À¶»À¶¯À·… | The Kandyan Aristocrats 36

A+ A-

“****!! ****!!”

බවුන්ඩ්‍රි එක ගාවට වෙනකන් ඇවිදගෙන ආපු මම මුලු ස්ටේඩියම් එක පුරාම හෙමිහිට මගේ ඇස් දැක යැව්වෙ හිතට ආපු අමුතුම ගට් ෆීලින් එකට මගේ අතේ තිබුණු ග්ලවුස් දෙක එහෙම්මම මගේ ඇඟිලි අතරට තදින් හිරකරගන්න ගමන්.

අද තමයි දවස.. ඉතිහාස පිට ඉතිහාස ගොඩනැගුණු මේ පිට්ටනියේ තවත් එක ඉතිහාසයක් මතකයන් වල රැඳෙන දවස..හැමදාම මැච් එකකට ස්ටේඩියම් එක ටීම්ස් දෙකකට බෙදිලා යනවා වගේ අදත් මුලු ස්ටෙඩියම් එකම දෙකට බෙදිලා ගිහිනුයි තිබ්බෙ. එකපැත්තක අපේ ඉස්කෝලේ කොඩි හරි හරියට අහස උඩට ඉස්සෙද්දි ***** එකේ කොඩිත් ඒ හා සමානව ඉස්සුණේ දැන්ම තියාම තරඟෙ පටන් අරන් බව අඟවන්න වගේ..ඒ මදිවට කවදාවත් නැතුව ස්ටේඩියම් එකේ ලොකුවට අහස වැහෙන තරමෙ සයිස් එකට හයි කරලා තිබුණු ස්ක්‍රීන් දෙක නිසා ඉස්කෝල දෙක අතර තිබ්බ ටෙන්ශන් එක තවත් වැඩි වුණේ එක පැත්ත ඉස්කෝලෙක චියර් එක වැඩි වෙද්දි ඒක හෙන ඩ්‍රමැටික් විදිහට ඒ ස්ක්‍රීන් වලින් පෙන්නනකොට අනිත් ඉස්කෝලෙට ඒක දරා ගන්න බැරුව ඊට එහා චියර් කරන්න ගත්ත නිසයි.. මම මේ වෙන හැමදෙයක්ම බවුන්ඩ්‍රි එක ගාව ඉදන් බලන් හිටියේ හරිම දරාගන්න අමාරු හැගීමකින්..මෙතන ඉදන් උගුරු දණ්ඩ කැඩෙනකන් කෑගහන එවුන් තමන්ගෙ ඉස්කෝලෙ වෙනුවෙන් ඒ කියන්නෙ අද අපි වෙනුවෙන් මෙහෙම කෑ ගහද්දි මට දැණුනු ඒ හැගීමට මෙච්චර අව්වට දාඩියෙන් පෙගිලා ගිහින් තිබුණු මගේ ස්කූල් ටී ශර්ට් එක අස්සෙන් මගේ කොන්ද දිගේ පුදුම වේගෙකින් සීතල හිරි උඩටයි පහළටයි ඇදුණා.

අද මීඩියා එකේ එවුනුයි අපේ ඉස්කෝලවල් දෙකේ ෆොටෝස් ගහන අයියලා මල්ලිලායි ග්රවුන්ඩ් එක වට කරලයි හිටියේ.. ඒ එක්කම මන් මගේ ඉස්සරහින් ගියපු පපරේ එකේ දෙන්නෙක් එක්ක ලාවට හිනා වෙලා මගේ ඔලුවෙ තිබ්බ කැප් එක ඇස් දෙක වැහෙන විදිහට හදාගෙන කරබාගත්තෙ මම ෆොටෝ එකකට ඉන්න රෙඩි නෑ කියලා එයාලාට හින්ට් කරන ගමන්.. කොහොම හරි ඒ දෙන්නා එහා ටෙන්ට් එකට යනකන් ඉදලා මන් ආයෙම ග්රවුන්ඩ් එක දිහා බැලුවා.. දැනටම අම්පයර්ස්ලා දෙන්නා තව තුන් හතර දෙනෙක් එක්කලා ග්රවුන්ඩ් එක මැදට වෙලා අපේ ඉස්කෝල දෙකේ කොචර්ස්ලා දෙන්නත් එක්ක බර කතාවක.. මම ඒ ගමන්ම මගේ ඔලුවෙ තිබ්බ කැප් එක ගලවලා ආයෙම ග්‍රවුන්ඩ් එක දිහා බැලුවේ ග්රවුන්ඩ් එකෙන් ආපු වේලිලා ගිය පස් සුවඳ ඉහළට ඇදලා ගන්න ගමන්.. ගොඩක් අයට ඒක කර්කශ සුවඳක් වගේ දැනුනට මන් නන් ඒකට කියන්නේ ක්‍රිකට් සුවඳ කියලා. තණකොල , පස්වලට වඩා එතන තිබ්බේ අබිමානය අධිෂ්ඨානය එකමුතුකම වගේ දාහක් හැඟීම්වල සුවඳක්. ඒ සුවඳ හරියටම අඳුරන්නේ මුළු ස්ටේඩියම් එකකම බලාපොරොත්තුව බැට් එකේ තියාගෙන ග්‍රවුන්ඩ් එකකට ගිහින් තියෙන මනුස්සයෙක්ම විතරයි. අද ස්ටේඩියම් එකත් බිග්මැච් එක නිසාමදෝ අමුතුම විදිහකට පණ ගැහිලා ඇවිත් තිබුණා.. ඔව් ඉතින් එහෙම වෙන්නෙපැයි. මේ ස්ටේඩියම් එකම ඇතුලේ කී දෙනෙක් නම් අද වගේ දවසක දැන් වෙද්දි නොකියම බැරි චරිත වෙලා ඉපදුණාද? රවී රත්නායක, කුමාර් සංගක්කාර, නිලන්ත රත්නායක, නිරෝශන් දික්වැල්ල, මතීශ පතිරණ..තව නම නොකිව්ව කොච්චරක් මේ ග්රවුන්ඩ් එකෙන් බිහිවුණාද? මම උඩ ඉරෙන් සම්පූර්ණෙන්ම වහගෙන තිබ්බ අහස දිහා බලලා ඇස් දෙක තද කරලා වහගත්තෙ තත්පර ගාණකට මම අපේ ඉස්කෝලෙ පරණ මියුසියම් එකට යද්දි…අද මැච් එකෙන් පස්සෙ මමත් ශවිරු අයියාගෙ වයිස් විදිහට එතන රිදී අකුරෙන් ලියවිලා යනවා. ඊටත් වඩා අද අපි මේක දින්නොත්..මම ආයෙම ඇස් දෙක ඇරලා අන්තිම පාරට මුලු ස්ටේඩියම් එක දිහාම බලලා ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් සුවඳ ඉහළට ඇදලා ගත්තෙ ආපස්සට ඇතුළට යනගමන්..මේක කොහොම හරි අපි දිනන්න ඕනෙ.

ටීම් එකම එළියට ඇවිත් වෝම් අප් කරනවා..ඒ අස්සෙ මගේ ඇස් ගියේ නිශල්ක ගාවට. ඌ වේගෙන් වේගෙන් පුශ් අප්ස් ගහලා අනිත් පැත්තට නැගිටලා ජම්පින් ජැක්ස් ගහන්න ගත්තම මම මගේ කැප් එක ආයෙම ඇස්දෙක වැහෙන විදිහට දාගෙන බොටමේ සාක්කු අස්සට අත් දෙකත් බස්සන ගමන් එයා ගාවින් ඇවිත් හිටගත්තෙ පොඩි හිනාවක් කට දෙපැත්තට ඇදෙද්දි.. සඳැස් අයියා ටොප්..ච්හ්! මම දිගටම නිශල්කගෙ බොඩි ලැන්ග්වේජ් එක කියවන්න ගත්තා..හැබැයි මෙහෙමයි උසයි ඇග පතිනුයි ගත්තොත් නම් සඳැස් අයියා දිනනවා- නෑ ගොඩක් අතින් ගත්තොත් සඳැස් අයියා දිනනවා..ඒත් මෙතනදි නිශල්කයාගෙ මට විස්තර කරගන්න බැරි අමුතුම කරිස්මා එකක් තිබ්බා. ඒකනෙ පොරට අට වසරෙදිත් අක්කලා අයියලා එහෙම පස්සෙන් පන්නන්න ගත්තෙ. මගේ එකාගෙ ගතිය..ඒකත් මට අර වචනෙන් විස්තර කරන්න බැරි ලිස්ට් එකේ ටොපික් එකක්.

“ඕයි ශාක්‍ය ෆෝකස්!!” මගේ උරහිසට පිටිපස්සෙන් ඇවිත් වැදුණු පාරට මම මගේ එහා පැත්තෙන් කිරට කිරේ හිනාවක් දාගෙන උන්නු තනුජයා දිහා බලලා ඔලුව ඉස්සුවේ ඇයි කියලා අහන්න වගේ.

“කැපා උබව ඇමතුවා” ඒ පාර මම ශවිරු අයියා හොයන් මගේ පිටිපස්ස දිහා බැලුවත් මගේ ඇස් වලට අහු වුණේ අත් දෙකත් පිටපස්සට බැඳන් ශවිරු අයියා එක්ක කතා කර කර හිටපු ආර්යන් අයියාව..

ආර්යන් අයියාගෙ මූණෙ මට පෙණුනෙ පැත්තක් වුණත් එයාව දැක්ක ගමන් මන් අඳුන ගත්තෙ ඒ විගහට මගේ දැන් ටිකකට කලින් සන්සුන් වෙලා තිබුණු හිත අස්සෙනුත් මගේ පපුව වේගෙන් ගැහෙනවා ඇහෙද්දි..එයා දැන් හිටියේ ශවිරු අයියා දිහා බලාගෙන මොකක් හරි වැදගත් දෙයක් ගැන කතා කරනගමන් කියන එක මට ඒ දෙන්නගෙ හැසිරීමෙන් හොදාකාරවම තේරුණා.. විටෙන් විට කම්මුළ අගින් දත්මිටි කන කොට යන ඉරි දෙක තුන මතුවෙලා යන්න ගනිද්දි.. පිටිපස්සට බැදගෙන තිබුණු අතේ ඇඟිලි කලබලෙන් අල්ල පුරා ගෙනියනවා පෙනෙද්දි ආර්යන් අයියා ඉන්නෙ මොකාක් හරි හිතේ අවුල් ගතියකින් කියලා කියන්න එයා එක්කලා ආශ්‍රය කරපු මේ ටික දවස ඇතුළත මට කියන්න පුලුවන් වුණා.. මම තනුජට ටීම් එකේ අනිත් අයවත් එක්කගෙන එන්න කියලා ශවිරු අයියලා ඉන්න පැත්තට යන්න හැරුණා..

අද කවුද දන්නෑ මෙයාගෙ ටයි එක දැම්මෙ? ආර්යන් අයියාගෙ අවුල් වෙලා උඩට ඉස්සිලා ගිහින් තිබුණු කොලර් එක දිහා බලාගෙන එතනට ආවත් හරි දෙන්නම එකපාර මන් දිහා බැලුවෙ මම දෙන්නගෙන් කා දිහා බලා ගන්නද කියලා හිතාගන්න බැරුව අහක බලා ගනිද්දි..

“වෝම් අප් කරා?” මම ශවිරු අයියා දිහා බලලා ලාවට ඔලුව වැනුවේ මගේ වම් පැත්තෙ ඉදන් මාව ගිලින්න වගේ බලන් උන්නු ආර්යන් අයියාගෙ බැල්ම මගේ ඇටකටුවලටම දැනෙද්දි.. එයාට මගේ හාට් බීට් එක ඇහෙනවද?? මම ටක්ගාලා ශවිරු අයියා ගාවට අඩි දෙකක් විතර අරගෙන ග්රවුන්ඩ් එක දිහා බලනවා වගේ ආර්යන් අයියා දිහා වේගෙන් ඇගට නොදැනෙන්න බලලා ආයෙම ටක්ගාලා වෙනාතක් බලා ගත්තෙ තාමත් එයාගෙ ඇස් මන් ගාව තියෙනවා කියලා දැනගෙන..

“මෙතන්ට වෙලා ඉදපන් අතන අව්වෙ ඉන්නැතුව.” මම ඔලුව වනලා මුකුත් නොකියාම ගිහින් එතන පිටිපස්සටම වෙන්න තිබ්බ පුටුවෙන් ඇවිත් වාඩි වුණේ ආයේ කොහේවත් බලන්නැතුව කෙලින්ම බිම බලාගෙන..දැන් තාත්තයි නංගියි මාමායිත් ඇවිත් ඇත්තේ.. මම පුටුවේ ඉස්සරහට බර වෙනගමන් අත් දෙක එකතු කරෙගෙන ඇස් දෙක වහගත්තා.

‘ආදරෙයි අම්මා..’ කට හොලවලා කිව්වත් මගේ උඟුරෙන් කිසිම වචනයක් පිට නොවුණු තැන මම තොල් දෙක තද කරන් තවත් කරබාගත්තේ ඉබේටම මගේ කකුළක් වේගෙන් හෙළවෙද්දි වුණත් එකපාරටම මගේ දණහිස උඩින් ඇවිත් තද වුණු රස්ණෙම රස්ණෙ අතක් නිසා මගේ කකුළ හෙළවෙන එක නිකන්ම නතර වුණා.. මම ආයෙම අමුතුවෙන් ඔලුව උස්සන්නැතුව ඒ උන්නු විදිහටම ඇස් දෙක වහගෙන හිටියේ දැනටමත් මම අතේ අයිතිකාරයා දන්න නිසාද නැත්තන් දැන් ඔලුව උස්සලා බැලුවොත් මට කෙල වෙන නිසාද කියලා හිත හිතා ඉද්දි මම ටක්ගාලා මගේ තොල් දෙක තවත් තද කරගත්තෙ මගේ දණහිස උඩ තිබුණු අත හෙමින් හෙමින් රටා මවන්න ගත්ත පාරට..

“ගුඩ් ලක් ආදිල්.” මම ඔලුව උස්සන්න තියා ඇස් දෙකවත් අරින්න ගියේ නෑ..මට බෑ! මොකද දැන් මන් මේ මනුස්සයා දිහා බැලුවොත් අනිවා අඬනවා! මම දත් මිටිකාගෙන ඇස් දෙක තවත් තද කරගත්තෙ හිත අස්සෙන් ප්‍රේයර් එකක් කියන ගමන්.. ඔය එක්කම මගේ දණහිස උඩ තිබ්බ අත හෙමින් සැරේ අයින් වෙලා යනවත් එක්කම මම හෙමින් සැරේ මෙච්චරවෙලා අල්ලන් හිටපු හුස්ම පහළටත අතෑරියේ ආයෙමත් හරියට හුස්ම ගනිද්දි.. කලින් එකපාරටම උරහිස් දෙකට තද වුණු රෙස්පොන්සිබිලිටි එක නිසායි ප්‍රෙශර් එක නිසයි මට එකපාරටම හිතාගන්න බැරුව හුස්ම ගන්න අමාරුකමක් ආවත් ආර්යන් අයියා ඒ කරපු එකෙන් මට ඒ හැම දෙයක් ගැනම අමතකවෙලා යන්න ගියේ තත්පරයයි..ඒ කියන්නෙ මට දැන් ටිකකට කලින් පැනික් ඇටෑක් එකක් ආවද?

මම ලාවට ඔලුව උස්සලා මගේ කැප් එක ගලවලා පුටුවෙ පිටිපස්සට හේත්තු වුණේ හෙමින් සැරේ මගේ ඇස් දෙක වටපිට යවන ගමන්.. එයා ගිහින්ද? මම ආයෙම කලින් වගේහෙමින් හුස්ම ගත්තා. එතකොට අයියාට තේරුණාද එවෙලෙ මගේ තත්වේ? ඒත් එක්කම එකපාරටම ස්ටේඩියම් එකම දෙවනත් වෙලා යන්න කමෙන්ටර්ගෙ වොයිස් එක නිසා මුලු ක්‍රවුඩ් එකම එකපාර චියර් කරන්න ගත්තෙ මෙච්චරවෙලා රැළි ගැහිලා තිබුණු මගේ නළල ආයෙමත් සැහැල්ලු වෙලා එකපාරටම මගේ මූණට සතුටක් එක්ක හිනාවක් එද්දි..මම මගේ කකුළ් දෙක දෙපැත්තට දෙපැත්තට වනන්න ගත්තා.

“Alright boys! This is it!” ශවිරු අයියා එයාගෙ ට්‍රැක් බොටම් එකේ සාක්කුවට අතක් දාගෙන අපේ ඉස්සරහින් ඇවිත් හිටගත්ත විදිහට වාඩි වෙලා උන්නු අපේ කොන්දත් කෙලින් වුණා. එච්චරට එයාගෙ ඕරා එක අද අපිට මාරම විදිහට දැණුනා..වෙනදට දත් තිස් දෙකම දාලා අපි එක්ක ජෝක් කරගෙන හිටපු ශවිරු අයියා වෙනුවට අද අපි ඉස්සරහා හිටියේ ටීම් එකේ කැප්ටන් ශවිරු බ්‍රයන් ඩි සිල්වා..ශවිරු අයියාගෙ මූණේ කිසි හිනා පොඳක් නැති වුණත් එයාගෙ ඇස් අපි එක්ක හනි හනිකෙට කතා කලා..ඒ ඇස් දිහා බලන් ඉද්දි අපේ ඇගට ආවේ අමුතුම ගැම්මක්. එච්චරට ශවිරු අයියාගෙ ඇස් ස්ථිරයි. වෙනදාට හිනාවට දිළිසෙන ඇස් වෙනුවට අද පොරගෙ මම දැක්කෙ මරාගෙන මරාගෙන ඇස්.

“ආතීෆුයි මෙවිදුයි ඕපන් කරයි..ඊටපස්සෙ අපි-” ශවිරු අයියාගෙ ඇස් ඇවිත් නතර වුනේ මා ගාවින් වුණාම මම විගහට ඔලුව වැනුවා.

ඒ එක්කම මෙවිදු අයියයි ආතිෆුයි බැට් එක කිහිල්ලෙ අස්සෙ ගහගෙන ග්ලවුස් දෙක අත් වලට දාගන්න ගමන් බවුන්ඩ්‍රි එක ගාවට ගිහින් ලයින් එක ගාවදි බිමට පාත් වෙලා වැදලා පිච් එකට යනවා අපි බලන් හිටියා.. මෙදා පාර ඕපනින් බැට්ස්මන්ලා දෙන්නා වුණේ තමයි මෙවිදු අයියයි ආතීෆ් උයි..උන් දෙන්නා බවුන්ඩ්‍රි එක පාස් කරනවත් එක්කම මුලු ස්ටේඩියම් එකම චියර්ස් වලින් දෙදරෙන්න ගත්තා..උන් දෙන්නා ගියා කියන්නෙ ඊළඟට ශවිරු අයියයි මමයි කියන එක. මම ඒ එක්කම මගේ බොටම් එක චේන්ජ් කරගන්න කියලා ඇතුළට ගියා.

පැය බාගයක් තිස්සෙ අපි දැන් මේ බලන් ඉන්නෙ ආතිෆ්ගෙයි මෙවිදු අයියාගෙයි පාට්නශිප් එක දිහා..උන් දෙන්නා මුලදි හෙමීට හෙමීට පටන්ගෙන ඕවර් තුනක් විතර ගියාට පස්සෙ බලන් ඉද්දි පට්ටම ඇග්‍රසිව් වුණේ ***** එකේ බෝලර්ස්ලාව අම්මටසිරි වෙන්න ස්ට්‍රෙස් කරවද්දි..මොකද ඔක්කොට වඩා ආතීෆ්ගෙ බැටින් මාරම අන්ප්‍රෙඩික්ටබල්..ඌ අපේ ටීම් එකේ ඕල් රවුන්ඩර් වුනෙත් ඒ නිසයි..මොකද ආතීෆ්ට ඕන තාලෙකට බැට් එක වනලා බෝලර්ගෙ කට උත්තර නැති කරන්න පුලුවන් වුණා..ආතීෆ් ග්රවුන්ඩ් එක මැද ඉදන් බැට් එක මාරම සන්සුන් විදිහට බිමට තට්ටු කරන විදිහ මන් ශවිරු අයියා එක්කලා බවුන්ඩ්‍රි එක ගාවට වෙලා බලන් හිටියේ පපුවට අත් දෙකත් තියලා බැදගෙන.. ඒත් එක්කම ආතීෆ් එයාගෙ ඒම් එක බලන් ඉන්න ඕනම කෙනෙක්ට ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් විදිහට ඔලුව හරව හරව බලද්දි මගේ ඇහිබැම ඇකිළුනා..මොකද්ද එයා ඒ කරන්නෙ?? මගේ ඇස් ඒ පාර ***** එකේ බෝලර් ගාවට දුවන් ගියේ ඌ පට්ට ගැම්මෙන් බෝලෙ අල්ලෙම කරව කරව දුවගෙන ඇවිත් ඒක හරියටම ආතීෆ්ගෙ බැට් එකේ හරි මැදට වෙන්න දාද්දි.

“ඕ ශිට්!” අපේ ටීම් එකේ එවුන්ගෙ අත් තිබ්බෙ ඔලු වල…තව ටිකෙන් කැච් එකක්! ඒ එක්කම ආතීෆ් උගේ හෙල්මට් එක අස්සෙන් හිනා වෙනවා අපි දැක්කා..මූ නම් සිරා සයිකෝ කාරයෙක්! ආතීෆ් කියන්නෙ කට්ට කලු කොල්ලෙක්. ඒකනෙ පොර හිනා වෙද්දි ගව් ගාණක් දුර ඉන්න අපිටත් පොර හිනා වෙනවා කියලා කියන්න පුලුවන් වුනේ..

දැන් ඕවර් දෙකකුත් ගිහින් මූ තාම ලකුණ ලකුණ ගනිද්දි අපිත් කිසි දෙයක් හිතා ගන්න බැරුව බලන් හිටියේ ආතීෆ්ගෙ ප්ලෑන් එක හිතා ගන්න බැරුව..ඔය එක්කම ආතීෆ්ගෙ බැටින් ස්ටයිල් එක අල්ලගත්ත ***** එවුන් බාගෙට බාගයක් උන්නෙ දැන් ආතීෆ්ගෙ බෝල ඇවිත් ලෑන්ඩ් වෙන පැත්තෙ පොසිශන්ඩ් වෙලා..මොකද දැන් පැය බාගයක් තිස්සෙ ආතිෆ් දමාගෙන ගැහුවෙත් ඒ පැත්තටම විතරමයි..ඒත් ඉදලා හිටලා ***** එවුන් පොසිශන්ස් මාරු කරත් ආතීෆ් උගේ බැටින් ස්ටයිල් එක මාරු නොකර නිසා කට්ටියම දැන් හිටියේ එක පැත්තකට බර වෙලා..හැබැයි අපිට පොරව සීයට දාහක් ශුවර්. මොකද පොර ඔහොම දෙයක් කරනවා නම් කරන්නෙ අනිවා හිතේ වකුගඩු ඇඹරෙන ප්ලෑන් එකක් ගහගෙන..ඒක අපි කාටත් වඩා දන්නවා..ඒ එක්කම ඈතින් ආපු රතු පාට බෝලෙට ආතීෆ් එක කකුළක් බිම තියලා බැට් එක උඩට ගෙනාවේ බෝල් එක අපි බලන් ඉද්දිම හරි කෙලින් උඩට ගිහින් ග්‍රවුන්ඩ් එක මැද්දට වැටෙද්දි. හයක්.. අමු හයක්..ඒත් ග්‍රවුන්ඩ් එකේ මැද එකෙක් හිටියේ නෑ ඒ අමුම අමු කැච් එක අල්ලගන්න.. මම කෙලින්ම ශවිරු අයියව අත් දෙකෙන් බදාගෙන වටයක් කැරකෙව්වෙ අපේ ටීම් එකත් ඒ එක්කම ඇවිත් මුලු කඩ්ඩම දාලා ආතීෆ්ට චියර් කරද්දි.. ඌ නම් යකෙක්.

“ඔව්..තරඟයේ දෙවැනි හයේ පහර මෙලෙස ක්‍රීඩක ආතීෆ් අතින් එල්ලවෙනවා! ඔහු නම් දැන් ගාණට සිය රිද්මය හඳුනා ගොස් අවසන්ද කොහෙද..කෙසේ වුවත් ආතීෆ්ගේ මෙම ක්ෂණික තීරණ ගැනීම් හමුවේ ***** à·„à·’ පන්දු යවන්නන් ඉතා අසීරුතාවයකට පත්ව ඇති බව අපට පෙනී යනවා නේද ලක්ෂාන්?”

“ඔව් රමේෂ්..මාත් මේ බලන් හිටියේ ආතීෆ්ගෙ මේ ක්ෂණික පිතිකරණයේ වෙනස් වීමයි.”

දැන් හැමෝම හිටියේ මෙවිදු අයියා නෙළන නෙළිල්ල දිහා බලාගෙන..ආතීෆ් උයි මෙවිදු අයියාගෙයි මේ පාට්නශිප් එක තමයි අපි මෙච්චර කාලාකෙට ටීම් එක ගැන හිතලා ගත්ත හොඳම තීරණය කියලා දැන් උන් දෙන්නා දිහා බලන් ඉද්දි මට හිතුණා..මෙවිදු අයියා හයේ පාරවල් ගැහුවේ නැති තරම් වුණත් පොර හතරෙ පරවල් හතක් විතර මේ වෙද්දි ගහලා තිබ්බ නිසා දැන් ගිහින් තිබ්බ ඕවර් ගාණට අපේ ස්කෝර් එක ඕනාවටත් වඩා හොඳ වුණේ ටීම් එකම ස්ට්‍රෙස් එකෙන් එළියට එද්දි..දැන් අපි ඉන්නෙ පට්ට ලල් එකේ කිව්වොත් වැරදි නෑ..සෙට් එකම පුටු වලට වෙලා කකුළ් උඩ දාගෙන මැච් එක දිහා බලන් උන්නෙ හෙන චිල් එකේ..ඔය එක්කම අපිට මහා සද්දෙන් චියර් එකක් ආවේ මගේ එහා පැත්තෙ හිටපු ශවිරු අයියා ටක්ගාලා එයාගෙ හෙල්මට් එක අතට ගනිද්දි..

“ශිට් මෙවිදුවා අවුට්!” මෙවිදුවාගෙ පැත්තෙ විකට් පොලු දෙකක් එහෙම්මම බිම..අපි හැමෝම වෙච්ච දේ ප්‍රොසෙස් කරගන්න බැරුව ග්රවුන්ඩ් එක දිහා බලන් ඉද්දි මගේ ඇස් දෙක නිකන්ම ගිහින් නැවතුණේ ශවිරු අයියා ගාවින්..දෙපාරක් හිතන්නැතුව මම ගිහින් ටක්ගාලා ශවිරු අයියාගෙ කොණ්ඩෙන් අහුරක් අරන් ඌව හග් කරලා පැත්තකට වුණාමත් එක්ක ශවිරු අයියා මන් දිහා බලලා හෙනම ආදරණීය හිනාවක් දුන්නම මම ලාවට ඔලුව වනලා එයා පඩිපෙළ බැහැගෙන ගිහින් බවුන්ඩ්‍රි ලයින් එක ගාවදි නැමිලා බිමට අත තියලා ග්රවුන්ඩ් එක මැද්දට යන දිහා බලන් හිටියා..ඒ එක්කම හෙල්මට් එකත් ගලවගෙන බිම බලාගෙන ආපු මෙවිදු අයියාගෙ උරහිසට පාරක් දීලා ශවිරු අයියා මෙවිදු අයියාගෙ කනට මොකක්දෝ කියනවා මම මෙතන ඉදන් බලාගෙන..ඊටපස්සෙ මෙවිදුවා පඩිපෙළ නැගගෙන අපි හිටපු ඩෙක් එකට ආවත් හරි අපි කට්ටියම ඌට නැගිටලා හයියෙන් චියර් එකක් දුන්නේ උගේ මූණට හෙනම අහිංසක හිනාවක් එද්දි..

මමත් ඔය එක්කම මෙවිදුවා එක්ක ඩ්‍රෙසින් රූම් එකට ගිහින් ටක්ගාලා මගේ කිට් එකට මාරු වෙලා ග්ලවුස් දෙක ඉණ අස්සට බස්සගෙන ආයෙම ඩෙක් එකට දුවගෙන ආවේ දැන් තත්වේ බලා ගන්න. අවුලක් නෑ දෙන්නම මදි නොකියන්න නෙළනවා.. ශවිරු අයියාට ගාණට රිදම් එකට එන්න දීලා ආතීෆ් සුපිරි ඇදිල්ලක් අදිනවා කියන්න ඕනම කෙනෙක්ට හෙල්මට් එක අස්සෙන් පේන උගේ මහන්සි පාටත් එක්ක එකතු වුණු මැර මූණෙන් කියන්න පුලුවන්..ආතීෆ්ගෙ මූණ තත්පරෙන් තත්පරේට අර ස්ක්‍රීන් එකේ වැටෙද්දි ඒ දිහා බලන් හිටපු අපිටත් මොකද්ද වුණා. ඒ තරම් සයිකෝ ලුක් එකක් උට තිබ්බෙ..ඇරත් පොර සීයක් ගහන්න පේන මානේ හිටියේ. ඒ එක්කම එහා කොණේ ඉදන් දඟර දදා ආපු බෝලෙ ඇවිත් ආතීෆ්ගෙ බැට් එක බලන් ඉද්දි පාස් කරගෙන ගිහින් විකට් එකේ වැදිලා පොල්ලක් එහෙම් පිටින්ම ගැලවිලා යන විදිහ අපි ඇසුත් ලොකු කරන් බලන් හිටියේ මගේ පපුව ***** එකේ ටෙන්ට් වලින් ඇහෙන්න ගත්ත ඩ්‍රම්ස් වල සද්දෙත් එක්ක යා වෙලා මගේ හාට් බීට් එක උගුරෙන් එළියට පනින්න තරම් ගැහෙන්න ගනිද්දි.. මම කලබලෙන් කෙල ගිලලා මගේ බැට් එකයි හෙල්මට් එකයි අතට ගත්තා.

“ශාක්‍ය මෙහෙ බලපන්- කෝ!” ඒ එක්කම මගේ මූණ බලෙන්ම නිශල්කගෙ පැත්ත හැරවුණා.

“සිහියට වරෙන්! උබ අතනට ගිහින්-” නිශල්ක එයාගෙ අත ග්රවුන්ඩ් එක පැත්තට දික් කරාම මම සද්ද නැතුව ඒ දිහා බැලුවා.

“නෙළලා වරෙන් මගේ කොල්ලෝ! තෝ මගේ එකා හරිද!?” නිශල්ක උගේ නළල මගේ නළල උඩින් ගෙනත් තද කරාම මම විගහට ඇස් දෙක වහගෙන ඌ එක්කම හුස්ම ගත්තා.. කොහොමත් මේ වෙලාවෙ මට ඕන වෙලා තිබුණෙත් මේ වගේ වචන ටිකක්.

“මගේ එකාහ්! හ්ම් දැන් පලයන්.”

ඒ එක්කම තනුජ ඇවිත් මගේ කොණ්ඩෙ පිටිපස්සෙන් ඇදලා අරන් මාව මිරිකිලා යන්නම බදාගෙන ඉවරවෙලා ආයෙම මගෙන් පැත්තකට වුණේ මම ටීම් එකේ එවුන්ගෙ චියර් එක මැද්දෙන් ග්රවුන්ඩ් එකට යන්න තිබ්බ පඩිපෙළ ගනිද්දි..ඒ යන්න මම අඩිය තිබ්බත් හරි අපේ දෙපැත්තෙන් මගේ කන් දෙක බීරිවෙලා යන්න තරම් චියර් එකක් ආවේ මගේ මුලු ඇගම ප්‍රයිඩ් එකෙන් වෙව්ලලා යද්දි.. ඒ පාර මම පඬිපෙළ දිහා බැලුවත් හරි මගේ ඇස් දෙක බොඳවෙලා ගියේ උඩට ඇදලා ගත්ත හුස්ම මට පහළට දාගන්න බැරුව..ශිට් ශිට්! මන් පට්ට වේගෙන් හුස්ම ගන්න ගමන් බිම බලා ගෙන මගේ අතක් මගේ ටී ශර්ට් එක වටේට යැව්වෙ හරියට මගේ ඇඳුම හදනවා වගේ පෙන්නන්න.

“ශාක්‍ය මොකෝ අවුල?” නිශල්කයයි තනුජයයි මගේ වටේ වට වුණාම මම තදින් ඇස් දෙක පියා ගත්තා.

“හුස්ම ගනින් හොඳට! බය වෙන්න එපා යකෝ අපි ශවිරුවට කප් එක අරන් දෙමු!” ටික වෙලාවක් බිම දිහා බලන් හිටපු මම හිතලාම කලින් මගේ දණහිස වටේ හෙමින් සැරේ ඇඟිලි ගෙනිච්ච ආර්යන් අයියාව මතක් වුණේ මාව එකපාරටම හරි සිහියට එද්දි..

“හරි නේද? උබ පිට් නෙහ්??” මම ඔලුව වනලා තනුජයාගෙ කොණ්ඩෙ අවුස්සලා ටක්ගාලා පඬිපෙළ බැස්සෙ අත් දෙක වේගෙන් දෙපැත්තට කරන ගමන්.

ඉණේ තිබුණු ග්ලවුස් දෙක අතට අරන් මම බවුන්ඩ්‍රි එක ගාවදි පාත් වෙලා පොළව අල්ලලා වැන්දේ ඊළඟ මොහොතේ ලයින් එක උඩින් කකුළ යවලා මම ග්රවුන්ඩ් එකට අඩිය තියද්දි.. ඈතින් එන ආතීෆ් එයාගෙ අතේ තිබුණු ග්ලවුස් දෙක ගලවද්දි මම මගේ ග්ලවුස් දෙක දාගන්න ගමන් අනිත් පැත්තට කිහිල්ලෙ ගහගෙන තිබ්බ බැට් එකයි ඒකෙම හැඩ්ල් එකේ එල්ලලා තිබ්බ හෙල්මට් එකයි මම මගේ අත් දෙකට ගත්තා.

“නෙළපන් මචං!” මම ආතීෆ්ට ෆිස්ට් බම්ප් එකක් දීලා මන් එනකන් බැට් එකට බර දීලා බලන් උන්නු ශවිරු අයියා ගාවට ගියේ එයා හෙමින් සැරේ එයාගෙ හෙල්මට් එක ගලවනවා බලාගෙන..

“Ready to make history?” ශවිරු අයියා හෙනම කැරි හිනාවක් දාලා ඒක ඇහුවේ මගේ පිටට බැට් එකෙන් පොඩි පාරක් දෙන ගමන්..එතකොට මගේ කට අගත් අනිත් පැත්තට ඉස්සුණා.

“Always.” ඒ එක්කම අපිට අපේ ඉස්කෝලේ නම හතර පැත්තෙන්ම ඇහුණේ මේ වෙච්ච දේ අර ලොකු ස්ක්‍රීන් දෙකෙන් පෙන්නලා කියලා තේරෙද්දි..

හෙල්මට් එක තදට හිටින්න හදාගන්න ගමන් මම මගේ තැනට ඇවිත් හිටගෙන මුලු ග්රවුන්ඩ් එක දිගේම ඇස් දෙක ගෙනිච්චේ මේ මොහොත උපරිමෙන් විදින ගමන්..ඒ ගමන්ම මම පැවිලියන් එකේ උඩම හරිය දිහා බැලුවා. නන්ගිලා දැන් මන් දිහා බලාගෙන ඇති නේද කියලා මතක් වෙද්දි මට පොඩි හිනාවක් කටට ආවා. ශුවර් එකටම තුන් දෙනාම ෆෝන්ස් වලින් මැච් එක ලයිව් බලනවා ඇති..පැවිලියන් එක දිහා තත්පර ගාණක් බලන් උන්නු මන් ටක්ගාලා ආයෙම අපේ ප්‍රින්සිපල්ස්ලා උන්නු වී අයි පී ටෙන්ට් එක දිහා බැලුවා..එයත් දැන් මන් දිහා බලාගෙනද ඇත්තෙ? ඒ ටෙන්ට් එක දිහා ටික වෙලාවක් ඇස් දෙක පුංචි කරගෙන බලන් උන්නු මන් හිත තවත් වටේ යන්න නොදී ග්රවුන්ඩ් එකට ගෙනාවේ මන් මගේ බැට් එක පොළවට තියලා දෙතුන් පාරක් තට්ටු කරලා වේගෙන් ගැහෙන්න ගත්ත පපුව පුලුවන් තරම් සන්සුන් කරගන්න ගමන්.

පළවෙනි බෝලෙට ශේපක් දාලා මමයි ශවිරු අයියයි ටක්ගාලා පැති මාරු කරේ දැන් මම *****ගෙ බෝලර්ගෙ එහා පැත්තෙ ඉදන් මගේ ඉස්සරහා බැට් එක අත් දෙකට තියලා අඹරවන ශවිරු අයියා දිහා බලාගෙන ඉද්දි..ඒ එක්කම මම මගේ එහා පැත්තෙ බෝලර් දිහා බැලුණා..ඌත් මගේ උඩ ඉදන් පහළට බලලා ලාවට ඔලුව වැනුවේ නළලෙන් වැටෙන දාඩිය කැප් එක ගලවලා උරහිසෙන් පිහිදගෙන ආයෙම කැප් එක දාගනිද්දි..

දැන් බොහෝදුරට ක්‍රවුඩ් එක සයිලන්ට් වෙලයි තිබ්බෙ..ඒ අස්සෙ ***** කට්ටිය හෙනම කලබලෙන් පොසිශන්ස් මාරු වෙනවා මට හොඳට පේනවා..මම ආයෙම ශවිරු අයියා දිහා බැලුවාත් එකක්ම මගේ කට අගට හිනාවක් ආවේ සීන් එක තේරිලා..***** එවුන් ඉන්නෙ ටෙන්ශන් එකේ..මම ආයෙම මගේ එහා පැත්තේ බෝලේ දාගෙන අල්ල උඩ තියාගෙන කරකවන රවීන් දිහා බැලුවත් එක්කම ඌත් මම ඌ දිහා බලන් ඉන්නවා කියලා තේරිලාද කොහෙද ගැස්සිලා වගේ මන් දිහා බැලුවේ මම අනිත් පැත්තට ඌ දිහා බලාගෙන පට්ට ස්ලෝ මෝශන් එකෙන් උඩ ඉදන් පහළට ඇස් ගෙනිච්චා.. ඒ එක්කම පොර කට යටින් මොනාදෝ කියලා ආයෙම ඉස්සරහ බලා ගත්තෙ මම ආයෙම ශවිරු අයියා දිහා බලලා ඇහැක් ගහද්දි…ඒ එක්කම මට එයාගෙ හෙල්මට් එකට යටින් හිනාවක් ඇදිලා ගියා පෙණුනා..ගිය අවුරුද්දේ මැච් එක අම්මටසිරි වෙන්න ගැහුව පාට්නශිප් එක අපි දෙන්නා වෙද්දි ඉතින් මුන්ගෙ බය සාධාරණයි.

බැට් එක පොළවට තියලා තට්ටු කරන ගමන් එක අතකින් ශවිරු අයියා එයාගෙ හෙල්මට් එක හදන දිහා මන් බලාගෙන හිටියා..දැන් රවීන් කාරයා වෙනුවට මෙතන මම හිටියා නම් දැන් මට වෙන්නෙත් පොරට වෙලා තියෙන සෙතේමයි..මොකද ශවිරු අයියාගෙ ඇස් දෙකේ තියන පිස්සු ලුක් එක දැක්කහම වටපිටාවෙ වෙන අනිත් හැම ලබ්බම අමතකවෙලා යනවා..ඒ තරම් දරාගන්න අමාරු ලුක් එකක් ශවිරු අයියාගෙ ඇස් වල දැන් තිබ්බා..හරියට සිංහයෙක් උගේ වැක්කිය රැකගන්න හදද්දි තිබ්බ බඩගින්දරක් මම ශවිරු අයියාගෙ ඇස් වලින් දැක්කේ..ඒ එක්කම මගේ එහා පැත්තා උන්නු රවීන් දුවගෙන දුවගෙන ගිහින් උගේ අතේ තිබ්බ බෝලෙ කෙලින්ම ශවිරු අයියාගෙ බැට් එක දාරේ ඇවිත් වැදෙන විදිහට දැම්මේ ශවිරු අයියා කිසිම අමාරුවක් නැතුව එයාගෙ බැට් එක බෝලෙත් එක්ක හරහාට යවද්දි..මම රතු ලෙදර් බෝලේ ග්රවුන්ඩ් මැද්දෙන් කැරකි කැරකි යන විදිහ බලාගෙන මගේ බැට් එක පපුව මැද්දට කරගන්න ගමන් ඉස්සරහට දිව්වේ ටක්ගාලා මගේ බැට් එක ලයින් එක උඩ තියලා ආයෙම මම හිටපු පැත්තට දුවද්දි… හයක්! මම ඉන්න තැනම බැට් එක අහසට පොයින්ට් කරලා අත මිටි මොළව ගත්තා.

“කිසිම මහන්සියක් ඒ පහර තුළ මන් දැක්කේ නෑ..නායක ශවිරු ඩි සිල්වා! නැවතත් සිය හැකියාවන් ඒ හයේ පහර තුළින් ඔහු එළි දක්කවන්නට සමත් වූවා!”

මම ශවිරු අයියා හෙල්මට් එක අස්සෙන් අත දාලා දාඩිය පිරිච්ච මූණ දිගේ එයාගෙ අත ගෙනියනවා බලන් හිටියා..ශවිරු අයියා ඒ කළේ ක්‍රිකට් ගහපු එක නෙවෙයි.. He was fucking commanding it! මීට පස්සෙ කවුරු හරි මට පිං කරලා නෑ කියලා කිව්වොත් කියපු එකාට මම කනේ පාරක් ගහලා මේ මොහොත පෙන්නනවා..දැන් අපිට ඇහෙන්නෙ ** කියලා කෑ ගහන සද්දෙ විතරයි..මෙතන ඉදන් පැවිලියන් එක බලද්දි එකෙක් ඉදගෙන කියලා මට හිතෙන්නෑ..ඒ තරම් කට්ටිය උඩ පනිනවයි කොඩි වනනවයි මට පෙණුනෙ..ඒත් මීට තත්පර ගාණකට කලින් ශවිරු අයියාගෙ බෝලේ ග්‍රවුන්ඩ් එක හරහා යද්දි ස්ටේඩියම් එකේ තිබ්බ සයිලන්ස් එක..ඒක මතක් වෙන වාරයක් ගාණේ මගේ ඇග හිරි වැටුණා..හරියට ඒ හැමෝම ශවිරු අයියා වෙනුවෙන් හුස්ම හිර කරන් හිටියා වගේ..

මගේ ලයින් එක තිබ්බෙ පේන මානේ..මම මහන්සිය ගැන නොහිතා මගේ වෙව්වලන කකුළ් දෙක ඇදගෙන මගේ ලයින් එක ගාවට දුවගෙන ගියා.

“ඉක්මණට දාපන්!!! දාපන්!!” පිටිපස්සෙ ඉදන් රවීන් මහා හයියෙන් කෑ ගහන අස්සෙ විකට් පොලු වලට පිටිපස්සෙන් උන්නු විකට් කීපර් ලාවට අත් දෙක ඉස්සරහට ගන්න ගමන් ඉස්සෙනවත් එක්කම මම දන්නෙ මම දුවන එක නවත්තලා ඉස්සරහට විසි වෙලා ගියපු එක විතරයි.

“…..”

හෙල්මට් එක අස්සෙන් කටට ගියපු වැලි ආපස්සට කටෙන් දාන ගමන් මම ඇස් දෙක ඇරියා.

“****! ****!”

මගේ ඉස්කෝලේ නම නේද ඒ ඇහෙන්නෙ?? ඒ කියන්නෙ මම අවුට් නෑ! මම…මම-

“ශාක්‍ය! මල්ලි උබ හොඳින් නේද?? මාව බය නොකර නැගිටපන් හුත්තෝ අපි අවුට් නෑ!” ඒ අන්තිම වචන දෙක ඇහුණත් හරි මම අත මිටි මොළවගෙන ඇස් දෙක පියාගත්තෙ දැණුනු සතුටට.

ඒ එක්කම ශවිරු අයියාගෙ උදව්වෙන් බැට් එකට බර දීලා තනි කකුළකට බර දෙන ගමන් මම හිටගත්තෙ බලන බලන පැත්තෙන් රතු නිල් ගෝල්ඩ් පාටට කොඩි සීයක් විතර මතු වෙද්දි..ඔය එක්කම මම අර පත ස්ක්‍රීන්ස් දෙක බැලුවා. දෙකේම ලොකුවට පෙණුනෙ ශවිරු අයියා දැන් මාව ඉණෙන් තද කරගෙන මාව වැටෙන්න නොදී අල්ලන් ඉන්න විදිහයි..

“උබ නම් යකෙක් බන්..පිං මල්ලි!” ශවිරු අයියා විගහට හෙල්මට් එක ගලවලා මගේ උරහිසින් ඔලුව තියාගත්තම මගේ ඇස් වලට නිකන්ම කදුළු ආවේ එහෙන් හතර වටේට ආපු චියර් එකත් එක දෙක වෙද්දි…

“And now, all eyes are on the captains..the heart and soul of this team. First, there’s Shaviru, the captain, a name that sends ripples through any cricket ground he steps onto. He’s not just a player. He’s a leader, a mentor, and someone who commands respect without saying a word.

And standing by his side..his trusted vice-captain, Shakya De’Abrew. Younger, yes, but already showing the makings of a future leader. If Shaviru is the brain behind this team, Shakya is the heartbeat. His passion, his drive, his sheer determination…man they’re just unmatched!!

Two captains. One vision. And today, that vision has brought them to the edge of victory.”

මම හිනාවයි කදුළු අස්සෙනුයි අතේ තිබ්බ බැට් එක බිමට අතෑරලා ශවිරු අයියාව අනිත් පැත්තට බදාගත්තෙ ලෝකෙ වෙන අනිත් හැමදේම වගේ වහලා දාලා..වෙනදා මැචස් ගහලා බදාගනිද්දි අපිටම දරාගන්න බැරු වුණු ඒ දාඩිය ගඳ වෙනුවට අද අපිට ආවේ සතුටක සුවඳ විතරයි..බැට් එක අතෑරලා දාපු නිසා එන්න එන්න මට මගේ බැලන්ස් එක යනවා කියලා දැණුන නිසා ශවිරු අයියා මගේ අතකින් අල්ලලා එයාගෙ කර වටේ යැව්වෙ අපේ ටෙන්ට් එක පැත්තට යන්න බලාගෙන වුණත් ඉස්සරහට යන්න හදද්ම අපිට හම්බුණ ***** එකේ කැප්ටන් හිනා වෙවී ඇවිත් අත දික් කරා.

“රෙස්ට් කරපන් මචං..උබේ බෝල් පාරක් කන්න මන් ආසාවෙන් බලන් ඉන්නෙ.” ඒකට වේදනාව අස්සෙනුත් මගේ මූණට හිනාවක් ආවා.. මේකට තමයි මන් සතුට කියලා කියන්නෙ.


A/N

බිග්මැච් එක ගැන මම වැඩිය ෆෝකස් කරන්නෙ නෑ ලමයි.. මම බ්‍රැඩ්බි එක තමයි ගොඩක්ම අදින්න බලන් හිතන් ඉන්නෙ..ඉතින් ඔයාලට අද එක සෙට් කියන්නෙ බ්‍රැඩ්බි එක අවුලක් නෑ කියන එකයි..

මට තව ඔයාලාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.. ඔයාලා දැනටමත් දන්නවානෙ මේක ස්කූල් ලව් ස්ටෝරි එකක් කියලා.. ලංකාවේ කතාවක් ලියද්දි ඒකට මේ කොරියාවෙ ඉස්කෝල දාලා ලියන්න බෑනෙ ලමයි පොඩ්ඩක්වත් ප්රැක්ටිකල් නෑ නෙ.. ඉතින් මන් මගේ ඉස්කෝල කාලෙ ගත්ත එක්ස්පීරියන්ස් දාලයි මේක ලිව්වෙ..එතකොට මේක දුවන්නේ තනිකර මගේ හිතේ තියන දේවල් වලින්..ඒකට මම කිසිම ඉස්කෝලයක් මේකට පාදක කරගෙන නෑ..ඔය යම් යම් සිද්ධි වලින් පොඩි සමානකම් පෙන්නුවට මේක තනිකර මම හිතලා ලිව්ව එකක්.. මේ මැච් එක වුණත් හරිද! පාසල් ජීවිතේට පට්ටම විදිහට ගරු කරන කෙල්ලෙක් වශයෙන් මම කිසිම ඉස්කෝලෙකට බ්ලැක්මාක් එකක් වදින්න ඉඩ තියන්නෙ නෑ..!

තව දෙයක්.. මම ඔයාලාගෙන් ලැබෙන මේ සපෝට් එකට මාරම ආදරෙයි ලමයි! සිරාවටම! හරිම අහිංසක ආදරයක් මට ඔයාලා ගැන තියෙන්නෙ 🥺❤️ මට මේ කතාවට ඔයාලා ටික විතරක් හිටියත් හොඳටෝම ඇති! I hope this story will reach the RIGHT PEOPLE like y’all ❤️

හැමදාමත් වගේ..මම ආදරෙයි!
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 36, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 36, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 36 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 36 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 36 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 36 light novel, ,

Comment

Leave a Reply

Chapter 36