À¶»À¶¯À·… | The Kandyan Aristocrats 40

A+ A-

විනාඩි ගාණක් තිස්සෙ මම විලා එක වටේට දිව්වා..නිකන් නෙමෙයි අහු වෙන එකෙන් තනුජයාටත් දීලා අරින ගමන්. මොකද කලින් තිබ්බ කුශන් එක නම් කමක් නෑ ඒත් මේ පගයා උගේ අර වතුර විදින තුවක්කුවත් උස්සන් ඇවිත් මට යන යන පැත්තට වතුර විදිනවා..අනේ අම්මාපා මට ඕක අහු වුනෝතින් නම් දෙකටම කඩලා දානවා! මන් ටක්ගාලා විලා එකේ තිබ්බ කාමරයක් ඇතුළට රින්ගලා ඇතුළෙන් දොර වහගත්තේ එතනම හති අරින ගමන් ඉදගනිද්දි..යකෝ මේ දිව්ව පොඩ්ඩට මෙච්චර හති.

“ශාක්‍ය ඇරපන් දොර!”

“බෑ පුලුවන් දෙයක් කරපන්!”

“ආ ඒ කියන්නෙ දැන් තෝ දොර අරින්නෙනෑනෙ?”

“නෑ තමයි ඇයි තොගේ කන පොට්ටද?”

මම දොරට පිට තියලා කට තද කරන් හිනා වෙවී තනුජයා දොර ගාවින් යනවා කන් දීලා අහගෙන..පොරට තරා ගිහින් ඉන්න වෙලාවක ඔය වගේ ගොන් කතාවක් කිව්වම තවත් තරහා යනවා..දැන් ඇති තක්කාලි ගෙඩියක් වගේ මූණත් රතු කරගෙන.මූ නම් සිරාවටම මහා කියුට් හාදයෙක්. කොච්චර තරහා ගිය වෙලාවකටත් මුගේ මූණ දැක්කම ඇති අපිට අපේ තරහා තත්පරෙන් නැති වෙලා යනවා..එච්චරට තනුජයා කියුට්. මොකද ඌට තිබ්බෙ හීනි ඇස්. ඉතින් තරහා ගියාමයි හිනා යද්දියි පොරගෙ ඇස් හරියට ඉරි දෙකක් වගේ නොපෙනී යන්නම හීන් වෙනවා. ඇරත් පොරට තිබ්බෙ අමුතුම හමක්..තනිකර කිරි කෝපි පාටයි. ඉතින් තද වුණාම පොර කරන්නෙ අතින් නහය දමාගෙන උලන එක..ඊටපස්සෙ නහය වටේටමයි කම්මුල් දෙක දෙපැත්තෙයි නිකන් අර නන්ගි ගාන බ්ලශ් එක වගේ රතු වෙනවා. ඕවා නිසා තමා මූට හුරතලා කියන්නෙ. පට්ට සිරියාවන්ත කොල්ලෙක්..ඔය ඉදලා හිටලා වුකන වැඩ කරාට පොර හොඳ එකා.

“කමක්නෑ තොට එළියට එන්නම වෙනවනෙ..එතකොට බලාගමු.”

“මොනාද දැන් තමුසෙට මගේ බලාගන්න තියෙන්නෙ? වරෙන් ඇතුළට පෙන්නන්න..උබත් ආසයිනෙ ඉතින්.”

මම තොල හපාගෙන හිනා වෙන්න ගත්තෙ පොරගෙන් හ්ම් සද්දයක් නැති නිසා..දැන් ඉතින් පුපත් එකකම රතු වෙලා ඇත්තෙ තරහට- මම ඒ එක්කම දොර පැතත්ට හැරිලා දොරට කන තිබ්බෙ ඌ තවම මෙතනද කියලා බලන්න..ඒ එක්කම මට මොකක් හරි සද්දයක් ඇහුන නිසා මන් කරේ මගේ පිටිපස්ස බලපු එක- මළ මඟුලයි! මම පිටිපස්ස හැරුණාම දැක්කෙ තනුජයා කාමරේ තිබ්බ ජනේලෙන් ඇතුලට එන්න දගලනවා.ඒ එක්කම මන් ටක්ගාලා දොරේ යතුර අල්ලලා දකුණු පැත්තට කරකවලා හැඩ්ල් එක පහතට කරා..මොන රෙද්දක්ද! ඇයි මේ මඟුල ඇරෙන්නැත්තෙ?? මම ආයෙම හැඩ්ල් එක පහතට දාලා දොරට උරහිස තියලා තද කරා..

“පුටුවක් තිබ්බා ඒයි..ඕම කරාට ඇරෙන එකක් නෑ.” ඒ පාර මම ඉණට අත් දෙක තියලා ගිව්අප් කරලා තාම ජනේලෙන් ඇතුළට පැන ගන්න බැරුව එකතැන දඟලන තනුජයා දිහා බැලුවා..මූව දැක්කම මට ටෙසාවමයි මතක් වෙන්නෙ.

“දැන් මොකද්ද තෝ ඕකෙන් බලාපොරොත්තු වෙන්නෙ?”

“ඇයි දැන් මට ඇතුළට එන්න කිව්වෙ පෙන්නන්න දෙයක් තියෙයි කියලා.”

හනේ යකෝ! මේ වගේ ගොන් ආදෙක් මන් දැක්කමයි. තනුජයා කෝම හරි හෙන ගේමක් දීලා කාමරේ ඇතුළට පැනගත්තම මම ඌ දිහා උඩ ඉදන් පහළට බැලුවා..හතිත් දානවා ඒමදිවට. ඔව් හැබැයි ජනේලෙ හදලා තිබ්බෙ පට්ට උසකින් නිසා නැගගන්න හෙන ගේමක් දෙන්න වෙනවා තමයි. ඒත් මේ වෑයම මගේ නයා බලාගන්න තියෙන ආසාවට නේද කියලා මතක් වෙද්දි මන් කටට ආපු කැරි හිනාව නවත්තගන්නැතුවම තනුජයා දිහා බලන් උන්නෙ ඊළඟ තත්පරේම මගේ මූණෙන් ඒ තිබ්බ හිනාව නැති වෙලා යද්දි..

“අම්මපා තනුජ හොදේ තෝ ඕකෙන් මට එකපාරක් හරි වතුර විද්දොත්නෙ මන්-”

මන් කට තද කරගෙන ඇස් දෙක පියා ගත්තෙ කෙලින්ම මගේ මූණ මැදට ආපු වතුර පාර නිසා. හුකනවා දාලා මූව මන් අද! ඇස් දෙක පිහදාගන්න ගමන් මම වේගෙන් අඩිය තියලා තනුජයා ගාවට දුවගෙන ගිහින් උගේ ටී ශර්ට් එකෙන් අල්ලලා මන් ඌව ඇද මැද්දට විසි කරේ අනිත් පැත්තට ඇදේ ටක් කරලා තිබ්බ බෙට්ශිට් එක දෙපැත්තෙන් ඇදලා අරන් මන් තනුජයාව පෑන්කේක් එකක් වගේ බෙට්ශීට් එකෙන් රෝල් කරලා ගනිද්දි..

“ආහ් ඕ මේ ඉන්නෙ මුන් දෙන්නා-“

ඒ එක්කම වගේ කාමරේ දොර ඇරුණත් හරි මම කර කර හිටපු වැඩේ නතර කරලා ෆෝන් එකත් කනේ තියන් ආපු නිශල්කයයි හේශිතයයි දිහා බැලුවා. හැබැයි ඒ නවත්තපු ඩිංගට තනුජයා ටක්ගාලා බෙට්ශිට් එක අස්සෙන් එළියට රින්ගන්න හදනවා දැනුන නිසා මම කරේ අනිත් පැත්තට උගේ ඇග උඩට පැන්න එක.

“අනේහ්- ක්හඃ! අයින් වෙයන්කෝ-” තනුජයාගෙ මූණ උඩින් කොට්ටයක් තියලා ඒක උඩින් මම ඔලුව තියාගත්තෙ සනීපෙට ඇස් දෙක වහගන්න ගමන්.

“ඕයි ඔය පොඩි එකා මැරෙයි හුත්තෝ! අයින් වෙයන් ශාක්‍ය- මේ ආර්යන් අයියෙ පොඩ්ඩක් ඉන්න මන් පස්සෙ ගන්නම්”

ඒ එක්කම මම හෙනයක් ගහන්න වගේ ඔලුව ඉස්සුවේ වෙන මොක නිසාවත් නෙමේ දැන් ටිකකට ඉස්සෙල්ලා නිශල්කයා කියපු නම ඇහිලා..ආර්යන් අයියා? එතකොට මූ දැන් කෝල් එකේ හිටියේ එයා එක්කද? ඇරත් ආර්යන් අයියා මොකටද නිශල්කට කෝල් කරේ? ඒ ගමන මන් තනුජයාගෙ බඩට බෝස් ගාලා පාරක් ගහලා උගේ ඇග උඩින් නැගිටලා ටිකක් එහාට වෙන්න ඉදගත්තා.

“අඩෝ උබ පණුවෙක් වගේ බන්” හේශිතයා හිනා වෙවී ඇවිත් තනුජයාව අනිත් පැත්තට රෝල් කරලා ඉවර වෙලා බෙඩ්ශීට් එක ගලව ගන්න හදන ට්‍රයි එක දිහා බලන් ඉන්න අතරේ මගේ ඇස් දෙක ගියේ නිශල්කයා ගාවට..මන් දිහාවට ඌ ඇස් දෙකත් හීනි කරගෙන නිකන් මළපැනලා වගේ බලන් ඉන්දැද්දි මම ඇයි කියලා අහන්න වගේ මගේ ඔලුව එකපාරක් වැනුවාම ඌ ඒකටත් කරේ මන් මන් දිහා දිගටම බලන් හිටපු එක.

“ඇයි ආර්යන් අයියා කෝල් කරේ?”

“ඒක මමයි උබෙන් අහන්න ඕනෙ.”

ඒක නිශල්ක කියපු ටෝන් එකට ඇදේ දඟල දඟල හිටපු හේශිතයයි තනුජයයි දෙන්නත් දඟලන එක නවත්තලා දාලා නිශල්ක දිහා බැලුවම අනිත් පැත්තට නිශල්කයත් දිගටම මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා දැකලා ඊලඟට උන් දෙන්නාත් මන් දිහා බැලුවම මම අපහසුවෙන් වගේ ඇදේ ඉදගෙන හිටපු ඉරියව්ව වෙනස් කරා..ඇයි දන්නෑ තුන් දෙනාම එහෙම මන් දිහා බලන් ඉද්දි මට ජීවිතේ පළවෙනි පාරට පට්ටම අන්කොම්ෆටබල් හැගීමක් ආවා..මොකද මට හිතුණෙ හරියට මන් ඒ තුන් දෙනාගෙන් දෙයක් හැන්ගුවා වගේ..ඒපාර මම ආයෙම නිශල්ක දිහා බලලා ලාවට උරහිස් දෙක උස්සලා ඔලුව වැනුවා.

“මන් දන්නෑ උබ ඔය කියන්නෙ මොක්ක ගැනද කියලා.”

“මන් අහන්නෙ උබට අරුත් එක්ක මොකද්ද- ආ නෑ මට ඒකෙන් වැඩක් නෑ මේ ෆෝන් එක ආන්ස්වර් කරපන්..අර ශවිරු අයියලාත් මට දැන් කෝල් දෙක තුනක්ම ගත්තා.” මම ලාවට ඔලුව වනලා මගේ ඔඩොක්කුව දිහා බලාගත්තෙ අතේ ඇගිලි එක්ක සෙල්ලම් කරන ගමන්.

“කෝ උබලා දෙන්නත් දැන් වරෙන් එළියට මුට ඕක විසඳගන්න දීලා..ආ ගනින් ෆෝන් එක.” නිශල්ක මගේ ෆෝන් එක ඇද උඩට විසි කරලා දාලා කාමරෙන් එළියට යන්න ගියාම අරුන් දෙන්නත් හ්ම් සද්දයක් නැතුව කාමරෙන් එළියට ගිහින් දොර අඩවල් කරත් එක්කම මම කරගන්න දෙයක් නැතුව ආයෙම මගේ අතේ ඇඟිලි දිහා බැලුවේ තොලත් හපාගන්න ගමන්.

ටික වෙලාවක් මම ඔහේ මගේ ඇගිලි දිහා බලන් හිටියා. මොකද මට මගේ ඔලුවේ දැන් මේ දුවන දේවල් කිසි දෙයක් තේරුනේ නෑ..මම එයාලගෙන් දෙයක් හැන්ගුවා තමයි ඇරත් මන් මගේ කිසිදෙයක් කාටවත් කියන්න බැදිලා නෑ කියලත් මම හොඳට දන්නවා. ඒත් මේක? මට තේරෙණවා ඇයි නිශල්කට තරහා ගියේ කියලා..හේතුව ඒ ආර්යන් අයියාම වෙච්චි එක.. මම දිගටම මගේ අතේ ඇඟිලි එක්ක සෙල්ලම් කරන්න ගත්තා…ඈත් වෙලා ඉන්න ඕන මිනුස්සයෙක්ව මන් ලන් කරගත්තෙ හොයන්නෙ බලන්නෙ නැතුවම නෙමේ නිශල්ක. මන් දන්නවා මම මේ කරන්නෙ ගින්දරත් එක්ක හැප්පෙන්න හදන එක කියලා..ඒත් මන් හිතන්නෙ දැනටමත් මන් ඒ ගිණි ගොඩට පැනලා ඉවරයි. මන් ආර්යන් අයියාට කැමතියි.

මන් ඇද උඩ තිබ්බ ෆෝන් එක අතට අරන් ෆෝන් එක අන්ලොක් කරලා කෝල් ඇප් එකට ගිහින් කෙලින්ම අන්තිමට වැටිලා තිබ්බ නම උඩින් ටච් කරලා ෆෝන් එක කන ගාවින් තියාගත්තා.

“හලෝ?”

මම ඇහි බැම දෙක ලන් කරගත්තෙ හලෝ කිව්වට එහා පැත්තෙන් අනිත් පැත්තට කිසිම උත්තරයක් ආපු නැති නිසා..ඒත් කට්ටයක් කියවන සද්දෙ නම් මට හොඳට ඇහෙනවා.

“හලෝ? මාව ඇහෙන්නෙ-“

“ආදිල්? තරහද?? මම නෙවෙයි ඒ මැසේජ් එක දැම්මෙ මෙන්න මේ- අඩෝ සුදු මැණිකහ්!! ඒ මොකද හුත්තෝ තොට විහිළු තේරෙන්නෙ නැත්තෙ- හරියට කතා කරපන් ශවිරු! කෝ දීපන් ඔය ෆෝන් එක- අනේ අනේ මෙන්න හාමු මාත්තයාට දුක හිතිලා උබට බැන්න එකට..උබ දන්නෑ ශාක්‍ය හොදේ මූ අර කලින් තමුසේ ෆෝන් එක කට් කරපු වෙලේ හිටියේ අඩන්න ඔන්න මෙන්න වගේ-” ඒ එක්කම මම ෆෝන් එක මගේ මූණ ඉස්සරහට ගත්තෙ කෝල් එක කට් වෙලා ගියපු හන්දා..මම මගේ කටට ආපු හිනාව නවත්තගන්න තොල හපාගෙන එහෙම්මම ආර්යන් අයියා එව්ව මැසේජ් එක බලන්න වට්ස්ඇප් එකට ගියා.

“Api paya dekakin galle.”

මොකක්? එතකොට එයාලා මෙහෙ එනවද? මම ආයෙම කෝල් එකක් ගන්න හදලා ආයෙම ඒ අදහස අතෑරගත්තෙ කලින් වෙච්චි සීන් එක මතක් වෙලා.

“Oyala mehe enawada ?”

“Hmm. Ow”

“Ay eh?l

“Ay epa da?”

“Na ithin durai ne”

“Hmm”

අන්න මූඩ් ගැහුවා නේද? මම හිනාව තද කරගෙන ආර්යන් අයියාට බල්ලා කට කොනින් හිනා වෙන ස්ටකර් එකක් යැව්වාම එයා ඒකට හිනා වෙන ඉමොජි එකකින් රැඇක්ට් කරාම මම ආයෙම බල්ලෙක් පස්ස පද්ද පද්ද යන ස්ටිකර් එකක් යැව්වා.

“Shakya when he walks.” මූ යකෝ! මගේ පුප දිහාත් බලන් ඉදලද ඒ කියන්නෙ? වලත්ත හෙඩා..! තව කී දෙනෙක්ගෙ පුපවල් දිහා බලන් ඉදලා තියෙනවද දන්නෑ..ඇරත් කවදා ඉදන්ද යකෝ මන් මෙහෙම ඇවිද්දෙ?

“So you were checking me out?”

ඒක ඇහුවට පස්සෙ පොර මැසේජ් එක සීන් කරා කරාමයි රිප්ලයි එකක් නෑ..මම කොහොමත් ආර්යන් අයියාගෙන් මේකට රිප්ලයි එකක් බලාපොරොත්තු වුණේ නෑ.. හිනාව තද කරගෙන මන් ෆෝන් එක ඇදෙන් තියලා කාමරෙන් එළියට එන්න ආවා..

අහ් මේ ඉන්නෙ තුන් දෙනා ටී වි එක බල බල.. මම ටී වි එක ඉස්සරහින් ඇවිදගෙන ඇවිත් හරියටම අර තුන් දෙනාගෙන එහා පැත්තෙ ඉදගත්තෙ උන් තුන් දෙනාගෙත් ඔලු තුන ටී වි එක පැත්තට හැරවිලා තියෙද්දි ඇස් දෙක මගේ පස්සෙන් එනවා බලාගෙන..මොනාද දන්නෑ බලන්නෙ. තනුජයා නම් ඇස් දෙකත් ලොකු කරන් ඉන්න විදිහට ඩෙඩ් ශුවර් ඔය ඇත්තෙ සීන් එක දැන ගන්න ඕනකමින්. එතකොට හේශිත් නම් අමු කන්ෆියුස්ඩ් කියලා දැන් මන් වාඩි වුණාමත් ආයෙම පොර නිශල්ක දිහාත් දෙතුන් පාරක්ම බලපු විදිහෙන් තේරුම් ගියා. ඒත් නිශල්ක.. මගේ පොකිරිස්සා! පොර නම් ඉන්නෙ මාව මරන්න තරම් තරහින් කියලා මට උගේ බැල්මෙන්ම කියතෑකි..

“අහ්ම්ම්..”ඒ පාර අපි තුන් දෙනාම කකුළ් දෙකත් පළල් කරන් ටී වි එක දිහා බලාගෙන ගුඩුස් එකක් ඇරපු තනුජයා දිහා බැලුවා.. ඒ අස්සෙ පොරටත් අපි බලන් ඉන්නවා කියලා මීටර් වෙලාද කොහෙදෝ හෙමින් සැරේ අපි ඉන්න පැත්ත හැරුණා. මූ නම් රියල් ලයිෆ් කාටූන් කැරැක්ටර් එකක් වගේ.

“අනේ හුත්ත! මේ මොන විකාරයක්ද?? පැය බාගයක් තිස්සෙ ඉබ්බෙක් පීනන හැටි බලනවා රෙද්ද! එක්කෝ වෙන මගුලක් දාන්නෝන බලන්න- මේ තොපි දෙන්නාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙයිද?”

මම ඇස් දෙකත් ලොකු කරන් හේශිත් දිහා බලන් උන්නා.. මොකද පොර සාමාන්‍යයෙන් බනින්න තියා ප්‍රශ්නවල මැද්දටවත් පනින එකෙක් නෙමේ. කොටින්ම කිව්වොත් මායි නිශල්කයි රණ්ඩුවෙන හැම වෙලාවකදිම පැත්තකට වෙලා අපි දෙන්නට ඒක විසදගන්න දීලා බලන් ඉන්නවා මිසක් මූ ඒ මැද්දට එන කෙනෙක් නෙමේ..එච්චරට පොර සයිලන්ට්. හේශිත් අන්තිමට මායි නිශල්කයි දිහා බලලා අහපු ප්‍රශ්නෙට අපි දෙන්නම මූණට මූණ බලාගෙන ඇගිලි වලින් අපි දෙන්නවම පොයින් කර ගත්තට පස්සෙ හේශිත් ඇස් දෙක රොල් කරා.

“ඒපාර කටවල් වැහිලාද? යකෝ මාව මිස් වුණා කියලා ට්‍රිප් එකක් ඇවිත් දැන් කතා කරන්නැතුව අඳුරන්නැති එවුන් වගේ ඉන්නවා.”

“මේ අහපන්කො.”

ඒපාර මම තනුජයා දිහා බලලා ඔලුව වනන ගමන් ඌට ඇස් වලින් හේශිත්ව පෙන්නුවෙ කතා කරන්න එපා කරලා හින්ට් එකක් දෙන අතරේ..මොකද දැන් මේ යකා අහන්න යන්නෙ අම්බානෙක ගොන් ප්‍රශ්නයක් කියලා මන් දැනගෙන උන්නා. ඒ අස්සෙ නිශල්කයා හේශිත්ව පෙන්නලා ඇගිල්ලක් බෙල්ලෙ දිගේ ගෙනිහින් මැරුණා වගේ රඟපානවා දැකලා මට කටින් හිනාවක් පනින්න ආවත් මම ටක්ගාලා මගේ සිත දමනය කරගත්තෙ අරූගෙන් ගුටි කන්න බැරි නිසා.

“කියපන් ඉතින් බිරාන්ත වෙලා වගේ බලන් ඉන්නැතුව.”

“අපි කාඩ් ගහමු?” මායි නිශල්කයි චටාස් ගාලා සද්දෙ එන්නම ඔලුවට අතින් ගහගත්තා.

“අනේ ඇයි ඉතින්..මම උස්සගෙන ආවෙ ඕමි ගහන්න. ආ තව අර බොමුද කියලා කාඩ් පැක් එකකුත් ගෙනාවා. ඒක හරියට තෘත් ඕර් ඩෙයාර් වගේ.”

අපි දෙන්නා කටට අත තියන් දැන් මේ හිනා වෙන්නෙ විනාඩියක් තිස්සෙ. මූ එක්කනම් සිරාවටම බෑ දෙයියනේ මට! කියුට් යකෙක් මහා. සිරාවටම තනුජයාව මට වෙන එකෙක්ට දෙන්නත් ලොභ හිතෙනවා මෙහෙම ගියෝතින් නම්..ඒ තරමට මන් මේ යකාට ආදරෙයි. අර බලහන් ඉතින් අච්චර තද වෙලා උන්නු හේශිතයත් පට්ට අමාරුවෙන් හිනාව තද කරන් ඉන්දැද්දි ඉතින් තව කතා තියේද?

“ආ දැන් ඕනෙ නෑනෙ ඒ කියන්නෙ? මම යනවා”

“ඉදපන් ඉදපන්..අපි තෘත් ඕර් ඩෙයාර් කරමු. බියරුත් ගෙනාවනෙ අපි එද්දි.”

“හරියට කරපන් යකෝ! ඔහොමද මාළු ගොඩ පීනන්නෙ?”

තනුජයා බිම දිගා වෙලා ගොඩට ආපු මාලුවෙක් වගේ දඟලද්දි අපි බොරුවට හරියට කරපන් කිය කිය බැන්නෙ හොඳට ඒකෙ වීඩියෝ පාරක් දාද්දි..

“මේ තව නම් බෑ මොන රෙද්දක්ද?! විනාඩියක් තිස්සෙ මම පීනුවා! උබලට ඕන්නම් කරපන්”

තනුජයා මූනත් ජම්බු ගෙඩියක් වගේ රතු කරගෙන ඇදට පැන්නම අපි මුකුත් දන්නෙ නෑ වගේ කටවල් වහනකන් හිටියේ හේශිත් කාඩ් එකක් උස්සනකල්. මේ කාඩ් පැක් එකේ හැම කාඩ් එකක් පිටිපස්සෙම ඩෙයා එකක් තිබ්බෙ ඒක කරන්න බැරි නම් ශොට් එකක් ගහන්න කියලා. අන්න ඒක නිසයි ඒ කාඩ් පැක් එකට බොමුද කියලා ටයිට්ල් එකක් දාලා තියෙන්නෙ..ඒ කිව්වෙ ඒකෙ මොකක් හරි එකක් අපිට කරන්න බෑ කියලා හිතුනොත් ශොට් එකක් අරගන්නයි තිබ්බෙ. මම හේශිත් කාඩ් ගොඩෙන් කාඩ් එකක් උස්සලා ගන්නවා බලන් හිටියා..කාඩ් ලඟට අරන් එකේ පිටිපස්සෙ ලියලා තිබ්බ තියන දේ කියවද්දි පොරගෙ මූණ එන්න එන්නම ඇද වෙනවා බලන් හිටපු මන් නිශල්ක දිහා බැලුවම ඌ මන් දිහා බලලා ඉවර වෙලා කැරි හිනාවක් දාලා ඇස් වලින් ආයෙම හේශිතයාව පෙන්නද්දි මන් පැනලා හේශිතයාගෙ අතේ තිබ්බ ඒ කාඩ් එක ඇදලා ගත්තා.

“තනුජයා මුගේ ෆෝන් එක අරන් ඉන්ස්ටර්ග්‍රෑම් පලයන්.”

ඒ එක්කම හේශිතයා ෆෝන් එක හන්ගගන්න හදද්දි තනුජයා ටක්ගාලා උගේ අතින් ෆෝන් එක ඇදලා අරන් මගේ පැත්තට විසි කලාම මන් ටක්ගාලා ෆෝන් එක අල්ලා උගේ මූණ ඉස්සරහට ගෙනත් ෆෝන් එක අන්ලොක් කරගත්තා. හ්ම්..බලමු පොර ෆලෝ කරන කෑලි ටික.

“යකෝ තෝ කෙල්ලො ලයින් කරන්නෙ නැද්ද-ආ එක කෙල්ලෙක් ඉන්නවා.” මම ඒ කෙල්ලගෙ ප්‍රොෆයිල් එකට ගිහින් ඒකිගෙ ඉන්බොක්ස් වලට ගියාම ටක්ගාලා අතින් කට වහගත්තා. යකෝ මූ නම් මොන හරකෙක්ද??

“රිප්ලයි කරන්නැත්තන් මොන මඟුලකට මේකිව ෆලෝ කරන්නෙ?” මම ෆෝන් එක අනිත් දෙන්නටත් පේන්න හැරෙව්වම උන් දෙන්නගෙත් ඇසුයි කටවලුයි දෙකම ලොකු වුණේ මුගේ කෙරුවාව දැකලා..ඇයි යකෝ ඉතින් අර කෙල්ල අච්චර මැසේජස් එවලත් මේ අවලමා ඒ එකකටවත් රිප්ලයි කරලා නෑනෙ.

“මන් කැමතියි බන් ඒකිට.”

“ඔව් ඔව් පේනවා..ඒකද මේ රීඩ් එකේ තියලා තියෙන්නෙ? යකෝ රිප්ලයි නොකරා නම් කමක් නෑ සීන් නොකර..ඒත් තෝ සීන් උත් කරලනෙ මේ!”

“හරි බන් ඉතින්..එක්සෑම් එකෙන් පස්සෙ බලනවා.”

“එක්සෑම් එකෙන් පස්සෙ බලයි පකක්! යකෝ මේකි වෙන එකෙක් එක්ක යාලු වුනොත් ?”

“යාලු වෙච්ච දෙන් ඉතින්..මන් අතින් අල්ලන් හිටියෙ නෑනෙ.”

මම කට වහගත්තා. කොහොමත් මූ නාහට අහන එකෙක් නෙවෙයිනෙ. මම අර කෙල්ලගෙ චැට් එක දිගේ උඩටයි පහළටයි යන්න ගත්තා..මේ කවදා මැසේජස්ද? ගිය අවුරුද්දෙ මැයි- යකෝ කවිත් ලියලා එවලා..අවුරුද්දකුත් එන්න ඇවිත් මේ යකා එකකටත් රිප්ලයි කරලා නෑ.

“ඒ පව් නැද්ද බන්? මේ කවිත් එවලා හුත්තො..ලස්සනයිත් එක්ක.”

“හ්ම්ම්.” හේශිත් මගේ අතේ තිබ්බ ෆෝන් එක දිහා බලලා ලාවට හිනා වුණාම මම ඇස් දෙක රෝල් කරගත්තෙ මුගේ ප්‍රෝඨාව දැකලා.. යකෝ දුක නම් සෙට් කරගන්නැතුව මොන පකටද ඒලෙවල්ස් ඉවර වෙනකන් බලන් ඉන්නෙ?

“කෝ ශාක්‍ය ඕක දීපන් පොඩ්ඩකට.” මන් නිස්සාට අල්ලගන්න කියලා ෆෝන් එක දැම්මාම ඌ එක අල්ලලා ඉවර වෙලා අර චැට් එක කියවන්න ගත්තෙ නළලත් අකුළගෙන.

“ඈ බන්..මේ අර එදා ක්ලාස් එකේදි උබ දිහා බල බලා සිරික්කිය දාපු එකී නේද?? අර අපි එදා බයිට් කරේ?”

මන් එතෝට ඇස් දෙකත් ලොකු කරන් හේශිතයා දිහා බැලුවා.. අම්මට සිරි මේකා අපිට කොලේ වැහුවද?? ඒගමන හේශිත් නෑ කියන්න ඔලුව වනද්දි මම ආයෙම නිස්සා දිහා බැලුවේ ඌත් හේශිත් දිහා ඇහි බැමක් උස්සගෙන බලන් ඉදලා ආයෙම ෆෝන් එකට එබෙද්දි..

“ඒත් මේකිව මට දැකලා පුරුදුයිනෙ බන්.”

“ඔය කෙල්ල තමයි ඒ මන් දිහා බල බල හිනා වෙච්ච කෙල්ලගෙ හොඳම යාලුවා..ඒ කෙල්ල දිනුකි මට කැමතියි කියලා දැන දැන මගේ පස්සෙන් ආවා.”

“ඇ?” මායි නිශල්කයි තනුජයයි තුන් දෙනාම එකපාර ඇහුවම හේශිතයටත් ලාවට හිනා ගියා..ඉතින් ඇත්තනෙ යකෝ. සමනල් ගැටෙත් වැටුණා ඒක අහලා.

“මතකද මන් ගිය අවුරුද්දෙ කිව්වා මන් කෙල්ලෙක්ට කැමතියි කියලා.”

“ඕ..උබ කිව්වෙ ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා.”

නිශල්ක එහෙම කිව්වම මමත් ඔලුව වැනුවා..ඕක ඔය ගිය අවුරුද්දෙ අපේ ඉස්කෝලේ කාර්නිවල් එක දවසෙ හේශිතයට පොඩ්ඩක් වැදිලා උන්නු වෙලාවක කිව්ව එකක්. එවෙලෙ තනුජයා කානිවල් එක වටේට වීඩියෝ කර කර ඉද්දි මූ ‘මන් කැමති කෙල්ලෙක් ඉන්නවා බන්..ඒකි පට්ට ලස්සනයි’ කියන කෑල්ලත් ඒකට අහු වෙලා තිබ්බා. කොහොම හරි අපි ගිය අවුරුද්දෙ නොවැම්බර් වෙනකන් ද කොහෙදෝ ඕක කිය කිය මූට විහිලු කරා..ඒත් පස්සෙ පස්සෙ යද්දි අපිට හේශිතයා ඒ කෙල්ල ගැන සීරියස් වගේ කියලා තේරිච්ච නිසා අපි මූට හොරෙන් ඒකි ගැන හොයද්දි තමා අහු වුණේ ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා. ඕක නොකියා ඉදලා මූ ඒකිට ආදරේ කරන්න ගත්තොත් මුටමනෙ හොඳ නැති වෙන්නෙ..අන්න ඒ නිසා අපි හේශිත්ට ඔය සීන් එක කියලා දැම්මා. කොහොම හරි අපි දැන් වෙනකල් හිතන් හිටියේ මූ ඒකි ගැන හිතන එකත් ඒ එක්කම නතර කරන්නැති කියලා..බලාගෙන යද්දි ඔය කරගෙන තියෙන්නෙ.

“හ්ම්ම්..එයා ඔය මැසේජස් එව්වෙත් ඌ එක්කලා යාලු වෙලා හිටපු කාලෙ.”

“යකෝ ඩබල් ගේම්ද?” එතකොට හේශිත් නෑ කියන්න ඔලුව වැනුවා.

“නෑ බන්. දිනුකි එහෙම කෙල්ලෙක් නෙමෙයි. එයා ඒ කොල්ලට බෑ කියද්දිලු ඌ පස්සෙන් ඇවිත් තියෙන්නෙ. පස්සෙ ඒ තරහට ඌ තැන තැන දිනුකි උගේ කෙල්ල කිය කිය ගිහින්.”

“උබ කොහොමද එහෙම හරියටම කියන්නෙ දිනුකි ඇත්ත කියන්නෙ කියලා?”

“මතකද මම ජුනි වල මුල් කාලෙදි..මගේ මැලේසියා ටූනමන්ට් ඔන්න මෙන්න තියලා මම උබලට නොකියා ගිහින් කොල්ලෙක්ට නෙළලා ආවා?”

“අර පන්සිළු කියන ඩයල් එකද?” ඒ එකක්ම හේශිතයා ඔලුව වැනුවා.

“ඌ තමයි ඒ..පන්සිළු දිනුකිගෙ මුල් නමවත් දන්නෑ බන්. මන් උගේ ෆෝන් එකත් අරන් චෙක් කරා. ඌ ගාව දිනුකිගෙ නම්බර් එකවත් තිබ්බෙ නෑ.”

“යකෝ ඌ මාර පොන්නයෙක්නෙ.”

“හ්ම්ම්.”

මම ඒගමන හේශිත් දිහා බලන් ඉදලා උගේ කරට අත දාගත්තා.

“ඉතින් ඇයි උබ ඒකිට ඔච්චර කැමති නම් ඒකිගෙන් අහන්නැත්තෙ බන්?”

“එක්සෑම් කෙලවගනියි කියලා ශාක්‍ය.”

“හරි එහෙනම් උබ ඒකිට ඒලෙවල්ස් ඉවර වෙනකන් ඉන්න කිව්වද?”

“නෑ.” මම ඒ පාර අරුන් දෙන්නා දිහා බැලුවා. මුට නම් සිරාවටම ට්‍රැක්ද කොහෙද.

“අඩුම උබ දිනුකිට කැමතියි කියලවත්?”

ඒකටත් හේශිත් නෑ කියලා ඔලුව වැනුවාම මම ඇස් දෙක රෝල් කරා.

“එහෙනම් උබ ඒකි වෙන එකෙක් එක්ක ගියොත් දුක් වෙන්න තියා හිතන්නවත් එපා හරිද?”

මම එහෙම කියලා හේශිත්ගෙ කර වටේට දාගත්ත අත ආපහු ගත්තෙ උගෙන් ටිකක් ඈතට යනගමන්..ආන් දැන් ඉන්නවා අන්දමන්ද වෙලා කුණකටුවා.අනේ යකෝ! මුට ආදරේ කරද්දි ඇරෙන්න අනිත් හැම වෙලේකම මොළේ තියෙනවා ඇග පුරාම ගොන් වස්සා.

“දැන් තෝ ඔය තපස් රකින වෙලේ ඒකිට වෙන දුක අහන කොල්ලෙක් එහෙම ආවොත් තමුසෙ හිතනවද ඒකි තමුසෙ එනකන් ඉදීවි කියලා? යකෝ මට ඉන්නෙත් නන්ගි කෙනෙක්.. මම දන්නවා ඒකි කොච්චර ආසයිද කියලා ඒකිගෙ දුක මම නිකන් හොඳම යාලුවෙක් වගේ අහන් ඉද්දි..තව ඒකිට දුක හිතුනම ඒකි ආසම සින්දුව කියලා ගිටාර් එක ප්ලේ කරද්දි..මල් අරන් දෙද්දි. කෙල්ලෝ එහෙම කරද්දි ආසයි බන්. හරි ඒවා කරන්න තමුසෙ ඒකි එක්කලා යාලු වෙලා නෑනෙ. ඒත් මැසේජ් එකක් දැම්මාම තොගේ ඇට දෙක ගෙවෙනවද? මේ බලපන් දිනුකි උබට දාලා තියෙන මැසේජස්.. බලපන් ඒකි දවසට කී සැරයක් තමුසෙට මැසේජ්ස් කී දාහක් එවනවද කියලා? නිකන් ගුඩ් මෝනින් ගුඩ් නයිට් නම් කමක් නෑ..කෙලින්ම කවි! එතකොට දැන් ඒකි මේවා ලිය ලිය දාන කාලේ බලපන්? ඒවා අපරාදෙ නැද්ද? ඒකි ඒලෙවල්ස් අනාගනීවි කියලා හිතනවා නම් අඩුම උත්තරයක්වත් දියන්කො. බලපන් ඒ කෙල්ලට උබේම මෝඩකම් නිසා අන්තිමට උබවත් නෑ ඒකිගෙ හොඳම යාලුවත් නෑ.”

“සිරා කතාව ඈ..තමුසෙ ඉදපන් තපස් රැක රැක. ඊටපස්සෙ ඒකිව වෙන කොල්ලෙක් කුදලන් ගිය දාට අඩපන්. නිකන් නෙවේ බි බී අඩන්නෝන තෝ..බලපන්කො බන් මැසේජස් වල කියලා තියෙන ඒවා. මම වගේ වුණානම් බන් මෙලහකට දාගෙන.” මම තනුජයා දිහා බලලා ආයෙම හේශිත් දිහා බැලුවා.

“හ්ම්..මන් පස්සෙ කෝල් එකක් ගන්නම්.” අන්න මගේකා. මම හිනා වෙලා හේශිත්ගෙ පිට මැද්දට පාරක් ගැහුවා..අපි ඒකෙ සතුට සමරන්න කියලා හතර දෙනාම බියර් ශොට් එක ගානෙ ගත්තා. ඇතියාන්තම් මූ මුගේ අර පයිතගරස් මොළේ දම්මලා සීන් එක තේරුම් ගත්තා.

ඔහොම ඔහොම ගිහින් අපි නවත්තන්නැතුවම මේ කාඩ් ගේම් එක ගැහුවා..සිරාවටම මේක නිසා අපිට පහුගිය ටිකේ මඟෑරුනු ඕපදූපයි අනිත් සේරෝමයි කියාගන්න පුලුවන් වුණේ හිත් වල තිබ්බ බරත් ඒ එක්කම නිදහස් කරගන්න පුලුවන් වෙද්දි.. මොකද ඒ තරම් අපිට අපි හතර දෙනාගෙ දේවල් මඟෑරිලා තිබ්බා. මෙහෙමයි හිච්චි කාලෙ ඉදන් දැනාදුනගෙන ඇත්තටම අපිට අපේ දේවල් හතරදෙනා එක්කම කියවලා දැන් පුරුද්දුට ගිහිනුයි තිබ්බෙ. ඉතින් ඒක මේ අනිවාර්යයෙන් කියන්න ඕන එකක් විදිහට අපි සීරියස් ගත්තෙ නෑ. මොකද අපිට කියලත් පර්සනල් ස්පේස් එකක් තියෙනවනෙ..ඒකට හොඳම උදාහරණේ හේශිත්. පොර එහෙම ලේසියෙන් ඕපන් වෙන පොරක් නොවුනත් අපි ඒගැන ඇහුවෙ නැතුවම පොර ඒගැන අපිට කියලා දැම්මා. අන්න ඒ විශ්වාසෙයි පිළිගැනීම නිසයි අපි මෙච්චර කාලයක් මෙහෙම එකට උන්නෙ.

“ශාක්‍ය කෝ ගනින් දැන් උබ ඉන්නෙ.”

ඒ ගමන මන් මගේ ඉස්සරහා තිබ්බ කාඩ් එක අතට අරන් කියවන්න ගත්තා. හෙහේ..කලින් කියපුවා ඔක්කොම මන් ඉල්ලා අස් කරගන්නවා. මොකද මුන් ඉස්සරහා මන් දැන් අම්බානෙකට චොර වෙන්නයි යන්නෙ. මම හොරෙන් නිශල්ක දිහා බැලුවම ඒ වෙද්දිත් ඌ මන් දිහා බලන් ඉන්නවා දැකලා මට ලාවට හීන් දාඩිය දැම්මෙ නෑ කිව්වොත් බොරු..ඒ එක්කම පොරගෙ කට අග ඇගට නොදැනිම ඉස්සිලා යනවා මම බලාගෙන. පොඩ්ඩක් ඉන්න- මූ දැනගෙන හිටියද මට එන කාඩ් එක? නැත්තන් මූද ඒක එතන්ට දැම්මෙ?? ගස් භල්ලා! තෝ- නෑ එක්කෝ කමක්නෑ මටත් වාරයක් එයිනෙ.

“හේශිත් ඕක ගනින් අරූගෙන්.” මම නිශ්ලක දිහා බලන් ඉන්න අතරෙම මගේ අතේ තිබිච්ච කාඩ් එක බලෙන්ම වගේ ඇදිලා යනවා මට දැණුනා.

“අම්මට සිරි- ගනින් ෆෝන් එක අතට.” මම ශේප් එකේ ෆෝන් එක ගන්නවා වෙනුවට බියර් එකගාවට මගේ අත

ගෙනාවේ ඒ එක්කම නිශල්ක කවුරු හරි උගේ බෙල්ල මිරිකලා වගේ හයියෙන් කහින ගමන් බියර් එකට අතින් ගහද්දි..මූට මොන මළ යකා වැහිලාද?? බියර් එකේ තිබ්බ අන්තිම උගුර කෙලින්ම බිම.

“අඩෝ බියර් එක- ශාක්‍ය අරූගෙ පිටට ගහපන් බකන්නිලාගෙන වගේ බලන් ඉන්නැතුව!”

මේ වෙන්නෙ මොකද්ද කියලා ප්‍රෝසෙස් කරගන්න බැරුව ගල් පිළිමයක් වගේ බලන් හිටපු මන් හේශිත්ගෙ කටහඬ නිසා හරි සිහියට ඇවිත් ටක්ගාලා නිස්සා ගාවට ගිහින් උගේ පිට අතගාන්න ගත්තා..මූට සිරාවටම අමාරුයිද කොහෙදෝ- මූණත් රතු වෙලානෙ. ඒ ගමන නිශල්කයා උගේ මූණ මගේ උරහිස උඩින් තියාගෙන මට ලන් වුණේ මමත් වේගෙන් උගේ පිට අතගාද්දි.

“ඩෙයාර් එක කරපන් ශාක්‍ය මට කියලා හුකවගන්නැතුව.” මම නිශල්කගෙ පිට අත ගාන එක නවත්තලා ඌ දිහා ටික වෙලාවක් බලන් ඉදලා පිට කැඩිලා යන්න පාරක් ගැහුවා.

“මොකද බන් මේ ගහා මරා ගන්නෙ?? තොපි පවුල් කන දවසට අපිට තනි ඇහැක් වහන් නිදා ගන්න වෙන්නෙ.” හේශිත් ඔලුව දෙපැත්තට වනද්දි මම නිශල්කව පිටිපස්සට තල්ලු කරලා දාලා උගෙන් ඈත් වුණේ ෆෝන් එකත් ඒගමන්ම මගේ අතට ගන්න ගමන්.

“හා හා ඇති කියෙව්වා! ශාක්‍ය කවුද උබට අන්තිමට කෝල් කරලා තියෙන්නෙ? මේක පොඩි ඩෙයා එකක්නෙ..ඔන්න ඔහේ කරලා දාපන්. අනිත් එක උබට හැමපාරකම ආවෙ ලේසි ඒවා.” ඒගමන මම බොරුවට ෆෝන් එක අන්ලොක් කරලා රීසන්ට් කෝල්ස් චෙක් කරා..මොකද මන් දැනන් හිටියා කවුද මට අන්තිමට කෝල් කරේ කියලා.

“ගනින් කෝල් එකක්..කෝ පෙන්නපන් කවුද ඒ කියලා- ආර්යන්?” ඒ එක්කම මගේ ෆෝන් එකට එබීගෙන උන්නු හේශිතයා මන් දිහා බැලුවම මම ඇගට නොදැනෙන්න වගේ උරහිස් දෙක ඉස්සුවා.

“අම්මට සිරි ආර්යන් අයියාද? උබලා දෙන්නා දැන් හෙන ෆිට් නේ බන්? අර එදා මන් උබෙන් ඒක අහපු දවසෙත් උබ කිව්වෙ ආර්යන් අයියා එක්ක එහෙම වැඩි කතාවක් නෑයි කියලනෙ..” තනුජයා ඒක කිව්වම මන් ඌ දිහා බලන්න ඔලුව ඉස්සුවත් හරි ඒ වෙලාවෙ හේශිත්ගෙ ඇස් මාරම වේගෙන් නිශල්ක ලඟ නතර වෙනවා මම ඇස් කොණින් දැක්කා.

“හා හා උබ කෝල් එකක් ගනින් ගනින්කො..අපි පස්සෙ කියමු ඉතින් මේක ඩෙයාර් එකක් කියලා..එතකොට හරිනෙ.”

“හ්ම්..අනික එයාලා කොච්චර නම් ඕවා කරනවද ඩෙයාර් කියලා..ඒක නිසා අවුලක් වෙනේකක්නෑ උබ ගනින්කො.” හේශිත් එහෙම කිව්වම මම ලාවට ඔලුව වනලා ආර්යන් අයියාගෙ නම උඩින් ඇගිල්ල තිබ්බා..ඇත්තටම එවෙලෙ මන් කවදාවත් නැතුව හිත යටින් ප්‍රාර්ථනා කරේ ආර්යන් අයියාට කෝල් එක ආන්ස්වර් කරන්න එපා කියලා..ඒ වෙන මොක නිසාවත් නෙවෙයි ආර්යන් අයියා හැම තිස්සෙම රින්ග්ස් පහ හයක් යද්දි ආන්ස්වර් කරන නිසා. වැඩක් තිබ්බෙ නැත්තන් එයා අනිවා රින්ග්ස් දෙක තුනින් කෝල් එක ආන්ස්වර් කරා..එතකොට දැන් යන්නෙ මේ තාම දෙවැනි රින්ග් එක.

මම දැන් හිටියේ ෆෝන් එක දිහා බලාගෙන ෆුල් ෆෝකස් එකේ..අඩේ අයියේ ආන්ස්වර් කරන්න නම් එපා- ඒ එක්කම හේශිත් එකපාරටම මගේ ෆෝන් ස්ක්‍රීන් එකේ මොකද්ද එකක් එබුවේ කලින් මට විතරක් ඇහුණු රින්ගින් සද්දෙ දැන් මුලු කාමරේටම ඇහෙද්දි..

“ආදිල්?”

තුන් වෙනි රින්ග් එකේදි ආර්යන් අයියා කෝල් එක ගත්තම මම කරේ තොල් දෙකත් තද කරගෙන මන් දිහා දැන් කටවලුත් ඇරන් බලන් උන්න තුන් දෙනා දිහා හෙමින් සැරේ ඔලුව උස්සලා බලපු එක..කලින් ලාවට තරහින් හිටපු නිශල්කයා පවා දැන් ඇස් දෙකත් ලොකු කරන් මගේ අතේ තිබ්බ ෆෝන් එක දිහා නිකන් හොල්මනක් දැකලා වගේ බලන් ඉන්නවා දැක්කම මන් ෆෝන් එක තවත් තද කරලා අල්ල ගත්තා.

“හලෝ ආදිල්?” මම ඔලුව වැනුවා.

“ඕයි ඔලුව වනන්නැතුව හලෝ කියපන්!” තනුජයා මට රහසින් බැන්නම මම එයා දිහා මොකද්ද අහන්න වගේ ඇස් දෙකත් හීන් කරන් බැලුවා.

“ඔය ඔලුව වනනවද?” ඒ එක්කම හේශිත් කටට අත තියන් වෙනාතක් බලා ගත්තම මන් තොල් දෙක තවත් තද කරගත්තෙ දැන් මගේ පපුව එකසිය ගාණට ගැහෙන්න ගත්ත නිසා. ගම කනවා තිශාක්‍ය තමුසෙ නම්!

“à·„à·Š..හලෝ අයියේ.” මම ආපු ලැජ්ජාවට ෆෝන් එක දිහා බැලුවා. ඒ අස්සෙ මට පේනවා නිශල්ක මන් දිහා නිකන් කන්න වගේ බලන් ඉන්නවා..සැක් මේ මොන ලැජ්ජාවක්ද! තමුසෙත් ඕන්නැති වෙලාවටමයි ඕවා කියන්නෙ අයියේ.

“ඕක කියලා දාපන් යකෝ මඟුලක් නොකර!” මම ඇස් දෙකත් හීනි කරගෙන හේශිත් දිහා බලන් ඉදලා ආයෙම ෆෝන් එක දිහා බැලුවේ උගුරෙන් එළියට පනින්න ඔන්න මෙන්න තිබ්බ මගේ පපුව නිසා ලාවට වෙව්ලන ගමන්.

“මට ඔයාට කියන්න දෙයක තියෙනවා..”

“මන් අහගෙන ඉන්නෙ.” ඒ එක්කම මම තදින් තොල හපාගෙන නිශල්ක දිහා බැලුවම ඌ ලාවට උගේ ඔලුව වැනුවේ මමත් අනිත් පැත්තට හොඳ හුස්මක් උඩට ඇදලා ගනිද්දි..

“මන් ඔයාට කැමතියි අයියේ.”

“…..”

ආර්යන් අයියාගෙන් කිසිම උත්තරයක් ආපු නැති තැන මන් තවත් තදින් මගේ තොල හපාගත්ත පාරට මට මගේම ලේ රස දැනුනා.

“මේක ඩෙයාර් එකක්-” ඒ එක්කම ආර්යන් අයියා ආයෙම වෙනමොනා හරි කියයි කියලා බයට මන් එහෙම කියලා ටක්ගාලා කෝල් එක කට් කරා.

විනාඩි ගාණක් ගිහිනුත් අපි තාම බොමුද ගේම් එක කරන් ගියා..කලින්ම බියර් තුන ඉවර වෙච්චි නිසා දැන් අපි ඔන්න ඔහේ ඩෙයාස් ටික කරන් ගියේ අයියලා සෙට් එකත් එනකන් අපිට වෙන කරන්න දෙයක් නැති නිසා..හැබැයි අපි හැමෝම නෝමල් විදිහට මෙච්චර වෙලා සෙල්ලම කරන් ගියාට මට තේරුණා මෙතනින් දැනටමත් නිශල්කයි හේශිතයයි ඉන්නෙ මන් ගැන හොඳ ඇලර්ට් එකේ කියලා..තනුජයා ගත්තොත් ඌ ඉන්නෙ අහසයි පොළවයි දෙක අතරමැද නිසා පොරට නම් මේ වෙන දේවල් ගැන කිසිම නිච්චියක් නෑ කියන්න මන් හොඳට දන්නවා. මොකද පොර මොකක් හරි දෙයක් ගැන දන්නවා නම් නැත්තන් සැක කරනවනම් අනිවා ඌ ඒක අපි ඉන්න තැනම කියලා දානවා..ඌ එච්චරට ඔය ඉදලා හිටලා ටියුබ් ලයිට් වුණාට ෆිල්ටර් එකක් නැති ඩයල් එකක්. ඒත් ඒකට අරුන් දෙන්නා තමා-

“ආ අන්න අරගොල්ලො ඇවිත්..හේශිත් පොඩ්ඩක් ඉස්සරහට පලයන් උබගේ පර්මිශන් එක ඉල්ලනවලු.” හේශිතයා ටක්ගාලා රූම් එකෙන් එළියට ගියාට පස්සෙ තනුජයාත් උගේ අර වතුර විදින තුවක්කුව උස්සන් ඌ පස්සෙ දුවන් ගියේ ශවිරුට වෙල්කම් ඩ්‍රින්ක් එක දෙන්න ඕන කියලා.

ඔය අතරේ මාත් ඇදෙන් බහින්න කියලා ෆෝන් එකත් අතට අරන් ඉදන් උන්නු තැනින් නැගිටින්න හැදුවම මගේ උරහිස උඩින් ලාවට තද වුණු අතක් නිසා මන් නැවතිලා ඒ අත දිහා බලලා ආයෙම නිශල්ක දිහා බැලුවේ ඔලුව ලාවට වනලා ඇයි කියලා අහන ගමන්.

“පොඩ්ඩකට වාඩි වෙයන්කො..මට උබත් එක්ක කතා කරන්න ඕන.” ඒපාර මම ඔලුව වනලා හිටපු විදිහටම ආයෙ ඉදගත්තා. කොහොමත් මන් කලින් ඉදන්ම දැනන් හිටියා නිස්සා මාත් එක්ක කතා කරයි කියලා..ඒක නිසා මට ඒ වැඩි ගාණක් වුන්නෑ.

“උබ කේනිතයෙන්ද?” ඒපාර නිස්සා නෑ කියන්න ඔලුව වැනුවේ මාව ලාවට සන්සුන් කරන ගමන්..ඒක හොඳයි. නැත්තන් මුට තරහා ගියාම ගෑණුත් පරාදයි. මටත් අනන්තවත් මූ සෙරප්පුවලිනුයි කොසු මිටෙනුයි ගහලා තියෙයි.

“මට මෙච්චරයි උබෙන් දැනගන්න ඕන..ඒක නිසා මට ඇත්ත කියපන් හරිද?” මම උරහිස් දෙක උස්සන ගමන් ඔලුව වැනුවා.

“මන් තමුසෙට කවද්ද බොරු කිව්වෙ?”

“හ්ම්..මන් දන්නවා උබයි ආර්යන් අයියයි අතර මොකක් හරි මඟුලක් තියෙනවා කියලා..ඒකත් එච්චර දුරදිග ගියපු එකක් නෙවෙයි කියලත් මම උබ ගැන දන්න නිසා දන්නවා ශාක්‍ය. ඒත් මන් දන්නෑ උබලා දෙන්නා කොච්චර දුරක් ගිහින්ද කියන්න නම්. මොකද උබ එච්චර ලේසියෙන් කෙනෙක් එක්ක සෙට්ල් වෙන ජාතියේ පොරකුත් නෙවෙයිනෙ. ඇරත් මන් දන්නවා උබ කවදාවත් ගොන් වැඩ වලට අත ගහන එකකේ නෙවෙයි කියලා. ඉතින් උබට හොඳ නම් මටත් හොඳයි.” නිශල්ක කතා කරන එක නවත්තලා මන් දිහා බැලුවම මම ලාවට ඔලුව වැනුවේ එයාට දිගටම කතා කරන්න කියලා හින්ට් කරන ගමන්.

“හැබැයි මට මෙන්න මේක විතරක් කියපන්..උබ ඔය පාරෙ යන්න හිතුවේ- නෑ මම මෙහෙම අහන්නම්..උබට ඔය විදිහට දැණුනේ මම සඳැස් අයියාට කැමති වුණායින් පස්සෙද?” නිශල්කගෙ වෙව්ලන කටහඬ ඇහිලා මගේ නළල ඉබේටම රැළි ගැහුණේ ඌ දැන් මේ කියන්න යන මඟුල මට තේරුම් යද්දි..එතකොට මූ මේ මුලු වෙලාවෙම අර තද වෙලා උන්නෙ මන් නිසා නෙවෙයිද?? ඌ ඒ ඌටම බැනගත්ත නිසාද? මූ මහා පිස්සු හුත්තෙක්නෙ බලන් ගියාම.

“උබට අමතක වුණාද මන් දෙකම ලයින් කරපු එකෙක් කියලා?” ඒක කිව්වත් හරි නිශල්කගෙ මූණට එකපාරටම පොඩි හිනාවක් එනවා මන් බලාගෙන.

“එහෙම නෙමෙයි ඕයි මන් අහන්නෙ-“

“පිස්සද නිශල්ක උබට? බොරුවට ඔය ඔලුවෙ මනස්ගාත පුරවගන්න එපා..අනික දැන් මන් උබ නිසා තමයි කියලා කිව්වොත් උබ මොනා කරන්නද? අනේ නිකන් පලයන් බන් යන්න..ආවා මෙතන මඟුලක් කියවගෙන. අනික මම එයාට කැමති වෙලා දැන් ටික කාලයක් වෙනවා නිශල්ක..ඒක මටයි තේරුම් ගන්න කල් ගියේ.”

“එතකොට උබ සීරියස්ද? මන් අහන්නෙ හිතට එකඟව?” මන් එතකොට හෙමීට ඔලුව වැනුවා.

“හ්ම්..මන් ආර්යන් අයියාට කැමතියි.”

“හ්ම්..උබ මට වඩා ආර්යන් අයියාගෙ පවුල ගැන දන්නවනෙ ශාක්‍ය. ඒ ගැනත් හිතුවද එතකොට?” මම ලාවට ඔලුව වැනුවා.

“බලමුකො අපි මොකද වෙන්නෙ කියලා..අනික තාම අපි දෙන්නා එච්චර දුරකට ගිහින් නෑ බන්. ඒක නිසා ඒ දේවල් ගැන මට දැන්ම හිතන්න ඕන නෑ.”

“ඕන මඟුලක්..මට උබ පරිස්සමින් හිටියොත් ඒ ඇති.” මම ලාවට හිනා වෙන ගමන් අතමිට මොළවලා මගේ අත නිශල්කගාවට දික් කරේ ඌත් අනිත් පැත්තට මට අත ගැලවිලා යන්න ෆිස්ට් බම්ප් එකක් දෙද්දි..ඇත්තම කිව්වොත් දැන් තමයි මට හරියට කියලා හිනාවක් මූණට ඇදුනේ. මොකද සිරාවටම මූ අරහෙම කතා නොකර ඉද්දි මට පට්ට මූසල ගතියක් දැනෙනවා. හරියට නිකන් ඇගෙන් කෑල්ලක් ගිහින් වගේ.

“එළ එළ එහෙනම් මන් මේ මඟුලට කැමතියි!” ඒපාර මට හයියෙන් හිනා ගියේ නිසල්කයා ඒ වොයිස් එකම අරන් ඒක කියලා පෙන්නපු විදිහ දැකලා.

“හාකෝ..ඉතින් දැන් කොහොමද උබයි සඳැස් අයියගෙයි එක? නැගලාම යනවද?” ඒ පාර නිශල්ක හෙනම කැරි හිනාවක්  උගේ කටට අරගත්තම මම ඉබේටම කට ඇද කරගත්තා..සැක් අපරාදේ ඇහුවේ.

“අනේ මේ උබෙත් හෙන පොයියනෙ නිශල්ක තියෙන්නෙ. කොහොමද අර ස්පෝට්ස් මීට් එක දවසේ මට කිව්ව එක? ‘මට ඒ පාහාරයාව පෙන්නන්න බෑ ශාක්‍ය’ යැයි යැයි යැයි තමා.”

“අනේ අනේ මේ පටන් ගන්න නම් එපා..මට එදා අම්බානෙකට තද වෙලා තිබ්බෙ ඌ නිසා! අනික මේ සඳැස් අයියා තරහා වුණාම යකෝ හෙන ගේමක් දෙන්න වෙනවා පොරව යාලු කරගන්න..උබේ අර බලු ගෑණිගෙවත් නෑ එච්චර මරිසි.” බලු ගෑණි? මම තේරෙන්නැති නිසා දිගටම නිශල්ක දිහා බලන් උන්නා.

“කවුද බලු ගෑණි?”

“ටෙසා තමයි වෙන මොකාද?”

“තෝ දැන් ඔය මගේ කෙල්ලට එක එක ඒවා කියලා-“

“කවුද ශාක්‍ය මල්ලිගෙ කෙල්ල?” ඒ පාර අපි දෙන්නම දොර දිහා බැලුවම දැක්කෙ කලිසම් සාක්කු දෙකට අත් දෙකම ඔබාගෙන අපි දෙන්නා දිහා බලන් ඉන්න සඳැස් අයියාව.

“ශාක්‍යට මොන කෙල්ලොද දැන් නේද බන්? දැන් ඉතින් සුදු උස-“

“ඇති ඇති නවත්තපන් දැන්..තෝත් කියවන්න ගත්තම ඉතින් අර උබලාගෙ ගෙදර ඉස්සරහා ඉන්න වජිරා ආන්ටි පරාදයි.” මන් මගේ එහා පැත්තෙ තිබ්බ කොට්ටෙ අරන් නිශල්කයාගෙ ඔලුවටත් දමලා ඇරලා ඇදෙන් බැහලා දොර ගාව උන්නු සඳැස් අයියාටත් හිනාවක් දාලා කාමරෙන් එළියට එන්න ආවේ සඳැස් අයියාගෙන් ටොකු පාරකුත් කාලා. අරූ වගේම නැතෑ මහා පගයත්.

මම ඔලුවත් අත ගගා කොරිඩෝ එක දිගේ එන්න ආවේ පහළින් ඇහුණු තනුජයාගෙයි ශවිරු අයියාගෙයි කෑ ගැහිල්ල අහගෙන..ආහ් අරූ උගේ තුවකකුවෙන් වැඩේ දීලා වගේ. ශවිරු අයියා මහා හයියෙන් කෑ ගහන සද්දෙ ඇහිලා මට ලාවට හිනා ගියා..කෙලින්ම හූ තිවිල්ලක් ඒ නම්. මම කොරිඩෝ එකේ පහළ සාලේ පේන විදිහට හදලා තිබ්බ බැල්කනි එකට අත් දෙක ගහගෙන හිනා වෙන ගමන් සෝෆා එක උඩ නැගලා සෙරප්පුවකුත් අතේ තියාගෙන තනුජයාට කෑ ගහන ශවිරු අයියා දිහා බලන් හිටියා..ශවිරුවා එහෙන් දාගෙන බනිද්දි තනුජයා කරේ තුවක්කුවෙන් එක එක පෝස් දාලා ශවිරු අයියාව තවත් කෑ ගස්සවන එක. මොනා වුණත් තනුජයා මට කියලා හරි ශවිරුවාට කියලා හරි ඔය තුවක්කුව කොයි වෙලේ හරි කඩාගන්නවා කියලා මට පට්ට ශුවර්. ඇයි යකෝ පුදුම විසක් එන්නෙ ඒ රෙද්දෙන් වතුර විද්දම..

“හරි සර් මන් කියන්නම්.”

කොරිඩෝ එකේ ඈතින් ඇහුණු ආර්යන් අයියාගෙ කටහඬ නිසා මන් ටක්ගාලා ඒ පැත්ත හැරුණත් එතන එයාව දැක්කෙ නැති නිසා බැල්කනි එකෙන් ඈත් වෙලා මන් එයාගෙ කටහඬ ඇහෙන පැත්තට ඇවිදගෙන ගියා.

“ඇජෙන්ඩා එක තාම කම්ෆර්ම් නෑ කිව්වා සර්.”

මම ආර්යන් අයියාගෙ කටහඬ ඇහුණු කාමරේට ඔලුව දැම්මෙ දැනටමත් ඒකෙ දොර ඇරලා තිබ්බ හන්දා..කා එක්කද මන්දා කියවන අස්සෙ කනේ තිබ්බ ෆෝන් එක වැටෙන්නැති වෙන්න උරහිසින් ෆෝන් එක තද කරගෙන ට්‍රැවලින් බෑග් එකකට අත් දෙකත් දාගෙන මොනාදෝ හොයනවා..ඒ මදිවට කරබාගෙන හිටපු හින්දා මට එයාගෙ මූණවත් පෙණුනෙ නෑ.

“Sure sir. I’ll let you know by this weekend.” මම ආර්යන් අයියා දිහා ටික වෙලාවක් බලන් ඉදලා කාමරේ ඇතුළට බර අඩි තියන ගමන් ඇවිත් එයාගෙ පිටිපස්සෙ තිබ්බ සින්ගල් බෙඩ් එක ගාවට ගිහින් වාඩි වුණේ මම ආවා කියන්න ඉඟි කරනගමන්.

මොනාද දන්නෑ ඔච්චර හොයන්නෙ බෑග් එකටත් ඔලුව ඔබාගෙන? පොඩ්ඩක් හැරිලා බැලුවම ඇග ගෙවෙනවද? මම නහයත් පුම්බගෙන කාමරේ පුරාවටම ඇස් දෙක ගෙනිච්චෙ පිටිපස්සට බර වෙලා ඇද උඩින් අත් දෙකත් තියන ගමන්.. ශෝක් කාමරේ හැබැයි. ඒත් එක්කෙනාටයි මේකෙ ඉන්න පුලුවන්..ඇයි ඉතින් එකපාරටමනෙ එනවා කිව්වෙ මුන් හතර දෙනා..අර සාහිල් අයියාගෙ යාලුවෙක්ගෙ ඉන්සටර්ග්‍රෑම් ස්ටෝරි එකකින් අද මෙහෙ ෆෙස්ටිවල් එකක් තියනවා කියලා දැනගෙන කට්ටියටම මෙහෙ රින්ගන්න ඕන වෙලා කියලා නිශල්කයා අපිට කාඩ් ගහන වෙලේ කිව්වා. ඔව් ඉතින් පාටි කොහෙද මුන් එතනනෙ..මරු ටොප් බෝඩ් එක.

මම මගේ ඉස්සරහා තාම අර බෑග් එකට ඔලුවයි අත් දෙකයි ඔබාගෙන මොනාදෝ හොයන ආර්යන් අයියා දිහා බලන් ඉදලා එයා ඇදන් ඉන්න එක දිහා බැලුවා..කලු ශෝට් එකට ඕවර්සයිඩ් කියලා ඕනෑ කමින් විතරක් බැලුවොත් පේන සුදු ටී ශර්ට් එකක් එකක් ඇදලා. ඒ තරම් ටී ශර්ට් එක එයාගෙ බොඩි කට්ස් නිසා පේන්නෙ නිකන් ඇගේ ගානටම ඇන්ද එකක් වගේ.. මම ඒ පාර එයාගේ ටී ශර්ට් එකේ කොණක් මගේ කකුළ් වල ඇගිලි අතරට අරන් දැනෙන නොදැනෙන ගාණට අදින්න ගත්තා.. මුලදි ආර්යන් අයියාට ඒක තේරුණේ නැතත් එන්න එන්න මන් ඒක ටිකක් හයියෙන් අදින්න ගත්ත නිසා එයා කෝල් එකේ කියවන අතරෙම පිටිපස්ස හැරිලා මන් දිහා බැලුවත් මම ඒක නතර කරපු නැති නිසාම එයත් ඒක ගනන් නොගෙන දිගටම එයාගෙ වැඩේ කරන්න ගත්තා.

“Sure sir මන් බලන්නම්.” ආර්යන් අයියා කෝල් එක කට් කරලා ඉවර වෙලා පිටිපස්ස හැරෙන්නැතුවම මට ෆෝන් එක දික් කරාම මාත් මුකුත් අහන්නැතුව එයාගෙ අතේන් ෆෝන් එක අරන් මගේ එහා පැත්තෙන් තියාගත්තේ දිගටම මන් කරන් ආපු වැඩේ කරන ගමන්..මටත් කම්මැළියිනෙ ඉතින්. මදැයි මෙයා හිටපු නිසා මේක අස්සට රින්ග ගත්තා. දැන් ඉතින් මූ නිදන් හාරනවා බලන් ඉන්නපැයි.

“මොකද ඔය කරන්නෙ?” මම ඉවසලා ඉවසලා බැරිම තැන ඉදන් ඉන්න තැනින් ලාවට ඉස්සෙන ගමන් ආර්යන් අයියාගේ උරහිස උඩින් එයා කරන්නෙ මොකද්ද කියලා බලන්න එබුණා.

“මට මතකයි මන් මේ කොහෙන් හරි ඒක තිබ්බා-” ඒ පාර ආර්යන් අයියා එකපාරටම බිමින් නැගිටලා එයාගෙ ශෝට් එකේ ඉස්සරහ පොකට් එකට අත දාලා මොකද්ද මන්දා නූලක් වගේ දෙයක් එළියට ඇදලා ගත්තා.

“ආ..මේක ඔයාට ගත්තෙ.” මගේ ඔඩොක්කුව උඩට ආර්යන් අයියා ඒ රතු නූල විසි කරාම මම අනිත් පැත්තට ඒක අත් දෙකට අරන් මගේ මූණ ගාවට ගෙනාවා..බ්රේස්ලට් එකක්? මම ආර්යන් අයියා දිහා ඔලුව උස්සලා බලනකොටත් එයා හිටියේ එවෙලේ මන් දිහා බලාගෙන.

“ආස පාට දන්නැති නිසා මම ඔය පාට ලස්සන වෙයි කියලා හිතලා ගත්තෙ.” මම ආයෙම මගේ අතේ තිබ්බ රතු පාට දිග නූල දිහා බැලුවේ ටික වෙලාවක් හිතන ගමන්..ඒ එක්කම මන් මගේ අත ආර්යන් අයියාට දික් කරලා එයා දිහා බැලුවා..මම කියන්න හදන්නෙ මොකද්ද කියලා තේරඅම් ගන්න බැරුව හිටපු ආර්යන් අයියා ඇයි කියන්න අහන්න වගේ ලාවට ඔලුව ඉස්සුවම මම කරේ මගේ ඇස් වලින් මග අත පෙන්නපු එක.

“ගැට ගහන්න.”

ඒ පාර ආර්යන් අයියා ලාවට ඔලුව හොලවලා මගේ අතින් දැනෙන නොදැනෙන ගාණට අල්ලලා මගේ එහා පැත්තෙන් වාඩි වෙනවා මම සද්ද නැතුව බලන් හිටියේ ලාවට මගේ කකුළ් දෙකත් ඉස්සරහට පස්සට වනන අතරේ..ඊටපස්සෙ ආර්යන් අයියා මට එයාගෙ අනිත් අත දික් කරලා නූල ඉල්ලුවාම මම ටක්ගාලා ඒක එයාගෙ අත උඩින් තියලා එයා ඒක අරන් මගේ මැණික් කටුව ගාවින් ගැට ගහනවා බලන් හිටියා.

“Cafe noir” මම ඒක කිව්වම මෙච්චර වෙලාවක් මගේ අත දිහා ඇහි බැම දෙකත් ලන් කරගෙන හෙනම අවධානෙක හිටපු ආර්යන් අයියා එකපාරටම මන් දිහා බැලුවාම මම උරහිස් දෙක ඉස්සුවා.

“මන් ආසම පාට” ඒ පාර ආර්යන් අයියාගෙ ලන් වෙලා තිබ්බ ඇහි බැම දෙක ආපහු ඈත් වෙනවා මම බලාගෙන..

“දුඹුරු පාටක් නේද එක?” එතකොට මම ඔලුව වනලා ආර්යන් අයියා එක්ක ලාවට හිනා වුණා.

“ඒක දුඹුරු පාටෙම ඩාක් ශේඩ් එකක්. තද දුඹුරුයි කෝපි පාටයි එක්ක ලගින් යනවා..ඒත් තද දුඹුරු වලට වඩා ලස්සනයි ඒ ශේඩ් එක.”

“හ්ම්..අර චිත්‍රේ පාට” එතකොට මන් ලාවට ඔලුව වනලා ටක්ගාලා මගේ අතේ ගැට ගහලා තිබ්බ නූල දිහා බැලුවේ මගේ කන් දෙක දෙපැත්තෙන් දුම් දානවා වගේ දැනිච්ච නිසා..කොහොමත් එදා ඉදන් තමයි මට කටක් ඇරලා මේක තමයි මන් කැමතිම පාට කියලා කියන්න පුලුවන් වුණෙත්.

“හවස කානිවල් එකට යන්න ඕනෙද?” එතකොට මන් ආර්යන් අයියා දිහා බැලුවේ ඇයි අහන්න වගේ.

“වෙන යන්න තැනක් තියෙනවද ඉතින්?” එතකොට ආර්යන් අයියා ලාවට ඔලුව වැනුවා.

“හ්ම්..ටිකවෙලාවක් ඉදලා මන් මැසේජ් එකක් දැම්මම යන්.” ඒ ගමන මන් මගේ මූණට ආපු හිනාව හන්ගගෙන හෙමිහිට ඔලුව වැනුවා.

A/N

Thank you nimshana  නන්ගී 🥺❤️‍🔥

ඔන්න මන් ආවා~
ඒක නෙමෙයි මන් දැක්කා පොඩි ඇටයෝ ටිකක් කමෙන්ට් සෙක්ශන් එකේ මේක කම්ප්ලීට් වුණාම කියවන්න කුමන්ත්‍රණය කරනවා???!!! (තනි ඇහැක් වහන් නිදාගනිල්ලා අද ඉදන්!! ආවා මෙතන 😒💔)

ඒ අස්සෙ මන් මේ කල්පනා කරේ මේ කතාව මෙහෙම ගිහින් චැප්ස් කීයක් තව දිග්ගැස්සෙයිද කියලා 🧍🏽‍♀️ දන්නෑ අපි බලමුකො..මයේ මූඩ් එක අනුව තමා ම්හුක්ක් (ඔයාලට මේ කතාව කියවද්දි තාම විසඳගන්න බැරි වුණ පස්න තියේද? තියේ නම් අහන්න ලමයි ලැජ්ජා නොවී..)

තව දෙයක්..මම වට්පෑඩ් එකේ ගොඩක් කතා කියවලා නැති නිසා අහම්බෙන් තව කතාවක ලියලා තිබ්බ සීන් එකක් එක්ක මේක සමාන වුණොත් හරි කතාවේ ප්ලොට් එක හරි සමානයි වගේ දැනෙනවා නම් කියන්න ❤️ මොකද මට තව කෙනෙක්ගෙ මහන්සිය අපතේ යවන්න බෑ.

මන් පර්සනලි ආසම චැප් එක ✨ (pc: hansikasewminixzwy ) love this!! 🫠❤️

ආයෙම ඉක්මණට එන්නම් හර්තෙ?? යුනි වැඩත් තියාගෙන මන් මේ ආවේ ❤️ Adareyyy
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 40, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 40, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 40 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 40 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 40 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 40 light novel, ,

Comment

Leave a Reply

Chapter 40