À¶»À¶¯À·… | The Kandyan Aristocrats 38

A+ A-

කලින් ගලවලා ඇදේ පැත්තකින් දාලා තිබුණ සුදු පාට ටී ශර්ට් එකත් අතට ගන්න ගමන් මම ආයෙම ෆෝන් එක දිහා බැලුවා. පාන්දර තුනයි දහයයි වෙලාව.. ඇත්තමයි මට එන තරහා! ඒ මදිවට සුදු ටී ශර්ට් එක හොඳටම පොඩි වෙලා! කමක් නෑ අනික දැන් ඕක මාරු කර කර හිටියොත් අර මනුස්සයා මම එතන්ට යද්දි සීතලට ගල් වෙලා ඉදීවි..මම කාමරේ දොරත් ඇරගෙන ටක්ගාලා පඩිපෙළ ගාවට ගියේ එහා පැත්තෙ කොරිඩෝ එකේ ලයිට් එක තාම ඔන් කියලා නෝට් කරගෙන..ඒ කියන්නෙ නන්ගි තාම ඇහැරිලා..

ඈත කෙලවරේ පේන නන්ගිගේ කාමරේ දිහා බලාගෙනම පඩිපෙළ බහින ගමන් මම ටක්ගාලා ටී ශර්ට් එක අත් දෙකෙන් යවලා ඇදගත්තෙ ඉස්සරහ දොර ගාවට ගිහින් සෙන්සර් එක උඩින් ඇගිල්ල තියලා දොර අරිද්දි..ඒ එක්කම මම ආයෙම පිටිපස්ස හැරිලා මුලු ගෙදර පුරාම දාලා තිබ්බ ඩිම් ලයිට්ස් දිහා බලාගෙන මගේ ඇස් දෙක යැව්වා. ශුවර් එකටම මම දැන් ඉන්නෙ තනියෙන් කියලා කම්ෆර්ම් කරගත්තාට පස්සෙ මම ගෙදර ඉස්සරහ වත්තට බැස්සෙ වත්ත පුරාවටම යවලා තිබ්බ උදුපියලිය වලට මගේ කකුළ සනීපෙටයි සීතලටයි හිරි වැටිලා යද්දි..හොඳ වෙලාවට මාමා වත්තට දාන බාටා සෙරප්පු දෙක තිබ්බා. ඇරත් මේ පාන්දර මොන යකාද කියන්නකො එළියට බහින්නේ ?? අනික රෑ පාන්දරට අපේ පැත්ත පට්ට සීතලයිත් එක්ක. එක අතකට මට හිතෙනවා ආර්යන් අයියා බීලදත් කියලා..නැත්තන් හොඳ සිහිය තියන මොන කෙනාද මෙහෙම එකපාරටම ගෙවල් වලට කඩා පාත් වෙන්නෙ? මම ශෝට් එකෙන් මගේ ෆෝන් එක ඇදලා අරන් ෆ්ලෑශර් එක ඔන් කරන් පිටිපස්සෙ බැක් යාර්ඩ් එකේ මැදක් හරියට ගිහින් පූල් එක හරියේ ලස්සනට හිටවලා තිබ්බ උණ පඳුර දෙක තුන අස්සෙන් ලාවට පේන පොඩි තනි පලුවේ ගේට්ටුව ගාවට ගියා..ගොඩ දවසකින් ඇරලා නැති නිසාද කොහෙදෝ ගේට් එක හොඳටම තද වෙලා- මම එකපාරක් දෙපාරක් තල්ලු කරත් ගේට් එක ඇරුණෙ නැති තැන හයියෙන් පයින් පාරක් ගැහුවත් හරි ගේට්ටුව ඇරුණේ මම අනිත් පැත්තට ඒක අල්ලගනිද්දි.. ඕක කැඩුණොත් එහෙම රත්නසිරි මාමාගෙන් ඉදල් පාර තමයි.

අහ් මේ ඉන්නෙ! ගේට්ටුව හිර වෙන විදිහට වැටිලා තිබ්බ අත්තත් අතින් එහාට කරන ගමන් ගේට්ටුව අස්සෙන් රිංගලා එළියට ආවත් හරි මට ආර්යන් අයියා දිහා බැලුනේ එයා ඉන්න විදිහ දැකලා..ඇගටම තද වෙච්ච අළු පාට කම්ප්‍රෙශන් ටී ශර්ට් එකකට කලු පාට බොටම් එකක් ඇදගෙන පිටිපස්සෙ තිබ්බ බයික් එකට හේත්තු වෙලා- පොඩ්ඩක් ඉන්න! මෙයාට කවදා ඉදන්ද බයික් එකක් තිබ්බෙ? මගේ ඇහි බැම දෙක එකතු වුණේ ඒ කලු පාට බයික් එක දැකලා..මේ කලු යමහා එකක් නේද? මම එතකොට කලේ දැනටමත් මන් දිහා කන්න වගේ බලන් හිටපු ආර්යන් අයියා දිහා බලලා ඇහි බැමක් උස්සපු එක..

“සාහිල්ගෙ.” ඒ පාර මම ඔලුව වනලා මගේ පිටිපස්සෙ තාප්පෙට හේත්තු වුණා..මොකද දන්නෑ එක්කෙනෙක්ගෙ ගෑස්? බොටම් එකේ ඉස්සරහ සාක්කුව අස්සට අත දාලා ෆෝන් එක ඇදලා ගත්ත ආර්යන් අයියාගෙ මූණෙ දැන් තිබ්බෙ කියාගන්න බැරි තරම් ලොකු මහන්සි පාටක් වුණාම මට ඇත්තටම මේ මනුස්සයාව තේරුම් ගන්න අමාරු වුණා..මහන්සිය තියාගෙන ඇයි ඉතින් මේ මහා පාන්දර මෙහෙට කඩාගෙන බිඳගෙන ආවේ?? මටත් පට්ට මහන්සියක් කලින් තිබ්බා වුණත් මෙයාගෙ ඒ මැසේජ් එක දැක්ක ගමන් මගේ ඇගෙන් ඒ තිබ්බ හැම විදිහකම අමාරුවක්ම එවෙලේ අතුරුදහන් වුණා කිව්වොත් ඇත්තටම එයා වුණත් හිතයි මට පිස්සු කියලා. මොකද මට වුණත් දැන් එහෙම හිතෙද්දි මොන මඟුලක්ද කියලා හිතෙවා.. ඒත් තමුසේ මේ කරන වැඩ නිසා මට එහෙම නොහිතා ඉන්න පුලුවන්ද අයියේ??

තමන්ට මොකක් හරි කියා ගන්න බැරි ප්‍රශ්නයක් ආවම ලඟම ඉන්න මනුස්සයා ගාවට දුවන් යන එක හරි..එතකොට තමන්ගෙ යාලුවෙක් මොකක් හරි කරදරේක ඉන්දැද්දි දුවගෙන ඇවිත් ඌට උදව් කරන එකත් හරි..තව යාලුවා ලස්සනයි කියලා හිතෙණු වෙලාවක හරි ආතල් කියලා හිතුණු වෙලාවක හරි උගේ ෆොටෝ එකක් ගන්න එක පවා හරි..ඒත් ඔයා? ඔයා එහෙම මගේ යාලුවෙක් කියලා මම තාම හිතලවත් නෑ ආර්යන් අයියේ..අඩුම ඔයා තාම මගේ ජීවිතේට මොන වගේ චරිතයක්ද කියලවත් මම තාම හිතලා නැතුව ඔයා මෙහෙම කරද්දි මම ඇත්තටම මොකද්ද හිතාගන්න ඕනෙ?? මේ ගැන නොකා නොබී හිතන තැනට දැනටමත් මම ඇවිත් ඉවරයි..ඒ තරම් ඉෆෙක්ට් එකක් තමුසෙ මගේ ජීවිතේට දැන් දෙන්න පටන් අරන් ආර්යන් අයියේ.. මම ආර්යන් අයියාගෙ ලාවට තෙමිලා තිබ්බ කම්ප්‍රෙශන් ටී ශර්ට් එකයි ෆෝන් එක අල්ලන් ඉද්දි සීතලට ලාවට වෙව්ලන අත් දෙක දිහායි තත්පර ගාණක් බලන් ඉදලා අහක බලා ගත්තා.

විනාඩි ගාණක් ගිහිණුත් තාමත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ..ඒ මදිවට මට ලේන් එක දිහා බලාගෙනම ඉදලා තව ඒකෙ බලන්න තිබුණේ නැති තැන මම අහස දිහා බැලුවා. අහසත් වැහි වළාකුළු වලින් බර වෙලා වෙනදාට පේන හැමදෙයක්ම වහගෙනයි තිබුණේ..තව ඉතින් කොහේ කොතැන බලන්නද? මම ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ආයෙම මගේ ඉස්සරහා බයික් එකට හේත්තුවක් දාගෙන උන්නු ආර්යන් අයියා දිහා බැලුවා..දැන් එතකොට මෙයා මෙහෙට මේ වැස්සටත් තෙමීගෙන මටත් එළියට එන්න කිව්වෙ මේ විදිහට ඉන්නද?? තමුසෙට නම් ඉතින් හොඳයි මොකද ඔහොම කතා නොකර ඉන්දැද්දි මාත් දැන් ඒකට මෙහෙම්මම ඉන්න පුරුදු වෙලා නිසා.. ෆෝන් එක දිහා නළලත් රැළි කරගෙන ඇගිල්ලක් පහළ ඉදන් දාගෙන උඩට උඩට අදිනවා.. මූ ගේම් එකක් ගහනවා කියලා නම් කියන්න එපා! අම්මපා එහෙම වුණොත් නම්- එකපාරටම ආර්යන් අයියාගෙ ඇකිළිලා ගිහින් තිබ්බ නළල ආයෙම ෆෝන් ස්ක්‍රීන් එකේ එළියට දිගෑරෙනවා මට පෙණුනේ එයා ඒ එක්කම මන් දිහා බලලා ෆෝන් එක මගේ පැත්තට දික් කරද්දි..

පාරේ ලයිට් කණුවත් තිබ්බෙ අපිට ටිකක් විතර ඈතින් නිසා එවෙලේ අපි දෙන්නා වටේ තිබුණේ ආර්යන් අයියාගෙ ෆෝන් ස්ක්‍රීන් එකේ එළිය විතරයි. මම එයාගෙ ෆෝන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් එක නිසා ඇස් දෙකත් පොඩි කරගෙන එයා පෙන්නන්න හදන දේ බලාගන්න ඉස්සරහට බර වුණා..හහ්? මේ අද අර කලින් බදාගෙන හිටපු කෙල්ල නේද?? ඔව් ඔව් කොණ්ඩෙන් අඳුන ගත්තැහැකියි මට.. මම ඒ පාර ආර්යන් අයියා දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා.

“මගේ අයියා බඳින්න ඉන්න කෙනා.” මම ෆෝන් එක දිහා නිකන් මොකාද එකා වගේ බලන් ඉද්දි ආර්යන් අයියා ඒක එකපාරටම කියලා දාපු විදිහට මට ලාවට හිනා යන්න ආවත් මම ටක්ගාලා කට තද කරගෙන නිකන් ගණන් ගත්තෙ නෑ වගේ ඔලුව වැනුවා..ගණන් ගන්න හොඳ නෑ. නැත්තන් අගයක් නැති වෙනවා හුම්.

මම ඔලුව වැනුවට පස්සෙ ආර්යන් අයියා ආයෙම ෆෝන් එක එයා ගාවට හරවගෙන ඒක එයාගෙ සාක්කුවට දාගන්න ගමන් බයික් එකට හේත්තු වෙන දිහා මන් බලාගෙන. බයික් එකත් පිටිපස්සට බර වුණා ඒකට..හේත්තු වෙච්ච පාරට නම් වෙන්න බෑ කොහොමත්ම. අනිවා ඇගේ බර දාන්න ඇති! ඒකනේ බයික් එක පැත්තකට බර වුණේ..ඔව් ඉතින් කකුළ් දෙක රිදෙන්නැද්ද මුලු දවසෙම අද හිටගෙනනෙ හිටියේ. අපිට අඩුම වාඩි වෙලා ඉන්න හරි හම්බුණා කියමුකෝ..ඒත් මෙයා මුලු වෙලාවම හිටියේ පිනා ගාව හිටගෙන.

මම ආයෙම අපේ ලේන් එක දිහා බැලුවා..ගෙදරට එක්ක යන්න තිබ්බා තාත්තලා එහෙම නැත්තන්. මෙහෙමයි ඉතින් ඇතුළට එක්කන් යන්න පුලුවන් මට බැරි කමක් නෑ..ඒත් තාත්තා වුණත් බලයි ජීවිතේට ගෙදරට ආපු නැති මනුස්සයෙක් එකපාරටම මෙහෙම පාන්දර තුනට ගෙදරට කඩාගෙන පාත් වුණේ ඇයි කියලා..මට තාත්තාට ඇත්තටම ආර්යන් අයියාව මුණගස්සවන්න ඕනේ තමයි ඒත් මෙහෙම නෙවෙයි. මොකද තාත්තා දැන් ආර්යන් අයියාව හම්බ වුණොත් එයාගෙ අත්තා මුත්තලා කිරිකිත්තලාගෙ ඉදන්ම අහන්න ගන්නවා..ඒ තාත්තාගෙ විදිහ. එයා එහෙම කරන්නෙ කාවවත් අපහසුතාවයකට පත් කරන්න හිතාගෙන නෙමෙයි කියලා කාටත් වඩා මම හොඳට දන්නවා වුණාට දැන් ආර්යන් අයියා මේ ඉන්න තත්වෙත් එක්ක අනිවාර්යයෙන් එයා අන්කොම්ෆටබල් වෙනවා මට ශුවර් ශොට් විශ්වාසයි. මොකද ආර්යන් අයියාගෙ තැන මම හිටියොත් මට නම් සිරාවටම පිස්සු හැදෙන එක හැදෙනවා..ඉතින් මට ඕනෙ නෑ එයාව එහෙම සිටුවේශන් එකක තියන තැනට පත් කරන්න. මට ඕනෙ දැන් නිදහසේ හිතේ තියන මහන්සිය ඇරගන්න..මට හිතෙන්නෙ එයා වුණත් ඒක අගය කරයි..ඒක එයාගෙ මූණ දැක්කමත් මට තේරෙණවා. ඒ තරම් මහන්සි පාටක් එයාගෙ මූණේ තිබුණා..අනික මටත් දැන් හිටගෙන ඉදලා ඇති වෙලා තිබ්බෙ.

“අපි වෙන තැනකට යමුද?” ඒ එක්කම ආර්යන් අයියා මන් දිහා බලලා ලාවට ඔලුව ඉස්සුවම මම එකපාරටම ආපු ලැජ්ජාවට මගේ උරහිස් දෙක ඉස්සුවා..මේ පාන්දර ඇවිදින්න කතා කරන්න යන්න මටත් පිස්සුනේ..ඒ මදිවට දෙන්නටම මහන්සි වෙලා තියෙද්දිත්- ආර්යන් අයියා මට පිස්සු කියලා හිතුවද දන්නෑ.

“එහෙනම් බයික් එක ගන්න.” මම හිටියේ ඒ අහපු මෝඩ ප්‍රශ්නෙට හිතින් බනින ගමන්..හැමදාම මේ මනුස්සයා ඉස්සරහා චොර වෙලා දැන් ඒක පාට් ටයිම් ජොබ් එකක් වෙලාද මන්දා මට දැන් අර කලින් වගේ ප්‍රයිඩ් එකට හානි වුණා වගේ සීන් එකක් කියලවත් දැනෙන්නැති තරම්..ඒ අස්සෙ මට ආර්යන් අයියා මොනාදෝ කියනවා ඇහුණා..à·„à·„à·Š? බයික් එක ගන්න? මට දෙනවද? ඒත් ඒක සාහිල් අයියාගෙනෙ? ඇරත් මට සුපිරි බුලට් එකක් තියෙන්නෙ?? මම ඒ පාර ආර්යන් අයියා දිහා බැලුවා..කලින් තිබ්බ මහන්සි පාට තාම මූණේ එහෙම්මම තිබ්බත් නිදිමත නිසාද කොහෙදෝ ආර්යන් අයියාගෙ ඇස් දෙකත් ලාවට රතු වේගෙන ඇවිත් තිබ්බා..

“à·„à·„à·Š??”

“බයික් එක ගන්න.” මොකක්? එතකොට එයා යන්න කැමතිද? මෙච්චර මහන්සියෙන් ඉද්දිත්?

“මන් විහිළුවට ඇහුවේ..ඔයාට මහන්සි නැද්ද?” ඒ පාර ආර්යන් අයියා නෑ කියන්න ඔලුව වනන ගමන් බයික් එකෙන් ඈත් වෙනවා මන් බලාගෙන..

ටෑන්ක් එක උඩ තිබ්බ කලු පාට හෙල්මට් එක අතට ගන්න ගමන් ආර්යන් අයියා එකපාරටම මගේ ගාවට එන්න ගත්තම මමත් එයා කරන්න හදන්නෙ යන්නෙ මොකද්ද කියලා ඇහිබැමකුත් උස්සගෙන බලන් හිටියා.. කලින් වගේ මාත් එක්ක ඉද්දි දාන ඒ පොඩි හරි හිනාවවත් අද එයාට තිබුණෙ නැතත් විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න කණාමැදිරි එළියක් මැද්දෙ වුණත් මට ආර්යන් අයියාගෙ ඇස් හෙනම අමුතු විදිහකට පෙණුනා..ඒවා ඒ දිළිසෙන්නෙ කතා කරන්නද නැත්තන් ඒ එයාගෙ ඇස් වල හැටිද කියන්නවත් මට හිතාගන්න බැරි තරමට මම හිටියේ ඒ ඇස් වල ගිළිලා..අර්හ්හ්හ් මට පිස්සු හැදීගෙන එනවද කොහෙද! ආර්යන් අයියා මන් ගාවට අතේ දුරින් ඇවිත් හිටිගත්තෙ ඊළඟ තත්පරේ එයා එයාගෙ අතේ තිබ්බ හෙල්මට් එක මගේ බඩට තියලා තද කරන ගමන් අතාරිද්දි.. මම ටක්ගාලා හෙල්මට් එක අල්ලගෙන ඔලුව දෙපැත්තට වැනුවා.

“නෑ මේක ඔයා ගන්න මන් ටක්ගාලා ඇතුළින් හෙල්මට් එකක් අරන් එන්නම්.” මම හෙල්මට් එක ආයෙම ආර්යන් අයියාගෙ අත ගාවට ගෙනත් තියලා අතෑරියාම එයා ටක්ගාලා හෙලිමට් එකත් අල්ලගෙන මමත් අනිත් පැත්තට හැරෙන්න කලින් මගේ බයිසෙප් එකෙනුත් අල්ලගත්තේ මාව නිකන්ම පිටිපස්සට ඇදිලා යද්දි..ඇදුනාට වඩා මාව නිකන් තිබ්බ මහන්සියටයි නිදි මතටයි පා වෙලා ගියාද කොහෙද.

“එපා ඔයා මේක ගන්න.”

“කෝ එතකොට ඔයාට නෑනෙ?”

“මට ඕන්නෑ.” මම ඇස් දෙක රෝල් කරලා ඉවර වෙලා ආර්යන් අයියාගෙ අත ගස්සලා දාන්න හැදුවත් ඒකෙන් වුණේ එයාගෙ අත තවත් මගේ බයිසෙප් එක වටේට තද වෙච්චි එකයි.. පුදුම මුරණ්ඩුකමක්නෙ මේක!

“පරක්කු වෙනවා ආදිල්.”

“මොකද්ද කරන්නේ පිස්සුද? බයික් එකක හෙල්මට් නැතුව යන්න පුලුවන්ද අයියේ ඒක සේෆ් මදී!” ඒ පාර ආර්යන් අයියාගෙ කට දෙපැත්ත ලා හිනාවකට ඇදිලා යනවා මම බලාගෙන..ඇත්තටම පිස්සුද කොහෙද!

“කාලෙකින් බයික් එකක් පැද්දෙ නැති නිසා මට වැස්සෙ ටිකක් අමාරුයි නැත්තන් මන් ඔයාට කියන්නෙ නෑ. ඒක නිසා අදට පුලුවන්ද?” ආර්යන් අයියා එහෙම කියලා එකපාරටම එයාගෙ අත ගෙනත් මගේ අතට අහු වෙන්නැති කොණ්ඩෙ අස්සෙන් යැව්වේ මට ඉබේටම බිම බැලෙද්දි..මේ මොන ලැජ්ජාවක්ද?! මම ටක්ගාලා ආර්යන් අයියා දිහා නොබලා එයාගෙ අතේ තිබ්බ හෙල්මට් එක ඇදලා අරන් ඔලුවට දාගෙන බයික් එක ගාවට ගියා..

යමහා එකක් පදින්නෙ මන් මේ හෙන කාලෙකින්..අන්තිමට මම යමහා එකක් පැද්දෙ ගියඅවුරුද්දේ අපේ ආච්චි අම්මාගෙ මළ ගෙදර දවසෙද කොහෙදෝ.. කොහොමහරි එදා තමයි මම ගෙදර ගහින් ආච්චි අම්මා නැති වෙච්ච දුකට තාත්තා එක්ක කියව කියව ඉද්දි බයික් එකක් ඉල්ලුවේ.. පස්සෙ ඕකට මළ පැනලා මහේන් අයියණ්ඩි මට හොදවැයින් දෙකක් බැන්නාට බස්සෙ මම තරහයි දුකටයි දෙකටම තාත්තා එක්ක කියවන් ගියා..’ආච්චි අම්මා හිටියා නම් එයා ඔයාගෙ මොළේ හරි විකුණලා මට එකක් අරන් දෙයි’ කියලා එදා මම කාමරේට ගිහින් දොර වහගත්තදත් කොහෙද..මම පොඩි කාලෙ ඉදන් කරන දෙයක් තමයි දුක හිතුණාම මම ආසම කරන ඒවා ඉල්ලලා බොරුවට රණ්ඩු කරන එක..ඊටපස්සෙ ඒක හම්බෙයි කියලා හිතහදාගෙන තමයි මම ගිහින් නිදාගන්නෙ..ඒක ඉතින් කාටත් වඩා තාත්තා දන්නවා. ඉතින් එයා මට එකපාරටම හිතන්නෙ නැති දවසක ඒවා ගෙනත් ‘ඉදා ගනින්’ කියලා සෝබනේ දාලා යන්න යනවා.. ඕවා හිත හිත ඉන්දැද්දි එකපාරටම මට බයික් එක පිටිපස්සට බර වෙනවා දැණුනත් එක්කම මම සයිඩ් කණ්ණාඩියෙන් මගේ පිටිපස්ස බැලුවා..

මට ආර්යන් අයියාගෙ මූණ වෙනුවට පෙණුනෙ එයාගෙ කම්ප්‍රෙශ්න් ශර්ට් එකට තද වෙලා හරියටම දෙකට බෙදිලා මැදින් ඉරක් ගියපු මස් වලින් පිරුණු පපුවයි බෙල්ලයි වුණාම මම සයිඩ් කණ්ණාඩිය ලාවට ටිකක් ඉස්සුවා..හෙල්මට් එකක් වත් දාලා නෑ තව කොහෙන්වත් අල්ලගන්නෙවත් නැතුව ඉන්න හැටි මහා පගයා වගේ! මම එකපාරටම බයික් එක රේස් කරලා  මේන් රෝඩ් එක පැත්තට ගත්තෙ බයික් එක මකරෙක් වගේ සද්දයි කියන එක අමතක කරගෙන.

“ගෙදර මිනිස්සුන්ව ඇහැරවන්නද ඕනෙ? නියුට්රල් දාලා හෙමින් යනවා.” මාව මේ තිබ්බ සීතලට වඩා සීතල වෙලා ගියේ ආර්යන් අයියා එකපාරටම මගේ උරහිස උඩින් අත තියලා ඇඟිලි වලින් මගේ බෙල්ල ඔබපු පාරට..දෙතුන් පාරක් මගේ බෙල්ලට එහෙම ඇගිල්ලෙන් තට්ටු කරලා ආර්යන් අයියා එයාගෙ අත මගේ උරහිසින් ගත්ත නිසා මම මෙච්චර වෙලාවක් උඩට අල්ලන් හිටපු හුස්ම පහළට අතෑරියා. මේ යකා හින්දා පුරුද්දට එළවන බයික් එකත් මට නුහුරු වෙනවා මේ යන විදිහට! මම ඇහුණේ නෑ වගේ බයික් එක ‍නියුට්රල් දාගෙන ලේන් එක ඉවරවෙනකන් ඇවිත් මහා පාරට දාපු ගමන් රේස් කරගෙන ගියේ පාරෙ බලු බල්ලෙක් හිටපු නැති නිසා.

පාර මැදින් සද්දෙට කපාගෙන යන ගමන් බයික් එකේ හෙඩ් ලයිට් වලින් පෙණුනු ලා පොඳය දිහා බලන් හිතේ හැටියට බයික් එකේ වේගෙ වැඩි කරන්න ගත්තා..මන් හිතන්නෙ මම මේ විදිහට එළෙව්වෙ සති ගාණකට පස්සෙද කොහෙද. පාරෙ එක වාහනයක් නැතුව මෙහෙම සද්දෙට හිතේ හැටියට යන්න පුලුවන් වෙන එක හැම කොල්ලෙක්ගෙ හීනයක්. ඉතින් මන් මේ විදින්නෙත් ඒ හීනෙමයි. හරියට කුරුල්ලෙක් වගේ..මම පාරෙ ඉරි ගැනවත් හිතන්නැතුව මට කැමති ලේන් වලට දදා මම තව හයියෙන් රේස් කරන්න ගත්තා..වෙනදාට කොහේ හරි යද්දි දාන  ග්ලවුස් දෙකවත් ජැකට් එකවත් ඇදලා නැතුව අද බාටා දෙකයි ශෝට් එකට මේ සුදුපාට දුහුල් ටී ශර්ට් එක ඇදලා මම එකසිය පනහට මෙහෙම රේස් කරද්දි මට මගේ ඇඟිලි දැණුනෙ නැති තරම්. ඒත් මම වෙව්ලන්නෙ නැතුව මෙහෙම එළවන්න එක හේතුවත් තිබ්බා. ඒ ආර්යන් අයියා..එයාගෙ ඇගෙන් එන රස්ණෙන් මාව වහගෙනයි තිබුණේ. ආර්යන් අයියා නොහිටින්න මම සිරාවටම අයිස් කුට්ටියක් වෙන්න තිබ්බා. ඒ තරම් සීතලක් දැන් තිබ්බෙ..මම ඒ ගමන්ම මගේ බෙල්ල ලාවට හරවලා ආර්යන් අයියාගෙ උරහිස දිහා තත්පර ගාණකට බලන් ඉදලා ආයෙම ඉස්සරහ බලාගත්තා..මේක නම් සිරාවටම මට හීනයක් වගේ.

ඔය අතරේ ලාවට වැටුණු පොදයත් ටිකෙන් ටික සැරට වැටෙන්න ගත්තාම ඒක මට දැණුනේ පුංචි ගල්කැට ටිකක් ඇවිත් මගේ ඇගේ වදිනවා වගේ ෆීලින් එකක්..ඒ මොනා වුණත් මට දැන් ඒ කිසි දෙයක ගාණක් තිබ්බෙ නෑ. මොකද මන් දැන් හිටියේ මට ඕන කරන හැමදෙයක්ම මගේ ලඟ තියාගෙන වෙද්දි මට අනිත් කිසිම දෙයක් දැණුනෙ නෑ..

“හෙමින් බ්‍රේක් කරනවා ආදිල්. මම වැටෙනවා තව ටිකකින්” මම ටක්ගාලා එහා මෙහා වෙච්ච හෙල්මට් එක අතින් හදා ගත්තා. හෙමින් බ්‍රේක් කරන්නලු! තමුසෙට කියන්න හොඳයි ඉතින් අයියේ.. මෙච්චරවෙලා හොඳට එළවන්ගිය මට සිහිකල්පනාව නැති කරලා දාලා තව මඟුලක් කියවනවා.

මම කලින් හම්බවෙච්ච හන්දියෙන් දකුණට දාලා හැරෙව්වාම එකපාරටම ආර්යන් අයියා ඉස්සරහට බර වෙලා එයාගෙ කකුළට වැලිමිට තියන ගමන් අත උඩින් නිකටත් තියාගත්තම මට උන්හිටිතැන් අමතක වුණේ එයා මන් දිහා බලන් ඉන්නවා කියලා මම සයිඩ් මිරර් එකෙන් දැක්ක නිසා.. ඒ මදිවට මම ගහපු බ්‍රේක් පාරට ආර්යන් අයියාගෙ පපුවත් මගේ පිටේ ඇවිත් වැදුණේ මාව ඉස්සරහට තල්ලු වෙද්දි.. හොඳ වෙලාවට හෙල්මට් එකේ වයිසර් එක ටින්ටඩ් වුණේ..

“මොනාද කරන්නෙ මම බය වුණා අයියේ තමුසෙට නින්ද ගිහින්දවත් කියලා!” සිරාවටම කලින් ආර්යන් අයියා අරහෙම ඉස්සරහට බර වුණාම මන් හිතුවේ බිමට වැටෙන්න යනවා කියලා..අනික පාරත් හොඳටම වැස්ස නිසා තෙත් වෙලා හින්දා ටයරුත් ලිස්සෙන්න බලද්දි එකපාරටම මට තවඩින්ගෙන් බයික් එකේ බැලන්ස් එක නැති වෙන්න ගියා.

විනාඩි ගාණකට පස්සෙ අපි වැව ගාවට ආවා..හ්ම්ම් මෙතනට තමයි මන් පොඩි කාලෙ ඉදන් දුවන්න එන්නෙ. මේ පැත්ත හම්බවෙන්නෙ මාළිගයි වැවයි අතර තියන පාරේ දිගටම ඇවිදන් ගියාම කෙළවරට වෙන්න..ඒ කියන්නෙ උඩවත්ත කැළේ පැත්තට යද්දි..අර මහාපාර පැත්තට වඩා කැළේ බෝඩර් එකත් හම්බවෙන නිසා මේ පැත්තට ගෙනාවෙ පට්ටම ගුප්ත වයිබ් එකක්. අන්න ඒක නිසාමයි මන් මේ පැත්තට එන්න හිතුවේ..මොකද අනිත් පැත්තෙ හිටියා නම් මහා පාන්දරට යන එන බස් එක්ක නිදහස නැතිවෙන්න තිබ්බා..ඇරත් මට ඕන වුණේ පොඩ්ඩක් මිනිස්සු ඉන්න පැත්තකින් අයින් වෙන්නයි.

බයික් එකේ යතුර කරකවලා ඉවර වෙලා මම හෙල්මට් එක ගැලෙව්වෙ දැනටමත් බයික් එකෙන් බැහැලා වැව දිහා බලන් ඉන්න ආර්යන් අයියා දිහා බලන ගමන්..මොනාද දන්නෑ ඔච්චරටම හඳ අල්ලන්නවගේ කල්පනා කරන්නෙ..අහ් හඳත් නෑ! ගෞරව් අයියාට කොලේ වහලා කෙල්ලව උස්සන්නෙ කොහොමද කියලා හිතනවද දන්නෙත් නෑ.. මමත් බයික් එකෙන් බැහැලා ඉවර වෙලා හෙල්මට් එක ටෑන්ක් එක උඩින් තියලා ආර්යන් අයියා ඉන්න තැනට හෙමින් අඩිය තියලා යන්න ගත්තා. කලින් වැස්ස නිසාද කොහෙදෝ කකුළ තියලා උඩට ගන්න වාරයක් ගානේ මගේ බාටා දෙකේ පස් අළිලා උඩට ආවා..ඔය එක්කම කොහාම හරි මම පෙන්ග්වීන් කෙනෙක් වගේ ලිස්සෙන්නෙ නැති වෙන්න ඇවිදගෙන ගිහින් ආර්යන් අයියාගෙ පිටිපස්සෙන් ඇවිත් හිටගත්තෙ මට ඉස්සරහ තිබ්බ වැව එයාගෙ පිට නිසා සම්පූර්ණෙන්ම වැහිලා යද්දි..

අපි හිටියේ වැව ගාවම නිසා ඇගට එන හුලං පාරවල් මාරම සීතලයි. මම අත් දෙක පපුව උඩින් බැදගෙන අපි ඉන්න තැනින් ටිකක් එහාට වෙන්න තිබ්බ පොඩි බංකුව ගාවට ඇවිදගෙන ගිහින් වාඩි වුණේ ආයෙම කකුළ් දෙක ඇදගන්න ගත්ත නිසා.. උණු උණුවෙන් කෝපි එකකුත් තිබ්බා නම් මරු. අහ් තව හප හපා ඉන්න චිප්ස් පැකට් එකකුත්-

“සීතලද?” මම මගේ උරහිසින් බලලා මගේ පිටිපස්සෙන් ඇවිත් බංකුව ගාවින් හිටගත්ත ආර්යන් අයියා දිහා බැලුවා. එයා සාක්කුවෙන් ෆෝන් එකයි වොලට් එකයි ඇදලා ගන්න ගමන් මන් දිහා බැලුවම මම කරේ හෙමින් සැරේ ඔලුව වනපු එක. මම මගේ පපුව උඩින් අත් දෙක තියලා බැදගත්තෙ සීතල ටිකක් එන්න එන්නම වැඩි වෙච්ච නිසා..ඇත්තටම පට්ට සීතලයි. ඒ පාර ආර්යන් අයියා මගේ එහා පැත්තෙන් තිබ්බ පොඩි ඉඩේ වාඩි වෙලා එකපාරටම එයාගෙ දකුණු අත මගේ කර උඩින් යවලා ලාවට තද කරගත්තෙ එයාට ඉඩ දෙන්න කියලා ටිකක් එහාට යන්න ගියපු මාව ඇදිලා ගිහින් ආර්යන් අයියාගෙ ඇගේ වදිද්දි..

මම ගල් පිළිමයක් වුණා කිව්වොත් හරි..හෙළවෙන්නෙ නැතුව නිකන් හොල්මනක් දැකලා වගේ මම ඒ හිටපු විදිහටම හිටියේ අඟලක් වත් හෙළවෙන්නෙ නැතුව..ඒ තරම් මාව ශොක් වුණා. මන් හිතන්නෙ අපි දෙන්නා ගහගත්ත තැන් වලදි ඇරෙන්න මෙච්චර ලන් වුණාමද කොහෙද..මම පුලුවන් තරම් හෙමින් හුස්ම පහළට දාගන්න බැලුවත් එන්න එන්නම මට ඒ වැඩේ අමාරු වුණේ අනිත් පැත්තට මගේ පපුවත් මාරම සද්දෙන් ගැහෙද්දි. ශිට්! ඒකනම් ආර්යන් අයියාටත් ඇහෙනෙවා ඇති.. මම වෙන කරන්න දෙයක් නැති තැන මගේ කකුළක් වේගෙන් හොළවන්න ගත්තා.

“රිලැක්ස් ආදිල්..මම තමුසෙව ගිලින්නෙ නෑ.” අර කොහෙද.. දැන් මගේ පපුව ගැහෙන සද්දෙ උඟුරෙනුත් එළියට පනින්න හදනවා වගේ මට දැණුනේ..මම මගේ දකුණු පැත්ත බැලුවා. ඇයි ඉතින් වෙන මොනා කරන්නද? කතා කරන්න වචනවත් දැන් මා ගාව ඉතුරු වෙලා තිබ්බෙ නෑ..එච්චරට මන් හිටියේ අතරමං වෙලා. ඇරත් මෙයා මිනිට් ගිලිනවද කට ලඟට ගේන්නැතුවත් මට එයාගෙ කටේ මින්ට් සුවඳ දැනෙන්නෙ? මම ටිකක් ඈතින් නවත්තලා තිබ්බ බයික් එක දිහා බලන් ඉද්දි එකපාරටම මගේ කරේ තිබ්බ අතේ ඇඟිලි මගේ උරහිසේ දෙතුන් පාරක් තද වෙච්ච පාරට මන් ආයෙම ආර්යන් අයියා ඉන්න දිහාවට හැරිලා බැලුවා.

“ම්හ්?” මම ඇයි කියන්න හැදුවත් මගේ උඟුරින් පිට වුණේ ඒක..

“ඇයි?” මම ඇහි බැම අකුළ ගත්තා.

“මොකද්ද?” මට ආර්යන් අයියාගෙ කටහඬ වැවේ සද්දෙට ඇහුණේ ගොඩක් හෙමින්..ඒ පාර මම තව ටිකක් සද්දෙන් ඇහුවම ආර්යන් අයියා මගේ කන ගාවට පාත් වුණේ මගේ මුලු ඇඟම හිරිගඬු වලින් පුරවද්දි.

“තාමත් සීතලයිද?” මම ඒ පාර නෑ කියන්න ඔලුව වැනුවා.

“නෑ නෑ දැන් පිට්.” මම තොල් දෙක එකතු කරන් හිනා වුණේ අතක් උස්සලා තම්ස් අප් කරන ගමන්.

“එහෙනම් මේක පොඩ්ඩක් අල්ලගන්න.” ඒ පාර ආර්යන් අයියා එයාගෙ ෆෝන් එකයි වොලට් එකයි මට දීලා එයාගෙ සාක්කුවට අත දාලා මොනාදෝ හොයන්න ගත්තම මාත් ඒ දිහා නිකන් මොකාද එකා වගේ බලන් හිටියා..සාක්කුව අස්සෙන් හෙන ගේමක් දීලා පොඩි කලුපාට පවුච් එකක් අතට ගත්ත ආර්යන් අයියා ඒක මගේ ඔඩොක්කුව උඩින් තිබ්බම මම මොකද්ද අහන්න ඔලුව ඉස්සුවාම ආර්යන් අයියා කලේ ඒක ගන්න කියලා ඇස් වලින් කියන ගමන් මගේ අතේ තිබ්බ වොලට් එකයි ෆෝන් එකයි ආපස්සට ගනිද්දි.

“ඇරලා බලන්න.” මම ඒ කලුපාට පවුච් එකේ එකතු වෙලා තිබ්බ තැනින් දෙපැත්තට ඇදලා ඇතුළේ තියෙන්නෙ මොකද්ද බැලුවා.

මොකක්! කී ටෑග් එකක්? මන් ඇස් දෙකත් ලොකු කරගෙන ආර්යන් අයියා දිහා බලලා ආයෙම ඒ පවුච් එක දිහා බැලුවේ ටක්ගාලා ඒ බෑග් පොඩ්ඩ මගේ අල්ලට තියලා ගස්සද්දි.. ලස්සන සිල්වර් පාට සිම්බල් එකක් එක්ක පිටිපස්සෙ ඉංග්‍රීසියෙන් ආදිල් කියලා කොටලා ඊට යටින් පැන්ඩෝරා කියලා ගහලා තිබ්බාම මගේ ඇස් දෙක තවත් ලොකු වුණා. මේක කස්ටමයිස්ඩ්ද? ඒ එක්කම මම ආර්යන් අයියා දිහා බලලා පිස්සුද වගේ ලුක් එකක් දුන්නම එයා කලේ මන් දිහා බලන් උන්නු එක..දැන්නම් ඇත්තටම එයාගෙ ඇස් දිළිසෙනවා.

“ආසද?” මම ඒපාර හිනා වෙලා ඔලුව වනන ගමන් ආයෙම ඒ කී ටෑග් එක දිහා බැලුවා.

“මේක..ඇයි?” මම ඒ කී ටෑග් එක ඇඟිල්ලකට දාගෙන ආර්යන් අයියාට පේන්න අත උස්සලා ඉවර වෙලා ඇහුවා.

“දින්නට.”

“ඒත් මේක කස්ටමයිස්ඩ්නෙ..අඩුම සතියකට කලින් වත් ඕඩර් එක දෙන්න එපැයි?”

“ඉතින් මන් දැනන් හිටියා ඕක වින් කරනවා කියලා.” මම ඇස් දෙක රෝල් කරලා හිනා වෙලා ආයෙම ඒ කී ටෑග් එක දිහා බැලුවා. ඒක මම ඇගිල්ලෙ තියලා එහාට මෙහාට කරද්දි අපි ඉස්සරහා තිබ්බ ලයිට් කණුවේ ලයිට් එළියට පුදුම විදිහට දිළිසෙන්න ගත්තා..

“ඇත්තටම මේක..මාර ලස්සනයි.”

මම දිගටම කී ටෑග් එක දිහා බලන් ඉන්දැද්දි එකපාරටම අතක් ඇවිත් මගේ අත සම්පූර්ණෙන්ම වහගන්නවා මම බලන් හිටියේ ගැස්සෙන්නෙවත් නැතුව..ආර්යන් අයියා මගේ අත අල්ලලා එයා ගාවට හෙමින් සැරේ ඇදලා ගත්තහම මම බලන් හිටියේ එයා හෙන පරිස්සමින් කී ටෑග් එකේ තද වෙලා තිබුණු මගේ ඇගිලි එකින් එක අල්ලලා ඈත් කරන දිහා.

“මේකෙ තේරුම දන්නවද?” කලින් මගේ ඇඟිලි වලින් වැහිලා තිබ්බ කී ටෑග් එක ආර්යන් අයියා මගේ ඇඟිලි දිගෑරලා පෙන්නුවම මම ඒ දිහා බලාගෙන නෑ කියන්න ඔලුව වැනුවා.

“ඔයා shadowhunters බලලා නැද්ද?” මම ආයෙම පාරක් නෑ කියන්න ඔලුව වැනුවම එයා ලාවට හිනා වුණේ ආයෙම මගේ පපුව ලාවට ගැහෙන්න ගනිද්දි.

“අහලා තියෙනවා ඒත් බලන්න වෙලාවක් හම්බවුනේ නෑ.”

“ම්ම්..ඒකෙ සිම්බල් එකක් ඔය.” අම්මටසිරි මන් කලින් අහන්නත් ගියේ මේකෙ තේරුම මොකද්ද කියලා..කොහෙද ඉතින් මෙයා එක්ක ඉද්දි හැම රෙද්දම මට අමතක වෙනවනෙ. අර්හ්හ්හ් ආර්යන් අයියා හිතුවද දන්නෑ මම බොරුවට ඒක ලස්සනයි කිව්වා කියලා.

“එයාලාගෙ පවර්ස් තියෙන්නෙ ඔය සිම්බලස් වල.. එතකොට මේක-” ආර්යන් අයියා මගේ අත තද කරා.

“මේකෙන් කියන්නෙ Strength කියන එක. බයික් එකේ යතුර ඕකට දාගන්න.” මම මගේ අතේ තාමත් තද වෙලා තිබ්බ ආර්යන් අයියාගෙ අත දිහා බලාගෙන හෙමින් සැරේ ඔලුව වැණුවා.

“කන්ග්‍රෑට්ස් ආදිල්.” ආර්යන් අයියා එකපාරටම මගේ කන ගාවට පාත් වෙලා එහෙම කිව්වම මම ආර්යන් අයියා දිහා බලන්න තියා ඔලුවවත් ඉස්සුවේ නැතුව ඉන්දැද්දි එකපාරටම මගේ උරහිස උඩින් ආයෙම දෙතුන් පාරක් තට්ටු වෙද්දි මම ආර්යන් අයියා දිහා බැලුවා..ඇත්තටම මම ජීවිතේටවත් හිතුවෙ නෑ මෙහෙම කෙනෙක් ඉස්සරහා කතා කරගන්න බැරුව මම ගොළු වෙයි කියලා..මම ලාවට හිනාවෙන ගමන් අමාරුවෙන් කෙල ගිල්ලෙ වේළිලා තිබ්බ මගේ උඟුර වචන ටිකක් ගැට ගහගන්න ලෑස්ති කරවනගමන්.

“ත්..තැන්ක්‍යූ..”

“කෝ එච්චරද?” ඒපාර ආර්යන් අයියා විහිළුවට වගේ එයා කතා කරපු ටෝන් එක වෙනස් කරාම මම ලාවට හිනාවෙන ගමන් ඔලුව දෙපැත්තට වැනුවා.

“මේක ඇත්තටම ලස්සනයි.”

“හ්ම්..ලස්සනයි තමයි.” ආර්යන් අයියා ඒක මන් දිහා බලාගෙන කියද්දි මම ආයෙම කී ටෑග් එක දිහා බැලුවේ එයත් මගේ අත උඩින් අත අයින් කරගනිද්දි..

“හෙට ඔයාලා කොහෙවත් යන්නැද්ද?” මම තාමත් හිටියේ කී ටෑග් එක දිහා බලාගෙන ආර්යන් අයියා එක්ක කතා කරන්න මාතෘකාවන් හිතන ගමන්..ඇත්තටම මෙයා ගාව ඉන්දැද්දි මට කතා කරන්න අමුතුවෙන් වචන එකතු කරගන්න ඕනෙ නෑ.. එහෙම බැලුවොත් ඇත්තටම අපි දෙන්නා කතා කරපු දෙයක් ඇත්තෙත් නෑ කියලා මට දැන් තේරුම් ගියා.. මොකද කොයි වෙලෙත් අපි දෙන්නා කරේ ඇස් වලින් මරාගත්ත එකයි අනිත් පැත්තට ඇස් වලින් කතා කරපු එකයි විතරයි..ඉතින් ඒ ගැන හිත හිතා ඉන්දැද්දි මට එකපාරටම මතක් වුණේ අපි යන්න ඉන්න වන් ඩේ ට්‍රිප් එක ගැන..

“හ්ම්ම්..මාතලේ යන්න හිතන් ඉන්නෙ.” මම ඒපාර ආර්යන් අයියා දිහා බැලුවා.

“මාතලේ මොනා බලන්න යන්නද?” ඒකට ආර්යන් අයියටත් හිනා ගියේ එයා වැව දිහා බලන් ඉදලා එකපාරටම මන් දිහා බලද්දි..

“සෙම්බුවත්තට..එහෙ කෑම්පින් කරන්න පුලුවන්ලු.” මම ඔලුව වනලා ආයෙම ඉස්සරහා බැලුවා.

“ඔයාලා කොහෙද?” ඒපාර හිනා ගියේ මට..ඇයි ඉතින් අර යකානෙ ඕගනයිස් කරන්නෙ. ඉතින් හෙට ට්‍රිප් එක යන වෙලාව වෙනකන් අපි යන තැනක් දන්නෙ නෑ.

“තාම යන තැන දන්නෙ නෑ ඒත් යනවා කියලා විතරක් දන්නවා.”

“ඇයි හෙට යන්නෙ නැද්ද?”

“යනවා ඉතින් තාම යන තැන දන්නෙ නෑ.” ඒකට ආර්යන් අයියාට හිනා ගිය පාරට මාවත් ගැස්සි ගැස්සි ගියේ මම තාම හිටියේ එයාගෙ ඇගට හේත්තු වෙලා කියන එකත් මතක් වෙද්දි..මම ඒගමන්ම එයාගෙන් අයින් වෙලා ටිකක් එහාට යන්න ගියත් ආර්යන් අයියා ආයෙම මගේ උරහිසට තට්ටු කරා.

“ඇයි එහෙම ඉද්දි අවුල්ද?” මම ඒ පාර ටක්ගාලා ඔලුව දෙපැත්තට වැනුවා.

“ඔයාට අමාරු නැද්ද?” ඒ පාර ආර්යන් අයියා මන් දිහා බලලා ඇස් දෙක රෝල් කරලා මාව ආයෙම අර විදිහට කරට අත දාලා ලන් කරගත්තෙ මගේ කන් දෙක දෙපැත්තම රත් වෙලා යද්දි..

“කියන්නෙ හරියට අතෙක්ගෙ බර තියාගෙන වගේ.”

“නෑ ඉතින් පව් කියලා හිතලා අයින් වුණේ..අපරාදේ මගේ වචන ටික.” මම හිතලම ආර්යන් අයියාට මගේ මුලු ඇගේම බර දැම්මා.. වැළිමිටෙනුත් ඉණට පාරක් දුන්නා නම් හෙට සෙම්බුවත්තට යද්දි බාම් ගගා යන්න තිබ්බා.

“ඔහොම ටික වෙලාවක් ඉන්නවා” මම නහයත් පුම්බගෙන වැව දිහා බැලුවේ කකුළ් දෙකත් ඉස්සරහට දික් කරන ගමන්.

“මට දැන් සීතල නෑ.” බොරුවට තරහා අරන් වගේ මම ඒක කියලා ඉවර වෙලා අර කී ටෑග් එක ආයෙම අතට අරන් මූණ ගාවට ගෙනාවා.

“ඒත් ඉන්න..ටිකකින් ගෙදර යනවනෙ.”

මම මුකුත් නොකර කී ටෑග් එක දිහා විතරක්ම බලන් හිටියා.. වෙලාවකට මට හිතෙනවා මෙයා ඇත්ත මනුස්සයෙක්දත් කියලා. නැත්තන් කෙනෙක් කොහොමද මෙච්චර…අනේ මන්දා! මට ආර්යන් අයියාව ඩිස්ක්‍රයිබ් කරන්න වචනයක් එන්නෙත් නෑ. එච්චරට මේ මනුස්සයා හරිම පුදුමාකර කැරැක්ටර් එකක්… මම කී ටෑග් එක ආයෙම පහළට අරන් අහස දිහා බැලුවම දැක්කෙ දැන් හොඳට වළාකුළු අතරින් පේන්න තිබ්බ හඳ.

අන්න හරි හඳ! ආර්යන් අයියත් හරියට හඳ වගේ..පෝයදාට පිරිලා අහස උඩට නගිද්දි හැමෝම ඒකට පර්ෆෙක්ට් කියලා ෆොටෝස් ගහවි..ඒත් අනිත් දවසට වළාකුළු වලින් බාගයක් වහගත්ත හඳ දිහා බලලා ඉවර වෙලා හඳට බනින්න යනවද?නෑනෙ. හොඳ අයි ෆෝන් එකක් තිබ්බා නම් හැමෝම ඕක හොඳ හොඳ විගඩම්දාලා කැප්චර් කරගන්න බලනවා මිසක්කා හඳට බනින්න යන්නෙ නෑනෙ. අමාවකටත් හඳ හඳමයි.. කාටවත් ඒක වෙනස් කරන්න බෑ. කට්ටිය කියයි අමාවකට හඳ වළාකුළු වල අස්සට යන්නෙ එයාගෙ කැත වහගන්න කියලා..ඒත් ඒකෙන් ඒ හඳ කියන එක වෙනස් වෙනවද? Still it’s going to perfect and unreachable. ආර්යන් අයියත් මම දකින්නෙ එහෙමයි.. හැමෝම එයා ඉස්කෝලෙදි දකින්නෙ ලන් වෙන්න තියා හිතන්නවත් බැරි පට්ට පර්ෆෙක්ට් මනුස්සයෙක් විදිහට. දැන් බැලුවත් වෙනසක් මම දැක්කෙ නෑ.. ආර්යන් අයියාගෙ මේ කොලිටීස් පුදුමාකාර විදිහට පර්ෆෙක්ට්. එයාගෙ ඇතුළේ මොන මොන විදිහේ තුවාල තියෙනවද කියලා මන් දන්නෙ නැති වුණත් එයා ඒවා දරාගෙන ඉන්න නිසානෙ මෙහෙම ඉන්නෙ කියන එක මට අර එදා හොස්පිට්ල් එකට ආපු වෙලෙයි ඉස්කෝලෙ අර සවුන් රූම් එකේදි වෙච්ච දේවල් වලිනුයි ගොඩක්ම තේරුම් ගිහිනුයි තිබ්බෙ.. නැත්තන් එයාට තිබ්බා කට්ටියගෙ පිටින් ඒ තරහව යවාගන්න. ඒත් එයා එහෙම නොකර ඉන්න එයාගෙ හිතහදාගත්තා..අන්න ඒකයි මම පර්ෆෙක්ට් මනුස්සයෙක්ගෙන් හෙව්වෙ. තමන් ගන්න තීරණ වලිනුයි තමන් මොන වගේ මිනිහෙක්ද කියන්න තීරණය වෙන්නෙ.

මම අහස දිහා බලන් ඉදලා ඒගමන්ම තොල් වලට ලාවට හිනාවක් අරන් ආර්යන් අයියාගෙ උරහිස උඩින් මගේ ඔලුව තියාගත්තෙ දැණුනු මහන්සියට.

A/N

මෙච්චර පරක්කු වෙනවට සොරි ලමයිනේ!! මමත් ආස නෑ ඔයාලා මෙහෙම වේළවන්න. ඒත් යුනි වැඩත් කරගන්න එපැයි 🥺❤️ මාත් එක්ක මෙහෙම ඉවසීමෙන් ඉන්නවට මාරම ආදරෙයි. (හදිස්සියෙන් ලිව්වෙ ඔයාලා බලන් ඉන්න නිසා..මම වැරදි හැදුවෙත් ඤැ) අද එක කෝමද?

ඒක නෙමේ සුදු නෝනලා…තමුන් වහන්සේලා හිතන් ඉන්නෙ ආර්යන් අයියා මේ හෙන කාලෙකින් බයික් පැදලා නැති හින්දා පදින විදිහ අමතකවෙලා අපේ පොඩි අයියාට ගෙනියන්න දුන්නා කියලද?? 😔😔 මුන් ඔක්කොගෙම මරිසි බම්!

මේක කියවන ඔයාලා දාගන්නවා නම් දාගන්නෙ තමන් වෙනුවෙන් හැඩගැහෙන්න උත්සාහ කරන මනුස්සයෙක් එක්ක විතරයි හරිය!! ආදරේ කියන්නෙ නිකන් ෆීලින් එකක් විතරක් නෙමෙයි ඒක ඇතුළේ අපි හිතනවට වඩා දරා ගැනීම් සහ කැපකිරීම් තියෙනවා..අන්න එහෙම තැන් වලදි ඉන්න අය තමයි හරිම මිනිස්සු ❤️

ආයෙම එන්නම් මන් 😔❤️ සතිගනන් ඉන්න වෙන්නෙ නෑ හරිද! ඒත් පරක්කු වුණොත් ඒ මගාරින්න බැරි වැඩක් නිසා හොදේ! Adareyyyy ❤️

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 38, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 38, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 38 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 38 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 38 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 38 light novel, ,

Comment

Leave a Reply

Chapter 38