À¶»À¶¯À·… | The Kandyan Aristocrats 32

A+ A-

වසර පහකට පෙර

“ශාක්‍ය කෝ පෙන්නපන් චිත්‍රේ??”

“පරිස්සමෙන් හරිද.. ස්මජ් වෙයි ඇගිලි ගෑවුණොත්.” නිශල්ක අත් දෙකම දික් කරාම මන් චිත්‍රෙ නිශල්කගෙ අත් දෙක උඩින් තිබ්බෙ එයා පරිස්සමට චිත්‍රේ අත් දෙක උඩ තියාගෙන තනුජටයි හේශිත්ටයි පෙන්නද්දි..

“ඒ ශෝක් හලෝ..මේ මටත් මේ වගේ එකක් ඇදලා-“

“කටවහපන් නිස්සා තමුසෙට කලින් මන් ශාක්‍යගෙන් Naruto à·€ ඇදලා ඉල්ලුවේ!!”

“හරි හරි ඉතින් ඒක ඇදලා ඉවර වුණාට පස්සෙ මට gojo à·€ ඇදලා දෙන්න හොදේ..” මන් ඔලුව වනලා හේශිත් දිහා බැලුවා.

“ඔයාට එපාද?”

“මට ඔය චිත්‍රෙ ගෙදර ගෙනියන්න දෙන්නකො ඉවෙන්ට් එක ඉවර වෙලා?” මන් හිනා වෙලා ඔලුව වැනුවා..කොහොමත් මන් හිතන් හිටියේ කවුරු හරි ඉල්ලුවොත් දීලා නැත්තන් ඉස්කෝලෙම තියලා යන්න… අපි එහෙම්මම ආට් එක්සිබිශන් එක තියෙන මේන් හෝල් එක ගාවට ගිහින් එතන පෝළිමේ හිටගෙන හිටියේ මගේ වාරෙ එනකල්. මොකද චිත්‍රේ භාරගන්නෙ එතනින්.

“ආ ශාක්‍ය පුතා! පංතිය කියන්න දරුවෝ..”

“අට ඩී මැඩම්.”

“පුතාගෙ මාතෘකාව මොකද්ද?”

“අ..ආ?”

“ඇයි පුතා ඔයාලා ඇදගෙන එන චිත්‍රයට මොකක්ම හරි මාතෘකාවක් දාගෙන එන්න කියලා නෝටිස් බෝඩ් එකේ දාලා තියෙනවා කියෙව්වෙ නැද්ද?” මන් බිම බලාගෙන ඔලුව වැනුවා.. ඇත්තටම මම මේක ඊයේ රෑ කලබලෙන් ඇන්ද එකක්..ඉතින් නමක් දාන්න තියා මන් ඇන්දෙ මොකක්ද කියලවත් මන් දන්නෙනෑ.

“නමක් දැම්මෙ නම් නෑ මැඩම්..මේක හොඳ නම් විතරක් එල්ලන්න..” මන් එහෙම කියලා මැඩම්ට මගේ ආට් එක දුන්නා.

“පු..පුතා..මේක ඔයා-” මැඩම් මගේ චිත්‍රෙ නහය ගාවට ගෙනත් සුවඳ බලලා ආයෙම මන් දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.

“කෝපි වලින්ද ඇන්දෙ?” මන් ඒ පාර හිනා වෙලා ඔලුව වැනුවා.

“වාව්!! මෙච්චර ලස්සන ආට්වර්ක් එකක් එල්ලුවෙ නැත්තන් වැඩකුත් නෑනෙ මේ එක්සිබිශන් එකෙන්..මේ මොකද්ද පුතේ පුතා මේ ඇදලා ඉන්නෙ?” මැඩම් එයාගෙ මගේ චිත්‍රේ දිහා බලන්න නැවුනත් එක්ක එයාගෙ කණ්ණාඩි දෙක නහය දිගේ ලිස්සලා එද්දි එයා ඒක ආයෙම ඇගිල්ලෙන් උඩට කරලා මන් දිහා බැලුවම මන් මගේ චිත්‍රෙ දිහා බලලා ලාවට හිනා වුණා.

“සමුරායි කෙනෙක් මැඩම්.” Miyamoto Musashi කියන සමුරායි වැස්සෙ එයාගෙ කටානා එකෙන් ප්රැක්ටිස් කරන ඇන්ගල් එකක් මන් ඇන්දේ..එයා කටානා එකෙන් වතුර බිංදුවක් කපන හැටි මන් මේකෙ ෆෝකස් කරලා තිබ්බෙ.

“අනේ පුතා මන් නම් ඕවා දන්නෙ නෑ..ඒත් මේක මාරම ලස්සනයි පුතා..මන් මේ ආට්වර්ක් එක දුමින්ද සර්ට පෙන්නලා එන්නම්.” මැඩම් චිත්‍ර දැකලා නෑ වගේ එන එන සර්ලාට මගේ චිත්‍රෙ පෙන්න පෙන්න යන්න ගත්තම මන් දිග හුස්මක් උඩට ඇදලා ගත්තා..

“හෙට අනිද්දා උබේ නම කලාප තරඟ වල තිබ්බොත් සප්‍රයිස් වෙන්න එපා.” මන් හේශිත් කියපු එකට ඔලුව වැනුවා.

“උබ දැක්කද මට කලින් හිටපු එකාගෙ චිත්‍රේ?” එතකොට නිස්සා ඔලුව වැනුවා.

“අර Vincent van Gogh ගෙ starry night එක නෙහ්?? ඕක ඉතින් දැන් ටී ශර්ට් එකේ ඉදන් තියෙනවනෙ බන්..ඒක ලස්සනයි තමයි ඒත් උබේ එක දැක්කම හෙන ගැම්මක් එක්ක අමුතු නිවුණු හැඟීමක් එනවා.” ඒ කතාව අහලා මන් ඇස් දෙක රෝල් කරා..මුන්ට ඉතින් මන් බලු බෙට්ටක් ඇන්දත් මාස්ටර්පීස් තමයි.

අරුන් දෙන්නාට බායි කියලා මායි හේශිත් උයි ක්ලාස් එකට ගියේ දැන් අපිට තියෙන්නෙ ගණන් පීරියඩ් එක නිසා..ඕකට පරක්කු වෙලා ගියෝතින් ආයේ මුලු පරම්පරාවටම බනිනකන් ඒවා අහන් ඉන්න වෙයි. කොහොමත් පරම්පරාවට බනින එක මට ගාණක් නෑ..මොකෝ උන් අපි ගැන හොයන එවුන්ද? ඒත් සර් කාරයා බනිද්දි ඒක අහන් ඉදලා ඩිප්රෙශන් හැදෙන සීන් එකක් තිබ්බෙ. නිශල්කයි තනුජයි නම් හිටියේ වෙනම ක්ලාස් දෙකක.. නිශල්ක හිටියේ අට ජී වෙද්දි තනුජ හිටියේ අට සී වල..ඉතින් අපි ගොඩක් වෙලාවට ඉන්ටවල් එකෙයි ආයෙම ඒ ඇරුණාම ඉස්කෝලෙ ඉවරවෙලා රැක්ටිස් වලදි තමයි හම්බ වුණේ..කොහොම හරි මායි හේශිත් උයි උදේ පීරියඩ් හතර ඉවරවෙනකන් ඉදලා කෙලින්ම නිස්සා වයි තනුජයායිත් එක්ක කෙලින්ම මේන් හෝල් එකට දිව්වෙ අන්තිම පීරියඩ් හතර අද ආට් එක්සිබිශන් එක නිසා අපිට ෆ්‍රී දීලා තිබබ හන්දා.

“ග්‍රේඩ් එයිට් සෙක්ශන් එකේ ඇත්තෙ ශාක්‍යගෙ චිත්‍රේ..” අපි හතර දෙනාම මගේ චිත්‍රේ පීර පීර හෙව්වා..මොකද ටිකකට කලින් මේවට ප්ලේසස් දීලා ඉවරයි කියලා අපිට හතර වැනි පීරියඩ් එකේදි අනවුන්ස්මන්ට් එකක් ආවා එක්සිබිශන් එක බලන්න එන්න කියලා.

“අනේ ඒක නෑනෙ හලෝ!!” මන් නිශල්ක දිහා බැලුවා.

“නෑ නෑ උබ අවුල් ගන්න එපා..අනික මැඩම් වුනත් කොච්චරනම් කිව්වද මේක ලස්සනයි කියලා.” මන් බිම බලාගෙන ඔලුව හෙලෙව්වා.

“කෝ කෝ හිනා වෙයන් දැන්- අන්න මැඩම් ඉන්නවා! තනුජ ගිහින් අහපන් මැඩම්ගෙන් ශාක්‍යගෙ චිත්‍රේ කොහෙද කියලා.” නිශල්ක කියලා ඉවර කරන්නත් කලින්ම තනුජ දුවගෙන ගිහින් මැඩම් එක්ක කතාවට වැටෙනවා දැක්කහම මගේ හිතට හීන් බයක් ආවා.. අනිත් අය ඒකට අකමැති නිසාද දන්නෑ මෙතන එල්ලුවෙ නැත්තෙ..එක්කෝ මට ගේන්නැතුව ඉන්නයි තිබ්බෙ- තනුජ ආපහු අපේ පැත්තට හිනා වෙවී දුවන් එනවා දැකලා මන් ඇසුත් ලොකු කරන් බලන් හිටියා.. ඇයි තනුජ හිනා වෙන්නෙ? චිත්‍රෙ හම්බ වෙලාවත්ද? නැත්තම් මැඩම්ට එල්ලන්න අමතක වෙලාද? මැඩම් ඒක එල්ලන්ම් කියපු නිසාද තනුජ හිනා වෙන්නෙ-

“ශාක්‍යගෙ චිත්‍රේ ප්ලේසස් ගත්ත තැනලු!! අඩෝ ශාක්‍ය උබේ චිත්‍රේ සෙක්ශන් එකෙන් ෆස්ට් වෙලා!!” මම ඒකට රිඇක්ට් කරන්නත් කලින් නිශල්කයි හේශිතුයි මගේ අත් දෙකෙන් අල්ලලා මාව හෝල් එකේ එහා පැත්තට ඇදගෙන දුවන්න ගත්තම මමත් ඒ පස්සෙ ගියා.

“ඕ ශිට්!! අර බලපන්-!!” අපිට ඉස්සරහට යන්නවත් ඉඩක් තිබ්බෙ නෑ..ඒ තරමට ලමයි පිරිලා.

මම එල්ලලා තිබ්බ හැම චිත්‍රයක් දිහාම ඈත තියා හෙමින් සැරේ බලාගෙන ආවා..කියන්න වචන නෑ ඒ හැම එකටම ලැබිලා තියෙන්නෙ හරිම තැන. ඒ තරම් ඒ චිත්‍ර ලස්සනයි..සිරාවටම අපේ ඉස්කෝලෙ මෙච්චර ටැලන්ටඩ් කට්ටිය ඉන්දැද්දි ඇයි පහක් දහයක් විතර ආට් කරන්නෙ?

“එහ් එහ් අර බලපන්!! අර අතන මැද්දෙ!” අපි හැමෝම සෙනඟ අස්සෙන් රින්ඟලා නිස්සා අපිට පෙන්නපු තැනට ආවා.

“අම්මටසිරි-“

“මේකද ෆස්ට් ප්ලේස්?” චිත්‍රේ කොණෙන්ම ගොල්ඩ් පාටට 1st place කියලා ගහපු ටැග් එක දිහා බලන් හිටපු මගේ ඇස් ඒ කටහඬ ආපු පැත්ත හොයාගෙන ගියා..මොකද ඒ කටහඬේ තිබ්බෙ පිළිගැනීමක් වෙනුවට කෙන්ඩි ටෝන් එකක් වගේ.

“හ්ම්..අට වසරෙ බන්. පට්ට ගති-“

“පිස්සු කියන්න එපා. බලපන් පහේ එකාගෙ ආට් එකයි මේකෙයි අතර තියෙන වෙනස..ශුවර් එකටම දුමින්ද සර්ට කඩේ ගියපු එකෙක්ගෙ වෙන්නැති.” ඒ කෙනාගෙ මූණ මට හරියට පෙණුනෙ නෑ..මොකද එයා දැන් හිටියේ මට පිටුපාලා තව කට්ටියක් එක්ක කියවන ගමන්..මන් එකපාරටම ආපු තරහටයි ලැජ්ජාවටයි තොල් දෙක තද කරගත්තෙ ඇස් දෙක පිච්චීගෙන ආපු කදුළු එළියට පනින්න නොදී හිර කරගනිද්දී..

“සමුරායි-” චිත්‍රේ යටින් ගහලා තිබ්බ ‘සමුරායි’ කියන වචනේ කින්ඩියට කියන ගමන් ඒ කෙනා හිනා වුණාමත් එක්කම මට එකපාරටම එයාගෙ මූණ හරියට පෙණුනෙ එයා අපේ පැත්තට හැරුණු නිසා. කවුද මේ? ශුවර් එකටම අයියා කෙනෙක් වෙන්නෝන. ලාවට කැරලි ගැහිච්ච කොණ්ඩෙයි එක්ක ඝනකම ඇහි බැමයි.. කොහේදි හරි මන් මේ කෙනාව දැකලා තියෙන්න ඕන. මොකද ඒ තරම් ඒ මූණ මට හෙන ෆමීලියර්. ඔක්කොටම වඩා මේ අයියාගෙ තොල් වල තිබ්බ නෝන්ඩි හිනාව දැකලා මට මගේ සාක්කුවේ තියෙන පෑනෙන් ඒ කට ඉරලා දාන්න හිතෙනවා

“ශාක්‍ය මල්ලි?” මම ශවිරු අයියා දිහා බලලා මගේ අත පොඩි කරගත්තා. එතකොට මූ ශවිරු අයියාගෙ වයසෙද? එයාගෙ යාලුවෙක්ද? එහෙනම් ශුවර් එකටම මට වඩා එක අවුරුද්දයි වැඩිමල්..

“මල්ලිලා වටේටම ගිහින් බැලුවද-“

“නෑ! අපි ආවේ මගේ චිත්‍රෙ හොයාගෙන..ඒත් කවුද හිතුවෙ ඊයේ රෑ කම්මැළි කමට ඇන්ද චිත්‍රේ මෙතන තියෙයි කියලා.” මන් හිනා වෙලා ඒක කිව්වත් හරි ශවිරු අයියා එතපාරටම ඒ චිත්‍රේ දිහා බලලා මන් දිහා බැලුවේ අනිත් පැත්තට අර බූරු මිනිහාත් මන් දිහා දැන් බලන් ඉන්නවා කියලා මට ඇස් කොණට පෙනෙද්දි..

“මොකක්?? මල්ලිද මේක ඇන්දෙ?” මන් කිසිම රැඇක්ශන් එකක් නැතුව ශවිරු අයියා දිහා බලන් හිටියා.

“ඇත්තටම ඒක-“

“පහේ මල්ලිගෙ එකට වඩා කැතයි නෙහ්?” මන් අරූ දිහා බලලා උගේ උඩ ඉදන් යටට බැලුවා.

“අනිත් එවුන්ගෙ ඇද හොයන්නැතුව කට නළියනවා වගේද?”

“ඒ ඒ මල්ලි-”

“මල්ලි ඒ ගැන හිතන්න එපා-” ශවිරු අයියා මගේ උරහිසින් අල්ලගත්තමත් එක්කම තවත් අයියා කෙනෙක් ඇවිත් මට ඒ ගැන හිතන්න එපා කිව්වෙ මන් ඒ කිසිම දෙයක් නාහෙට අහන්නැතුව අරූ දිහාම විතරක් බලන් ඉද්දි.

“ඇයි මන් බොරුද කිව්වෙ?” ඒ අයියාගෙ මූණෙ දැන් වෙද්දි කිසිම හැඟීමක් තිබ්බෙ නෑ. එයා කෙලින්ම බලන් හිටියේ මන් දිහා..හරියට ගේම ඉල්ලන්න වගේ. මන් එකපාරටම කටට ආපු හිනාව තද කරගෙන ඔලුව වැනුවා.

“තමුසේ මට මේ චිත්‍රේම..” මන් මගේ චිත්‍රේට ඇගිල්ල දික් කරාම ඌත් ඒ දිහා බලලා ආයෙම මන් දිහා බැලුවේ මන් මගේ ඇගිල්ල අනිත් පැත්තට ඌ ගාවට ගෙනාපු නිසා.

“කිසිම අඩුවක් නැතුව ඇදලා පෙන්නපන්..එතකොට මන් පිළිගන්නම්.” ඒ ගමන්ම මන් ශවිරු අයියාගෙ අත ගස්සළා දාලා එතනින් එන්න ආවා.

වර්තමානය

“ශාක්‍ය බ්ලේසර් එක දාගෙන වරෙන් එළියට..!!” හැගර් එකේ දාලා තිබ්බ බ්ලේසර් එක ඇදලා අරන් මන් ඒක දාගෙන එළියට යන්න හැදුවත් නිශල්කගේ අම්මා මගේ අතින් අල්ල ගත්තේ මාව පුටුව උඩින් වාඩි කරවන ගමන්. 

“ජෙල් ගාන්නෙ නැතුව කොහෙද ලමයෝ යන්නෙ?? බලන්න කොණ්ඩෙ හැටි-” ආන්ටි මගේ ඔලුව උඩ කොත්තු ගහනවද කොහෙද..මන් ඇස් දෙක පියාගෙන එයාට ඕන එකක් කරගන්න දීලා හිනා වෙලා බලන් හිටියා.. කොහොමත් මුන් තුන් දෙනාගෙම අම්මලා ඔහොමයි..ආ ඇයි තව ශවිරු අයියාගෙ අම්මා..හප්පෝ දැක්කොත් ඉවරයි මයේ පුතා ගාගෙන එනවා.. සිරාවටම මේ ආන්ටිලාට වැඩ නැද්ද මන්දා අද ඉස්කෝලෙ අස්සට රින්ගුවේ..

“ශාක්‍ය පුතා!! මයේ පුතා කාලාද?” ආ කට ගත්තා විතරයි ඔය එන්නෙ ඉතින් ඇමති භාර්ය්‍යාව සාරි පොටත් ඉණේ ගහන්.

“ඔව් ඔව් වදේ කෑවා- මේ මේ එපා හොදේ! ඕකත් කෑවොත් දැන් අතන ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් මට උගුරට එයි.” මන් මූණ අහක් කරත් ශ්‍රියානි ආන්ටි ඇහුවෙ නැති නිසා මන් පුටුවෙන් නැගිටලා පැත්තකට වුණා.

“ඒ මන් සිරාවටම අප්පා කියන්නෙ! අර තනුජට දෙන්න ඌ කාවි-“

“එයාලා කාලා ඉන්නෙ..මයේ පුතා හොඳ ලමයා වගේ මේක කන්න-“

“අම්මේ! ඕක පස්සෙ කවා ගන්න මට දැන් ශාක්‍යව ඕනෙ- මෙහෙ වරෙන්!” මන් ටක්ගාලා පුටුව උඩින් පැනලා ශවිරු අයියා ගාවට දුවගෙන ගියේ පොර මාව අතින් ඇදගෙන එළියට එක්ක යද්දි..

“හොඳ වෙලාවට ආවෙ නැත්තන් අර කෝළමගෙන් උබව බේරලා හමාරයි.”

“කොහොමද ආන්ටිව දැක්කෙ? ඔයාට හම්බ වුණාද?” එතකොට ශවිරු අයියා ඔලුව වැනුවා.

“පිස්සුද..අම්මාට මන් අද කොන්ෆරන්ස් එක ගැන කිව්වෙත් නෑ..කියන්න මන් ගෙදර හිටියාද? මන් ෆාදර් එක්ක කතා කරන්න කියලා චැපල් එක පැත්තට යන්න හදද්දි තමයි අම්මා අපේ ලොකර් රූම් එක පැත්තට යනවා දැක්කෙ.” මන් ඔලුව වැනුවා. ශවිරු අයියාගේ මේ ප්‍රශ්න කවදානම් ඉවර වෙයිද කියලා මට හිතා ගන්න බෑ. පව් ඉතින් මේ දේවල් සේරම ශවිරු අයියා තනියෙන්නෙ මෙච්චර දවසක් කරේ.

පිනාගෙ බන්ග්ලෝ එක පහු කරගෙන අපි දෙන්නා පහළ ලස්සනට හදලා තිබ්බ චැපල් එකට යන්න හදලා තිබ්බ ලොකු ගල් පඩිපෙළ අරන් බැහැගෙන ගියේ දැනටමත් එතන බ්ලේසර් එක ඇදගත්ත ප්‍රිෆෙක්ට්ස්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා බලාගෙන.. කොන්ෆරන්ස් එක පටන් ගන්න තව වෙලාව තිබුණත් අපි මුලින්ම හාමුදුරුවොන්ගෙනුයි ෆාදර් ගෙනුයි ආශිර්වාද ගන්න ඕන..ඒක ඉස්කෝලෙ හැමෝම ගරු කරන සම්ප්‍රදායක්. කොහොමත් කවුරු මොනා කිව්වත් තමන් අදහන ආගම විශ්වාස කරන එක හිතට පුදුමාකාර සහනයක්..ඒවගේම කවදාවත් වරදින්නෙ නෑ. මන් නම් ඒ දෙකටම අයිති නිසා පන්සලයි පල්ලියයි කියන්නෙ මට කොහොමත් ලඟ තැනක්. අනික මන් ගොඩක් වෙලාවට ශිව තාන්ඩමත් අහනවා හිත කලබල වුණෝතින්..ඒක නම් පිස්සු හැදෙන බෙහෙතක්.

චැපල් එකට ලන් වෙනවත් එක්කම මන් කලිසම් සාක්කුවට අත දාලා මගේ ටයි එක ඇදලා ගත්තා. ඇයි ඉතින් අර ආන්ටිලා සෙට් එක මාව වටකරගත්ත හන්දා මට ඒකත් අමතකම වෙලා ගියානෙ.

“ඔයා යන්න මන් ටයි එක දාගෙන එන්නම්.” මන් ඉස්සරහට යන එක නවත්තලා බ්ලේසර් එක ගලවලා අතට ගත්තම ශවිරු අයියා ඔලුව වනලා මට පරක්කු වෙන්න එපා කියලා ඇතුළට ගියා..

“තිශාක්‍ය අයියේ..ගුඩ් ලක්!” ටයි එක ගැට ගහලා ඉවර වෙලා මන් මගේ බ්ලේසර් එක දාගන්න ගමන් මගේ එහා පැත්තේ හිටපු පොඩි මල්ලිලා දෙන්නා දිහා බලලා ලාවට හිනා වුණා.

“තැන්ක්‍යූ මල්ලි..” ඒ පොඩි බට්ටෝ දෙන්නාගෙ මූණු බලන් ඉන්නත් ආස හිතෙනවා..රතුම රතු පාටයි! හිනා වෙවී ලැජ්ජාවෙන් ඇබරිලා ඉවර වෙලා ඉස්කෝලෙ පැත්තට දුවගෙන යන හැටි මාත් හිනා වෙලා බලන් ඉදලා චැපල් එක ඇතුලට ගියා.

“ආ මේ එන්නෙ..තිශාක්‍ය පුතා! කොහොමද? දැන් ලෑස්තියිද?” මන් ෆාදර් එක්ක හිනා වුණා..අපි විනාඩි ගාණක් විතර මැච් එකේ විස්තර ෆාදර් එක්ක කතා කරලා ආශිර්වාද අරගෙන දැන් බලන් හිටියේ ෆාදර් එක්ක ඉස්කෝලෙ ඇතුළට යන්න.. මන් දැන් තමයි හරියට චැපල් එකේ ඇස් දෙක යැව්වෙ..පොඩි මල්ලිලා දෙතුන් දෙනෙක් යාඥා කරලා ඉවර වෙලාද කොහෙදෝ නැගිටලා ඉවර වෙලා මන් දිහා බලලා හිනා වුණේ මාත් අනිත් පැත්තට හිනා වෙද්දී. කොහොමත් මේ ටිකේ අපි තමයි සෙලිබ්‍රිටීස්ලා ටික ඉස්කෝලේ.. ඕක ඉතින් රග්බි සීසන් එක වෙනකන්ම ඇදිලා යන පොපියුලෑරිටි එකක්. මන් ආයෙම ඉස්සරහා බලා ගත්තත් ඒ තත්පරේම මගේ ඇස් දෙක ගියේ ප්‍රින්සිපලුයි සඳැස් අයියයි සාහිල් අයියයි අනිත් ඩිපියුටීස්ලා දෙන්නයි එක්ක ආපු ආර්යන් අයියා ගාවට. ආර්යන් අයියා දැන් ඇදන් හිටියේ එයාගෙ රතු කහ නිල් ඉරි ගියපු බ්ලේසර් එක..හරියට මායි ශවිරු අයියයි වගේ. ඉස්කෝලෙන් මේ බ්ලේසර් එක තිබ්බෙ ටික දෙනෙක් ගාව විතරයි..ඒ අතරින් මාත් එක්කෙනෙක්.

විනාඩි පහකට විතර පස්සෙ අපි දෙන්නා එක්ක කතා කර කර හිටපු ෆාදර් හෝල් එකේ මොකද්ද එකක් ගැන කතා කරන්න පිනාටයි ආර්යන් අයියාටයි කතා කරේ මමයි ශවිරු අයියයි ටිකක් පැත්තකට වෙද්දි. ප්‍රින්සිපල් ෆාදර්ගෙන් ආශිර්වාද ගත්තට පස්සෙ මන් බලන් හිටියේ චැපල් එකේ හරි මැදට ආපු ආර්යන් අයියා බ්ලේසර් එකේ පහළට වෙන්න තිබ්බ බොත්තම තනි අතකින් පන්නන ගමන් අනිත් අතෙන් ෆාදර් එක්ක හෑන්ඩ්ශේක් කරපු විදිහ. බ්ලේසර් එක මහලා තිබ්බ විදිහද නැත්තන් මට පේන විදිහද මන්දා..කොහොමහරි ඒක ආර්යන් අයියාට මාරම විදිහට ෆිට් වුණා. ආර්යන් අයියාට තිබ්බෙ මාරම පළල් උරහිස් දෙකක්. ඒකට හරියන්න එයාගෙ බයිසෙප්ස්උත් මාරම ගාණට හැදිලා තිබ්බා කියන්න බ්ලේසර් එකෙන් එළියට පෙනුණ එයාගෙ මසල්ස් වලින් කියන්න පුලුවන්.

මන් කොච්චර වෙලා එයා දිහා මෙහෙම බලන් හිටියද කියන්න මන් දන්නෙ නෑ..ඒත් ඒක හෙන පොඩි වෙලාවක් කියන්න මන් දන්නවා. මොකද ආර්යන් අයියාව දකින හැම තැනකදිම වෙලාව ගියේ මට ගණන් කරලා බලන්න හිතෙන තරම් හෙමිහිට. එච්චරට එයා මගේ වෙලාව අරන් තිබ්බා කියන්න මට දැන් වෙද්දි හොඳටම තේරුම් ගිහිල්ලා තිබ්බෙ. හෑන්ඩ්ශේක් කරන ගමන් ෆාදර් කියපු මොකක් හරි දේකට ආර්යන් අයියා ඉස්සරහට නැමුණත් මාව එකපාරටම හරි සිහියට ආවේ එයාගෙ ඇස් එකපාරටම ඇවිත් මගේ ලඟින් නතර වුණාමයි..දැනටම තත්පර දෙක තුනක් යන්නැති. මොකද මන් ඒ චුට්ටටත් ගණන් කරා..ඒත් නෑ. ආර්යන් අයියා අහක බලා ගත්තෙ නෑ. බලන් ඉන්න බැරි තැන මන් කරේ ටක්ගාලා අහක බලා ගත්ත එක. ඇත්තටම අවුරුදු ගාණක් ගහා මරාගෙන එකපාරටම මෙහෙම යාලු වෙලා ඉස්සරහට හම්බ වෙද්දි පට්ට ඕකවර්ඩ් නැද්ද? එයා නම් කොහොම ඒක කරනවද මන්දා.

“ශවිරු අයියෙ අපි දැන් යන්ද?”

“ඔව්නෙ..අරගොල්ලෝ එන්නැත්තෙත් ෆාදර්ව එක්කන් හෝල් එකට යන්න වෙන්නැති.” ශවිරු අයියා සඳැස් අයියලා ඉන්න තැනට ගිහින් මොනාද කිව්වම සඳැස් අයියලා ඔලුව වනලා ශවිරු අයියාගෙ පිටට තට්ටුවක් දෙන හැටි මන් මෙතනට වෙලා බලන් හිටියා..සිරාවටම ඇයි මාත් එතන්ට ගියේ නැත්තෙ? මට ඕනෙනම් ඇත්තටම එතන්ට යන්න තිබුණානෙ.. මන් ආයෙම ආර්යන් අයියා දිහා බැලුවත් මෙදාපාර එයා හිටියේ ෆාදර් ගාවට නැමිලා ලොකු කතාවක.. ඇත්තටම ඊයේ අර කතාවෙන් පස්සෙ මට ආර්යන් අයියා දිහා හරියට කෙලින් බලන්න බැරි වුණා.. ඒ ඇයි කියන්න මන් දන්නැති වුණාට මට එයා දිහා බලද්දි ආවේ පුදුම ලැජ්ජාවක්.. ඒ ආට් වර්ක් එක මන් ගෙදර අරන් ගිහින් කී පාරක් අදින්න ට්‍රයි කරා කියලද හිතන්නෙ?” ඇත්තටම එයා මන් කිව්ව හන්දා ඒක අදින්න ට්‍රයි කරලද? ඒත් එයා ඇයි චිත්‍රේ ගෙදර ගෙනිච්චෙ? ඒක Pinterest එකෙන් ගන්න තිබ්බනේ. මන් අන්තිම පාරටත් ෆාදර් එක්ක කතා කර කර හිටපු ආර්යන් අයියා දිහා බලලා ශවිරු අයියා එක්ක චැපල් එකෙන් එළියට එන්න ආවෙ මේන් හෝල් එකට යන්න බලාගෙන.

“කන්ල්‍රෑට්ස් මචන්!!”
“මේ පාර සුපිරියක් වෙයි..ගැම්මට ඉදපන් මල්ලි!!”
“උබ කැරියෙක් බන්!! කන්ග්‍රෑට්ස්!!”

මේන් හෝල් එකේ ස්ටේජ් එක යට ක්‍රිකට් ටීම් එක පෝළිමට හිටගෙන ඉද්දි දොළහ දහතුන සෙට් එකම අපිට අතට අත දීලා කන්ග්‍රෑට්ස් කියන් යන්න ගත්තා..පිනාත් ඉන්න අස්සෙ මුන් අපිට කැරියා කැරියා ගගා යද්දි අපි කට්ටිය සමයිල් ඉන් පේන් වගේ උන් එක්ක හිනා වුණා..ඒ අස්සෙ ශවිරු අයියාගෙ යාලුවෙක් ඇවිත් ඌව එකපාරටම හග් කරලා කොණ්ඩෙන් ඇදලා ගත්තම මගේ ඇස් ලොකු වුණේ ඊළඟ වාරය මගේ කියලා දැනගෙන.. උදේ ඉදන් මෙහෙම අතවර වෙලා දැන්නම් මට-

“අඩෝ මල්ලි- උබලා නම් පිස්සුවක් බන්!!” මගේ මූණ නිකන්ම දමිරු අයියා ගාවට ඇදිලා ගියේ ඌ මගේ අතට ඇහුවෙන්නැති කොණ්ඩෙන් එකපාරටම ඇදලා අරන් පිටට බෝස් ගාලා පාරවල් දෙක තුනක් ගහද්දි.

“අඩෝ අයියේ මේ උබ මාත් එක්ක නම් ඕවා කරන්න ලෑස්ති වෙන්නෙපා හොදේ! මෙන්න මෙහෙ අත දීපන් හැමිනෙන්නැතුව-” තනුජයා දමිරු අයියගෙ බඩට පාරක් ගහලා බලෙන්ම වගේ හෑන්ඩ්ශේක් කරලා ඌව පැත්තකට තල්ලු කරද්දි මම ඔලුවට අත තියලා බැලුවෙ මගේ කොණ්ඩෙ ඉතුරු වෙලාද කියලා බලන්න.

“කන්ග්‍රෑට්ස්.” ඒ එක්කම මගේ ඉස්සරහට ආපු ආර්යන් අයියා දිහා බලලා ලාවට ඔලුව වැනුවම එයා ඇස් දෙකෙන් මට මොකද්ද එකක් පෙන්නුවම මන් ටක්ගාලා ඒ දිහා බැලුවා.. අම්මටසිරි හෑන්ඩ්ශේක් එක! මන් ටක්ගාලා ආර්යන් අයියාට මගේ අත දික් කරේ ඊලඟ තත්පරේ එයාගෙ අතින් මගේ මුලු අතම වැහිලා යද්දි..මෙයාට උණද? මෙච්චර රස්නයක්?

“ත්..තැන්ක්‍යූ.” මන් ටක්ගාලා ආර්යන් අයියාගෙ අත අතෑරලා දාලා ඊලඟට මන් ගාවට දත් තිස් දෙකම දාගෙන ආපු සඳැස් අයියාට අතට අත දුන්නා. මූට මක් වෙලාද? මාත් අනිත් පැත්තට හිනා වෙන ගමන් සඳැස් අයියා දිහා බලලා අත දික් කරාම දැන් ටිකකට කලින් නිශල්ක ගාවට ගියපු ආර්යන් අයියා දිහා මට නිකන්ම බැලුනා.. මේ මොකද මේ? නළලග් රැළි කරගෙන ඇහි බැමත් අකුළන්? මන් සඳැස් අයියා නිශල්ක ගාවට යනවත් එක්කම ඇයි අහන්න ඔලුව ලාවට ඉස්සුවාම ආර්යන් අයියා මගේ උඩ ඉදන් යටට බලලා ඇහි බැමක් උස්සලා අනිත් අය එක්ක හෑන්ඩ් ශේක් කරලා එතනින් යන්න ගියපු හැටි බලන් උන්නා.. මන් මොකක් හරි වැරදි දෙයක්වත් කලාද? නැත්තන් ඇයි එයා ඒම බැලුවෙ? මන් ශේප් එකේ සෙනඟ අස්සෙන් රින්ගලා හෝල් එකේ එළියට යන තැනම තිබ්බ දිග කොරිඩෝ එකේ ඉස්සරහට ඇවිදන් ගිහින් හෝල් එකේ පිටිපස්සට ආවේ එතනින් උඩට යන්න තිබ්බ පඩිපෙළ අරගන්න ගමන්. මෙයා මෙච්චර වේගෙන් කොහාට ගිහින්ද?

“අතන ඉන්නැතුව කොහෙද මේ ඇවිදින්නෙ?” පඩිපෙළ නැගලා ඉවර වෙලා මන් කෙලින්ම හෝල් එකේ බැල්කනි එකට ඇවිත් දිගටම ඉස්සරහට යන්න කියලා හැදුවත් සවුන්ඩ් කන්ට්‍රෝලින් රූම් එකේ පුටුව උඩ වාඩි වෙලා කොරිඩෝ එක පැත්තට හැරිලා මන් දිහා බලන් හිටපු ආර්යන් අයියා දිහා මන් ඉක්මණට බැලුවේ එයා මෙතන ඉදීවි කියලා මන් කීයටවත් හිතපු නැති නිසා.

“ඔයා මොකද මෙතන කරන්නෙ?”

“ඇයි මට ඉන්න බැරිද?” මන් ආර්යන් අයියා දිහා දිගටම බලන් ඉද්දි තමයි එයාගෙ අනිත් දේවල් මට නෝට් වෙන්න ගත්තෙ..ඒ ටිකට බ්ලේසර් එකත් ගලවලා. මම හෙමිහිට ඔලුව වැනුවා.

“මොකක් හරි අවුලකින්ද?” ඉවසන්න බැරි තැන මන් ඇහුවා.

“ඇයි එහෙම ඇහුවෙ?” මන් ඒත් කලේ දිගටම එයා දිහා බලන් හිටපු එක.. මොකක්? දැන් මූණ හරිනේ..එතකොට අර කලින් බුම්මන් හිටියේ මොන මඟුලකටද?? මන් හිතන්නෙ මට පිස්සු හැදීගෙන එනවද කොහෙද.

“නෑ..මුකුත් නෑ.” මන් ටක්ගාලා අනිත් පැත්ත හැරිලා දිගටම ඉස්සරහට ගිහින් ඒ පැත්තෙන් තිබ්බ පඩිපෙළ අරන් ආයෙම හෝල් එකට ගියා..

“ශාක්‍ය! කොහෙද බන් එකපාරටම ගියේ?” දැන් වෙද්දි හෝල් එකේ ලමයි නැති තරම්..හිටියේ අපේ ක්‍රිකට් ටීම් එකයි සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලයි ඩියුටි දාලා හිටපු ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා ටික දෙනා විතරයි. මන් අපේ ටීම් එක හිටපු තැනට ගියේ එතනම ආර්යන් අයියා ඇරෙන්න ටොප් බෝඩ් එකේ අනිත් අය ඉද්දි..

“වතුර ටිකක් බොන්න ගියා.”

“මල්ලි උඩ මගේ බෑග් එක එහෙම තියනවා දැක්කෙ නැද්ද?” සඳැස් අයියා හෝල් එකේ බැල්කනි පැත්ත පෙන්නලා ඇහුවම මම ටක්ගාලා ඔලුව වැනුවා.

“උබ උඩට ගියේ මොකෙන් වතුර බොන්නද බන්?” මන් ඒ පාර නිශල්ක දිහා බලලා ගල්බිල්ලා වගේ බලන් හිටියා..

“ආ..මන් සවුන්ඩ් රූම් එකේ කලින් වැඩකට යනගමන් මන් ගෙනාපු වතුර බෝතලේ එතන තියලා ගියේ.” ඒක

කියන ගමන් මන් අනිත් හැමෝම දිහා බලාගෙන යද්දි එකපාරටම මට සඳැස් අයියාගෙ ඇස් දෙක අහු වුණේ මාව එතනම නතර වෙද්දි..මන් දිහා බලන් ඉදලා අමුතු නක්කල් හිනාවක් දාපු එයා වෙනාතක් බලා ගන්නවා මන් බලන් හිටියා.. ඇයි සඳැස් අයියා අරහෙම දෙයක් ඇහුවෙ? එයා දන්නෙ කොහොමද මන් ඒ පැත්තට ගියේ කියලා? අනික එවෙලෙ එයා හිටියේ අපේ ටීම් එකේ අය එක්ක කතා කර කරනෙ?

“යමු දැන් එකයි හතලිස් පහට ප්‍රැක්ටිස්..ගිහින් වොෂ් දාලා චේන්ජ් කරගන්න.” ශවිරු අයියා පිනාගෙ ඔෆිස් එකට යනවා කියලා මට එයාගෙ බ්ලේසර් එක දීලා ගියාම අපි අපේ ලොකර් රූම් එකට යන්න හෝල් එකෙන් එළියට ආවා.

“මේ..දැන් උබ ආර්යන් අයියා එක්ක පිට් නෙහ්?” මායි තනුජයි නිශල්කට මල් කඩන්න දීලා අනිත් අය එක්කම හෝල් එකෙන් එළියට ආවෙ හෙමීට ඇවිදින ගමන් ලොකු කයියක් දාගෙන වුණාම ඌ ඉදලා ඉදලා අහපු ප්‍රශ්නෙට මන් ඔලුවෙන් විතරක් උත්තර දුන්නා.

“අඩෝ..කොහොම හිටපු එවුන්ද බන්! බුදු අම්මෝ ඉස්සර මට උබලා දෙන්නා ලඟින් ගියත් චූ බරක් ලෝඩ් වෙනවා බන්.. උබ ඉතින් ආර්යන් අයියා ලඟින් ගියත් කැරියා වගේ ගේම ඉල්ලන්න යනවනෙහ්..” මන් ඇස් දෙක රෝල් කරා.

“ඌනෙ ඉතින් ඔය මඟුල පටන් ගත්තෙ..මමද?”

“හරි හරි..ඒ බන් ඉතින් උබලා දෙන්නා අපි වගේම කතා කරනවද දැන්?” මන් උගුරට ආපු කැස්ස තද කරගත්තා..අපි වගේ කතා කරනවා කියන්නෙ ආර්යන් අයියාට කැරියා හුත්තා ගෑවොත් මරුවට තියෙයි.

“එහෙම නෑ ඉතින් දැක්කොත් හිනා වෙනවා කතා කරොත් කතා කරනවා.”

හවස හය වෙනකන් විතර නෙට් එකේ බැටින් උයි බෝලින් උයි මාරුවෙන් මාරුවට කරලා ඉතුරු පැය දෙකේ කෝච් අපිව ජිම් එකේ වරක්අවුට් කරන්න දැම්මා.. කොහොමත් අපිට මේ ටිකේම වෙනදාට හම්බෙන විනාඩි දහයේ බ්රේක් එකවත් ලැබුණේ නෑ.

“අද මන් පයින් ඇවිදගෙන යනවා ඒක නිසා මාව දාන්න ඕන නෑ.” වොශ් දාලා ඇවිත් බංකුවෙන් වාඩි වෙච්ච මන් කකුළ් දෙක වේලෙන්න කියලා ඉස්සරහා බංකුව උඩින් තියලා නිශල්කයි තනුජයි දිහා බැලුවම මන් දැක්කා ඒ වෙද්දිත් ඒ දෙන්නා මන් දිහා බලන් ඉන්නවා.

“ඇයි ඒ එකපාරටම?”

“මගේ ෆිට්නස් හැදෙන්නෝන බන් තව.” එතකොට නිශල්කත් ඔලුව වැනුවා.

“අයියාත් ඒක කිව්වා මට.”

“ශවිරු අයියද?”

“නෑ නෑ සඳැස් අයියා.” මට එකපාරටම කටට හිනාවක් ආවත් මන් මගේ පාඩුවේ සොක්ස් දෙක අතට ගත්තා.

“මොකද මොකද තෝ හිනාව යටකරගත්තෙ?” මන් අත් දෙකම ඉස්සුවෙ ඩිෆෙන්ස් එකට..

“මේ තනිකඩ හිත්වලට කවි ගී ලියවුනත් මදී නේද බන් ශාක්‍ය?” දුකින් කියලා පෙන්නන්න මන් කටත් උල් කරන් නිශල්ක දිහා බලලා ඔලුව වැනුවා.

“අනේ පලයන් යන්න..” නිශල්ක තව මොනාදෝ කියන්නත් හදලා ආයෙම කට නවත්තගත්තම තමයි මටයි තනුජයටයි හයියෙන් හිනා ගියේ..අම්මෝ අම්මෝ වෙනදා එකට සීයක් කියන මිනිහා නේද මේ..

“අනේ හුකපන්-” මගේ මූණෙ හරි මැදට ආපු මේස් එක මන් හිනා වෙවීම මූණෙන් අහක් කරා.

“ආව් ආව් පොකිරිස්සාට තරා ගීන්!!” නිශල්ක ඔක්කොම දමලා ගහලා වොශ් දාන්න කියලා ඇතුළට ගියාම අපි දෙන්නා කරේ ඌට ඇහෙන්න එක එක ඒවා කියපු එක.. එක අතකට මූට පොකිරිස්සා කියලා කියන්න ගත්තෙත් මරුම සීන් එකට..අපි තමයි මූට ඔය නිස්සා නිස්සා ගාන්න ගත්තෙ..දවසක් අපි මූව බයිට් කරන්නමද කොහෙද ලයිබ්‍රි එක ගාවදි නිස්සා නිස්සා කියලා හයියාන් කෑගැහුවම ඒක ඇතුලේ හිටපු සර් කෙනෙක් තරහා ගිහින් එළියට ඇවිත් කෑ ගැහුවා ‘ඔය ඉස්සා කියන එකාගෙ කන ඇහෙන්නැද්ද’ කියලා.. පස්සෙ අපි මූට බයිට් එකටම කාලයක් ඉස්සා කියන්න ගත්තා. ඕකම ඉතින් නිකන්ම පොකිරිස්සා වුණා..ඉතා සරලයි. නිස්සා ඉස්සා පොකිරිස්සා.

ටික දුරක් ඇවිදන් යන්න තියෙන නිසා මම කට්ටියට යනවා කියලා ප්රැක්ටිස් බෑග් එකත් කරේ එල්ලගෙන ලොකර් රූම් එකෙන් එළියට ඇවිත් අපේ මේන් හෝල් හරියට වෙනකන් ඇවිදන් ඉස්සරහට යද්දි සඳැස් අයියා එයාගෙ බ්ලේසර් එකයි ප්රැක්ටිස් බෑග් එකයි එල්ලන් මේ පැත්තට එනවා දැක්කා.

“මල්ලි යනවද?” මන් හිනා වෙන ගමන් ඔලුව වැනුවා.

“ඔව් අයියේ.”

“කෝ එතකොට අනිත් දෙන්නා නැත්තෙ ඇයි?”

“මන් අද පයින් යන්නෙ අයියේ..එයාලට මන් යන්න කිව්වා.” එතකොට සඳැස් අයියා ‘මහන්සි නැද්ද?”ගෙනිහින් දාන්නද?’ අහද්දි මන් එපා එපා කියලා බොහොම අමාරුවෙන් එයාව මෙතනින් එළවගත්තා.. මුන් ඔක්කොම පුදුම මුරණ්ඩුයි.

මන් අපේ සෙකියුරිටි හේරත් අන්කල්ටත් ටටා බායි පාරක් දාලා ගේට් එකෙන් එළියට ඇවිත් පේමන්ට් එකේ දිගටම ඇවිදන් ගිහින් කහ ඉර ගාව නතර වුණේ එහා පැත්තෙ ලේන් එකට පනින්න බලාගෙන.. අද ඉවෙන්ට් එකත් තිබ්බ නිසා තාම ඉස්කෝල පාර මාරම විදිහට බිසී..මොකද රෑ වෙලත් අද ඉස්කෝලෙ ගේට් එක ඉස්සරහ පොලිස් ජීප්ම තුනක් හතරක් තියෙනවා මන් දැක්කා. ඔය අතරේ එන ගමන් තිබ්බ කාර් දෙකට යන්න දීලා පාර හිස් වෙනවත් එක්කම මන් හෙමින් සැරේ සුදු ඉරට කකුළ තිබ්බෙ අනිත් පැත්තට මට හෙන බ්‍රයිට් හෙඩ් ලයිට් එකකුයි හෝන් පාරකුයි වැදෙද්දි..මොන පිස්සෙක්ද- මගේ කකුළ් ගාවම ඇවිත් නතර වුණු කාර් එක දිහා මන් මෙච්චර වෙලාවක් පොඩි කරන් උන්නු ඇස් දෙකෙන් හරියට බැලුවා. මස්ටෑන්ග් එකක් නේද මේ? මගේ පැත්තෙ තිබ්බ වීදුරුව පහළට යනවත් එක්කම ඇතුළෙ ඉන්නෙ මොකාද කියලා බලන්න මාත් ටිකක් බෙල්ල පැත්තකට ඇල කරා.

“තනියෙන් යන්නෙ මොකද කෝ තනුජ මල්ලි?” මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා. මේ ආර්යන් අයියානෙ..එතකොට මේ කාර් එක? මට හොදටම මතකයි එදා මෙයා ඉස්කෝලෙට ආවෙ කලු පාට මස්ටෑන්ග් එකකින් කියලා..එතකොට මේක? මන් අදහාගන්න බැරුව ආර්යන් අයියා දිහා බලන් හිටියා. Seriously who are you?

“ම..මම තනියෙන් යන්නෙ” ඔලුව හෙමිහිට වනන ගමන් මන් උගුර හැදුවා.

“නගින්න.” ප්රැක්ටිස් බෑග් එකේ පටිය තදින් අල්ලගන්න ගමන් මන් ආයෙම ඉස්සරහ පාර දිහා බැලුවා.

“අද මන්-” ඒ එක්කම කන්බෙරේ කඩාගෙන ගියපු හෝන් සද්දෙට මන් මස්ටෑන්ග් එකේ පිටිපස්ස දිහා බැලුවම තමයි දැක්කෙ ඈත ඉදන් පෝළිමට වාහන ගොඩක් නවත්තන් ඉන්නවා කියලා.

“නගින්න ආදිල්.” ආයෙම ආර්යන් අයියා දිහායි කාර් එක දිහායි ඉලලා මන් ඇස් දෙක රෝල් කරලා කාර් එකේ දොර ඇරලා වාඩි වුණත් හරි දොර වහනකොටම වගේ කාර් එක කඩාගෙන ගියේ මන් ටක්ගාලා සීට් බෙල්ට් එක දාගනිද්දි.

“මන් අද ඇවිදගෙන යන්න හිටියේ.” ප්රැක්ටිස් බෑග් එක කකුළ් දෙක යටින් කියලා මම සීට් එකට හේත්තු වුණේ මහන්සියට..

“හේතුව?” ස්ටීරින් වීල් එක දකුණු පැත්තට කපලා ප්‍රධාන පාරට හැරෙව්වාම මන් ආර්යන් අයියා දිහා බැලුවා. මොකද මෙයාට නිකන් තද වෙලා වගේ?

“ෆිට්නස් හදාගන්න.” කාර් එක කලර් ලයිට් ගාව නවත්තලා ඒ ගමන්ම ආර්යන් අයියා මන් දිහා බලලා ආයෙම මගේ කකුළ් දිහා බැලුවා.

“ඔයා ෆාස්ට්..ඒත් මේවා-” ආර්යන් අයියා එකපාරටම මගේ කලවා හරියෙන් අල්ලා ඇඟිලි වලින් දෙතුන් පාරක් තද කරලා ආයෙම අත ගත්තේ මන් ඒ දිහා බිරාන්ත වෙලා වගේ බලන් ඉද්දි.

“මේවා ට්‍රේන් කරගන්න..එතකොට තමයි රීෆ්ලෙක්සස් ශාප් වෙන්නෙ.” කතාව දිගටම ගෙනියන්න මට මාතෘකාවක් නැති නිසා මන් සද්ද නැතුව ඉස්සරහා බිල්ඩින්ස් පාස් වෙන දිහා බලන් හිටියා..මෙයා ඊයෙට වඩා මාර වේගෙකින් අද යනවනේ.

“මන් ඉස්සරහින් පොඩ්ඩකට නවත්තනවා අවුලක් නෑනෙ?” ඒ පාර මන් ආර්යන් අයියා දිහා බලලා ඔලුව වැනුවේ කාර් එක ගිහින් රෙස්ට්ටුවරන්ට් එකක් ඉස්සරහින් නවත්තනකොට. ආර්යන් අයියා රෑට කන්නද මෙතනින් නැවැතුත්වේ? රෙස්ට්ටුවරන්ට් එකේ නම දිහා බලන් ඉන්දැද්දි මට මතක් වුණේ එදා අර මම හොස්පිට්ල් එකේ නැවතිලා ඉද්දි ආර්යන් අයියා කෑම අරන් ආපු දවසේ මට කියපු කතාව..එතකොට එයා ඉන්නෙ තනියමද?

“මොනාද කන්න කැමති?” මන් ඔලුව වැනුවා.

“ගෙදර කන්න තියෙනවා.” වොලට් එකයි ෆෝන් එකයි අතට ගන්න ගමන් ආර්යන් අයියා කාර් එකේ ඩෝ හැඩ්ල් එක අදින්න හදද්දි මන් ඉක්මණට එයාගෙ අතින් අල්ල ගත්තා.

“ගෙදර කෑම රහයි..එහෙන් කමු.” ආර්යන් අයියා වේගෙන් මන් දිහා බැලුවම මම ඔලුව වැනුවා.

“මට ෆෝන් එක දෙන්න පුලුවන්ද රත්නසිරි මාමාට කෝල් එකක් ගන්න?”

“කරදර කරන්න එපා ආදිල්. මන් මෙතනින් තමයි හැමදාම වගේ කෑම ගන්නෙ.” මම ටක්ගාලා ඔලුව වැනුවා.

“මාමා හැමදාම වැඩිපුර උයනවා තනුජලා එහෙම එකපාරටම නොකියා ගෙදරට පනින හන්දා.” ආර්යන් අයියා තාමත් ඩෝ හැඩ්ල් එකෙන් අත ගන්නෙ නැතුව මන් දිහා බලන් හිටියා.. එයා තාම දෙන්න උත්තරයක් හිතන බව මට එයාගෙ මූණ දිහා බලන් ඉද්දි කියන්න පුලුවන්.

“යමුකො..මාමාගෙ කෑම රහයි.” බැරිම තැන මන් ආර්යන් අයියගෙ අල්ලන් හිටපු අතේ තිබ්බ ෆෝන් එකයි වොලට් එකයි අරන් මගේ කකුළ උඩින් තියා ගත්තෙ එයාගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් කරද්දි..මේ යකා වෝල්පේපර් එකක්වත් දාලා නැද්ද? මන් ටක්ගාලා ෆෝන් එක එයාගෙ මූණට අල්ලා ලොක් එක ඇරගෙන කෝලින් ඇප් එකට ගියේ රත්නසිරි මාමාගෙ ෆෝන් නම්බර් එක ඩයල් කරන ගමන්..ඒ ගමන්ම මම ෆෝන් එක කනේ තියාගෙන හොරෙන් වගේ ආර්යන් අයියා දිහා බැලුවා..එයා ඉන්නවා හොඳට මොකාද එකා වගේ අර කැත හිනාවත් දාගෙන.

“ඔය හැඩ්ල් එකෙන් අත ගන්න ඉතින්!”

“ඇයි බයයිද මන් පැනලා යයි කියලා?” එයා අත ගන්නවත් එක්කම මන් හෙමීට එයාගෙ අත අතෑරලා දැම්මා.

“පැනලා ගියාට වොලට් එක මන් ගාවනෙ..” මන් වොල්ට් එක අරන් දෙපැතත්ට වැනුවම ආර්යන් අයියාගෙ තොලේ අගක් පැත්තකට ඇදිලා ගියා.

“ඔය රෙස්ට්ටුවරන්ට් එක අම්මට අයිති එකක්.”

“හෙට රටම ඔයාගෙ කිව්වත් මම පුදුම වෙන එකක්නෑ.” මම වොලට් එක ආර්යන් අයියාගෙ ඇගට විසි කලා.

“ආ මාමේ! මාමා අද කෑම වැඩිපුර හැදුවද?”
“ආ එහෙනම් ගොඩ!”
“නෑ නෑ උන් නෙමේ වෙන අයියා කෙනෙක්.”
“නෑ නෑ මගේ ෆෝන් එකේ බැට්රි බැස්සා අප්පා..”
“තව විනාඩි දෙකකින් වගේ අපි ඔතන..එහෙනම් මන් තිබ්බා හොදේ!” මන් කෝල් එක කට් කරලා ආර්යන් අයියාට ෆෝන් එක දුන්නා.

“ඔහොම ගිහින් ඉස්සරහ හන්දියෙන් වමට දාන්න.”


A/N

දවස් හයකට විතර පස්සෙ ඔන්න එහෙනම් මන් ආවා!! අද එක කොහොමද? මන් දන්නෑ අනේ මට මෙහෙම එව්වා ලියලා පුරුදු නෑ ම්හුක්ක්!

(මේ වගේ පාරක් තමා ග්‍රවුන්ඩ් එකේ ඉදන් ඉස්කෝල පැත්තට එද්දි මන් හිතාගෙන හිටියේ..මේකෙ තියනවා වගේ දුරක් යන්න නෑ හැබැයි. )

ආයෙම එන්නම් මන් ඉක්මණට..එතකන් සතුටින් ඉන්න!
Adareyyy මන් ❤️

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 32, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 32, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 32 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 32 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 32 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 32 light novel, ,

Comment

Leave a Reply

Chapter 32