලා යන එක විතරයි වෙන්නෙ.

“කලින් මොකද්ද අහන්න ගියේ?” මන් ආර්යන් අයියා දිහා බැලුවා.

“ආ?”

“දැන් මගෙන් මොකක් හරි අහන්න ගිහින් නේද ආයේ ඕන්නෑ කියලා නිකන් හිටියේ?” මේ මනුස්සයා එක්කෝ හිත් කියවන්න දන්නවා..නැත්තන් මාව දන්නවා වැඩියි. මන් කෙන්ඩියට වගේ කට අගින් හිනා වෙලා ඔලුව වැනුවා.

“ඔයාලා බැජ් ගලවන්නෙ කවද්ද කියලා අහන්න ගියේ..හරි වදයක් අප්පා ඔයාලා හතර දෙනාගෙන් අපිට.” ඒ එක්කම මන් දැක්කා ආර්යන් අයියගේ මූණට පොඩි හිනාවක් එනවා. හරි පුදුමයි.. මෙච්චර වෙලා මන් ආර්යන් අයියා දිහා බලන් හිටියත් මට එයා හිනා වුණේ නෑ කියලා දැණුනෙ නෑ.. මොකද ඒ හැම වෙලාවකම එයාගෙ ඒ අඩුව පිරෙව්වෙ ඒ ඇස් නිසා කියලා මට දැණුයි තේරුණේ.. ආර්යන් අයියා කියන්නෙ දැන් වෙද්දි මට ලොකු ටොපික් එකක් වගේ..තේරුම් ගන්න තේරුම් ගන්න ඒ මාතෘකාවට තවත් ඒවා ඇඩ් වෙන එක විතරයි වුණේ.. මන් හිතන්නෙ මට ගණන් හදන එක මීට වඩා ලේසියි..

“සැප්තැම්බර් වලින් පස්සෙ.” ආර්යන් අයියා ඒ කියලා මන් දිහා දිගටම බලන් ඉන්දැද්දි මන් කරේ දිව දික් කරලා ආයෙම අහක බලා ගත්ත එක. කොහොමත් එතනින් පස්සෙ අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ.. ඒ අස්සෙ මට විනාඩියක් කියන්නෙ කොච්චර දිග වෙලාවක්ද කියලා බලන්න හිතුණේ මන් හිතින් තත්තපරේ ගාණේ ගණන් කරද්දි.. මන් MCQ ගහද්දි තමයි විනාඩිය තත්පරෙන් ඉවර වෙන්නෙ. විනාඩියත් මහා වුකන වාතයක් තමා මට ඕන වෙද්දි.

“ශවිරු බැන්න එක හිතන්න එපා ඌ ඉන්නෙ ස්ට්‍රෙස් එකේ ආදිල්.” මන් හිතින් පිස්සු හිත හිතා ඒවාටත් බැන බැන ඉද්දි එකපාරටම ඇහුණු ආර්යන් අයියගෙ කටහඬ නිසා මන් ආයෙම හරි සිහියට ආවා. මොනාද බන් මාත් මේ හිතන්නෙ? මන් සද්ද නැතුව ආර්යන් අයියා දිහා බලන් ඉදලා හෙමීට ඔලුව වැනුවා..

“ඔව්..එයා තනියෙම බර අදිනවා. මට වෙලාවකට බයත් හිතෙනවා මේ යකාට ඔහොම ඉදලා මොනා හරි වෙයි කියලා.” එතකොට ආර්යන් අයියත් කලේ ඔලුව වනපු එක.

“ශවිරුව තනි කරන්නෙ නෑ කොහොමත්..අනික මේ ටිකේ අපි ඌ එක්ක ඉන්නෙ.”

“ඔයාලා එයාගෙ ගෙදරද ඉන්නෙ?” ආර්යන් අයියා ඔලුව වැනුවම මම ඇහි බැම අකුළ ගත්තා.

“ඌව මන් මගේ අපාර්ට්මන්ට් එකේ බලෙන් තියන් ඉන්නෙ.” මට ඒකට ලාවට හිනා ගියා..දැන් මට ශවිරු අයියාගෙ මූණ මතක් වෙනවා.

“බනිනවද ඉතින් එයා?”

“බනිනවානම් එකක්..මට කියලා කවාගන්නවා ඒ හාදයා.” ඒ පාර මට හයියෙන් හිනා ගියා. කියුට් අප්පා ඒ යකා නම්.. මම අත් දෙක තණකොළ ගොඩ උඩින් තියලා පිටිපස්සට බර වෙන ගමන් කකුළ් දෙකත් ඉස්සරහට දික් කරලා හෙමිහිට වනන්න ගත්තා.. මේ වෙලාවට කූල් වතුරෙන් ඇග හෝදලා මෙතන හොද මැට් එකක් එළලා නිදා ගන්න තිබ්බා නම්..

“ඌ ඔයාට පට්ට ආදරෙයි..” මන් ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා.

“කවුද? ශවිරු අයියාද?”

“ම්ම්..” ඒ එක්කම මගේ මූණට හිනාවක් ආවා.

“කොච්චරක්ද?”

“මොකද්ද?”

“කොච්චරක් ආදරෙයිද?” ඒ එක්කම ආර්යන් අයියා මගේ කටහඬේ තිබ්බ කින්ඩි ටෝන් එක අල්ලගෙනද කොහෙද හිනා වෙන ගමන් එයා බෙල්ල ටිකක් පැත්තකට ඇල කරලා මන් දිහා බලලා ඉවර වෙලා ලාවට උරහිස් දෙක ඉස්සුවා.

“ඒ කාලෙ තමුසෙ මොකක් හරි පිස්සු වැඩක් කරාම ඌ හෙන ගේමක් දෙන්නෙ ඔයාව බේරන්න.” මන් ටී ශර්ට් එකේ නැති කොලර් එකක් උස්සලා ඇහි බැමක් ඉස්සුවාම ආර්යන් අයියා ඇස් දෙක රෝල් කරේ මට හයියෙන් හිනා යද්දි.

“පිස්සු වැඩක් කියන්නෙ ඉතින් තමුසෙන අයියේ මාව හැමතිස්සෙම ඇවිස්සුවේ..අනික එදා මගේ චිත්‍රෙට අනංමනං කිව්වෙ නැත්තන් අද මෙහෙම මරාගන්නෙ නෑනෙ.”

“කවුද හිතුවෙ ඉතින් එවෙලෙ මන් ඒක කියද්දි පුංචි ආදිල් එතන ඉදලා කියලා.”

“මන් එදා ඇඩුවත් එක්ක තමුසෙ නිසා.” මන් එහෙම කියලා ආර්යන් අයියාට මිඩ්ල් ෆින්ගර් එක පෙන්නුවාම එයා ලාවට හිනා වෙලා මගේ අත පහළට කරාම මගේ කම්මුළ් දෙක පිච්චෙනවා වගේ දැණුනු නිසා මන් ටක්ගාලා අහක බලා ගත්තා.

“සොරි සොරි ඉතින්.”

“එදාම සොරි කියන්නනෙ තිබ්බෙ!” මන් බොරුවට රවලා ආයෙම මගේ කකුළ් දෙක වනන්න ගත්තමත් එක්ක මගේ ඇස් කොණට පෙණුවා ආර්යන් අයියා මන් දිහා බලන් ඉන්නවා.

“ඒක සිරාවටම ලස්සනයි.”

“එහෙනම් ඇයි-“

“ලස්සන හින්දා.” මන් කටත් ඇරගෙන ආර්යන් අයියා දිහා බලන් හිටියා. මන් කිව්වෙ..මට මෙයාව නම් තේරුම් ගන්නම බෑ. මන් කරේ දිගටම එයා දිහා බලන් හිටපු එක.

“එතකොට ඔයා නෙමෙයිද මගේ චිත්‍රෙ ඉරුවෙ?”

“ඉරුවෙ කවුද? මන් ඒක ගෙදර අරන් ගියා.” වට්ද- මන් වෙන කියාගන්න දෙයක් නැතුව බිම බලා ගත්තෙ එකපාරටම ආයෙම පාරක් ආපු ලැජ්ජාවට. ශිට්..! ඒක ගෙදර යන්න තරම් දෙයක් තිබ්බද?

“මන් හිතුවෙ ඔයා ඒක ඉරලා විසි කරා කියලා.”

“දකින්නැතුව කොහොමද එහෙම කියන්නෙ?”

“ඉතින් නැත්තන් වෙන කවුරු ඕක ගන්නද? අනික ඔයා බැන්න විදිහට එහෙම නොහිතා වෙන කොහොම හිතන්නද?” නහයත් පුම්බන ගමන් මන් ආයෙම කකුළ් දෙක දෙපැත්තට වනන්න ගත්තා.

“ඒ ආට් වර්ක් එක මන් ගෙදර අරන් ගිහින් කී පාරක් අදින්න ට්‍රයි කරා කියලද හිතන්නෙ?” මම ඇස් දෙකත් ලොකු කරන් ආර්යන් අයියා දිහා බලනි හිටියා.

“ද..දන්නෙ නෑ.”

“ගෙස් කරන්න.” මගේ කම්මුළ් දෙක ශුවර් එකටම මෙළහකට රතු වෙලා ඇති..දෙවියනේ මන් හීනෙකින්වත් මේ වගේ දෙයක් හිතන්න තියා බලාපොරොත්තු වුණේ නෑ.

“මට ගණන් කරන එකත් මැද්දෙන් නැවතුණා..” ආර්යන් අයියා බෙල්ල ඇද කරනගමන් ලාවට හිනා වුණාම මම කරපු එකම දේ තමයි ඒ දිහා බලන් හිටපු එක.

“අපි දැන් යන්..” ආර්යන් අයියා එහෙම කිව්වට පස්සෙ මන් මුකුත්ම නොකියා ඉන්න තැනින් නැගිටලා මගේ බෑග් එක කරට දාගත්තෙ උගුරෙන් එළියට පනින්න තරම් වේගෙට මගේ පපුව ගැහෙන්න ගත්ත නිසා ඒක එයාට ඇහෙයි කියලා බයට.


A/N

පොඩ්ඩක් අසනීපෙන් හිටියේ අප්පාහ්! ඒකයි දීගන්න බැරි වුණේ. අනිත් එක තව දෙයක්..සැප්තැම්බර් වලින් මගේ ආයෙම යුනි පටන් ගන්නවා හුවෑඈඈ!! ඒත් බය වෙන්න එපා මන් අප්ඩේට්ස් දෙනවා..හැමදාම නැති වුණත් මෙච්චර කල් දුන්නා වගේම දෙනවා..අනික ඔයාලා මාව මෝටිවේට් කරන නිසා මට දෙන්න හිතෙනවා ❤️ ඒක නිසා බය නැතුව අප්ඩේට්ස් ඉල්ලන්න..එතෝට මේ කම්මැළියාට ලියන්න හිතෙනවා ම්හුක්ක්!

ස්කූල් ග්‍රවුන්ඩ් එකහ්!!

මේ කවුද කියලා පුලුවන්නම් ගෙස් කරන්න 🫣🫣

එහෙනම් මන් ගියා!! Adareyyy ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 31, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 31, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 31 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 31 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 31 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 31 light novel, ,

Comment

Leave a Reply

Chapter 31