À¶»À¶¯À·… | The Kandyan Aristocrats 37

A+ A-

“අපේ එවුන් දිනනවා යකෝ!! තව අටයි ගන්න ඕනෙ!”

මම දැන් හිටියේ **** එවුන්ගෙ පැත්තෙ බවුන්ඩ්‍රි එක ගාව.. උන් උන්ගේ ඉස්කෝලෙ නම කිය කිය කෑ ගහද්දි මන් කරේ දිගටම ඉස්සරහ බලන් හිටපු එක..මෙතන ප්ලේයර් කෙනෙක් නොවුණානම් මම මෙළහකට ඔය පිටිපස්සෙ ඉදගෙන අපේ ඉස්කෝලෙට නොන්ඩි දාන එකාගෙ කන ගැලවිලා යන්න එකක් දීලා දැන් ඌව ගෙදර යවලා ඉවරයි. මොනා කරන්නද ඉතින් ඉස්කෝලෙ නාමෙන් ඉවසනවා ඇරෙන්න..අනික තනුජයයි නිශල්කයයි කලින් විකට් අරගත්ත නිසා මට හිතෙනවා මුන් මොකක් හරි ගේමක් ගහයි කියලා.. මොකද ****ට අද මැච් එක දිනන්න ඕන වෙලා තිබ්බ ලකුණු අටට උන්ට හරියටම තිබ්බෙ තව බෝල තුනයි..

මම මෙතන්ට වෙලා බලන් හිටියේ අර ලොකු ස්ක්‍රීන් එක දිහා.. නිස්සා උගේ ඇඟිලි අතරේ බෝලෙ කරකවන ගමන් හෙනම කැරි ලයින් එකක් **** එකේ බැට්ස්මන්ට දීගෙන හිටියේ.. ඒ එක්කම ස්ක්‍රීන් එක උඩ මතු වුණේ **** එකේ බැට්ස්මන්ව.. පොර බැට් එක පොළොවට තියලා තට්ටු කරන ගමන් එක අතකින් උගේ හෙල්මට් එක හදද්දි කැමරා එක උගේ මූණට තියලා සූම් කරපු සූම් කිරිල්ලෙන් ඌ කෙළ ගිල්ල පාරට උගේ ඇඩම්ස් ඇපල් එක ගැස්සිලා උඩ පහළ යන විදිහ අර පත ස්ක්‍රීන් එකෙන් පෙන්නුවම මට ලාවට හිනා ගියා..මොනා වුණත් කැමරාමන් හෙන කැරි වැඩක් ඒ කරේ. දැන් අද මැච් එක ඉවර වුණාට පස්සෙ මේකෙන් ටික්ටොක් එඩිට්ස් අම්බානෙකට හැදෙයි..

නිශල්කයා උගේ බොටම් එකේ කකුළක් අතින් උඩට පොඩ්ඩක් උඩට උස්සන ගමන් අනිත් අතින් බෝලෙ කරකව කව එකපාරටම ඉස්සරහට ඇවිත් බෝලේ පට්ටම ශාර්ප් කර්ව් එකකින් අතෑරියේ බෝලෙ අරූගෙ බැට් එක පාස් කරගෙන පිටිපස්සට යද්දි..අම්මට-

“ශිට්!” මට හයියෙන් කෑ ගැස්සුණා! විහඟ අයියට කැච් එක මිස් වුණා..

“****!! ****!!” මාව සීතලම සීතල වෙලා ගියා.. රන්ස් දෙකයි..තව හයයි ඕනේ.

ඒ එක්කම ආවේ තනුජයා..පොර කැප් එක දාගෙන හිටපු නිසා මූණ පෙණුනෙ නැති වුණත් ඌ දත් සෙට් එක ඇඹරිලා යන්නම දත්මිටි කනවා කියලා හක්ක හැම තත්පරේකටම සැරයක් තද වෙන විදිහට පෙණුනා..දැන් වෙද්දි මගේ පිටිපස්සෙ කෑ ගහපු එවුන්ගෙත් කටවල් මේ වෙද්දි වැහිලා ගිහින් තිබ්බෙ මැච් එකේ අන්තිම මොහොතෙ තිබ්බ ටෙන්ශන් එක වැඩි නිසා වෙන්නෝන..ඇරත් අපේ එවුන්ගෙනුත් සැළකිය යුතු සද්දයක් දැන් වෙද්දි නැති වුණත් හැම කොල්ලෙක්ම වගේ දැන් ඉන්න තැන් වලින් පැවිලියන් එකෙන් බැහැලා පහළට ඇවිත් බලන් ඉන්නෙ ග්‍රවුන්ඩ් එකට පනින්න බලාගෙන.. ඒ අස්සෙ මට අපේ පැත්තෙ දිගට එළන කොඩියත් තැනින් තැන ඉස්සි ඉස්සි පේන්න ගත්තා..එයාලා ඒ අපි දින්නොත් ඒකත් උස්සන් ග්‍රවුන්ඩ් එකට එන්න ඉන්නෙ.

“ශාක්‍ය! මැද්දට!” මම ටක්ගාලා ශවිරු අයියාගෙ කමාන්ඩ් එකට බවුන්ඩ්‍රි එකෙන් ඈත් වෙලා ග්‍රවුන්ඩ් එක මැද හරියකට ආවේ හදිස්සියක් වුණොත් ඕනම පැතත්කට දුවන්න බලාගෙන රෙඩි වෙලා..

මම ආයෙමත් ස්ක්‍රීන් එක දිහා බැලුවා..තනුජයා බෝලෙ අල්ලෙ තද කරලා අතුල්ලන ගමන් පස්සට පස්සට ගිහින් බෝලේ නළලට තියලා ආයෙ කට ලගට ගෙනත් ඇස් දෙක වැහුවේ අනිත් තත්පරේ බැට්ස්මන්ව ස්‍්ක්‍රීන් එකට එද්දි..මම විගහට ආයෙම ග්‍රවුන්ඩ් එක දිහා බැලුවා.

තනුජ බෙල්ල පැත්තකට කරන ගමන් එකපාරටම දුවගෙන දුවගෙන ආවත් හරි මට හැමදේම ස්ලෝ මෝශන් වෙන්න ගත්තා. මම ආයෙම ස්ක්‍රීන් එක දිහා බැලුවේ වේගෙන් ගැහෙන පපුව ගණන් නොගෙන..රතු ලෙදර් බෝලේ තනුජගෙ අතින් ගැලවිලා ගිහින් පිච් එකේ වැදිලා පහළ හරියෙන්ම බවුන්ස් වුණේ බැට් එක ඉස්සෙනවත් එක්කම බෝලෙ ඒ අස්සෙන් ගිහින් විකට් එකේ වදිද්දි…අම්මට සිරි bowled out!

ග්‍රවුන්ඩ් එක හතර පැත්තෙන්ම හිටපු අපි දුවගෙන ගිහින් තනුජයාගෙ ඇගට පැන්නෙ ඌ දත් තිස්දෙකම දාගෙන අපි එක්ක හිනා වෙද්දි..උර්තල් කරන්නමයි හිතෙන්නෙ මේ පරයාව! බදාගන්න බදාගන්න පාරට ගිහින් හැම එකාගෙම බෙල්ල අස්සෙ මූණ ඔබාගනිද්දි අපි තවත් ඌව නළවලා ගත්තා.. ටීම් එකේ හුරතලා.

“තව එකයි මචං! ගහපන් මේකටත් පොලු ටික විසි වෙලා යන්න!” මෙවිදු අයියා එහෙම කිව්වම මම තනුජගෙ කම්මුල් දෙක දෙපැත්තට ඇදලා දාලා ආයෙම හිටපු තැනට ඉක්මණ් කරලා එන්න ආවා..දැන්නම් චාන්ස් එක ෆිෆ්ටි ෆිෆ්ටි. අම්මට සිරි මේකත් ගත්තොත්…අපි කප් එක ගහනවා!

මම ආයෙම ස්ක්‍රීන් එක දිහා බැලුවා..තනුජයා ඇත්තේ දැන් සතුටයි බයයි කියන ෆීලින්ස් දෙක අතර හිර වෙලා..ස්ක්‍රීන් එක දිහා හොඳ අවධානෙකින් බැලුවොත් පොරගෙ ඇස් වෙව්ලන විදිහ හොඳට පේනවා..උබට පුලුවන් තනුජයා! දින්නත් පැරදුණත් උබ ගේමක් ගැහුවා! අල්ලෙ එකපාරටම පිරුණු දාඩිය පිහදාන්න මම කලබලෙන් මගේ අත් දෙක බොටම් එකේ තියලා පහලට ඇදන් ආවත් හරි මට තනුජයා ඉස්සරහට දුවගෙන දුවගෙන ඇවිත් බෝලෙ කරකවලා ඇතෑරියා පෙනුණා.

මුලු ග්‍රවුන්ඩ් එකම හ්ම් සද්දයක් නෑ…බෝලෙ පට්ට වේගෙකින් ඇවිත් බැට් එක හරි මැද වැටුණේ අනිත් තත්පරේ ඒක බැට් එකත් එක්කම ඉස්සිලා උඩට අතෑරෙද්දි- මළ හුත්තයි ඒක එන්නෙ මගේ පැත්තට නේද?!

දෙපාරක් හිතන්නැතුව මම කැප් එක ගලවලා දාලා පිටිපස්ස හැරිලා වේගෙන් දුවන්න ගත්තා.. බවුන්ඩ්‍රි එකට ටික දුරක් තියලා ටක්ගාලා මම ආයෙම ග්රුවුන්ඩ් එක පැත්තට හැරිලා ඉවරවෙලා වේගෙන් වේගෙන් කකුළේ හීල් එක තියලා පස්සට පස්සට යන්න ගත්තෙ තියන තියන හැම අඩියක්ම මගේ මොළේටම දැනෙද්දි.. කැච් එක මිස් වෙයි කියලා බයට මම මගේ මුලු ඇගම ලොක් කරගත්තෙ දත්මිටි කන ගමන්..ඒ එක්කම මගේ අත් දෙක හීනෙන් වගේ එකතු වෙලා ඉස්සුණා වගේ විතරයි මතක…

උඩ ඉදන් දඟර දදා පට්ටම වේගෙකින් ආපු බෝලේ මගේ අත් දෙක අස්සට ඇවිත් හිර වුණු ගමන්ම මම මුලු අත්දෙකේම හයියදාලා බෝලේ අල්ලගත්තේ ඊළඟට පස්සට ගත්ත අඩියෙන් නැති වුණු බැලන්ස් එකට මාව මගේම කකුළට පැටලිලා අනිත් පැත්තට වැටෙද්දි..මම මගේ අත් දෙක එකතු කරලා තද කරලා බැලුවා..

බෝලෙ අහු වුණා…කැච් එකක්!

ඒ එක්කම මාව ඉස්සිලා ගිහින් ගොඩක් දෙනෙක්ගෙ අත් වලට හිර වෙලා යනවා දැණුනත් මම නෙමෙයි බෝලෙ අතෑරියේ…ශිට්! අපි දින්නද??? මන් හරි සිහියට එද්දි කොහොම හරි මන් හිටියේ දෙන්නෙක්ගෙ කර උඩ..ඒ ගමන්ම මම වේගෙන් වටපිට බැලුවා.

පැවිලියන් එක හිස්?! ඒ වෙනුවට මුලු ග්‍රවුන්ඩ් එකම ඇගිල්ලක් ගහන්න බැරි තරමට පිරිලා ගිහින් තිබුණා..මම ඒ ගමන්ම මගේ අත් දෙකේ තාමත් හිර වෙලා තිබුණු බෝලේ දිහා බලලා හෙමීට මගේ අත් දෙක ලිහිල් කරලා බෝලේ ඇගිලි වලින් පිරිමැද්දෙ ඊලඟ පාර මන් බෝලේ අහසට උස්සද්දි…

“Give me a *!..give me a *!!…” ස්පෙල් එක දෙන අතරේ තනුජයවත් ඉස්සිලා ඇවිත් කාගෙදෝ මන්දා කරවල් දෙකක් උඩ ඉන්දුණේ ක්‍රවුඩ් එකේ සද්දේ දෙක වෙද්දි..

අපි දින්නා…අපේ ශවිරු දින්නා..! මම ක්‍රවුඩ් එක අස්සෙන් මන් දිහා බලන් ඉස්කෝලෙ නම හයියෙන් කියලා කෑ ගහන ශවිරු අයියා දිහා බලන් හිනා වුණේ සතුටට..සිරාම සතුටට.

“අඩේ ලොකූ..තමුසෙ යකෙක් ඈ! තමුසෙ වැටුණු වැටිල්ලට මන් හිතුවේ බෝලෙ අතෑරේවි කියලා.” මම තාත්තා දිහා උඩ ඉදන් යටට බැලුවා.

“යකෝ මන් ගැන එහෙමද හිතන් ඉන්නෙ?” තාත්තා ඇවිත් මගේ කර වටේ අත දාලා මාව බදාගනිද්දි මමත් ඉතින් ගිහින් එල්ලුනා..මොකෝ ඉතින් හැමදාම කියලා හම්බෙනවෑ මෙව්වා.

“නැතුව ඉතින්! ඒ හිච්චි දොඩම් ගෙඩියවත් අල්ලන්න බෑ කියන්නෙ බන් බොලාගෙන් වැඩක් නෑනෙ! අර බලපන්..කැච් කීවක් තොපි අතින් අතෑරුණද?! බලන් ඉද්දි අතෑරුණේ..මට දුන්නා නම්-” මම තාත්තාව එහාට තල්ලු කරේ හොදවැයින් එකක් කියන්න වුණත් පොර මගේ පිටිපස්ස එකෙක්ට ඇගිල්ල දික් කර කර කියවද්ද මාත් ඒ පැත්ත බැලුවා..ආහ්! ශවිරු අයියාට..

“අන්කල්ගෙ මේ රග්බි වගේ බෝලෙකට මරා ගන්න මිනිස්සු නෙමේ අපි- අඩෝ! ඒ ඒ ගහන්න එපා අන්කල් රිදෙනවා!” තාත්තා ශවිරු අයියාගෙ අද උදේ බැටින් කරද්දි ඇදුණු අත අබරවලා ගනිද්දි මාත් ඇස් දෙක පොඩි කරගත්තා. ඒකනම් රිදෙන්නැති..මූත් මේ ** එකේ රග්බි කැප්ටන් එක්කනෙ ටෝක් කරන් ආවේ..ඒ එක්කම මන් නන්ගි දිහා බලලා දත් තිස් දෙකම දාලා හිනා වුණා.

“හා හා මෙහ්! බදාගන්න නම් එන්න එපා ලොකූ!” මම අත් දෙක එකට අතුල්ලන ගමන් හෙන කැරි හිනාවක් දාලා නන්ගිව ඇදලා අරන් බදා ගත්තා.

“අනේයියා!!!! ගඳයි මිනිහෝ!” මම හිනා වෙන ගමන් නන්ගිගෙන් ඈත් වුණා.

“චීයා අනේ..!! මේ බලනවා දාඩිය තමුසෙගෙ..!!අපරාදේ මැච් එක බලන්න ආවේ!” නන්ගි ඒ අන්තිම ටික මහා හයියෙන් කෑ ගහලා කිව්වම වටේ පිටේ හැමෝම අපි දිහා බැලුවේ මන් සද්ද නැතුව රත්නසිරි මාමා ගාවට යද්දි..ඔය කොළඹ කෙල්ලෝ නම් අපි අදුනන්නෑ..ම්හුක්ක්! මේ ඉන්නේ මගේ ඊළඟ ටාගට් එක..

මම අත් දෙක දෙපැත්තට දාලා රත්නසිරි මාමා ගාවට යන්න අඩියක් තියද්දි පොර ටක්ගාලා හොල්මනක් දැකලා වගේ බය වෙච්ච මූණක් හදාගෙන අනිත් පැත්තට හැරිලා ශේප් එකේ යන්න ගත්තම එකපාරටම මන් බලන් ඉද්දි තවුද මන්දා දුවගෙන ඇවිත් රත්නසිරි මාමාව උස්සලා වඩා ගත්තා.

“අනේ ශවිරු පුතේ මාව බිමින් තියහන් බන්..මේ මොන ලැජ්ජාවක්ද??”

“මාමා ඉතින් දැන් නාකි හන්දා අපිව ආදරේට වඩා ගන්නත් බෑනෙ..ඒකට කමන්නෑ මාමි මම ඉන්නවනේ.” ඊටපස්සෙ හෙන රැග් එකකට පස්සෙ ශවිරු අයියා මාමාව බිමින් තිබ්බෙ මාමා බැන බැන ග්‍රවුන්ඩ් එකෙන් එළියට යද්දි..හොඳ වෙලාවට ටීමි එකේ අනිත් එවුන් හිටියේ නැත්තෙ. නැත්තන් මාමාව අද හඳට යවලා තමයි මුන්ටික නවතින්නේ..ඒ අතින් මන් කොච්චර හොඳද හුම්!

“මේ හලෝ! ඕවා මන් මතක තියා ගන්නම්කො හොදේ!” ඒ අස්සෙ ශවිරුවා තව කෑ ගහනවා…මාමාගෙ ආයේ හැරිලි බැරිලි නෑ..කෙලින්ම ස්ටේඩියම් එකෙන් එළියේ.

“ඒ ඒ ශවිරු..! මල්ලේ..! වරෙන්!” ඒ පාර තාත්තලාටත් එතනට එන්න කියන ගමන් අපි දෙන්නම ග්‍රවුන්ඩ් එක මැද්දට ගියේ අවෝඩ් සෙරමොනි එකට.. දැනටමත් එතන ඉස්කෝළ දෙකේම ලමයිනුයි පේරන්ට්ස්ලායි අනිත් හැමෝමයි වට වෙලා ඉවරයි.. කොහොම හරි මායි ශවිරු අයියයි එතනට එද්දි අපි වටේ හිටපු කොල්ලෝ කෙල්ලෝයි පේරන්ට්ස්ලයි අපි දෙන්නා දිහා හැරි හැරි බලන්න ගත්තා. ඕවා නම් ඉතින් මැචස් ගහලම අපිට පුරුදු වෙලයි තිබ්බෙ..ඒක නිසා මන් එහා පැත්තට සෙට් වුණු නිශල්කයාගෙ කර වටේට අතක් දාලා ඌව මන් ගාවට ඇදලා ගත්තේ ආදරේටයි විනාඩි ගාණක් තිස්සෙ මට පොඩ්ඩක් දැණුනු වැනෙන සීන් එකටයි..ආදරේ පිටින් දාලා මන් උගේ ඇගට මගේ සම්පූර්ණ බර දාලා ඔහේ බලන් හිටියේ අවෝඩ් සෙරමොනි එක පටන් ගන්නකල්.

ඔය අතරේ මන් දැන් ස්ටේජ් එක උඩ අනවුන්සර් එක්ක මොනාදෝ කියවන ආර්යන් අයියා දිහා බලන් හිටියා..අද උදේ මැච් එක පටන් ගන්න කලින් ටෙන්ට් එක ගාවදි හම්බවුනා විතරයි දැන් වෙනකන් එක වචනයක්වත් එයා එක්ක මට කතා තරන්න හම්බ වුණේ නෑ..අඩුම මැච් එක දින්නට පස්සෙවත්.. කන්ග්‍රෑට්ස් කියන්නවත්- අනවුන්සර් කියපු මොකක් හරි දේකට ආර්යන් අයියා බොරුවට වගේ දත්ටික පෙන්නන්නෙ නැතුව හිනා වුණා. කොහොමත් එයා මට කන්ග්‍රෑට්ස් කියන්න බැදිලා නෑනෙ..අනික අපි මේ ටික කාලෙක ඉදනුයි මෙහෙම කතා කරන්න ගත්තෙත්.. ඉතින් ඒවගේ කෙනෙක්ගෙන් මන් අච්චර දෙයක් බලාපොරොත්තු වුණාටත් මෝඩයි.. ටික වෙලාවක් එයා දිහා බලන් ඉදලා මම වෙනාතක් බලා ගත්තා.

මැච් එකේ බෙස්ට් ෆීල්ඩර්ට හම්බවුණේ **** එකේ උවින්ඳු කියලා අයියා කෙනෙක්ට…එතකොට බෙස්ට් බෝලර්ට හම්බ වුණේ තනුජයාට..අපි කට්ටිය ඌ අවෝඩ් එක ගනිද්දි හෙන සත්තු ටිකක් වගේ කෑ ගැහුවේ පොරගෙ අව්වට දැළි ගෑවිලා වගේ තිබ්බ මූණ රතට රතේ පාට වෙද්දි..හනෙව්ව්! මිරිකලා ඉබින්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා.

“And now, for the Best Batsman award…” අනුව්න්සර් හෙනම ඩ්‍රමැටික් විදිහට කියන් යන එක මැදින් නතර කරලා මයික් එක අපේ පැත්තට දික් කරා..”ශාක්‍ය!!!” ශික්කේ ලැජ්ජාවේ බෑ මුන් එක්ක..මම කට අතින් වහගන්න ගමන් අපේ තාත්තලා ඉන්න පැත්ත බැලුවම දැක්කේ පොර ෆෝන් එකත් දික් කර කර උඩට ඉස්සෙනවා..ඒ එක්කම අනවුන්සර් හිනා වුණා.

“Without hesitation huh?? Alright then..

this young man stood tall under pressure, his calm yet aggressive approach leaving the opposition in tatters. His precise timing, powerful strokes, and an unwavering focus made him a nightmare for the bowlers. With an incredible tally of 8 fours and 3 sixes, he carved through the field like a seasoned pro. This year’s Best Batsman goes to… Shakya De’Abrew!”

අර ඉතින්..මේ පක්කු ටික මගේ පිටට තියාගෙන තඩි බානවා! මන් හොඳවැයින් දෙකක් රවලා ස්ටේජ් එක උඩට ගිහින් මගේ අවෝඩ් එක අරන් වැඩි වෙලා එතන හුරතල් නොවී බැහැගෙන ඇවිත් ටීම් එක ගාවට ඇවිත් හිටගත්තා.

“And now… the award that crowns the best of the best. The player who led with not just skill, but heart. The Man of the Match. This player fought fiercely at the crease, battled with every ball, and above all, he led his team to victory when they needed him most. The award goes to… Captain Shaviru De Silva!”

අපි පිස්සෝ ටිකක් වගේ කෑ ගහලා ශවිරු අයියාට ස්ටේජ් එකේදි හිනා යන තැනට පත් කරලා ඌ අවෝඩ් එක අරන් බැස්සම පූස් පැටව් ටිකක් වගේ අත් බැදගෙන උන්නේ ඌ අපිට බනින්න හිතාගෙන ආපු ටිකත් අමතක කරවන ගමන්.. ඒකනෙ කියන්නෙ අපි වගේ හුරතල් මිනිස්සු දැක්කම ඔය කොයි කවුරුත් මට්ටු වෙනවා..

“And now, the moment we’ve all been waiting for—the presentation of the Big Match Trophy. This year’s champions…**** College!” අපි සේරමල්ලාම ශවිරු අයියා ආයෙම ගිහින් ස්ටේජ් එකට නගිනවා බලන් හිටියා..

ප්‍රින්සිපල්ගෙ ඉස්සරහින් හිටපු චීෆ් ගෙස්ට් ශවිරු අයියා එක්කලා මෝනාදෝ කියවන ගමන් හැටට හැටේ හිනාවක් දාගෙන ට්‍රෝෆි එක ශවිරු අයියාගෙ අතට දුන්නත් හරි පොර අපිට අතින් එන්න කිව්වෙ අපිත් තත්පරයක්වත් නාස්ති නොකර හේමාල් සර්වත් ඇදගෙන ස්ටේජ් එක උඩට කඩාගෙන පනිද්දි..ඒ එක්කම ස්ටේජ් එක උඩ දෙපැත්තෙන් ගිණි උඩට යන්න ගත්තම අපි සෙට් එක ටක්ගාලා අඩසඳ වගේ හිටගෙන ශවිරු අයියාව මැද්දට දැම්මා.

“මේක ගන්න..”

“පිස්සුද යකෝ තනියම උස්සපන්!” මම ශවිරු අයියාට කෑ ගැහුවත් හරි ශවිරු අයියා හිනා වෙලා කප් එක ඉස්සුවේ අපි කට්ටිය හයියෙන් කෑ ගහද්දි..කොහොම හරි අපි කට්ටය හෙනම ආතල් විදිහට එකේක විදිහට ෆෝටෝස් ගත්තා.

“ඒ නගා වාන්ගඩා..!” තාත්තයි නන්ගියි මාමායි එක්ක ගහලා මම ආයෙම නන්ගිට කතා කරාම ඉස්සරහා කොහෙද මන්දා බලන් හිටපු එයා එකපාරටම ගැස්සිලා වගේ මන් දිහා බැලුවම මගෙත් ඇහි බැම ඉබේම ඇකිළිලා ගියා.

“ඇයි මොකද?” මන් ගාවට ඇවිත් මගේ ඉණ වටේ අතක් දාගන්න ගමන් නන්ගි මාත් එක්ක ලාවට හිනා වුණා.

“නෑ අයියෝ මන් මෙතන ඉදන් ඉස්සරහා බලද්දි ඉන්න මිනිස්සු ගොඩ දැකලා බය වුණා..ඇත්තටම ඔයාලාට මෙහෙම වුණාම බයක් දැනෙන්නැද්ද?” මම නන්ගි දිහා ටික වෙලාවක් බලන් හිටියේ සැකෙන්..මොකද පොඩි කාලෙ ඉදන් බැට්මින්ටන් මැචස් වලට එක එක රටවල් වලට ගියපු කෙල්ල මේ ක්‍රවුඩ් එක දැකලා බය වෙන්න? ක්‍රිකට් වලට ඉන්න තරම් ක්‍රවුඩ් එකක් බැට්මින්ටන් වලට නොහිටියත් මෙහෙම බය වෙන්න විදිහක් ඇත්තටම නන්ගිට තිබුණෙ නෑනෙ?

“ඇයි මෝඩයෝ මන් උස් තැන් වලට බයයි කියලා අමතක වුණාද?” නන්ගි මෙතන ඉදන් අත දික් කරලා ඉස්සරහා පෙන්නුවම මමත් ඒ ගමන්ම ඉස්සරහා බැලුවා..නිශල්කලා ශවිරු අයියලා ඔක්කොම බලන් හිටියේ අපි දෙන්නා දිහා වෙද්දි මන් ටක්ගාලා කැමරා එකට ෆේස් කරලා නන්ගි එක්ක ස්ටේජ් එකෙන් බැස්සට පස්සෙ එයා තාත්තා ගාවට හෙමින් සැරේ යන විදිහ බලන් හිටියා..

“ඇයි මොකෝ?”

“නන්ගි ටිකක් අමුතුයි වගේ කියලා හිතෙන්නැද්ද?” මම ශවිරු අයියා දිහා බැලුවම පොර මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයේ ඈත තාත්තාගෙ එහා පැත්තෙ එල්ලිලා ඉන්න නන්ගි දිහා බැලුවා.

“ඇයි ඒ ශෞර්යා නන්ගි නෙමේද?” නිද්දකින්..ඔය කිව්වෙ පගයා කතාවක්..මන් ඒත් නිකමට හිතුවා ටිකක් වෙලා කන්න වගේ බලන් ඉද්දි ඔය වගේ ගොන් ආතල් එකක් දෙයි කියලා.

“අනේ ඕයි අයියේ! කටවහගෙන වරෙන් මාත් එක්ක ෆොටෝ එකක් ගන්න.” මම ශවිරු අයියාවත් ඇදගෙන ෆොටෝ බූත් එකට ගිහින් ෆොටෝස් දෙක තුනක්ම අරන් ආයෙම නිශල්කයලා එක්කත් අරන් කට්ටියත් එක්කම අපේ ටෙන්ට් එකට එන්න ආවේ බඩුත් පැක් කරගෙන ගෙදර යන්න..කොහොමත් අද ආෆ්ට පාටි තියන්නෙ නැතුව අපි සෙට් එක හෙටම කොහෙන් හරි කාලා බීලා ට්‍රිප් එක යන්න කතා වුණේ ඊලඟ දවස් තුනම ලෝන්ග් වීක්එන්ඩ් එකක් නිසා..ඇති යන්තම් එහෙම හරි දෙවියෝ අපි ගැන හිතලා දිග නිවාඩුවක් දුන්නා.

“ශවිරුවා මචන් පොඩ්ඩක් වරෙන්..සර් කතා කරා.”

“ආ ඉදපන් මන් එන්නම්.” ශවිරු අයියා ගියාට පස්සෙ මම මගේ ප්රැක්ටිස් බෑග් එකෙන් මෙච්චරවෙලා ඕෆ් කරලා තිබ්බ ෆෝන් එක එළියට ඇදලා ගත්තා.

ෆෝන් එක ඔන් කරලා තත්පර ගාණක් යන්නැති..මගේ වට්ස්ඇප් එක කන්ග්‍රෑට්ස් වලින් පිරිලා යන්න ගත්තෙ මන් ඒ දිහා නිකන් මොකාද එකා වගේ බලන් ඉද්දි.. යකෝ කවුද මේ?? බාගෙට බාගයක් තිබ්බෙ දන්නැති නම්බර්ස්..ඒක නම් කමක් නෑ කියමුකෝ..ඒත් කොහොමද මගේ නම්බර් එක කෙල්ලො අතරට ගියේ?? මම මූණත් ඇඹුල් කරගෙන චැට්ස් පිටින් පහළට පහළට ස්ක්‍රෝල් කරන් ගියේ මේවාට කවදා කොහොම රිප්ලයි කරන්නද කියලා හිතන ගමන්..කොහොමත් අදුරන්නැති නම්බර්ස් වල ඒවා නම් මන් ඕපන් කරන්නෙම නැති තරම්..ඔය ප්‍රොෆයිල් එකකින් අදුනගත්තොත් මිසක් මම රිප්ලයි කරන්න යන්නෙ නෑ..ලොකුකම බැරි නම් ඕන මඟුලක් හිතාගත්තාවේ.. මම කරන්නෙ මට ඕන දේ.

මම ඇඟිල්ල වේගෙන් ස්ක්‍රීන් එකේ පහළ ඉදන් උඩට ඇදගෙන ගිහින් ආයෙම උඩට ගියපු චැට් එකක් දැකලා ටක්ගාලා ඇගිල්ල ආයෙම ටිකක් පහළට ඇද්දා.. ආර්යන් අයියාගෙ චැට් එක. මේ මොකද මේ?? මැසේජස් එකයි දෙකයි තුනයි…දහයයි එකොළහක්? මම ටක්ගාලා එයාගෙ චැට් එකට ආවා.

“මොක්-” මම ෆෝන් එක මගේ මූණ ගාවටම ගෙනාවේ ඇහි බැමත් අකුළ ගන්න ගමන්… මගේ ෆොටෝස් පහක්?? පළවෙනි එක එවලා තිබ්බෙ ඊයේ පාන්දර. ඒ කියන්නෙ එදා අර ශවිරු අයියාගේ බත්ඩේ එක දවසේ පාන්දර තුනට..

මම මාළිගාවේ පහන් වැටේ පහන් පත්තු කරන ෆොටෝ එකක්.. ඒකේ මගේ ඇහැයි නහයයි තොලුයි විතරයි පේනන අරන් තියෙන්නෙ..ඉතුරු ටික මන් පත්තු කරපු පහන් තිරයක් ගෙනත් පහනෙන් තියන එකක් තමයි වැදිලා තියෙන්නේ..

“Meka paththu karaddi wath wish ekak karada?”

මට ලාවට හිනා ගියා..ඇත්තම කිව්වොත් නෑ. මම ඒවෙලාවෙ අත පුච්චගන්නෙ නැතුව ඉන්න හෙන ගේමක් දුන්නා..මොකද මන් ගින්දර වලට බයයි.

“Kokatath man wish ekak kara…thamuse hena clueless adhil.”

මම කටෙන් පනින්න ආපු හිනාව ටක්ගාලා තොල් දෙක තද කරගන්න ගමන් නවත්ත ගත්තා.. එතකොට දෙවනි ෆොටෝ එක අරන් තියෙන්නැත්තෙ අර බාරේ ගැට ගහපු සීන් එක වෙලාවට පස්සෙ වෙන්නැති.. මම බෝධීන් වහන්සේ දිහා බලාගෙන වැදගෙන ඉන්දැද්දි ආර්යන් අයියා ඒක අරන් තිබ්බෙ මගේ පිටිපස්සෙ ඉදන්..සිරාවටම මෙයාට ලස්සනට ෆොටෝස් ගන්න පුලුවන්. අරන් තියෙන ඇන්ගල් එකෙනුයි බැක්ග්‍රවුන්ඩ් එක පේන්න තිබ්බ විදිහටයි ෆොටෝස් ටික පට්ටම aesthetic විදිහට වැදිලා තිබ්බා..

“Thawa kochcharaknam mawa puduma karawannada hithan inne?”

ඒක නම් ඔයා තියා මමවත් දන්නෑ ආර්යන් අයියේ..මම වෙන වෙන දේවල් හිතන්නැතුව දාලා තිබ්බ තුන් වැනි ෆොටෝ එක දිහා බැලුවා..පන්සල් ගිහින් ඇවිත් කාර් එකෙන් බැහැලා වත්තෙ ඉදන් ගෙදරට යන පාර ගාව ටෙසා මගේ ඇගට පනින්න හදද්දි මම අනිත් පැත්තට පනින්න හදපු වෙලාවෙ ගත්ත ෆොටෝ එකක්..ඒක අරන් තිබ්බ විදිහට මායි ටෙසායි දෙන්නම උඩ පනිනවා වගේ පෙනුනේ.

“Two golden retrievers??”

මම ඇස් දෙක රෝල් කරා..මෙයා නම් මහා පුදුම මනුස්සයෙක් තමයි. අනික මෙච්චර දේවල් ගන්න තරම් මෙයා ෆෝන් එක බෙල්ල වටේ දාගෙනද උන්නෙ? මම ඊළඟ ෆොටෝ එක බැලුවා.

ඊයේ මැච් එක පටන් ගන්න කලින් අපි අර දිග ෆ්ලැග් එක යටින් යන වෙලාවේ ගත්ත එකක්.

“You will win today..!”

මම ඒ මැසේජ් එක දිහා විනාඩියක් විතර බලන් ඉදලා අන්තිමට දාලා තිබ්බ ෆොටෝ එක දිහා බැලුවා…මම අන්තිමට අල්ලපු කැච් එකේ බොලේ අහසට දික් කරන් දෙන්නෙක්ගෙ කර උඩ ඉදගෙන හිනා වෙලා ඉන්න එකක්..

“Congratulations Adhil 🤍”

මෙච්චර වෙලා මූණේ ඇදිලා තිබ්බ හිනාව නිසා මගේ කම්මුළ් දෙකත් රිදෙන්න අරන් තිබ්බෙ..ඒ මදිවට කොහෙන්ද මන්දා එකපාරටම පපුවත් ගැහෙන්න ගත්තා.. ඒ එක්කම මම ආර්යන් අයියාගෙ චැට් එක දිහා බලන් ඉන්දැද්දි එකපාරටම එයාගෙ නමට යටින් ටයිපින් කියලා වැටුණම මට නිකන් දැණුනෙ මගේ හුස්ම හිරවෙන්න එනවා වගේ..

“Koheda oya? ay shaviru witharak awe?”

මමත් අනිත් පැත්තට ටයිප් කරන්න ගත්තා..

“Eyata withara ne enna kiyala thibbe?”

“Nah mn oyatath eh gamanma enna kiyala message eka ewwe?”

මම ඇස් දෙකත් පොඩි කරගෙන ආර්යන් අයියාගෙ චැට් එක දිහා බලන් හිටියා..

“Principle da enna kiwwe?”

“Nah mama”

ඒ මැසේජ් එක කියෙව්වට පස්සෙ මට හෙන ලැජ්ජාවක් ආවා.. ඇයිද දන්නෑ අටපට්ටමට මාව බලන්න ඕන?

“Ay?”

තත්පර ගාණකට පස්සෙ ආයෙම මැසේජ් එක සීන් වුණත් ආයෙම එයා රිප්ලයි නොකරම මට හිනා ගියා..අනාව්ව් තරා ගිහින්ද කොහෙද..

“Inna mn ennam.”

“VIP ekata eha paththe.”

මම ෆෝන් එක බෑග් එක ඇතුළට දාලා ටෙන්ට් එකෙන් එළියට යන්න කියලා හිතන් ඉස්සරහට යන්න ගත්තා..මේක ඇතුළට ඉතින් කොහොමත් කෝච්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට එන්නත් බෑනෙ..ආවත් ඉතින් කට්ටිය ඉන්න නිසා වැඩක් නෑ. උන්ටත් මැස්සෙක් ගියත් ඇති උගේ හරි කොප්පයක් හෝදන්න තියෙනවනම්.

“උබ කොහෙද යන්නෙ? පැක් කරලා ඉවරද?” මම තනුජයා දිහා බැලුවා..මූට බොරු කියද්දිත් දුකයි. ඒත් ඉතින් මෙතන මුලු ටීම් එකම ඉන්නවානෙ..උනුත් බලයි ආර්යන් අයියා කතා කරා කිව්වම..අනික තනුජයාටත් ඕක දැන් හැමෝම ඉස්සරහ කිව්වම ඌටත් අහන්න හිතෙන්නෙ මේ ලෝකෙ නැති ප්‍රශ්නනෙ.. මම ඌ දිහා බලලා ඔලුව වැනුවා.

“තාත්තා පොඩ්ඩකට කතා කරා බන්..මගේ බෑග් එකට අර ටික දානවද මන් එනකන්?” ඌ ඔලුව වැනුවාම මම හිනා වුණා.

ටෙන්ට් එකෙන් එළියට ඇවිත් මම අපේ වීඅයි පී ටෙන්ට් එක හරිය පාස් කරගෙන එහා පැත්තට වෙන්න තිබ්බ ගේට් එක දිහා බලලා ආයෙම වටපිට බැලුවා..මේකෙන් ඇතුළටවත් ගියාද මෙයා? ඒත් එතන ෆුඩ් කෝට් එකනෙ..මම ආයෙම එහා පැත්තත් බැලුවේ බැරි වෙලාවත් එයා වී අයි පී ටෙන්ට් එකේ අනිත් පැත්තෙද කියලා බලන්න වුණත් ඒ එක්කම මගේ ඇස් දෙක ගියේ මට ටිකක් ඈතට වෙන්න ග්‍රවුන්ඩ් එකේ මැද කෙල්ලෙක්ව බදාගෙන ඉන්න ආර්යන් අයියා ගාවට.

“ඔහ්..”

මම කරගන්න දෙයක් නැතුව වගේ මගේ අනිත් අතින් අල්ලගත්තෙ වටපිට බලන ගමන්.. ඒ කෙල්ල නම් සිරාවටම ලස්සනයි. ඉණ ගාවට තිබ්බ කොණ්ඩෙ කඩාගෙන කෑලි දෙක තුනක් මූණට වැටෙන්න දාලා ලස්සනට දණහිස වැහෙන්න ඇදන් හිටපු ගවුමට සිරාවටම ඒ කෙල්ල- අක්කා කෙනෙක් වෙන්න එපැයි ඉතින්. ඒ අක්කා පට්ට ලස්සනයි.. ආර්යන් අයියාගෙ කම්මුළේ පැත්තකුත් අල්ලන් මොනාදෝ කිය කිය හිනා වෙද්දි ආර්යන් අයියාත් ඒ අක්කා එක්ක හිනා වුණේ එයාගෙ පැත්තට පේන්න තිබ්බ මූණේ දිග වලක් හැදෙද්දි.. මන් එයාගෙ ඒ හිනාව දැකලා තිබ්බෙ මා ගාවදි විතරයි. නෑ..මන් හිතුවේ එහෙම..එහෙම බැලුවොත් සිරාවටම මන් මෙයා ගැන දන්නෙ මොනාද?? මම වෙන කරන්න දෙයක් නැති හන්දා පිටපස්සට අඩියක් ගත්තා.

“ශාක්‍ය?” ඒ එක්කම මගේ උරහිස උඩින් තද වෙච්ච අතකට මාව ගැස්සිලා ගියා..මන් ටක්ගාලා හැරිලා බලද්දි දැක්කේ හැටට හටේ මන් දිහා බලාගෙන හිනාවෙන හේශිත්ව.

“අම්මටසිරි..! එන්න එපැයි උඩට?” ඌව ඇදලා අරන් මන් හග් එකක් දුන්නට පස්සෙ නිකමට වගේ මන් ආයෙම ග්‍රවුන්ඩ් එක පැත්තට හැරුණම දැක්කෙ ආර්යන් අයියා මන් දිහා බලන් ඉන්නවා.. ඒ පාර එයා එක්ක මොනාදෝ කියව කියව උන්නු අක්කත් එයා ඉන්නෙ වෙන අවදානෙක කියලා දැනගෙනද කොහෙද මන් ඉන්න පැත්තට හැරුණාම මම ටක්ගාලා ආයෙම හේශිත් දිහා බැලුවා.

“මන් අරුන් එක්ක කලින් කතා කරා බන්..මන් හිටියෙත් මහේන් අන්කල්ගෙ රෝ එකේ- ඒක නෙමෙයි උබ හොදින්ද බන්? මොකද නිකන් මූණ ඇදිලා ගිහින් වගේ? අනික උබ මොකද මේ…” ඒක කියන ගමන් හේශිතයත් වටපිට බලලා ආර්යන් අයියාව දැකලද කොහෙද ආයෙම මන් දිහා බැලුවේ මම දැක්කෙ නෑ වගේ වෙනාතක් බලා ගනිද්දි..

“ඒ බන් අර ඉන්නෙ ආර්යන් අයියා නේද?”

“හ්ම්..” මම ආයෙම ඒ පැත්ත බලන්න ගියේ නෑ.

“ශාක්‍ය මට ඇත්ත කියපන්..උබ අවුලකින්ද ඉන්නෙ?” ඒ පාර මම හේශිත් දිහා බලලා හෙන ගොන් හිනාවක් දැම්මෙ ඌ මගේ උඩ ඉදන් යටට බලද්දි.

“පිස්සුද බන්- මේ අපි උඩට යමුද?” ඒ පාර මන් දිහා බලන් හිටපු හේශිත් ඔලුව වැනුවම මම ඌ එක්ක ටක්ගාලා එතනින් එන්න ආවා.

මම ගෙදර ඇවිත් වොශ් දාලා කාලා බීලා ඔක්කොම කරගෙන දැන් මේ ඇදට වෙලා ඉන්සර්ග්‍රෑම් එකේ අපිව මෙන්ශන් කරලා හෝ ගාලා දාලා තිබ්බ ස්ටෝරීස් වලට ලයික් කරලා රිප්ලයි කරන ගමන් මගේ ඇගපතේ වේදනාව යවන ගමන්.. හම්මෝ මේවා දින්නා වගේ නෙමෙයි ඔය කන්ග්‍රෑට්ස් එවන එපිසෝඩ් එකට ආවම. මීට වඩා හොඳයි ආයෙ මැච් එකක් ගහන එක..මොන මඟුලක්ද! රිප්ලයි කරලා ඉවර වෙලා ආයෙම බැලුවම තවත් ස්ටෝරීස්..මම ආපු තරහට ඕන මඟුලක් කියලා ෆෝන් එක පැත්තකට දාලා ඇස් දෙක වහගත්තා..

ටික්..ටික්..ටික්…

ඒ අස්සෙ මට අර ලබ්බේ ටේබල් වොච් එකේ සද්දෙත් ඇහෙන්න ගත්තා…රෙද්ද! මම අනිත් පැත්ත හැරිලා කොට්ටයක් අරන් මගේ කනට තියලා තද කරා. මොන මඟුලක්ද! ඉදලා ඉදලා ඇදට ආවා විතරයි..!

හරි අපි වෙන දෙයක් ගැන හිතමු තිශාක්‍ය! මොකක් ගැනද…මම එකපාරටම කෙලින් වෙලා ඇද මිට්ටමට පොඩි හේත්තුවක් දාගෙන කකුළ් දෙකත් හොඳට දෙපැත්තට වනන්න ගත්තෙ හිතන්න හොඳ ටොපික් එකක් ගැන හිතන ගමන්..

“නෑ නෑ නෑ..උබ උබටම පොරොන්දු වුණා ආයේ මේ ගැන හිතන්නෙ නෑ කියලා තිශාක්‍ය” මම මටම කියාගත්තා.

ඒත් ඇයි එයා මට අරහෙම විශ් කරේ එහෙනම්?? මන් කියන්නෙ දැන් ඔය සාහිල් අයියලා පවා මට විශ් කරද්දි එහෙනම් අර විදිහට විශ් කරන්න එපැයි. මොකද මම කොච්චර කාලයක් තිස්සෙ උන් එක්කලා යාලු වෙලා හිටියද? අනික මෙයා එක්කලා මේ චැට් කරන්න ගත්තෙත් මේ ඊයේ පෙරේදා.. මම මහපොට ඇගිල්ල කටට දාගෙන නියපොත්ත හපන්න ගත්තා. මොන ගොනාද මෙහෙම නියපොතු කපන්නෙ මන් අහන්නෙ..!

ඔය අස්සෙ ආයෙම මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වුණා.. අනේ රෙද්ද! දැන් මේ මඟුල දැක්කත් ඇති මට තද වෙන්න. ෆෝන් එක අඳේ අච්චර ඈතකට විසික් කරපු එකට මන් මටම බැන බැන අත දිගෑරලා මන් ෆෝන් එක අතට අරන් මූණ ගාවට ගෙනාවා.

Aryan Rawurawawansha (HP) is calling…

මම කොල් එක කට් වෙනකන්ම මොකාද එකා වගේ බලන් හිටියා.. ඒ එක්කම ආයෙම මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වුණේ මම තොල් දෙක තද කරගනිද්දි.. මොනාද දැන් මෙයාට මෙච්චර කියන්න ඕන වෙලා තියෙන්නෙ?? අහ්හ්හ්හ් මටත් පිස්සුනෙ! මන් මේ මනස්ගාත හිතන් හිටියට ඒ මනුස්සයා පළිද?? ඔන්නොහේ කෝල් එක ආන්සර් කරා නම් ඉවරනේ.. අනික මෙච්චර දවස් හොඳින් බිල්ඩ්අප් වේගෙන ආපු යාලුකම-

මම කෝල් එක ආන්සර් කරන්න යද්දි එකපාරටම ඒක කට් වෙලා ස්ක්‍රීන් එකෙන් ඒක අයින් වෙලා ගිහින් නොටිෆිකේශන් බාර් එකේ මිස්ඩ් කොල් එකක් විදිහට පෙන්නුවේ මම ආයෙම තොල් දෙක තද කරගනිද්දි.

ඔය කරගත්තේ..! මම ෆෝන් එක අන්ලොක් කරලා කෝල්ස් වලට ගිහින් ආර්යන් අයියාට කෝල් බැක් කරන්න හිතාගෙන එයාගෙ නමට උඩින් ඇගිල්ල තියන්න යද්දි එකපාරටම ‘Shaviru Bosa’ කියන එකෙන් කෝල් එකක් ආවේ මන් ඒක ආන්සවර් කරද්දි..

“ඕ කියපන්.” ශවිරු අයියා කතා කරනකන් මන් බලන් හිටියත් පොරගෙන් අනිත් පැත්තට උත්තරයක් ආපු නැති තැන මම ෆෝන් එක මූණ ගාවට ගෙනාවා..මේ ඩියුරේශන් එක යනවනේ?

“ඕයි අයියේ?” ඔය එක්කම මට තව ඈතින් තටහඬවල් දෙක තුනක්ම ඇහුණා. මොකද මෙයා කතා කරන්නැත්තේ? මාව ඇහෙන්නෙ නැද්ද? මම ආයෙම කතා කරන්න ගියත් හරි කෝල් එක කට් වෙලා ගියේ අනිත් පැත්තට මම කෝල් බැක් කරද්දි.. ඒ පාර මේ යකා ආන්ස්වර් කරන්නැත්තෙ ඇයි?

“ඕ මල්ලේ කියපන්?” තත්පර කීපයක් ගිහින් එකපාරටම ආන්ස්වර් වෙච්ච කෝල් එකෙන් මට ටකරං කටහඬක් ඇහුණේ මම මූණත් එක්කම ඇඹුල් කරගනිද්දි..මුගේ කටහඬ ඇහෙන්න කලින් මම කොච්චර පරිසරයේ මේ නිහඬතාවයට ආදරේ කලාද?

“කියපන් ගාන්නෙ උබනෙ බන් අයියේ මට කෝල් කලේ?”

“මම?”

“නැතුව මමද දැන් ටිකකට කලින් කෝල් එක කට් කරේ?”

“යකෝ මන් මේ දැන් කාලා ආවා විතරයි..උබ නින්දෙන් නැගිට්ටද?”

“අනේ මේ ඕයි අයියේ කියන දෙයක් කියලා ෆෝන් එක තියපන් බන්! මන් දැන් ඉන්නෙ මූඩ් එකක නෙමේ.”

“ඇයි තෝ චාර්ල්ස්ද මට අණ දෙන්න? මොකද දැන් තොගේ මූඩ් එක අවුල්- උබ කොහේ හරි යන්නද බන්?” ඒ අස්සෙ මේ යකා තව කා එක්කද මන්දා කියවනවා.. අම්මාපා මූට මාත් එක්ක ඉද්දි තමයි අනිත් හැමෝම එක්කම කතා කරන්න ඕන වෙන්නෙ. එහෙන් සිංදු දාලා මහා හයියෙන්..මුන්ට අද පාටිද කොහෙද.

“ඕයි ඕයි කොහෙද උබ යන්නෙ??! මේ ශාක්‍ය පොඩ්ඩක් ඉදපන්-” අන්න කට් කරා නේද පගයා? ඉදපන්කො මටත් අවස්ථාවක් එයිනේ!

දැන් වෙලාව හරියටම පාන්දර තුනයි..මම ආර්යන් අයියාට කෝල්ස් දෙකක් ගත්තත් එයා අන්ස්වර් කරපු නැති නිසා මම දත් ටික මැදලා කාමරේ අස් කරලා ඇදට ආවේ නිදා ගන්න බලාගෙන.. එහෙන් හෙට අපි හතර දෙනා ට්‍රිප් එකකුත් යනවා. මන් තාම ට්‍රිප් එකක් යනවා කියලා විතරයි දන්නේ.. යන්නෙ කොහෙද කියලවත් දන්නෑ. මොකද ට්‍රිප් එක ඕගනයිස් කරන්නේ අපේ පොකිරිස්සානේ.. ඔහොම ගිහින් අංගොඩින් නැවතුණොත් ඇති මට..

මම ඇද උඩට පතබෑවිලා හොඳට කකුළ් දෙකත් දෙපැත්තට දාලා කොට්ටයක් ලඟට ගත්තේ සැප නින්දක් දාන්න බලාගෙන වුණත් එකපාරටම ෆෝන් එකට ආපු මැසේජ් එකක් නිසා කවදාවත් නැතුව මට ඒක බලන්න හිතුණා.

ආර්යන් අයියා? මොකද්ද ෆොටෝ එකකුත් එවලා.. මම ටක්ගාලා ෆෝන් එක අන්ලොක් කරලා ඉවර වෙලා එයාගෙ චැට් එකට ගියත් හරි මාව සීතල වෙලා ගියේ එයා එවලා තිබ්බ මැසේජස් එක දැකලා..

තාප්පෙත් එක්ක මගේ කාමරේ බැල්කනි එක පේන විදිහට ෆොටෝ එකක් එවලා තියෙනවා දැක්කම මන් ටක්ගාලා මගේ ඇදෙන් පහළට පැන්නා.


A/N

අසනීපෙන් හිටපු නිසා වැරදි හදන්න බැරි වුණා ඒයිලා 😔 ශමාවෙන්නෝන මෙමට!!

ඒක නෙවෙයි..ඇයි දන්නෑ මට මේක කියන්නම ඕනෙ කියලා හිතුණා..ආර්යන් අයියා ටොක්සික් ඤැ! 😒

කතාව ගැන දැනගන්න ඕන මොනාහරි තියේ නම් මගෙන් අහන්න ලමයි. මන් හපන්නෙ නෑ ඔයාලව..සත්තයි 😔🫶🏻

ආයේ පස්සෙ හම්බෙමු හරිද?? Adareyyyy ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 37, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 37, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 37 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 37 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 37 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 37 light novel, ,

Comment

Leave a Reply

Chapter 37