À¶»À¶¯À·… | The Kandyan Aristocrats 33

A+ A-

“ඔය ඉස්සරහ මාමා ඉන්නෙ..අන්න ඒ වත්ත ඇතුළට දාන්න.” ආර්යන් අයියා වත්ත ඇතුළට කාර් එක හරවලා ගරාජ් එකේ දොර ඉස්සරහ කාර් එක නැවැත්තුවම මම සීට් බෙල්ට් එක ගලවලා ප්රැක්ටිස් බෑග් එක අතට ගත්තා.

“මෙහේ බල්ලෙක් ඉන්නවද?” මන් කාර් එකේ දොර අරින ගමන් ආර්යන් අයියා දිහා බලලා හිනා වෙලා ඔලුව වැනුවා.

“රිත්රීවර් කෙනෙක්.” ආර්යන් අයියා එයාගෙ ෆෝන් එක අරන් කාටද මන්දා මැසේජ් එකක් දානකන් මන් කරේ කාර් එකෙන් එළියට බැස්ස එක. එයා එයිනෙ කියලා හිතලා ගේ ඇතුළට ගිහින් කිචන් එකට යන තැන තිබ්බ පඩිය යටින් මන් මගේ ප්රැක්ටිස් බෑග් එක තියලා අනිත් පැත්ත හැරුණේ කිචන් එකයි සාලෙයි හරි මැද ටිකක් ඇතුළට වෙන්න තිබ්බ දෙපැත්තට බෙදුණු ලොකු පඩිපෙළ ගාවට යන්න.

“ටෙසා!” ඒ එක්කම මට බෙල් එකක් ටිලිං ටිලිං ගාණ සද්දයක් ආවා..ආ ඔය එන්නෙ. කිචන් එක පැත්තෙ ඉදන් පද්ද පද්ද ආපු ටෙසා ගාවට මන් නැවුණා. මන් හිතුවෙ උඩ ඉදීවි කියලා.

“කොහෙද කෙල්ලෙ හිටියෙ..ම්ම්? පූල් එක පැත්තට ගියාද ආයෙමත්?” මන් කට තද කරත්තෙ ටෙසා මුලු ඇගම තියලා එකපාරටම මගේ මුණ ඉස්සරහා හයියෙන් ගසද්දි..වතුර හැමතැනම!

“එනවා යන්න එළියට..යාලුවෙක් ඉන්නවා පෙන්නන්න.” මන් නැගිටලා ලොකු දොරෙන් එළියට ඇවිත් වැරැන්ඩා එක ගාවින් නැවතුණාම ටෙසාත් ඇවිත් මගේ කකුළ් දෙක ගාව ඉදගත්තා. ආර්යන් අයියා පපුවට අත් දෙක තියලා බැදගෙන රත්නසිරි මාමා එක්ක හොඳ කයියක හිටියේ..ඒ එක්කම එයා අහම්බෙන් වගේ මන් ඉන්න පැත්ත බලලා ආයෙම රත්නසිරි මාමා දිහා බැලුවත් තත්පරයක් යන්න කලින් ආයෙම මන් දිහා බැලුවේ ඒ එක්කම මගේ එහා පැත්තෙ වාඩි වෙලා හිටපු ටෙසා දිහාවට ඇස් ලොකු කරගෙන බලද්දි.

“පුතා යන්න ඇතුළට මන් කෑම ලෑස්ති කරලා තිබ්බා.” මාමා එක්ක හිනා වෙලා ආර්යන් අයියා මන් ඉන්න තැනට එන්න ගත්තම ටෙසාත් ඉන්න තැනින් නැගිටලා මගේ වටේ එහාට මෙහාට ඇවිදින්න ගත්තෙ හරියට ආර්යන් අයියාගෙ ඉව අල්ලගන්න වගේ.

“නම මොකද්ද?” ටෙසා දිහා හිනාවීගෙන බලන් හිටපු ආර්යන් අයියා මන් දිහාත් ඒ විදිහටම බලද්දි මගේ කටට හිනාවක් ඇදුණා.

“ටෙසා.” ඒක කිව්වත් හරි ටෙසා මන් දිහා බැලුවෙ මන් එයාගෙ ඔලුවට පොඩි තට්ටුවක් දාද්දි.

“ටෙසා..කම්.” මගේ කකුළට හොම්බ තියන් හිටපු ටෙසා ආර්යන් අයියා දිහා බලන් ඉදලා නැට්ට වැනුවා මිසක් එයා ගාවට ගියේ නැති වුණාම මට හිනා ගියා. හිතේ ඇති මගේ කෙල්ලව දැලේ දාගන්න.

“එයාව ලේසියෙන් එහෙම ෆිට් කරගන්න බෑ..නේද ටෙස්.” මන් ටිකක් පාත් වෙලා ටෙසාගෙ කනෙන් හිමිහිට ඇල්ලුවත් හරි ඊළඟ මොහොතෙ මට ටෙසාගෙ ගාණට තව කෙනෙක් පාත් වෙනවා දැණුනු නිසා මන් ඒ දිහා බැලුවම දැක්කෙ ආර්යන් අයියා පාත් වෙලා ටෙසාට එයාගෙ අල්ල දික් කරනවා.. ටෙසා රිත්රීවර් කෙනෙක් වුණාට එයා ඇත්තටම ලේසියෙන් එහෙම කට්ටිය එක්ක ෆිට් වෙන කෙල්ලෙක් නෙමෙයි. පුංචි කාලෙදි පවා කෙල්ල ශවිරු අයියාටයි නිශල්කටයි දුන්නෙ පට්ට රැග් එකක්..හැමදාම අපේ ගෙදර ආවොත් උන් දෙන්නා ආපහු ගෙදර යන්නෙ ඉරිච්ච ඇඳුම් එක්ක- ටෙසා ආර්යන් අයියාගෙ අත තත්පර ගාණක් ඉව කරලා හිමිහිට ලෙව කාලා එයාගෙ අත උඩින් හොම්බ තියා ගන්නවා දැක්කම පුදුමෙට මගේ තොල් අග නිකන්ම පැත්තකට ඇදිලා ගියා. සමහරවිට දැන් එහෙම නැතුව ඇති..

“ඔයා කියපු තරම් ලොකු සීන් දාන්නෙ නෑනේ..ම්ම්? අයියායගෙ තමයි ලොකු සීන් නේද?” ඒ කියපු එක අහලා මන් ඇස් දෙක ලොකු කරන් ආර්යන් අයියා දිහා බැලුවත් එයා නෙවෙයි මන් දිහා නිකමට බැලුවෙ.

“ලොකූ? ඔයාලා තාම මෙතනද?? මේ පුතාව ඇතුළට එක්ක යන්නකො! අර අරහෙ කෑම එක සීතල වෙනවා ඇති!”

“හරි හරි! මේ මෙයා ටෙසාව අල්ලන් ඉන්නකොට මන් වඩාගෙන අරන් යන්නද?” රත්නසිරි මාමා ආර්යන් අයියාට ඇතුළට එන්න කිව්වම එයා ඉන්නතැනින් නැගිටලා සපත්තු දෙක ගැලෙව්වා.

“ටෙසා ඇතුළට යන්න කෙල්ලෙ!” ටෙසා ඇතුළට ගියත් එක්කම මාත් ඇතුළට යන්න කියලා ඉස්සරහට අඩිය තිබ්බත් මාව නැවතුණේ රස්ණේ අතක් ඇවිත් මගේ මැණික් කටුව හරියෙන් හෙමිහිට තද වෙද්දි.

“මාව වඩාගන්න පුලුවන්ද ඉතින්?” ආර්යන් අයියාගෙ කටහඬ මටවත් ඇහෙන්නැති තරම් ලාවට ඇහුණත් කටහඬේ ගොරෝසු කමට මගේ කන කිචි කැවුනු නිසා මන් ටක්ගාලා එයාගෙ අත ගස්සලා දාලා ගේ ඇතුළට ගියේ ඒ ගමන්ම මිඩ්ල් ෆින්ගර් එකත් පෙන්නලා.

“ලැජ්ජවෙන්න එපා..ගෙදර කියලා හිතලා ඉන්න.” ගෙදර ඇතුළට ආපු ආර්යන් අයියා එයාගෙ ඉස්සරහා තිබ්බ ලොකු පඩිපෙළ දිහා බලලා ඒ දෙපැත්තෙ තිබ්බ ෆොටෝස් දිහා තත්පරේකට වගේ ඇස් ගෙනියනවා දැකලා මන් නෝන්ඩියට වගේ ඒක කියලා දැම්මා. කොහොමත් අපේ ගෙදරට එන අය මේ ලොකු පඩිපෙළ නිසා සප්‍රයිස් වෙනවා. තාත්තාත් ඉතින් ඩ්‍රමැටික් එන්ට්‍රන්ස් වලට ආස කෙනෙක්නෙ.. අම්මා ඩයරි එකෙත් ඒ ගැන ලියලා තිබුණා. එපා කියද්දිලු තාත්තා මෙහෙම පඩිපෙළක් හදන්න දීලා තියෙන්නෙ.. අම්මා ඒ ගැන කතා කරන්න යන හැම පාරකම තාත්තා අම්මාට කිස් එකක් දීලා කතාව නතර කෙරෙව්වලු. මහේන් අයියා නම් හෙන වලත්තයි අප්පාහ්.

“ඔයාලා මෙච්චර කනවද?” ආර්යන් අයියා ඇස් දෙකත් ලොකු කරන් කෑම මේසෙ උඩ තියලා තිබ්බ කෑම දිහා බලන් ඉද්දි මගේ කටට ලාවට හිනාවක් ආවා.

“අද අරුන් නෙමෙයි නිසා ඔය ඔහොම කෑම තියලා තියෙන්නෙ.” මන් වාඩි වුණාම ආර්යන් අයියත් මගේ ඉස්සරහින් තිබ්බ පුටුව ඇදලා වාඩි වුණා. සිරාවටම මාමා ශවිරුවා එනවා කියලා දැනගත්තොත් කෑම මේසෙන්වත් තියන්නෙ නෑ..එච්චරට ඒ දෙන්නා ෆිට්. දැන් ගාණක්වත් නෑ..ඒත් ඔන්න අරුන් තුන් දෙනා එනවා නම් මාමා කෑම මේසෙන් කෑම එක තියනවා තාම පොඩියි පොයියි කියලා..ඕක එහෙම අරූ දැනගත්තොත් මෙතන මාවත් මරලා ගෙදරත් ගිණි තියයි. මහේන් අයියාට ගෙදර එද්දි අළු ටිකක් තමයි බලාගන්න වෙන්නෙ. මන් ඕවා හිත හිතම බත් දාලා තිබ්බ බෝල් එකෙන් බත් ගන්න කියලා හිතාගෙන අත දික් කරාම තාම බෝල් එක තිබ්බ විදිහටම අල්ලලා නැතුව තියෙනවා දැකලා මන් ආර්යන් අයියා දිහා බැලුවා.

“බෙදා ගත්තෙ නැද්ද?” එයා ඔලුව වැනුවා.

“ඔයා බෙදනකන් හිටියේ-” මොන? මන් කටත් ඇරන් ආර්යන් අයියා දිහා බලන් ඉද්දි එයා කට කොනින් හිනා වෙලා මගේ අතේ තිබ්බ බත් හැන්ද අරන් එයාගෙ පිඟානෙට බත් බෙදාගන්න ගත්තා.

“ඔයා වෙන කල්පනාවක හිටියේ ආදිල්.” මම ටක්ගාලා නෑ කියන්න ඔලුව වැනුවා.

“නෑ මට මතක් වුණේ ශවිරු අයියාව.” ඒ පාර බත් බෙද බෙදා හිටපු ආර්යන් අයියා එකපාරටම බත් බෙදාගන්න එක නවත්තලා මන් දිහා බැලුවෙ මාවත් ඒගමන්ම කලබල කරවද්දි. ශිට් ඇයි මන් එහෙම දෙයක් කිව්වෙ? කා එක්ක හරි ඉද්දි වෙන කෙනෙක් ගැන එහෙම කියන එක අවුල් නේද..

“ම්ම්හ්ම්..” බත් හැන්ද අතෑරලා ආර්යන් අයියා චිකන් කරී එක බෙදාගන්න දිහා මන් සද්ද නොකර බලන් හිටියා. එයාට තරහා ගීන්ද? ඒත් මන් තරහ ගන්න දෙයක් කරේ නෑනෙ? මාත් ඒගමන්ම බත් ටික බෙදාගෙන පාඩුවේ කන්න ගත්තෙ එතනින් එහාට අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරපු නැති නිසා.

“ආ පුතා..මොකද්ද නම කිව්වෙ ආර්යන් නේද? ඉතින් පුතා කොහොමද කෑම එක රසද?”

“ඔව් මාමේ-“

“කෝ ඔය පොඩ්ඩයිනෙ බෙදාගෙන තියෙන්නෙ?” මාමා ඇවිත් ආර්යන් අයියාගෙ බත් පිඟාන අරන් තව බත් දාන්නගත්තම ආර්යන් ඒ වෙලාවෙ අතට ගත්ත බත්කට කටට දාගත්තෙ පුටුවෙන් නැගිටින ගමන්. දැන් කාපන් ඉතින්..මොකද රත්නසිරි මාමා ඉන්නකන් එයා මෙහෙට ආපු හැම කෙනාටම එයාගෙ බත් එක කවලා මිසක් මේ ගෙදරින් යවන්නෙ නෑ.

“ම්..මාමේ මට ඇති-”

“කොහෙද ඇති ගාන්නෙ? දැන්නෙ ගෙදරටත් ආවේ! ලොකූ මේ ළමයා කොහෙන්ද අහුලගත්තෙ?? මේ බලන්නකො මූණ එහෙම අර ශවිරු කොල්ලාගෙ වගේ බැහැලා ගිහිල්ලා. අම්මාපා ඔය ඉස්කෝලෙ හැම මඟුලම උබලට කියලද පුතේ කරවන්නේ??” මට පේනවා ආර්යන් අයියා උදවු ඉල්ලන්න වගේ මන් දිහා බලන් ඉන්නවා..ඒත් මන් කලේ කරබාගෙන බත් කාපු එක. උදවු ඉල්ලුවොත් විතරක් උදවු කරනවා නැත්තන් මේ සාක්‍ය ඒම පැන පැන දෙන්නෙ නෑ. ම්හුක්ක්!

“ඔය මාමේ අපේ ඉක්කෝලේ හෙප්පිපෙක්ට්.” මන් කටේ බත් පුරවන් ඊළඟ චිකන් කෑල්ලට වැඩේ දෙන්න ගත්තා.

“මොකක් කිව්වා?”

“හෙප්- හෙඩ් අනේ! අර ශවිරුගෙ මහා එකහ්!” ඊළඟ බත්කට කටට දාගන්න කියලා අත උඩට ගෙනාවත් මම එහෙම්මම නතර වුණේ ඒ කියපු දේ මතක් වෙලා. මල හුප්තයි! මන් ශේප් එකේ ආර්යන් අයියා දිහා බලන්නෑ වගේ බලලා ආයෙම බත් පිඟානට ඔලුව දාගත්තා.. හිතුවා වගේම මන් දිහා බලන් ඉන්නවා කියහන්කො. ශික් මටමයි මේවගේ විනාසකාරී දේවල් වෙන්නෙ. කමක් නෑ මොකෝ මට ගහන්නද ඌ? මේ මගේ ගෙදරනෙ. ගැහුවොත් මාත් ගහනවා!

“ආර්යන් පුතා අර ශවිරු පුතාලා වගේ වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි නේද?” ආයෙම පුටුව ඇදලා ආර්යන් අයියා වාඩි වුණාමත් එක්ක මන් කලේ පුලුවන් තරම් එයා දිහා නොබලා ඉන්න ට්‍රයි කරපු එක..අඩෝ මාමේ යන්න එහෙම එපා හොදේ! එහෙම වුනොත් මේ යකා මාව මරලා තියෙයිද දන්නෑ ඔයා ආයෙම එද්දි.

“ඒකට කමක්නෑ හොඳට කෑම එක කන්නකෝ..ඔය වයසෙදි හොඳට කාලා බීලා ඉන්න ඕනෙ නැත්තන් කොහොමද ලොකු වුණාම දරු පවුල් කරගහගන්නෙ..” මන් හිත යටින් කෑ ගගහා හිනා වෙවී හොඳට මගේ අන්තිම බත් කටත් කාලා කෑම මේසෙන් නැගිට්ටෙ ආර්යන් අයියාත් බත් කන එක නතර කරද්දි.. අනාව්ව්! ලැජ්ජ හිතිලද කොහෙද කුමාරිහාමිට.

“ඔය ළමයා කොහේ යන්නද! මෙන්න මෙහෙ ඉදලා කන්න..පුදුම ලැජ්ජාවක්නෙ මේක!” මන් ටක්ගාලා අත හෝදලා දාලා ආයෙම ටේබල් එක ගාවට ඇවිත් වාඩි වුණේ මාමා හදපු රස වෝටමෙලන් ජූස් එක බොන්න. ඒ අස්සේ මගේම දාඩිය ගද මට එනවා. ඇයි ඉතින් වෙනදා නම් ආපු ගමන්ම කරන්නෙ වොශ් දාගන්න එකනෙ.

“ලොකූ මේ ළමයා ඔක්කොම කනවද කියලා බලන්න! මන් යනවා ටෙසාට කෑම දෙන්න.” මන් ඔලුව වනලා රත්නසිරි මාමා යනකන් ඉදලා ආර්යන් අයියා දිහා බැලුවා. වෙලාවකට පව් කියලත් හිතෙනවා මේ මනුස්සයාව දැක්කම..බෙල්ලත් නවාගෙන පිඟානට මූණ ඔබන් හෙමින් හෙමින් බත් එක අනන දිහා බලන් ඉද්දි මට ආර්යන් අයියාව පෙනුණෙ හරියට පොඩි එකෙක් වගේ.

“කන්න බැරි නම් පිඟාන තියලා අත හෝදගන්න.. රත්නසිරි මාමා ඔය කියවන්නෙ ආදරේට. ඒවා වැඩිය හිතන්න එපා.” ඒ එක්කම ආර්යන් අයියා ඔලුව උස්සලා ඔලුව වැනුවා. කට දෙපැත්තෙ අර හැම්ස්ටර් කෙනෙක්ගෙ වගෙ පිම්බිලා ගිහින්.. හිනා යන්න ආවත් මන් කලේ ගලක්වගේ කට හොලවන්නැතුව එයා දිහා බලන් හිටපු එක. ඊටපස්සෙ අමාරුවෙන් කටේ පුරවන් හිටපු බත් එක ගිළලා ආර්යන් අයියා පුටුවට හේත්තු වුණා.

“මාමා ඔයාට ගොඩක් ක්ලෝස් නේද?” මන් වෝටමෙලන් ඩ්රින්ක් එක ආයෙම අතට ගන්න ගමන් ඔලුව වැනුවා.

“මන් ඉපදෙන්නත් කලින් ඉදන් එයා හිටියේ..අපිට නිකන් තාත්තා කෙනෙක් වගේම තමයි එයා.” ආරයන් අයියා ඔලුව වැනුවත් එක්කම මන් ඩ්රින්ක් එකෙන් උගුරක් බීලා ආයෙම වීදුරුව ටේබල් එක උඩින් තිබ්බා.

“කෑම එක රසයි ආදිල්..මාමාද හැමදාම උයන්නෙ?”

“මේවද?” එතකොට ආර්යන් අයියා ඔලුව වැනුවා.

“මේවා මම.” මම දත් තිස් දෙකම දාලා හිනා වුණාම ආර්යන් අයියා එකපාරටම බෙල්ල මිරිකගෙන වගේ කහින්න ගත්තේ මට හයියෙන් හිනා යද්දි.

“මාමා මාමා..ඇයි බය වුණාද? මටත් උයන්න පුලුවන්ලු හැබැයි- ආ මේ වතුර එක බොනවා.” මන් හිනා වෙවී වීදුරුවට වතුර එකක් දාලා ආර්යන් අයියා ඉස්සරහින් තිබ්බම එයා ඒක එකහුස්මට බීලා දැම්මා.

“ඕක කන්න බැරි නම් තියන්න අයියෙ.” ආයෙම පාරක් බෙල්ල කඩාගෙන වගේ බත් එකට මූණ ඔබාගත්තම මම කිව්වා. ඇයි යකෝ කන්න බැරි නම් මොන මඟුලකටද ඕක අත ගගා අමාරුවෙන් කන්න හදන්නෙ?

“මට කන්න ඕනෙ.” කොමඩු ජූස් එක ගන්න ගිහින් මම ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා.

“එහෙනම් දැන් රත්නසිරි මාමා බෙදන්න හැදුවම ඇති ඇති ගෑවෙ?”

“මට වේගෙන් කන්න බෑ.” මන් සද්ද නොකර ආර්යන් අයියා දිහා බලන් ඉදලා මගේ ඩ්‍රින්ක් එක ඉවර වෙනකන්ම බීලා ඒක ටේබල් එකෙන් තිබ්බා.

“කමක් නෑ හෙමීට කන්න මන් මෙතන ඉන්නම්.” හෙමිහිට බත් එක අන අන හිටපු ආර්යන් අයියා එකපාරටම මන් දිහා බැලුවම මම ලාවට හිනා වෙලා ටේබල් එක උඩින් නිකට තියලා එයා දිහා බැලුවමත් එක්ක ආර්යන් අයියා ආයෙම බත් එක අස්සට මූණ ඔබාගෙන කන්න ගත්තා. ඇත්තටම එයා කන්නෙ පුදුම හෙමින්.. මොකද මන් එයා බත් කන විදිහ දැන් සෑහෙන්න වෙලාවක් තිස්සෙ බලන් හිටියා. අනන එකේ ඉදන් බත් එක හපන්නෙත් හෙමින්..ඊටත් වඩා බත් එක කන්නෙ හරිම පිළිවලට.. මන් වගේ යුද්ධෙට යන්න වගේ නෙමෙයි ආර්යන් අයියා කන්නෙ. බලන් ඉද්දි හිත නිවෙනවා.. මන් ආර්යන් අයියා දිහා බලාගෙන ආනිපානසතිය කර කර ඉද්දි එකපාරටම මගේ ඇස් දෙක ගියේ එයාගේ වම් පැත්තෙ බෙල්ලෙ උඩක ඉදන් කොලර්බෝන් එක ගාවට වෙනකන් තිබ්බ රතු ඉර ගාවට.. හීරිලාද ඒ?? මන් හරියට පෙණුනෙ නැති තැන ඇස් දෙකත් හීන් කරන් බැලුවා. හ්ම්..හීරිලා තමා.

“මම සුටුස් ගාලා එන්නම් හරිද..එතකන් ඕක කන්න.” ආර්යන් අයියා ඔලුව උස්සන්නැතුවම ඔලුව වැනුවම මම ටක්ගාලා කාමරේට ගිහින් මගේ පොත් මේසේ ලාච්චුව ඇරලා ඒකෙ තිබ්බ බොක්ස් එකකින් තුවාල වලට ගාන බාම් එක එළියට අරගත්තා. ලාච්චුව වහලා මන් කලේ බාම් එක දිහා ටික වෙලාවක් බලන් උන්නු එක..මම ආර්යන් අයියාව දන්නෙ මේ ඊයේ පෙරේදා නෙවෙයි. මේ යකාගෙ ඔලුව හිමාලෙටත් වඩා ලොකුයි..අනිවා බාම් එක දැක්කම එපා කියයි. එතකොට මොකද වෙන්නෙ? මේ තිශාක්‍ය චොර වෙන එක..ඒත් ඒම වෙන්න දෙන්න පුලාන්ද? බෑ! ගාන්න බෑ කිව්වොත් බෙල්ල කඩලා හරි ගානවා.

කාමරේ දොර වහලා මන් විගහට පඩිපෙළ බැහැගෙන එද්දි දැනටමත් පඩිපෙළ ලඟ දකුණු අත පැත්තෙ බිත්තියේ එල්ලා තිබ්බ ෆොටෝස් දිහා ආර්යන් අයියා පපුවට අත් දෙක තියලා බැදගෙන බලාගෙන ඉන්නවා දැක්කා.

“කාලා ඉවරද?” මගේ කටහඬ ඇහිලද කොහෙදෝ ආර්යන් අයියා ලාවට ගැස්සෙනවා දැක්කත් එයා ටක්ගාලා මන් දිහා බලලා ෆොටෝස් එල්ලලා තිබ්බ තැනින් ඈත් වෙනවා මන් බලාගෙන.

“ඔව්..මන් දැන් යන්නම්.” ආර්යන් අයියා අත් දෙක එකතු කරලා ඒවා තද කරගනිද්දි අතේ නහර පවා ඉලිප්පෙනවා දැකලා පඩිපෙළ බැහැගෙන එන මගේ ඇස් නිකන්ම ඇකිලුනා. අදත් හරියට එදා අර ස්පෝට්ස් මීට් දවසේ බැල්කනි එක ලඟදි කලා වගේ.. මොනා හරි කියන්නද හදන්නෙ? මන් ඊට කලින් ඉක්මණ් වුණා.

“පොඩ්ඩක් සාලෙට යමුද?” උත්තරයක් දෙනකන් බලන් ඉන්නැතුව මන් කෙලින්ම ලිවින් රූම් එකට ගිහින් සෝෆා එකක් ගාවට ගිහින් හිටගත්තේ තත්පර ගාණක් යන්න කලින් එතන්ට ආව ආර්යන් අයියට වාඩි වෙන්න කියලා කියන ගමන්.

“ඇයි?” මන් බාම් එක දික් කරා.

“ඔය හීරිලා තියෙන තැනින් ගාගන්න.” එතකොටම ආර්යන් අයියා ඉස්සරහට එන එක නතර කරලා මන් දිහා බලන් ඉදලා ඔලුව වැනුවා. පොර හැරෙද්දි මන් දන්නැද්ද..නවය වසරෙදි ටැලන්ට් ශෝ එක දවසේ හෝල් එකේ ඇණයක් අස්සට කකුළ ගිහිනුත් මේ යකා බෙහෙත් දාන්න යද්දි ඕන්නෑ රිදෙන්නෑ කියලා ඩොක්ටර්ටත් හෙන ලයින් එකක් දැම්ම එකේ මේ පොඩි එකට බෙහෙත් ගාගනීවියැ. මන් බෙල්ලෙන් අල්ලලා ගානවද නැත්තන් දමලා ගහලා උඩට ගිහින් වොශ් දාගන්නවද කියලා හිත හිත ඉන්දැද්දි එකපාරටම මගේ අතේ තිබ්බ බාම් එක අතෙන් ඇදිලා යනවා දැනුණත් එක්කම මන් හරි සිහියට ආවා.

“මේ පාරත් ශවිරු ගැනද හිතුවේ?” මන් ඇස් දෙක ලොකු කරන් ආර්යන් අයියා දිහා බැලුවම එයාගෙ මූණ අර කිසිම හැඟීමක් නැති එකේ ඉදන් එකපාරටම එයාට එන අර සෙල්ලක්කාර විදිහට ඇහි බැමයි තොලයි ඇදිලා යනවා දැක්කා.

“නෑ නෑ මේ පාර ඔයා ගැන.” ඒ පාර ආර්යන් අයියාගෙ කටින් සද්දෙට හිනාවක් පැන්නෙ කිසිම සද්දයක් නැතුව තිබ්බ ගෙදරම ඒ හිනාවෙන් පිරිලා යද්දි. ආර්යන් අයියාට තිබ්බෙ හරිම මෑන්ලි හිනාවක්. ඕනාවට වඩා ගොරෝසුත් නැති සොෆ්ට් උත් නැති හරිම මෑන්ලි හිනාවක්.. එකපාරටම හුළගකුත් නැතුව ආපු සීතල නිසා මන් ශේප් එකේ මගේ බෙල්ල පිටිපස්ස කහන ගමන් ඒ සී එක දිහා බැලුවා. විසි හතරට මෙච්චර සීතලක් ?

“තැන්ක්‍යූ ආදිල්.” ඒක ඇහුණම මම ආර්යන් අයියා දිහා නොබලාම එයා මට දික් කරපු අතේ තිබුණ බාම් එක අරගෙන ඔලුව වැනුවා.

“හෙට එනවා නේද?”

“කොහෙද?” ඒ පාර ඇස් දෙකත් ලොකු කරන් මන් ආයෙම ආර්යන් අයියා දිහා බැලුවාම එයා කරේ හිනා වෙලා මගේ නළලට ඇගිලි දෙකෙන් පොඩි තට්ටුවක් දාපු එක.

“ඉස්කෝලෙ මැට්ටස්.”

“ඔ..ඔව්.” මේ මොන ලැජ්ජාවක්ද මේ! ආයෙම මන් ටක්ගාලා ගල් භූතයෙක් වගේ බිම බලා ගත්තා..

“බායි මන් යනවා..හෙට මැත්ස් පේපර් ක්ලාස් එකේ පේපර් එක කරන්න තියෙනවා මට.” බිම බලාගෙනම මන් කරේ ඔලුව වනපු එක විතරක් වුණාම මගේ ඇස් එක පාරටම ගැස්සිලා වගේ වැහුණේ ආර්යන් අයියාගේ අත් සනීපෙට ඇවිත් මගේ කොණ්ඩෙ අස්සෙන් ගිහින් ඒවා අවුස්සලා දාද්දි.

“බායි..” එයා ආයෙම කිව්වා.

“බ්..බායි.” ඒ කියද්දිත් ආර්යන් අයියා හිටියේ ඉස්සරහ දොර ලඟ.. මන් ටිකක් ඉක්මණ් කරලා අඩිය තියලා ඉස්සරහ දොරින් එළියට ඇවිත් වැරැන්ඩා එක ගාවින් හිටගත්තම ආර්යන් අයියත් එයාගෙ කාර් එකට නගිනවා බලන් හිටියා. රිවස් එකෙන්ම ගේට්ටුවෙන් එළියට ගිහින් කාර් එක මේන් රෝඩ් එක පැත්තට දාපු ආර්යන් අයියා ජනේලේ ඇරලා රත්නසිරි මාමා එක්ක මොනාද කියවලා හෝන් එකක් ගහලා යන්න ගියාම මමත් ගේ ඇතුළට ගිහින් කිචන් එක ලඟ පඩිය ගාව තිබ්බ මගේ ප්රැක්ටිස් බෑග් එක අරන් කාමරේට ගියේ ෆිසික්ස් පාස්ට්පේපර් එකක් කරන්න බලාගෙන.

“සහසංයුජ බන්ධනයක හැසිරීම ගත්තම ළමයි මෙයාලා අයනික වගේම සහසංයුජ ලක්ෂණත් පෙන්නන අවස්ථාවල් තියෙනවා. බන්ධනය හදාගන්න පරමාණු දෙක අතර විද්‍යුත් ඍණතාවයේ වෙනස අනුව…. ” මැඩමුත් පකක් කියවනවා ඒ අස්සේ. මන් දන්න එකම බන්ධනේ අර හේමාල් කාරයාද කොහෙද හිටපු බන්ධනය ෆිල්ම් එක. ඒ හුත්තත් උඩ දාගෙන මහ රෑක බලන්න ගත්තට මායි මගේ පොකිරිස්සයි දෙන්නම අන්තිමට නැවතුණේ නන්ගි හත්වලාමගේ ෆ්‍රෝසන් ෆිල්ම් එක බලලා.

අනුරාධිකා මැඩම්ගෙ ධර්ම දේශනාව කොච්චර උනන්දුවෙන් අහගෙන ඉන්නවද කියනව නම් අපි අති සාර්ඨක ලෙස ඕමි ගහන්න අරන් දැන් පැය බාගයක් විතර වෙනවා. à·„à·™ හේ…මගෙයි තනුජගෙයි එහා පැත්තෙ හිටපු ආතීෆ් උයි ආයෙම අපිට ඉස්සරහ පෝලිමේ හිටපු නිසල්කයයි උගෙයි හේශිත්ගෙයි එහා පැත්තෙ හිටපු රදිල්කයයි එකතු වෙලා තමයි අපි මේ අතිසාර්ථක මෙහෙයුම පටන් ගත්තෙ. කොහෙද ඉතින් තනුජයයි හේශිතයයි කුණකටුවො දෙන්නෙක් වගේ අපේ මැද්දට වෙලා කුණු කෙලත් පෙරාගෙන නිදිනෙ. නිද්දකින් බේසිකයො දෙන්නා! මැඩම්ගෙ එක හොඳක් තමයි පොර ස්පෝට්ස් කරන අයට පට්ට ආදරෙයි.. අනික මැඩම්ට අපි ගැන මාරම ගටක් තියෙන්නෙ අපි අනිත් හැම එක්සෑම් එකක්ම කරා වගේ මේකත් ඒ විදිහටම පාස් වෙයි කියලා. මොකද මට ඇරෙන්න මුන් සේරමල්ලන්ටම තිබ්බෙ නයින් ඒස්..මම ඉන්ග්ලිශ් ලිට් කරපු හන්දා මට ආවෙ ඒ අටයි බී එකයි. ඉතින් කට්ටියම ඉන්නෙ අපි ගැන මාරම චිල් එකේ. ඒකයි අපිට කොහේ හිටියත් ආතල් ගන්න පුලුවන් වෙන්නෙ.

නිසල්කයා දැන් දෙවනි සැරේටත් ආසියෙක් දාලා මෙතන මහා පගයා වෙන්න හදන විදිහ මාත් බලාගෙන. මේ වටේ අපේ තුරුම්පු වුනේ හාරත. ආතල්ම වැඩේ කියන්නෙ මටයි රදිල්කයටයි තිබ්බෙම තුරුම්පු.. ඒත් අපේ නිසල්කයයි ආතීෆ් උයි ඉන්නෙ උන්ට මේ අත උන්ගෙ ආසියෝ දම්මලා දිනන්න පුලුවන් වගේ සීන් එකේ. මම ඈනුමක් යවලා නිශල්ක දිහා බැලුවා. අනේ උට්ටො තෝ දන්නව නම් මන් ගාව හාරත ආසියා ඉදලා රැජිණයි තව තුරුම්පුවකුයි තියනවා කියලා- මම රදිල්කට ඇහැක් ගැහුවම ඌ හිනා වෙලා තුරුම්පු ආසියා දැම්මම නිශල්ක කෙලින්ම බැලුවෙ රදිල්ක දිහා.

“උබ ගාව කලාබර නැද්ද?”

“නැති නිසානෙ තුරුම්පු දැම්මෙ.” මට හිනා යන්න ආවෙ නිශල්කයාගෙ මූණ දැකලා..ඒ එක්කම ආතීෆ් කලාබර නවය දැම්මම මන් කලාබර බූරුවාව දැම්මා.

“ඉවර කරමුද ශාක්‍ය?” මන් ඇහි බැම දෙකම උස්සන ගමන් හිනා වෙවී ඔලුව වනලා මගේ අතේ ඉතිරි වෙලා තිබ්බ හාරත තුරුම්පු ටික ඩෙස්ක් එක උඩින් තිබ්බෙ උන්ගෙන් එන්න තිබ්බ කැට කොල දෙකක් එනකන් කම්මැලිකමේ පුටුවට හේත්තුවක් දාගනිද්දි. ඇයි කලින් රවුඩ් එක ඩ්‍රෝ නෙ..කිව්වා බේසිකයට ඒත් ඇහුවෙ නෑ නෙ..’නෑ නෑ පුලුවන් උබ හිටපන්කො’ ඔය කොරලා පෙන්නුවෙ ඉතින් පකක්.

“සඳැස් පුතා..මොකද මේ පැත්තෙ? ආ මේ ආර්යන් පුතත් ඉන්නෙ! මොකද්ද වෙන්න ඕන?” ඒක ඇහුණා විතරයි මන් දන්නෙ මගේ මේසෙ උඩ තිබ්බ කාඩ් අත වෙනුවට ඒ ඉස්සරහට මගේ කෙම් පොත ආව බව. අනික දැන් තනුජයයි හේශිතයයිත් ඇහැරිලා උන්නෙ..ඒ මදිවට මගේ ඉස්සරහ හිටපු නිශල්කයි රදිලකයි බෙලි කඩාගෙන මොනාදෝ ලියනවත් එක්ක.

මැඩම් ක්ලාස් එකෙන් එළියට ගියත් හරි මන් ශේප් එකේ අපේ වටේට හිටපු එවුන් දිහා බැලුවා..යකෝ ඔක්කොගෙම අතේ පොත්?

“දෙනුවන්! හුත්තෝ දැන් ගණන් නෙමෙයි යකෝ!” අපේ ඉස්සරහ හිටපු හෂිර එහෙන් දාගෙන දෙනුවන්ට බනිද්දි ක්ලාස් එකේ ඉස්සරහ තිබ්බ දොරින් ආර්යන් අයියයි සඳැස් අයියයි ඇතුල් වුනේ ඇත්තු දෙන්නෙක් වගේ.

“පුතාලා මේ අයියලාට මොකද්ද කියන්න තියෙනවාලු-“

“නෑ මැඩම් වැඩි වෙලාවක් යන්නෙ නෑ.” සඳැස් අයියා එකපාරටම අපි දිහා බලලා කියපු විදිහට මගේ ඇග ටිකක් ගැස්සුණේ නෑ කියන්න බෑ. මන් ඒ එක්කම ටක්ගාලා මගේ දකුණු පැත්තෙ ලී හිඩැස් දිහා බැලුවා.. ශිට් බැරි වෙලාවත්-

“ආයෙම කාඩ් ගහලා අහු වුනොත් කන පලනවා මන් තමුසෙගෙ.” කොරිඩෝ එක පැත්ත දිහා බලන් හිටපු මාව ඉබේටම පුටුවෙන් ටිකක් එහාට වුණාමත් එක්කම ආර්යන් අයියා මගේ උරහිස ගැලවිලා යන්න තරම් තදට අල්ලලා මගේ ශර්ට් එකේ පොකට් එක අස්සෙ තිබ්බ කාඩ් ටික අරන් වේගෙන් එයාගේ කලිසම් සාක්කුවට දාගෙන මැඩම්ට කියලා එළියට යන්න ගියාම මන් තාමත් ඒ වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව දොර දිහා බැලුවේ හරියට භූතයෙක් දැකලා වගේ.

“පුතාලාට මොකක්හරි ප්රැක්ටිස් වැඩක්ද?” මාව ආයෙම ගැස්සුණා. ප්රැක්ටිස් නෙමෙයි මැඩම්..අපිව එල්ලුම්ගස් යවන සීන් එකක් තියෙන්නෙ. ශිට්! ආර්යන් අයියලා ඕක ගිහින් ශවිරු අයියාට කියලා තිබුණොත් අපි ඔක්කොම කපෝති.

“ඔව් මැඩම් අද හවස මීටින් එකක් ගැන කිව්වා.” තනුජයත් නිකන් බය වෙලා වගේ ඒක කිව්වම තමයි මාත් හරි සිහියට ඇවිත් පුටුවේ ආයෙම හරියට ඉදගත්තෙ. මන් හිතන්නේ සීන් එක දැක්කෙ අපේ පැත්තෙ රෝ එකේ හිටපු එවුන් විතරයිද කොහෙද.


A/N

ඔන්න මන් ආවාආආ!! අද එක කොහොමද 👉🏻👈🏻 ආයෙම එන දවස මන් අනවුන්ස්මන්ට් එකකින් දාලා කියන්නම් ලමයි..මොකද මගේ යුනි පටන් ගත්තා! ඒත් ඔයාලාට සති ගණන් බලන් ඉන්නෝන වෙන්නෙ නෑ…! පින්කි පොමිස් මේ හිම්ස්ගෙන් ❤️ Adareyyy

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 33, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 33, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 33 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 33 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 33 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 33 light novel, ,

Comment

Leave a Reply

Chapter 33