À¶»À¶¯À·… | The Kandyan Aristocrats 39

A+ A-

“ඕයි ශාක්‍ය! නැගිටපන්!” අහ්හ් මොන මඟුලක්ද..නිදා ගන්න දෙන්නැ රෙද්ද-

“ඕයි නැගිටපන් පකයෝ අපි ඇවිත් ඉන්නෙ!” මම ලාවට ඇස් දෙක ඇරියා..

“ම්හ්..මේ කොහෙද?”

“ශවිරුගෙ බඩ ඇතුලේ- නැගිටලා වරෙන් මගෙන් අහගන්නෙ නැතුව.” නිශල්ක මගේ කම්මුළ් දෙක දෙපැත්තට තඩි බාලා වෑන් එකෙන් බැහැලා යන්න ගියාම මමත් මගේ බෙල්ලට දාලා තිබ්බ නෙක් රෙස්ට් එක ගලවලා දාලා සීට් එකේ කෙලින් වුණා..දැන් වෙලාව කීයද? මම මුලු වෑන් එක දිහාම බලලා ඉවර වෙලා මගේ වොච් එක දිහා බැලුවා.

අහ් දෙකයි අටයි. මන් වෑන් එකෙන් බැහැලා දොර වැහුවේ වටපිට බලන ගමන්.. අපි අද මැච් එක දින්න එකට ටීම් එකත් එක්කම උදෙන්ම කන්න ගිහින් මෙහෙ ආවෙ ආයෙම හෙට රෑට ඕල්ඩ් බෝයිස්ලාගෙන් දෙන පාටි එකකුත් තියාගෙන..එතකොට හෙට මෙහෙන් ඇවිත් කෙලින්ම ඒකටත් යන්න ඕනෙ. දැන් අපි මේ ඇවිත් ඉන්නෙ හේශිත්ගෙ තාත්තාට අයිති ගාල්ලේ ලස්සන විලා එකකට..මම ශෝට් එකේ ඉස්සරහ පොකට් එකට අත දාලා මගේ ෆෝන් එක අතට ගත්තා..ලොක් ස්ක්‍රීන් එක දිහා බැලුවත් ඇති මට දැන්. ඒ තරම් මැසේජස් ගොඩක්…මම ලොක් ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නොටිෆිකේශනුත් බල බල එහෙම්මම විලා එක ඇතුළට යන්න ගත්තා.

කන්ග්‍රෑට්ස්! කන්ග්‍රෑට්ස්! කන්ග්‍රෑට්ස්…මේ වචනේ දැක්කත් ඇති මට දැන් බඩගින්න යන්න. දැන් ඉතින් සතියක් විතර යනකන් මට නින්දෙනුත් මේ වචනෙ කියවෙයි..ඒ එක්කම මම ලොක් ස්ක්‍රීන් එකේ වේගෙන් පහළ ඉදන් උඩට ඇදගෙන ආපු ඇඟිල්ල ටක්ගාලා නවත්ත ගත්තෙ එක නමක් දැකලා. ආර්යන් අයියා..පැයකට කලින් මගෙන් නිදිද කියලා අහලා මැසේජ් එකක් දාලා. මම ඉස්සරහට ඇවිදින ගමන් මූණට ආපු හිනාව නවත්තගන්න කියලා මගේ තොල හපා ගත්තේ එයාගෙන් මෙහෙම නිකන් මැසේජස් මට අද වෙනකන් ඇවිත් තිබ්බෙ නැති නිසයි.

“ඕයි ඕයි ශාක්‍ය දොර! කොහෙද බල්ලෝ යන්නෙ!”

දෙතුන්දෙනෙක්ගෙ කෑ ගැහිල්ලට මන් ටක්ගාලා ඔලුව උස්සලා මගේ ඉස්සරහ තිබ්බ ලොකු වීදුරු දොරට අත තිබ්බෙ මාව ගිහින් ඒකෙ වැදෙන්න කලින්..ශිට් තව ටිකෙන් මූණ ඉවරයි!

“ඔබට මොකද යකෝ වෙලා තියෙන්නෙ?? මෙහෙට එන ටිකෙත් මැරිලා වගේ නිදා ගත්තා..දැන් වෙන ලෝකෙක පය ගහලා වගේ ඇවිදින්නෙ!”

“නිදි මතට බන් නිදාගත්තෙ..අනික මන් මේ ඉදලා ඉදලා ෆෝන් එක ගත්තෙ- මේ මැසේජස් ගොඩ..” මම මට ටිකක් ඈතින් හිටපු නිශල්කට මගේ ෆෝන් එක උස්සලා පෙන්නුවා.

“ඇයි දැන් තෝ මම උදේ ඇහුවම කිව්වෙ නිදාගත්තා කියලා.” මගේ දිහා නළලත් රැළි කරන් බලාගෙන ඉන්න හේශිත් දිහා බලලා මම එකපාරටම දත් තිස් දෙකම දාලා හිනා වුණේ ඔලුව වනන ගමන්.

“දැන් හරි ඉතින් මන් නිදාගත්තානෙ.”

“මොකද හිනා වෙන්නෙ? උබේ ඔය හිනාව තමා මට ඔක්කොටම වඩා අල්ලන්නැත්තෙ.” මම ඒපාර නිශල්ක දිහා බලලා එරෙව්වා. නැගිට්ට වෙලේ ඉදන් කියෝනම වැඩේ.. අර සඳැස් අයියා නම් කොහොම ඉන්නවද මන්දා..ඔව් ඉතින් ඌත් ඉන්නවා ඇති ආදරේ නාමෙන්. කනට පැණි වැක්කෙරෙනවා වගේ ඇති දැනට.. පවුල් කන්න ගත්ත දවසට තමයි අයියේ වුබර්ට අරහං වෙන්නෙ හුම්.

“ඇයි දැන් මම හිනා වුණාම මොකද?” මම දිව දික් කරා.

“අනේ මොකද බන් මේ..ගෑනූ වගේනෙ!” ඒපාර මම තනුජයා දිහා බැලුවා. අම්මපා මූව හොඳයි උස්සලා පොළොවේ ගහන්න.

“හා හා ඇති ඇති..බලපන් දැන් උබ තමා මුන් දෙන්නව අවුස්සගන්නෙ ඕවගේ කතා කියලා. අර බලපන් අරූගෙ මූණ.” හේශිත් මාව පෙන්නලා කිව්වම මාත් ඌ දිහා බැලුවා..ඇයි මොකද්ද මගේ අවුල?

“ඇයි මොකද්ද?”

“තෝ දැන් තනුජයාව මරන්න වගේනෙ බලන් හිටියේ.” මම නෑ කියන්න ඔලුව වනන්න.

“පොළොවේ ගහන්න.” ඒ පාර තනුජයා මට දත් තිස් දෙකම දාලා අඩි දෙක තුනක් පස්සට ගිහින් අනිත් පැත්තට හැරිලා විලා එක ඇතුළට මාරුවක් දැම්මාම මගේ මූණට ආවේ හෙන කැරි හිනාවක්.

“පූල් එක මොන පැත්තෙද?” ඒ පාර නිශල්කයටත් වැඩේ තේරිලාද කොහෙදෝ ඌත් හෙන කුජීත හිනාවක් දාලා හේශිත් දිහා බැලුවා.

“පහළ..ඇයි දැන්ම යනවද?” මම ඔලුව වනන ගමන් හිනා වෙලා හේශිත්ට ඇහැක් ගැහුවා. උබ ඉතින් හොඳ ටියුබ් ලයිට් එකනෙ.

“යමන්.” මායි නිශල්කයි එකම වෙලාවේ එකම වේගෙන් කඩාගෙන දුවන්න ගත්තෙ තවුජයා ගියපු පැත්තට.

තත්පර ගාණක් ඇතූළත අපි විලා එකේ ලිවින් රූම් එකට ආවත් හරි ටී වි එක ඉස්සරහ රිමෝට් එකත් දික් කරගෙන ෆුට්බෝල් මැච් එකක් බලන්න හදන තනුජයාව දැකලා අපි දෙන්නම එකපාරටම බ්‍රේක් ගහලා වගේ නැවතුණා. අපි දෙන්නා කඩාගෙන බිඳගෙන ආපු පාරට තනුජයාත් නිකන් අන්දමන්ද වෙලා වගේ අපි දිහා බලන් ඉදලා ආයෙම ටී වි එක දිහා බැලුවේ තත්පර කීපයක් යද්දි ඌ ටී වී එකට දික් කරන් උන්නු රිමෝට් එක ඉබේම උගේ අතින් බලන් ඉද්දිම වැටෙද්දි..තනුජයා ආයෙම අපි දෙන්නා ඉන්න පැත්තට පට්ටම හෙමින් හැරුණේ හරියට අර ස්ලෝ මෝශන් දාපු වීඩියෝ එකක් වගේ..මන් හිතන්නෙ පොරට අපි දෙන්නාගෙ මූණුවල තිබ්බ සිරියාවන්ත හිනාව දැකලා යම්තාක් දුරට උට වෙන්න යන විපත ගැන තේරුණාද කොහෙද..මම මුලු දත් ඇන්දම දාලා හිනා වුණේ අතේ තිබ්බ ඇට කඩලා හිරි යවනගමන්..

“ඒ ඒ මේ හලෝ..අපි කෑම කාලා ඉදිමුද?” ඒ එක්කම නිශල්කයා හිනා වෙවී මන් දිහා බලනවා මට ඇස් කොණින් පෙනුනා..මූ නම් දන්න කාලෙ ඉදලම දුන්නෙ කැරිම ආතල් තමයි. මම ඒ පාර කටට ආපු හිනාවට උඩු තොලත් හපාගෙන නිස්සා දිහා බැලුවේ ලාවට බෙල්ලත් ඇදකරන ගමන් ඔලුව වනද්දි.

“ඕයි ඕයි!!”

අපි දෙන්නම දුවගෙන ගිහින් තනුජයාගෙ අත් දෙක අස්සෙනුයි කකුළ් දෙකෙනුයි අත් දාලා ඌව උඩට උස්සලා ගත්තා.

“අනේ බන් ඉන්න දීපන්කො!!” ඒ පාර තනුජයාගෙ කිහිලි දෙක අස්සෙන් අත් දෙක දාලා අල්ලන් හිටපු නිශල්කව ඌ උගේ ඔලුවෙන් ගහලා බිමට පැනගත්තෙ මටත් ඌව එහෙම්ම අතෑරෙද්දි.

“ඉන්න දීපන් හුත්තෝ-” මම ඒපාර හිනා වෙවී වේගෙන් දුවගෙන දුවගෙන ඇවිත් තනුජයව හරහට අත් දෙකට ගත්තෙ ලිවින් රූම් එක පහු කරගෙන ගිහින් පහළ පඩි හත අටකින් විලා එක ඇතුළෙ හදලා තිබ්බ ඉන්ඩෝ පූල් එකට යන ගමන්… පූල් එක පේන මානේ තියලා නිශල්කයාත් ඇවිත් මේ පාර තනුජයාගෙ කකුළ් දෙක අල්ලගත්තෙ මම තනුජයාගෙ අත් දෙක අල්ලගනිද්දි.

“එකායි…”

“දෙකායි…”

“තුනායි- හුත්තෝ!” තනුජයාව දෙපැත්තට වනලා එකයි දෙකයි තුනයි කියද්දි තුන්වෙනි කවුන්ට් එකේදි මායි නිස්සයි ඌව උඩදාලා විසික් කරාම පැත්තෙන් මාවත් කවුදෝ මන්දා තල්ලු කරාම මම ටක්ගාලා පූල් එකට වැටෙන්න කලින් ඒ පැත්ත බැලුවා..හේශිත්!

“අඩෝ- ක්..තෝත් වැටුණාද?” ඒ අස්සෙ නිශල්කයා බෙල්ල මිරිකගෙන වගේ කැහැ කැහැ කෑ ගහනවා ඇහුණා..ඒ කියන්නෙ අර පගයා ඌවත් තල්ලු කරලා. යකෝ මූ ශිවන්‍යාගෙ නෑයෙක්වත්ද? නැත්තන් කොහොමද යකෝ දෙපැත්තෙ හිටපු දෙන්නෙක්ව තල්ලු කරන්නෙ?? ඒ එක්කම මම ටක්ගාලා මගේ ඇස් දෙක පිහිදගෙන වතුරෙන් උඩට ආවා..හොඳ වෙලාවට පූල් එකේ වතුර තිබ්බෙ මගේ බෙල්ල ගාවට. නැත්තන් මම ගොඩට ඇවිත්නුත් ඉවරයි.

“මොකද යකෝ අපි දෙන්නව තල්ලු කරේ?!” නිශල්කයාට කතා කරගන්නත් බෑ හෝ ගාලා කහිනවා..මූවනම් තල්ලු කරලා නෙමේ ඒ ගමන්ම බෙල්ලත් මිරිකලද කොහෙද.

“අරූ තනියෙම නිසා-” මම හේශිත් පාවි පාවි ඉන්න තනුජයාව පෙන්නන්න අත දික් කරාම උගේ කකුළෙන් ඇදලා ඌව පූල් එකට ගත්තා. ආවා මෙතන වුකන්න!

“අර ඉන්නෙ පාවි පාවි..දැන් ගිහින් බදාගනින්.”

අපි ඔහොම්ම පැයක් තිස්සෙ පිස්සු නට නට ඉදලා අව්වත් ගාණකට බැහැලා ගියාට පස්සෙ විලා එකෙන් කන්න කියලා ලෑස්ති කරලා තිබ්බ කෑම එක කන්න වොශ් දාගෙන එහෙම ලෑස්ති වුණේ කාපු ගමන් ජන්ගල් බීච් එකට යන්න හිතාගෙන.. හොඳ වෙලාවට අපෙන් එකෙක් ගෙස්ට් හවුස් කරන්නෙ. හේශිතයා ගත්තොත් පොරගෙ තාත්තාට එහෙම ලන්කාව වටේටටම සුපිරි ලොකේශන්ස් වල ලක්ෂරි ගෙස්ට් හවුසස් තියෙයි. දැන් මේ අපි ඉන්න විලා එක ගත්තත් කෙලින්ම පිටිපස්සෙ බැක් යාර්ඩ් එකේ දොර ඇරපු ගමන්ම වත්තත් එක්ක බීච් එක පේනවා. ඒ තරම් ජීනියස් අන්කල්ගෙ අයිඩියාස් එහෙම..ගානට සුපිරිම තැන අල්ලන් මාළිගා ගහන එක තමයි අන්කල් කරන්නෙ.

අපි බැක් යාර්ඩ් එකේ බීච් එක පේන විදිහට හදලා තිබ්බ ටේබල් එකට ආවා..ඒ කෑම තියලා තිබ්බ ටේබල් එකත් හදලා තිබ්බෙ ගල් වලින් ලස්සනට කැටයම් දාලා. අර ලන්කන් වයිබ් එක ගාණට මේ පොඩි පොඩි ඩීටේල්ස් වලින් දීලා තිබ්බ නිසා විලා එකෙන් කියාගන්න බැරි අමුතුම වයිබ් එකක් ආවේ. අනික වත්තත් පට්ටම ලස්සනයි. මෙතන එහෙම රෑවෙලා පාටි දාන්න කියාපු තැන..මොකද විලා එකේ ඉදන් අපි දැන් මේ ඉන්න හරියට වෙනකන්ම ලයිට් වැල් එල්ලලා තිබ්බා. ඕක රෑට දාද්දි පට්ටම ලස්සන වෙයි.

මම මුහුද පේන විදිහට ඉදගෙන ෆෝන් එක අතට ගත්තා. අරවෙලේ මට එයාට විලා එකට ආවා කියලා විතරයි රිප්ලයි කරන්න පුලුවන් වුණෙත්..මම වට්ස්ඇප් එකට ගිහින් ආර්යන් අයියාගෙ චැට් එක ඕපන් කරාම දැක්කෙ එයා මට විනාඩි හතලිහකට කලින් ‘මන් ආවා’ කියපු මැසේජ් එකට ෆොටෝ එකකින් රිප්ලයි කරලා බලාගෙන..මිරර් සෙල්ෆි? නෑ නෑ ඒක වින්ඩෝ එකක රිෆ්ලෙක්ශන් එකකින් අරන් තියෙන්නෙ..අව්ව නිසා මට ආර්යන් අයියාව පෙණුනෙ නිකන් හෙවනැල්ලක් වගේ..එච්චරට එයාගෙ මූණවත් වෙන කිසි දෙයක්වත් පෙණුනේ නෑ- හෝව්! මෙයා මේ ශර්ට්ලස්ද? මම ෆොටෝ එක සූම් කරන ගමන් ඇස් දෙකත් පොඩි කරගෙන ෆෝන් එකට එබුණා. ඔව් ශර්ට්ලස් නේන්නම්! මම ඒපාර මගේ පිටිපස්ස බැලුවා. වෙලාවට විලා එකෙත් ගොඩක්ම තිබ්බෙ වීදුරු බිත්තියි දොරවල්.. ඒ එක්කම මමත් වට්ස්ඇප් එකේ කැමරා එක ඔන් කරලා සෙල්ෆි එකක් ගහලා එයාට යැව්වෙ අනිත් පැත්තට ආර්යන් අයියා මට එවලා තිබ්බ එයාගෙ ෆොටෝ එක සේව් කරගන්න ගමන්..

“අඩෝ බන් මෙතන පට්ට ලස්සනයිනෙ?” නිශල්ක මගේ ගාවින් වාඩි වෙනවත් එක්කම මම ෆෝන් එක ටේබල් එකෙන් තියලා පිටිපස්සට හේත්තු වුණේ එයාගෙ ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ මට ‘Sandas ❤️’ කියලා සේව් කරපු නමින් ‘පරිස්සමින්’ කියලා අගට රතු හාට් එකක් එක්ක මැසේජ් එකක් එනවා බලාගෙන.

ඒක දැකලා මම ඉස්සරහා පේන්න තිබ්බ බීච් එක දිහා බැලුවේ ලාවට හිනා වෙන ගමන්.. ඇත්තටම මම නිස්සාගෙ රිලේශන්ශිප් එකට පට්ටම ආදරෙයි. බිග් මැච් එකේදි වුණත් නිස්සා ගියපාර එකට වඩා මේ පාර එකට මාරම කන්ෆිඩන්ස් එකකින් ප්ලේ කරේ සඳැස් අයියා එයා එක්කලා මුලු වෙලාවෙම හිටපු නිසා කියලා මන් දන්නවා. ඇත්තටම මට වෙලාවකට ඒ දෙන්නා හෙන ආදරෙන් කතා කර කර ඉද්දිත් ඒ දිහා බලන් ඉන්න හෙන ආස හිතෙනවා.. මේ සම්බන්ධෙදි මන් නම් දකින්නෙ නිස්සයි සඳැස් අයියයි දෙන්නම හෙන වාසනාවන්තයි කියලා.

මොකද මන් මේ ටික කාලෙට ඒ දෙන්නා ඒ දෙන්නා වෙනුවෙන් උන්නු හැටි හොඳට දැක්කා..අර ස්පෝට්ස්මීට් දවසෙදි පවා නිශල්ක සඳැස් අයියා එක්ක එවෙලෙ තරහින් හිටියත් සඳැස් අයියා ඉන්නෙ අවුලින් කියලා කිව්වා විතරයි පොර ගිහින් ප්‍රශ්නෙ විසඳගෙන තිබ්බානෙ. ඒකෙන් මට තේරුම් ගියේ නිශල්කයාත් එයාගෙ පැත්තෙන් ඒ රිලේශන්ශිප් එකට දුන්නු එෆර්ට් එක ගැන. මොකද පොරට යන තරහත් එක්ක ඇත්තටම බැලුවොත් එයා සඳැස් අයියා වෙනුවෙන් ඉවසන එක සිරාවටම මන් හිතුවෙ නෑ මේ කපේට වෙයි කියලා. අනික සඳැස් අයියා තරම්ම මැචුවර්ඩ් නොවුණත් නිස්සා දැන් ඉන්නෙ ඒ රිලේශන්ශිප් එක ඇතුළට බැහැලා කියන්න මන් දන්නවා..මොකද ඒ තරම් පොර වෙනස් වෙලා.

වෙනස් වෙලා කිව්වෙ මම දකින්නෙ ඒක හොඳ වෙනස් වීමක් විදිහට..පොර සදැස් අයියා එක්ක ඉද්දි මොන සීන් එකේ හිටියත් නිශල්ක අපි ඉස්සරහා පොකිරිස්සාම තමයි. තාමත් අර ගොන් කුජීත වැඩ කරනවා..ඒවා එහෙමයි. මම කියන්නෙ අනිත් දේවල් සම්බන්ධෙන්..නිස්සා පහුගිය ටිකේම හේශිත් සූම් මීටින් දාලා කරන කුප්පි වලට සෙට් වෙනවා. වෙනදාත් සෙට් වුණා තමයි. ඒත් වෙනදා මූ කට පුප පෙන්නන් නිදා ගන්න එක කරේ.. ඒත් දැන් පොර හොඳට අහන් ඉන්නවා. අන්න ඒකම ඇති. මගේ එවුන්ට හරි යනවනම් එච්චරයි මට වැදගත්..එතනින් එහාට උන් කරන අනිත් කිසි දෙයක් මට කමක් නෑ.

ඔය අතරේ නිශල්ක එයාට ආපු නොටිෆිකේශන් එක දැකලා අනිත් පැත්තට වට්ඇප් දුවන් යන හැටි මට ඇස් කොණින් පෙණුනා..ඒක දැක්කම මට මතක් වුණේ ආර්යන් අයියාව. ඊයේ ගෙදර යන්න කලින් ඒකා දාපු ගෑස් පාර මතක් වෙද්දි මට හිනා යන්නත් එනවා..ඇත්තටම ආර්යන් අයියා අර සයිස් එකෙන් ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් වගේ. වෙලාවකට ඒ තරම් පොඩි එකෙක් වගේ එයා හැසිරෙද්දි..ඊයෙත් එහෙමයි. ගෙදර යන්නැතුව හෙන පොඩි දෙයක් අල්ලන් බුම්මගෙන හිටපු හැටි විතරක්. මන් හිතන්නෙ ආර්යන් අයියා එහෙම හැසිරෙනවා දැක්ක පළවෙනි පාරද කොහෙද ඒ- ඔව් ඔව් පළවෙනි පාර. ඇත්තටම මම හීනෙකින් එයාගෙ මේ සයිඩ් එක දැකගන්න පුලුවන් වෙයි කියලා තියා එයාට මෙහෙම සයිඩ් එකක් තියෙනවා කියලවත් මම හිතුවේ නෑ.

මට ඊයේ ඒ වෙච්චි දේ ආයෙම හිතේ ප්ලේ වෙන්න ගත්තත් හරි මම තොල හපාගත්තෙ මගේ මූණට ආපු ඒ හිනාව අනිත් අයට පේන්නෙ නැති විදිහට හන්ගන්න කියලා හිතලා.

පෙර දින

“හෙට කීයට විතරද යන්න ප්ලෑන් කරන් ඉන්නෙ?”

ආර්යන් අයියා බයික් එක ගාවට ගිහින් ආයෙම මන් ඉන්න පැත්තට හැරිලා බයික් එකට හේත්තු වුණාම මම කරේ එයා දිහා බලන් උන්නු එක..පස්සෙ එයාට මීටර් වෙලාද කොහෙද එකපාරටම හිනා වෙන ගමන් ඔලුව වැනුවා.

“අහ් තාම ප්ලෑන් කරලා නෑ කිව්වනෙ.”

ඒගමන මන් ඇහි බැම දැකම උස්සන ගමන් ඔලුව වැනුවා..දැන් වෙලාව පාන්දර පහට ලඟයි. නන්ගිලා අද යන නිසා එයාලා උදෙන්ම නැගිටියි කියලා කිව්ව හන්දා ආර්යන් අයියා එද්දි බයික් එක අරන් වේගෙන් ආවේ පරක්කු වෙයි කියලා හිතලා. ඒ මදිවට මාව පූල් ගේට් එක ඉස්සරහින්ම ගෙනැවිත් බැස්සුවා.

දැන් එතකොට එයා යනවද? හ්ම් යන්න එපැයි ඉතින්..හෙට අපි දෙගොල්ලොම ට්‍රිප් එකක් යනවනෙ. අනික හෙට මගේ ටීම් එක උදේට කෑමකට එළියට යන කතාවකුත් කිව්ව නිසා කෝකටත් මට උදෙන්ම නැගිටින්න වෙන හන්දා කොහොමත් මට දැන් ගිහින් නිදා ගන්න වෙනවා. ඇරත් අපි දෙන්නටම මහන්සියි..ඒකනිසා එයාට දැන් යන්නම වෙනවා. මම ඒපාර මගේ ඉස්සරහා ඈත පාර දිහා බලන් ඉන්න ආර්යන් අයියා දිහා බලලා අනිත් පැත්තට මගේ අතේ මෙච්චර වෙලාවක් තිබ්බ කී ටෑග් එක දිහා බැලුවේ තොල් අතරට පොඩි හිනාවක් එද්දි.

“මේක දෙන්නද ආවේ?”

මම ඇගිල්ලෙ පටලවන් උන්නු කී ටෑග් එක උස්සලා පෙන්නුවාම ආර්යන් අයියා ඔලුව වනලා එයාගෙ අතේ ඇඟිලි දෙකක් ඉස්සුවේ මම ඇහි බැමක් උස්සද්දි.

“ආ?”

“ඕක පළවෙනි හේතුව.”

“එතකොට දෙක?”

ඒක ඇහුවත් හරි මෙච්චර වෙලා ආර්යන් අයියාගෙ මූණෙ තිබ්බ අර සැහැල්ලු ලුක් එක එහෙම්පිටින්ම නැති වෙලා යනවා මම බලාගෙන. ඒ මදිවට එයා අහකත් බලා ගත්තම මම කරේ වෙන කරන්න දෙයක් නැති කමට එයා දිහා දිගටම බලන් හිටපු එක.. අනේ මන්දා ඒත් ආර්යන් අයියාගෙ මූණේ ඒ තිබ්බ එළිය එකපාරටම නැති වෙලා යද්දි මට හෙන දුකක් දැණුනා. ඒකත් මන් දිහා බලාගෙන ඉන්දැද්දි..මේ ටික කාලෙට එච්චර ඉෆෙක්ට් එකක් මට තමුසෙ නිසා දැනෙන්න අරන් අයියේ.

“ඇයි මාව ඉග්නෝ කරේ?”

මම වෙන කල්පනාවක ඉන්දැද්දි එකපාරටම මාව ගැස්සිලාගියේ ආර්යන් අයියා ඒ අහපු ප්‍රශ්නෙට වඩා ඒක එයා අහපු ටෝන් එක නිසයි..මම දිගටම එයා දිහා බලන් හිටියා..මේ මොකද මේ? කටහඬ ඒ ටිකට හෙනට ගොරෑඬි වෙලානෙ.

“මම? ඔයාව?”

තාමත් පාර දිහා බලන් උන්නු ආර්යන් අයියා හෙමිහිට ඔලුව වැනුවම මම මෙච්චර වෙලාවක් ඇගිල්ලෙ පටලවන් උන්න කී ටෑග් එක මගේ ශෝට් එක අස්සට දාගත්තා. අර ඉතින් තාම අහක බලන්..ඔහොම ඉනිදැද්දි මට කතා කරන්නවත් පුලුවන්ද? මට දැන්නම් හැබැයි ඇත්තටම මෙයාගෙ මේ හිත අස්සෙ වැඩ කරන්නෙ මොනාද කියලා හොයන්න හිතෙනවා.

“ඒක ඉග්නෝ කරා නෙමෙයි අයියේ. අනික මම ඔයා කිව්ව වෙලේම පහළටත් ආවානෙ-“

“ශවිරුගෙ ෆෝන් එකෙන් එක රින්ග් එකයි යන්න හම්බුනේ ආදිල්..මම කියන්නෙ ඒක ගැන.”

මම ඒ පාර කට පියා ගත්තා. ඒත් ඉතින් මටත් හේතුවක් තිබ්බනෙ..නැත්තන් මන් හේතුවක් නැතුව එහෙම ඉග්නෝ කරන කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් තමුසෙව අයියෙ.

“ඔයා ඒකට හේතුව දන්නවා අයියේ. එහෙමනේද ම්ම්?”

කොච්චර කතා කරත් ආර්යන් අයියා නෙමේ මන් දිහා බැලුවේ. ඇරත් දැන් මොකද මේ? මන් හිතුවේ ඒක හරි කියලා.. අනික මට ඒ ප්‍රශ්නෙ හිතින් අයින් වෙලා ගියේ ආර්යන් අයියා අරවෙලේ මට ගත්ත කෝල්ස් දෙකෙන්මයි.. එවෙලේ මට එයාගෙ ඒ එෆර්ට් එකම ඇති වුණා. ඒත් දැන්..මෙච්චර මහන්සියේ මෙහෙට දුවගෙන ඇවිත් මට තෑග්ගකුත් දීලා ඒ වෙච්ච දේ ගැන පැහැදිලිත් කරාට පස්සෙ මට ඒක හිතින් අමතකම වෙලාම ගිහින් තිබ්බා..ඇත්තටම මන් මෙච්චර ඉක්මණින් ඔයාගෙන් මෙහෙම දේවල් නිකමට හිතලවත් බලාපොරොත්තු වුණේ නෑ..කොටින්ම කිව්වොත් ඔයා මේ කරන දේවල් තාම මේ ලෝකෙ එක්සිස්ට් කියලවත් මන් හිතුවේ නෑ.

“හ්ම්.”

ආර්යන් අයියා දිගටම පාර දිහා බලන් ඉන්න ගත්තම මගේ නළල ඉබේටම රැළි ගැහුණා..දැන් දිගටම මෙහෙමද මෙයා ඉන්න හදන්නෙ? මට කොහොමත් මෙයාට මේ මූඩ් එකෙන් ගෙදර යන්න දෙන්න බෑ.

“දැන් ඔහොමද ගෙදර යන්න හදන්නෙ? මාත් එක්ක කතා නොකර?”

ඒගමන ආර්යන් අයියාගෙ ඇස් වේගෙන් ඇවිත් මාගාව නතර වුණේ මාත් එයා දිහා දිගටම බලන් ඉද්දි..මෙතන රණ්ඩු වෙන්න තරම් දෙයක් වුණෙත් නෑනෙ.

“කතා නොකර ඉන්න බලන් ආපු ගමනක් නෙවෙයි මේක.”

“ඉතින් ඇයි එහෙනම් ඔය තරහින්?”

ඒපාර ආර්යන් අයියා ලාවට ඔලුව වැනුවා.

“තරහින් නෙවෙයි ආදිල් ඒත් ආයෙ එහෙම කරන්න එපා.

“එහෙනම් එහෙම කරන්න හේතු දෙන්නත් එපා.”

ඒපාර ආර්යන් අයියා මන් දිහා ඇස් පිල්ලමක්වත් නොගාහා බලන් ඉන්න ගත්තම මම නිකන්ම බිම බලාගත්තෙ සෙරෙප්පුවෙන් පාරෙ තිබ්බ ගල්කැට එහෙම එහාට මෙහාට කරන ගමන්.

“මන් කියන්නෙ ආයෙම මොකක් හරි දෙයක් වුණාම මාව ඉග්නෝ නොකර ඒ ගැන මාත් එක්ක කතා කරගන්න බලන්න කියලා. දැන් මන් අද මෙහෙම ආවෙ නැත්තන් ආයේ ඔයා මාත් එක්ක කතා කරනවද?”

ඒගමන මන් ඔලුව වැනුවා..ඇත්ත තමයි.

“ඒක නිසා ආයෙ මෙහෙම දෙයක් වුණෝතින් මාව ඉග්නෝ කරනවා වෙනුවට මට කතා කරන්න චාන්ස් එකක් දෙන්න.. ම්ම්?”

මම ආයෙම ඔලුව වැනුවා. අර්හ්හ් දැන් නම් ලැජ්ජයිත් වගේ. පපුවත් ගැහෙනවා රෙද්ද! ඒත් මන් එයාට කියන්න ඕනෙ මන් කෝල් එක ආන්ස්වර් කරන්න හැදුවා කියලා..මම ඒගමන ආයෙම ආර්යන් අයියා දිහා බැලුවත් ඒ වෙද්දිත් එයා හිටියේ මන් දිහා බලාගෙන වුණාම මට කියන්න හිටපු එකත් අමතක වෙන්න වෙන්න ගියා. මේ යකාත් ඕන දවසටමයි කැප් එකක්වත් දාගෙන එන්නැත්තෙ.

“මම දෙවැනි කෝල් එක ආවාම ආන්ස්වර් කරන්න හිටියේ අයියේ ඒත් ඊටකලින් කෝල් එක කට් වුණා. ඊට පස්සෙනෙ ශවිරු අයියාගෙ නම්බර් එකෙන් මට කෝල් එකක් ආවෙ..අනික ඒ ගිහින් විනාඩි ගාණකින් ඔයා මට මගේ බැල්කනි එකේ ෆොටෝ එකක් පෙන්නුවම-“

“ඒක තමයි මන් කලිනුත් කිව්වෙ ආදිල් මාව ටෙස්ට් කරන්න එපා කියලා. මම ඉවසන්න දන්නෙ නැති මනුස්සයෙක්.. ඒකත් දැන් ඔය නම ගෑවිච්ච තැනක.”

ආර්යන් අයියා මට ඇගිල්ල දික් කරලා එහෙම කිව්වාම මම ආයෙම කට වහගෙන අහක බලා ගත්තා. මේවා කියද්දි කොහොමද කියන්නකො කටක් ඇරලා කතා කරන්නෙ මන්? කොහොමත් දැන් ලඟකදි ඉදන් ගාණට වැඩියි මෙයත්.

“එහෙම කොහොමද ඉතින් ජීවත් වෙන්නෙ?” මම නිකන් කින්ඩියට වගේ ඒක ඇහුවම ආර්යන් අයියා මන් දිහා තත්පරගාණක් බලන් ඉදලා එකපාරටම ආයෙම අහක බලා ගත්තාම මගේ ඇස් දෙක පුදුමෙන් ලොකු වුණා. යකෝ දැන් මොකක් හරි කිව්වම මෙයා ඒකද පාවිච්චි කරන ඩිෆෙන්ස් එක??

විනාඩියකුත් ගියා තාම හ්ම් සද්දයක් නෑ..පාර දිහා බලන් මොනාදෝ කල්පනා කර කර ඉන්නවා. මේක යකාගෙ වැඩක්නෙ!

“”මොකද දැන් කතා නැත්තෙ?”

මේ පාර ආර්යන් අයියා මන් දිහා බලන්න තියා උත්තරයක් දෙන්න කටවත් හෙලෙව්වෙ නෑ.. ඒත් එක්කම ආර්යන් අයියා එකපාරටම බයික් එකේ හෙල්මට් එක අතට ගත්තම මන් ටක්ගාලා ගිහින් ආර්යන් අයියාගෙ අත තද කරලා අල්ලගත්තා.

“අයියේ මොකද මේ?”

එයා තාමත් මන් දිහා බැලුවේ නැති හන්දා මම ඇඟිලිතුඩු වලින් පොඩ්ඩක් ඉස්සිලා ආර්යන් අයියාගෙ කම්මුළ පැත්තෙන් අත තියලා හෙමින් සැරේ එයාව මගේ පැත්තට හරව ගත්තා.

“ම්ම්?”

මන් ආර්යන් අයියා දිහා බලලා ඇයි අහන්න ඔලුව ඉස්සුවත් එයා අඟලක්වත් හෙලවෙන්නෙ නැතුව මන් දිහා බලන් අනිමිසලෝචන පූජාවක් තියන්න පටන් ගත්තම මම ලාවට හිනා වෙලා එයාගෙ කම්මුළෙන් අත ගත්තෙ අනිත් පැත්තට මම මගේ අත් දෙක ශෝට් එකේ සාක්කු දෙක අස්සට බස්ස ගනිද්දි.

“තැන්ක්‍යූ මාව බලන්න ආවට.”

මම ආර්යන් අයියාට එහෙම කියලා අත වනලා ටිකක් පස්සට වුණේ ආර්යන් අයියා ඒගමන ලාවට හිනා වෙලා එයාගෙ හෙල්මට් එක ඔලුවට දාගනිද්දි..

“ගෙදර ගිහින් කියන්න හරිද?”

ඒ එක්කම එයා ඔලුව වනලා බයික් එකේ යතුර කරකවන දිහා මන් බලාගෙන හිටියා.

“ඇතුළට යන්න.”

මම ඔලුව වනලා පස්සෙන් පස්සට ගිහින් ගේට් එකත් ඇරගෙන වත්තට ආවේ ආයෙම පිටිපස්ස හැරිලා බලද්දි ඒ වෙනකොටත් ආර්යන් අයියා මන් දිහා බලන් ඉන්නවා බලාගෙන..ඒගමන මන් ටක්ගාලා අනිත් පැත්තට අත වැනුවා.

වර්තමානය

ඔය එක්කම මන් ටේබල් එකේ අනිත් පැත්ත හරවලා තිබ්බ ෆෝන් එක අතට අරන් ලොක් ස්ක්‍රීන් එක දිහා බැලුවා. හරිනේ.. හිතුවා වගේම මැසේජ් එකක් දාලා. මන් තාමත් හිටියේ මගේ හිනාව තද කරගන්න කියලා තොලත් හපාගෙන..

“Jungle beach? Awwa nadda?”

මාව පෙන්නන්න ෆොටෝ එක ගැහුවේ. ඒත් මේ යකාට පෙනිලා තියෙන්නෙ බීච් එක..දෙන්න හිතෙනවා හොම්බ රිවට් වෙන්න. මම ඒගමන වට්ස්ඇප් එකෙන්ම කැමරා එකට ගිහින් අපි වටේට ෆෝන් එක යවලා තත්පර පහක පොඩි වීඩියෝ එකක් කරලා දැම්මා.

“Love the view ❤️”

මෙන්න එක්කෙනෙක් ඔන්ලයින්..ෆෝන් එක අතේද හැමතිස්සෙම? නැත්තන් කොහොමද මෙච්චර ඉක්මණට රිප්ලයි කරන්නෙ? විව් එක ලස්සනයිලු..ඔව් ඔව් විව් එක ලස්සනයි තමයි තවුසෙ කියන්න ඕන නෑ ඒක මාත් දන්නවා. ආවා මෙතන පකක් කියෝගෙන. මම ආපු තරහට නහයත් පුම්බගෙන එයාට අනිත් පැත්තට හොඳ රිප්ලයි එකක් දාන්න ගියාම ආර්යන් අයියා නයිස් විව් කියලා එවලා තියෙන්නෙ මන් මුලින් යවපු ෆාටෝ එකට කියලා දැක්කම මන් ආයෙම තදින් තොල හපාගත්තෙ දැන් නම් මගේ හිනාව කටින් පනින්න ඔන්න මෙන්න තිබ්බ නිසා..අරහ්හ් ඒ මදිවට කම්මුල් දෙක දෙපැත්තත් ගිණි ගන්නවාවගේ.

“I know.”

ඒ ගමන ආර්යන් අයියා මට ෆොටෝ එකක් එව්වාම මන් ඒක ටච් කරලා සූම් කරා..වාව් මේ සෙම්බුවත්තද? පට්ට ලස්සනයිනෙ.

“Oyalatath mehe enna thibbe”

ඒ පාර මගේ කටට ආවෙ හෙන කැරි හිනාවක්..ආසද දන්නෑ වලව්කාරයා.

“Api prefects lata asa na.”

“Mokadda atayo tho kiwwe?? Maranawa daganin podi pakayawa”

ඒ ගමන මගේ ඇස් දෙක ලොකු වුණේ ඒ මැසේජ් එක දැකලා. මෙයාට මක් වුණාද? එහෙම කතා කරලාම නෑනෙ..අනික මන් තරහා යන්න තරම් දෙයක් නෙවෙයිනෙ ඒ කිව්වෙ. ඒකත් මරනවා කියලා කියන්න තරම්?

Aryan Rawurawawansha (Hp) is calling…

මම කෝල් එක කට් කරලා ෆෝන් එක ටේබල් එකට විසි කරා.

“මොකද යකෝ ඒ?”

“නෑ නෑ.”

මම ඔලුව වනලා ආයෙම ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක දිහා බැලුවා. පොඩි පකයා?? මන් බලාගන්නම් කො අයියේ තමුසෙ ගැන. මම ඇස් දෙක රෝල් කරා.

“නෑ නෑ නෙමෙයි මොකක් හරි වුණා නේද? කෝ පෙන්නපන් ෆෝන් එක-“මම ඔලුව වනලා ටේබල් එක උඩ තිබ්බ මිදි බෝල් එකයි ෆෝන් එකයි දෙකම උස්සගෙන විලා එක ඇතුළට එන්න ආවා.

“දැන් උබ කන්නෙ නැද්ද?”

“මට බඩගිනි නෑ ඉතින්.”

“උබට කවුරු හරි මුකුත් කිව්වද? හරි මට ෆෝන් එක බලන්න දීපන්කො පොඩ්ඩකට.”මම නෑ කියන්න ඔලුව වැනුවා.

“මට අවුලක් නෑ බන් පිස්සුද?”

“එහෙනම් මොකද තෝ ඔය ෆෝන් එක ඕෆ් කරන් ඉන්නෙ? අද අර ඇවිදින්න ගිය වෙලේ වත් උබ ෆොටෝ එකක්වත් ගත්තෙ නෑනෙ ශාක්‍ය? අනික උබ හෙන ආසාවෙන්නෙ හිටියෙ බීච් එකේ ෆොටෝස් ගන්න.”

“බැට්රි බැස්සා ඒකයි.”

“අනේ අනේ මේ ඕයි දෙකේ පන්තියේ බොරු කියන් එන්නෙපා.”

“පිස්සුද නිශල්ක උන්ට ඊටවඩා හොඳට බොරු කියතෑකිනෙ මූට වඩා.”

මම ඒපාර තනුජයා දිහා බලලා හොඳවැයින් රැව්වෙ ඌ ටක්ගාලා හේශිත්ගෙ අතේ එල්ලෙද්දි..මෝඩ පකයා! මම ඇස් දෙක රෝල් කරා.

“තමුසේ මට තමයි ඇස් කරකවන්නෙ! නිශල්කට කරපන්කො බලන්න කැරියා-”

මට එවෙලේ අහු වුණේ කොට්ටෙ විතරයි…මම ඒක ඇගිලි වලට තද කරගෙන ඉවර වෙලා සෝෆා එකෙන් නැගිට්ටෙ අනිත් පැත්තට තනුජයාට කොට්ටෙන් දමාගෙන ගහද්දි- ඒ එක්කම මාව පිටිපස්සට ඇදිලා ගියත් හරි අනිත් පැත්තට තනුජයා සෝෆා එකේ මුලු වාඩි වෙන කෑල්ලම උස්සලා ගනිද්දි මම ගල් වෙලා වගේ හිටපු තැනම එහෙම්මම ඉද්දි මාව තදින් බදාගෙන හිටපු නිශල්කයටත් මාව ඉබේටම අතෑරුණා.

“ඕයි ඕයි-”

මම නිශල්කවත් අනිත් පැත්තට තල්ලු කරලා දාලා විලා එකේ ඇතුළට දුවන්න ගත්තෙ ආයෙ පිටිපස්සවත් බලන්නැතිව..

A/N

ආර්යන්

ශාක්‍ය

ඔන්න මන් අද කෝම හරි ලියලා අප්ඩේට් කරා. මොකද මට හෙටයි අනිද්දයි කියන්නෙ කට කපලා වැඩ තියෙන දවස් දෙකක්..🧍🏽‍♀️අනේ බලන් ඉන්න වෙනවට සොරීඊඊඊ 😫

ඒක නෙමේ ලමයිනේ..මන් හෙනාසයි ඔයාලාගෙ කමෙන්ට්ස් කියවන්න! දාන හැම එකක්ම මම කියවනවා හරිද? නෑ කියලා හිතන්න එපා..ඒක ඉස්සර ඉදන්ම මම තරන දෙයක්.. කමෙන්ට්ස් කියවන එක. ඉතින් බය වෙන්නෙ නැතුව කමෙන්ට් කරන්න මේ කතාවේ..මන් ඔවාලා එක්කලා ඉන්නවා ඇන්ඩ් මම ඔයාලව ට්‍රස්ට් කරනවා ❤️ හැමෝටම මන් Adareyyyyy!!

Thank you loudlymakemehappy  නන්ගියෝ මේකට 😩❤️ ආදරෙයි!! මේක ලස්සනයි ඈ!

ඔන්න මන් ගියා එහෙනම් 🫡 ආයෙ හම්බවෙමු මගේ සුදාලා!
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 39, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 39, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 39 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 39 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 39 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 39 light novel, ,

Comment

Leave a Reply

Chapter 39