À¶»À¶¯À·… | The Kandyan Aristocrats 34

A+ A-

අපි කට්ටියම ඉස්කෝලෙ ඉවර වෙච්ච නිසා ගේට් එක ගාවට ගියේ හේශිත්ගෙ අම්මා එවපු කෑම එක ගන්න..කොහොමත් දන්න කාලෙක ඉදන් ආන්ටි තමයි හැමදාම අපිට කෑම එවන්නෙ. අනික පුදුමෙ කියන්නෙ ඒ කෑම එක ඇරෙන්න අපේ ප්රැක්ටිස් වලට සෙට් වෙච්ච කෑම එකක් තාම හොයාගන්නත් නෑ. ඔක්කොටම වඩා මරු ආතල් එක තමා හේශිත් වෙන ස්පෝට් එකක වෙලත් උගේ අම්මා අපේ මෙච්චර කාලෙකට තිබ්බ එක මැච් එකක් මිස් නොකර බලන්න ආවා..මට අද වෙනකනුත් මේ ගැන වචනෙන් කියාගන්න තේරෙන්නෑ ඒ තරම් මන් අපේ බොන්ඩ් එකට ආදරෙයි.

“මේ අද මරු සීන් එකක් වෙලානෙ අයියට.” අපි තුන් දෙනාගෙ ඉස්සරහින් ගියපු නිශල්ක එකපාරටම අපේ පැත්තට හැරිලා පස්සෙන් පස්සට යන්න ගත්තෙ හිනා වෙලා..මූට කොහොමත් සඳැස් අයියා නිසා ට්‍රැක පැනලා කියලා කාලයක් යද්දි අපිත් තේරුම් අරගත්තා ඉතින්.

“අයියා?” ඒ හේශිත්..පව් අහිංසකයා. ප්‍්රැක්ටිසස් නිසා හැමපාරකම වගේ ඌව ටිකක් අපිට මිස් වුණා. ඒත් අපි බිග් මැච් ඉවර වෙලා පොඩි ටූ ඩේස් ට්‍රිප් එකක් යන්න හොරෙන් ප්ලෑන් කරන් ඉන්නෙ හේශිතයා නිසාම.. මූ ගැන නම් සිරාවටම මට වෙලාවකට ඉතිරිලා යන්න තරම් ආදරයක් එනවා කියන්නෙ අච්චර මූ මුගේ කොච් කාරයාගෙන් පලු යන්න අහගෙනත් මේ යකා උට හම්බෙන අර හිච්චි බ්රේක් එකෙත් එනවනෙ අපිව බලන්න.. මන් මගේ එහා පැත්තෙ අමු කන්ෆියුස්ඩ් වෙලා වගේ ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න හේශිතගෙ කරෙන් අත දාලා ඌව මන් ගාවට ඇදගත්තම උගෙත් මූණට පොඩි හිනාවක් ඇවිත් යනවා මම දැක්කා.

“මුගේ කෑල්ල බන්..සඳැස් අයියා.”

“ආ..අයියද ඉතින් දැන්? වෙනදා කැරි ඩයල් එකනෙ කිව්වෙ.” අපි හැමෝටම හිනා ගියේ නිශල්ක එක අතකින් හිලක් හදලා පෙන්නලා අනිත් අතේ මැද ඇගිල්ල ඒ හිල අස්සට යවනවා හේශිත්ට පෙන්නද්දි..

“වලත්තයෝ ඔය අත දාපන් පහළට! අර පොඩි එවුනුත් බල බල යනවා!” නිශල්ක ඒ මල්ලිලා දිහා බලලා ඇහැකුත් ගහලා අත් දෙක පහළට අරන් ඒවා සාක්කුව අස්සෙ ඔබාගත්තෙ හෙන වලත්ත හිනාවක් දාගෙන.

“අද හරිද අයියා මෝනින් ඩියුටි වලට ප්‍රයිමරි එකට ගිහින් පොඩි වටයක් දාලා එන්න..මතකනෙ අපිත් ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා වෙලා හිටපු කාලේ සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා එහෙම සැරින් සැරේ ආවා ගියා? ඒ යද්දි අයියාත් ඉතින් ආසාවට එකේ පංතියකට හොම්බ දාලා..පස්සෙ බුදු පහණ හතයි කාල වෙලත් හදලා තිබ්බෙ නිසා අයියා ඇතුළටම ගිහින් ඒ ආන්ටි කෙනෙක්ට උදව් කරන්න හරිද..පස්සෙ එක මල්ලි කෙනෙක් ඇවිත් අයියා මල් වට්ටිය අදන දිහා ටික වෙලාවක් බලන් ඉදලා..අයියත් ඉතින් ඒක දැකලා පාඩුවේ මල් ටික හදලා ආසාවට ඒත් හැබැයි අයියාට තේරුණාලු ඒ මල්ලි මොකක් හරි එයාගෙන් අහන්න බලන් ඉන්නවා කියලා. පස්සෙ මල් වට්ටිය හදලා ඉවර වෙනකන් ඉදලා ඒ මල්ලි අයියාගෙ කලිසමෙන් පොඩ්ඩක් ඇදලා අයියාට පාත් වෙන්න කියලා..මේ පොඩි කැරියා අයියා නැමෙනකන් ඉදලා අයියාගෙ කම්මුළට කිස් එකක් දිලා කියහන්කො! යකෝ මමවත් තාම එච්චර ලොකු පියවරක් අරන්නෑ..ඒත් මේපගයා මගේ කොල්ලාගෙ පිරිසිදුකම නැති කරලානෙ මට කලින්!” අපි කටත් ඇරන් හිටියේ නිශල්ක කියපු කතාව අහලා.

“උබ කිස් එකක්වත් දීලා නැද්ද බන් තාම?” නිශල්ක කටත් උල් කරන් ඔලුව වැනුවා.

“යකෝ මොනාද උබලා දෙන්නා ඉතින් අච්චර හැන්ගි හැන්ගි කියවන්න යන්නෙ එහෙනම්?”

“ඒ ඉතින් කතා කරන්නනෙ..අනික අපි එහෙම අතකින් හරි අල්ලන්නෙ අයියාගෙ කාර් එකේදි විතරයි.” සඳැස් අයියයි නිශල්කයි ඉන්නෙ පට්ට මැචුවර්ඩ් රිලේශන්ශිප් එකක කියලා මන් කලින් ඉදන්ම ලාවට තේරැම් අරන් හිටියට ඒක හරියටම මට තේරුම් ගියේ දැන්..අනික දැන් නිශල්ක වෙනදා වගේ ලැජ්ජත් නෑ. ඒ දෙන්නා අතරෙ මොකක් හරි ආතල් දෙයක් වුණොත් එවෙලෙම ගෲප් කෝල් දාලා කියන්නෙ. එවෙලෙට තමයි තනිකඩ අපේ හිතුත් මෝදු වෙලා එන්නෙ රෙද්ද! මන් ඒ ගමන ලාවට හිනා වෙලා හේශිත්ගෙ කොණ්ඩෙ ඉම්බා..මූ ඉතින් හැමදාම නාන එකානෙ.

අපි කට්ටිය ෆස්ට් ගේට් එකෙන් හේශිත්ගෙ තඩි කෑම බෑග් එක අරන්- බෑග් එකක් කිව්වට ඒකෙ සයිස් එක සූට්කේස් එකක් තරම් වගේ..එච්චරට විසාලයි. අපි ආයෙම අපේ ක්ලාස් එකට යන්න කියලා ගේට් එක ගාවින්ම තියෙන පාරෙන් යන්න හිතන් ඒ පැත්තට හැරුණා. මේක තමා ඉතින් අපේ සෙක්ශන් එකට යන්න තිබ්බ එකම සහා දිගින් අඩුම ශෝට් කට් එක.. මොකද අපේ ඉස්කෝලෙ ගැන කියනවා නම් ඒක පට්ටම ලොකුයි.. අපේ ක්ලාසස් හම්බවෙන්න කලින් අපිට මේන් හෝල් එක ඕල්ඩ් හෝල් එක බාස්කට් බෝල් කෝට් එක කියන සේර්ම පාස් කරන්න වෙනවා. අනික ඔය තුනම ඇති ඉතින් ඉස්කෝලෙන් හතරෙන් එකක් වගේ..ඉතින් හිතහන්කො ග්‍රවුව්ඩ් එකේ ඉදන් ෆස්ට් ගේට් එක ගාවට එද්දි..සැප තමයි සමයන්ති.

ස්කූල් බස් අල්ලන්න පනදාගෙන අපේ පැත්තට දුවන් එන කොල්ලොන්ට ඉඩ දීලා අපි හතර මේන් හෝල් පහු කරේ පට්ට බඩගින්නකින්..ඒ මදිවට මොකද මේ සෙනඟ? එක රවුමකට වගේ වට වෙලා මාර සෙනඟක්..මුන් අද ගෙවල් වල යන්නැද්ද? ඒ අස්සෙ කාගෙද මන්දා පට්ට බේස් වොයිස් එකකුත් ඇහෙනවා. ශුවර් එකටම ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙනිනැති..ඕවා ඉතින් මේ වෙලාවට හැමදාම වගේ වෙන දේවල්නෙ.. මාත් ඉතින් නිකන් ඉන්න බැරුවට ඉස්සරහා ඉන්න එකාගෙ උරහිස් වලට අත් තියලා ඇඟිලිතුඩු වලින් ඉස්සුණා..අම්මට සිරි ඒ ආර්යන් අයියා නේද?? ඔව් ඒ ආර්යන් අයියා තමයි..ඒ එක්කම කියව කියව හිටපු හැමෝම වගේ හ්ම්ම් සද්දයක් නැතුව එකපාරටම සයිලන්ට් වෙද්දි අපි කට්ටියට හිතාගන්න බැරි වුණේ ඉස්සරහා වෙන මොන මළදානයක්වත් අපිට පෙණුනෙ නැති නිසා.

“මොකක් හරි බිමට වැටුණා නේද?”

“ෆෝන් එකක් අහු වෙලා බන්.” නිශල්ක එහෙම අහපු එකට ඉස්සරහ හිටපු අපේ වයසෙ එකෙක් පොඩ්ඩක් සද්දෙට කිව්වම මට නිකන්ම තොල හැපුණේ කලබලේට..එතන වෙන කිසි දෙයක් මට පේන්නෙත් නෑ මන් දන්නෙත් නෑ. අනික ඔක්කොටම වඩා ආර්යන් අයියා හිටියේ තනියම..ඒක තමයි මෙතන දැන් තිබ්බ ලොකුම අවුල. මොකද එයාට දැන් මළපැන්නොත් මෙතන එයාව නවත්තන්න කිසි කෙනෙක් නෑ.

“අඩෝ නිස්සා මේ..උබ සඳැස් අයියාව එක්කන් ආවා නම් නරකද?” ආයෙම එකදිගට කෑ ගහලා බනින සද්දයක් ඇහුණමත් එක්ක හේශිත් ඒක කිව්වෙ මම වටපිට බලද්දි.. ටිකක් ඉස්සරහට යාගන්න පුලුවන් වුණා නම්- මන් බලන් ඉන්න බැරි තැන මගේ ඉස්සරහ හිටපු මල්ලිලා ටිකව විසිවෙලා යන්නම දෙපැත්තට කරලා කොහොම හරි ඉස්සරහට ආවේ මොකද්ද වෙන්නෙ කියලා බලා ගන්න- පොඩ්ඩක් ඉන්න..මේ කොල්ලා අපේ වයසෙ එකෙක් නේද? මන් මූව අපේ සෙක්ශන් එකේදි අනිවා කොහේදි හරි දැකලා තියෙනවා.. මන් ඒ එක්කම බිම දෙකට වෙන් වෙලා ගියපු ෆෝන් එකයි තව සුදු පාට පැකට්ස් වගේකුයි දැකලා මගේ එහා පැත්තට දාඩිය පෙරාගෙන ආපු හේශිත් දිහා බලන්න ගිහින් ආපහු මාරම වේගෙකින් ඒ පැකට්ස් දිහා බැලුවා..ෆක්!

“අඩෝ-” හේශිතයත් කතා කරගන්න බැරුව තාර පාරේ ඒ මේ අත විසිරිලා තිබ්බ ඒ පැකට්ස් දිහා බලන් ඉද්දි මන් අනිත් පැත්තට කෙලින්ම බැලුවේ ආර්යන් අයියා දිහා.. තරහට එයාගෙ හක්කේ ඉරි තුන හතර යන විදිහට එයා දත්මිටි කනවා කියන්න ඕන කෙනෙක්ට පේනවා. නිශල්ක දැන්ම සඳැස් අයියලා ගෙන්නුවොත් හොඳයි නැත්තන් මෙතන මොන විකාරයක් වෙයිද කියන්න මන්වත් දන්නෑ..මොකද ඕනම මනුස්සයෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවනෙ. අනික කලින් ස්පෝට්ස් මීට් දවසේ..දැන් මේක වුණාම? ඒ එක්කම මගේ ඇහි බැම තදටම ඇකිළිලා ගියේ ආර්යන් අයියා එයාගෙ අතක් සාක්කුවට දාගනිද්දි.. එයාගෙ අත ඒ වෙව්ලනවද?

“ඇතියාන්තම්!” සඳැස් අයියලා සෙට් එකම කඩාගෙන බිදගෙන මෙතනට ආවත් හරි ප්‍රිෆෙක්ට්ස්ලා හැමෝම මෙතන වටවෙලා හිටපු හැමෝවම කෑ ගහලා එළවගත්තෙ මන් දිගටම ආර්යන් අයියා දිහා විතරක්ම බලන් ඉද්දි.. එයා සඳැස් අයියාට වචනයක් දෙකක් කියලා එතනින් යන්න ගත්තම මම ටක්ගාලා තනුජයයි හේශිත් දෙන්නා දිහා බලලා උනුත් ඉන්නෙ අතන සඳැස් අයියලාගෙ සිහියෙන් කියලා ශුවර් කරගෙන එතනින් එන්න ආවේ ආර්යන් අයියා මේන් හෝල් එකේ පිටිපස්ස දොරෙන් ඇතුල් වෙනවා බලාගෙන.

කොහාටද ආර්යන් අයියා ගියේ?? මට හිතපු තරම් වේගෙකින් එතනින් පැනගන්න බැරි වුණේ සෙනඟ නිසා..කොහොම හරි සෙනඟ අස්සෙන් පැනගත්ත මන් හෝල් එකේ පිටිපස්ස දොරාන් ඇතුළ් වෙලාපහළ කොරිඩෝස් දෙකම බැලුවත් ඒ දෙකේම බලු බල්ලෙක් වත් හිටපු නැති තැන උඩට යන්න තිබ්බ පඩිපෙළ දිහා බැලුවා.. බැරිවෙලාවත් ඊයේ වගේ- ආ හරියට හරි! උඩහින් දොරක් මහා සද්දෙන් වැහුණම මම ටක්ගාලා පඩිපෙළ නැගගෙන ඇවිත් සවුන්ඩ් කන්ට්‍රෝලින් රූම් එක ගාවට ආවේ දෙපාරක් හිතන්නැතුව දොර අරිද්දි..හරියට හරි! මේ ඉන්නෙ..ලයිට්ස් දාලා තිබුණෙ නැති නිසා මට ආර්යන් අයියාව හරියට නොපෙණුනත් එයා දැන් ඉන්නෙ පුටුවේ ඉස්සරහට බර වෙලා අත් දෙකම කොණ්ඩෙ අස්සෙන් යවලා කරබාගෙන කියලා මට පෙණුනා.

“අයියේ?”

එතකොට ආර්යන් අයියාගෙ ඔලුව ලාවට හෙලවුණා මිසක් කිසිම උත්තරයක් මට ලැබුණෙ නැති නිසා මන් රූම් එක ඇතුලට ඇවිත් දොර ඇතුලෙන් වහලා මගේ එහා පැත්තෙ අස්සකට ගිහින් තිබුණ කැරකෙන පුටුව ඇදලා අරන් එයාගෙ පිටිපස්සෙන් වාඩි වුණා..කොහොමත් ප්රැක්ටිස් පටන් ගන්න තව වෙලා තියේ..අද දෙක හමාරටනෙ පටන් ගන්නවා කිව්වෙ. මන් ඔන්නොහේ මුලු සවුන්ඩ් රූම් එක දිහාම බලන්න ගත්තා.. යකෝ මන් අදනෙ මෙව්වා දැක්කෙ..කෑලි බෑලි ගොඩයි. ඉස්සර හේශිතයත් හිටියේ මේකෙ අස්සමයි මීඩියා මොකද්ද මඟුලක් අල්ලගෙන..අච්චර ඌ එක්ක ඇවිල්ලත් මන් මේ දේවල් දිහා ඕනෑකමකින් බැලුවෙ නෑ. ශේප් එකේ මම අත දික් කරලා එතන තිබ්බ කන්ට්‍රෝලර් එකේ ස්ක්‍රීන් එක අල්ලලා බැලුවා..අපරාදේ ලයිට් එක දාලා තිබ්බානම් මරුවට බලාගන්න තිබුණා.

“ප්රැක්ටිස් යන්නැද්ද?” හත්තික්කේ! ඔහොමත් බය කරනවද යකෝ?! මාව ගැස්සිලා ගියේ ඒ කටහඬේ ගොරෝසුකමට..

“වෙලාව තියෙනවා තව.” කොණ්ඩෙන් අත් දෙක අරගෙන ආර්යන් අයියා පුටුවේ පිටිපස්සට බර වෙලා මන් ඉන්න පැත්තට පුටුව හරවලා ගත්තම මම ටක්ගාලා ස්ක්‍රීන් එක උඩින් තිබ්බ අත අරගෙන බිම බලන් කකුළ් දෙක වනන්න ගත්තා..මේ පුටුවේ වාඩි වෙච්ච එකා බොරු කකුළ් කාරයෙක්ද මෙච්චර උඩට පුටුව උස්සලා තියෙන්නෙ? මගේ කකුළ් දෙක බිම ගෑවෙන්නෙත්නෑ රෙද්ද!

“ඇයි ආවේ?” මෙන්න මාර වැඩක්?! ඇයි දැන් මට එන්න බෑද? මෙහෙමයි..මට වැඩක් නෑ තමයි ඒත් මන් ආවා නේ..ඒක වටින්නැද්ද මන් අහන්නෙ? à·„à·„à·Š! මන් නහය පුම්බගෙන ආර්යන් අයියා දිහා බලලා හෙන ජජ්මෙන්ටල් ලුක් එකක් දුන්නා.

“ඇයි මේකෙ ඔයාගෙ නම ගහලා තියෙනවද? මට ඕන්නම් මන් එනවා.” මම දිව දික් කරලා පුටුවෙ රවුමක් කැරකුණා.. මේක ශෝක් අනේ! ඉස්සර මට ගෙදරත් තිබ්බෙ මේ වගේ කැරකෙන එකක්. කොහෙද ඉතින් අර මහේන් කාරයා මන් පාඩම් කරන්නැතුව දවසෙන් බාගයක්ම කරන්නෙ පුටුවේ කැරකෙන එක කියලා ඒක අයින් කරලා මට නිකන් පුටුවක් දුන්නා. ඉරිසියයි කියලා ඔහොමත් කරනවද බම් මන් අහන්නෙ?

ඒ ගැන හිත හිතා මම තව වටයක් කැරකෙන්න කියලා හිතලා කකුළ ආයෙම පාරක් බිමට තියලා පොඩි පුශ් එකක් දෙන්න හදද්දි පුටුව එකපාරටම ගැස්සිලා වගේ නැවතුණත් හරි මන් කෙලින්ම පුටුවේ පිටිපස්සට බර වුණා..මොකද ආර්යන් අයියා දැන් හිටියේ මට ගොඩක් ලන් වෙලා. කොච්චර ලඟද කියනවානම් මට එයාගෙ කටේ මින්ට් සුවඳ පවා එනවා..

“උගන්නන වෙලාවෙ කාඩ් ගහලා ආයේ අහු වෙන්නෙපා.” මම ආර්යන් අයියාගෙ අත් දෙක අල්ලලා පුටුව පිටිපස්සට කරගන්න හැදුවත් පුටුව පිටිපස්සට ගියපු වේගෙන්ම මාව ආයෙම ඉස්සරහට ඇදිලා ගියේ ආර්යන් අයියා ටක්ගාලා මගේ කකුළ් දෙක එයාගෙ කකුළ් දෙක මැද්දට අරන් මට හෙළවෙන්නවත් බැරි වෙන විදිහට ඒවා හිර කරගනිද්දි.. මේ රග්බි කියලා හිතුවද??

“කතා කරන්න බැරිද?”

“හරි හරි දැන් අතාරිනවා ඉතින්!” මන් තාමත් හිටියේ එයාගේ අත් දෙකෙන් අල්ලගෙන ඒවා මගේ පුටුවෙන් අයින් කරගන්න බැරුව..කොච්චර තදට මන් ඒවා අල්ලන් හිටියත් ඒකෙන් වැඩක් වෙන්නැති නිසා දත් මිටිකාගෙන මන් මගේ කකුළ් දෙකෙන් ආර්යන් අයියාගෙ කකුළ් දෙක ඈත් කරන්න හැදුවත් ඒවා දශමයක්වත් හෙළවුනේ නැති තැන මන් සේරම අතෑරලා දාලා ආර්යන් අයියා දිහා තරහෙන් බැලුවා.

“මන් ආයෙම කරන්නෙ නෑ.” ලැජ්ජාව පැත්තකට දාලා මන් ආර්යන් අයියා දිහා කෙලින් බලාගෙන මේ පාර කතා කරේ මගේ කටේ සද්දෙ බාල කරලා. මොකද නැත්තන් මන් ඕක මගේ ඇටිටියුඩ් එක හලලා කියනකන් මෙයා මේක අතාරින්නෙ නෑ කියලා දැන් වෙද්දි මන් හොඳටම තේරුම් අරන් හිටියේ..ඒ කොහොම වුණත් හිතුවා වගේම ආර්යන් අයියා එයාගෙ කකුළ් දෙක ඈත් කරේ මන් ඊළඟ තත්පරේම එයාගෙ අත් දෙක ගස්සලා දාලා පුටුවෙන් නැගිටිද්දි..තවත් ලැජ්ජා වෙන්නෙ මොකටද? අනික මටත් ප්‍රයිඩ් එකක් කියලා දෙයක් තියෙනවනෙ. එළියට යන්න හිතාගෙන මන් අනිත් පැත්ත හැරිලා ඩෝ එකේ හැඩ්ල් එක ඇල්ලුවත් ඊළඟ තත්පරේ මන් දන්නෙ මගේ අනිත් අත තවත් අතකට තද වෙලා කියන එක. මන් උඩට ලොකු හුස්මක් ඇදලා ගත්තා..ඇත්තමයි මට මෙයාව නම් තේරුම් ගන්නම බෑ.

“කීයටද ප්රැක්ටිස්?”

“දෙක හමාරට.” මන් තාමත් හිටියේ දොර දිහා බලාගෙන.. මොන මඟුලක්ද! තිබ්බ තරහත් නැති වුණා මේ යකා ඒක අහපු විදිහට..! මේ මනුස්සයා නම් දැන් ඕනාවට වඩා වැඩියි.

“එහෙනම් තව ටිකක් ඉන්නවද?” ශිට්! මන් ඇස් දෙක වහගත්තා..හොඳ වෙලාවට මන් දොර පැත්තට හැරිලා ඉන්නෙ! නැත්තම් මෙලහකට මන් මේ වෙලාවට හැසිරෙන්න ඕන විදිහ දන්නැතුව හාට්ඇටෑක් එකක් හදාගෙන මැරිලා ගිහින් තියේවී..මන් ආපහු ආර්යන් අයියා ඉන්න පැත්ත හැරිලා ඔලුව වැනුවත් එයා මගේ අත අතෑරියේ නැති වුණාම මම ලාවට එයාගෙ අත තද කරේ එයා හෙමීට මගේ අත අතාරිද්දි.. මේ මනුස්සයා රග්බි ගහලත් කොහොමද අත මෙච්චර සිනිඳු?? යකෝ මගේ දකුණු අතේ කරගැටත් ඇවිත්..සැක්! මටම තමයි මේ වගේ ලබ්බක් වුණොත් වෙන්නෙ..අර තනුජයාගෙවත් වෙන්නෙනෑනෙ!

ආයෙම අර පුටුවෙන් වාඩි වෙලා මන් ඒ පාර ආර්යන් අයියා දිහා බැලුවා..එයා හොඳට එයාගෙ අල්ලෙ රටා ඇඳ ඇඳ වෙනමම කල්පනාවක වෙද්දි මන් කරේ එයා දිහා දිගටම බලන් හිටපු එක. ඇත්තටම එයා කොහොමද මේවා දරාගන්නෙ? මන් අහන්නෙ අච්චර දෙයක් වෙලත් එයා මාත් එක්ක කිසිම කහටක් නැතුව කතා කරපු එක ගැන. මන් දන්නවා ඒවට මගේ සම්බන්ධයක් නැති වග..ඒත් මන් අහන්නෙ අඩුම ගාණේ වෙන මනුස්සයෙක්ට ඔහොම වුණා නම් අඩුම මූණ බැලුවමවත් තේරෙණවනේ මේ ඉන්නෙ වෙනදා ඉන්න මනුස්සයා නෙමෙයි කියලා..මන්දා මට වගේ වුණානම් මන් හතරවටේටම ඉන්න මිනිස්සුන්ට දැන් බැනලා ඉවරයි. ඒකත් හරි කියමුකෝ මන් හිතුවේ අර කාඩ් සීන් එකට මට මෙයා දැන් මෙතන දමාගෙන බනීවි කියලා..එහෙමනෙ සාමාන්‍යෙන් හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාම නේද? හරි ඉතින් ආයෙ කරොත් මකබාවලා දාන ලුක් එකක් දුන්නා තමයි. අනික මාත් ඉතින් වචනයක් දුන්නොත් ඒක රකින්න පොඩි කාලේ ඉදන් පුරුදු වෙලා ඉන්න එකේ ඒක ගරන මට ආයේ හිතන්න දෙයක් නෑ. සැක්! මෙයා ගැන හිතන්න මට ඉන්ෆිනිටි වොච් එකක් දුන්නත් මදියි අප්පා!

විනාඩි පහක් ගිහිනුත් තාම ආර්යන් අයියා කිසිම සද්දයක්වත් නැතුව බෙල්ලත් නමාගෙන අල්ල පුරා ඇගිල්ලකින් මොනාදෝ කරනවා. සමහර විට එහෙමද එයා තරහා නිමාගන්නෙ? මම නම් චිත්‍රයක් අඳිනවා නැත්තම් ගෙදර හිටියොත් ගිටාර් ගහන එක තමයි කරන්නෙ..පුටුවේ පිටිපස්සට බර වෙන ගමන් මන් තවත් හොඳට ආර්යන් අයියා දිහා බලන් උන්නා..දැන්නම් හැබැයි කලින්ට වඩා මූණ ටිකක් සැහැල්ලු පාටයි. කලිනුත් ඉතින් ප්‍රශ්නයක් නෑ වගේ හිටියට ඇස් දෙක දිහා බලන් ඉද්දි අමුතුම ප්රෙශර් එකක් දැක්කෙ නැතුවම නෙවෙයි..අනේ මන්දා. එක්කෝ ආර්යන් අයියා එයාගෙ ප්‍රශ්න හන්ගන්න මාරම විදිහට දක්ශයි..නැත්තන් කොහොමද මෙහෙම ඉන්නෙ? ඉස්කෝලෙක හෙඩ් ප්‍රිෆෙක්ට් වෙනවා කියන්නෙ මාරම රෙස්පොන්සිබිලිටි එකක්..අනික මේක බෝයි ස්කූල් එකකුත් නිසා කොල්ලො කරන අමු පජාත වැඩ ඔක්කොම එන්නෙ ආර්යන් අයියාගෙ උරහිසට..මට නම් තේරෙන්නෙ නෑ මෙයා මේවා කොහොම නම් ඉවසන් ඉන්නවද කියලා..හැබැයි තව එකක්. ආර්යන් අයියා ප්‍රශ්න හන්ගන්න දක්ශ වුණත් එයාට තරහා අතින් නම් සෑහෙන්න බලන්න තියෙනවා. මොකද එයා දැනුත් මේ මේකක් අස්සෙ ලැගලා ඉන්නෙ දුකටවත් වෙන ගොන් දෙයක් නිසා නම් නෙමෙයි කියන එක හොඳටම පැහැදිලියි. එයාට තාම තරහා ගියාම කන්ට්‍රෝල් කරගන්න බෑ.

මන් මේවා තේරුම් ටික ටික තේරුම් අරගත්තට එයාගෙන මේ ගැන අහන්නවත් යන්නෙ නැත්තෙ ඒක මට අදාල නැති නිසාවත් වැඩක් නැති නිසාවත් නෙමෙයි..මන් එහෙම බලෙන් ප්‍රශ්න අහන්න අකමැති නිසා. අනික ඔක්කොටව වඩා කවුද දන්නෙ එයා එහෙම අහනවට අකමැති කෙනෙක්ද කියලා? කොහොමත් කවුරු වුණත් මට එහෙම හිත් වලට වදයක් වෙන්න හිතෙන්නෙ නෑ. දැන් වුණත් එයා ඉන්න විදිහෙන් කියන්න පුලුවන් එයා සද්ද නැතුව මෙහෙම ඉන්නයි කැමති කියලා. නැත්තන් වෙන කෙනෙක්නම් දැන් ඒ ගැන කතා කරලා ඉවරනෙ. ඒ එක්කම මගේ හිතට මරු අදහසක් ආවේ නිකන්ම මගේ මූණට හිනාවක් ඇවිත් යද්දි..

“පෑනක් තියෙයිද?” මන් ආර්යන් අයියාගෙ අල්ල දිහා බලන් ඇහුවම එයා කර කර හිටපු එක නවත්තලා මන් දිහා බලලා ඔලුව වැනුවා.

“දෙන්නකො.” මගේ කටට නිකන්ම හිනාවක් ආවේ ආර්යන් අයියා එයාගේ සාක්කුවෙන් පෑනක් ඇදලා ගත්ත හැටි දැකලා.. මේ ටිකකට කලින් යකෙක් වැහිලා වගේ හිටපු මනුස්සයාම නේද කියලා මතක් වෙද්දි මම හිතලාම ඒ හිනාව හන්ග ගත්තෙ ආර්යන් අයියා මන් දිහා බලලා පෑන දික් කරපු පාරට.

“අත දෙන්න.”

“ආ?” මන් දිහා අතරමං වෙච්ච බලු පැටියෙක් වගේ ආර්යන් අයියා ඇස් දෙකත් ලොකු කරන් බැලුවම මම ඇස් දෙක රෝල් කරලා මගේ පුටුව ආර්යන් අයියා ගාවට ලන් කරගත්තා.

“අත අත..” මන් බැරිම පාර අත ඇදලාම අරන් මගේ කකුළ උඩින් තියා ගත්තෙ පෑනත් එක්කම අතට බර වෙනගමන්. හ්ම්ම්.. ඇගිල්ලක පැත්තෙ ඇන්දනම් හරි..මොනා වුණත් අපේ හෙඩානෙ.

“බීප්..බීප්..බීප්..බීප්..”

“බීප්..බීප්..බීප්-” විනාඩි පහක් විතර තිස්සෙ එක දිගට කන ගාව සද්දෙට දෙදරන්න ගත්ත ෆෝන් එක නිදිමතේම මන් අතට අරගත්තෙ ඇස් දෙකවත් අරින්නෙ නැතුව.. ඒලාම් එක ඕෆ් කරලා දාලා ෆෝන් එක ආයෙම පැත්තකට විසි කරලා දාන ගමන් මන් මගේ කොට්ටෙ බදාගෙන මුණින් අතට හැරුණා.

“Ringing…”

“මොන මඟුලක්ද!” ඒ සැරේ ඇස් දෙක අමාරුවෙන් ඇරලා මන් කෝල් එක ආන්සර් කරලා ලවුඩ් ස්පීකර් දාලා ඉවරවෙලා ෆෝන් එක පැත්තකට විසි කරා.

“හ්ම්ම්..” කොට්ටෙ අස්සෙ මූණ ඔබාගෙන කකුළ් දෙකත් සනීපෙට දෙපැත්තට දාලා මන් අත් දෙක දෙපැත්තට කරේ හිරි අරින ගමන්. කෝ ඒපාර මොකද මූ කතා කරන්නැත්තේ?

“කියපන් ඉතින්..මන් නැගිට්ටා.” මන් ඔලුවට අත් දෙක තියාගත්තෙ සනීපෙට..හනේව්ව් මට නැගිටින්න බෑ අප්පා!

“නිදිද?” මන් එහෙම්මම හිටියා..නෑනෙ මන් මේ කුඹුරේ වී හිටවන ගමන් ඉන්නෙ කොහෙද ඉතින් මුන්ට ඒවාගෙ ගාණක් නෑනෙ හිතෙන හිතෙන වෙලාවට කෝල් ගන්නවා. සක්කිළි හැත්ත! හැබැයි තනුජයා අද වෙනදාට වඩා සයිලන්ට්දත් මන්දා.. නැත්තන් මෙලහකට දාහක් දේවල් කියලනෙ? පව් හැබැයි මොකද මන්මනෙ මූට මාව නැගිට්ටවන්න කියලා කිව්වෙ.

“ආදිල්?” ඒපාර මන් සොනික්ට වඩා වේගෙන් ඔලුව උස්සලා ෆෝන් එක අතට අරන් කෝලර් අයි ඩී එක බැලුවා. අම්මටසිරි..මන් සුටුස් ගාලා බද්ධ පර්යන්කයට ඇවිත් ඉදගත්තා.

“අ..ආ..මන් හිතුවේ තනුජයා කියලා.” කොල් ඩියුරේශන් එක තත්පරෙන් තත්පරේට වැඩි වෙන විදිහ මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ අදහාගන්න බැරුව.

“නිදිමත නම් නිදා ගන්න මන් පස්සෙ ගන්නම්.”

“නෑ නෑ එපා මන් දැන් ඇරිලා ඉන්නෙ..කොහොමත් මන් තනුජයට කියලා තිබ්බෙ මාව ඇහැරවන්න කියලා ඒත් මන් හිතන්නෙ ඌව ඇහැරවන්න වෙන්නෙත් මට.” ඒගමන මට ෆෝන් එකේ අනිත් පැත්තෙන් ලාවට හිනාවක සද්දයක් ඇහුණා..ඊට වඩා ආර්යන් අයියාගෙ කටහඬ ෆෝන් එකෙන් ඇහෙන්නෙත් මාරම ගැඹුරු විදිහට.

“ඇයි ඒලාම් තියන්න බැරිද?” ෆෝන් එක දිහා බලාගෙන කොටට කපපු කොණ්ඩෙ අස්සෙන් මන් මගේ අත වේගෙන් උඩට පහළට ගෙනාවේ වෙන කරන්න දෙයක් හිතාගන්න බැරුව. හෙහේ..ඒලාම් පහක්ද කොහෙද තියලා වදින වදින සැරේට ඒක ඕෆ් කරපු මම.

“ඒවට ඇහැරෙන්නෙ නෑ අප්පා.”

“හ්ම්..අන්කල් ආවද?” මන් නෑ කියන්න ඔලුව වැනුවා.

“තාම නිදිමතේද ඉන්නෙ?” ආ ශීට් මේ කෝල් එකක්නෙ!

“නෑ නෑ..නන්ගිට අද එක්සෑම් එකක්. ඒක ඉවර වෙලා එද්දි රෑ වෙන නිසා මට නිදා ගන්න නැති වෙයි කියලා හෙට කිව්වා එන්නෙ.”

“පන්සල් ගියේ නැද්ද එතකොට?”

“නෑ..හෙට ඉස්කෝලෙට එන නිසා බෝධියටම යනවා.” ඒක කිව්වට පස්සෙ තත්පර ගාණක් යනකන් ආර්යන් අයියා කතා කරේ නැති නිසා මන් ඇදෙන් බැහැලා කාමරෙන් එළියට ආවේ පහළට යන්න බලාගෙන..

“මාමා රෑට උයලද තාම?”

“තාම පහයි කාලයිනෙ..මාමා හතට වගේ තමයි උයන්න ගන්නෙ..ඇයි?” මගේ නිදිමත දැන් වෙද්දි හොඳටම ගිහින් තිබ්බෙ..මොකද ආර්යන් අයියා මේ අහන්න ගත්ත ප්‍රශ්න නිසා කවදාවත් නැතුව මාව නිකන් ගිණි උඳුනක තියලා වගේ රත් වෙන්න ගත්තා..අනික මේ පහු වෙච්ච සතියටම මන් ගැන කට්ටිය හොයලා බැලුවේ නැතුව නෙවෙයි. විශේෂයෙන් ශවිරු අයියා..එයා හිටියෙම මගේ ගෙදර. ඒත් අද එයාට අනිද්දා තියෙන බිග් මැච් එක ගැන කතා කරන්න අන්කල්ව හම්බවෙන්න යන්නම වුණා..නැත්තන් අදත් එයා මෙහෙ ඉන්න හිටියේ. ඒක එහෙමයි කියමුකො..ඒත් ආර්යන් අයියා මෙහෙම දේවල් අහන එක මට මාරම අලුත්..අලුත් කියන්නෙ එයා මේ වගේ දේවල් අහපු පළවෙනි පාරත් මේකද කොහෙද.

“එහෙනම් වොශ් දාලා සුදු ඇඳුමක් ඇදගන්න..මන් විනාඩි දහයක් යද්දි ඔතනට එනවා.” රේලීන් එක අල්ලන් පඩිපෙළ බහින ගමන් හිටපු මම එකපාරටම රේලීන් එක තද කරලා අල්ලන් නැවතුණේ ආර්යන් අයියා ඒ කියපු එක අහලා.

“ඔයා එනවද?”

“හ්ම්ම්..පන්සල් යන්නැතුව මැච් ප්ලේ කරන සිරිතක් තියෙනවද ආදිල්? ටක්ගාලා ඇදගන්න මන් එනවා.” ඒ එක්කම කෝල් එක කට් වුණේ මම පහළට යන්නැතුව ඒ ගමන්ම අනිත් පැත්තට මගේ කාමරේට දුවද්දි.

විනාඩි විස්සකට විතර පස්සෙ මන් කලබලෙන් වොශ් දාන්න කලින් එළියට අරන් තියපු සුදු ශර්ට් එකේ බොත්තම් තනි අතකින් දාන ගමන් ඇද උඩ තිබ්බ ෆෝන් එකත් අරන් ඉක්මණට කාමරෙන් එළියට ආවේ දැනටමත් විනාඩි දහයක් විතර මන් පරක්කු නිසා.

“ඔව් නේද පුතේ..ඉතින් පුතාට තව සහොදරයෝ එහෙම ඉන්නවද?”

“ඔව් මාමේ අයියා කෙනෙක් ඉන්නවා.” මන් උඩම බොත්තමත් දාගෙන සාලෙට ආවාම දැක්කෙ ආර්යන් අයියයි මාමායි සෝෆා එකේ වාඩි වෙලා හොඳ කයියක ඉන්නවා.

“ආ ඔය එන්නෙ..පුතාලා එහෙනම් තව පරක්කු නොවී යන්න.”

“අපරාදේ මාමාටත් එන්න තිබ්බනේ.” මම ආර්යන් අයියා දිහායි මාමා දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.

“ඇයි මාමාට එන්න බැරි?” ආර්යන් අයියා වාඩි වෙලා උන්නු තැනින් නැගිට්ටමත් එක්ක මන් සෝෆා එකේ වාඩි වෙලා උන්නු මාමා දිහා ඇහි බැම අකුළන් බැලුවා.

“හෙට පුතාට ගෙනියන්න කෑම හදන්න තියෙනවා ලොකු පුතා..අනික හෙට පොඩි දූලාත් එන නිසා කාමර අස් කරන්නත් තියෙනවා..ඇරත් මන් මේ පුතාව කොහොම හරි මාලිගාවට එක්ක යන්න කියලා හිතන් හිටියේ..හිතට හරිම දුකක් තිබුණේ මොකද අපේ මහත්තයා හිටියා නම් දැන් පුතාව ඔය අනුරාධපුරේ හරි එක්ක යනවානෙ.. හොඳ වෙලාවට මේ පුතා ආවේ නැත්තන් මට නින්දක් නැතිවෙනවා මේ ගැන හිතලා. මාත් එක්ක තරහා නෑනේද මගේ පුතා” මන් ඇස් දෙක රෝල් කරලා හිනා වුණේ මාමා ඇවිත් මගේ ඔලුව අතගාන්න ගත්ත නිසයි. හයියෝ මාමේ ලැජ්ජා හිතනෙවනේ..ආර්යන් අයියත් ඉන්නවා මෙතන.

“නෑ නෑ වදේ..මන් කොහොමත් ඉතින් දන්නවා පොඩි කාලේ ඉදන් මට වෙනස්කම්- ආව් ආව් හරි හරි විහිළුවක් බන් කරේ!” මම කනත් අල්ලන් එහාට වුණා.

“හා හා දැන් දෙයියන්ගෙ පිහිටෙන් ගිහින් එන්න..මන් පුතාලාට කෑම හදලා තියන්නම් ආවම කන්න.” මාමා මේසෙ උඩ තිබ්බ වේවැල් බෑග් එකක් ආර්යන් අයියාගෙ අතට දුන්නම මන් ඒ මොකද්ද කියලා අහන්න ආර්යන් අයියා දිහා බලලා ඔලුව ලාවට ඉස්සුවම එයා මාව ගණන් ගන්නෙ නැතුව මාවත් පාස් කරන් එළියට ගියා..මූ යකොව්!

“මොනාද ඒ?” මන් මාමා දිහා බැලුවා.

“පූජා කරන්න දුන්නෙ. නැත්තන් මෙන්න බුදුන් මන් ආවා කියලා වැදලා එන එකනෙ ඔහේ කරන්නෙ.” මම මාමාට රවලා එළියට එන්න ආවා. මාව හැමෝටම දැන් විහිළුවක් වෙලා.

කාර් එක වත්තෙන් එළියට රිවර්ස් කරනකන් ඉදලා ගේට්ටුවත් වහගෙන මන් කාර් එකට නැගලා ඉවර වෙලා සීට් බෙල්ට් එක දාගත්තෙ එහා පැත්තෙ ඉන්න කෙනාව තඹ සතේකටවත් ගණන් ගන්නැතුව. හහ්! වැරදි එකාට ලොකු සීන් දැම්මෙ.

“මොකද කතා නැත්තෙ?” කාර් එක ලේන් එකෙන් එළියට ගත්තත් එක්කම ආර්යන් අයියා ඒක ඇහුවම මන් ඇහුණේ නෑ වගේ මගේ ෆෝන් එක අතට ගත්තා..ටික් ටොක් යනවද නැත්තන් ඉන්ස්ටග්‍රෑම් යනවද?

“ඒයි මැට්ටස්.”

“මොකද වදේ!” මන් නළල අල්ලගත්තා..ගහන එකමයි කරන්නෙ මේ යකා.

“ඉතින් අහපු දේට උත්තර දුන්නා නම් ඉවරණේ.”

“දැන් මාත් කලින් ප්‍රශ්නයක් ඇහුවේ..කෝ ඒකට උත්තර දුන්නද?”

“මොන?” හතරමං හන්දියෙන් දකුණු පැත්තට සිග්නල් දාලා දකුණු පැත්තෙන් එන එවුන්ටවත් ඉඩ නොදී ආර්යන් අයියා කාර් එක කපලා ගත්තම මම කටත් ඇරන් ඒ දිහා බලන් හිටියා.. ශුවර් එකටම හොර ලයිසන්ස් තමයි.

“කෝ? මොකද්ද?”

“මොකද්ද?” ඒ පාර ආර්යන් අයියා මන් දිහා එතපාරටම බැලුවම මම දන්නෑ වගේ ආයෙම ෆෝන් එක දිහා බැලුවා.

“දැන් මොකද්ද වුණේ කියලා කියන්නෙ නැද්ද?” මන් ඔලුව වැනුවා.

“මුකුත් වුනේ නෑ ඉතින්.” මන් ෆෝන් එක පැත්තකින් තියලා ආර්යන් අයියා දිහා බලන ගමන් දත් තිස් දෙකම දාලා හිනා වෙලා කකුළ් දෙක වනන්නගත්තම ඉස්සරහා බලන් හිටපු ආර්යන් අයියා මන් දිහා බලලා ආයෙම ඉස්සරහා බැලුවත් තත්පරයක් යන්න කලින් ආයෙම මන් දිහා බලලා එකපාරටම ගෑස් එක පෑගුවේ අනිත් පැත්තට හයියෙන් බ්රේක් එක ගහද්දි.. ඒ මොකද්ද ඒ වුණේ?? අර ඉස්සරහ බයික් එකේ හිටපු කොල්ලො දෙන්නත් හැරි හැරි අත දික් කරා..ඇයි ඉතින් මස්ටෑන්ග් එකෙන් එන්නෙ කන ගැලවිලා යන තරම් සද්දයක්නෙ. මාත් ඒ ගමන්ම ආර්යන් අයියා දිහා බැලුවා.. නුවරඑළියේ මොටර් ක්‍රොස් එකේ කිව්වා නේද කලින්? මෙහෙමද දන්නෑ ට්‍රැක් එකෙත් රේස් කරන්නෙ.

කොහොමහරි ට්‍රැෆිකුත් නැති නිසා අපිට ටක්ගාලා මාළිගාවට එන්න පුලුවන් වුණා..සෙරප්පු දෙක ආර්යන් අයියාගෙ කාර් එකෙන්ම තියලා මායි එයයි ඇතුළට යන තැන තිබ්බ මල් ගන්න තැනින් නිල්මානෙල් මලුයි සුදු නෙළුමුයි අරන් ඇතුළට ඇවිත් වැදලා ඔත්කොම කරලා ආයෙමත් මළුවට ආවේ මගේ කීමට.. මොකද මෙතන තමයි ඉතින් මගෙයි නන්ගිගෙයි ආසම තැන. අනික අපි ගත්ත මලුත් ටිකක් ඉතිරි නිසා මෙතන්ටම ඒවා ටික පූජා කරන්න පුලුවන්.. ඊටවඩා තාම හවස නිසා මළුව නම් හැමදාම වගේ සෙනඟින් පිරිලා ගිහින් තිබුණේ.. කොහොමත් ගොඩක් අය දැන් දැන් එන්නෙ අව්ව බැහැලා ගියාට පස්සෙ..තේරුම් ගන්න පුලුවන් ඉතින්. මොකද මේ වෙලාවට මළුවට එනවා කියන්නෙ පට්ටම සනීපයක්..ආයේ එළිවෙනකන් ඉදිතෑකි මේ වෙලාවට ආවොතින් නම්..ආර්යන් අයියා සුදු නෙළුම් මල් වල නැටි ටික කඩලා මට දුන්නට පස්සෙ මන් ඒවා පූජා කරලා වැදලා ආයෙම දෙන්නත් එක්කම එළියට ආවා.

“ආදිල් පොඩ්ඩක් ඉන්න.” මන් බොධීන් වහන්සේ ගාව ඉදගන්න හදලා තිබුණු බංකු ගාවට යන්න කියලා හැදුවත් ආර්යන් අයියා කතා කරපු නිසා මන් පිටිපස්ස හැරිලා බැලුවම දැක්කෙ එයා සාක්කුව අස්සට අත දාගන්න බැරුව දඟලනවා..අත දාගන්න පුලුවන්ද ඉතින් අත් දෙක පිරෙන්නම බඩු තියෙද්දි?? එක අතක ෆෝන් එකයි වොලට් එකයි අනිත් අතේ මාමා දීපු වේවැල් බාස්කට් එකයි තව ඉතිරි වෙලා තිබ්බ නිල්මානෙල් මල් දෙකකුයි..දෙන්න කිව්වට අහන්නෙත් නෑනෙ ඉතින් මේ මනුස්සයා! ඔක්කොම බදාගෙන ඉන්නවා..දැන් බලනවා අර සාක්කුවේ මොකද්ද රෙද්දක් හොයාගන්නවත් බෑ ඒ තරම් අත් දෙකේ බඩු.

“ඕක දෙන්න මට!” මන් වේවැල් බාස්කට් එක ගන්න හැදුවම මේ යකා මට එරෙව්වා..අනේ මටත් හොඳ වැඩේ පැන පැන දෙනවට.

“ඇයි මේකත් නැති කරගන්නද?” මොකක් කිව්වා?? මාමා ඒකත් කියලද? ඒක තමයි එහෙනම් කලින් මම ගෙදරදි ඔය මොනාද කියලා ඇහුවම උත්තර දෙන්නවත් කරදර වුන්නැත්තෙ. මගේ ගෙදර මිනිස්සුන්ටත් මාව පල් කරන්න චාන්ස් එක තියනවනම් අතයි පපුයි ඔක්කොම දාලා දෙන්නෙ. සැක්!

“ආ එහෙනම් මේ ටික දෙන්න මන් සාක්කුවේ දාගන්නම්.” මන් අර කලින් කියපු දේට කිසිම රිඇක්ශන් එකක් නොදී ආර්යන් අයියාගේ අනිත් අතේ තිබ්බ ෆෝන් එතයි වොලට් එකයි අරන් මගේ සාක්කුව අස්සෙ ඔබාගත්තා. මූත් මාර වුකන ලයින් තමයි දෙන්නෙ..අර වේවැල් බාස්කට් එකට ලක්ශ ගාණක ෆෝන් එකයි ටොම් ෆෝර්ඩ් වොලට් එකයි දුන්නු හැටි.

“ආ මේක මේ රෙදි කෑල්ලෙ ගැට ගහන්න.” මන් එයා කියපු විදිහට රෙදි කෑල්ල අරන් ඒක හරි මැදින් කාසිය තියලා ගැට ගහන්න කියලා හදද්දී ආර්යන් අයියා ටක්ගාලා මගේ අතින් අල්ල ගත්තෙ හරියට මන් එයාගේ කාසිය හොරකම් කරන්න ගියා වගේ..

“වැඩ්ඩා වගේ ගැට ගහන්නෙ දන්නවද ඔය මොකද්ද කරන්නෙ කියලා.” මන් ඔලුව වැනුවා.

“බාරයක් වෙන්නනෙ.” ඒපාර ආර්යන් අයියා මගේ අත උඩින් තියාපු අත අරන් හෙමීට ඔලුව වැනුවා.

“ප්‍රාර්ථනාවක් කරාද ඉතින් එච්චර ඉක්මණට?”

“ඒ මොකටද?”

“යකෝ- උබ බාර වෙලා නැද්ද මීට කලින්?” මන් ඇස් දෙකත් ලොකු කරන් ආර්යන් අයියා දිහා බලන් හිටියා.

“කෝ ඕක දීලා මේක අල්ලගනින්! බාස්කට් එක නැති කරගන්න එපා මාත් එක්කම ඉන්න.” ආර්යන් අයියා මගේ අතට බාස්කට් එක දීලා මගේ අතින් අල්ලගෙන මාව බෝධීන් වහන්සේ ගාව බාර වෙන තැනට එක්ක ආවා..

ආර්යන් අයියා හරි පරිස්සමට අර රෙදි කෑල්ල මැද්දෙන් කාසිය තියලා මොනාදෝ මන්දා කට යටින් කිය කිය ඒ කාසිය රෙදි කෑල්ලට හොදට තද වෙන්න තියලා ගැට ගහලා ඒක ඇස් දෙක වහගෙන නළල ගාවට ගෙනත් ඉවර වෙලා අර බාර එහෙම ගැට ගහලා තිබ්බ තැන හොඳ ඉඩක් තියෙන තැනක් තෝරලා ඉවර වෙලා මගේ දිහා බලන්නෙ නැතුවම මගේ අත අල්ලලා ඒක ගෙනත් අර පඬුරෙ උඩින් තිබ්බම මම එයා දිහාම විතරක් බලන් හිටියා.. ඊටපස්සේ ආර්යන් අයියා මගේ අත අතෑරලා ඉවර වෙලා පඬුර ගැට ගහලා බෝධිය පැත්තට හැරිලා වැන්දම මමත් ඒ දිහා බලාගෙන එයා කරපු විදිහටම වැන්දෙ කටට ආපු හිනාව හන්ගගෙන.

අම්මා නැතුව නන්ගිව මෙච්චර කාලයක් තාත්තෙක් වගේ බලා ගත්ත මන් බාරයක් ගැට ගහන්න දන්නෑ කිව්වොත් බොරුවක් නේද? ඉතින් මටත් ආස හිතුනා ඉතින් කවුරු හරි මන් ගැනත් ඒ විදිහට බලාගන්නවා විඳින්න.. මන් ආත්මාර්ථකාමීද?


A/N

මෙන්න මේක තමා සාක්‍ය පොඩි පගයා ආර්යන් අයියාගේ ඇගිල්ලෙ පැත්තක ඇන්දේ 😌 කියුට් නෙහ්??

ආර්යන් ලු මුලින් කැමති වුණේ..ශාක්‍ය ෆෙල් හාඩර් ලු..
හ්ම් හ්ම්.. ඕම යන් 💪🏻

යුනි පටන් ගත්ත නිසයි අනේ මේ පරක්කු වෙන්නෙ..ඒත් ඔයාලාට සති ගනන් බලන් ඉන්න දෙන්නෙ නෑ හරිද! (අර බල්ලා හොරෙන් බලන ස්ටිකර් එකහ්)

Adareyyy මන් ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 34, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 34, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 34 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 34 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 34 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 34 light novel, ,

Comment

Leave a Reply

Chapter 34