À¶»À¶¯À·… | The Kandyan Aristocrats 35

A+ A-

“බැහැලා මන් එනකන් ඉදපන්.” ශවිරු අයියා ඕබී එකෙන් දුන්න අලුත් බ්ලේසර් එකත් දාගෙන බස් එකෙන් බැස්සම මම කෝච්ගෙ පිටිපස්සෙන් හිටගත්තෙ අනිත් අයත් ඒ එක්කම මගේ පිටිපස්සෙන් ලයින්අප් වෙද්දි..

“හරි කට්ටිය බ්ලේසර්ස් ටික ඇදගත්තද- තමුසෙලා ඔය අහගෙනද අයිසේ ඉන්නෙ??” මම පිටිපස්ස හැරිලා ටීම් එක දිහා බැලුවම කට්ටියම සීරියස් පිට ලයිනඅප් වුණේ ආයෙමත් මන් කෝච් දිහා බලද්දි..බොරු කියන්න ඕන නෑ මන් හේමලයාගෙ ඇස් දිළිසෙනවා දැක්කා- දැන් කොහොමත් ලඟකදි ඉදන් මට ඔලුව වටෙත් තරු කැරකෙන්න පටන් අරන් තිබ්බ නිසා මන් ආයෙම පිටට යන හිත ගස්සලා දාලා කෝච් කියන්න හදන දේට කන් දුන්නා.. සිහියෙන් ඉදපන් තිශාක්‍ය..සිහියෙන්! මට මේ මැච් එක දිනන්න ඕනෙ. කාටත් වඩා මට!

“මට ආයෙ ආයෙ බණ කියන්න තියන්න එපා හරිය?? මෙතනින් බැස්සා..සෙරමොනි එකට හිටියා- ආ! එතනට ගිහින් මේ තමුසෙලාගෙ ඔය රැස් පෙන්නන්න තියා ගන්නත් එපා..මේක උබලාගෙ දවස බව ඇත්ත ඒත් සිහියෙන් ඉදපන් පුතාලා! අනික ගිය පාර කප් එක ගත්තා තමයි ඒත් මේපාරත් ඒක එහෙම වෙයි කියන්න අපිට බෑනෙ- සෙරමොනි එක ඉවර වුණු ගමන් තමුන්ලා බඩුත් අරන් හොස්ටල් එකට යන්න.. එකෙක් හරි පිස්සු කෙළලා අහු වුණොත්නෙ..කන පැලෙන්න දෙන්නෙ! හරි දැන් යනවලා..” කෝච් මගේ උරහිසට පොඩි තට්ටුවක් දාලා එයාගෙ කැප් එකත් දාගෙන බස් එකේ දොර ඇරගෙන එළියට ගියේ ඒ එක්කම අපිට එළියෙ හිටපු කොල්ලෙන්ගෙ චියර් එකත් ඇහෙද්දි..

දැන් මේ කට්ටියම ස්කූල් යුනිෆෝර්ම් එකට උඩින් බ්ලේසර්ස් ඇදගෙන ඉස්කෝලේ හොඳම ඒසී බස් එකෙන් එළියට බහින්න බලන් ඉන්නෙ සෙරමොනි එකට යන්න බලාගෙන..අපි මේ ඇවිත් ඉන්නෙ උදේ පාන්දර තුනේ ඉදන් අස්ගිරිය ක්‍රිකට් ස්ටේඩියම් එකේ පොඩි ප්රැක්ටිස් පාරක් දාලා ග්රවුන්ඩ් එකේ කන්ඩිශන් එකත් ඒගමන්ම බලලා හෙන මහන්සි පිට..ඒත් එහෙමයි කියලා අපිට ඉස්කෝලේ ට්‍රැඩිශන්ස් වෙනස් කරන්න බෑනෙ. මෙතනට තමයි කොහොමත් අපේ දාඩිය ලේ බිංදු කදුළු අයිති වෙන්නෙ. ඉතින් එහෙම එකේ ඔය පැයක් දෙකක් හිටන් ඉන්න එක අපිට නතින්..අනික හෙට තමයි අපේ බිග් මැච් එක..හරියට කිව්වොත් මගෙයි නිස්සාගෙයි තනුජයාගෙයි දෙවැනි බිග්මැච් එක. ශවිරු අයියා ගත්තොත් මේක උගේ අත්නිම එක..ඒක මතක් වෙච්ච ගමන් මම වෙන කරගන්න දෙයක් නැතුව මගේ දැනටමත් හොඳ පිළිවෙළට තිබ්බ බ්ලේසර් එක හදන්න ගත්තෙ ඇගේ දැන් තියෙන්න ඕන දාඩිය වෙනුවට කොන්ද දිගේ යන්න ගත්ත සීතල හිරියට ලාවට වෙව්ලන ගමන්..මේ මැච් එක මට කොච්චර විශේෂද කියන්න දන්නෙ මන් විතරයි.. මට මේක කොහොම හරි දිනන්න ඕනෙ.

බස් එකේ දොර ගාව හිටගෙන හිටපු කෝච් මන් දිහා බලලා ඔලුව වනලා අනිත් ලමයි එක්කලා ක්ලැප් කරන්න ගත්තෙ ඒ ගමන්ම අපිට බහින්න ඉඩදීලා පැත්තකට වෙන ගමන්..ඔය එක්කම තොල් වලට පොඩි හිනාවක් ගන්න ගමන් මන් ෆුට්බෝඩ් එකට කකුළ් දෙක තියලා බස් එකෙන් බැස්සත් හරි මේන හෝල් එකට යන පාර දෙපැත්තෙ වටවෙලා උන්නු ලමයි ටික මහා හයියෙන් කෑ ගහලා චියර් කරන්න ගත්තා.

“ගුඩ් ලක් අයියේ..!!”
“තිශාක්‍ය අයියේ!! කප් එක ගේමු!”
“ගැම්ම කොල්ලෝ!!” මන් හැමෝටම දුන්නෙ සිරාම හිනාවක්.

අද මීඩියා සොසයිටි එක පට්ටම බිසී..මල්ලිලා හොම්බ දිග කැමරා උස්සන් පිස්සුවෙන් වගේ අපේ ෆොටෝස් ගන්නකන් අපි ටික කරේ එයාලා කියන තියන විදිහට හිටපු එක.. කොහොමහරි බස් එකෙන් බැහැලා විනාඩි දෙක තුනක් යද්දි ශවිරු අයියාත් ආපු නිසා අපි දාසය දෙනාම ගෲප් ෆොටෝ එකකට ඉදලා එන්න ආවේ සෙරමොනි එකට වෙලාව හරි නිසා.. ඒ යන ටිකටත් මේන් ගේට් එක ගාව ඉදන් හෝල් එක ගාවට වෙනකන්ම ඉස්කෝලෙන් බාගෙක විතර මල්ලිලා පොඩි කොඩි උස්සගෙන ලයින්අප් වෙලා ඉන්නවා දැක්කම අපිට ආවේ කියාගන්න බැරි සතුටක්. ඒක නිසා ඒ යන ගමන්ම මමයි ටීම් එකයි අහුවෙන අත් බලලා උන්ට ෆිස්ට්බම්ප් දීගෙන ඇවිත් අපි කෙලින්ම නැවතුණේ උඩරට ඇඳුමෙන් ආපු අයියා කෙනෙක් ඇවිත් අපිට මෙතනින් නවතින්න කියලා කියපු නිසයි..ඇත්තටම කිව්වොත් මේ වෙලාවේ ගොඩක් දේවල් සිද්ධ වුණා.. ඒ හැම දෙයක් දිහාම මගේ ඇස් වේගෙන් වේගෙන් යන්න ගත්තත් මට ඒ කිසි දෙයක් හරියට ඔලුවට වැටුණේ නැති තැන ඉබේටම මගේ නළල ඇකිලුණා..අපි ඉන්න තැන ඉදන් හරියටම මීටර් පනහක විතර දුරක් ඇති..තද රතු රෙඩ් කාපට් එකක් බිම තාර පොළොවේ විහිදිලා හෝල් එක ඇතළටම ගිහින් තිබුණා. මන් ඒ දිහා බලන් ඉද්දි එකපාරටම මායි මුලු ටීම් එකමයි අපේ දකුණු පැත්තට හැරුණේ අපේ වටේට හිටපු මල්ලිලාගේ චියර්ස් මැද්දෙ වුණත් කැපිලා ඇහුණු අඩි සද්ද වලට. සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලයි කැඩෙට්ස්ලායි..කාණ්ඩ දෙකක් විදිහට තාර පාරේ හෙන ගැම්මට ඇවිදන් අපේ පැත්තට ඇවිදන් එනවා.. කැඩෙට්ස්ලා නම් අත් උරහිස් ගාණට යවන ගමන් ආමි කාරයෝ වගේ ඇවිත් අපේ දකුණු පැත්තේ දෙපැත්තට බෙදිලා පාර මැද්දෙ බ්‍රිජ් එකක් හදද්දි ප්‍රිෆෙක්ට්ස්ලා එයාලාගේ බ්ලේසර් එකේ පහළ බොත්තම හරියෙන් අත තියන් ඇවිත් රෙඩ් කාපට් එක දෙපැත්තෙන් ගාඩ් ඔෆ් ඔවර් එක දෙන්න හිටගත්තා..

දැන් වෙද්දි මෙච්චරවෙලා පිස්සුවෙන් වගේ කෑ ගහපු හැම කොල්ලෙක්ම හ්ම් සද්දයක් නෑ..අපි වුණත් බලන් හිටියේ ඊළඟට වෙන්නෙ මොකද්ද කියලා පට්ට ඇලර්ට් එකේ. මොකද ගිය පාර ට්‍රෝෆි එක ගෙනාවා වගේ නෙමෙයි අද..තනිකර වෙනස්. මන් හිතන්නෙ මේක තනිකර ඕබී එකෙන් කරපු දෙයක් වෙන්නෝන මොකද නැත්තන් ශවිරු අයියා හරි කලින්ම අපිට කියනවානෙ මොකද්ද මෙතන අද වෙන්නෙ කියලා..ශවිරු අයියත් හිටියේ අපි වගේම කරන්න ඕනෙ මොකද්ද කියලා දන්නැතුව වුණත් එයාගෙ මූණෙ කිසිම කලබලයක් තිබ්බෙ නෑ.. අනික දැන් වෙද්දි මුලු ඉස්කෝලෙම සන්සුන් වෙලා වගේ කියන හැගීම මට දැණුනා.. මොකද කලින් ඇහුණ අපේ කොල්ලොන්ගෙ බේස් කටහඬවල් වෙනුවට දැන් අපිට ඇහුණේ හෝල් එක වටේට එල්ලා තිබ්බ පාට තුනේ කොඩි සැර හුළඟට එකතාලෙට වැනෙන සද්දෙ..එච්චරට අපේ වටේට සන්සුන් වෙලයි තිබ්බෙ.. ඒ එක්කම දකුණු පැත්තෙ බ්‍රිජ් එකක් විදිහට දෙපැත්තට වෙලා සීරුවෙන් උන්නු කැඩෙට්ස්ලා එකපාරටම එයාලගෙ රයිෆල්ස් ටික උරහිසයි නිකටයි ගාවට ගත්තම අපිට අනිත් පැත්තෙන් වෙස්ටන් බෑන්ඩ් එක ගහනවා ඇහුණා..

මම දැන් හිටියේ ශවිරු අයියාගෙ පිටිපස්සෙ..ඉතින් දකුණු පැත්තෙ වෙන ඒවා බලන්න මට ශවිරු අයියාගෙ උරහිසෙන් එබිලා බලන්න වෙන නිසා මන් ඔන්නෝහේ මොකාද එකා වගේ මගේ සුපුරුදු මූනත්තහඩුව දීගෙන හිටියේ ‍මීඩියා සොසයිටි එකේ මල්ලිලා අපේ පැත්තට උන්ගෙ කැමරාස් ටික දික් කරගෙන උන්නු නිසා..මොනා වුණත් චාටර් වෙන්නත් බෑනෙ ඉතින්.

“ශවිරු පුතා!” ඒ එක්කම මන් හිනා වෙලා ශවිරු අයියා අපේ පිනාට අතට අත දෙනවා බලන් හිටියා. පිනාගෙ නහයත් නිකන් අර කැවුමක් වගේ පට්ට පළලයි මහතයි..සර්ට පුෂ්පෙ පැන්නම තමයි මූණ දිහා බලන්න වටින්නෙ. ඇයි ඉතින් අර නහය තවත් දිගෑරානවනෙ..එතොට තනිකර අර බාදුරා මල වගේ සර්ගෙ නහය මුලු මූණම වහගන්නවා. මම ලාවට හිනාවෙලා අනිත් පැත්තට සර්ට අත දික් කරාම මේ මිනිහා අනිත් පැත්තට මගේ අත අල්ලලා අබරලා ගත්තෙ මාව තවුතිසාවට යවනගමන්.. යකෝ මම මගේ බැට් එකවත් මෙච්චර තදට අල්ලන්නෑ..මූ මගේ අත රිජිෆෝම් කියලා හිතුවද දන්නෑ..මන් සමයිල් ඉන් පේන් හිනාවක් කැමරා එකට පේන්න දීලා ටක්ගාලා මගේ අත ඇදලා ගත්තා.

ඔය එක්කම අනිත් වයිස් ප්‍රින්සිපල්ස්ලායි සෙකශන් හෙඩ්ලායිත් ඇවිත් ටීම් එකට අතට අත දුන්නාම මන් ඉවසීමෙන් ප්‍රයිමරියේ සෙක්ශන්භාර සර් ඇවිත් හෑන්ඩ්ශේක් කරලා යනකල් බලන් උන්නේ ඊළඟට එන්න හිටියේ ටොප් බෝඩ් එක නිසා.. මුලින්ම ලයින් එකේ හිටියේ සඳැස් අයියා වුණත් එයාව සම්පූර්ණෙන්ම වැහිලා ගියේ ආර්යන් අයියා එකපාරටම කොහෙන්ද මන්දා ඉදලා මතු වෙච්ච නිසා- පොඩ්ඩක් ඉන්න..ආර්යන් අයියාට පුලුවන් වුණා කියන්නෙ සඳැස් අයියාව සම්පූර්ණෙන්ම කවර් කරන්න එතකොට එයා සඳැස් අයියාට වඩා උසද? මන් මේ පාර ශවිරු අයියාගෙ උරහිසෙන් ඔලුව දාලා බැලුවා. නෑනෙ! දෙන්නම එක උස..ඒ කියන්නෙ මෙයාගෙ ඇග සයිස්..මන් නහය පුම්බන් ආයෙ හිටපු විදිහට කෙලින් වෙලා ඉස්සරහා බලා ගත්තා..ඒ කොහෙම වුණත් මෙච්චර වෙලා කම්මැළිකමේ හිටපු මට දැන් දැණුනේ මාරම එක්සයිටින් ෆීලින් එකක්..මන්දා! ආර්යන් අයියා ශවිරු අයියාට අතට අත දෙන්න එයාගෙ ඉස්සරහට ආවම මම කොහෙන්ද මන්දා ආපු කලබලේට මන් මගේ අත් දෙක කලිසම් කකුළ් දෙක දෙපැත්තෙ හෙමිහිට පහළට ඇදගෙන ආවේ අල්ලේ එකපාරටම මතුවෙච්ච දාඩිය පිහදගන්න..

“ගුඩ් ලක්.” මගේ පපුව කෙලින් මතුවුණු ලොකු අත දිහා බලාගෙන මම ලාවට ඔලුව වැනුවේ අනිත් පැත්තට මගේ අතත් ඒ අතෙන් ගිහිල්ලා මන් තියද්දි..අර ඉතින්! මන් කිව්වෙ..ආයෙම මට වෙලාව ගණන් කෙරෙනවා. මෙයා ගාවදි වෙලාව යන්නෙ ඕනාවට වඩා හෙමින්..මගේ අත ගිහින් ආර්යන් අයියාගෙ අත අල්ලගනිද්දි මන් බලන් ඉන්නවත් එක්කම මගේ සම්පූර්ණ අල්ලම එයාගෙ අතින් වැහිලා යනවා මන් මොකාද එකා වගේ බලන් හිටියත් ඒ එක්කම වගේ එකපාරටම මගේ ඔලුව ඉස්සුණේ ආර්යන් අයියා මගෙ අත ලාවට තද කරපු නිසයි.. එතකොටම මගේ අත අතෑරලා දාලා එයා මගේ එහා පැත්තට ගියේ මන් තාමත් එයා දිහා බලන් ඉද්දි..

“ගුඩ් ලක් මල්ලි..” මගේ අත හොයාගෙන ඇවිත් අල්ලගත්ත සඳැස් අයියා ලාවට හිනා වෙන ගමන් අපේ අත් දෙක වනන්න ගත්තෙ මාව හරි සිහියට ගන්න ගමන්.

“ත්..තැන්ක්‍යූ අයියේ.”

“වැඩිය හිතන්න යන්න එපා..හෙට ගිහින් නෙළලා එන්නයි තියෙන්නෙ.” මගේ උරහිසට තට්ටුවක් දාලා සඳැස් අයියා මගේ මූණ ඉස්සරහින් ගියාම මමත් ඒ ගමන්ම මට ටිකක් දැන් ඈතින් ඉන්න ආර්යන් අයියා දිහා බලන්න ඉස්සරමට නැමුණත් ඒ එක්කම මගේ පපුව එකපාරටම හිරි වැටිලා ගියේ ටීම් එකේ කොල්ලෙක් එක්ක මොනාද කියවන ගමන් හෑන්ඩ්ශේක් කර කර හිටපු ආර්යන් අයියාත් එකපාරටම ඔලුව උස්සලා මන් දිහා හරි කෙලින් බලපු නිසයි..මන් ටක්ගාලා ආයෙම පිටිපස්සට වෙලා අයියලා එක්ක හිනා වෙන ගමන් හෑන්ඩ්ශේක් කරා..

“තනියෙන් මේ අස්සවල් ගාණේ ඉදලා මට අහුවෙන්නපා තොපි! කෑම එක අතටම හම්බෙනවනේ..කාලා නිදාගනින් පිස්සු කෙලින්නැතුව!” ශවිරු අයියා ටවල් එකත් කරේ දාගෙන හෝල් එකෙන් එළියට ගියාම අපි හ්ම් සද්දයක් කරන්නැතුව විනාඩි පහක් විතරම ගල් භූතයො ටිකක්වගේ දොර දිහා බලාගෙන හිටියා.. ටීම් එකම දැන් මේ ඉන්නෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ. දැන් වෙලාව හතයි කාලයි..ඒ අස්සෙ ශවිරුවා නිදාගන්න මඟුලක් කියෝනවා. ඌට මේ රෑ දොළහටවත් නිදාගන්න බෑ..දෙක තුන වෙනකන්වත් ඉන්නෝන ඇහැ පියවෙනකන්..ආවා පම්කක් කියෝගෙන! ඒ එක්කම අපි හිටපු හෝල් එකේ දොර ගාව හරියේ තිබ්බ තට්ටු දෙකේ ඇදක පහළ වාඩි වෙලා උන්නු තනුජයා හෙමින් සැරේ දොර ලඟට ගිහින් මූණ එලියට දැම්මම අපි ඒ දිහා කටවල් ඇරන් බලන් හිටියා.

“ගිහින් ගිහින්!” ඒ එක්කම මෙවිදු අයියා උගේ ඇද යට හන්ගන් හිටපු පත බේසම එළියට අරන් නිශල්කයා දුන්න ඇපල් ජූස් බෝතල් එකින් එක වත්කරන්න ගත්තෙ මමත් ප්රැක්ටිස් බෑග් එක අස්සෙ ට්‍රැක්බොටම් එකෙන් ඔතලා තිබ්බ තඩිම තඩි ස්ප්‍රයිට් බෝතලේ එළියට ඇදලා අරන් නිශල්කයාට අල්ලගන්න කියලා විසි කරද්දි..ඌ ගාණට කැච් එක අල්ලලා ස්ප්‍රයිට් එකේ මූඩිය ඇරලා අරකට ස්ප්‍රයිට් එක හැලුවා.

“ශාක්‍ය වරෙන් බන්!” මම තම්බ්ස් අප් එකක් දීලා ඔලුවට යටින් අතක් යවන ගමන් ඇදේ හාන්සි වුණා.

“ඕමි ගහද්දි කියපන් මන් එන්නම්..”

“ආ එළ එළ!” ඒ ගමන්ම ටිකකට ඇස් පියාගෙන මන් සනීපෙට ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තා.. ටීම් එකේ එවුන්ට නම් අද මෝටිවේශන් එක පිරිලා ඉතිරෙන්නම තිබ්බා. මොකද අද ඉස්කෝලෙ ඇරිලා ඕල්ඩ් බෝයිස්ලා ඇවිත් අපි එක්කලා පැය ගාණක් කතා කරලා මාරම අප් එකක් දුන්නෙ..ඊට එහා ශවිරු අයියා! එයා අපිට අද කරපු කතාවෙන් මුලු ටීම් එකම අප් වෙලා තිබුණේ..ශවිරු අයියාගෙ මේ සයිඩ් එක මාරම රෙයාර් සයිඩ් එකක්..එයා ඉදලා ඉදලා මෙහෙම කතා කරද්දි කොඳුඇටපෙළටම වදිනවා.. එච්චරට හිතට වදින්න කතා කරන්න ශවිරු අයියාට පුලුවන්. දැනටත් ශවිරු අයියා ඩිබෙට් කරනවා කිව්වම පුදුම වෙන අය ඕන තරම් මේ ඉස්කෝලෙ ඇතුළෙම ඉන්නවා..ඇරත් ඉස්කෝලෙන් පිට අය පවා ශවිරු අයියා ගැන හිතන් ඉන්නෙ මාරම වෙනස් ආකල්පෙකින්. ‘ඇමතියෙක්ගෙ පුතෙක්’ ඔන්න ඕකයි උන් හිතන් ඉන්නෙ..ඒත් ශවිරු අයියා ඉස්කෝලෙ ස්පෝට්ස් අතින් ගත්තොත් ඌ කරලා නැත්තෙ කැඩෙටින් විතරයි. ඒ ඇරෙන්න අනිත් හැම ලබ්බම මූ කරනවා..එතකොට ඇකඩමික් සයිඩ් එක ගත්තොත් ශවිරු අයියා හැමදාම පන්තියේ පහත් දහයත් අතර..එතකොට ආදරේ කරන්න ගත්තම උතුරන්න ආදරේ මේ මනුස්සයගේ පපුවෙ පිරිලා තියෙන විත්තිය මන් හොඳට දන්නවා වගේම විදලාත් තියෙනවා..තව මොනාද මුගේ අඩු?? සිරාවටම මූ ඇමතියෙක්ගෙ පුතෙක් නොවුනානම් මම හොඳින් හරි නරකින් හරි මේ මනුස්සයාව අපේ නංගිට බන්දනවා. එච්චරට මට ශවිරුව විශ්වාසයි.. මොකද නංගි කියන්නෙ මගේ ජීවිතේ..ඉතින් මගේ ජීවිතේ තියලයි මන් ශවිරු අයියාව විශ්වාස කරන්නෙ.. ඒත් මොකද්දෝ මන් කරපු පවකට එයාගෙ ගමන අපිට වඩා සෑහෙන්න වෙනස් වුණා..

මම විනාඩි ගාණක් ඇස් දෙක වහගෙන පට්ට සැහැල්ලුවෙන් ඔන්නොහේ හිතින් ලෝකෙ වටේටම ඇවිද ඇවිද ඉද්දි ෆෝන් එක දෙතුන් පාරක් වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා මන් කම්මැළිකමෙන් මගේ අත කොට්ටෙ අස්සට යැව්වෙ කිසිම හිතකින් නෙවෙයි.. කොහොමත් මැච් එකට කලින් දවසෙ අපිට ෆෝන්ස් ලඟ තියාගන්න දුන්නෙ නෑ..මට පවා ශවිරු අයියා හදිස්සියක් වුනොත් කියලා තමයි මේ ෆෝන් එක ලඟ තියා ගන්න දුන්නෙ.. මොකද නැත්තන් ඔය සෝශල් මීඩියා වලින් අපිව ගොඩක් ඩිස්ට්‍රෑක්ටඩ් වෙන්න බලනවා..එක නෙගටිව් දෙයක් යන්න ඇති ටීම් එකම ඩවුන් යන්න. මම ෆෝන් එක අරගෙන ඇවිත් තිබ්බ නොටිෆිකේශන් දෙක දිහා බැලුවා. දෙකම මැසේජස් දෙකක් ඒත් දෙන්නෙක්ගෙන්..ඇහි බැමත් අකුළන් මන් කෙලින්ම බැලුවෙ බේසමට ඔලුව දාගෙන මොක්ටේල් එක හදන්න පට්ට ගේමක් දෙන නිශල්ක දිහා..

Sandas Ayya (DHP)
“Malli Nishalka wa poddak eliyata ewanna puluwan da? Man dora lagata ennam.. hostel eken eliyata ekka yanne nah.”

“Hari ayye.” රිප්ලයි කරපු ගමන් සඳැස් අයියා සීන් කරාම මගේ තොල් වලට හිනාවක් ආවා..සඳැස් අයියා මන් රිප්ලයි කරනකන්ම බලන් ඉදලා. හම්මේ ඉතින් ඒ ආදරේ..

“ඕයි හුත්තෝ!” ඒක කිව්වත් හරි මුලු ටීම් එකම මන් දිහා එකම විදිහට බෙලිත් කඩාගෙන බැලුවා. මල්ලිලා හතරයි ඉතුරුවා ඔක්කොම මගේ වයසෙයි අයියලයි..ඒත් මේ ටීම් එකේ වයිස් මම නිසා හැමෝම මට දුන්නෙ ශවිරු අයියාට දුන්නා හා සමාන ලෙවල් එකේ රෙස්පෙක්ට් එකක්..ඒ කොහොම වුණත් මුන් ඔක්කොම හුත්තලා.

“නිශල්ක මෙහෙ වරෙන්!” මන් නිකන් මළ පැනලා වගේ කිව්වම කට්ටියම කර කර හිටපු වැඩ සේරම නතර කරලා මන් දිහා බලු පැටව් ටිකක් වගේ බලන්න ගත්තම කටට ආපු හිනාව මම පට්ට අමාරුවකින් ගිළගත්තා..අර බලපන් අර තනුජයා! ජස්ට් ජෙලි පැකට් එකක් කටෙන් කඩන එක නතර කරන් පැකට් එක කටේ තියාගෙනම මන් දිහා බලන් ඉන්නවා..මූව හපලා ගිලින්නමයි හිතෙන්නෙ!

“අර පැඟිරි ස්ප්‍රේ එක කෝ?”

“ඒක මන් සෝමේ අන්කල්ට දුන්නනෙ..ඇයි උබත් හිටියේ..”

“සෝමේ අන්කල් කොහෙද දන්නෑනෙ ඉන්නෙ?” මන් මූණ ඇදකරගත්තෙ දැන් හෙන වෙලාවක ඉදන් මට හෝල් එකෙන් එන්න ගත්ත සර්ජිකල් ගඳට..

“ඇයි මොකෝ අවුල?”

“සර්ජිකල් ගඳයි බන්-“

“ආතීෆ්..මන් එනකන් ඔන්න ඕක මික්ස් කරපන් ආ.”

“ආ එළ එළ..සොමේ අන්කල් ඔය කොරිඩෝ එකේ දිගටම යද්දි තියෙන මේට්රන්ගෙ ඔෆිස් එකට එහාපැත්තෙ තියෙන කාමරේ බන් ඉන්නෙ.”

“උබ ඉදපන් මන් ටක්ගාලා අරන් එන්නම්..!” මම බොරුවට ඇදෙන් නැගිටින්න වගේ හදද්දි නිශල්කයා දුවගෙන ගිහින් අපේ හෝල් එකෙන් එළියට යනවා දැකලා මම ආයෙම මූණ ඇදකරන් ඇදේ හාන්සි වුණේ සඳැස් අයියාට පොර ආවා කියන්න මැසේජ් එකක් දානගමන්..

සඳැස් අයියාගෙ චැට් එක වහලා මන් අනිත් පැත්තට ඊළඟ කෙනාගෙ චැට් එකට ගියා.

Aryan Rawurawawansha (Hp)
“Mokada karanne?”

මම ආර්යන් අයියාගෙ චැට් එකේ එයාගෙ නම යට බැලුවම දැක්කෙ ලාස්ට් සීන් වන් මිනිට් අගෝ කියලා තියෙනවා.. එතකොට එයා දැන් ඕෆ්ලයින්ද? ඇයි කියන්න දන්නෙ නෑ ඒත් මගේ හිත නිකන් පහළට ඇදිලා යනවා වගේ ෆීලින් එකක් මට දැණුනා..සමහරවිට මන් සඳැස් අයියාට රිප්ලයි කරන්න කලින් ආර්යන් අයියාට රිප්ලයි කලානම් එයා දැන් ඔන්ලයින් ඉන්න තිබ්බා..ඔන්න ඕක නිසයි මැච් එකකට කලින් දවසේ අපිට ෆෝන් පාවිච්චි කරන්න එපා කිව්වෙ..මට දැන් මන් ගැන ආවේ පුදුම පසුතැවිල්ලක් එක්ක එකතුවුණු තරහක්..

ඕන මඟුලක් වෙන්න කියලා මන් මගේ ඇදේ ඉදලා අතන වෙන අර විප්ලවයේ ෆොටෝ එකක් ගහලා ආර්යන් අයියාට යවලා ෆෝන් එක ඕෆ් කරන්න කියලා පවර් බට්න් එක අල්ලන්න යද්දි එකපාරටම මගේ ස්ක්‍රීන් එක ඔන් වුණේ Aryan Rawurawawansha (Hp) කියන නම මට නොටිෆිකේශන් බාර් එකෙන් පෙනෙද්දි. විශ්වාස කරනවානම් විශ්වාස කරන්න ෆෝන් ස්ක්‍රීන් එකෙන් ඒ නොටිෆිකේශන් එක දැක්කම මගේ පපුව ගැහෙන්න ගත්තෙ හරියට එදා තාත්තා මගේ ඇගට බයික් එකේ යතුර විසිකරාම ඒක මොකද්ද කියලා මට තේරුම් ගියපු වෙලාවෙ සතුටට පපුව ගැහෙන්න ගත්ත විදිහටමයි..මන් ටක්ගාලා වට්ස්ඇප් එකට ගිහින් ආර්යන් අයියාගෙ චැට් එක ඕපන් කරා.

“Mokada wenne?”

“mocktail ekak hadanawa.”

මන් හිනාවෙන ඉමොජි එකක් අගට දාලා ස්ක්‍රීන් එක දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ ආර්යන් අයියා ටයිපින් කියලා වැටුණු නිසයි.

“Mocktail bonna hadanne raata kanne nadda?”

“Kanawa kanawa oya omi gahanna hadanne.”

“Hmm”

මම මේ අකුරු තුන දිහා බලන් හිටියා..දැන් මොකද්ද යවන්නෙ? මාත් කෑවද කියලා එයාගෙන් අහන්නද? ඒත් ඒක අමුතුයි වගේ නැද්ද..කෑවද කියලා අහලා හදිස්සියේ වත් කාලා නැත්තන් මන් මොකද්ද කියන්නෙ? මොන මඟුලක්ද! මන් කෑවද කියලා අහලා යනවන්න හදපු එක ආයෙම ඩිලීට් කරත් මාව එකපාරටම ගැස්සිලා වගේ ගියේ එකපාරටම ආපු මැසේජ් එකට..දෙවියනේ මන් හිතුවේ අරක ඩලීට් කරා වෙනුවට මගේ අතින් සෙන්ඩ් වුණා කියලා.

“Eliyata enawada poddakata?”

මන් ඒ ටෙක්ස්ට් එක දිහා තත්පර ගාණක් බලන් ඉදලා ආයෙම මගේ වටපිටාව දිහා බැලුවෙ ටක්ගාලා මගේ හිනාව හන්ගගන්න ගමන් හරියට නිකන් කවුරු හරි මගේ හිනාව දැක්කද කියලා ශුවර් නැතුව..

“Shaviru ayya eliyata giya neh.”

ඇත්තටම කිව්වොත් මට යන්න ඕනෙ. ඒත් මේ වෙලාවෙ මගේ නම්බර් වන් ප්‍රයෝරිටි එක තමයි මගේ ටීම් එක.. මන් මගේ ඉස්සරහා රවුමට එකතුවෙලා මොක්ටේල් එක හදන මගේ ටීම් එක දිහා බලන් ඉදලා හෙමින් සැරේ මගේ ෆෝන් එක අල්ලන් ඉන්න අත මාරු කරේ ඒ අතේ තිබ්බ දාඩිය පිහදාගන්න කියලා.

“Shaviru nadd? Ehenam epa.”

මන් ඊළඟට ටයිප් කරගන්න දෙයක් හිතාගන්න බැරුව චැට් එක දිහා බලන් හිටියේ මගේ උගුරෙන් එළියට පනින තරම් සද්දෙට පපුව ගැහෙන්න ගත්ත නිසා.. එයා ආයෙම ඕෆ්ලයින් යයිද දන්නෑ..මන් ටක්ගාලා ඒ මැසේජ් එකට ඔව් කියලා රිප්ලයි කරන්න හැදුවත් ආයෙම මම ඒක ඩිලීට් කරේ ආයෙමත් ආර්යන් අයියාගෙන් ආපු මැසේජ් එකට..

“Call ekak?”

“Haa”

මූණට ආපු හිනාව ආයෙම මම වටපිට බලලා හන්ගගත්තෙ ඇද උඩ දිගෑරලා තිබ්බ මගේ කකුළ් දෙක පොඩ්ඩක් වේගෙන් දෙපැත්තට වනන ගමන්.

Aryan Rawurawawansha (Hp) is calling..

මම කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියාගෙන මගේ වටපිට බැලුවා..වෙලාවට කට්ටියම එක තැනක හිටියේ. ඊටත් වඩා උන් හයියෙන් කියව කියව ඉන්න නිසා මන් කෝල් එකක කියලවත් උන්ට ඇහෙන එකක් නෑ.

“ඔතන කෝල් එකේ හිටියට අවුලක් නැද්ද?” මම ඔලුව වැනුවා.

“ආදිල්?” ආ ශිට්!

“න්..නෑ නෑ..උන් ලොකු මිශන් එකක ඉන්නෙ.”

“හ්ම්..කන්නෙ කීයටද ඉතින්?”

“ශවිරු අයියා වොශ්දාලා එනකන් ඉන්නවා ඉතින්..පැයක් විතර යනවානෙ එයාට එන්න. ඔයා කාලද?” මන් කෙලින් වෙලා ඇද මිට්ටමට කොට්ටයක් තියලා ආයෙම හේත්තු වුණේ අනිත් පැත්තට බෙඩ් ශීට් එක කකුළ් දෙකම වැහෙන්න එළාගෙන.. හොඳ වෙලාවට තාත්තා මගේ කොට්ට තුනම එව්වෙ..නැත්තන් මන් නිදාගෙනත් ඉවරයි.

“ම්ම්..කෑවා.”

“කඩෙන්?” මන් මගේ ඉතුරු වෙලා තිබ්බ කොට්ට දෙකෙන් එකක් කකුළ් දෙක අස්සෙ හිර කරගෙන ඉවර වෙලා අනික අරගෙන බදාගත්තෙ නිදහසේ ඇද පිටිපස්සෙ තිබ්බ බිත්තියට ඔලුවත් ගහගෙන. අපරාදේ තාත්තාට මෙට්ටෙත් ඒ ගමන්ම ගේන්න තිබ්බෙ! මන් ඇස් දෙක ලාවට පියවෙන්න ගිහිල්ලා ආයෙම ඇරියෙ එළියට ගියපු දෙන්නා ඇරෙන්න මාත් එක්ක ඉතුරු දාහතර දෙනා ඉන්නවද කියලා හිතින් ගණන් කරන ගමන්..

“නෑ සාහිල්ගෙ අම්මා බත් එව්වා.”

“හ්ම්ම්.” මට නිකන්ම හ්ම්ම් කියවුණේ වෙන කියන්න දෙයක් නැති නිසා..සිරාවටම වෙන මිනිහෙක් නම් දැන් මන් සිංහල හෝඩියේ නැති අකුරුත් දාලා වචන කියලා ඉවරයි..ඒත් මේ මනුස්සයා ලඟදි මන් ගොළුවෙක්..නැත්තන් බීරෙක්. තව ටික දවසතින් අන්ධත් වුණොත් සැප තමයි සමයන්ති.

“මන් කෝල් කරේ- කවුද ඔය?” මගේ ඇහිබැම ඇකිලුනේ ෆෝන් එක අනිත් පැත්තෙන් ඇහුණු කටහඬ නිසයි..සාහිල් අයියද ඒ?

“අම්මට යකෝ පොඩි ඇටයද-” එකපාරටම ෆෝන් එකෙන් ඇහුණු කටහඬේ සද්දේ නැති වෙලා ගියාම මම ෆෝන් එක කනෙන් අරගෙන මුණු ලගට ගෙනාවා.. කොල් එක කට් වුණාද? මම ෆෝන් එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඒක පැත්තකට දාලා ඇදෙන් බැහැලා ඉවරවෙලා ටීම් එක ගාවට ගියේ උන් මෙච්චර වෙලා අම්මා බලනවද කියලා බලන්න..ඇයි යකෝ ඕක හදන්න ඔච්චර වෙලා යනවද??

“මොනාද යකෝ ඕකෙ ඔච්චර හදන්න තියෙන්නෙ?” ඒ එක්කම මගේ ඇස් දෙක ලොකු වුණේ මුන් කර කර හිටපු එක දැකලා.

“ඔය කුණු බිත්තර මොන මඟුලකටද?”

“ශවිරුවාට ගහන්න.” මම ඇස් දෙක රෝල් කරා.

“තොගේ වල්ල කපලා ඌ ඒක හොස්ටල් එක ඉස්සරහා එල්ලලා තියයි හෙට උදේ අපි නැගිටිද්දි..”

“කමන්නෑ බම් මේක කරේ නැත්තන් මට අද නින්ද යනේකකුත් නෑ..අනික උබත් ඉන්න නිසා මට බයක් නෑ.” මම ඔලුව දෙපැත්තට වනලා අත් දෙකේ හිරි අරින්න ගත්තා.

හෙට ශවිරු අයියාගෙ බත්ඩේ එක..ඒ කියන්නෙ අද රෑ දොළහට..මැච් එක ඉවර වෙලාම කරන මඟුලක් කරන්න හිතන් හිටියට මුන්ට ඉතින් ඒ පැය ගාණවත් ඉවසන්න බෑනෙ.. ඉවසන්න කිව්වොත් වලිප්පුව හැදිලා වගේ පිස්සු කෙලිනවා.. අර සාහිල් අයියලත් අද මොකද්ද කරනවා කියලා කිව්වට තාම අපිට හරි වචනයක් දුන්නෙනෑ.. කොහොමත් අද අපිට ඔය කන බොන මඟුල් කරන්න බැරි නිසා තමා මෙහෙම දෙයක් කරන්න කියලා හිතුවේ..ඒත් මුන්ගෙ තියන ඉවසී ගැන කියනවා නම් දහයයි ගාණට කරන්න හිටපු මඟුල මුන් දැන් ඉදන්ම පටන් අරගෙන..

“කැපා අපිට අද දවසෙම තග දාද්දි පොර හිතුවද දන්නෑ මළ පැනලා වගේ ඉන්න නිසා අපි අද ඌට පාඩුවේ ඉන්න දෙයි කියලා..” මටත් ඒකට හිනා ගියා.. දවස් දෙකක් තිස්සෙ ශවිරු අයියා ඕනාවට වඩා කෑ ගහන්න ගනිද්දි අපිට ඒක හොඳටම තේරුම් ගියා..නැත්තම් යකෝ මැස්සෙක් ලඟින් ගියත් මූ ඒකටත් බනින්න ගත්තෙ අපිට..දෙන්නම්කො තොට අද මන්!

“තනුජ හේශිත්ට දැන් එන්න කිව්වා නම් හරිනෙ?” මන් ඒක කිව්වත් හරි ආතීෆ් පගයා මන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බැලුවා.

“හේශිතයාව කොහොමද ඇතුළට ගන්නෙ?”

“ඌ තාප්පෙන් පැනලා එයි.” මම ආයෙම ඇද ගාවට ගියේ මගේ ෆෝන් එක ගන්න බලන්.

“යකෝ විභා CCTV චෙක් කරනවනෙ බන්.” ඔය විභා කිව්වෙ අපේ විනයභාර ඩයල් එකට. ඕකා බැලුවොත් ඉන්නෙ CCTV එක කටේ ගහගෙනද කොහෙද..අයි යකෝ ඉතින් මොකක් හරි වලියක් වෙච්චගමන් ඌ තමයි මුලින්ම රෙද්ද උස්සන් ගෑණි වගේ මුලු ඉස්කෝලෙටම ඇහෙන්න බැන බැන එන්නෙ. කලින් එකාට කොලුකාරයා කිව්වට මට පේන විදිහට මුගෙත් වැඩි වෙනසක් නෑ වගේ..

“හොස්ටල් එක පැත්තෙ තාප්පෙ CCTV නෑ.”

“ඇයි යකෝ ගිය අවුරුද්දෙ ඕක හයි කරේ **** ඉස්කෝලෙත් එක්ක වලියක් ගිහින් උන් රෑ අපේ හොස්ටල් එකට පැන්න නිසානෙ.”

“ඉතින් ඒක ගිය අවුරුද්දෙම අනුසස් අයියලා ගලවලා දාලා තිබුණා.” මම මගේ ෆෝන් එක අතට අරන් ආර්යන් අයියාගෙන් ඇවිත් තිබ්බ මැසේජස් ටික කියෙව්වා.

Aryan Rawurawawansha (Hp)
“Shaviru ge bdy ekata mokada krnne?”

“Kunu biththara gahanna inne..oyala?”

එතකොට ආර්යන් අයියා මගේ මැසේජ් එක සීන් කරා කරාමයි හ්ම් සද්දයක් නැතුව ගියාම මම ආයෙම ෆෝන් එක ඇද උඩින් තියන්න හදලා ආයෙම ඒකේ ස්ක්‍රීන් එක ඔන් වෙච්ච නිසා ෆෝන් එක මූණ ගාවට ගෙනාවා..

Aryan Rawurawawansha (Hp) is calling..

මන් ආන්සර් කරලා ෆෝන් එක කනේ ගහගත්තෙ කොල්ලො ටිකගෙන් ටිකක් ඈතට යනගමන්.

“කලින් කට් වුණා මේ සාහිල් ඇවිත් පිස්සු නටපු නිසා..සොරි.” මන් ලාවට හිනා වෙලා ෆෝන් එක අනිත් අතට අරන් කනේ තියාගත්තෙ ඇද උඩින් වාඩි වෙලා කොට්ටෙකුත් බදාගෙන..

“ඒක අවුලක් නෑ..කෝ දැන් සාහිල් අයියා ඉන්නවද?”

“හ්ම්ම්..මගේ ඇදෙන් බහින්නැතුව ඉන්නවා.”

“ම්ම්..”

“ආදිල්?”

“ඕ කියන්න.” මම කොට්ටෙට ඇගිල්ලෙන් අනින්න ගත්තා.

“දොළහට අපි ඔතනට එනවා..එතකොට දොර අරින්න.”

“ම්ම්..මට මැසේජ් එකක් දාන්න ආවම.”

මායි ආර්යන් අයියයි කෝල් එකේ ඉන්දැද්දි විශ්ව අයියා ශවිරු අයියා එනවා කියලා කියපු නිසා ආර්යන් අයියාට මන් යනවා කියලා ෆෝන් එක කොට්ටෙ යටින් තියලා ටක්ගාලා ගිහින් අපේ එවුන්ට බඩු ටික අයින් කරන්න උදව් වුණා..කොහොමහරි විනාඩියක් යන්න කලින් ශවිරු අයියා අපේ හෝල් එකට ආවේ ශෝට් එකකුයි ඕවර්සයිස්ඩ් ටී ශර්ට් එකකුයි දාගෙන ටවල් එකත් කරේ ඔතන්.

“කෝ නිශල්ක?” කාමරේ හිටපු හැමෝම දිහා ඇස් යවන ගමන් මගේ ගාවට ආපු ශවිරු අයියා නළල රැළි කරගෙන ඉවර වෙලා මගේ දිහා උඩ ඉදන් යටට බැලුවා.

“පැඟිරි ස්ප්‍රේ එක ගේන්න ගියා.”

“ඒකද ඩිපියුටි ගාවත් පැඟිරි සුවඳ ආවේ?” ශවිරු අයියා ඒක කිව්වා විතරයි අපේ හෝල් එකේ දොර ඇරිලා වැහෙන සද්දයක් ආවේ මන් ඒ පැත්ත දිහා වේගෙන් බලද්දි..ඔය එන්නෙ හොරගෙඩියා වගේ..යකෝ සඳැස් අයියා මොන මඟුලක් කරලද අරූගෙ අර මූණ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා තියෙන්නෙ??

“අ..ආ පැඟිරි.” ගොත ගගහා මූ ඒක කිව්වම මායි ශවිරු අයියයි නිකන් හොල්මනක් දිහා බලනවා වගේ නිශල්කයා දිහා බැලුවා.

“තොට අරූ පැඟිරි එක පෙව්වද යකෝ ඔය මූණ රතු වෙලා තියෙන්නෙ?” ඒක කිව්වත් හරි නිශල්ක ඇස් දෙකත් ලොකු කරගෙන ශවිරු අයියා දිහා බලලා හොදවැයින් දෙකක් රවලා යන්න ගියේ ශවිරු අයියා අනිත් පැත්තට ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බලද්දි.

“අරූට මොන යකෙක් වැහිලද අර?” මන් උරහිස් දෙක උස්සලා මගේ මානසික සතුට හොයන් ආයෙම මගේ ඇදට ආවා.

“ඇයි දැන් මන් වැරදි දෙයක් කිව්වද? ඌ මේ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා ආවම අහන්නෙ නැතුව ඉන්න පුලුවන්ද බන්? කියපන්කො??” මම ඇද උඩින් වාඩි වෙලා තත්පරයක් ගියේ නෑ මේ යකාත් මගේ ඇදටම ඇවිත් හොඳට මගේ ඉඩත් අරන් මගේ එහා පැත්තෙන් දිගා වෙලා මම බදන් හිටපු කොට්ටෙත් අරන් උගේ බඩ යටින් තියාගත්තම මන් කරේ සසර කළකිරිලා වගේ ඌ දිහා බලන් හිටපු එක..

“මගෙන් අහන්නෙ? ගිහින් උගෙන්ම අහපන්කො!” මම දිගාවෙන්න බැලුවත් අරූගෙ පත උරහිස් දෙක නිසා මට හෙළවෙන්නවත් බැරි වුණාම මම කරේ ඌව කකුළෙන් එහා කොණට තල්ලු කරපු එක.

“අඩෝ මෙහ්! උන් දෙන්නා මොනා කරලද බම් ඒ? සඳැස්ගෙ මූණ දැක්කම මටත් ලැජ්ජ හිතුණානෙ ඕයි!” මම ඇස් දෙක රෝල් කරා..අනේ උබ බබානේ ඉතින්.

“උබ උන් දෙන්නා අස්සෙ ඉදන් මොන මඟුලක්ද කරේ?”

“නෑ යකෝ ඉතින් මන් වොශ් දාලා එළියට එද්දි දැක්කෙ ඉතින්..”

“මොනාද දැක්කෙ?”

“අර පොඩි ඇටයා සඳැස්ගෙ කට කනවා.” මම හෙනයක් ගහනවට වඩා වේගෙන් ශවිරු දිහා බැලුවා.

“මොකක්?? උබට ශුවර්ද?”

“මොකද්ද?”

“අපේ නිස්සාද ලීඩ් කරේ?” එතකොට මුණින් අතට උන්නු ශවිරු අයියා මගේ පැත්තට හැරිලා මොකක් හරි හිතන ගමන් ලාවට ඔලුව වැනුවා.

“අම්මට අඩෝ මගේ කොල්ලා! මන් කිව්වෙ!” මන් හයියෙන් කෑ ගහලා ශවිරු අයියාගෙ පිටට බෝස් ගාලා පාරක් ගැහුවේ ඌ මගේ විගහට ඈත් වෙද්දි..

“ආව් යකෝ! මොන රෙද්දකටද මට ගහන්නෙ?!! මොකද්ද උබ කියන්නෙ දැන්?!”

“මොනාද කියන්නෙ අහන්නෙ මගේ එකා තමා ටොප්!” මන් හිනා වෙන ගමන් ශේප් එකේ ශවිරු අයියා ගාවට ඇවිත් ඒක හෙමීට උගේ කනට කරලා කිව්වම මූ මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා එකපාරටම හිනා වෙන්න ගත්තම මම ඇස් දෙක රෝල් කරා.

“පිස්සු කතා කරන්න එපා යකෝ! අපේ එකයි ටොප්!”

“කීයද?”

“දහයක්!”

“හරි ඩීල්!” මායි ශවිරු අයියයි ඩැප් අප් කරේ මාරම කන්ෆිඩන්ට් එකෙන්..ඒ ගමන් මන් අපිට ටිකක් ඈතින් ඇදක් උඩ වාඩි වෙලා උඩු තොලේ ඇගිල්ලක් යවනගමන් උන්නු නිශල්ක දිහා බැලුවා.. අනේ උබ දන්න පකක් නෑ බන් ශවිරු!

“ශාක්‍ය අඩෝහ්! නැගිටපන්!” මම අමාරුවෙන් ඇස් දෙක ඇරියේ මගේ කන ගාව ඇහුණු කුටු කුටුවට..

“හ්ම්ම්..”

“හ්ම් නෙවෙයි හුත්තෝ තව විනාඩි දහයකින් දොළහයි! නැගිටපන්!” ඒක ඇහිලා මම විගහට නැගිටින්න හැදුවත් මගේ ඉණෙන් පහළ මට දැණුනෙ නැති තැන මන් සම්පූර්ණෙන් ඇස් දෙක ඇරලා මගේ ඉණෙන් පහළ බැලුවා.

“මුගේ කකුළ් දෙක ගනින්කො ඉතින්! මගේ කකුළ් දෙකත් හිරිවැටිලා..” ඒ එක්කම නිශල්කයයි ආතීෆ් උයි ශවිරු අයියාගෙ කකුළ් දෙක මගේ ඇගෙන් අයින් කරා.

“උබේ ෆෝන් එක චෙක් කරපන් පොඩ්ඩක්..මට සඳැස් අයියා කිව්වා උබට කෝල් එකක් ගන්නවා කියලා.” මන් නිශල්ක දිහා බලලා මගේ කොට්ටෙ උස්සලා ෆෝන් එක ගත්තා.

“ඇයි උබට ගන්න තිබ්බානෙ.”

“ගන්න තිබ්බා උබ ඉතින් කොට්ටෙ බදාගෙන හිටියෙ නිකන් කෑල්ල උබව දාලා යයි වගේ සීන් එකෙන්නෙ.” මම ආතීෆ්ට හොඳ කුණුහර්පයක් කියන්න ගියත් එක්කම මෙවිදු අයියා අපිව ඇද ගාවින් එහාට එක්කගෙන ගියේ ශවිරුවා ඇහැරෙයි කියලා හිතලා..මම ෆෝන් එක අන්ලොක් කරලා වට්ස්ඇප් ගියාම තමයි දැක්කෙ ඇවිත් තියෙන මැසේජස් ගොඩ..

Ayuka Ayya (HC)
“Ado malle.”
“Kooo??”
“Nidi da pakayo??”

Sandas Ayya (DHP)
“Malli api dn enna d?”

Sahil Ayya (DGC)
“Oi podi atayo nagitapn huththo”
“Ubata phone ekak aran dunne kawud kiyapan mata??”
“Pukath uda dagena nidi da?”

Aryan Rawurawawansha (Hp)
“Adhil nidi da?”

ඔය එක්කම මට මට කෝල් එකක් ආවේ මන් ටක්ගාලා ඒක ආන්සර් කරද්දි..

“නිදිද?”

“නැගිට්ටා!”

“හ්ම්ම්..මන් තනුජ මල්ලි වගේ එකදිගට කෝල්ස් ගන්න හැදුවේ.” මන් එතකොට අමාරුවෙන් මගේ ඇහි බැම අකුළගත්තේ මගේ මූනට ආපු හිනාව ටක්ගාලා හන්ගගන්න කියලා.

“අ..ආ මන් නැගිටලා ඉන්නෙ. ඔයාලා දැන් එනවද?”

“ඕ..සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉන්නෙ.”

ආර්යන් අයියලා එනවා කියපු නිසා මම ටක්ගාලා තනුජලාට දොර අරින්න කියලා අතින් කිව්වමත් එක්ක ඌ ගිහින් දොර ඇරියේ ඒ එක්කම සඳැස් අයියලා කාමරේ ඇතුළට එද්දි..

කට්ටියම හිටියේ පොඩි ශෝට් කෑලි වලට තඩි ටී ශර්ට් ගහගෙන..රෙඩි පිට ඇවිත් තියෙන්නෙ. ඔය එක්කම අපේ කටවල් ඇරුණේ අයියලා හෙන තොගයක් ඇතුළට ආවමයි.. යකෝ මන් හිතුවේ මුන් ටික විතරයි කියලනෙ..බලාගෙන යද්දි මුලු ප්‍රිෆෙක්ට්ස් බෝඩ් එකම ඇවිත්..එන එන අයියලා දිහා අපි නිකන් අන්දමන්ද වෙලා බලන් ඉද්දි ඒ අස්සෙ මගේ ඇස් දෙක ගිහින් නතර වුණේ අයුක අයියා එක්ක අන්තිමට ඇතුල් වෙච්ච ආර්යන් අයියා ගාවින්..කලු නයිකි ශෝට් එකකට තඩි ඕවර්සයිස්ඩ් එකක් ඇදලා හිටියත් එයාගෙ පපුව මැදින් ගාණට ගිහින් තිබුණ ඉර හොඳට කැපිලා පෙණුනා.. යකෝ අපිට ඕවර්සයිස්ට් මෙයාට ස්මෝල්ද කොහෙද..

“මූව ඇහැරවමු දැන්..ඔය නිදා ගත්තා මදැයි!” සාහිල් අයියා සඳැස් අයියගෙ අතේ තිබුණු අයිස් කැට බෑග් එක ඇදලා අරන් අයිස් කැට බාගයක් විතර අතට හලාගෙන දුවගෙන ගිහින් මගේ ඇද උඩට පැනලා ශවිරු අයියාගෙ ශෝට් එක අස්සට යැව්වෙ ඒ පරක්කුවට සඳැස් අයියා ඇවිත් මුලු අයිස් පැකට් බෑග් එකම ශවිරු අයියාගෙ ටී ශර්ට් එක අස්සට දාද්දි..

“නැගිටපන් හුත්තෝ!” ඒ එක්කම ශවිරු අයියා නැගිටලා සාහිල් අයියාව එයාගෙ ඇගෙන් ඇදලා ඇදෙන් පහළට දැම්මෙ අපි හැමෝම හයියෙන් හිනා වෙද්දි..දැන් ඉතින් ලෝක යුද්ධෙ තමයි.

“ආර්යන් වරෙන්.” ඔය එක්කම අයුක අයියා එක්ක හිනා වෙවී හිටපු ආර්යන් අයියා එයාගෙ ෆෝන් එක ශෝට් එකේ සාක්කුවක් අස්සට බස්සලා මගේ ඇද ගාවට යන්න ගත්තෙ ශවිරු අයියාත් විගහට ඇදෙන් බැහැලා ඈතට ඈතට යද්දි..සිරාවටම ආර්යන් අයියා ඇවිදින විදිහෙ අමුතුම ගතියක් තියෙනවා..දැන් එයා ඔය ශවිරු අයියා ගාවට යන්නෙ හෙනම නක්කල් හිනාවක් දාගෙන හරියට නිකන් පුලුවන් දෙයක් කරපන් වගේ ලුක් එකකින්..එයාගෙ අර අතට අහු වෙන්නැති කොණ්ඩෙ දිගේත් එක අතක් යවනගමන් තනිකර ඇතෙක් වගේ තමයි වෝක් එක.

“ආර්යන් එපා…හොඳින් කියන්නෙ-” ඒ එක්කම ආර්යන් අයියා පට්ට ස්පීඩ් එකෙන් දුවගෙන ගිහින් ශවිරු අයියා අනිත් පැත්තට හැරෙන්න කලින් එයාගෙ කලවා වලින් අල්ලලා එයාගෙ උරහිසට ගත්තෙ නිකන් හාල් ගෝනියක් ඉස්සුවා වගේ.

“අතෑරපන් හුත්තෝ!”

“මෙතන බෑ බාත්රූම් එකට යමන්.” සාහිල් අයියා එහෙම කියලා අපි ගාවින් යන ගමන් ඇහැකුත් ගහගෙන යන්න ගියේ අපි උන් ටික දිහා කටත් ඇරන් බලන් ඉද්දි..ඒ එක්කම මගේ ඇස් දෙක ගියේ ශවිරු අයියාව හාල් ගෝනියක් වගේ උරහිස උඩ තියන් ඉන්න ආර්යන් අයියා ගාවට..මගේ ඉස්සරහින් යන ගමන් ඔලුවෙන් හෝල් එකේ දොර පෙන්නලා එළියට එන්න කියලා ආර්යන් අයියාත් එතනින් ගියාම මායි අපි කට්ටියත් ටක්ගාලා හෝල් එකෙන් එළියට ආවා.

“නිස්සා වැඩේ හරිනේ?” නිශල්ක හෙන වලත්ත හිනාවක් දානගමන් එයාගෙ සාක්කුවෙන් හීනි ලණු බෝලයක් ඇදලා ගත්තෙ ආර්යන් අයියාගෙ උරහිස උඩ සෝ ඩන් වගේ හිටපු ශවිරු අයියා ආයෙම දඟලන්න ගනිද්දි.

“උබලා මහා වදයක් බන්! අතෑරපන්කො!” එතන හිටපු අයියලාටයි අනිත් හැමෝටමයි ශවිරු අයියාගෙ අදෝනාව අහලා හයියෙන් හිනා යන්න ගත්තෙ බාත්රූම් එකේ නිසා සද්දෙ එකදෙක කරනගමන්..

ඔය අතරේ ආර්යන් අයියා ශවිරු අයියව හෙමින් සැරේ බිමින් තියන්න යද්දි ශවිරුවා උගේ කකුළ් දෙක බිමින් තිබ්බ ගමන් ආර්යන් අයියවත් පෙරළන් දුවන්න හැදුවම කොහෙන්ද මන්දා උන්නු සඳැස් අයියත් ඇවිත් ආර්යන් අයියා එක්ක ශවිරුවාව බිමට පෙරළගත්තා..හෙහේ රග්බි පීප්ස්.

“ලණුව දෙන්න.” මට පෙණුන හැටිද නැත්තන් මන් හිතින් මනස්ගාත හිතන් ඉන්න නිසාද දන්නෑ කොහොමහරි සඳැස් අයියා ලණුව ඉල්ලගන්න කියලා නිශල්ක දිහා බැලුවම පොර නිස්සාගෙ ඇස්දෙක ඇරෙන්න අනිත් හැම මඟුල දිහාම බලනවා මන් බලාගෙන..නිස්සා ටොප්! ඒ ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ..! මන් ඕක දිහා බලන් ඉන්න අතරේ එකපාරටම මන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන්න ශවිරු අයියාව දැකලා මන් ශේප් එකේ සඳැස් අයියාට ඇගිල්ල දික් කරලා මගේ ඇඟිල්ල පහළට පොයින්ට් කරාම ඌ තරහෙන් වගේ සඳැස් අයියාට ඇඟිල්ල දික් කරලා ආයෙම මන් දිහා බලලා ඇඟිල්ල උඩට පොයින්ට් කරේ මන් ඇස් දෙක රෝල් කරද්දි..උබ දන්න පක තමයි ශවිරු අයියේ!

“ඔය ලණුව තදින් ගැට ගහන්න! මූ පරිසර සංගමේ හිටපු නිසා ඕවා ලිහන්න දන්නවා!” ඒක හයියෙන් කියලා මම ශවිරු අයියා දිහා බලලා ඇහැක් ගැහුවේ ඌ නහය පුම්බ ගනිද්දි.

ඔය විදිහට කොහොමහරි පාන්දර එක වෙද්දි අපි ශවිරු අයියාට කරන්න ඕන හැම රෙද්දම කරලා ඒ වැඩටික ඉවර කරගෙන බාත්රූම්ස් ටිකත් හෝදලා දැම්මෙ දැන් අපිට නිදාගන්න වෙන නිසා. මොකද හෙට උදෙන්ම අපිට නැගිටින්න තියෙනවා.. ශවිරුවාට නිදහසේ පාඩුවේ නාගන්න දීලා අපි හෝල් එකට එන්න ආවත් ප්‍රිෆාක්ට්ස්ලා ටික අපිව නවත්තගෙන ගුඩ්ලක් කියලා ඉවර වෙලා එයාලා කට්ටියම ස්පෝට්ස් කම්ප්ලෙක්ස් එකට යන්න ගියා..

“එහෙනම් මගේ මල්ලිලා ටික අපි ගියා!” සාහිල් අයියා ඇවිත් මගේ ඔලුවට පොඩි පාරක් ගහලා යන්න ගියේ මම ඌට අනිත් පැත්තට හොදවැයින් රවද්දි..

“ගුඩ් ලක් මල්ලි.” මම සඳැස් අයියා දිහා බලලා කෙන්ඩි හිනාවක් දෙන්න ගිහින් ආයෙම පව් නිසා ලාවට හිනා වෙලා ඔලුව වැනුවා.

“තැන්ක්‍යූ අයියේ!”

“තෝ දිනන්නැතුව ආයෙ මෙහෙ පස් පාගනවා නෙමෙයි ඇහ්!” මන් අයුක අයියාට මැදෑගිල්ල පෙන්නලා හෝල් එක ඇතුලට යන්න හැදුවම ආයෙම මගේ ඔලුව පිටිපස්සට වැදුනු ටොක්ක නිසා මම වේගෙන් පිටිපස්ස හැරුණේ මළපැන්නෙ පාරට..ඇයි යකෝ මොන වදයක්ද- ආ අටපට්ටම!

“මොකද වදේ!” ඒ එක්කම ආර්යන් අයියාගෙ කටින් හිනාවක් පැන්නෙ එයා අත් දෙකම උස්සලා අඩියක් පිටිපස්සට ගනිද්දි.

“ගුඩ් ලක් කියන්න හැදුවේ.” මම නහයත් පුම්බලා අහක බලා ගත්තා.

“ඉතින් මට නමක් තියෙන්නෙ..ඒක කියලා කතා කරන්න තිබ්බනෙ!”

“ආදිල්..ගුඩ්ලක්.” ආර්යන් අයියා එහෙම කියලා හිනා වුණාම මම ඇස් දෙක රෝල් කරලා වෙනාතක් බලා ගත්තා..ආවා මෙතන හුරතල් වෙන්න!

“තැන්ක්‍යූ තැන්ක්‍යූ!” දැන්නම් කොරිඩෝ එකටම හිටියේ අපි දෙන්නා විතරයි..ඒක නිසා මම එහෙම්මම ඇවිදගෙන ගිහින් බැල්කනි එකට වැලිමිට තියලා ඉස්සරහට බර වුණේ අහස දිහා බලන ගමන්.

මාත් මාරයි නේද? අච්චර හැමෝම එක්කලා තග දාලා ඉවර වෙලා මේ මනුස්සයා ඉස්සරහම හරියට නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙන්න ගන්නෙ? ඒකත් නිකන්ම නිකන් මනුස්සයෙක් එක්ක නෙවෙයි..අවුරුදු ගාණක් අතින් කටින් මරාගත්ත මනුස්සයාත් එක්ක? මම අම්මා දිහා බලලා මූණට ආපු පොඩිම පොඩි හිනාව ටක්ගාලා ගිලගෙන වෙනාතක් බලා ගත්තා.

“තාත්තා එක්ක කතා කරාද?” මම ඔලුව වනලා ආර්යන් අයියා ඉන්න පැත්තට හැරුණේ මගේ පිට බැල්කනි එකට හේත්තු කරද්දි.

“තාත්තා පැයෙන් පැයට කෝල්ස් ගත්තා.”

“හ්ම්ම්.” ආර්යන් අයියා එයා දාගෙන හිටපු ස්ලයිඩ්ස් දෙක දිහා බැලුවම මාත් ඒ ගමන්ම ඒ දිහා බැලුවා.

“මන් යන්නම් දැන්..ඔයා නිදාගන්න ඕනෙ.”

“නිදිමත ගියා හැබැයි අර විගඩම බලලා.” ඒ එක්කම ආර්යන් අයියා හිනා වුණා.

“ශවිරු අවුරුදු ගාණකට ඕක දැන් අල්ලනවා.” මටත් ඒ ගමන්ම හිනා ගියේ කලින් ශවිරු අයියාව ශවර් එක යට තියලා කකුළ් දෙකයි අත් දෙකයි බැදලා දාලා බිත්තරයි පිටියි ගහපු විදිහ මතක් වෙලා..

“ගුඩ් නයිට් ආදිල්. නිදි මත නැති වුණාට කමක්නෑ ඇදට ගිහින් ඉන්න එතකොට නිකන්ම නින්ද යයි..you gotta need that energy tomorrow.” ආර්යන් අයියා එහෙම කියලා මගේ උරහිසට පොඩි තට්ටුවක් දාලා යන්න ගියාම මම එයා යන දිහා ටික වෙලාවක් බලන් ඉදලා හෙමින් සැරේ අපේ හෝල් එක පැත්තට ඇදුණා.


A/N

අනේ සොරි ලමයි! මට දැන් හැමදාම අප්ඩේට්ස් දෙන්න වෙන්නෙ නෑ යුනි පටන් ගත්ත නිසා..ඒත් හැබැයි සති ගනන් නම් මන් ඔයාලාව වේලෙවන්නෙ නෑ හරිද?! අනික මෙහෙම ලිව්වම මට ගොඩක් ලියන්න පුලුවන් සහ ගොඩක් සීන්ස් ලියාගන්න පුලුවන්..ආ තව දෙයක්! Thank you for the 30k reads ලමයි! ඇත්තටම මන් හිතුවෙ නෑ මේක කට්ටිය කියවයි කියලා!

අනේ මට ඔයාලගෙ අදහස් දෙන්න ලමයි කතාව ගැන ලමයි!! ඒක මට ලොකු motivation එකක් ❤️ adareyyy මන්!!

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 35, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 35, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 35 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 35 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 35 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 35 light novel, ,

Comment

Leave a Reply

Chapter 35