À¶»À¶¯À·… | The Kandyan Aristocrats 42

A+ A-

කටුකොළේ හදපු ගාණ තුන් වැනි පාරටත් වැරදුණු තැන මන් ඒෆෝ කෝළේ තරහට පොඩි කරලා දාලා පැත්තකට විසි කලේ මේසෙ උඩින් ඔලුව ගහා ගන්න ගමන්.

“මොන රෙද්දක්ද!”

මම ඉහළට ලොකු හුස්මක් ඇදලා ගන්න ගමන් ආයෙම පේපර් එක දිහා බලලා ප්‍රශ්නෙ ආයෙම කියවන්න ගත්තා. ඒ එක්කම මම අද සර් මේ වගේ ගාණක් හදද්දි කියලා දුන්නු ක්‍රමේ මගේ හිතේ පැත්තකට කරන් තියාගත්තෙ වේගෙන් මගේ කටුසටහන ඒෆෝ එකේ ලියාගෙන ලියාගෙන යද්දි….ආහ් හරි! ඇතියාන්තම් ලබ්බ හදා ගත්තා. නැත්තන් මට දැන් උදේ ඉදන් මේක පාඩම් කරලා කරලා වමනෙ යන්න ඔන්න මෙන්න තිබ්බෙ.

කෙමෙස්ට්‍රි නම් සාපයක්!! මම පත ඈනුමක් අරින ගමන් පුටුවේ හාන්සි වෙලා අත් දෙක දෙපැත්තට යවන ගමන් ඉණෙන් ඉස්සුනේ හිරි ඇරගන්න..අත දෙපැත්තට දාලා මම අත් දෙක ඇදෙන තරමට ඇද්දෙ ඒ ගමන්ම මගේ උරහිසේ ඇට දෙක තුනක් ටකස් ටකස් ගාලා කැඩීගෙන කැඩීගෙන යද්දි..අපිට සඳුදා ටර්ම් ටෙස්ට් පටන් ගන්නවා. ඒකත් කෙමෙස්ට්‍රි මුලින්ම..එතකොට ආර්යන් අයියලාට ඊයේ කෙමෙස්ට්‍රි වලින් එක්සෑම් පටන් ගත්තා. එයාලට ඉතින් ගෙවල් වලට වෙලා පාඩම් කරන්න බෑ නෙ..සෙට් එකම ඒ නිසා අද ඉස්කෝලෙට වෙලා තමයි පාඩම් කරලා තියෙන්නෙ. මටත් පෙරේදා අයියා කෝල් කරලා කිව්වා බොරුවට ඉස්කෝලෙ එන්නෙපා ගෙදරට වෙලා පාඩම් කරන්න කියලා..අනික මට මැචස් නිසා ගොඩක් දේවල් මඟෑරුණනෙ..ඉතින් ඒ නිසා මන් ඊයෙයි අදයි ගෙදරට වෙලා කරේ පාඩම් කර කර එකේක ඉස්කෝල වල කෙමෙස්ට්‍රි ෆස්ට් ටර්ම් ටෙස්ට් පාස්ට් පේපර්ස් හොයන් ප්‍රශ්නයි MCQ කරපු එක.

හම්මෝ මහන්සියි! මන් ඕලෙවල් අන්තිම මාස හතරට කලින් පාඩම් කරාට පස්සෙ මෙහෙම පාඩම් කරාමයි..ඒකත් පැය දාසයක් එක දිගට. ඊයේනම් මට කරන්න පුලුවන් වුණේ එක දිගට පැය හතයි..කොහොමත් නොකරම ඉදලා එහෙම එකපාරටම කරන්න ගත්තම කරන්න අමාරුයි..අද වුණත් මන් මේ පැය දාසය කරේ විනාඩි දහයේ බ්‍රේක්ස් සැරින් සැරේ ගන්න ගමන්..ඒත් දැන් මෙහෙම ටාගට් කරපු පාඩම් ගාණ කවර් කරාට පස්සෙ මට දැණුනේ පට්ටම සැටිස්ෆැක්ශන් එකක්. මොකද මම ඒ කරපු හැම පාඩමක්ම කවර් වෙන්න මන් ගාව තිබ්බ හැම ෆස්ට් ටර්ම් ටෙස්ට් පාස්ට් පේපර් එකක්ම අරන් ඒ පාඩමට අදාල ප්‍රශ්න හොය හොය කරලා දැම්මා. දැන්නම් පැය බාගෙක බ්‍රේක් එකක් අරන් මොනා හරි බඩට දාගෙන ඒ ගමන්ම මොකක් හරි ටී වී සීරීස් එකක් බලන්න ඕනෙ.

මන් මගේ ඇද ගාව තිබ්බ මිනි ෆ්‍රිජ් එක ගාවට ගිහින් ඒකෙන් කූල් කෝක් එකකුයි උදේ රත්නසිරි මාමා හදලා දාලා තිබ්බ මික්ස් ෆෘට් එකයි අරන් ආයෙම මගේ ටේබල් එක ගාවට ගියේ ලැප් එකෙන් මගේ නෙට්ෆ්ලික්ස් අකවුන්ට් එක ඕපන් කරලා හොඳ සීරීස් එකක් දාගන්න බලාගෙන. ම්ම්ම්…මොනාද බලන්නෙ?? මම නෙට්ෆ්ලික්ස් එකේ තිබ්බ මූවීස් දිහා බලන ගමන් කම්මැළි කමේ පහළට පහළට ගියා..කෝ මොකක්වත් නෑනෙ? ඕන වෙලාවට එක රෙද්දක් නෑ බලන්න!

ඒ එක්කම මට මතක් වුණේ එදා ආර්යන් අයියා මට වැව ගාවදි කියපු එක. හ්ම් ‘shadow hunters’ කෝ බලන්න…මම ඒක සර්ච් බාර් එකේ ගහලා බැලුවාම එකපාරටම ඒක ආවේ මගේ මූණට පොඩි හිනාවක් එද්දි..කෝක් එකේ ලිඩ් එක ඇරලා උගුරු දෙක තුනක් කටට දාගන්න ගමන් මන් ෆස්ට් එපිසෝඩ් එක ක්ලික් කරලා බලන්න ගත්තා.

පැය බාගයක් කියලා හිතන් හිටියට අරකේ එපි එකක ටයිම් ඩියුරේශන් එකත් විනාඩි හතලිස් ගාණක්..මම ඉතින් එක එපියක් විතරක් බලලා ආයෙම වැඩට බැස්සා. මොකද මට තියෙන්නෙ තව mcq තුනක් කරන්න විතරයි..එකකට පැයක් ගාණෙ තියලා පැය තුනෙන් වැඩේ ඉවරයක් කරලා දාන්න පුලුවන්. ඊටපස්සෙම බලනවා කියලා හිතාගෙන මම පේපර්ස් ටික ඉස්සරහට අරන් ටයිමර් එක සෙට් කරලා පේපර් එක කරන්න ගත්තා.

ඔහොම දන්නෙම නැතුව පැය තුනක් ගියා..මම රතු පෑන අරන් මාකින් ස්කීම් එක බලාගෙන මගේ උත්තර චෙක් කරන්න ගත්තේ හරිවලට සමානව වැරදිත් ඒ ගමන්ම වැටෙද්දි..ආහ් රෙද්ද! දන්නම මඟුල වරද්දගෙන..මේ වෙලාවට තමයි මට තනුජයාගෙ අර වතුර විදින තුවක්කුව අරන් උගේ පුපට වතුර විදගෙන විදිගෙන යන්න හිතෙන්නෙ. මම පේපර්ස් තුන අරගෙන පිළිවට හදලා මගේ ෆියිල් එක අස්සට එබුවේ පේපර්ස් වල දාර ඇදේ ගියපු පාරට ආයෙම ඒවා ටික එළියට ඇදලා අරන් හරියට හදලා ෆයිල් එතට දාද්දි..ඔය එක්කම වගේ මට කෙම් ටියුට් එකක් උඩ තිබ්බ ෆෝන් එකේ ස්ක්‍රීන් එක එකපාරටම ඔන් වෙනවා පෙණුන නිසා මන් ෆෝන් එක අතට ගන්න ගමන් පුටුවෙ පිටිපස්සට බර වුණා..අද දවසෙම මේක අතට ගත්තෙ නෑ.

හිතුවා වගේම ආර්යන් අයියාගෙන් මැසේජ් එකක්..එයත් දැන්ලු පාඩම් කරලා ඉවර වුණේ. ආයෙම තව ටිකකින් රිවිශන් ක්ලාස් එකක් තියෙනවලු..මන් ඒ ගමන්ම මගේ ෆෝන් ස්ක්‍රීන් එකේ උඩ වම් පැත්තට වෙන්න වැටිලා තිබ්බ වෙලාව දිහා බැලුවා. දහයයි කාලයි..යකෝ මේ වෙලාවටත් ක්ලාස්ද? ආහ් අමතක වුණානෙ..නුවර ඇත් සේනාව යන්නෙ ගෲප් ක්ලාසස් වලටයි ඔන්ලයින් ක්ලාසස් වලටයි විතරයිනෙ. මෙයාලා නිසා තමා අපිටත් ඔය ක්ලාසස් ටික සෙට් වුණේ..ඉතින් කලින් ගිය හෝල් ක්ලාසස් ඔක්කොම වගේ අපි නවත්තලා දාලා මෙයාලා යන සර්ලා ගාවටම අපිටත් යන්න වුණා..ඉතින් ඒ සර්ලා ටික දැන් සතියට දවස් තුනයි ආයෙම සෙනසුරාදයි ඉරිදියි අමතර පංති දැම්මෙ අපිට ගොඩක් දේවල් මිස් වෙලා කියලා. ඉල්ලන් කෑම කියන්න ඉතින් මෙව්වට තමයි.

“Padam karada?”

“Hmm ow. Dn thama MCQ tika balala iwara une.”

“marks?”

“Dekakata 31i anith ekata 29i”

“Good. Amaru than thiyenawada?”

“2k thiyei”

“Ewanna mata. Man balala ewannam”

“Mahansi nadda ?”

ඒකට රිප්ලයි නැති නිසා මම දිගටම චැට් එක දිහා බලන් ඉන්දැද්දි එකපාරටම මුලු ස්ක්‍රීන් එකම වහගෙන ආර්යන් අයියාගෙන් කෝල් එකක් ආවම මන් ඒක ආන්ස්වර් කරන ගමන් කනේ තියා ගත්තා.

“මම උදේ ඉදන් එකදිගටම කරා ඒක නිසා තව ටිකයි තියෙන්නෙ..ආයෙ හෙට තියෙන්නෙ පාස්ට් පේපර්ස් කරන්න විතරයි. ඒ නිසා එවන්න මන් බලලා එවන්නම් හදන විදිහ.”

“එතකොට දැන් ආයෙම රිවිශන් එකක් තියෙනවා කිව්වා නේද?”

“හ්ම්..”

“කීයටද?”

“දහය හමාරට.”

“ඒ කියන්නෙ තව විනාඩි පහළොවකින්නෙ..මහන්සි නැද්ද?”

“ශේප් කූල් වතුර එකක් බිව්වා.”

ආර්යන් අයියා ඒ කියපු හරුපේ අහලා මම ඇස් දෙක රෝල් කරා..ඇහුවේ එකක් කිව්වෙ තව එකක්.

“හරි මන් අහන්නෙ උදේ ඉදන් වැඩ කරලා මහන්සි නැද්ද?”

“අවුලක්නෑ ශේප්.”

ඒපාර මම කටපියා ගත්තා..ඇත්තමයි පුදුම කෝලමක් තමයි වෙලාවකට මේ යකාත්! අටපට්ටම කියන්නෙ නිකන්ද ඉතින්.

“නෑ නෑ ඔයා ඔහොම ඉන්න..මම කරපු පේපර්ස් ටික කොහොමත් සර්ට දැන් යවන්නෝන ඒක නිසා ඒගමන්ම මන් අර ටිකත් අහගන්නම්..ඒක නෙමේ දැන් ඇහැ කොහොමද? අද උදෙත් රිදුණා කිව්වා නේද?”

“ම්හ්..ශේප්.”

හැම එකටම ශේප් ශේප්! අනේ මන්දා මේ මනුස්සයත්! දැන් කාලාද දන්නෑ ඉන්නෙ ඔය..ඇයි ඉතින් ඉවර වෙච්ච ගමන්මනෙ මේ ටෙක්ස්ට් කරන්න ගත්තා කිව්වෙත්.

“හාකෝ..දැන් කාලාද ඉතින් ඔය?”

“හ්ම්..ඔයා?”

“ශුවර්ද? කොයි වෙලේද කෑවේ? දැන් කිව්වනෙ වැඩ ටික ඉවර කලෙත්?”

“බඩගිනි නෑ ආදිල්.”

මම ඒගමන තොල් දෙකත් තද කරගත්තා…දැන් හ්ම් කිව්වෙ එහෙනම්?? මට හිතුණා ශේප් ශේප් ගාද්දි මොකක් හරි අවුලකින් තමයි කියලා..ඊට වඩා අද උදේ ඉදන්ම ඔහොමයි.. කතා කරපු විදිහෙ ඉදන් හරිම වෙනස්. මෙහෙමයි..වෙනදටත් ආර්යන් අයියා කතා කරන්නෙ ඔය විදිහට තමයි..හරිම පොඩ්ඩයි..ඒත් ඒ කතා කරපු වචන දෙක තුන ඇතුලෙත් මට හිතන්න ගොඩක් දේවල් තිබ්බා. හැබැයි අද ආර්යන් අයියාගෙ එහෙම නෑ..අනේ මන්දා කොහොම හරි වෙනදා වගේ නෙමෙයි..හරිම අමුතුයි.

“අයියේ?”

මම බැරිම තැන එයාගෙන් මොකද අවුල කියලා අහන්න හිතුවේ දැන ගන්න ඕන කමට වඩා එයාගෙ හිත නිදහස් කරවන්න මට තිබ්බ ඕන කමටයි.

“ම්ම්?”

“මොකක් හරි අවුලකින්ද ඉන්නෙ?”

“ම්ම්..”

“කෝ ඉතින් ම්ම්ම් ගෑවාම මන් කොහොමද හිතාගන්නෙ?”

අර ඉතින් ආයෙම හ්ම් සද්දයක් නෑ..මම තදින් තොල හපා ගත්තෙ මම මේ කරන වැඩේ හරිද වැරදිද කියලා හිතන ගමන්..ඒත් එක්සෑම් අස්සෙ ඔහොම අවුලින් ඉනන් පුලුවන්ද? මහන්සියෙන් පාඩම් කරපුවත් අපරාදේ..

“මට මොකද්ද වුණේ කියලා කියන්න පුලුවන්ද?”

“මම ගෙදර ආවා.”

ඒ පාර මම ඉන්න තැනින් නැගිටලා ඉවර වෙලා ඇදට ආවා..ඒක තමයි එහෙනම් මේ අවුලින් වගේ කතා කරන්නෙ.

“හ්ම්..මේ අහන්නකො. මන් එදා ඔයා අර කිව්ව ශැඩෝ හන්ටර්ස් බලන්න ගත්තා. තාම හැබැයි එක එපිසෝඩ් එකයි බලන්න පුලුවන් වුනේ..විනාඩි හතලිස් පහක් විතර දිගයිනෙ එකක්.”

ඒක කිව්වා විතරයි මට ආර්යන් අයියාට ලාවට හිනා යන සද්දයක් ආවා.. හප්පේ ඇති යාන්තම්.

“හොඳයිද ඉතින්?”

“කැරැක්ටර්ස් ටික මරු. හැබැයි අර ඇලෙක් කියන ඩයල් එක ගති.”

“ම්ම්..ඒත් දැන් ඕක බලන්න යන්න එපා ඇඩික්ට් වෙයි. අවුරුදු නිවාඩු ආවාම බලන්න. දැන් එපා.”

“හ්ම්..දැන් එකක් බලලා නවත්තන්නම්.”

එතනින් පස්සෙ ආර්යන් අයියා හ්ම් කියලා සයිලන්ට් වුණාම මම කරේ එයා ඉදලා හිටලා කොලයක් පෙරලනවා..නැත්තන් පෑනක් හොලවන සද්දෙ අහන් හිටපු එක..තාමත් අවුලින්ද? අනේ මන්දා..ආර්යන් අයියාගෙ පවුල නම් මට තේරුම් ගන්නම බෑ. අනික මන් එයා කිව්වොත් මිසක් ඕවා අහන්න යන්නෙත් නැති නිසා මම ඉතින් ඔය ගෙදර වෙන කිසි දෙයක් ගැන දන්නෙත් නෑ..හැබැයි ඒත් ඉතින් මට දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි ආර්යන් අයියා ගෙදර ගියාම ඔහොම අවුල් ගන්නවා නම් මේ එක්සෑම් අස්සෙ අපාට්මන්ට් එකේ ඉන්නැතුව ගෙදර ගියේ කියන්න..

ඒ ගමන මම මගේ ටේබල් එක ඉස්සරහා ගහලා තිබ්බ ලොකු බිත්ති ඔරලෝසුව දිහා බැලුවා. දහයයි දාහතයි.

“ආදිල්..”

තාමත් ඔරලෝසුව දිහා බලන් හිටපු මාව ලාවට ගැස්සිලා ගියේ ආර්යන් අයියාගෙ කටහඬ ඇහිලා..ඒ මදිවට පපුවත් ගැහෙනවා. ආර්යන් අයියා හැමදාම මට ඔය නමින් කතා කරාම මට දැණුනෙ මහා අමුතුම විදිහේ හැගීමක්..ඇයි කියන්න දන්නෑ ඒත් එයා ඒක කියන විදිහ පට්ටම අමුතුයි. සමහරවිට මට එහෙම දැනෙනවා ඇත්තෙත් මට කවුරුත් ඒ නම කියලා කතා කරලා නැති නිසා වෙන්නැති නේද? අනේ මන්දා මට මේ මනුස්සයා නිසා ලඟදිම පිස්සු හැදෙනවා ශුවර්!

“ඕ..කියන්න”

“හෙට අප්පච්චි යූ කේ ඉදන් එනවා.”

මම ඒපාර අනිත් පැත්ත හැරිලා මගේ ඔලුවට යටින් කොට්ටයක් ඇදලා අරන් තියාගෙන උඩ සිවිලිම දිහා බැලුවා. මන් මොකද්ද දැන් ඒකට කියන්නෝන?? තේරෙන්නෑ අප්පා මට මේක නම්. මහා එපා කරපු ටොපික් එකක්.

“ඔන්ලයින් එන්න බෑද එතකොට?”

“එහෙම නෑ..ඒත්-“

මම ඒපාර ෆෝන් එක ආයෙම මගේ මූණ ඉස්සරහට ගත්තෙ කෝල් එක කට් වුණාද කියලා බලන්න වුණත් කෝල් එකේ ඩියුරේශන් එක යනවා දැකලා ආයෙම මන් ෆෝන් එක කනේ තියාගත්තා.

“ඒත්?”

එතකොට මට ෆෝන් එක එහා පැත්තෙන් ආර්යන් අයියා ලොකු හුස්මක් ඉහළට ඇදලා ගන්නවා ඇහුණා.

“මන් ආස නෑ එයා මෙහෙ එනවට.”

මන් ඒපාර ආයෙම තොල් දෙක තද කරගත්තෙ කලබලෙන්. ඒ මදිවට මට දැනෙන්නෙ නිකන් මගේ පපුව උගුරෙන් එළියට පනින්න හදනවා වගේ..ඇත්තමයි ලඟ හිටියා නම් මන් දැන් මෙලහකට බදාගෙන..තමන්ගෙ ලමයා තමන්ට මෙච්චර අකමැති වෙන්න තරම් ඒ මනුස්සයා මොකද්ද මේ කොල්ලාට කරලා තියෙන්නෙ? මට අන්න ඒකයි ප්‍රශ්නෙ. අහන්නත් බෑ මොකද්ද වගේ! අනේ මට තේරෙන්නෑ මේ රෙද්ද…මන් දිගටම සිවිලිම දිහා බලන් හිටියා.

“නවතින්න බලාගෙනමද එන්නෙ?”

“නෑ ආයෙම යයි සතියකින් වගේ..”

මම ඉහළට හොද හුස්මක් අරන් ආයෙම කට පියාගත්තෙ හිතට දැණුනු බර ගතිය නිසා..මම ඉතින් ඔය පවුල ගැන දන්නෙ අද ඊයෙක ඉදන් නෙමෙයිනෙ. ආර්යන් අයියාගෙ ඔය අප්පච්චි ගැන එහෙම මන් දන්නෙ පොඩි කාලෙ ඉදන්. මොකද ඔය මනුස්සයා ආර්යන් අයියා එන කිසිම ඉවෙන්ට් එකකට ආපු කෙනෙක් නෙමෙයි..එකපාරකුත් චීෆ් ගෙස්ට්ට ඉන්වයිට් කරලා මේ මනුස්සයා බෑ කිව්වනෙ..හිතන් ඉන්නෙ පුටින් කියලා වෙන්නැති. අම්මා වුණත් ඒ සෙතේමයි. මම නම් අඩුම කලර්ස් නයිට් එකකට ඇවිත් ඉන්නවා දැකලා නෑ. ඇයි අර අපි වලි දාගෙන හොස්පිට්ල් ගියාමවත් ආර්යන් අයියාව බාර ගන්න කිසි කෙනෙක් එන්නෙ නෑ..ඒ හැම රෙද්දටම එන්නෙත් ගෞරව් අයියා. ගෞරව් අයියා නැත්තන් ඉතින් මොකෙක්වත් නෑ. ගොඩක් වෙලාවට සාහිල් අයියාගෙ අම්මා තමයි පේරන්ට්ස් මීටින් වලට ඇවිත් ආර්යන් අයියාගෙ ෆයිල් එක අරන් යන්නේ‍..මේවා ඉතින් ප්‍රසිද්ධ කාරණා..නොදන්න එකෙක් නෑ. ඒත් හැමෝම හිතන්නෙ ඒ ආර්යන් අයියාගෙ අම්මයි තාත්තයි බිසී කියලා..ඒ නිසා අපේ ඉස්කෝලෙ කිසි කෙනෙක් එන්නෑ ආරයන් අයියාට පද හදන්. මොකද එච්චරටම කට්ටිය ආර්යන් අයියාගෙ පවුලට සළකන්නෙ හරියට දෙවිවරු වගේ.

ඔය අතරෙ මන් ආයෙම මගේ ටේබල් එක ඉස්සරහා එල්ලලා තිබ්බ ලොකු බිත්ති ඔරලෝසුව දිහා බැලුවා..දහයයි විසි පහට ලඟයි..මම ආයෙමත් ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තෙ දැන් එයාට යන්න වෙනවා නේද කියලා මතක් වෙච්චි පාරට..

“ඒ මෙහ්?”

“ම්ම්හ්?”

“ක්ලාස් නෙහ්?”

“හ්ම්..”

මම තවත් තදින් තොල් දෙක තද කරගත්තා. මාත් මොනා අහනවද මන්දා.

“ක්ලාස් ඉවර වෙලා කෙලින්ම නිදාගන්නවා අයියේ. අනික හෙට ඉස්කෝලෙත් යන්න තියෙනවා නේද? මහන්සි නැද්ද ඕයි?”

“ම්ම් කලින් නම් එහෙම තමයි ඒත් දැන් හරි.”

“මොනාද හරි?”

“මහන්සිය ගියා.”

අර්හ්හ් රෙද්ද! මන් මූණට ආපු හිනාව දරා ගන්න බැරුව අනිත් පැත්තට හැරිලා කොට්ටෙට මූණ ඔබාගත්තා. ආර්යන් අයියා ඉදලා ඉදලා මෙහෙම කතා කරද්දි හරිම අමුතුයි..ඒ කිව්වෙ මට ඒවා හැන්ඩ්ල් කරගන්න අමාරුයි.

ආර්යන් අයියා ක්ලාස් එක පටන් ගන්න විනාඩියක් විතර තියලා කෝල් එක කට් ඉවර කලාට පස්සෙ මමත් එයාගෙ රිවිශන් එක ඉවර වෙනකන් පාන්දර එක වගේ වෙනකන් වැඩ කරලා ඉවර වෙලා එයාගෙන් මැසේජ් එකක් ආවාම ටක්ගාලා ගුඩ්නයිට් කියලා දැම්මෙ එයා නැත්තන් නිදා ගන්නැතුව එකදිගට වැඩ කරන නිසා..පස්සෙ බොහොම අමාරුවෙන් කියලා කියලා එයාව යවාගෙන මමත් තුන වගේ විතර වෙනකන් shadow hunters වල එපි දෙකක් බලලා ඉවර කරලා පස්සෙ මාත් නිදා ගන්න ආවේ මොකද මට කෙම් වල තව ටොපික්ස් දෙකක්ම එහෙම්පිටින්ම අල්ලන්න තියාන නිසා..කොහොම හරි මන් ඒ දෙක ඉවර කරලා දාලා පාස්ට් පේපර්ස් ටික කරලා දාන්න ඕන. නැත්තන් අර සවිරුකාගෙන් මට කුණු බැනුම් අහගන්න තමයි වෙන්නෙ.

“දැන් මොකද කරන්නෙ? යනවද?” ෆෝන් එක දිහා බලන් කාටද මන්දා දමාගෙන තුවක්කුවෙන් වෙඩි තියාගන්න තනුජයා අපෙන් ඇහුවේ මම තාමත් කාමරේට එන තැන දිහා බලන් ඉද්දි.. කෝ ඉතින් හේශිතයා ගියා ගියාමයි ආවෙ නෑනෙ.

“අනේ මේ සඳැස් අයියාගෙන් මට කුණුහර්ප අහගන්න වෙයි යකෝ ඕකට මේ එක්සෑම් අස්සෙ ගිහින්. මතකනෙ එදා අර මගේ ලකුණු දැනගත්තට පස්සෙ ඌ නටපු නාඩගම? යකෝ යාලු කරගන්න මට MCQ පහක් විතර දවසින් කරලා යවන්නත් වුණා හුත්ත!”මම ඒපාර ඇස් දෙක රෝල් කරලා හිනා වුණේ එදා අර නෙට් එක ගාවදි අපේ කෝච් ලකුණු අහපු සීන් එක මතක් කරගෙන.. හම්මෝ එදා නම් මුලු රග්බි ටීම් එකම ඉස්සරහා අපි චොර වුණා..අනික දැන් මේ අපි කට්ටියම රත් වෙලා ඉන්නෙ අපේ පංතියේ ඉසෙළ කියන කොල්ලාගෙ බත්ඩේ පාටි එකට යනවද නැද්ද කියලා හිතා ගන්න බැරුව..ඒ පකයත් ඉදලා ඉදලා එක්සෑම් අස්සෙම පාටි එක දාලනෙ. අනික දැන් ඕකට ගිහින් අර ශවිරුවාට එහෙම අහු වුණොත් අපේ පුපේ ඉදලා හම ගහයි..මොකද ගිය පාර යුනිට් ටෙස්ට් එකේ ලකුණු අහලා අරහෙම රිඇක්ට් කරා නම් ටර්ම් ටෙස්ට් එකටත් ඔහොම අරන් තිබ්බොත් මාව ටීම් එකෙන් කෙසේ වෙතත් ගමින්ම පන්නයි ඕකා. ඒ අස්සෙ මට මතක් වුණේ ආර්යන් අයියාව..ඒ අනිත් එකා. ඕකාට තරහා ගියොත් ඔක්කොට වඩා හපන්.

“ඒ මේ එන්නම කියනවා බන්. අපි එකවසරෙ ඉදන් එකට ඉදලා දැන් මෙහෙම කරන එක කැත වැඩේ අරකයි මේකයි ගාන්නත් ගත්තනෙ.” අන්න ආවා! හේශිත් ඉසෙළට කෝල් එකක් අරන් කාමරේ ඇතුළට එන දිහා අපි තුන්දෙනාම බලන් උන්නෙ මේකට දැන් මොකද්ද කරන්නෙ කියලා කල්පනා කරන ගමන්.

“උබ කිව්වද බන් ශවිරු අයියා කේස් කියලා-” නිශල්කයාත් ඉසෙළට දාගෙන මොනාදෝ ටෙක්ස්ට් කරන අතරේ හේශිත් දිහා බැලුවේ හේශිත් එපා වෙලා වගේ ඔලුව වනද්දි.

“ඔව් ඔව් බන්..කී වෙනි සැරේද ඕක කියපු? ඌ අහන්නෙම නෑ බන්.”

“මොකද ඉතින් ඌ කියන්නෙ?” මම ඒපාර ඇහුවා.

“ශවිරුට නොකියා එන්නලු.” ඒගමන මට ඇස් කොණින් පෙනුනා නිශල්ක මන් දිහා බලනවා. පස්සෙ මාත් ඌ දිහා බලලා ඇයි අහන්න වගේ ඔලුව ඉස්සුවා.

“යනවද?”

“පැය දෙකක් විතර ඉදලා එමු ඉතින් ඔච්චර කියනවනම්.” මන් ඒක අහපු තනුජයා දිහා බැලුවා. දැන් තමයි මේකා හරියට කතා කරෙත්..අද උදේ පාන්දර පහට අපේ ගෙදර ආපු ගමන් ඕකා ඔය ඉන්නෙ. ශවිරු අයියාට බයේ මේකා අද ආපු වෙලේ ඉදන් දාගෙන කෙම් පාඩම් කරලා පේපර්ස් හෙන තොගේකුත් කරා..දැන් තමා ඔය එක වසරෙ පොඩි එකා වගේ ෆෝන් එක අරන් ගේම් ගහන්න ගත්තෙ.

තනුජයාගෙ ගෙදර ආයෙම හදන්න අරන් නිසා ඌට සද්දෙ වැඩියි කියලා පොර උදේ පාන්දර උගේ කොට්ටෙයි උගේ අර හිච්චි කාලේ ඉදන් බදාගෙන නිදාගාන්න තඩි ටෙඩියාවයි කෙම් පොත්පත් ටිකයි උස්සන් මෙහෙ රින්ගගත්තා. එතකොට රෙදි? ඌ ඉතින් දන්න කාලෙ ඉදන් මෙහෙ ආවාම ඇන්දෙ මගේ ඒවනෙ. අනික මූ ආවා කියලා දැනගත්තා විතරයි අරුන් දෙන්නත් පොත් පත් උස්සන් මෙහෙට පැනගත්තා. නිස්සායි හේශිතුයි අද ගෙවල්වල යයි ඒත් තනුජයා නම් මේ දවස් දෙක තුන මෙහෙ ඉන්න කතාවක් කිව්වා..කොහෙද ඉතින් මේක උගේ හෝටලේනෙ. ඉතින් හිතුන හිතුන වෙලාවට ඇවිත් යනවා මහා එකා වගේ.

“නොගියොතින් හරි නෑනේ?” මන් සාක්කුවෙන් ෆෝන් එක ඇදලා ගන්න ගමන් කිව්වා.

ලොක් සීක්‍රීන් එක ෆේස් අයි ඩී එකෙන් අන්ලොක් කරන ගමන් මම වට්ස්ඇප් ගිහින් ඉස්කෝලෙ ගෘප් එකට යටින් පේන්න තිබ්බ ආර්යන් අයියිගෙ චැට් එක දිහා ටික වෙලාවක් බලන් හිටියෙ මොකක් කරන්නදකියලා හිතා ගන්න බැරුව.. ගිය දවස් දෙකේම එයා වැඩිය ඔන්ලයින් ආවෙත් නෑ. උදේට මැසේජ් එකක් දැම්මාම ආයෙම එන්නෙ රෑට..ඒකත් විනාඩි දහයක් විතර ඉදලා ආයෙම ඕෆ්ලයින් ගියාම හොයාගන්න තියා ආරංචියක්වත්නෑ.

“උබ මොකද ඔය ෆෝන් එක දිහා කන්න වගේ බලන් ඉන්නෙ?” නිශල්කයා එකපාරටම ඇහුවම මම ඔලුව උස්සලා ඌ දිහා බැලුවා.

“ආර්යන් අයියාට කියනවද නැද්ද කියලා හිතනවා.”

“නෑ නෑ කියන්න එපා. ආර්යන් අයියාට කිව්වා කියන්නෙ ආයේ දෙකක් නෑ ඊලඟ තත්පරේම ඕක අනිත් තුනගෙ කනේ.” එතකොට මන් ටික වෙලාවක් ඒ ගැන හිතුවා. ඇත්ත තමයි..අනිත් එක එයාට කිව්වොත් කොහොමත් යන්න එපා කියයි. ඊටපස්සෙ ශවිරුවා ඕක දැනගන්නව කියන්නෙ තව කේස්..මම ඒගමන ෆෝන් එක වහලා සාක්කුවේ දාගත්තා.

“දැන් උබ ඔය යන්නෙත් එතකොට සඳැස් අයියාට නොකියානෙ?” මම ඒක ඇහුවම නිශල්කයාත් හෙමින් සැරේ ඔලුව වැනුවෙ වෙන කරන්න දෙයක් නෑ වගේ ලුක් එකක් දෙන ගමන්.

“හ්ම්..පැය දෙකක් ඉදලා ටක්ගාලා එමු. එතකොට හරි.”

“අනේ තොපි දෙන්නා මේ ඉස්කෝලෙ මහා එවුන් දෙන්නව අල්ලගෙන අපිට තියෙන වදයක්! බලපන් දැන් ආතල් එකට කොල්ලො ටෝක් කරනවා තියා පාටි එකකටවත් යන්න නෑනෙ.” තනුජයාගෙ ඇස් දෙක ෆෝන් එකේ තිබ්බට අනිත් හැම එකම තිබ්බෙ අපේ පැත්තට. මුගේ කට හොඳයි ගලක උලනවා මන් වෙලාවක.

“ඉතින් තෝත් යාලු වෙයන්කො! අර සාහිල් පකයා ඉන්නෙ? උබව ගාණට නළවලා ගනියි.” නිස්සා ඒක කිව්වම හේශිත්ගෙ කටින් එතපාරටම හිනාවක් පැන්නෙ තනුජයා ඇස් දෙකත් ලොකු කරන් හේශිත් දිහා බලද්දි.

“හුත්තා! තෝ ඉන්නෝනෙ මගේ පැත්තට! අනික මම මෙන්න මෙහෙම කෙලින්! මේහ් බලපන්!” ඌ උගේ මැද ඇගිල්ල පෙන්නුවම තමයි අපිට තවත් හිනා ගියේ..මොකද උගේ මැද ඇගිල්ල ටිකක් පැත්තට ගිහින් තිබ්බ නිසා.

“හ්ම්..ටිකක් ඇදේ වගේ නේද?” නිසල්කයාගෙ මූණ තමයි බලන්න වටින්නෙ. පට්ටම කැරි ලයින් එකේ ඌ උන්නේ‍..ඒතකොට අර ගොන් අලේට ඒක මීටර් වෙලා මැද ඇගිල්ල පහළට දාලා දඹර ඇගිල්ල උස්සලා පෙන්නුවා.

“බෑ බෑ දැන් මාරු කරන්න බෑ. කිව්වොත් කිව්වා!”

“අනේ උකපන්.”

“අඩෝ ආදරෙයි බන් ඈ! මන් හිතුවේ උබලා එන එකක් නෑ කියලා.”

“හා හා පලයන්! මේ තෑග්ග අරන් පැත්තකට වෙයන්- කෝ මොනාද කන්න තියෙන්නෙ බඩගිනියි හුත්තෝ!” නිශල්ක ඉසෙළගෙ පිටට දෙතුන් පාරක් ගහලා පැත්තකට තල්ලු කරගෙන පාටි හෝල් එක ඇතුළට යන්න ගියාම මම හේශිතයයි තනුජයයිත් අරූට විශ් කරනවා බලාගෙන.

“ශාක්‍ය මචං!” ඔය එක්කම මම ලාවට හිනා වෙන ගමන් ඔලුවත් යාන්තමට උස්සලා ඌට අතට අත දුන්නා.

“හැපි බත්ඩේ ඉසෙළ.” ඒ ගමන ඌ මගේ අත ඇදලා අරන් මාව බදාගත්තෙ මම දත් ටික තද කරගෙන හිනා වෙද්දි.

“තැන්ක්‍යූ මචං ආවට හරිද?” ඒගමන මම ඉසළගෙ පිටට තට්ටුවක් දාලා ටක්ගාලා උගෙන් ඈත් වුණා.

“කේක් කැපුවද නෑනෙ?” මන් ඉදලා ඉදලා තියෙන මෝඩම ප්‍රශ්නෙ ඇහුවෙ මෙච්චර වෙලා ඌම විතරක් කතා කරපු හන්දා..නැත්තන් ඊටපස්සෙ හිතයි ලොකු සීන් කියලා. අර තුන් දෙනත් තියෙන බඩජාරි කමට මේ අහිංසකයාව දාලා ගියානෙ. පස්සෙ කාලෙක දැනෙයි මගේ අඟේ ගොන් පක්කු තුන් දෙනාට. අනික මට එහෙම පිට තැනකට ආවම එකපාරටම මගේ ගෝස්ට් මෝඩ් එක වැඩකරන්න ගන්නවා. එතකොට මට කාඑක්කවත් හිනා වෙන්න තරම්වත් එනර්ජි එකක් එන්නෙ නෑ. ඔන්න ඔය නිසයි මන් හැමතිස්සෙම අරුන් තුන් දෙනා එක්කලා ඉන්න බලන්නෙ. එතකොට මට කා ඉස්සරහදිවත් ෆේක් නොවී තිශාක්‍ය වගේ ඉන්න පුලුවන්. කොහෙද ඉතින් අර පක්කු ටිකට මට වඩා කෑම එක ලොකු වුණානෙ. මාත් කියලා වැඩි වෙනසක් නෑ ඉතින්.

“නෑ නෑ බන් තව ටිකකින් කපමු..වරෙන් ඇතුළට.” මම ඔලුව වනලා සාක්කුවකට අතදාගන්න ගමන් ඌ එක්කම පාටි එක ඇතුළට ගියා.

ඒ දැක්කම තමයි මට මතක් වුණේ ඉසෙළත් ගමිදු අයියාට දෙවැනි නෑ කියලා. මොකද මන් හිතන්නෙ මෙතන අපේ ඉස්කෝලෙට වඩා වෙන වෙන ඉස්කෝල වලින් ඇවිත් තිබුණා..ඒ තරම් අදුරන්නැති මූණු ගොඩක් මන් ඉසස්රහා තිබ්බෙ. අනික මූත් ඉතින් ඉන්ට්‍රැක්ට් ක්ලබ් එකෙයි තව ඔය මීඩියා ක්ලබ් වලයි ඉන්න නිසා නොදන්න එකෙක් නෑ..මන් පාටි හෝල් එකට යන අතරෙ දැනෙන නොදැනෙන ගානට මගේ වටේ ඉන්න මිනිස්සු දිහා බැලුවා.

“අඩෝ මේ උබලාගෙ ඉස්කෝලේ අර සෙන්චරිය ගහපු එකා නේද?” ඒ ගමන මන් ඇහි බැමක් උස්සලා ඒක කියපු කෙනා දිහා බලලා ලාවට හිනා වුණා.

“ඕ මේ තිශාක්‍ය-“

“මල්ලි?” ඒ ගමන මම හෙනයක් ගහන වේගෙන් බැලුවේ දිලුන අයියා දිහා. ශිට්! මූ මොකද මෙහෙ කරන්නෙ?

“උබට ශවිරු එන්න දුන්නාද?” දිලුන අයියා සැකෙන් වගේ මන් දිහා බැලුවම මම ශේප් එකේ ඌට ඇහෙන් මාත් එක්ක එන්න කියලා ඉසෙළට පොඩ්ඩකට යනවා කියලා එන්න ආවේ ඉස්සරහට යන ගමන් මගේ අත් දිගට දාලා තිබ්බ ශර්ට් එකේ අතක් උඩට නමන ගමන්..

ඉස්සරහට ගිහින් කට්ටිය අඩු තැනක් බලලා මම නැවතුණත් හරි ඒගමන්ම දිලුන අයියාත් මට ටිකක් එහායින් තිබ්බ ටේබල් එකකට හේත්තු වුණා.

“අපි ශවිරු අයියාට නොකිය ආවේ අයියෙ.”

“අපි කිව්වෙ අනිත් එවුනුත් ආවද? ආහ්..උබලා කවද්ද තනියෙන් ආවෙ?” ඒක කියපු විදිහට මටත් හිනා ගියා..දිනුක අයියා කියන්නෙ රග්බි ටීම් එකේ ගොඩක් ලඟ පොරක්. අනික ඉතින් ඉස්කෝලෙ අපේ බොන්ඩ් එක ගැන නොදන්න කෙනෙක් නෑනෙ. ශවිරු අයියලා ගත්තත් එහෙමයි. හැමෝම දන්නවා අපි පොඩි කාලේ ඉදන් එකට ආපු එවුන් කියලා.

“හ්ම්..ශවිරුට මේ ගැන කියන්න එපා බන් ඕකා අපිව හම ගහයි. ඉසෙළගෙ හිත හොඳ නැති වෙයි කියලයි අපි ආවේ.. නැත්තන් සිරාවටම එන්න ආපු ගමනක් නෙමෙයි මේක.”

“ඔව් ඔව් උබලා එක පන්තියේ නේද? ඒත් මල්ලි වැඩි වෙලා ඉන්නැතුව යන්න.”

“ඔව් අයියේ අපි තව ටිකකින් කාලා යනවා. නැත්තන් ඕක ශවිරුවාගෙ කනට අනිවා කාගෙන් හරි යයි.”

“මන් ශවිරු ගැන නෙමෙයි මල්ලි කිව්වෙ.” එහෙම කියලා දිලුන අයියා මට ඇස් වලින් මගේ පිටිපස්සෙ කාවද මන්දා පෙන්නුවාම මාත් ඒ දිහා හැරිලා බැලුවා.

“කවුරු ගැනද මේ කියන්නෙ?”

“අර සගක් දාගෙන ඉන්නෙ.” මම දිලුන අයියාගෙන් කවුරු ගැනද කියන්නෙ ඇහුවම ඌ මට ඒ කියපු එක අහලා මන් ආයෙම මගේ පිටිපස්ස බැලුවා.

“ඕ?”

“උන් ***** එකේ දේශාන්ගෙ ලඟම එවුන් මන් දන්න විදිහට..ඉස්සර දේශාන් ටීම් එකේ ඉද්දි මුන් ඇවිත් දේශාන් එක්ක කතා කරනවා මන් අනන්තවත් දැකලා තියෙනවා.” මම කොල්ලො දහයක් දොළහක් වටවෙලා උන්නු තැන ශේඩ්ස් දාගෙන හිටපු කොල්ලා දිහා බැලුවා… සුදු ශර්ට් එකේ බොත්තම් සම්පූර්ණෙන් ඇරගෙන හිටපු ඒ කොල්ලා වේප් එකක් තොල් වලට තියලා උරලා ඉවර වෙලා උගේ එහා පැත්තෙ හිටපු ඩයල් එක කියපු මොකද්දෝ දේකට හිනා වුණේ උගේ දත් අතරින් අර වේප් එකේ දුමාරෙන් උගේ මුලු මූණම වැහිලා යද්දි..

“නම මොකද්ද?”

“නෙමිත් කියලා එකෙක්.”

“හ්ම්..” උන්ට මාව නෝට් වෙන්න කලින් මන් ආයෙම දිලුන අයියා ඉන්න පැත්තට හැරුණා.

“පරිස්සමින් ඉදපන් මල්ලේ..මාත් උන් ආව වෙලේ ඉදන් බලාගෙන හිටියේ. ඔය ඔතන ඉන්න සෙට් එකේම චරිත අවුල්.” මම ඔලුව වැනුවා.

“කාපු ගමන් යන්නම්.”

“හරි මල්ලි මන් එහෙනම් යන්නම්..මොකක් හරි කේස් එකක් වුනොත් කතා කරපන් හොදේ? නම්බර් එක තියෙනවනෙ?”

“නෑ නෑ අපි ඔය රග්බි ගහන එවුන්ට කැමතිනෑනෙ-” ඒ එක්කම දිලුන අයියා මගේ පිට ගැලෙවන්න එකක් දුන්නා.

“තොගේ ඔය කැරි කට නම් බාවලවත් හදන්න බෑ. අර ආර්යන්ට තද වෙන එක ඉතින් අහන්නත් දෙයක්ද.” දිලුන අයියා එහෙම කියලා හිනා වෙවී යන්න ගියාම මමත් ආයෙ කිසිම හැරිල්ලක් බැලිල්ලක් නැතුව නිස්සලා උන්නු තැනට ගියා.

“අපි යමුද බන්?” නිශල්ක එහෙම ඇහුවම මාත් ලාවට ඔලුව වැනුවා.

දැන් අපි කාලා බීලා ඔක්කොම කරලා විනාඩි දහයක් විතර වෙනවා..අපි දැන් මේ බලන් ඉන්නෙ මෙතනින් පැනගන්න හොඳ වෙලාවක් බල බලා. කොහෙද ඉතින් මේ ඉසෙළ අපි එක තත්පරේකට හෙළවෙන්න බැලුවොත් ඇවිත් ඉන්න ඉන්න ගාලා නහයෙන් අඬන්න ගන්නවනේ. මම ඒ එක්කම ටේබල් එක උඩින් අත් දෙක තියලා ඉවර වෙලා බෙල්ල පැත්තකට ඇල කරගන්න ගමන් මගේ දකුණු පැත්ත බැලුවේ දැන් ඩාන්සින් ෆ්ලෝ එක උඩ බීලා නටන කට්ටිය දිහා..සේරමල්ලාම බීලා. මන් හිතන්නෙ අපි තුන විතරයි මෙතන බියර් ගත්ත කට්ටියකට ඉන්නෙ. අනිත් හැමෝම වගේ හාඩ් ලිකර් අරන් ඉන්නෙ.. කොහොමත් ඉතින් මුන්ගේ පාටීස් කිව්වම පට්ට ලොකුවට ගන්න ඒවනෙ. අනික ඇවිත් ඉන්නෙත් එසේ මෙසේ සෙට් එකක් නෙමෙයි. කොළඹ කුරුඳුවත්තෙ රග්බි කැපායි වියිසුයිත් දැන් ටිකකට කලින් ඇවිත් අපි එක්කලා කතා කරලා පරක්කු වෙන නිසා යනවා කියලා ගියා.

“යමු එහෙනම්…” තනුජයා නැගිට්ට පාරට එකපාරටම ඌ ඉදන් ඉන්න පුටුවෙන් ටයිල් හීරිලා යන සද්දයක් ඇහුණේ වටේපිටේ හිටපු ටික දෙනෙකුත් අපි දිහා හැරිලා බලද්දි..

“අනේ පකෝ ඕක හෙමින්- අඩෝ අඩෝ අන්න ඉසෙළයා එනවා! දැන් හරිනෙ ඉතින්!” මම හිනා වෙන ගමන් තනුජයාගෙ ඔලුවට ගැහුවේ ඌ නිස්සා බැන්න එකට බොරුවට මූණත් දුක් කරන් ඇවිත් මගේ පපුව අස්සෙ ඔලුව ගහගනිද්දි.

“අඩෝ උබලා යනවද? ඒ බන් ඇවිත් පැයක්වත් නෑනෙ යකෝ? කොහේද උබලා මෙච්චර කලබලෙන් යන්නෙ? කෑල්ලක්වත් සෙට් වෙලාද නිශල්ක උබට?” ඒපාර අපි තුන් දෙනා කට තද කරන් නිස්සා දිහා බැලුවා.

“පිස්සුද පකෝ! ඇයි එහෙම ඇහුවේ?”

“නෑ ඉතින් උබටනේ ආපු වෙලේ ඉදන් යන්න අමාරුව.”

මම ඔය වෙන නාඩගම බලන් ඉන්න අතරේ එකපාරටම සාක්කුවේ අස්සෙ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත පාරට මන් අත දාලා ෆෝන් එක සාක්කුවෙන් එළියට ඇදලා ගත්තා. කොහෙද ඉතින් මේ තනුජයත් නයෙක් වගේ මගේ ඇගේ එතිලානේ.

“එහාට පලයන්කො පොඩ්ඩක්!”

“බෑ! පුලුවන් දෙයක් කරපන්!” මම ඇස් දෙක රෝල් කරලා එකදිගටම වයිබ්‍රේට් වෙන ෆෝන් එක දිහා බැලුවා. ආර්යන් අයියා? මම ඇහි බැම දෙකත් එකතු කරන් ෆෝන් එක දිහා බැලුවා.

“තනුජයා මේ..ආර්යන් අයියා කෝල් එකක් ගන්නවා මන් ටිකකට එළියට යන්නම්.” ඒ පාර තනුජයා හෙනයක් ගැහුවා වගේ මගේ ඇගින් ඈත් වෙලා මගේ අතේ තිබ්බ ෆෝන් එක දිහා ඇස් දෙකත් හීන් කරගෙන බැලුවා.

“හා හා..සද්දෙ ඇහෙන්නැති තැනකට පලයන්.” ඔය එකක්ම කෝල් එක තනුජයා බලන් ඉද්දිම කට් වෙලා ගියාම මම හෙමීට ඔලුව වනලා අනිත් පැත්ත හැරුණේ එතනින් එන්න කියලා හිතාගෙන වුණත් තනුජයා මගේ අතින් එකපාරටම අල්ලගත්ත පාරට මම ඌ දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ.

“මමත් ආර්යන් අයියාව සේව් කරලා තියෙන්නෙ ඔය විදිහටනෙ හලෝ..මම විතරක් නෙමේ මුලු ඉස්කෝලෙම ඌව සේව් කරන් ඇත්තෙ ඔහොම.” ඒපාර මම කටට ආපු හිනාව තොල හපාගෙන නවත්තගත්තෙ හෙමීට ඔලුව වනන ගමන්.

“මැණික කියලා සේව් කරගන්නද?”

“ඊයා හුත්තෝ! පලයන් යන්න!” මම ඒපාර මගේ ඉස්සර දත් ටිකේ දිව යවන ගමන් හිනා වුණේ තනුජයා මට මැදෑගිල්ල පෙන්නද්දි.

“ඒ ශාක්‍ය! තෝ කොහෙද ඔය යන්නෙ?” මම එතකොට හේශිත්ට මගේ ෆෝන් එක කනට තියලා පෙන්නුවා.

“කෝල් එකක්.”

“ඉක්මණට වරෙන් එහෙනම්.” ඒගමන මන් නිස්සා දිහා බලලා ඔලුව වනලා අනිත් පැත්ත හැරිලා එන්න ආවේ ටක්ගාලා වට්ස්ඇප් යන ගමන්.පාටි හෝල් එකෙන් එළියට යන තැනට ගිහින් මම එතන හිටපු වේටර් කෙනෙක්ගෙන් පොඩ්ඩක් සද්දෙ අඩු තැනකට තියෙන්නෙ කොහෙද කියලා ඇහුවම පොර මට බැල්කනි එක ගාවට යන පාර පෙන්නලා යන්න ඕන පැත්ත කියන්න ගත්තෙ ඔය අතරේ මගේ ඇහැ එක්කෙනෙක් ගාවට ගිහින් නවතිද්දි..

මන් ඉන්න තැනට හරි කෙලින් යාවෙලා ටික දුරකින් තිබ්බ ලොකු ටේබල් එකේ හරියටම මගේ කෙලින් වාඩි වෙලා හිටපු ඩවල් එක…නෙමිත්. කලින් වේප් එක වෙනුවට දැන් සිගරට් එකක් ඇගිලි දෙක අස්සෙ රදවගෙන ඒක කටට ගන්න ගිහින් ආයෙම මන් බලන් ඉන්නවා දැකලා ඒක ඈත් කරේ මාත් එක්ක ලාවට හිනා වෙද්දි.

“සර්?” මන් ආයෙම අර වේටර් දිහා බැලුවා.

“ආ..රයිට්. තැන්ක්‍යූ” මන් එහෙම කියලා ආයෙම කොහෙවත් බලන්නැතුව බැල්කනි එක පැත්තට එන්න ආවා. අනේ මන්දා මට අරූව කලින් දැක්කමත් දැණුනෙ හෙනම දැකලා පුරුදු සීන් එකක්..එතකොට දැන් දැක්කම මට ඒක හරියටම ශුවර් වගේ දැණුනා. මොකද ඌ ඒ සිගරට් එක බීපු විදිහත් හරියට.. අනේ මන්දා. කොහොම හරි මන් ඒ පොරව මීට කලින් කොහේදි හරි දැකලා තියනවා කියලාමයි මට දැණුනෙ.

මම හෝල්වේ එක දිගේ ඇවිදගෙන යනගමන් ටක්ගාලා මගේ ෆෝන් එක අන්ලොක් කරලා ආර්යන් අයියාට කෝල් එකක් ගත්තා.

“හලෝ?”

“වැඩකද හිටියේ? හවස ඉදන් ඔන්ලයින් නෑ කියලා පෙන්නපු නිසා මම කෙලින්ම කෝල් එකක් ගත්තා.”

මම බැල්කනි එකට යන්න තියෙන වීදුරු දොර ඇරලා ඒගමන්ම වටපිටත් බැලුවේ කවුරුත් ඉන්නවද බලන්න.

“ආදිල්?”

“අ..ආ නෑ. වැඩක නෙමෙයි.” මම තොල් දෙක තද කරගෙන මගේ කලු ජීන් එකේ වේගෙන් මග අල්ල ඇතිල්ලුවේ ආපු කලබලේට..ඒ අස්සෙ කවදාවත් නැතුව මට බොරු කියාගන්නත් බැරි ඇයි?

“හෙට එක්සෑම් එකට ලෑස්තිද?”

“හ්ම්..පේපර්ස් කරානෙ. කලින්ට වඩා අනිවා ලකුණු එයි.”

“කීයක් විතර තියෙයි කියලද ගෙස් කරන්නෙ?” මම ආර්යන් අයියාට මොන්ගල් උත්තරයක් දෙන්නගියත් ඒ එකක්ම මගේ පපුව නතර වුණා වගේ මට දැණුනේ හොටෙල් එකේ ඇතුළේ ඉදන් බැල්කනි එකේ වීදුරු දොර ඇරගෙන ආපු කෙල්ලෝ ටිකක් මහා හයියෙන් හිනා වෙන්න ගත්ත නිසයි..කනේ තිබ්බ ෆෝන් එක අතින් තද කරගන්න අතරේ මන් තොල තදින් හපා ගන්න ගමන් ඇස් දෙක තද කරලා වහගත්තා. ශුවර් එකටම ඒක ආර්යන් අයියාට ඇහුණා. නැති වෙන්න විදිහක් නෑ. මොකද ඒ හිනා වෙන සද්දෙ අර හෝල්වේ එකේ දෝංකාර දුන්න නිසා දොර ඇරුණු ගමන් ඒක මහා හයියෙන් ඇහුණ විදිහට අනිවා එයාට ඇහෙන්නැති.

“අහන්න අයියේ…මන්-“

“තිශාක්‍ය?” බැල්කනි එකෙන් පේන බිලිඩින්ග්ස් දිහා බලන් මන් ආර්යන් අයියාට කතා කරන්න හැදුවත් හරි එකපාරටම මගේ පිටිපස්සෙන් ඇහුණ කටහඬට මාව සීතල වෙලා ගියේ එකපාරටම ආපු තරහට. මොකද මන් ඒ කටහඬ තත්පරයක් යන්න කලින් අඳුන ගත්තා. ෆක්! මේ මඟුලත් දැන්ම වුණානෙ.

“අයියේ මන්-“

“තමුසේ කෝල් එක කට් කරොත් බලාගන්නම්” මම මගේ පිටිපස්ස හැරෙණ ගමන් ආර්යන් අයියාට මේ වෙච්ච දේ පස්සෙ තේරුම් කරන්නම් කියලා කියන්න හැදුවත් එයාගෙ කටහඬ ඇහිලා මගේ පපුව ගැහෙන්න ගත්තත් මන් මගේ ඉස්සරහා දැන් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න දෙවුදුණීට ඒක පෙන්නන්න දුන්නෙ නෑ.

“ඔයා කොයි වෙලේද පාටි එකට ආවේ? මම දැන් ඇවිත් ගොඩක් වෙලානෙ?”

“දැන් ආවේ. මොකද්ද වෙන්න ඕනෙ?”

“තිශාක්‍ය සොරි..එදා මම කෙයාලස් විදිහට හැසිරෙච්ච නිසානෙ ඔයාට අරහෙම දෙයක් සිද්ධ වුණේ. ඇත්තටම එදා මම එහෙම කරේ ඔයා මාව රිජෙක්ට් කරපු නිසා මල්ලි..මොකද මන් කලින් එහෙම කාගෙන්වත් රිජෙක්ට් වෙලා තිබ්බෙ නෑ. ඒක මට එදා ටිකක් හැන්ඩ්ල් කරගන්න බැරි වුණා. ඒකයි..” මට ඇස් දෙක රෝල් කරන්න ඕන වුණත් මම එහෙම නොකර ලාවට ඔලුව වැනුවේ මොකද මට මෙයාව දැන් මෙතන ෆෝම් කරවලා තවත් වෙලා තියෙන ප්‍රශ්නෙ දිග්ගස්සගන්න වුවමනා නැති නිසයි. අනික දැන් මට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් මෙතන තිබ්බා. ඒ කෝල් එකේ ඉන්න ආර්යන් අයියා. ශිට්! මොන මඟුලකට මේකිත් මේවෙලාවෙම ආවද මන්දා.

“ෆයින්..මට මේ කෝල් එක ඉම්පෝටන්ට් සෝ එක්ස්කියුස්මී.” මම එහෙම කියලා ආයෙම අනිත් පැත්ත හැරෙන්න ගියත් එවලේ දෙව්දුණී මගේ අතින් අල්ල ගත්ත නිසා මට ආයෙම එයා දිහා බලන්න සිද්ද වුණත් ඊළඟ තත්පරේම මගේ ඇස් ගියේ අර වීදුරු දොර ඇරගෙන ආපු කෙනා ගාවට.

“දෙව්දුණී?” මගේ අත දිහායි දෙව්දුණීගෙ අත දිහායි කන්න වගේ බලන් හිටපු ඌ එකපාරටම එහෙම කිව්වම දෙවුදුණී එකපාරටම ගැස්සලා වගේ ගිහින් මගේ අත අතෑරියේ අනිත් පැත්තට මගෙන් ඈත් වෙද්දි. wait a damn minute..මුන් දෙන්නා ඩේටින්ද? එතකොට සංහිත්?

ඒත් එක්කම මාව පුදුම වුණේ අර නෙමිත් කියන එකා එකපාරටම ඇවිත් දෙව්දුණීගෙ බෙල්ලෙන් තද කරලා අල්ලගනිද්දි.. ඒක පට්ටම ඇග්‍රසිව්..ඒ එක්කම මන් බැලුවේ දෙව්දුණී එක්ක ආපු කෙල්ලෝ දිහා..එයාලා කිසිම මඟුලක් නොකියා එතනින් යන්න ගියාම මම ආයෙම දෙව්දුණී දිහා බැලුවේ පුදුමෙන්. මොකද දෙව්දුණී මුකුත් කියනනැතුව ඇස් වල කඳුළු පුරවන් අරූ දිහා බලන් හිටපු විදිහට මට හිතුණේ එයා ඒ දේ නිකන් බලාපොරොත්තුවෙන් හිටියා වගේ. වට් ද හෙල් ඉස් හැපනින් රයිට් නව්?

“බැල්ලි! මන් තොට මොකද්ද කියලා එව්වෙ ආ?!”

“ස්..සොරි නෙමිත් මන්-“

“කාර් එකට පලයන් යට මෙතන කියලා-” ඒපාර අර නෙමිත් කාරයා එකපාරටම බැලුවේ මන් දිහා.

“පලයන් කාර් එකට!”

“ප්ලීස් නෙමිත්..ඒ මල්ලිට මොකුත්-“

“තමුසෙට දැන් සිංහලත් බැරිද?” ඒගමන දෙව්දුණී මන් දිහා බලලා ටක්ගාලා අනිත් පැත්තට හැරිලා අඩාගෙන යන්න ගිය දිහා මන් ඔහේ බලන් හිටියා.

“තමුසෙ කොහෙද ආදිල් ඉන්නෙ?!” මම ආර්යන් අයියාට උත්තර දෙන්න කට ඇරියත් ආයෙම මගේ කට වැහුණේ නෙමිත්ගෙ හිනාව දැකලා..ඩයමොන්ඩ්? හිනා වෙද්දි උගේ උල් දත දිළිසුණු විදිහ දැකලා මට එකපාරටම මතක් වුණේ වෙන කවුරුත් නෙවෙයි දේශාන්ව. නෑ… වෙන්න බෑ. ඌ මීටවඩා තෙලෙලුයි. අනික හිරේ ඉන්න එකාට කොහොමත් ලේසියෙන් එළියට එන්න බෑ.

“ආදිල් මන් අන්තිම පාරට මේ අහන්නෙ. තමුසේ කොහෙද ඔය ඉන්නෙ?”

“අයියේ-“

“Hey there pretty boy.” ඒ එකක්ම මගේ ඇහි බැම දෙක ඇකිළුනේ ඒ කටහඬ ඇහිලා..නෑ මේ දේශාන් වෙන්න බෑ. එදා මන් ගාවදි කෙදිරිගාපු කටහඬ මට අමතක වෙන්නෙ කොහොමද? මට ඒගමන කටඅගට හිනාවක් ආවා.

“මාව මතකද?” ඒපාර මම බෙල්ල පැත්තකට යැව්වෙ ලාවට ඔලුව වනන ගමන්.

“දේශාන්ට කොහොමද? දැන්නම් මූණ ලස්සනට ඇති. බලන්න යන්නත් බැරි වුණානෙ.” ඒක කියනවත් එක්කම උගේ මූණ කලුවෙන හැටි දැකලා මම කෝල් එක කට් කරලා ඉවර වෙලා ටක්ගාලා වට්ස්ඇප් ගිහින් ආර්යන් අයියාගෙ චැට් එක ඕපන් කරලා හාට් එකක් යැව්වෙ අනිත් පැත්තට මම ෆෝන් එක ඕෆ් කරද්දි..ෆෝන් එක දාගත්ත මන් මගේ ඉස්සරහා හිටපු නෙමිත් දිහා බලලා හිනා වුණා.

“ඉතින් නෙමිත්..දේශාන්ට කුණු අදින එක ටිකකට නතර කරානේ?”

“උබ දන්නවා එහෙනම්?”

“මන් දන්න දේවල් ගැන උබලා දැනගන්නදාට ගොඩක් පුදුම වෙයි..” ඒ ගමන නෙමිත් මගේ උඩ ඉදන් යටට බලලා කටකොණින් හිනා වුණා.

“දේශාන් උබ ගැන අච්චර කියවද්දි මන් හිතුවේ නෑ උබ මෙච්චර ගති කියලා..නරකම නෑ.”

A/N

ලමයිනේ…මට ඇත්තටම සමාවෙන්න අප්පා මෙහෙම පරක්කු වෙනවට! මට එක්සෑම් එකක් තිබ්බා. ඒක අද ඉවර කරපු ගමන් අටට ගෙදර ඇවිත් මේ එකදිගට ලියලා දැම්මෙ ඔයාලා පව් නිසා 🥺 මන් සිරාවටම ආස නෑ ඔයාලව මෙහෙම වේලවන්න..ඒත් යුනි කියන්නෙ සීරියස්නෙ ලමයි..මට ඒක කරන්නම එපැයි..ඒ නිසා පොඩ්ඩක ඉවසීමෙන් ඉමු හොදේ? (නෑ කියලා දන්නවා) මන් ගොඩ දවසක් ඔයාලව මෙහෙම වේලවන්නෙ නෑ සත්තයි!

වැරදි හැදුවෙත් නෑ ලමයිනේ!! ඇන්ඩ් මේ කතාව ආරක්ෂා කරගන්න ❤️ adareyyy

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 42, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 42, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 42 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 42 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 42 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 42 light novel, ,

Comment

Leave a Reply

Chapter 42